cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Andromeda Astro

Youtube - https://youtube.com/@andromeda1420 Promotions and Inquiries - @dckarunarathne

Show more
Advertising posts
11 566Subscribers
+824 hours
+167 days
+30830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

බ්‍රහස්පති වටා මෙච්චර චන්ද්‍රයො ගොඩක් ගමන් කරනවද?😳. මේ වීඩියෝ එකේ තියෙන්නෙ බ්‍රහස්පති ග්‍රහලෝකය වටා කක්ෂ ගතව ඇති චන්ද්‍රයින් එය වටා ගමන් කරන ආකාරයයි. අද වන විට එවැනි චන්ද්‍රයින් 95 දෙනෙක් සොයා තහවුරු කරල අවසන්. ඒවගේම තවමත් තහවුරු නොකල චන්ද්‍රයින් රැසක්ම බ්‍රහස්පති වටා කක්ෂ ගථ්ව තිබෙනවා. ඉතින් ඒ නිසා බොහෝදුරට අනාගතයේදී මේ ගණන මීටත් වඩා වැඩිවෙන්න පුලුවන්🙊 ©Andromeda
Show all...
44😱 12
💥මේ වගේ ලස්සන Cricket Status දිනපතා බලන්න දැන්ම අපිත් සමග එකතු වන්න🌝❤️‍🔥    🔴Cricket Memes ✔️    🔴Cricket Status ✔️    🔴Cricket funny videos ✔️    🔴Match Highlights✔️ මේ හැම දේම දවස පුරාම බලන්න දැන්ම අපේ channel එකට එකතු වෙන්න😎🔥👇 🔠🔠🔠🔠 🔠🔠🔠 ✅ @legendarycricketpost 🇱🇰
Show all...
👍 1 1
🏏𝕃𝕖𝕘𝕖𝕟𝕕𝕒𝕣𝕪 ℂ𝕣𝕚𝕔𝕜𝕖𝕥🇱🇰
🛑Join  Now🛑
අහල තියෙනවද ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිණිය දවසක අපිත් එක්ක ගැටෙනව කියල...😯✨ අපට ආසන්නතම මණ්දාකිණිය වෙන ඇන්ඩ්‍රොමීඩා සහ අපේ ක්ෂීරපථය ඔබ මේක කියවන වෙලාවෙත් එකිනෙකට ආසන්න වෙමිනුයි තියෙන්නෙ🫢. ඒ තත්පරයට කිලෝමීටර් 110ක වේගයකින්.🤯 ගණනය කිරීම් වලට අනුව ඉදිරි වසර බිලියන 7 තුළ මේ දෙක සම්පූර්ණයෙන්ම ගැටී තනි අති විශාල මණ්දාකිණියක් හැදෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නෙ ඒ සිදුවීම සිදුවෙන ආකාරය ගැන හදපු simulation එකක්. මේ පිළිබඳ තොරතුරු සහිත සම්පූර්ණ වීඩියෝව - https://youtu.be/r3b6yoHXGZ4?si=Y6XsyZGnMPLzAHu6 Video Credit - Seekers of the Cosmos
Show all...
37👍 11😱 5😁 1🤯 1
Repost from N/a
ඔයා තාම ඔයාට #ZET වෙන Wallpapers හොගන්නෙ Google එකෙන්ද? 🤦‍♂ HOW SAD... අදම අපෙ චැනල් එකට ඇවිල්ලා බලන්න ආස හිතෙයි 🗿👇
Show all...
