Camelia 🍁
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
325
المشتركون
+1924 ساعات
+527 أيام
+5430 أيام
أرشيف المشاركات
324
Repost from ᴛʜᴇ ᴩ ʀ ᴏ ꜰ ᴇ ꜱ ꜱ ᴏ ʀ 🌔
☄️ අද කතාව සෝඩියම් (Na) ගැන
🔴 සාමාන්‍ය ඝන තත්වයේ සෝඩියම් ලෝහමය බන්ධන ඇති ලෝහයක් වගේම
සාමාන්‍යයෙන් සෝඩියම් තවත් මූලද්‍රව්‍ය එක්ක හදන්නෙත් අයනික බන්දන
🔴ඒත් වායුමය අවස්ථාවේ සෝඩියම් පරමානුවල 1s2 2s2 2p6 3s1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්තායී කරගන්න Na₂ ලෙස ද්වීපරමාණුක අණුවක් හදනව
එහි Na–Na තනි සහසංයුජ බන්ධනයක් ඇත.
❤️❤️❤️❤️❤️❤️❤️
324
Repost from Chemistry | Ramika Risiwara
🆓සම්පූර්ණයෙන් ම නොමිලේ!
Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න!👑
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක්
✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක්
✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම
✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips
✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips
🗓දිනය: ජුනි 23 අඟහරුවාදා
⏰වේලාව: ප.ව. 7.00 සිට
🔗මාධ්‍ය: Google Meet
🚀අංග සම්පූර්ණ නිබන්ධනය, ප්‍රශ්න කට්ටලය, විවරණය සහ Google Meet Link එක ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
324
🌱 Chem Point No. 15
හැලජන ප්‍රතික්‍රියාශීලී වේ.
( හැලජන, හේලයිඩ දෙක පටලවගන්නෙපා!
හැලජන කියන්නෙ F2, Cl2, Br2, I2 වලට.
හේලයිඩ කියන්නෙ F, Cl, Br, I වල ඝෘණ අයන වලට.
ද්වි පරමාණුක හේලයිඩ කියන්නෙ හැලජන වලට. )
324
🌴 Chem Point No. 14
ආවර්තිතා වගුවෙ 17 වෙනි කාණ්ඩයේ විතරයි ඝන, ද්‍රව, වායු තුනම තියෙන්නෙ.
F සහ Cl වායු
Br ද්‍රව
Iodine ඝන
324
Repost from ᴛʜᴇ ᴩ ʀ ᴏ ꜰ ᴇ ꜱ ꜱ ᴏ ʀ 🌔
Formula - [C 5H5 NH] +[CrO 3Cl] −
PCC වල ව්යූහය ඇතුලෙ ඇරොමැටික වලයක් තියෙන කාබනික සoයෝග පිටතින් ගන්න බැරි පරිවර්තන වලට PCC ගන්නෙපා
ආදේශකයක් විදිහට H+/ KMnO4 සුදුසුයි
324
🌳 Chem Point No. 13
රොම්බසීය හා ඒකානති සල්ෆර් දෙකටම S8 අණුක සැකැස්ම තියෙනවා.
ඒ වගේම, චක්‍රීය අක්වක් සැකැස්ම කියලත් ඒක හඳුන්වනවා.
324
🦚 Chem Point No. 12
100% අයනික සංයෝග නෑ.
මොකද එයාලට පොඩි හරි සහසංයුජ නැඹුරුවක් තියෙන නිසා.
හැබැයි 100% සහසංයුජ සංයෝග තියෙනවා.
H2, O2, N2 වගේ.
එයාලගෙ බන්ධනය අතර විද්‍යුත් ඝෘණතා වෙනස බිංදුවයි නිසා ඒවට නිර්ධ්‍රැවීය සහසංයුජ කියලා කියනවා.
324
🌲 Chem Point No. 11
ද්විධ්‍රැව ඝූර්ණය දෛශිකයක්. 😌
( විශාලත්වය හා දිශාව දෙකම තියෙන හින්දා... )
324
🎄 Chem Point No. 10
CO
HCl
අණුක ඔක්සිජන් ( O2 )
අණුක නයිට්‍රජන් ( N2 )
වගේ ද්විපරමාණුක අණු වලට හැඩයක් නෑ.
මොකද එයාලට මධ්‍ය පරමාණුවක් නැති නිසා.
