BioBuzz 🪸🫧
Open in Telegram
"🔬 Welcome to Biobuzz! " Join our community of biology enthusiasts , unravel the mysteries of life, and excel in your academic journey! 💡Let's make biology captivating and your learning extraordinary! #BiologyGenius #AdvancedLevel #LearnWithPassion
Show more3 065
Subscribers
No data24 hours
-67 days
-3230 days
Posts Archive
3 065
Business කරන අය ඉන්නවද 😌 IT side ඇරෙන්න opportunities තියෙනවා! මෙකට reply එකක් දාන්න නැත්තන් inbox දාන්න 🫶
Part time job හොයන අය ඉන්නව නම් එයාලටත් vacancy තියෙනවා (studies එක්ක කරන් යන්න පුලුවන් )
3 065
අධිශ්ඨානශීලී උත්සාහවන්ත ඔබ සියලු දෙනාගෙ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන සුබදායි අලුත් අවුරුද්දකට ආසිරි!!!
අපි අලුත් වැඩක් පටන් ගන්න හිතුවා මේ එක්කම ,
බයො සිලබස් එකම audio විදියට revise එකක් තමන්ටම කරගන්න පුලුවන්
🔴bio unit wise revise (audio)
🔴lahiru sir revision notes
🔴Essay plan
🔴New resource books
🔴Theory tutes
https://t.me/+AyG0Mcf81n1jYjk1
(මගෙ වැඩ ටික පිලිවෙල කරගන්න හදපු චැනල් එකක්, ඔයාලටත් වැඩක් ගන්න පුලුවන් වෙයි)
3 065
Repost from ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️
නිකමට මතක තියාගමු Biology 🐨🐰🎀
ශීර්ෂණය ඛණ්ඩනය
නිඩාරියා ❎ ❎
ප්ලැටි: ❎ ❎
නෙමටෝඩා ❎ ❎
ඇනෙලිඩා ☑️ ☑️
මොලුස්කා ☑️ ❎
ආත්‍රොපෝඩා ☑️ ☑️
එකයිනොඩ: ❎ ❎
කෝඩේටා ☑️ ☑️
(අවශිෂ්ට)
🐨🐰🎀
3 065
🔴Kidney dissection (වකුගඩු )
🖇️නෝට් ඒකේ තිබුන දේ සියැසින්
මේක මානව වකුගඩුවක් නොව ගවයෙකු ගේ වකුගඩුවක් බව සලකන්න.
3 065
Bio සම්බන්ධව අලුතෙන් තව මොනවගේ දේවල්ද චැනල් එකෙන් කෙරෙන්නෝන වගෙ අදහස් තියෙනවනම් comment කරන්න... 🌝
3 065
Repost from 𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲
Hii ළමයි😍🤍 2023 Batch එකේ වල්පල් Meeting එකේ අමිල සර් කිව්ව Concept එක Practically සිදුකරන්නට දරන උත්සාහයක් තමයි මේ Channel එක නිර්මාණය කරපු එක..🌙🫧 ඉතින්.. ඔයත් එකතු වෙන්න අපේ කලා කවයට.. අපේම දක්ෂයන් අගයන්න... ඔවුන්‍ට සවියක් වෙන්න.. වැඩිදුර විස්තර ළගදීම... එතෙක්.. Channel එකත් එක්ක සෙට් වෙලා ඉමු ළමයි.. 🌞🫧Channel Link: https://t.me/ECHEM_ArtCircle
3 065
Repost from 2023 Quick Revision 🎯🎯 || SD
✅ 2024 Biology Main Revision සශංක සර්ගෙ Channel එකේ සහ Discussion Group එකේ Link තමා මේ තියෙන්නෙ...
