en
Feedback
𝗦𝗰𝗶 කුප්පිය 🧪

𝗦𝗰𝗶 කුප්පිය 🧪

Open in Telegram

​A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 ​📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation ​අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource

Show more
2 008
Subscribers
+224 hours
-17 days
+19330 days
Posts Archive
අමිල සර්ගෙ rapid revision note දෙන්නත් හැකියි ඕනි නම් 😏 ඕනි නම් ❤️ තමා ඕනා 🤧

මොකෝ කියන්නෙ කට්ටියට Final Revision Notes ගේන්නද අනුරාධ සර්ගේ 😜✨ ඕනි නම් ❤️ 30ක්වත් ඕනි මට 🤧

ඒලෙවල් ජිවිතේ කොහොමද ලමයි 👀😐

🔖මිනුම් ⬇️ CLICK HERE 🔖යාන්ත්‍ර විද්‍යාව ⬇️ CLICK HERE 🔖තරංග ⬇️ CLICK HERE 🔖තාපය ⬇️ CLICK HERE 🔖චුම්භක ක්ෂේත්‍ර ⬇️ CLICK
🔖මිනුම් ⬇️ CLICK HERE 🔖යාන්ත්‍ර විද්‍යාව ⬇️ CLICK HERE 🔖තරංග ⬇️ CLICK HERE 🔖තාපය ⬇️ CLICK HERE 🔖චුම්භක ක්ෂේත්‍ර ⬇️ CLICK HERE 🔖ස්ථිති විද්‍යුතය ⬇️ CLICK HERE 🔖ධාරා විද්‍යුතය ⬇️ BOOK 1 | BOOK 2 🔖ඉලෙක්ට්‍රොනික විද්‍යාව ⬇️ CLICK HERE 🔖විකිරණ ⬇️ CLICK HERE 🔖Mix Lesson ⬇️ CLICK HERE
ැදගත් වෙයි කියලා හිතෙනවානම් යාලුවන්ටත් share කරන්න 🥰
😊 AL අපි 🇱🇰 | @AL_api

🔴 Speed Revision 🏁 අද ධාරා විද්‍යුතය ආරම්භක දිනයට අදාල වන නිබන්ධනය❗️ YOUTUBE FREE ONLINE LIVE 🔥 පන්තියට සම්බන්ධ වීමට අදාල YouTube Link එක ප.ව.5.55ට පහත සමූහය ඔස්සේ ලබාදේ. ◽️https://t.me/MA26REV Technical Team Missaka Artigala

🔴 2026 Speed Revision 🏁 | 08 වන ඒකකය | ධාරා විද්‍යුතය ආරම්භය ⚡️ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයෙන් බහුවරණ 4-6 අතර ප්‍රමාණයක්,
🔴 2026 Speed Revision 🏁 | 08 වන ඒකකය | ධාරා විද්‍යුතය ආරම්භය ⚡️ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයෙන් බහුවරණ 4-6 අතර ප්‍රමාණයක්, ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් සහ අනිවාර්ය රචනා ප්‍රශ්නයක්! 🔥 YOUTUBE FREE ONLINE LIVE 💎 සියළුම Online සහ පොළොන්නරුව භෞතිකව සම්බන්ධ වන සිසුන් සඳහා අදාල වේ❗️ පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ 📚 යාළුවන්ටත් කියන්න - ඇවිල්ලම බලන්න 🗒 ජුනි 16 අඟහරුවාදා ප.ව.6.00 සිට 🔔 සියළුම දැනුවත් කිරීම් සහ අදාල Links පහත සමූහය ඔස්සේ https://t.me/MA26REV ☎️ වැඩිදුර විමසීම්: 075 571 1112 Physics | මිස්සක ආටිගල

