cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Physics with MERLIN ✨

All about Physics

Show more
Advertising posts
4 748
Subscribers
+12424 hours
+1327 days
+19430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

7️⃣ 6 Months Plan එකක් ගහලා වැඩ කරන්න 📝 විභාගෙ වෙනකම් ඔයාලා කළ යුතු සියලුම වැඩ ටික කොලයක ලියාගෙන ඒවායෙන් Priority List එකක් හදාගන්න.. ඒ කියන්නෙ මුලින්ම කරන්න ඔ්නා ඒවා මුලට දාලා හදාගන්න.. ඒවා මාස 6ට බෙදාගන්න (මාස 6ට කරන්න තියෙන වැඩ වැඩියි නම් වැදගත්කම අඩුම ඒවා අයින් කරලා දාන්න.. නැත්තම් වෙන කොලයක ලියලා තියාගන්න වෙලාව තිබ්බොත් කරන්න) ඊට පස්සෙ මේ මාසෙ වැඩ ටික සතිවලට බෙදාගෙන මේ සතියේ වැඩ ටික Time Table එකක් ගහලා හරි To-do list එකක් ගහලා හරි කරන්න.. එතකොට ඔයා දන්නවා මේ වැඩ මේ දවස වෙනකොට කරේ නැත්තම් වැඩ ගොඩ ගැහෙනවා කියන එක.. ගොඩක් අය වැඩ ගොඩ ගැහිලා තියෙනවා කියන එකට හොද විසදුමක් ඒක.. වැඩ කරගෙන යද්දි තේරෙනවා මේක කරන්න පුළුවන් කියන එක 🔴 තවදෙයක්, දැන් මේ Post එකේ දාපු දේවල්, Special Meetingවල කියන දේවල්, තව ඔයාලා විවිධාකාරයෙන් දැනගන්න දේවල් පාවිච්චි කරලා ඔයාට ගැලපෙන Plan එකක් ඔයාම හදාගන්න.. වෙන කාටවත් ඔයාට ගැලපෙන Plan එක හදන්න බෑ.. ඒ වගේම සමහර ළමයිට MCQ හොදට පුළුවන්.. සමහර අයට Essay හොදට පුළුවන්. තමන්ට මොකද්ද ගොඩක් හොදට පුළුවන් කියන එක බලලා Plan එක හදද්දී ඒවාට Priority එක දෙන්න ✅ 🔴 රෑට නින්ද යන ප්‍රශ්නෙට හොද විසදුමක් තමා යාලුවොත් එක්ක එකතු වෙලා වැඩ කරන එක.. මට Online යාලුවෝ Set එකක් හිටියා.. අපි රෑ 9 විතර ඉදන් 12.30 වගේ වෙනකන් පේසුරු, F2A Plan වගේ දේවල් කලා.. ඒක ගොඩක් Effective 🔥 🔴 ඔයාලා දන්න දේවල් අනිත් අයට කියලා දෙන එකත් ඔයාගෙ දැනුම තවත් වැඩිදියුණු වෙන්න බලපානවා.. ඒක එයාලටත් ඔයාටත් ගොඩක් වැදගත් වෙයි 💙 දිසාපාමොක් 👿 👆මේ Channel එක මොරටුව Engineering ගියපු අක්කා කෙනෙක් කලේ.. ඔයාලගේ ප්‍රශ්න ගොඩකට විසදුම් ඇති.. මාත් A/L දවස්වල බලපු Channel එකක්.. A/L කාලේ තියෙන ප්‍රශ්නවලට විසදුම් වගේම හරියට වැඩ කරන්නෙ කොහොමද කියන එක සවිස්තරාත්මකව තියෙනවා.. මුල ඉදන් කියෙව්වත් පාඩුවක් නෑ  😶‍🌫️ මූ ඉතින් කියලා තියෙන්නෙ හැමෝම කියන එකනේ 😐 😤 ඔව් ඉතින් ඒම කළා නම් ඔයා අද සතුටු ඇති.. නැත්තම් ඇයි ඒම උනේ කියන එකත් හිතලා බලන්න.. අවුල් ගහන්න එපා අපි ඇත්ත තත්වය තේරුම් අරන් වැඩ කරමු ❤️‍🔥 🥲 කලින් ශයි එකේදි තමන් කරපු වැරදි ආයේ වෙන්න දෙන්න එපා ❌ - Isindu Abeyrathna -
Show all...
