Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 162
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
😼ඔව් ඔබ මේ පය තැබුවේ "
පුලුවන් නම් ලියපන්චිත්රපටය තිරගත වන මාසයටයි. චිත්‍රපටයේ මංගල දැක්ම 2026/08/10 වන දින දිවයිනේ සියලු විභාග මද්‍යස්තාන හරහා තිරගත වේ. එම චිත්‍රපටියෙ දෙවන ප්‍රදර්ශනය " ඕකටද තෝ අවෞරුදු දෙකක් පන්ති ගියේ "2026 නොවැම්බර් මාසයේ හෝ දෙසැම්බර් මාසයේ තිරගත කිරීමට නියමිත බව කරුණාවෙන් සලකන්න 😒 🥲 එහිදී නලු නිලියන් පරුශ වදන් පැවසීම් , පෙම්වතුන් පෙම්වතියන් හන්තාන සද නැරඹීමට යාම නිසා ඇති කරගන්නා අර්බුදකාරී තත්වයන් වැනි අවස්ථා ඇති බැවින් සංවේදී පුද්ගලයන් නැරඹීමේදී , හිස් ආවරණය භාවිතය වඩාත් ආරක්ශිත යැයි සටහන් කරමි... ස්තූති❤️
හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගයට සහභාගී වන සියලුම දරුවන්ට හෘදයාංගම සුබ පැතුම්! 🌼
ඔබ මෙතෙක් කළ මහන්සිය, කැපවීම සහ අධිෂ්ඨානය නිසැකවම ඔබට හොඳ ප්‍රතිඵල ලබා දෙනු ඇත. විභාගයට යන විට විශ්වාසයෙන්, සන්සුන් මනසකින් සහ ධෛර්යයෙන් මුහුණ දෙන්න ලැබේවා !!!
ඔබට ජයග්‍රහණයෙන් පිරිපුන් උසස් පෙළ විභාගයක් වේවා! තම සිහින සැබෑ කර ගැනීමට ශක්තිය, සාර්ථකත්වය සහ සුභ පැතුම් සියලු දෙනාටම! 📚✨🙏
අපි හම්බ වෙන අවසාන අවුරුද්ද වෙන්න පුලුවන් මේ..පරිස්සමෙන් ගිහින් ලියල එන්න මගෙ දරුවනෙ 🥹❤️
හෙටින් ඇරඹෙන ඔයාගෙ අනාගතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වෙනුවෙන්... 🤍✨
ගෙවුණු වසර කිහිපය පුරා ඔයා විඳපු දුක, මහන්සිය, නිදි නැති රැයවල් සහ ඒ අතරින් මතුවුණු බලාපොරොත්තු හුස්ම ටික අද මේ මොහොත වෙනුවෙන් කැප කරලා ඉවරයි. හැමදාම වගේ හිතට බයක්, ඒත් එක්කම ලොකු උද්යෝගයක් දැනෙනවා ඇති නේද? ඒක හරිම ස්වභාවිකයි.
හෙට ප්‍රශ්න පත්‍රය අතට ගත්තම, ඔළුවට එන පළමු බිය අමතක කරලා ගැඹුරු හුස්මක් ගන්න. ඔයා මහන්සි වුණේ මේ පැය කිහිපය වෙනුවෙන්. ඒ නිසා ඔයාගෙ මතකය ගැන, ඔයාගෙ හැකියාවන් ගැන ඔයා පූර්ණ විශ්වාසය තියන්න.. ප්‍රශ්නයක් දිහා සන්සුන්ව බලලා, ඔයාට පුළුවන් උපරිමයෙන් ඒකට මුහුණ දෙන්න. ප්‍රතිඵලය කොහොම වුණත්, ඔයා මේ තරම් දුරක් ආපු එකම ලොකු ජයග්‍රහණයක්!
හෙට දවස ඔයාගෙම කරගන්න ඔයාට අවශ්‍ය සියලුම මානසික ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා!