✅ 2024 Main Revision Channel link:
https://t.me/SDBIOLOGY2024
✅2024 Discussion Group link:
https://t.me/biologydis_2024SD
☘️එපා වෙලා තියෙන Bio රහට, මතක හිටින්නම ඉගෙනගන්න ඕන නම් අපේ පංතියට ම එන්න ඕන කියල දවසක් හරි පංති ආපු අපේ Bio පවුලේ ඔයාලා හොඳටම දන්නවා... ඉතින් අලුතින් එන්න ඉන්න අයට ඔයාලගෙ recommendation එක තමා වැදගත්ම! ❤️
Share කරලා යාලුවෝ දැනුවත් කරමූ! ❤️
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
3 065
තව shy එකක් කරන අයට අලුත් වැඩක් ගේන්න හිතුවා...🤩
https://t.me/BiobuzzNotes
මෙතන එක එක biology සර්ලාට අදාලව topics වෙන් කරල තියෙනවා එයාලගෙ
🫶notes
🫶 papers විවරන
🫶 mcq points
වගේ දේවල් එ topic එකට අදාලව වැටෙනවා. තව ඉස්සරහට තව topics එනවා
🔍🔍
මන් හිතනවා එකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන් වෙයි කියලා 📊
Just join and turn on notifications 🤩✅
3 065
මම මේක දාන්නේ ඊලඟ shy එකක් කරන්න ඉන්න අයට.
මම මගේ ජීවිතේ විශ්වාස කරන කාරණාවක් තියෙනවා. හැමදේම වෙන්නේ හොඳට කියලා. අර හැම කලු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා වගේ නරකයි කියලා පේන හැම දේකම හොඳක් තියෙනවා...
මම මගේ කතාව කියන්නම්. මට 2019 1st shy එකේ තිබ්බේ ABB Z score එක 1.9 නුවරින් rank එක 47 උනාට new syllabus එකෙන් medicine යයි කියලා හිතුවේ 35ක් විතර. ඒ නිසා රිසල්ට් ආපු වෙලාවේ රාගම එයි කියලා හිතුවට පැය 2ක් 3ක් යද්දී ඒ හීන ඔක්කොම නැතිවෙලා ගියාවගේ දැනුනා.
එදා රෑ මාරම අවුල්. නින්ද ගියෙත් නෑ වගේ. ලොකුම අවුල සමහර නෑදෑයෝ එහෙම කෝල් කරලා ආ ඔය ගානට නම් බැරිවෙයි නේද වගේ talks දෙනකොට. 🥲
දවස් කීපයක් යනකල් ම අවුල තිබ්බා. ගොඩක් කට්ටිය හිතන් හිටියේ මං medicine එයි කියලා. එහෙම නැති උනාම එයාලා මාර කාලකන්නි සතුටක් ගන්නවාකියලත් ආරන්චි උනා. එහෙම දැනෙනකොට ඉතින් තවත් අවුල්.
දැන් ඊටපස්සේ කොහොමත් medicine එන් නෑනේ. ඊටපස්සේ දවස් කීපෙකින් වැඩ කරන්න ගත්තා. ඒත් හීනියට අවුල තිබ්බා. ඕක වැඩිපුර දැනෙන්න ගත්තේ med select උන අය සෙට් වෙලා trip ගිහිල්ලා එහෙම photos දාද්දී එතකොට නිකන් මොකක්දෝ කාංසාවක් වගේ දැනෙන්න ගත්තා. කොහොමහරි bio paper class එකකටත් මුලදි ගියා. ඒකත් set උනේ නෑ එච්චර. ඒත් chemistry paper class එකක් තිබ්බා චාමර ලක්මාල් කියලා සර් කෙනෙක් ගේ. මං දන්න අයියා කෙනෙක් කිව්වේ ගිහිල්ල බලපන් කියලා. ඊටපස්සේ ඒකට ගියාට පස්සේ ඒ සර් මාර විදිහට උදව් කරා. මට chemistry ටිකක් පුලුවන් නිසා ඒ සර් මට අමාරු ප්‍රශ්න එහෙම වැඩිපුර හිතන්න කියලා දුන්නා.