Repost from N/a
Stay positive 💗🫶
Stay positive 💗🫶

එපා වෙනව ලමායි 🤯🫠 පිස්සු වගෙයි 😐

මේ දවස් වල ජීවිතේ තනිකරම කැද හැලියක් වෙලා තියෙන්නෙ . .මට ක්ලාස් තියෙනෙ උදේ 8 හවස 5 ඒකෙ ආතල්ම effect එක තමා මට දැන් හෙට කියලා දවසක් නෑ . .මන් ක්ලාස් යන්නෙත් අද ගිහින් එන්නෙත් අද . .උදේ ක්ලාස් යන්න හම්බුන කෙනා මට අයෙ හම්බෙන්නෙ හෙට නෙවේ අද ඒ කියන්නෙ මන් ක්ලාස් ගිහින් තියෙන්නෙත් අද ආයෙ ක්ලාස් යන්නෙත් අද . .එතකොට මට හෙට කියලා දවසක් නෑ . .මට දැන් කාටවත් කියන්න බෑ අපි හෙට හම්බෙමු කියලා මොකද ක්ලාස් යන හැමෝම මට අද අයෙ හම්බෙනවා . . #2026Al #KedaHeliya #HetakNethiAnagthaya

රූප සටහනක් අඳිනකොට ... 🔅 පැන්සලෙන් තදට මැකෙන් නැතිවෙන්න අඳින්න. පෑනෙන් නම් කරන්න 🔅 අඩිරූල තියල හෝ කවකට්ට භාවිතයෙන් රූප සටහන් ඇන්ඳොත් සම්පූර්ණ රූපෙම වැරදී 🔅 රූපයේ දළ හැඩය අනිවාරෙන්ම තියෙන්න ඕනෙ. පෙනහළුනන් අඳින්න තියෙන්නෙ දැක්කම බැලුම් බෝලයක් වගේ පේන්න ඇඳල හරියන් නෑ. කොච්චර හොඳට නම් කරත් සම්පූර්ණ රූප සටහනටම වැරදි දානව. ඔයාගෙ රූපෙ දැක්කම පෙනහළු වගේ පේන්න ඕනෙ 🔅 ඊළඟට පිකාසෝ ඇඳල වගේ රූපෙ ඇඳල තිබ්බත් වැඩක් නෑ නම් කරල නැත්තම්. ඒ වගේම ඔයා ඇඳල තියෙන්නෙ මොකද්ද කියල හඳුන්වා දීලා නැත්තම්. ඔයා අඳින්නෙ පූර්ව ගාත්‍රයනන් ඒක හඳුන්වල තියෙන්න ඕනෙ පූර්ව ගාත්‍රයේ ව්‍යූහය කියල. නැත්තම් ගොඩක් දුරට ඒකටත් ලකුණු අහිමි වෙන්න පුලුවන්. 🔅 රූප සටහන නම් කිරීමේදී ඊතලේ හිස ඔයා නම් කරන තැනට හරියටම වැදිල තියෙන්න ඕනෙ. මගින් නතර වෙන ඒවට ලකුණු හම්බෙන් නෑ. 🔅 රූප සටහනේ පරාසයක් නම් කරද්දි සඟල වරහන් දාල නම් කළ යුතුයි. Ex :- ප්ලාස්ම පටලයේ ව්‍යූහය ඇන්දොත් කාබෝහයිඩ්‍රේට් දාමය වෙනම නම් කරන්න ඕනෙ. කාබෝහයිඩ්‍රේට් දාමය තියෙන්නෙ ප්‍රෝටීනයක් උඩනන් ඒ සම්පූර්ණ කොටසටම සඟල වරහනක් දාලා ග්ලයිකොප්‍රෝටීන ලෙස නම් කළ යුතුයි. ඔයා කාබෝහයිඩ්‍රේට් දාමයටම ඊතලයක් ගහල ග්ලයිකොප්‍රෝටීන කියල ලිව්වොත් වැරදී... එසේ එකේ සංසන්දනය කරමින් විස්තර කිරීමකදි...   • කිසිම වෙලාවක වගු ගහන්න බෑ. සංසන්දනය කිරීමක් තිබ්බොත් ඔයා ඒක රචනාවක් විදිහටම ලියන්න ඕනෙ. වගුවක් ගහල සංසන්දනය කරන්න බෑ. කරොත් ලකුණු නෑ. • ඒ වගේම සංසන්දනය කිරීමකදි එකකට න්‍යෂ්ටියක් සහිත වේ කියල ලියල අනිකට රහිත වේ කියල විතරක් ලිව්වොත් ලකුණු නෑ. ඒකටත් න්‍යෂ්ටියක් රහිත වේ කියලම ලියන්න ඕනෙ. ශෝට් මෙතර්ඩ් බෑ  • පළවෙනි වාක්‍යයේ රයිබොසෝම සහිත වේ කියල ලියල දෙවනි වාක්‍යටත් ඒකම එනවනන් ඩබල් කොමා දාන්න බෑ ( " ) ඒ වාක්‍ය ආයෙම ලියන්න ඕනෙ.  විද්‍යාත්මක නාම ලිවීමේදී.. • වචන දෙකට වෙන වෙනම යටින් ඉරි ඇඳිය යුතුයි • ඇද අකුරු ලියන්න බෑ. ඔයාගෙ සාමාන්‍ය අකුරු ඇද උනත් විද්‍යාත්මක නාමය ලියද්දි කෙලින් කරල ලියන්න වෙනව. • පළවෙනි වචනෙ පළවෙනි අකුර විතරක් කැපිටල් වෙන්න ඕනෙ. ඉතුරු ඔක්කොම සිම්පල් විය යුතුයි.

