Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 162
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
Repost from 2027 Revision | Ushan Gunasekara
https://www.youtube.com/live/Wpjnh5EKyFM?si=e40JV3mdf39SAzsa
මේකෙන් එහෙනම් හැමෝම 6ට එන්න..🔥
අවුරුදු දෙකේම අහලා තියෙන මාතෘකා 30ක් සාකච්ඡා කරමූ..❤️🔥
යාලුවොන්ටත් share කරන්න..🔥
Repost from Prof. Kalinga Bandara
ආන්ත ප්‍රවේගයෙන් (Terminal Velocity) ගමන් කරන විට ශක්තිය හානි නොවේද?
මෙය සිසුන් බොහෝ දෙනෙකුට ඇතිවන වැරදි වැටහීමකි.
"වස්තුවක් ආන්ත ප්‍රවේගයෙන් ගමන් කරන බැවින් කිසිදු ශක්ති හානියක් සිදු නොවේ."
මෙම ප්‍රකාශය වැරදියි.
නිවැරදි ප්‍රකාශය වන්නේ,
ආන්ත ප්‍රවේගයෙන් ගමන් කරන විට වස්තුව මත සිදුවන සමස්ත කාර්යය (Net Work) ශුන්‍ය වේ යන්නයි.
නමුත් එක් එක් බලය විසින් සිදුකරන කාර්යය ශුන්‍ය බව එයින් අදහස් නොවේ.
උදාහරණයක් ලෙස
ද්‍රවයක් තුළ ගෝලයක් පහළට වැටෙන අවස්ථාව සලකා බලමු.
ගෝලය මත ක්‍රියා කරන බල තුන වන්නේ,
පහළට — බර mg
ඉහළට — උඩුකුරු බලය U
ඉහළට — දුස්ස්‍රාවී බලය Fv
මුලදී,
[ mg > U + Fv ]
එබැවින් ගෝලය ත්වරණය වේ.
වේගය වැඩි වන විට දුස්ස්‍රාවී බලයද වැඩි වේ.
අවසානයේ,
[ mg = U + Fv ]
වන විට ත්වරණය ශුන්‍ය වන අතර, ගෝලයට ආන්ත
ප්‍රවේගයක් (Terminal Velocity) ලැබේ.
එවිට කාර්යය සිදුවන්නේ කෙසේද?
ගෝලය s දුරක් පහළට ගමන් කළ බව සිතමු.
(1) ගුරුත්වාකර්ෂණ බලය විසින් සිදුකරන කාර්යය
[ Wg = mgs ]
මෙය ධන කාර්යයකි.
(2) උඩුකුරු බලය විසින් සිදුකරන කාර්යය
[ WU = -Us ]
මෙය ඍණ කාර්යයකි.
(3) දුස්ස්‍රාවී බලය විසින් සිදුකරන කාර්යය
[ Wv = -Fv s ]
මෙයද ඍණ කාර්යයකි.
ආන්ත ප්‍රවේගයේදී,
[ mg = U + Fv ]
බැවින්,
[ Wg + WU + Wv = 0. ]
එනම් සමස්ත කාර්යය ශුන්‍යය.
ඒ නිසා ගෝලයේ චාලක ශක්තිය වෙනස් නොවේ.
එසේ නම් ශක්තිය හානි නොවේද?
නැත. ශක්ති පරිවර්තනය අඛණ්ඩව සිදු වේ.
ගුරුත්වාකර්ෂණ බලය මඟින් ගෝලයට නිරන්තරයෙන් ශක්තිය ලබා දේ.
එම ශක්තිය දුස්ස්‍රාවී බලයට එරෙහිව කාර්යය කිරීම සඳහා වැය වන අතර, අවසානයේ ද්‍රවයේ අභ්‍යන්තර ශක්තිය (තාප ශක්තිය) ලෙස පරිවර්තනය වේ.
එබැවින්,
ගුරුත්වාකර්ෂණ ස්ථිති ශක්තිය → දියරයේ තාප ශක්තිය
යන ශක්ති පරිවර්තනය අඛණ්ඩව සිදු වේ.
ගෝලයේ චාලක ශක්තිය පමණක් නියතව පවතී.