දිසාපාමොක් 👿

වෙනස් විදිහකට හිතමු😈 මොළයටම 🧠 හදවතටම 🫀 දැනෙන්න👊🏽 ඉගෙනගන්නා පුද්ගලයන්ට පමණි..🙈 Contact me :- @Disapamokinbox_bot පේසුරු pdf : @Pesuru_mcq 🚫 Bot : @Disapamok_bot 🚫

❤‍🔥 63👍 2🔥 2🏆 2 1🥰 1
ඉතින් මගේ කතාවෙන් වැඩක් නෑනේ ඔයාලට.. මේ මාස 6න් හොදම වැඩක් කරන්නෙ කෝමද කියලා මං හරියටම දන්නෙ නෑ.. මොකද මං එහෙම කරපු කෙනෙක් නෙවේනේ.. මාස 6ක් වෙද්දී සාමාන්‍ය මට්ටමේ හිටියේ මම.. හැබැයි මට කතා කරපු අය ගොඩක් කරලා තියෙන වැරදි එක්ක වඩාත් ගැලපෙන යෝජනා ටිකක් කියන්නම්
1️⃣ අධිතක්සේරු සහ අඩු තක්සේරු වෙන්න එපා ❌ තමන් ගැන ඔ්නාවට වඩා අධිතක්සේරුවත් අඩු තක්සේරුවත් හොද නෑ.. හිතුව තරම් හොද රිසාල්ට් එකක් ආවෙ නැති අය මේ වෙනකොට අඩු තක්සේරුවක් ඇති.. Negative Thinking විතරක් හොදම නෑ.. ඒක වැඩිවුණොත් විභාග ආතතියත් එක්ක Depression එනවා සමහර අයට (මං දන්න අය ඉන්නවා) Postive Thinking කරන්න පුළුවන් තරම්.. සමහර අයගේ පොඩි කාලෙ ඉදන් තියෙන අත්දැකීම් එක්ක Negative Thinking වලට බර වෙච්ච Mind එකක් තියෙනවා.. එයාලා ඒ ගැන හිතලා පුළුවන් තරම් අඩු කරගන්න බලන්න.. අධි තක්සේරුවකින් ඉන්න අයත් එච්චර හොද වැඩක් නෙමේ.. මොකද අපි හිතන තරම් සමහර පාඩම් අපිට Set වෙලා නැති වෙන්න පුළුවන්.. සමහරවිට ඔයාට ඒක තේරෙන්නෙ විභාගෙදි වෙන්න පුළුවන්. මධ්‍යස්ථ මට්ටමකින් හිතලා පුළුවන් තරම් හොදට වැඩ කරන්න 2️⃣ පේසුරු (වර්ගීකරණය කරන ලද Past Paper ප්‍රශ්න) කරන්න මේක අනිවාර්යයි මං දකින විදිහට.. සමහර ලමයි ඒ විදිහට කරලා නැතුව හොදම Results දාලා ඇති.. හැබැයි බහුතරයකට නම් ඒවා කරලා ප්‍රැක්ටිස් කරන එක වටිනවා.. Class Tutesවලත් මේ විදිහටම දෙනවනේ.. ඒවා අනිවාරෙන් කරන්න 3️⃣ Full Paper Time තියලා ලියන්න මේකත් අනිවාර්යයි.. Time Management හදාගන්නයි විභාගයක දී මානසිකත්වය හදාගන්නයි ඒක ගොඩක් වැදගත්.. Physical ගිහින් Paper ලියනවනම් වඩා හොදයි.. ඒම කරන්න අමාරු නම් Online ලියනවනම් ඔයාගෙ ලකුණු එක්ක ඔයාම තරග කරන්න.. කලින් Paper එකට වඩා වැඩි ලකුණක් ගන්න වැඩ කරන්න.. Paper Class එකේදි Rank වෙනවනම් තවත් ඒක හොදයි Paper කරද්දි තව කරන්න හොද දේවල් ටිකක් මේ Article එකේ ඇති තව දෙයක් මගෙ අත්දැකීම් අනුව නම් අමාරු Paper ලියන එක වටිනවා.. Syllabus එක ඇතුලෙන් අමාරු ප්‍රශ්න හදපු Paper හොදයි.. විභාග මට්ටමට