Camelia 🍁
Open in Telegram
Show more
The country is not specifiedThe category is not specified
331
Subscribers
-224 hours
-47 days
-1730 days
Posts Archive
331
🍀 Chem point No. 42
න්‍යෂ්ටියෙන් ඉවතට යනකොට අනුයාත ( එක ළඟ තියෙන ) ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස ක්‍රමයෙන් අඩුවෙනවා.
හැබැයි ශක්ති මට්ටම් 2ක් අතර තියෙන ජ්‍යාමිතික පරතරය ක්‍රමයෙන් වැඩිවෙනවා.
331
🐚 Chem point No. 41
පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වුණාම එන්තැල්පි වෙනසට මොකද වෙන්නෙ?
එන්තැල්පිය කියන්නෙ මොකද්ද?
ප්‍රතික්‍රියාවක් වෙද්දි පිටවන හෝ අවශෝෂණය වෙන තාපය ගැන අගයක්.
එන්තැල්පි වෙනස ධන වෙන්නෙ?
බන්ධන කැඩිලා තාපය අවශෝෂණය වෙනකොට.
එන්තැල්පි වෙනස ඝෘණ වෙන්නෙ?
බන්ධන හැදෙද්දි තාපය පිටවෙනකොට.
පරිපූර්ණ වායු වල අන්තර් අණුක ආකර්ෂණ බල නොසලකා හරිනවනෙ. ඒ නිසා බන්ධන හැදෙන්න, කැඩෙන්න විදිහක් නෑ.
ඒ නිසා පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වුණාම එන්තැල්පි වෙනස බිංදුවයි. ( එන්තැල්පියේ වෙනසක් වෙන්නෙ නෑ. )
තාප විපර්‍යාසයත් බිංදුවයි. ( Q/n = H නිසා. )
එතකොට එන්ට්‍රොපිය?
වායු දෙකක් මිශ්‍ර වුණාම අහඹුතාවය වැඩි වෙන නිසා එන්ට්‍රොපි වෙනස ධන වෙනවා.
Delta G හොයාගන්න පුලුවන් G = H - TS සමීකරණෙට ආදේශ කරලා.
එතකොට එනවා delta G ඝෘණ කියලා.
ඒ කියන්නෙ පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වීම ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්. 🌚
331
🐣 Chem point No. 40
ඉතා සිහින් ඇලුමිනියම් පත්‍ර තුළින් කැතෝඩ කිරණ වලට විනිවිද යන්න පුලුවන්.
ඒකත් එක්කම ආයෙ මතක් කරගන්න කෲක්ස් නළය හදලා තියෙන ZnS බිත්තිවල කැතෝඩ කිරණ වැදුනම කොළ පාටක් නිරීක්ෂණය වෙනවා කියලා. - කැතෝඩ කිරණ වල ප්‍රතිදීප්තතාවය 🌚
331
🌜 Chem point No. 39
ගොඩක් හයිඩ්‍රජන් පරමාණුවලට නියුට්‍රෝනයක් නෑ.
මොකද හයිඩ්‍රජන්වල සමස්ථානික වලින් ස්වභාවිකව වැඩියෙන්ම තියෙන්නෙ ප්‍රෝටියම්. එයාලට නියුට්‍රෝන නෑ.
331
🔠🔠🔠🔠
පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන. 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා.
❌ ජීව විද්‍යාව #BIOLOGYහැදින්වීම - 1 % සෛලීය හා රසායනික පදනම - 15 % ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % ශාකය - 20 % සත්වයා - 38 % ප්‍රවේණිය - 12 % අණුක ජීව විද්‍යාව -9 % පරිසරය - 12.5 % ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% ව්‍යවහාරික ජීව විද්‍යාව - 4 %
❌ රසායන විද්‍යාව #CHEMISTRY1.පරමාණුක ව්‍යුහය - 3 % 2.බන්ධන - 6 % 3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු - 12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය - 22.5 % 13.විද්‍යුත් රසායනය - 6.75 % 14.කර්මාන්ත හා පරිසරය - 10.5 %
❌ භෞතික විද්‍යාව #PHYSICSමිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග - 20 % තාපය - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව - 13.5% යාන්ත්‍රික ගුණ - 10.5 % විකිරණ - 10.5%
වැඩි Percentage එකක් තියෙන පාඩම් වලට වැඩි අවධානයක් දෙන්න ඕන බව ඕන බබෙක්ට තේරෙනවනේ.😏✈️ ALAPI_PAPERSGROUP .