ඔයාට මගේ හදපිරි සුබ පැතුම් මගෙ වස්තුලා...! 🌸🌿
Rapunzel Akka 💜
MCQ කරන වට ක්රමයපේපර් එක වට 05 කට කඩාගෙන කරන්න. 01 වටය ✨ තමන්ට හොදටම ශුවර් ඉක්මනට උත්තර ගන්න පුලුවන් ප්‍රශ්න ටික කරගෙන යන්න. මෙහෙම කරගෙන යනකොට තමන්ට තේරෙයි මේක ඉක්මනට හදන්න පුලුවන්ද බැරිද කියලා. ඉක්මනට හදන්න පුලුවන් නම් සුලු කිරීම් අඩු එකක් නම් එවෙලෙ කරන්න නැත්තම් ඊලග වටේට දාන්න. එතකොට ඒ ප්‍රශ්නේ කරන ක්‍රමේ දන්නවා හැබැයි සුලු කිරීම් වැඩි වගේ නම් ඒක දෙවනි වටේට දානවනේ. එතකොට ඒ ප්‍රශ්නේ ලගින් 2 වටේ කියලා ලියන්න. කරන ක්‍රමේ මතක් උනේ නැත්තම් ඒක 3 වටේ කියලා දාන්න. 2 වටය ✨ අර කලින් කරන් යද්දි 2 වටය කියලා ලිව්වේ එන්න ඒ ටික දැන් කරන්න. 3 වටය ✨ කලින් එක පාරටම හදන ක්‍රමේ මතක් උන නැති ප්‍රශ්න ටික තියෙන්නේ ඒ ටික ගන්න. ඒකෙන් ටිකක් හිතලා හදාගන්න පුලුවන් ප්‍රශ්න ටික කරන්න. මොකුත්ම හිතාගන්න බැරි ටික තියාතියන්න 4 වටය ✨ අර මොකුත්ම හිතාගන්න බැරි උන ටික නෙවේ තමන්ට ශුවර් නෑ වගේ ටිකක් තියේ නම් ප්‍රකාශන ප්‍රශ්නවල එහෙම එන්න ඒ ටික බලන්න මේ වටේදී 5 වටය ✨ අන්තිමේදී මේ වටේදී ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ ගාන ගැන කිසිම අදහසක් නැති දන්නේ නැති ප්‍රශ්න කීපයක්. ඒවා ගැන හිතන්නත් එපා වැඩිය. මොකද ඒවා ඔයා දන්නේ නෑනේ. ඔයා දන්න ටික කලින් ඔක්කොම ලියලනේ තියෙන්නේ. ඒ නිසා අවුලක් වෙන්න එපා. මේ ටිකට ඉතින් කනා ගහන්න හරි විදේශ ආධාර පතන්න හරි තමා වෙන්නේ 🌝 කෝමහරි 5 වටයට ඉතුරු වෙන ප්‍රශ්න ටික අවම කර ගන්න උත්සහ කරන්න. වට ක්‍රමේට mcq එක කරන එක තමා mcq paper එකේදි time balance කරන්න තියන එකම සහ හොදම ක්‍රමය. මේ විදියට කරලා බලන්න. ඔයාලට වෙනදට වඩා confidence එකක් එයි paper එකේදිත්. Exam එක දවසටම මේක කරන්න ඉන්නත් එපා. කලින් කරලා practice වෙන්න. එතකොට ඔයාට ගාන දැක්ක ගමන්ම තීරනය කරන්න පුලුවන් වෙනවා මේක හදන්නේ කොයි වටේදිද කියල. එතකොට පලවෙනි වටේ යද්දිම ගාන ලගින් ඒ ගාන හදන වටේ ලියාගෙන යන්න පුලුවන්.🔥
Credit - Ishini Kavmada Akka❤️
අමිල සර් ---
විද්‍යුත් රසායනික ශ්‍රේණිය නම් මතක තියෙන්න ඕන ලමයි. සමහර ලමයි නම් එක එක කවි හදලා දාලා තිබ්බා.ඒවා අහන්න බෑ කැතයි😹.
ලමයින් ගේ කවි කැත නිසා Costa ට කියලා විද්‍යුත් රසායනික ශ්‍රේණිය මතක තියාගන්න (කරන්ට්මුල්ල) කියලා රැප් එකක් ලියවගත්තා .........
බලන්න ඒක වත් ලස්සනද කියලා🙈😂
Edit by - @Ravee_k
+2
අනේ මට වෙච්ච වැඩක් ..!🤦♀️
HNO3 නිපදවීමේ ඔස්වල්ඩ් ක්‍රමය ඇසුරින් ලියන ලද්දකි...🌝❤️
#ආසාවෙන්ඉගෙනගන්න
+2
Mg ගේ දින පොතෙන් 📅
දිගම දිග දවසක්....🤓
All Credits - @Gwen_0915 akka 💐💛
#Industrial_Stories 🤍
#ආසාවෙන්_ඉගෙනගන්න✨
+3
පප්පා ගමේ හදපු සබන්....🧼
සින්දුව තාලෙට කියවන්න 😌
හලාවත ළමයින්ව අමතක කරෙත් නෑ ඕන් 🤓
All credits - @Gwen_0915 akka 💐💛#Industrial_Stories 🤍 #ආසාවෙන්_ඉගෙනගන්න ✨️
♻️ ලෝහක බන්ධන ♻️
🔅 ලෝහ පරමාණු ඒවායේ සංයුජතා කවචවල ඉලෙක්ට්‍ර්‍රෝන න්‍යෂ්ටියෙන් නිදහස් වෙමින් ඉලෙක්ට්‍රෝන ජලාශයක් නිර්මාණය කරගන්නවා.
🔅 ඉලෙක්ට්‍රෝන වලාව සහ ධන අයන ස්ථිති විද්‍යුත් බන්ධන වලින් එකිනෙක බැදෙමින් ලෝහක දැලිස නිර්මාණය වෙනවා.