වඩා අමාරු Papers කරද්දී අපි වේගෙන් ඒ ප්‍රශ්නවලට ඒ අදාල කාලය තුල උත්තර දෙන්න බලනවා.. ලකුණු අඩුවෙන්න පුළුවන් ඒ Paperවල. හැබැයි ඒ ප්‍රැක්ටිස් එක විභාග ප්‍රශ්නවලදි වේගෙන් හිතන්න උදව් වෙනවා.. Physicsවල ගොඩක් උදව්වෙයි.. මට මේ සැරේ විභාගෙදි Physics වලදි අන්තිම විනාඩි 15ත් එක රචනා ප්‍රශ්නයක් ලියාගන්න පුළුවන් උනා.. නැත්තම් රචනා ප්‍රශ්න 4ක් ලියාගන්න වෙන්නෑ මට. ඒ හින්දා මං හිතනවා අමාරු Papers කරන එක වටිනවා කියලා.. හැබැයි Past Papers Set එකකුත් Time තියලා ලියන්න විභාග මට්ටම සහ ප්‍රශ්න රටාව අදුරගන්න. Bioවලත් හොද තාර්කික ප්‍රශ්න තියෙන Papers කරන එක වටිනවා School Papers Recommended 🔥 4️⃣ Bio නම් අනිවාරෙන් රචනා ලියන්න මේක මාත් හරියට කලේ නෑ 😅 මේකට වෙනම ප්‍රැක්ටිස් වෙන්න.. අලුත් සම්පත් පොතට ගැලපෙන විදිහට Marking සහිතව රචනා අනිවාරෙන් ලියන්න. Biology වගේ විෂයන් පාඩම් කරන ක්‍රම ඇති තරම් YouTube එකේ ඒම ඇති.. මං බලපු Videos 2ක් දාන්නම් 1 - https://youtu.be/NU7BbcvyDVI 2 - https://youtu.be/xWev5kaQLFQ 5️⃣ අඩුවෙන් නිදාගන්න එපා 😴 සාමාන්‍යයෙන් පැය 1.30 කොටස්වලින් නිදාගන්න එක තමා හොද.. අපි නිදාගද්දී පැය 1.30ක් තුල Sleep Cycle 1ක් ක්‍රියාත්මක වෙනවා.. Sleep Cycle එකක් අතරමැද ඇහැරුණාම පැය ගානක් යනකන් Mind එකේ Full Performance ගන්න බෑ කියලයි කියන්නෙ.. මාත් Article එකකින් දැක්කේ.. මං නිදාගනිද්දි නම් මුල් කාලේ පැය 6ක්.. විභාගෙ ලං වෙද්දි පැය 4.30ක් වගේ.. ඊට අඩුවෙන් නිදාගන්න එපා.. වැඩ කරන්න බෑ.. දවසක් දෙකක් කරයි.. දිගටම බෑ බහුතරයකට.. පැය 7.30ක් නිදාගන්නත් එපා 6️⃣ අත්‍යවශ්‍ය Social Media විතරක් පාවිච්චි කරන්න 🩵 විභාගෙ කාලෙදි මං පාවිච්චි කරේ WhatsApp 📱, Telegram 📱 විතරයි.. ඒකත් දවසේ වෙලාවක් දාගෙන ඒ වෙලාවට බැලුවේ. මං FB 📱 හදලා දැනට මාස 3 හමාරක් වගේ ඇති.. ඒ පාවිච්චි කරපු ටික කාලෙට තේරුනා විභාගෙ කාලෙදි FB පාවිච්චි කරා නම් Fail කියලා.. ඒවා තියාගෙන විභාග කරන්න හරි අමාරුයි මට හිතෙන්නෙ.. YouTube 📱 එකට ඇබ්බැහි වෙලා නම් ටික ටික අඩු කරගන්න බලන්න.. එතකොට ඒක අමතක වෙලා යනවා Social Media වලින් ඈත් වෙලා ඉද්දී යාලුවො තරහා වෙයි වගේ දේවල් හිතන්න යන්න එපා.. තරහා වෙනවනම් ඒ හොද යාලුවෙක් නෙවේ.. මගේ යාලුවො කවදාවත් ඒම තරහ උනේ නෑ 💙
Show all...