ස්ට්‍රක්චර්ඩ් එක ඉවර උන ගමන් එසේ එකට එන්න ඕනෙ.. • අනිවාරෙන් වතුර බෝතලයක් හරි ග්ලූකෝස් බෝතලයක් හරි ගෙනියන්න ඕනෙ ඔයාලා. ග්ලූකෝස්නන් වඩා හොඳයි. මොකද අත කැඩෙනකන් සුපිරි ලිවිල්ලක්නෙ තියෙන්නෙ. ස්ට්‍රක්චර්ඩ් එක ලියල ඉවර උන ගමන් වතුර නැත්තම් ග්ලූකෝස් වතුර ටිකක් බීලා එසේ එකට එන්න. • එසේ එක දැකපු ගමන් පළවෙනි ප්‍රශ්නෙ බදාගෙන ලියන්න එපා. අමතර කියවීම් කාලය විනාඩි 10ක් දෙන්නෙ ප්‍රශ්න ඔක්කොම කියවල හොඳටම ලියන්න පුලුවන් ප්‍රශ්න 4ක් තෝරගන්න. ඒ විනාඩි 10ත් ලියනව කියල හිතන් ගිහින් වැඩේ අල කරගන්න එපා. මොකද මේක සිංහල පේපරයක් නෙමේ බයෝ පේපරයක්. ඔයාලට හිතෙන හිතෙන දේවල් ලිව්වට වැඩක් නෑ හරියටම පොයින්ට්ස් තියෙන්න ඕනෙ. ඒක හින්ද විනාඩි 10ක් අරන් ප්‍රශ්න 4ක් තෝරගන්න මුලින්ම • තෝරගත්ත ප්‍රශ්න 4න් පළවෙනියටම ලියන්න ඕනෙ පළවෙනියට තියෙන ප්‍රශ්නෙ එහෙම නෙමේ. ඔයාට හොඳටම ලියන්න පුලුවන් ගොඩක් පොයින්ට්ස් මතක් වෙන ප්‍රශ්නෙ තමයි පළවෙනියටම ලියන්න ඕනෙ. එහෙම කරන්නෙ පේපරේ බලන කෙනාට අපි ගැන හොඳ සිතුවිල්ලක් ඇති කරන්න. • එසේ එක ලියද්දි ප්‍රශ්නෙ අහන දේ මොකද්ද කියල මුලින් තේරුම් අරගෙන ලියන්න. ප්‍රශ්නෙ අහන්නෙ කෘත්‍යයන් විස්තර කරන්න කියලනන් ඔයා ව්‍යූහය විස්තර කරාට වැඩක් නෑ. ඒක හින්ද කල්පනාවෙන් ප්‍රශ්නෙ තේරුම් අරගෙන පොයින්ට් එකට ලියන්න. • ව්‍යූහයක් විස්තර කරන්න කියල දීලා තියෙනවනන් අනිවාරෙන්ම රූප සටහනක් ඇඳිය යුතුයි.  Ex:- මානව පූර්ව ගාත්‍රයේ ව්‍යූහය විස්තර කරන්න කියල තිබ්බොත් ඔයා අතේ සම්පූර්ණ රූප සටහන ඇඳල නම් කරන්න ඕනෙ. මේකට ලකුණු වෙන් වෙනව. • රූපය මුලින් ඇඳල විස්තර කරනවනන් වඩාත් හොඳයි. ඒත් රූපෙ පස්සෙ ඇන්ඳ කියලත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒ වගේම රූප සටහනක් අඳින්න විනාඩි 10, 15නන් ගන්න හිතන්නවත් එපා. චිත්‍ර අඳින්න නෙමේ තියෙන්නෙ. දළ රූප සටහන විතරයි ඕනෙ වෙන්නෙ. • බෝල බෝල මුතුකැට වගේ ලස්සන ලස්සන අකුරු ලියන්න ට්‍රයි කරන්න එපා. ඔයාගෙ අකුරු කොයි වගේ උනත් කමන් නෑ. බලන කෙනාට පැහැදිලිව වචනෙ කියවගන්න පුලුවන්නන් එච්චරයි. අත් අකුරු තරඟෙකට ගියා වගේ හැඩ කර කර ලියන්න වෙලාව ගන්න එපා. • ඡේදවලට වෙන් කරල එසේ එක ලියන්න. Ex:- පූටිකාවක ව්‍යූහය හා කෘත්‍ය විස්තර කරන්න කිව්වොත් පළවෙනි ඡේදෙ පූටිකාවක් කියන්නෙ මොකද්ද, දෙවනි ඡේදෙ පූටිකාවේ ව්‍යූහය, තුන්වෙනි ඡේදයේ පූටිකාවේ ව්‍යූහය.. මේ විදිහට බලන කෙනාට පැහැදිලි වෙන විදිහට ඡේද වෙන් කරල ලියන්න. • ඡේද වෙන් කරද්දි ඡේද අතරින් රූලක දෙකක හිඩැසක් තියල ඊළඟ ඡේදෙට යන්න. එහෙම කරන්නෙ පස්සෙ ඔයාට ඒ ඡේදෙට අදාළ කරුණක් මතක් උනොත් අර ඉඩ තියපු රූලෙ ලියන්න. එහෙම කරේ නැත්තම් ඔයාට ලියන්න ඉඩක් නැතිවෙනව. • එක එසේ එකකට විනාඩි 20ක වගේ ටයිම් එකක් තමයි ඔයාට හම්බෙන්නෙ. පුලුවන් උපරිම වේගයෙන් ලියන්න. • එසේ ප්‍රශ්න 4ම විනාඩි 10කටවත් කලින් ලියල ඉවර කරන්න • ඊටපස්සෙ මුළු පොතේම ඉන්ඩෙක්ස් නම්බර්ස් දැම්මද, ඔයා වැඩිපුර ඉල්ලගන්න කොළවල ඉන්ඩෙක්ස් නම්බර්ස් දැම්මද පිටු අංක දැම්මද කියල චෙක් කරල මුළු පිටු ගාණත් දාන්න. • එසේ එකේ වැඩ ඉවර කරල නැවත එන්න ස්ට්‍රක්චර්ඩ් එකට. මුලින්ම බලන්න ඒකෙත් ඉන්ඩෙක්ස් නම්බර්ස් හරියටම ඔක්කොගේම දැම්මද කියල. ඔක්කොම හරිනන් පොත් ඔක්කොම ටික තදට ගැටගහන්න • මේ ඔක්කොම ඉවර වෙලා නැවත බලන්න ඔයා ස්ට්‍රක්චර්ඩ් එකේ හිස්තැන් තියපුවා. ඒවගෙ උත්තර ගොඩක් වෙලාවට එසේ එක ඉවර වෙද්දි මතක් වෙනව. එහෙම මතක් වෙන ඒවා  ටික ලියාගෙන යන්න • ඊටපස්සෙ බයෝ සබ්ජෙක්ට් එකෙන් නිදහස් වෙලා ගෙදර එන්න 😍