🤩 4😍 2👍 1😢 1
Join Now ✨
Profile Pictures 📸
සාමන්‍යෙන් මනුස්සයෙක්ට එක ඇහි පිල්ලමක් ගහන්න ගතවෙන මධ්‍යන්‍ය කාලය වෙන්නේ තත්පර 0.25ක්.😌 ඔයාල නිකමට හරි හිතල තියෙනවද මේ කාලය ඇතුළත විශ්වයේ මොනව වෙනව ඇතිද කියල.🙊 අපි බලමු😱 සෑම තත්පර 0.25කට වරක්ම, ➡️විශ්වයේ නව තාරකා 800ක් පමණ නිර්මාණය වීම සිදුවෙනවා.🤓 දැනට අපි ලබාගෙන ඇති දත්ත වලට අනුව වසරකට ක්ෂීරපථය තුළ පමණක් නව තාරකා 7ක් පමණ නිර්මාණය වෙනවා. ඉතින් විශ්වය තුළ මණ්දාකිණි බිලියන 200ත් 2000ත් අතර ගනණක් පවතින්න පුළුවන් බවට මේ වෙද්දි ගනන් බලා තිබෙනවා.🤯 (නිකන් නෙමෙයි දැනට පවතින නිරීක්ෂණ දත්ත ඇසුරින්) එතකොට හිතල බලන්නකො අවුරුද්දකට විශ්වයේ තරු කොච්චර නිර්මාණය වෙන්න පුළුවන්ද කියල.😐 ඒ අගයෙන් තත්පරයකදි දළ ගාන තමයි 800යි කියන්නෙ. ➡️ඒවගේම තාරකා 250ක් පමණ සුපර්නෝවා පිපිරුම් වලින් විනාශ වෙලා යනවා.😱 හබල් දුරේක්ෂයෙන් ලබාගත් නිරීක්ෂණය දත්ත පාදක කරගමිනින් විද්‍යාඥයින් සොයාගන්න හැකිවෙලා තියෙනවා වසරක් තුළ සුපර්නෝවා බිලියන 30ක් පමණ සිදුවෙන බව.🙄 ඒ කියන්නෙ තත්පරයකදි පිපිරීම 1000ක් පමණ සිද්ද වෙනවා. හැබැයි අපිට ඒ පිපිරුම් පේන්නෙ නැහැ. මොකද අපට පියවී ඇසට පෙනෙන දුරකින් පිපිරීමට ඉතිරිව තියෙන්නේ ඒවගේ තරු ඉතා ස්වල්පයක් විතරයි.🫢 ඉතින් මේ කිව්වෙ ඇහිපිල්ලමක් ගහද්දි විශ්වයේ සිද්දවෙන දේවල් වලින් බොහොම පොඩි දෙයක් විතරයි.🙊 තවත් පුදුම හිතෙන කාරණා ගොඩක් තියෙනවා.🙈ඒවගෙන් කීපයක් ගැන අපි තවත් ආටිකල් එකකින් ගේන්නම්.🤩 විශ්වය ගැන මේවගේ තවත් පුදුම හිතෙන දේවල් දැනගන්න අපිව Follow කරල තියාගන්න😇 Andromeda Astro ©Andromeda
Show all...
58😱 14🔥 7👍 4
ඔයා ඇහුපිල්ලමක් ගහද්දි විශ්වයේ මෙච්චර දේවල් වෙනවද?😳
Show all...
28
සිංහල උපසිරැසි සමඟ English , Korean, Chinese, ඇතුළු විදේශිය TV series & Movies. Sinhala හඩකවන ලද Movies,TV series, Cartoon තියෙන එකම තැන දාන්ම join wenna. Cross promotion - https://t.me/hansakaAdmin2
Show all...
👍 1
SL Cine TV
SL Cartoon Studio
SL Dubbed Series
C&K series
India Got talent
Praveen'Drama Cafe
Praveen Drama C&K
Praveen'Drama C&K Chat
Sinhala Movie
OST Song & SL Song Request
ඈත තාරකා පද්ධතියක සිදුවූ නෝවා පිපිරුමක් මේ වසරේදී පෘථිවියට දිස්වන බව පර්‍යේෂකයින් පිරිසක් පසුගියදා නිවේදනය කලා.🤩 මේ පිපිරුම සිදුවෙලා තියෙන්නේ පෘථිවියට ආලෝක වර්ෂ 3000ක් දුරින් Coronae Borealis තාරකා රාශි පසුබිමේ පවතින T Coronae Borealis කියන තාරකා පද්ධතිය තුළ.😐 දෘෂ්‍ය දීප්ති විශාලනය +10 ක් පමණ වන මේ පද්ධතිය දැනටනම් නිරීක්ෂණය කරන්න පුළුවන් තරමක් ප්‍රභල දුරේක්ෂ වලින් පමණයි.😕 නමුත් ඔවුන් සඳහන් කරන්නේ මේ පිපිරුම පෘථිවියට දිස්වන විට එය ඔරායන් තාරකා රාශියේ Saiph තරකාව තරම් දීප්තියකින් අපට දිස්වන බවයි.