cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Physics with MERLIN ✨

All about Physics

إظهار المزيد
مشاركات الإعلانات
4 552
المشتركون
+124 ساعات
+147 أيام
+9430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:33
Video unavailableShow in Telegram
❤‍🔥 36
එක පාරක් හරි පැරදෙන කෙනා තමා ජීවිතේ සුපිරියටම ගොඩදාන්නේ ළමයි. මගේ කතාව මම මේක දාන්නේ ඊලඟ shy එකක් කරන්න ඉන්න අයට. මම මගේ ජීවිතේ විශ්වාස කරන කාරණාවක් තියෙනවා. හැමදේම වෙන්නේ හොඳට කියලා. අර හැම කලු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා වගේ නරකයි කියලා පේන හැම දේකම හොඳක් තියෙනවා... මම මගේ කතාව කියන්නම්. මට 2019 1st shy එකේ තිබ්බේ ABB Z score එක 1.9 නුවරින් rank එක 47 උනාට new syllabus එකෙන් medicine ය‍යි කියලා හිතුවේ 35ක් විතර. ඒ නිසා රිසල්ට් ආපු වෙලාවේ රාගම එයි කියලා හිතුවට පැය 2ක් 3ක් යද්දී ඒ හීන ඔක්කොම නැතිවෙලා ගියාවගේ දැනුනා. එදා රෑ මාරම අවුල්. නින්ද ගියෙත් නෑ වගේ. ලොකුම අවුල සමහර නෑදෑයෝ එහෙම කෝල් කරලා ආ ඔය ගානට නම් බැරිවෙයි නේද වගේ talks දෙනකොට. 🥲 දවස් කීපයක් යනකල් ම අවුල තිබ්බා. ගොඩක් කට්ටිය හිතන් හිටියේ මං medicine එයි කියලා. එහෙම නැති උනාම එයාලා මාර කාලකන්නි සතුටක් ගන්නවාකියලත් ආරන්චි උනා. එහෙම දැනෙනකොට ඉතින් තවත් අවුල්. දැන් ඊටපස්සේ කොහොමත් medicine එන් නෑනේ. ඊටපස්සේ දවස් කීපෙකින්  වැඩ කරන්න ගත්තා. ඒත් හීනියට අවුල තිබ්බා. ඕක වැඩිපුර දැනෙන්න ගත්තේ med select උන අය සෙට් වෙලා trip ගිහිල්ලා එහෙම photos දාද්දී එතකොට නිකන් මොකක්දෝ කාංසාවක් වගේ දැනෙන්න ගත්තා. කොහොමහරි bio paper class එකකටත් මුලදි ගියා. ඒකත් set උනේ නෑ එච්චර. ඒත් chemistry paper class එකක් තිබ්බා චාමර ලක්මාල් කියලා සර් කෙනෙක් ගේ. මං දන්න අයියා කෙනෙක් කිව්වේ ගිහිල්ල බලපන් කියලා. ඊටපස්සේ ඒකට ගියාට පස්සේ ඒ සර් මාර විදිහට උදව් කරා. මට chemistry ටිකක් පුලුවන් නිසා ඒ සර් මට අමාරු ප්‍රශ්න එහෙම වැඩිපුර හිතන්න කියලා දුන්නා. කොහොමහරි ඔය කාලේ තමා Covid වලට රට lockdown කලේ. හැමදේම වෙන්නේ හොඳට කිව්වා නේ. මෙතනින් තමා මං වෙනස් උනේ. කොවිඩ් දවස්වල පාඩම් කරද්දී මට තේරුනා මේ යන විදිහට මට පාඩම් කරන එක එපාවෙනඑක විතරයි වෙන්නේ කියලා. ඔය දවස්වල අහම්බෙන් හාමුදුරු කෙනෙක් ගේ වීඩියෝ එකක් දැක්කා මානසික අවුල් ලිහන්න නම් ඒවාගේ මූලබීජය හොයාගෙන ඒක විනාශ කරන්න ඕනේ කියලා. මටත් හිතුනා මගේ වැඩ කරන විදිහ අවුල් නම් ඒක හරිගස්සගන්න ඒකේ මුලටම කිඳාබහින්න ඕනේ කියලා. මං කරේ මං 1st shy එකේ කරපු වැරදි ලියාගත්ත එක. මට බයෝවල හරියට essay