❤‍🔥 41👍 8🔥 3🥰 2 1🏆 1
🚀 ගොඩක් අය අහලා තිබ්බා 2.2873 වගේ Z එකක් ගන්න කෝමද වැඩ කරේ කියලා (මහ ලොකු එකක් නෙමේ.. ඊට වඩා හොද Z එකක් ගත්තු 341ක්ම ඉන්නවා 😅) හැමෝටම වෙන වෙනම කියන්න අමාරු හින්දා Channel එකේ දාන්නම් 🙂
මුලින්ම කියන්නම් මං වැඩ කරපු විදිය
🗣 තව මාස 6යිනෙ තියෙන්නෙ 2024 විභාගෙට.. මං මාස 6න් කරපු වැඩක් නෙමේ මේක. 1st Shy එකේදි 95% විතර Theory Cover වුණා.. 2nd Shy එක පටන් ගත්තු පලවෙනි මාසෙන්ම කරේ ඉතිරි Theory Cover කරගත්ත එක.. 1st Shy එකේදි Paper කරන්න පුළුවන් උනේ Chemistry විතරයි.. ඒ හින්දා ඒකට විතරයි හොද ලකුණක් තිබ්බෙ.. ඉතින් 2nd Shy එකේදි මං Paper කරන එක ගැන විතරයි හිතුවේ.. මෙතන Paper කියන්නෙ Full Paper විතරක් නෙවේ.. ප්‍රශ්න කරන එක.. 🗣 ඉතින් Revision ගියෙ නෑ Paper ගියේ (Theory Cover වෙලා තිබ්බ හින්දා).. මුලින්ම පේසුරු කරන ගමන් එක එක පාඩම ගානේ ටික ටික හදාගත්‌‌තෙ (Chemistry & Physics). එතකොට තව Theory හරියට set නැති තැන් අහු උනාම ඒවා සර්ලගෙන් අහලා හරි පොත්වලින් බලලා හරි Video බලලා හරි තේරුම් ගත්තා ඒක මට තේරුම් යනකන්.. ඒම කරාම ආයෙ ඒ ඒ කරුණ අමුතුවෙන් මතක තියාගන්න ඔ්නෙ උනේ නෑ.. තව දෙයක් ඒවා මං Special Points ලියන පොතක ලිව්වා.. Chemistry & Physics දෙකම 🗣 ඒ කාලෙම ටික ටික Past Papers Time තියලා කරන්න ගත්තා. 2013 ඉදන් 2021 එනකන් (2022 Paper එක තියාගත්තා විභාගෙ ලං වෙලා කරන්න) ඒ විදිහට වට 2ක් කරා විභාගෙට යද්දි.. 3ක් කරන්න ග‌ියෙ නෑ ඒ Past Papers ප්‍රශ්න මතක හිටින හින්දා.. විභාගෙට මාස 5ක් ව‌ගේ තියෙද්දි තමා Paper Class යන්න ගත්තෙ.. ඒ වෙනකොට Theory අවුල් තැන් 60%ක් විතර හැදිලා තිබ්බා.. ඒත් විභාගෙට යද්දිත් 85%ක් විතර වගේ තමා හැදුනේ.. හැබැයි පේසුරු කරන එකෙන් ගොඩක් හැදුනා ඒවා.. විවරණ ලියන එක නම් අනිවාරෙන් කරා.. විවරණය කරන්න ඔ්නා ප්‍රශ්නයක් කියලා හිතුනොත් කරනවා.. නැත්තම් නෑ.. විවරණ කරන එක ගැන නම් ඔයාලා දන්නවනේ කරන්න ඔ්නා විදිය 🗣 ඉතින් Full Papers කරන එකෙන් Time Management හදාගත්තා ටික ටික.. Paper එක කරන කාලෙ ඇතුලත උපරිම ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න Time Management අනිවාරෙන් ඔ්නා.. 🗣 විභාගෙට මාස 3ක් වගේ තියෙද්දිත් මට Bio ගැන හොද බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ.. Theory Set උනාට පාඩම් කරන එක හරියට උනේ නෑ කලින්.. ඒ කාලෙම පේපර් වවන් කනවා කියලා Video එකක් share වුණා.. ඒක කරන්න ගත්තා.. හැබැයි ඔක්කොම පාඩම්වලට කරන්න කාලෙ මදි.. මුල් පාඩම් 5ට විතරයි කරන්න පුළුවන් උනේ.. හැබැයි ඒ පාඩම්වලින් 80%ක් වගේම සෙට් උනා.. ඒ වැඩේට මං තෝරගත්තෙ School Papers.. අනිත් පාඩම් 5ට සශංක සර්ගෙ Final Seminar ටික බැලුවා වෙලාව මදි හින්දා.. මගෙ අකුරු අවුල් හින්දා මං Bioවල ගොඩක්ම MCQ පැත්ත බැලුවේ.. ඒ හින්දා අන්තිමට Bio MCQ 47ක්ම වැදුනා.. ඒත් B ආවේ මගේ රචනා පැත්ත හොද නැති හින්දා.. රචනා ලියවුනේ නෑ හරියට.. ඒ වැරැද්ද ඔයාලා කරන්න එපා 🔴 ඔය විදියට තමා විභාගෙට ගියේ
Show all...