🙈 දැනට පවතින නිරීක්ෂණ දත්ත වලට අනුව බොහෝදුරට මෙය මේ වසරේ පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වූ දින කිහිපයකයි පියවී ඇසට දිස්වීමට ඉහළ සම්භාවිතාවක් තියෙන්නේ.😍 ඒවගේම දිස්වීමට පටන්ගත්තට පසුව දින කිහිපයක් යන විට එහි දීප්තිය ක්‍රමයෙන් අඩුවී යනවා. ඉන්පසුව සතියක් පමණ යනතුරු දෙනෙති වලින් නිරීක්ෂණ කිරීමටද හැකියාව තිබෙනවා.🤓 -ඇත්තෙන්ම මේ නෝවා පිපිරුමක් කියන්නෙ මොකක්ද?🤔 -එය ඇතිවුනේ කොහොමද?🧐 +මෙහෙමයි🤓👇 මම කලින් කිව්ව වගේ මේක තාරකා පද්ධතියක්. එහි තාරකා දෙකක් අඩංගු වෙනවා. එකක් සුදුවමන තරුවක්. අනික රතු යෝධ තරුවක්.🫢 මේ දෙකම ඒවාට පොදු වූ ස්කන්ධ කේන්ද්‍රය එහෙමත් නැත්නම් Barycenter එක වටා කක්ෂ ගතවෙමිනුයි තියෙන්නේ. මෙහෙම තියෙද්දි ඇතැම් කාල එනවා ඒව එකිනෙකට ආසන්නයෙන් ගමන් කරන.🙄 මේ වගේ වෙලාවක සුදු වාමන තරුවට, රතු යෝධ තාරකාවේ පිටත ස්ථර ඇදිල එන්න පුළුවන්.🤯 මොකද සුදු වාමන තාරකාවක ඝණත්වය ගොඩක් ඉහළයි. ඒ නිසා ගුරුත්වය වැඩියි.😐 ඔහොම පදාර්ථය ඇදිල ආවොත් සුදු වාමන තාරකාව වටා ඉහළ ඝණත්වයක් තියෙන වායුගෝලයක් හැදෙනවා.😯 මේකෙ පීඩනය සහ තාපය ගොඩක් ඉහළයි. ඒ නිසා ඒක තුළ න්‍යෂ්ටික විලනයනක් සිද්ද වෙන්න හැකියාවක් තියෙනවා😳 එහෙම උනොත් එතන ලොකු පිපිරීමක් සිද්ද වෙනවා.🫣 ඕකට කියනවා නෝවා පිපිරුමක් කියල. මේ සුදුවාමන තාරකාවේ නෝවා පිපිරුමක් සිදුවුනු පළවෙනි අවස්ථාව මේක නෙමෙයි.😜 මීට අවුරුදු 80කට පමණ පෙරත් ඒ කියන්නෙ 1946දි මේවගේ පිපිරුමක එලිය පෘථිවියට දිස්වෙලා තිබෙනවා.🤩 මේ පිපිරුම දළවශයෙන් අවුරුදු 80කට වරක් ආයෙ ආයෙ සිදුවෙනව කියලයි පර්‍යේෂකයින් පෙන්වා දෙන්නේ.😬 ඒකට හේතුව තමයි මේ තාරකා දෙක අවුරුදු 80කට වරක් ආසන්නයෙන් ගමන් කිරීම.🤭 හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ මේ පිපිරුම ඉදිරියෙදිත් සෑම අවුරුදු 80කට වරක්ම සිදුවෙන බව. මොකද මෙහෙම පදාර්ථය එකතුවෙලා මේ සුදුවාමන තාරකාවේ ස්කන්ධය සූර්ය ස්කන්ධ 1.4 (චන්ද්‍රසේකර් සීමාව) පැන්නොත් බොහෝදුරට එය සූපර්නෝවා පිපිරුමකින් විනාශ වෙන්න පුළුවන්.🤭 එහෙම උනොත්නම් අපිට ඒක විශාල දීප්තියකින් දිස්වෙයි. ඇත්තෙන්ම මේ පිපිරුම මේ වසරේදී අපට දිස්වුනත් ඒක සිදුවෙලා තියෙන්නේ මීට අවුරුදු 3000කට පමණ පෙරයි.🙄 මොකද මේක තියෙන්නෙ පෘථිවියට ආලෝක වර්ෂ 3000ක් දුරින්නේ.😐 ඒ කියන්නෙ එහෙන් නිකුත්වෙන ආලෝකය මෙහෙට එන්න අවුරුදු 3000ක් යනවා.🫢 ඒ නිසා ඔබට මේ ඉදිරියේදී දැකගන්න ලැබෙන්නේ ඇත්තටම අතීත සිදුවීමක්🤫 ඉතින් මේක පෘථිවියට දිස්වෙන්න පටන් ගත්තහම ඒ ගැන අපි ඔබට දැනුම් දෙන්නම්. ඒවගේම ඊට පෙර මේ සිදුවීම ගැන වැඩිදුර තොරතුරු සහ එය දිස්වුනොත් ඒක නිරීක්ෂණය කරන ආකාරය ගැන අපි ඉදිරියේදී වීඩියෝවක්ද ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එසේනම් එතෙක් රැඳීසිටින්න අප සමඟම....❤️✨ Dinujaya C Karunarathne ©Andromeda
Show all...
76👍 16🥰 3
නෝවා පිපිරුමක් පියවී ඇසින් බලාගන්න ලෑස්තිවෙන්න 😉💥
Show all...
🔥 47 3
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!