WhispersForYou ™ |🌵
Open in Telegram
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
Show moreThe country is not specifiedThe category is not specified
238
Subscribers
-124 hours
-37 days
+2730 days
Posts Archive
අයිතිය කියන් වචනෙ
තේරුමක්වත් නොදන්න කාලෙක
මාන්නක්කාරකම් හිස මත තබාගත්
සමහර ප්‍රේමණීය ආත්ම
යටගියාවක බර වචන එකතු කරන්
සොහොන් කොතක් උඩ පණ ඇද්දා දරුවෝ . .❕
ඉතින් වැරදි ,
ප්‍රේමයද අයිතියද
එහෙමත් නැතිනම් තවමත් බලාහිදීමද . .❔
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
කණාමැදිරි එළියක් මත්තෙ නැහුන මට
ඉතිරි කලුපාට අහසම මගෑරුනා හේෂ්
එක්කෝ සමහරවිට මන්
හිතලම මගෑරගන්න ඇති . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
අනුන්ගෙ දෙයක් copy කල්ලා
තමන් brand එකක් කියලා
පෙන්නනවට වඩා නම්බුකාරයි
තමන්ගෙම දෙයක් කල්ලා වැරදෙන එක
ඉතින් තමන්ගෙ හැකියාවකින්
තමන් brand එකක් වෙන්න
අනික් උන් තමන්ව copy කරන තරමට . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
කතෲ ඔයානම්
Script එකත් ඔයාගෙනම්
ඇයි බැරි තමන්ට main chapter එක වෙන්න . .
ඉතින් brand එකක් වෙන්න
කාගෙවත් කතාවක නෙවේ
තමන්ගෙම කතාවෙ ඇතුලේ . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
කළාකාමී හදවතකට ගැළපෙන්නෙම
කළාකාමී හදවතක් කීවට
කවදාවත් හම්බෙන්න හොද නෑ
ඔහේ වල් පල් ලියන එකෙක්ට
කියවන්න දන්නෙ නැති කෙනෙක්ව
ඉතින් කොහොමනම්
ගැළපෙන්නද නේද හේෂ්
ඔය කළාකාමී හිතට
දීර්ඝකාලීනව නඩත්තු නොකල
රස්පුටීන් හදවත . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
කවදමහරි දවසක මේ වැඩකට නැති
ලියමන් ඔයාට හමු වේවි
අන්න එදාට වෙලාවක් තිබුනොතින් කියවන්න
හැබැයි ඒ වෙලාවත් අපරාදේ කියලා හිතුනොත්
දෙපාරක් හිතන්න එපා හේෂ් පුච්චන්න
ඒත් දන්නවද ඔයා වෙනුවෙන් මං
කැලැන්ඩර් එකත් උකස් කලොතින්
සැල්වෙටෝර් කළා මූර්තියත් පරාදයි හේෂ්
ඔයාගෙ නමට මං බලන් හිටපු තරම
ඒත් එකදෙයක් මන් කියන්නම්
හොයන්නෙපා
මියදෙන්න ඉඩ හරින්න . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ඔයා වගේ ටෙරාකෝටා හදවත්කට
ගැලපෙන්නෙම මණ්දාකිණි තරු පොකුරක්
නැත්තන් වින්ටේජ් වයිබ් එකටම කැපවුන
ෆෙයරි බල්බ් වැලක්
හුලඟට ගහන් යන්න දගලන
සරත් සුවද මේපල් කොලයක්
එහෙමත් නැත්නම් ප්‍රංශ හාද්දක බර දැනෙන
රතු පාට වයින් වීදුරුවක්
හැබැයි මේ Story එකේ
ඔයා සිනමටික් වීදුරුවක් වෙද්දි
කොහොම නම් ගැලපෙන්නද ඉතින්