ලියන්න බැරිඋනා. Class එක්ක වෙලාව manage කරගන්න බැරිඋනා. විශේෂයෙන් 3 වෙනි කාරණාව මම ඕනිවට වඩා ප්‍රසිද්ධ උනා classes වල එහෙම වැඩි ලකුණු lists වල ඉඳලා. ඒ නිසා AL වල ප්‍රශ්නයක් 2ක් කරගන්න බැරිවෙද්දී මට බයක් ආවා result අඩු වෙයි කියලා. ඒ නිසාම paper එක හරියට කරගන්න බැරිඋනා. ඔය වගේ තව ගොඩක් ඒවා ලිව්වා. ඊටපස්සේ මං මේවා හදාගන්න plan එකක් ගැහුවා මුලින්ම මං කලේ silent වෙන එක. කිසිම කෙනෙක් ට මන් 2nd shy කරනවා කියලා අඟවන්න ගියේ නෑ. එහෙම උනාම තමා stress kiyala මට තේරුනා බයෝ essays ගොඩදාගන්න මායි නවෝද් අයියයි එකතුවෙලා ඒ කාලේ සුපිරි ප්ලෑන් එකක් ගැහුවා. මට bio essay පේපර් එක 2019 ඇත්තටම කිව්වොත් කෙල උනා. ඒ නිසා මට ඒ පේපර් එකත් එක්ක පුදුම තරහක් තිබ්බේ. මම මටම කියාගත්තා මම bio පේපර් එක හදපු එකාට කෙලවෙන්නම essay ටික ලියනවා කියලා. ඒකට අපි දෙන්නා එකතුවෙලා දවස් 7ක් විතර analyse කරලා හැදුවා ප්ලෑන් එකක්. ඒක තමා ඔයාලට ඔය අපි කරන්නේ...කොහොමහරි 2020 essay paoer එක කිසිම poiny එකක් මිස් වෙන් නැතුවලියලා දාලා එලියට ඇවිල්ලා මං පේපර් එක කීතු කීතු වලට ඉරලා දැම්මා මං හිතපු විදිහටම paper එකට කෙලවලා දැම්මා කියලා... මට අවුල් යන කතාවක් මාත් එක්ක හිටපු යාලුවෙක් මට කියලා තිබ්බා result ආවට පස්සේ. මං උගේ නම පාඩම් කරන තැන ලොකුවට ලියාගත්තා. එතකොට කම්මැලි හිතිලා ඔලුව උස්සපු ගමන් ඌගෙ නම දකිනවා නේ. එතකොට නම දැක්ක ගමන් කම්මැලිකම කොහෙන් ගියාද කියලා නෑ. Chemistry වලට lockdown දවස්වල ඒ සර් සල්ලි ගන්නෙත් නැතුව group එකක් හදලා ප්‍රශ්න එහෙම දැමමා. Physics වලට මුල් දවස්වල උකුවෙල සර් කිව්වා revision එන්න ඕනේ නෑ papers විතරක් ලියන්න කියලා. ඒත් අර කාරනා නිසා ඒකත් බෑ වගේ හිතිලා තිබ්බේ. Online දවස්වල නම් ගොඩක් උදව් කලේ උකුවෙල සර් එක්ක ක්ලාස් කරන එරන්ද අයියා. එයාට කොච්චර වැඩ තිබ්බත් මට අදාල දවසට ppaper එක දුන්නා. තේරෙන්නෙ නැති ඒවත් පුලුවන් වෙලාවට කියලාදුන්නා. අනිත් එක මං medicine select උන යාලුවෝ ඔක්කොම විභාගේ ලියනකල් block කරලා දැම්මා. තරහකට නෙවේ status දකිනකොට මං අවුල් යන නිසා කොහොමහරි 2nd shy එක කරන්න ආවටපස්සේ ගොඩක් දේවල් වෙනස් උනා. මං හිතන විදිහ, ප්‍රශ්නෙකට මුහුණදෙන විදිහ, ඇත්ත යාලුවො අඳුරගන්න විදිහ වගේම show off වෙලා ඉන්න විදිහත්. අදටත් අපි ළමයි 1000 කර විතර essay ප්ලෑන් එක අවුරුදු 4ක් තිස්සේ කරන්න අඩිතාලම දාගත්තේ ඒකෙන්.. අනික අන්තිමේට වයඹ medicine ඇවිල්ලත් මං නොයා හිටියේ මට 2nd shy එකේ මං වැඩ කරපු විදිහත් එක්ක ලොකු sure එකක් තිබ්බ නිසා... ඒ නිසා ළමයි මතක තියාගන්න හැමදේම වෙන්නේ හොඳට.