එකම එක paper එකකින් සිලබස් එකක් cover කරගමු | How to do AL papers | study plan 2

telegram channel link -

https://t.me/biologykuppiya

WhatsApp discussion group link -

https://chat.whatsapp.com/JajKgnUNJUUKH8lbX2F9Pn

මේ දවස් ටිකේම video series එකක් දානවා ඒ නිසා අනිවාර්‍යයෙන් subscribe කරලා notification on කරලා තියාගන්න. මේ සමහර ක්‍රමවේද අපි ම හොයාගත්ත ඒවා. ඔයාලා කවදාවත් අහලා නැතුව ඇති. අන්තිම දවස් ටිකේ ගේම ගහගන්න ගොඩක් අයට උදව්වක් වේවි ❤ ... pdf link -

https://drive.google.com/file/d/18HCLWEJZNUaWe4VEjtwsX3Oqojkyrnnw/view?usp=drive_link

contact admin (whatsapp) -070 148 6174 #janithdharmasiri #nawoddilshan #advancedlevel #albiology #alexam #biology #thoery_class_එකකට_එහා_ගිය_paper_class_එක #discussion #studyplans #medicine #medicalstudent #peradeniya #pera #almehewara #alexam #almotivation #biokuppiya #theguidance #guidance #2023al #motivation #a/lguidance

❤‍🔥 86👍 9🔥 3🥰 2 1🏆 1
00:33
Video unavailableShow in Telegram
2.05 MB
❤‍🔥 63💯 3👍 1🔥 1🥰 1
එක පාරක් හරි පැරදෙන කෙනා තමා ජීවිතේ සුපිරියටම ගොඩදාන්නේ ළමයි. මගේ කතාව මම මේක දාන්නේ ඊලඟ shy එකක් කරන්න ඉන්න අයට. මම මගේ ජීවිතේ විශ්වාස කරන කාරණාවක් තියෙනවා. හැමදේම වෙන්නේ හොඳට කියලා. අර හැම කලු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා වගේ නරකයි කියලා පේන හැම දේකම හොඳක් තියෙනවා... මම මගේ කතාව කියන්නම්. මට 2019 1st shy එකේ තිබ්බේ ABB Z score එක 1.9 නුවරින් rank එක 47 උනාට new syllabus එකෙන් medicine ය‍යි කියලා හිතුවේ 35ක් විතර. ඒ නිසා රිසල්ට් ආපු වෙලාවේ රාගම එයි කියලා හිතුවට පැය 2ක් 3ක් යද්දී ඒ හීන ඔක්කොම නැතිවෙලා ගියාවගේ දැනුනා. එදා රෑ මාරම අවුල්. නින්ද ගියෙත් නෑ වගේ. ලොකුම අවුල සමහර නෑදෑයෝ එහෙම කෝල් කරලා ආ ඔය ගානට නම් බැරිවෙයි නේද වගේ talks දෙනකොට. 🥲 දවස් කීපයක් යනකල් ම අවුල තිබ්බා. ගොඩක් කට්ටිය හිතන් හිටියේ මං medicine එයි කියලා. එහෙම නැති උනාම එයාලා මාර කාලකන්නි සතුටක් ගන්නවාකියලත් ආරන්චි උනා. එහෙම දැනෙනකොට ඉතින් තවත් අවුල්. දැන් ඊටපස්සේ කොහොමත් medicine එන් නෑනේ. ඊටපස්සේ දවස් කීපෙකින්  වැඩ කරන්න ගත්තා. ඒත් හීනියට අවුල තිබ්බා. ඕක වැඩිපුර දැනෙන්න ගත්තේ med select උන අය සෙට් වෙලා trip ගිහිල්ලා එහෙම photos දාද්දී