හැබැයි හදිස්සියේවත් mcq එකකට වගේ අහලා තිබ්බොත් රේඛීයයි කියලා ගන්න පුලුවන්.
324
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴SPECIAL CLASS
ගොඩක් ලමයින්ගේ ලකුණු අඩුවෙන්නේ PHYSICS නිසා නෙමේ මූලික ගණිතය නිසා
හෙට අපි කතාකරනවා
✅ ලඝු බැලීම්
✅ත්‍රිකෝණමිතිය
✅ජ්‍යාමිතිය
✅සුලු කිරීමේ කෙටි ක්‍රම
✅ විද්‍යාත්මක අංකනය
⚠️මිතුරන් දැනුවත් කරන්න.
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹උසස් පෙළ සදහා ගණිතය🗓 හෙට ජූනි 16 අගහරුවාදා 🟣 රාත්‍රී 7.00 සිට 10.00 දක්වා 📱 YOUTUBE ඔස්සේ 🔹මුලු ලංකාවටම නොමිලේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
324
Repost from 𝙍𝙚𝙢𝙞𝙣𝙙 𝙒𝙞𝙩𝙝 𝙑𝙤𝙞𝙘𝙚 𝙉𝙤𝙩𝙚
Physics paper tips
🔴 වර්ගමූල සුළු කරන්න. භාග විධියට තියන්න එපා. අන්තිම උත්තරේ දශමස්ථාන 2කට සුළු කරන්න.
🔴 බල සටහන් අඳිනකොට අදාල බලවෙන වෙනම නම් කරන්න
🔴 Structured Paper එකේ සමීකරණයක් ප්‍රස්තාරයක් අඳින්න සකස් කරාට පස්සේ ඒ සමීකරණ අන්ත:කන්ඩය සහ අනුක්‍රමණය (y,m,x වගේ ඒවා) පැහැදිලිව පෙන්වන්න
🔴F=ma , චලිත සමීකරණ යොදන විට ඒවා යොදන දිශාව නිවැරදිව පෙන්නන්න
🔴 Structured Paper පරීක්ෂණ වල ඇටවුම් ඇන්දට පස්සේ ඒවායේ තියෙන උපකරණ නම් කරන්න
🔴 අවසාන පිළිතුරු වලට නිවැරදි ඒකක අනිවාර්යෙන්ම අමතක නොකර ලියන්න
🔴 සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න දුන්නහම එම පියවර අනිවාර්යෙන් පෙන්නන්න. ඒකට හේතුව ඒ පියවර වලට වෙන වෙනම ලකුණු හම්බෙනවා.(
ඒ කියන්නෙ සංකේත දිලා සුණු කරන්න කියන ගණන් වල ex: model paper 1 එකේ 6 වෙනි essay එක වගේ )
🔴 ඉලක්කම් වලින් සුළු කරලා තියන්න ඕන normal ගාණක් නම් steps ගොඩක් ලියල වෙලාව නාස්ති කර ගන්න එපා, ඒ වගේ ප්‍රශ්නෙ කට ගොඩක් වෙලාවට ලකුණු හම්බෙන්නේ
* සම්මත සමිකරණය ලියනවාට
* නිවැරැදි ආදේශයට - SI එකක් වලින් නම් ආදේශ කරන්නේ ඒකක ලියන්න ඕනේ නෑ.
* ඒකක සහිත අවසන් පිළිතුරට
🔴 Essay paper එකට පිලිතුරු ලියන කොට පිලිවෙලට ලියන්න. ඒ කියන්නේ තැනින් තැනින් ප්‍රශ්න අංක දාන්නේ ඇතුව පිලිවෙලට ප්‍රශ්න අංක දාලා පේපර් එක ලියන්න.
324
🌵Chem point No. 09
Cl--Be--Cl අණුව නිර්ධ්‍රැවීය වුණාට Be--Cl බන්ධනය ධ්‍රැවීයයි.
NH4 වලත් ඒ විදිහමයි. අණුව නිර්ධ්‍රැවීය වුණාට N--H බන්ධනය ධ්‍රැවීයයි.
ඒ නිසා මතක තියාගන්න, ධ්‍රැවීය බන්ධන තිබුණා කියලා අණුවත් අනිවාර්යෙන්ම ධ්‍රැවීය වෙනවා කියලා කියන්න බෑ.