إظهار الكل...
🔥 13👍 3❤‍🔥 1
ඒ වගේ අත්දැකීමක් ගත්තේ නැත්නම් වැඩක් නෑ කියලයි දැන්නම් මට හිතෙන්නේ. කොහොම හරි දැන් මේ ඉන්න මම බවට මම පත් උනේ ඒකෙන් පස්සේ ජීවිතේ වැටෙන හැම දෙයක් ම මොරාල් එකක් කරගන්න. පස්සේ කාලෙක හරි සුන්දර අත්දැකීමක් වේවි. ඔබට ජය https://t.me/biologykuppiya
إظهار الكل...
🔥 12
අද ගොඩක් විට result එයිනේ ඉතින්... තමන් බලාපොරොත්තු වෙච්ච විදිහටම ගොඩ දාගන්න පුලුවන් වෙන උන්ටනම් වැඩිය කියන්න දෙයක් නෑ සුභ පතනවා ඉස්සරහටත් ඔහොම්ම ගේම ගහගනිල්ලා...❤️❤️❤️❤️ එතකොට target එක miss වෙච්ච උන්...අද හැම තැනකම මෙහෙම හෑලි ඇතිනේ මානසිකව වැටෙන්න එපා අනන් මනන් ගේම දෙමු ඊළග පාර කියලා... එතකොට මේක දකින ගොඩක් උන් science කරපු උන්නේ.....උඹට මොන result එක ආවත් ඒකට මුලුමනින්ම වගකියන්න ඕනි උඹ..උබේ කැපවීම වාසනාව ඔක්කොමත් එක්ක තමා ඒ result එක හම්බෙන්නේ... සරලවම උඹට මෙතනදි මොනවම හරි වැරදුනානේ.ඒක නෑ කියන්න බෑ..එතකොට මමනම් කියන්නේ උඹ වැටෙන්න ඕනි...පස්කකා බිම පෙරලි පෙරලි අඩල හරි ඒකෙ රහ විඳින්න ඕනි...උඹට හිනාවෙයි මිනිස්සු...ඒවා බල බල උබේ අවුලක් නිසානේ උන් හිනාවෙන්නේ ගෙදරටම ඇවිල්ලා කින්ඩි දාන්නෙ කියලා උඹ හොඳටම වැටෙන්න ඕනී තමා.... මොකද දවසක උඹ තියන ලොකුම පිම්මේ හයිය බේස් එක වෙන්නේ උඹ අද වැටෙන වැටිල්ල....උඹට කෙලවෙලා ඉද්දි නෑයො call කර කර ආතල් ගද්දි උන්ට බැන බැන උඹේ අවුල් වහගන්න එපා..මොකද මාසයක් විතර යනකොට උඹට කෙලවුනාද කියලවත් මතක නෑ... ආතල් ගන්න උන් ඔක්කොටම අද උඹෙන් ආතල් ගන්න දියන්...හොඳට මිනිස්සු අද සලකන විදිහ මතක තියාගනින්...මොකද තව මාසෙකින් දෙක්කින් උඹ ආයෙ track out යන්න ගියොත් උඹව track එකේ ජීවත් කරන්නේ අද වැටෙන වැටිල්ල ඒ තුවාල වල වේදනාව තමා...🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌 බල්බ් එක හොයාගත්තා මනුස්සයාටත් කීපාරක් වැරදුනාද හැබැයි අතෑරියනම් වෙන එකෙක් ඒක කරනකල්ම අපි අඳුරෙනේ... එන්නේ මොන result එක වුනත් ඒක හදවතින් බාරගනින් ඒක තමා උබේ මේ පාර අස්වැන්න..you deserved that..කරන්න දෙයක් නෑ.... තමන්ට වැරදුනා තමන්ගේ අවුලක් කියලා නිහතමානීව පිළිගනින් හිනාවෙන උන්ට බැනලවත් ගොඩ ගිය උන්ට ඉරිසියා කරලවත් වැඩක්නෑ...අද හොඳටම වැටියන් ඒ තුවාල වල වේදනාව හොඳටම මතක තියාගනින්... හැබැයි එකක්...මන් මෙච්චර වෙලා කීවෙ වැරදුනා කියලා පිලිගනින් කියලා විතරයි.... වැරදුනා විතරයි පැරදුනේ නෑ කොල්ලො.පරදින්නත් බෑ මේ ගේම දිනන්නම ඕනි...අද වෙන හැමදේම උඹලා දිනන්න ඊළග පාර ගේමට පාඩමක් විදිහට විතරක් ගනිල්ලා...ඒ එන මානසික වේදනාව මිනිස්සු උබෙන් අද ගන්න ආතල්...උබෙන් අද ඈත්වෙන උබව හලන මිනිස්සු ඒ වේදනාවෙන්ම ඒ වැරදි වලින්ම උඹ ඊළග ගේමට අත්තිවාරම දාගනින්...උඹව ආයෙ වට්ටන්න තියා හොල්ලන්නවත් බෑ...💪💪💪💪💪💪💪 හැම එකාගෙම ජීවිත සාර්ථක වෙන්න ඕනි❤️❤️ අවුල් ගහලා බයේ message දාලා තිබ්බ උන් වෙනුවෙන් මට හිතුන දේ දැම්මේ..හරය තේරුම් ගනින් හිත රවට්ටගෙන චූන් වෙන්නැතුව වලකට වැටුනොත් ඒ වලකටෙන්ම ගොඩ එන්න හිත හයිය කරගනින්.. ජය❤️💪
إظهار الكل...