එතකොට නිකන් මොකක්දෝ කාංසාවක් වගේ දැනෙන්න ගත්තා. කොහොමහරි bio paper class එකකටත් මුලදි ගියා. ඒකත් set උනේ නෑ එච්චර. ඒත් chemistry paper class එකක් තිබ්බා චාමර ලක්මාල් කියලා සර් කෙනෙක් ගේ. මං දන්න අයියා කෙනෙක් කිව්වේ ගිහිල්ල බලපන් කියලා. ඊටපස්සේ ඒකට ගියාට පස්සේ ඒ සර් මාර විදිහට උදව් කරා. මට chemistry ටිකක් පුලුවන් නිසා ඒ සර් මට අමාරු ප්‍රශ්න එහෙම වැඩිපුර හිතන්න කියලා දුන්නා. කොහොමහරි ඔය කාලේ තමා Covid වලට රට lockdown කලේ. හැමදේම වෙන්නේ හොඳට කිව්වා නේ. මෙතනින් තමා මං වෙනස් උනේ. කොවිඩ් දවස්වල පාඩම් කරද්දී මට තේරුනා මේ යන විදිහට මට පාඩම් කරන එක එපාවෙනඑක විතරයි වෙන්නේ කියලා. ඔය දවස්වල අහම්බෙන් හාමුදුරු කෙනෙක් ගේ වීඩියෝ එකක් දැක්කා මානසික අවුල් ලිහන්න නම් ඒවාගේ මූලබීජය හොයාගෙන ඒක විනාශ කරන්න ඕනේ කියලා. මටත් හිතුනා මගේ වැඩ කරන විදිහ අවුල් නම් ඒක හරිගස්සගන්න ඒකේ මුලටම කිඳාබහින්න ඕනේ කියලා. මං කරේ මං 1st shy එකේ කරපු වැරදි ලියාගත්ත එක. මට බයෝවල හරියට essay ලියන්න බැරිඋනා. Class එක්ක වෙලාව manage කරගන්න බැරිඋනා. විශේෂයෙන් 3 වෙනි කාරණාව මම ඕනිවට වඩා ප්‍රසිද්ධ උනා classes වල එහෙම වැඩි ලකුණු lists වල ඉඳලා. ඒ නිසා AL වල ප්‍රශ්නයක් 2ක් කරගන්න බැරිවෙද්දී මට බයක් ආවා result අඩු වෙයි කියලා. ඒ නිසාම paper එක හරියට කරගන්න බැරිඋනා. ඔය වගේ තව ගොඩක් ඒවා ලිව්වා. ඊටපස්සේ මං මේවා හදාගන්න plan එකක් ගැහුවා මුලින්ම මං කලේ silent වෙන එක. කිසිම කෙනෙක් ට මන් 2nd shy කරනවා කියලා අඟවන්න ගියේ නෑ. එහෙම උනාම තමා stress kiyala මට තේරුනා බයෝ essays ගොඩදාගන්න මායි නවෝද් අයියයි එකතුවෙලා ඒ කාලේ සුපිරි ප්ලෑන් එකක් ගැහුවා. මට bio essay පේපර් එක 2019 ඇත්තටම කිව්වොත් කෙල උනා. ඒ නිසා මට ඒ පේපර් එකත් එක්ක පුදුම තරහක් තිබ්බේ. මම මටම කියාගත්තා මම bio පේපර් එක හදපු එකාට කෙලවෙන්නම essay ටික ලියනවා කියලා. ඒකට අපි දෙන්නා එකතුවෙලා දවස් 7ක් විතර analyse කරලා හැදුවා ප්ලෑන් එකක්. ඒක තමා ඔයාලට ඔය අපි කරන්නේ...කොහොමහරි 2020 essay paoer එක කිසිම poiny එකක් මිස් වෙන් නැතුවලියලා දාලා එලියට ඇවිල්ලා මං පේපර් එක කීතු කීතු වලට ඉරලා දැම්මා මං හිතපු විදිහටම paper එකට කෙලවලා දැම්මා කියලා... මට අවුල් යන කතාවක් මාත් එක්ක හිටපු යාලුවෙක් මට කියලා තිබ්බා result ආවට පස්සේ. මං උගේ නම පාඩම් කරන තැන ලොකුවට ලියාගත්තා. එතකොට කම්මැලි හිතිලා ඔලුව උස්සපු