බයෝ බබාල ටිකට පුංචි ටිප්ස් ටිකක්.. * ඔයාලට හෝල් එක ඇතුළට ගියාම මුලින්ම බෙදන්නෙ කොටු කොළය. ඒක ගත්තම හරියටම ඉන්ඩෙක්ස් නම්බර් එක ලියල ඒක පිටිපස්සෙ තියෙනව උපදෙස් ටිකක්. පේපරේ බෙදනකන් ඒ ටික කියවන්න. ඊටපස්සෙ 1 වෙද්දි පේපර් එක බෙදනව. * ෆිසික්ස්වලට අනුගමනය කරන වට ක්‍රමය බයෝ mcq එකටත් අනුගමනය කරන්න. සමහර ප්‍රශ්න තියෙනව තේරුම් ගන්න විනාඩි 5ක් විතර යන ඒවා. ඒවගෙ එල්ලිලාම ඉන්න එපා. ඒක තියල ඊළඟ ප්‍රශ්නෙට යන්න * එක ප්‍රශ්නයක් දන්නෙ නැත්තම් නිකම්ම ඒක අතෑරල යන්න එපා. පස්සෙ ඒක මිස් වෙන්න පුලුවන්. ඒක හින්ද ඒ ප්‍රශ්නෙට තරුවක් නැත්තම් ප්‍රශ්න අංකෙ රවුම් කරල ඊළඟ එකට යන්න * සත්‍ය අසත්‍ය, වන්නේ නොවන්නේ මාරු කරගන්න තියෙන ඉඩ කඩ වැඩියි ඔයාලා ලොකු ප්‍රෙශර් එකකින් ඉන්න හින්ද. ඒක නිසා හොඳට අකුරක් නෑරම කියවල බලල උත්තර ගහන්න. * සමහර ප්‍රශ්න උඩින් පේන දේ නෙමේ ඇත්තටම අහන්නෙ. ඒක හින්ද සිහි බුද්ධියෙන් අවබෝධයෙන් ප්‍රශ්නෙන් හරියටම අහන දේ තේරුම් අරගෙන ගහන්න * ජල විභවය ගැටලු වගේ ඒවා විසඳද්දි අවබෝධයෙන් නිරවුල් මනසකින් හදන්න. ධන ඍණ එහෙම මාරු කරගන්නෙ නැතුව හදන්න. ගොඩක් දුරට ඒකෙන් ලොකු ප්‍රශ්න එන්නෙ නෑනෙ. එතකොට කටු වැඩ කොළේට මාරු වෙන්න ගන්න කාලෙත් ඉතුරු කරගෙන පේපර් එකේම කොනකින් හදන්න. ප්‍රවේණිය වගේ ඒවනන් එහෙම හදන්න අමාරුයිනෙ. ඒව කටු කොළේ හදන්න. * ඔයාල පේපර් එකේම හදන හදන පොඩි පොඩි ගණන්, උත්තරේ යටින් ඉරි ගහන ඒවට පැන්සලෙන් කරල ආයෙ පෑනෙන් කොටු කපන කාලෙ නාස්ති කරගන්න වැඩ කරන්න එපා. කොහොමත් ඔය පේපරේ ඔයාලගෙනෙ. ඒකෙ මොන බලියක් ඇන්ඳත් කමන් නෑ ඒ හින්ද. ඔක්කොම පෑනෙන් කරන්න * ප්‍රශ්න 50න් ශුවර්ම ටික කරල ඉවර උනාට පස්සෙ ඒ ටික කොටු කොළේ මාක් කරල ඊළඟ ටිකට යන්න. එතකොට ඔයාලට ලැබෙන ප්‍රෙශර් එක අඩුයි. * හිතාගන්න අමාරුම ප්‍රශ්නයක් තිබ්බොත් කලබල නොවී වතුර ටිකක් බොන්න. තප්පර දෙක තුනක් එළිය බලල ආයෙ නිරවුල්ව කල්පනා කරන්න * කොටු කොළේ කපද්දි වැරදුනොත් ඒක උඩ කුරුටු ගාන්න යන්න එපා. තනි ඉරකින් කපන්න. කොළේ පිටිපස්සෙ උපදෙස්වලට ඕවා තියෙනව * කොටු කපද්දි හරියට ප්‍රශ්න අංකෙයි උත්තරෙයි බලල සිහියෙන් කපන්න. එකක් හරි මාරු උනොත් එතනින් පහළට එන ඔක්කොම වරදින්න පුලුවන්. ඒක හින්ද හොඳට බලල කොටු ටික කපන්න * විනාඩි 10කට කලින් පේපරේ කරල ඉවර කරන්න. ඊටපස්සෙ නැවත බලන්න ඉන්ඩෙක්ස් එක හරිද ගහපු උත්තර හරිද කියල * ඔය ඔක්කොම කරල සැනසිල්ලෙ පේපරේ බාර දීලා ගෙදර යන්න 😌

