en
Feedback
Notes by Methu🌸

Notes by Methu🌸

Open in Telegram

හඳ අල්ලන්න ආස ගමනේ 🏆️👩‍⚕‍👩‍🎓 🌷Channel link - @notesbymethu 🌷Disussion group link - https://t.me/+Ytlm_d0xlsQ1M 🎖️ඔබට මෙම චැනලය මගින් Chemistry,Physics notes, past paper MCQ විවරණ සහ short notes ආදිය ලබාගත හැක.

Show more
3 553
Subscribers
+424 hours
-107 days
-3730 days
Posts Archive
රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී PS I ප්‍රභාපද්ධති ආශ්‍රිතව ජලය විච්චේදනය වී O2 වායුව පිටවේ
Anonymous voting

සෛල සැකිල්ලේ පවතින ක්ෂුද්‍ර නාලිකා සෛල විභාජනය සදහා දායක වේ
Anonymous voting

ඇලෙස්ටරික යාමනයේදී යාමක අණු එන්සයිමයේ සක්‍රීය ලක්ෂයට සම්බන්ධ වී එන්සයිමයේ හැඩයට හා කෘත්‍යයට බලපෑම් කෙරේ.
Anonymous voting

ඇලෙස්ටරික යාමනය මගින් යාමනය වන බොහෝ එන්සයිම උපඒකක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වේ.
Anonymous voting

ඇලෙස්ටරික නිශේධකයක් යාමක ස්ථානයට බැදුන විට එන්සයිමයේ සක්‍රීය ආකාරය තහවුරු වේ.
Anonymous voting

NADP ^+ ඔක්සිකරණ ක්‍රියාවලිය NADP රිඩක්ටේස් එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරයි.
Anonymous voting

BCG එන්නත මගින් දේහයේ කෙටිකාලීනව පවත්නා ප්‍රතිශක්තියක් ප්‍රේරණය වේ.
Anonymous voting

මධුමේහය II ස්වයංප්‍රතිශක්තිකරණ රෝගයට උදාහරණයකි.
Anonymous voting

සංසරණය වන ප්‍රතිදේහ මගින් දේහ තරලවල සිටින විශිෂ්ට ධූලක අක්‍රීය කිරීම සිදු කරයි.
Anonymous voting

මිනිසාගේ වසා සෛල දෙවර්ගයම ඇටමිදුලු තුල පවතින පවතින මූලික සෛලවලින් සම්භවය ලබයි.
Anonymous voting

ඉන්ටෆෙරෝන් මගින් භක්ෂක සෛලතාව හා ප්‍රදාහක ප්‍රතිචාර ඉහල නංවයි.
Anonymous voting

සාමාන්‍ය ශ්වසනයේදී දේහයට ඇතුළු කරගන්නා හා පිටකරන වාත පරිමාව උදම් පරිමාවයි.
Anonymous voting

සුලභතම ක්ෂය රෝගය පුප්ඵුශීය ක්ෂය රෝගයයි.
Anonymous voting

සිලිකා අඩංගු දූවිල්ලට කෙටි කාලීනව නිරාවරණය වීමෙන් සිලිකෝසිස් තත්ත්වය හට ගනියි .
Anonymous voting

කාබන්මොනොක්සයිඩ් හිමොග්ලොබින් සමග ප්‍රතිවර්තී ලෙස සම්බන්ධ වේ.
Anonymous voting

ප්‍රතිශක්ති විද්‍යාත්මක මතකය ප්‍රාථමික ප්‍රතිශක්ති ප්‍රතිචාර නම් වේ.
Anonymous voting

කෘතිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය මාස කිහිපයකට සිට වසර 4 ක කාලයක් දක්වා පවතියි.
Anonymous voting

ඉමියුනොග්ලොබියුලින් B වසා සෛල වලට සමාන හැඩයක් ගනියි.
Anonymous voting

සහජ ප්‍රතිශක්තිය දැකිය හැක්කේ අපෘෂ්ඨවංශීන්ට පමණි.
Anonymous voting

හිස්ටැමීන් මගින් තුවාල වූ පටකය අසල ඇති රුධිර වාහිනීවල පාරගම්‍යතාව අඩු කරයි.
Anonymous voting