ගමන් ඌගෙ නම දකිනවා නේ. එතකොට නම දැක්ක ගමන් කම්මැලිකම කොහෙන් ගියාද කියලා නෑ. Chemistry වලට lockdown දවස්වල ඒ සර් සල්ලි ගන්නෙත් නැතුව group එකක් හදලා ප්‍රශ්න එහෙම දැමමා. Physics වලට මුල් දවස්වල උකුවෙල සර් කිව්වා revision එන්න ඕනේ නෑ papers විතරක් ලියන්න කියලා. ඒත් අර කාරනා නිසා ඒකත් බෑ වගේ හිතිලා තිබ්බේ. Online දවස්වල නම් ගොඩක් උදව් කලේ උකුවෙල සර් එක්ක ක්ලාස් කරන එරන්ද අයියා. එයාට කොච්චර වැඩ තිබ්බත් මට අදාල දවසට ppaper එක දුන්නා. තේරෙන්නෙ නැති ඒවත් පුලුවන් වෙලාවට කියලාදුන්නා. අනිත් එක මං medicine select උන යාලුවෝ ඔක්කොම විභාගේ ලියනකල් block කරලා දැම්මා. තරහකට නෙවේ status දකිනකොට මං අවුල් යන නිසා කොහොමහරි 2nd shy එක කරන්න ආවටපස්සේ ගොඩක් දේවල් වෙනස් උනා. මං හිතන විදිහ, ප්‍රශ්නෙකට මුහුණදෙන විදිහ, ඇත්ත යාලුවො අඳුරගන්න විදිහ වගේම show off වෙලා ඉන්න විදිහත්. අදටත් අපි ළමයි 1000 කර විතර essay ප්ලෑන් එක අවුරුදු 4ක් තිස්සේ කරන්න අඩිතාලම දාගත්තේ ඒකෙන්.. අනික අන්තිමේට වයඹ medicine ඇවිල්ලත් මං නොයා හිටියේ මට 2nd shy එකේ මං වැඩ කරපු විදිහත් එක්ක ලොකු sure එකක් තිබ්බ නිසා... ඒ නිසා ළමයි මතක තියාගන්න හැමදේම වෙන්නේ හොඳට.
Show all...
🔥 17👍 3❤‍🔥 1
ඒ වගේ අත්දැකීමක් ගත්තේ නැත්නම් වැඩක් නෑ කියලයි දැන්නම් මට හිතෙන්නේ. කොහොම හරි දැන් මේ ඉන්න මම බවට මම පත් උනේ ඒකෙන් පස්සේ ජීවිතේ වැටෙන හැම දෙයක් ම මොරාල් එකක් කරගන්න. පස්සේ කාලෙක හරි සුන්දර අත්දැකීමක් වේවි. ඔබට ජය https://t.me/biologykuppiya
Show all...
🔥 13
අද ගොඩක් විට result එයිනේ ඉතින්... තමන් බලාපොරොත්තු වෙච්ච විදිහටම ගොඩ දාගන්න පුලුවන් වෙන උන්ටනම් වැඩිය කියන්න දෙයක් නෑ සුභ පතනවා ඉස්සරහටත් ඔහොම්ම ගේම ගහගනිල්ලා...❤️❤️❤️❤️ එතකොට target එක miss වෙච්ච උන්...අද හැම තැනකම මෙහෙම හෑලි ඇතිනේ මානසිකව වැටෙන්න එපා අනන් මනන් ගේම දෙමු ඊළග පාර කියලා... එතකොට මේක දකින ගොඩක් උන් science කරපු උන්නේ.....උඹට මොන result එක ආවත් ඒකට මුලුමනින්ම වගකියන්න ඕනි උඹ..උබේ කැපවීම වාසනාව ඔක්කොමත් එක්ක තමා ඒ result එක හම්බෙන්නේ... සරලවම උඹට මෙතනදි මොනවම හරි වැරදුනානේ.ඒක නෑ කියන්න බෑ..එතකොට මමනම් කියන්නේ උඹ වැටෙන්න ඕනි...පස්කකා බිම පෙරලි පෙරලි අඩල හරි ඒකෙ රහ විඳින්න ඕනි...උඹට හිනාවෙයි මිනිස්සු...