කොහොමහරි ඔය කාලේ තමා Covid වලට රට lockdown කලේ. හැමදේම වෙන්නේ හොඳට කිව්වා නේ. මෙතනින් තමා මං වෙනස් උනේ. කොවිඩ් දවස්වල පාඩම් කරද්දී මට තේරුනා මේ යන විදිහට මට පාඩම් කරන එක එපාවෙනඑක විතරයි වෙන්නේ කියලා. ඔය දවස්වල අහම්බෙන් හාමුදුරු කෙනෙක් ගේ වීඩියෝ එකක් දැක්කා මානසික අවුල් ලිහන්න නම් ඒවාගේ මූලබීජය හොයාගෙන ඒක විනාශ කරන්න ඕනේ කියලා. මටත් හිතුනා මගේ වැඩ කරන විදිහ අවුල් නම් ඒක හරිගස්සගන්න ඒකේ මුලටම කිඳාබහින්න ඕනේ කියලා.
මං කරේ මං 1st shy එකේ කරපු වැරදි ලියාගත්ත එක. මට බයෝවල හරියට essay ලියන්න බැරිඋනා. Class එක්ක වෙලාව manage කරගන්න බැරිඋනා. විශේෂයෙන් 3 වෙනි කාරණාව මම ඕනිවට වඩා ප්‍රසිද්ධ උනා classes වල එහෙම වැඩි ලකුණු lists වල ඉඳලා. ඒ නිසා AL වල ප්‍රශ්නයක් 2ක් කරගන්න බැරිවෙද්දී මට බයක් ආවා result අඩු වෙයි කියලා. ඒ නිසාම paper එක හරියට කරගන්න බැරිඋනා.
ඔය වගේ තව ගොඩක් ඒවා ලිව්වා. ඊටපස්සේ මං මේවා හදාගන්න plan එකක් ගැහුවා
මුලින්ම මං කලේ silent වෙන එක. කිසිම කෙනෙක් ට මන් 2nd shy කරනවා කියලා අඟවන්න ගියේ නෑ. එහෙම උනාම තමා stress kiyala මට තේරුනා
බයෝ essays ගොඩදාගන්න මායි නවෝද් අයියයි එකතුවෙලා ඒ කාලේ සුපිරි ප්ලෑන් එකක් ගැහුවා. මට bio essay පේපර් එක 2019 ඇත්තටම කිව්වොත් කෙල උනා. ඒ නිසා මට ඒ පේපර් එකත් එක්ක පුදුම තරහක් තිබ්බේ. මම මටම කියාගත්තා මම bio පේපර් එක හදපු එකාට කෙලවෙන්නම essay ටික ලියනවා කියලා. ඒකට අපි දෙන්නා එකතුවෙලා දවස් 7ක් විතර analyse කරලා හැදුවා ප්ලෑන් එකක්. ඒක තමා ඔයාලට ඔය අපි කරන්නේ...කොහොමහරි 2020 essay paoer එක කිසිම poiny එකක් මිස් වෙන් නැතුවලියලා දාලා එලියට ඇවිල්ලා මං පේපර් එක කීතු කීතු වලට ඉරලා දැම්මා මං හිතපු විදිහටම paper එකට කෙලවලා දැම්මා කියලා...
මට අවුල් යන කතාවක් මාත් එක්ක හිටපු යාලුවෙක් මට කියලා තිබ්බා result ආවට පස්සේ. මං උගේ නම පාඩම් කරන තැන ලොකුවට ලියාගත්තා. එතකොට කම්මැලි හිතිලා ඔලුව උස්සපු ගමන් ඌගෙ නම දකිනවා නේ. එතකොට නම දැක්ක ගමන් කම්මැලිකම කොහෙන් ගියාද කියලා නෑ.
Chemistry වලට lockdown දවස්වල ඒ සර් සල්ලි ගන්නෙත් නැතුව group එකක් හදලා ප්‍රශ්න එහෙම දැමමා.
Physics වලට මුල් දවස්වල උකුවෙල සර් කිව්වා revision එන්න ඕනේ නෑ papers විතරක් ලියන්න කියලා. ඒත් අර කාරනා නිසා ඒකත් බෑ වගේ හිතිලා තිබ්බේ. Online දවස්වල නම් ගොඩක් උදව් කලේ උකුවෙල සර් එක්ක ක්ලාස් කරන එරන්ද අයියා. එයාට කොච්චර වැඩ තිබ්බත් මට අදාල දවසට ppaper එක දුන්නා. තේරෙන්නෙ නැති ඒවත් පුලුවන් වෙලාවට කියලාදුන්නා.