දෛනික ජීවිතයේ උදාහරණයක් ලෙස තිරස් මාර්ගයක නියත ප්‍රවේගයෙන් ගමන් කරන මෝටර් රථයක් සලකා බලන්න.
වේගය නියත වුවද,
එන්ජිම නිරන්තරයෙන් ශක්තිය සපයයි.
වායු ප්‍රතිරෝධය සහ රෝදවල ඝර්ෂණය එම ශක්තිය තාපය බවට පත් කරයි.
එසේ නොමැති නම් රථය ඉදිරියට ගමන් කළ නොහැක.
එබැවින් නියත ප්‍රවේගය යනු ශක්ති පරිවර්තනයක් නොමැති බව නොව, චාලක ශක්තියේ වෙනසක් නොමැති බවයි.
මතක තබා ගන්න
"නියත ප්‍රවේගය" යනු "සමස්ත කාර්යය ශුන්‍යය" යන්නයි. එය "කිසිදු බලයක් කාර්යය නොකරයි" හෝ "ශක්ති හානියක් සිදු නොවේ" යන්න නොවේ.
මෙය කාර්යය හා ශක්තිය සම්බන්ධ ප්‍රමේය (Work–Energy Theorem) නිවැරදිව තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය සංකල්පයකි.
Repost from 2027 Revision | Missaka Artigala
🔴ඔයාලට පහසු වෙන විදියට අවශ්‍ය දේවල් සේරම අපි එක තැනකට අරගෙන තියෙනවා...
💡 Theory නැවත මතක් කිරීම්..
(01) ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Full Night
(02) යාන්ත්‍රික ගුණ Full Night
(03) යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන් (Playlist)
(04) දෝලන හා තරංග සම්පූර්ණයෙන්
(05) ආලෝකය සම්පූර්ණයෙන් Day 01 | 02
(06) ක්ෂේත්‍ර 3ම එක දවසින් Part 01 | 02
(07) ධාරා විද්‍යුතය සම්පූර්ණයෙන්
(08) පදාර්ථය හා විකිරණ Full Night
(09) අත්‍යාවශ්‍ය සුළු කිරීම් Seminar
🔖 MCQ Night Seminars
(01) යාන්ත්‍ර විද්‍යාව MCQ Seminar
(02) ක්ෂේත්‍ර 3ම MCQ Seminar
(03) ධාර්ත්‍රක, විද්‍යුත් චුම්භකත්වය
(04) දෝලන MCQ Night Part 01 | Part 02
(05) තාපය MCQ Night Part 01 | Part 02
(06) ක්ෂේත්‍ර 3ම MCQ Night Seminar
(07) ධාරා විද්‍යුතය MCQ Night Seminar
(08) MCQ Night Seminar පොදු රටාව
💬 Essay Practice Seminars
(01) විශේෂ ව්‍යුහගත රචනා පෙරහුරුව
(02) 05 වන රචනා පුහුණුව - යාන්ත්‍ර විද්‍යාව
(03) 06 වන රචනා පුහුණුව - දෝලන/ආලෝකය
(04) 07 වන රචනා පුහුණුව - යාන්ත්‍රික ගුණ
(05) 08 වන රචනා පුහුණුව - ක්ෂේත්‍ර
(06) 09(A) රචනා පුහුණුව - ධාරා විද්‍යුතය
(07) 09(B) රචනා පුහුණුව - Electronics
(08) 10(A) රචනා පුහුණුව - තාපය
(09) 10(B) රචනා පුහුණුව - විකිරණය
කාලය කළමනාකරණය කරගෙන තමන්ට අවශ්‍යම දේවල් cover කරගෙන වැඩේ ගොඩදාමු ළමයි 🔥
🐴 Technical Team Missaka Artigala
🔑මේ තියෙන්නෙ MCQ වලට ගොඩක් වැදගත් පොඩි කෙටික්‍රම සහ ගණං හිතන විදිය ගැන කරපු වීඩියෝ ටිකක් 😎
⭕️අවශ්‍ය ලමයි මේ ටික Free වෙලාවන් වලදි බලන්න.