නඩත්තු නොකල වඩ්ස්වත් හදවතක්
ඉතින් තවත් හැඩවෙන්න හේෂ්
සිත්තරයෙකු අතින්ම
නඩත්තු නොකල වරදට
ස්ටෝන්වෙයා හදවත
සදහටම මට අයිති නොවෙන්න . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මතක තියාගන්න හේෂ්
තරු දෙකක් අතර දුර
අලෝක වර්ෂ බර ගානක් ඈත බව . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ඉල්ලුමට සැපයුම සමතුලිත කලත් මම
ඵලදායි ජීව කාලය පිරෙන්න කලියෙන්
වාර්ශිකව ක්ෂය කලා නුඹ මටත් නොදැනිම
ඇල්මැති පාර්ශව නැහැයි කීවත්
නුබට ආදේශක ප්‍රතිවිපාකය බලපෑවෙ
මම ශේෂ පිරික්ෂුම සකස් කරන අතරතුරදිය
මොනව කරන්නද උබෙ බොරු පොෂ් කමට
ගිලුනු පිරිවැයක් කියා හිත හදාගන්නම් මම
එහෙත් ප්‍රේමිය වෙබ්ලම් භාණ්ඩත් උබෙ නමට දෙවනිය . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
රෙඩ් වයින් වීදුරුවක්
නහර අස්සෙ බිදුනහම
මත්වෙන විදියත් පරාදයි හේෂ්
ඔය ගැහෙන කලු ඇස් අස්සෙ
හැංගිලා තියෙන තාරකා මණ්ඩලයට . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
එක්කෝ මම හිස් වෙමින් ඇත
එසේත් නොමැතිනම් ,
මා පරිනත වෙමින් ඇත . .
පෙර මෙන් කිසිදු බැදීමක් ගැන
ඕනවට වඩා තදින් සිතීමක්
දැන් මා තුල නොමැත . .
මාගේ ප්‍රියතම ආදරණීයන්ගෙන් පවා
ආදරය , අවධානය ලැබේදැයි යන්න
සොයා බැලීමත් , ඒ ගැන ඔවුන් හට
චෝදනා කිරීමත්
දැන් මා හට වෙහෙසකරය . .
වර්ථමානයේ මුණ ගැසෙන
සෑම කෙනෙකුගේම ජීවිතේ
" හොදම මනුස්සයා " වීමේ
ආශාව , උවමනාවක් දැන් මා තුළ නොමැත . .
එය දැන් මා හට වර්ථමානයේ
පහසු කරන්නක් වී ඇත . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
උබ හොදින්ද ඉන්නෙ කියලවත්
අහන්න කෙනෙක් නැතිවෙන තරමට
මිනිස්සු අසරණ වෙන්න හොද නෑ හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
වැස්සෙන් තෙමෙන්න කොච්චර ආස උනත් ,
සමාජෙට බයේ මිනිස්සු කීදෙනෙක්
කුඩ ඉහලනවා ඇතිද . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ඔලුව ඇතුලෙන් හැම වෙලේම ඇහෙන්න
" උබ ජීවත් උනා ඇති මැරියන් "කියලා
ඇත්තටම මන් ජීවත් උනා ඇතිද . .
නැත්තන් තව මං මටම රිද්ද ගන්න ඕනිද . .
ගලන ලේ දිහා බලන් ඔහේ හිනා වෙන්න ඕනිද . .
වචන නිසා තවත් මං මගෙන්ම පලි ගන්න ඕනිද . .
කන කෑමක්වත් හරියට ඇගට අල්ලන්නෙ නැති කොට
බාගෙට මැරුණ මනුස්සයෙක් වගේ ජීවිත් වෙන්න ඕනිද . .
බොන බෙහෙත් පෙත්ත උගුරෙන් පල්ලට යවාගන්නත්
තවත් මං මහන්සි වෙන්න ඕනිද . .
ඔයාම කියන්න හේෂ් මං මොකක්ද කරන්න ඕනි . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