331
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴F TO A PLAN 2026 UPDATED VERSION
🔹දැනට තරමක් අඩු මට්ටමේ ලකුණු තියෙන ලමයි PAST PAPERS MCQ මාතෘකාවෙන් මාතෘකාවට කරද්දි මෙහෙම සැලැස්මක් අනුගමනය කරන එකෙන් ඵලදායීතාව ගොඩක් වැඩිකරගන්න පුලුවන්..
🔥මේක පහුගිය අවුරුදු වල ලමයින්ගේ ලකුණු සෑහෙන්න වෙනස් කරපු වැඩක්.
DO IT NOW! SOMETIMES LATER BECOMES NEVER💙
🔥දිනල විතරක් ඉවරකරමු.⚡️
331
Repost from Camelia 🍁
https://youtube.com/playlist?list=PLMiD6h3PM-7nooD5hFxy0Yp4yPp9Z9ipt&si=wwv4rkNJu2ph3d4g
මේ තියෙන්නෙ p6 වල පොදු රටාවට අදාළ videos ටිකක්. හැම toipc එකක්ම පොඩි වෙලාවකින් revise කරගන්න පුලුවන් මේකෙන්.
මේ video එක ගානෙ බලලා ඒ topic එකේන් mcqs අඩුම 10ක් වත් කරන්න try කරන්න. හැම paper එකටම වගේ මේ topics වලින් ප්‍රශ්න අහන නිසා mcq paper එකේ ලකුණු වැඩිකරගන්න හොඳම ක්‍රමයක් මේක.
331
P6 chem වලත් පොදු රටාව ගැන කට්ටිය අහලා තිබ්බා 🌚 මේක chem එක.
හැබැයි මේ අවුරුද්දෙ එන්න වැඩිම chance එකක් තියෙන mcq types ටික අමිල සර් පළවෙනිදට තියෙන mcq day එකේදි කතාකරනවා.
2024 mcq day එකේදි සර් කිව්වා තාපාංක ප්‍රස්තාරෙ බලාගන්න කියලා, ඒක ඒ විදිහටම ආවා ppr එකේ.
331
Repost from 2025 Revision | Amila Dasanayake
🟡 pH පාඩමේ අඩුපාඩු ඇති සිසුන් සඳහා
pH පාඩමේ ගණන් හදන්න බැරි වෙන ප්‍රධාන හේතුව වෙන්නේ දෙන ලද ද්‍රාවණයක pH අගය සෙවීම කියන කොටසේ අඩුපාඩු තිබීම. එහෙම ළමයි පහළ link එක හරහා ඒ කොටස් නැවත අධ්‍යනය කරන්න. අනතුරුව pH නිබන්ධනයේ ඇති අම්ල භෂ්ම අනුමාපන වල pH වක්‍ර ගොඩනැගීමේ ප්‍රශ්න තුන සිදුකරන්න. ඒවාට අදාළ discussion videos ද පහත දක්වා ඇත.
❗️මෙම කොටස් සියල්ල මීට ඉහතදී අප පන්තිය තුළ සාකච්ඡා කර ඇති බැවින් ඒ හරහා මෙම කොටස් සම්පූර්ණ කළ සිසුන් නැවත මෙම videos කිසිවක් අධ්‍යනය කළ යුතු නැත.
✔️දෙන ලද ද්‍රාවණයක pH අගය සෙවීම
https://youtu.be/4dX6fGSdhjk
✔️ප්‍රභල අම්ල - ප්‍රභල භශ්ම අනුමාපන
https://youtu.be/4kv4XmRzbDA
✔️දුබල අම්ල - ප්‍රභල භශ්ම අනුමාපන වක්‍ර
https://youtu.be/WZDFhXdHZyI
✔️දුබල භෂ්ම - ප්‍රබල අම්ල අනුමාපන
https://youtu.be/iaIWHAjc9Iw
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
331
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
Provincial paper analysis 2026 by masterclass.pdf3.77 KB
331
+1
🪻 Chem point No. 38
ජලය දැම්මම බන්ධනය බිඳෙනවා නම් ඒක ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක්.
H අයින්වෙලා O එනවා නම් ඒක ඔක්සිකරණයක්.
331
+1
එක දිගට පාඩම් කරන්න අමාරු අයට study with me sessions try කරලා බලන්න පුලුවන්. 🌚 Yt එකේ ඕන තරම් තියෙනවා. සාමාන්‍යයෙන් මං library වලට ගිහිල්ලා පාඩම් කරන්න පුරුදු වෙච්ච කෙනෙක්, ඒ නිසා ගෙදර ඉඳන් තනියම පාඩම් කරන්න හැදුවම track වගේ. 🥱🥲 මේ sessions එක්ක වැඩ කරද්දි එක දිගට පැය ගානක් අදින්න පුලුවන්. 😘