❤‍🔥 12
Photo unavailableShow in Telegram
One Target Completed 🥹💙
إظهار الكل...
🔥 160❤‍🔥 20👍 1
00:40
Video unavailableShow in Telegram
Neth Manema (with Rain) ✨ Facebook 🎙🎸 Vibes With Isindu 🎧🔥
إظهار الكل...
❤‍🔥 33👍 4😍 1
Photo unavailableShow in Telegram
උකුවෙල සර්ගේ පේපර් විවරණ 🌼 සශංක සර්ගේ බයෝ පේපර් වල විවරණ 🌸 අමිල සර්ගේ MCQ විවරණ 🌺 අනුරාධ සර්ගේ පේපර් විවරණ 🌸 බයෝ ෂෝර්ට් නෝට්ස් 🌺 සශංක සර්ගේ එදිනෙදා නොට් 🌺 Physics Summery Notes 🌼 https://t.me/its_me_jj_thomson
إظهار الكل...
❤‍🔥 8
කවදා හරි ඔයාට දැනිලා තියෙනවද "මං හරි පව්" කියන හැඟීම...💔 මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කියලා හිතෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප වීම් , අපහසුතාවලට ලක් කිරීම් , වාචික හිරිහැර කිරීම් , අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් 'මං හරි පව්' කියලා. මතක තියා ගන්න... සදාකාලිකවම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ... කිසිම කෙනෙක් ඔයා වැටෙන හැම තැනකදීම ඔයාට වාරුවක් වෙන්නෙ නැහැ... ඔයාගෙ අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඔයාට දිරිමත් කරන්න කවුරුත් එන්නෙ නැහැ. ඉතිං මතක තියා ගන්න... සදාකාලිකවම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම මනුස්සයා ඔයා විතරයි... අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් , වැටීම් වැරදීම් වලට පස්සෙත් ඔයා වෙනුවෙන්ම පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න ! 🥀🖤 Copied
إظهار الكل...
❤‍🔥 108🔥 5👍 4 1
නිසඳැස voice කරා අහලා බලන්න 😌
إظهار الكل...
❤‍🔥 16
ලිලී මල...🥀
මන්දාරම් අහස යට පිපෙන්නට වෙර දරන ලිලී මල නුඹය මා දුටුව... ඉතින් කිමද මේ සැඟව..? තෙතමනය මදිද මේ පොළව..? ඉවසන්න තාම මැදියම පාන්දරටනෙ හරි පින්න... පෙති අග පිනි බිංදු සීතලට වී මල් තුහින.. බර වැඩිද ? මණි පත්‍ර ඉවසන්න පුලුවන්ද..? උදේ හරි අව්ව.. කෝ දැන් මල් තුහින.. බර නෑ ඒ මල් පෙත්ත.. ඉතින් පිපෙන්න ලස්සනට හන්තාන කන්ද පාමුල... සොඳුරු ලිලී මල..🥀 ✍️ 𝗠 𝗘 𝗥 𝗟 𝗜 𝗡 ✨
إظهار الكل...
🥰 41❤‍🔥 7👍 3😍 2🔥 1