හැමෝම මේක දිනන්නම ඕන 👊❤️
⬜️ තාප සන්නායකතාව ගාන මෙහෙම හදල බලමු ද 😎
https://youtu.be/hdERvpHymYU
⬜️ඕන ප්‍රතිරෝධ පද්ධතියයක් ගොඩදාන ක්‍රම 07
https://youtu.be/FNJtBxOwLgg
⬜️Physics Smart විදියට හිතන්නෙ මෙහෙමයි 😎
https://youtu.be/flaKvR0wo94
⬜️ ප්‍රකාශ තන්තු මේ වගේ ගානක් ආවොත් හිතන්නෙ මෙහෙමයි
https://youtu.be/0bI6ueArJQo
⬜️තීර්යක් තරංගයක අංශුවක ප්‍රවේගයේ දිශාව මෙහෙම ගමු
https://youtu.be/iJ8DnZBibEw
⬜️ ජල පරිමාව වෙනස් වෙන හැටි හිතන්නෙ මෙහෙමයි (ද්‍රවස්ථිතිය)
https://youtu.be/DOcig27Vpl8
⬜️දණ්ඩක ඕන තැනක අවස්ථිති ඝූර්ණය හොයන විදිය විනාඩි 3න්
youtu.be/eMFUNQeLrGk
⬜️රළු කප්පියක ත්වරණය MCQ මෙහෙමත් පුළුවන්
youtu.be/ctxTUxQeCM4
⬜️ ප්‍රක්ෂිප්ත MCQ මේ විදියට හිතමු
youtu.be/G1oKkmwCYjU
⬜️ රේඛීය චලිතය + කෝණික චලිතය MCQ හිතන හැටි විනාඩි 5න්
youtu.be/BBxyJYMIHy0
⬜️ධ්වනි තීව්‍රතාවය MCQ හිතින් හදන විදිය විනාඩි 5න්
youtu.be/ukz6LdnogS0
නිලුපුල් කොඩිතුවක්කු
~Team Phynix
එහෙනම් ලමයි ඔයාලත් පරිස්සමෙන් ගිහින් අද පේපර් එකත් ගැම්මට ලියල එන්න 🌝❤️
බුදු සරණයි..
Byee byeee
Repost from 2027 Main Revision - Biology - Virul Weerakoon
✅ මේවා ගොඩක් මහන්සි වෙලා හදල තියෙන්නෙ ළමයි
අපේ පන්තියෙ ළමයින්ට දීපු Quality Tute සෙට් එකක් ළමයි මේක 🔥
උපරිම ප්‍රයෝජනේ ගමු ❤️
මේ පේපර් එක බලන් යන්න ලමයි පුලුවන් නම් හොදට...
It’s just a guess,it’s not definite.
ලමයි... මේ තියෙන්නේ ESSAY ANALYSIS එක ..
මේක හොදට පාඩම් කරන්න..
මේක තව හලන්න බෑ..
හයිලයිට් කරපුව හොදටම පාඩම් කරන්න..
ඔයාලට පුලුවන්.
ජයම වේවා.
Lakmini Karannagoda Miss
😼ඔව් ඔබ මේ පය තැබුවේ "
පුලුවන් නම් ලියපන්චිත්රපටය තිරගත වන මාසයටයි. චිත්‍රපටයේ මංගල දැක්ම 2026/08/10 වන දින දිවයිනේ සියලු විභාග මද්‍යස්තාන හරහා තිරගත වේ. එම චිත්‍රපටියෙ දෙවන ප්‍රදර්ශනය " ඕකටද තෝ අවෞරුදු දෙකක් පන්ති ගියේ "2026 නොවැම්බර් මාසයේ හෝ දෙසැම්බර් මාසයේ තිරගත කිරීමට නියමිත බව කරුණාවෙන් සලකන්න 😒 🥲 එහිදී නලු නිලියන් පරුශ වදන් පැවසීම් , පෙම්වතුන් පෙම්වතියන් හන්තාන සද නැරඹීමට යාම නිසා ඇති කරගන්නා අර්බුදකාරී තත්වයන් වැනි අවස්ථා ඇති බැවින් සංවේදී පුද්ගලයන් නැරඹීමේදී , හිස් ආවරණය භාවිතය වඩාත් ආරක්ශිත යැයි සටහන් කරමි... ස්තූති❤️