ඒවා බල බල උබේ අවුලක් නිසානේ උන් හිනාවෙන්නේ ගෙදරටම ඇවිල්ලා කින්ඩි දාන්නෙ කියලා උඹ හොඳටම වැටෙන්න ඕනී තමා.... මොකද දවසක උඹ තියන ලොකුම පිම්මේ හයිය බේස් එක වෙන්නේ උඹ අද වැටෙන වැටිල්ල....උඹට කෙලවෙලා ඉද්දි නෑයො call කර කර ආතල් ගද්දි උන්ට බැන බැන උඹේ අවුල් වහගන්න එපා..මොකද මාසයක් විතර යනකොට උඹට කෙලවුනාද කියලවත් මතක නෑ... ආතල් ගන්න උන් ඔක්කොටම අද උඹෙන් ආතල් ගන්න දියන්...හොඳට මිනිස්සු අද සලකන විදිහ මතක තියාගනින්...මොකද තව මාසෙකින් දෙක්කින් උඹ ආයෙ track out යන්න ගියොත් උඹව track එකේ ජීවත් කරන්නේ අද වැටෙන වැටිල්ල ඒ තුවාල වල වේදනාව තමා...🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌 බල්බ් එක හොයාගත්තා මනුස්සයාටත් කීපාරක් වැරදුනාද හැබැයි අතෑරියනම් වෙන එකෙක් ඒක කරනකල්ම අපි අඳුරෙනේ... එන්නේ මොන result එක වුනත් ඒක හදවතින් බාරගනින් ඒක තමා උබේ මේ පාර අස්වැන්න..you deserved that..කරන්න දෙයක් නෑ.... තමන්ට වැරදුනා තමන්ගේ අවුලක් කියලා නිහතමානීව පිළිගනින් හිනාවෙන උන්ට බැනලවත් ගොඩ ගිය උන්ට ඉරිසියා කරලවත් වැඩක්නෑ...අද හොඳටම වැටියන් ඒ තුවාල වල වේදනාව හොඳටම මතක තියාගනින්... හැබැයි එකක්...මන් මෙච්චර වෙලා කීවෙ වැරදුනා කියලා පිලිගනින් කියලා විතරයි.... වැරදුනා විතරයි පැරදුනේ නෑ කොල්ලො.පරදින්නත් බෑ මේ ගේම දිනන්නම ඕනි...අද වෙන හැමදේම උඹලා දිනන්න ඊළග පාර ගේමට පාඩමක් විදිහට විතරක් ගනිල්ලා...ඒ එන මානසික වේදනාව මිනිස්සු උබෙන් අද ගන්න ආතල්...උබෙන් අද ඈත්වෙන උබව හලන මිනිස්සු ඒ වේදනාවෙන්ම ඒ වැරදි වලින්ම උඹ ඊළග ගේමට අත්තිවාරම දාගනින්...උඹව ආයෙ වට්ටන්න තියා හොල්ලන්නවත් බෑ...💪💪💪💪💪💪💪 හැම එකාගෙම ජීවිත සාර්ථක වෙන්න ඕනි❤️❤️ අවුල් ගහලා බයේ message දාලා තිබ්බ උන් වෙනුවෙන් මට හිතුන දේ දැම්මේ..හරය තේරුම් ගනින් හිත රවට්ටගෙන චූන් වෙන්නැතුව වලකට වැටුනොත් ඒ වලකටෙන්ම ගොඩ එන්න හිත හයිය කරගනින්.. ජය❤️💪
Show all...
❤‍🔥 14
Photo unavailableShow in Telegram
One Target Completed 🥹💙
Show all...
🔥 182❤‍🔥 21 1👍 1🥰 1😍 1
00:40
Video unavailableShow in Telegram
Neth Manema (with Rain) ✨ Facebook 🎙🎸 Vibes With Isindu 🎧🔥
Show all...
7.51 MB
❤‍🔥 33👍 4😍 1
Photo unavailableShow in Telegram
උකුවෙල සර්ගේ පේපර් විවරණ 🌼 සශංක සර්ගේ බයෝ පේපර් වල විවරණ 🌸 අමිල සර්ගේ MCQ විවරණ 🌺 අනුරාධ සර්ගේ පේපර් විවරණ 🌸 බයෝ ෂෝර්ට් නෝට්ස් 🌺 සශංක සර්ගේ එදිනෙදා නොට් 🌺 Physics Summery Notes 🌼 https://t.me/its_me_jj_thomson
Show all...
❤‍🔥 8