අනිත් එක මං medicine select උන යාලුවෝ ඔක්කොම විභාගේ ලියනකල් block කරලා දැම්මා. තරහකට නෙවේ status දකිනකොට මං අවුල් යන නිසා
කොහොමහරි 2nd shy එක කරන්න ආවටපස්සේ ගොඩක් දේවල් වෙනස් උනා. මං හිතන විදිහ, ප්‍රශ්නෙකට මුහුණදෙන විදිහ, ඇත්ත යාලුවො අඳුරගන්න විදිහ වගේම show off වෙලා ඉන්න විදිහත්. අදටත් අපි ළමයි 1000 කර විතර essay ප්ලෑන් එක අවුරුදු 3ක් තිස්සේ කරන්න අඩිතාලම දාගත්තේ ඒකෙන්.. අනික අන්තිමේට වයඹ medicine ඇවිල්ලත් මං නොයා හිටියේ මට 2nd shy එකේ මං වැඩ කරපු විදිහත් එක්ක ලොකු sure එකක් තිබ්බ නිසා...
ඒ නිසා ළමයි මතක තියාගන්න හැමදේම වෙන්නේ හොඳට.
https://t.me/biologykuppiya
3 065
ආයේ shy එකක් කරන අය ඉන්නව නම් @Hypothalamuss ට inbox message එකක් දාලා තියන්න...🙃💗 අලුත් adminලා ගන්නවා
2024 / 2025 ගැම්මෙන් වැඩට බහින්න හිතන් ඉන්න අයව තමා ගන්නෙ 😇
3 065
ඒක තනිකර ගනන් හදන්න සුලු කරන්න එහෙම තියෙන ප්‍රශ්නයක්(22 පේපෙරේ 5 ගාන කරපු උන් දන්නව ඒකෙ රහ😋)
ආන්න ඒ ගානත් ඔයා සෙට් වෙනව නම් පැය බාගයක් විනාඩි 35ක් ඇතුලත පුලුවන් තරම් කරන්න.🥰
ඊළගට ඔයා අර අතරමඟ අතරමන් කරල ආපු ප්‍රශ්න දිහා බලන්න..ඔයාට ඒකට විනාඩි 15-20ක් වගේ ඉතිරි වෙයි.
ඔතනින් විනාඩි 5ක් පේපරේ අමුනන්න තියාගෙන ඉතිරි වෙලාව අරගෙන අර මඟ දාල ආපු ගණන් ටික හදන්න try එකක් දෙන්න..ඔය වෙලාව වෙද්දි ඔයාගෙ මොලේ හොඳටම රත් වෙලා තියෙන්නෙ...ඒ නිසා මුලදි බැරි උන ඒව ගොඩාක් ඔය වෙලාවෙදි පුලුවන් වෙනව...😎
එතකොට තව බැරි තැන් තිබුනොත්?? කමක් නැ ඒව තිබුනාවෙ...ඒව කොහොමත් බැරි ඒවනෙ..ඒවට වෙලාව නාස්ති කරන්න ඕන්නෑ..කලත් ලකුනු නැති විදිහෙ ඒව නොකර හිටියට හෙන ගහනවයැ😅🥲
ආන්න ඒ විදිහට කරලා ඔයාගෙ පේපර් එක finish කරන්න...
පැය 3 ඇතුලෙදි කවදාවට් නොවුන විදිහට ඔයාට පේපර් එකේ 95%ක් විතර ඉවර කර ගන්න පුලුවන්😎😎😎
ඉතිරි 5% ගැන මගෙන් අහන්නෙපා ඒක මටත් බෑ
අන්න ඔහොම තමා පෙපර් එකේ time balance කරලා පැය තුනකදි උපරිම score කරන්නේ.....😎😎😎😎
එහෙනම් හැමෝම එහෙම කරල බලන්න..
Good luck all..❤️❤️❤️
1️⃣2️⃣3️⃣4️⃣5️⃣6️⃣7️⃣