ඔබේ මොළයට අලුත් දැනුමක් අවශ්‍යද? 🧠 එහෙනම් මේ අපූරු විද්‍යාත්මක ගමනට අපිත් එක්ක එකතු වෙන්න. ​විශ්වයේ සැඟවුණු රහස්, තරුවල කතා සහ විද්‍යාවේ අපූර්වත්වය එකම තැනකින් දැනගන්න කැමතිද? ✨🌌 ​"Hard science, soft stories" - විද්‍යාව හරිම සරලව, කතන්දරයක් වගේ අහන්න කැමති ඔයාටයි මේ ආරාධනාව. 🧠💫 ​අපේ "Cosmic Whispers" WhatsApp Channel එකට දැන්ම එකතු වෙන්න: https://whatsapp.com/channel/0029Vb7zmHQ5a244VqZzS42E ​අපි හැමෝම විශ්වයේම කොටස් කරුවන්. ඒ නිසා විශ්වයේ රහස් අපිම හොයමු! 🫡

Attc😪
Attc😪

🛑 Breaking News 2026 අපොස උසස් පෙළ විභාගය කල් යයි ? 2026 අපොස උසස් පෙළ විභාගය කල් දමනු යැයි ඉල්ලමින් 50000කට අධික සිසු පිරිස
🛑 Breaking News 2026 අපොස උසස් පෙළ විභාගය කල් යයි ? 2026 අපොස උසස් පෙළ විභාගය කල් දමනු යැයි ඉල්ලමින් 50000කට අධික සිසු පිරිසක් එකතු වී සදාගත් Telegram Group එකක් මගින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සහ පවතින ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරන ලදි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්,
🗓 අ.පො.ස උසස් පෙළ 2026 විභාගය පැවැත්වීමට නියමිතව තිබූ 2026 අගෝස්තු 10 සිට දින 00 කල් ගොස් 2026-08-10 දින පැවැත්වීමට රජය තීරණය කර ඇත. 2026 උසස් පෙළ විභාගය සදහා අද දින සිට තව දින 63 ක් ඇත මහන්සි වී වැඩ කරන්න 🥳❤️ 𝐒𝐋 𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 🇱🇰

Repost from N/a
ඇත්ත 😊🤍"
ඇත්ත 😊🤍"

Repost from N/a
පුංචි පුංචි ගම් වලින් එන අහිංසක ළමයිට මෙව්වා ලොකු හීන . .
පුංචි පුංචි ගම් වලින් එන අහිංසක ළමයිට මෙව්වා ලොකු හීන . .

Repost from N/a
*පුංචි පුංචි ගම් වලින් එන අහිංසක ළමයිට මෙව්වා ලොකු හීන....||°°°"*😊🤍
*පුංචි පුංචි ගම් වලින් එන අහිංසක ළමයිට මෙව්වා ලොකු හීන....||°°°"*😊🤍

අද වැඩේ කරපු අය
Anonymous voting