🔵 ලෝහක දැලිසේ ප්‍රබලතාවයට බලපාන සාධක
◼️ඉලෙක්ට්‍රෝන ජලාශයට සපයන ඉලෙක්ට්‍රෝන ගණන වැඩිවීමේදී ඉලෙක්ට්‍රෝන ඝනත්වය හා කැටායන අතර ආකර්ෂණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා.එම නිසා ලෝහක දැලිසේ ප්‍රබලතාවය වැඩි වෙනවා.
◼️කැටායනයේ අරය කුඩා වීමේදී එහි ආරෝපණ ඝනත්වය වැඩිවන නිසා කැටායන හා ඉලෙක්ට්‍රෝන ඝනත්වය අතර ඇතිවන ස්ථිතු විද්‍යුත් බල ප්‍රබලතාවය වැඩිවෙනවා. ඒ නිසා ලෝහක දැලිසේ ප්‍රබලතාවට වැඩි වෙනවා.
Na , Mg , Al හි ලෝහක දැලිසේ ප්‍රබලතාවය සංසන්දනය කරමු
▫️Na ,Mg ,Al සැලකුවම අනුපිලිවෙළින් ඉලෙක්ට්‍රෝන ජලාශයට මුදාහරින ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වේ
🔸Mn හි ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිසා අයනීකරණ ශක්තිය වැඩි නිසා මුදාහරින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු වෙලා දැලිසේ ප්‍රබලතාවය අඩුවෙනවා. ඒ නිසා Mn හි දෘඪතාවය , ද්‍රවාංකය පහළ අගයක්.
🔸Fe සිට Cu දක්වා වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණන අඩුවන බැවින් ඉලෙක්ට්‍රෝන ජලාශයට මුදාහරින ඉලෙක්ට්‍රෝන අඩු වෙලා දැලිස දුර්වල වෙන හින්දා දෘඪතාවය මෙන්ම ද්‍රවාංකයන්ද අඩුවෙනවා
එමෙන්ම කාණ්ඩයේ පහළට යද්දි කැටායනය විශාල වෙනවා
📖මේ කරුණු දෙකම නිසා Hg වල ලෝහක දැලිසේ ප්‍රබලතාවය දුර්වල වන නිසාම Hg ලෝහයක් වුවද කාමර උෂ්ණත්වයේ පවතින්නේ ද්‍රවයක් ලෙසටයි.
1.ප්ලම් පුඩිං ආකෘතිය ⇒ ජේ.ජේ.තොම්සන්
2.(e/m )අනුපාතය ⇒ ජේ.ජේ.තොම්සන්
3.ඉලෙක්ට්‍රෝනය ⇒ ජේ.ජේ.තොම්සන්
4.පරමානුක න්‍යෂ්ටිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ්
5.ග්‍රහලෝක ආකෘතිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ්
6.ප්‍රෝටෝනය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ්
7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ්
8.රන්පත් පරීක්ෂාව ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන්
9.නියුට්‍රෝනය ⇒ ජේම්ස් චැඩ්වික්
10.ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ⇒ ආර්.ඒ මිලිකන්
11.නාල කිරණ/ධන කිරන ⇒ ගෝල්ඩ්ස්ටයින්
12.ඉලෙක්ට්‍රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ⇒ ස්ටෝනි
13.විද්‍යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ⇒ ස්ටෝනි
14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ⇒ බෝත් සහ බේකර්
15.ග්‍රහලෝක ආකෘතිය ප්‍රතික්ශේප කිරීම ⇒ මැක්ස් ප්ලාන්ක්
16.විකිරණශීලිතාවය ⇒ හෙන්රි බෙකරල්
17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ⇒ මාරි කියුරි හා පියරි කියුරි
18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ⇒ එෆ්.ඩබ්ලිව් ඇස්ටන්
19.න්‍යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ⇒ ජේ.යුකාවා
20.X කිරණ ⇒ රොන්ට්ජන්
21.ප්‍රධාන ශක්ති මට්ටම් ⇒ නීල්ස් බෝර්
22.උප ශක්ති මට්ටම් ⇒ සමර්ෆීල්ඩ්
Organic වල හැමදාම අහන ඉලෙක්ට්‍රොෆිලික , නියුක්ලියෝෆිලික , ආකලන , ආදේශ , ඉවත්වීම් හදුනගන්න කෙටි ක්‍රමයක්..!🌝❤️
Short Method Credit - Amila Sir✨️
තව ටික කාලයයි ලමයි ❤️🩹
සමහර විට මේ අපි හම්බ වෙන අන්තිම දවස් වෙන්න පුලුවන් 🫶
මන් අහන්නෙ ලමයි රැල්ලට නෙවේ..හොද පේපර් එකක් එක්ක හොද පේපර් ඩිස්කශන් එකක් තියෙන සර්ව
Repost from ORBIX study apps by astralis
📣 පාඩම් කරන එක වදයක් නෙවෙයි, 👀 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ... 😅Sounds Familiar for L
ලමයිනේ...
Physics Paper class යන්න හොදම කාගෙද?
ඔයාල recommend කරන කෙනාව පහලින් comment එකක් දාන්න..
