ගෝත්‍රිකයෝ
Відкрити в Telegram
♻️කාලීන දැනුමින් සන්නද්ධ ☢️ ♾️විසංවාද මන්ඩපය🇱🇰🇰🇼 Founder - @Abeysinghe2K
Показати більше1 688
Підписники
+124 години
+17 днів
-130 день
Архів дописів
1 688
පාළු බිම්ගෙයක සැඟවුණු ලෝකයේ මාරාන්තිකම රාක්ෂයා - චර්නොබිල්හි "අලි පාදය"
1986 අප්‍රේල් 26 වැනිදා, එවකට සෝවියට් සංගමයට අයත් යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ 4 වන ප්‍රතික්‍රියාකාරකය පුපුරා යාමෙන් ලෝක ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුරක් සිදු වුනා. ඒ විනාශය ගැන බොහෝ දෙනා දන්නවා වුනත්, එහි නටබුන් යට අදත් සැඟවී සිටින අතිශය භයානක වස්තුවක් ගැන බොහෝ දෙනෙක් අහලාවත් නෑ. අද අපි කතා කරන්නේ ඒ ඉතා ගැඹුරු අඳුරු බිම්ගෙයක රහසිගතව සැඟවී සිටින ලොව භයානකම රාක්ෂයා ගැනයි.
බැලූ බැල්මට රැළි වැටුණු අළු පැහැති ගල් ගොඩක් වගේ පෙනෙන මෙය, 1986 දී ඒ අසලින් තත්පර කිහිපයක් සිටි අයෙකුට පවා එක එල්ලේම මරණ වරෙන්තුව ලියා දුන් භයානක අමුත්තෙක්. ඒක හැඳින්වෙන්නේ "අලිගේ පාදය" නැත්නම් Elephant's Foot යන නමින්. ඒක සාමාන්‍ය ගලක්වත්, ස්වාභාවික ඛනිජයක්වත් නෙවෙයි, ඒ මිනිසා විසින් නොදැනුවත්වම නිර්මාණය කළ මරණයේ සංකේතයක් ලෙසයි සැලකෙන්නේ.
එදා පිපිරුමේදී, ප්‍රතික්‍රියාකාරකයේ හරය අධික උෂ්ණත්වයකින් දිය වී යාමත් සමඟ න්‍යෂ්ටික ඉන්ධන, වැලි, කොන්ක්‍රීට්, වානේ සහ ගොඩනැගිල්ලේ වෙනත් ද්‍රව්‍ය සියල්ල එකට දිය වෙලා ගලා ගියේ ගිනිකඳු ලාවා වගෙයි. මේ අසාමාන්‍ය මිශ්‍රණය කෘතිම විකිරණශීලී ලාවා විශේෂයක්. විද්‍යාඥයන් ඒක හඳුන්වන්නේ කෝරියම් / Corium විදියටයි.. සෙල්සියස් අංශක දහස් ගණනක් වෙන උෂ්ණත්වයක තිබූ මේ ද්‍රව්‍ය බිම් මහල් කිහිපයක් දිය කරමින් පහළට ගලා ගොස් අවසානයේ පහළ මාලයේ කාමරයක දැවැන්ත කළු පැහැති කුට්ටියක් විදියට තැන්පත් වුබා. එහි මතුපිට රැලි වැටුණු අලියෙකුගේ පාදයක සමට සමාන වුන නිසා තමයි ඒකට "අලි පාදය" කියන නම ලැබුණේ.
අනතුරෙන් මාස කිහිපයකට පසුව මේ ස්ථානයට ළඟා වුන විද්‍යාඥයන් සහ සේවකයන් දැකගත්තේ ලෝකයේ එතෙක් මිනිසා හමුවුන භයානකම විකිරණ මූලාශ්‍රවලින් එකක් බවයි. එවකට ඒක පැයකට රොන්ට්ජන් 10,000ක් පමණ විකිරණ නිකුත් කළ බව මැනගනු ලැබුවා. (රොන්ට්ජන් (Roentgen - R) කියන්නේ විකිරණශීලීතාව මැනීමට අතීතයේ භාවිත කළ සම්ප්‍රදායික මිනුම් ඒකකයක්.)
අපේ පරිසරයේ ස්වාභාවිකව තියෙන පසුබිම් විකිරණශීලීතාවය පැයට රොන්ට්ජන් 0.00002 (20 micro-Roentgens) වගේ ඉතාම සුළු අගයක්. ඒ අනුව, රොන්ට්ජන් 10,000ක ප්‍රමාණය මොනතරම් දරුණුද කිව්වොත්, එහි මිනිත්තු පහක් පමණ රැඳී සිටීමෙන් මාරාන්තික විකිරණ මාත්‍රාවක් ශරීරයට ඇතුළු වෙන්න පුලුවන් වගේම දින කිහිපයක් ඇතුළත අවයව අකර්මණ්‍ය වෙලා මරණයට පත්වීමේ අවදානම ඉතා ඉහළ වුනා. ඒ නිසා මේ ස්ථානයට මිනිසුන් යැවීම අතිශයින්ම සීමා කළ අතර, ඡායාරූප ගැනීම සඳහා භාවිත කළ දුරස්ථ කැමරා පවා දැඩි විකිරණ හේතුවෙන් විකෘති වෙලා ක්‍රියා විරහිත වුනා.
කෝරියම් කියන්නෙ ස්වාභාවිකව පෘථිවියේ ඇති ද්‍රව්‍යයක් නෙවෙයි. ඒක හටගන්නේ ඉතා විශාල න්‍යෂ්ටික අනතුරකදී පමණයි. චර්නොබිල්හි "අලි පාදය" විද්‍යාඥයන්ට ඉතා වටිනා අධ්‍යයන නිදර්ශනයක් වෙලා තියෙන්නේ අනාගත න්‍යෂ්ටික ආරක්ෂණ සැලසුම් සකස් කිරීමට සහ මේ වගේ අනතුරු අවම කර ගැනීමට එයින් ලැබෙන දැනුම නිසයි.
අද වන විට, අනතුර සිදුවෙලා දශක හතරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. දැන් මේ කෝරියම් කුට්ටිය බොහෝදුරට සිසිල් වෙලා ඇති අතර එහි විකිරණ මට්ටම 1986 වසරට සාපේක්ෂව සැලකිය යුතු තරමින් අඩු වෙලා තියෙනවා. ඒත් ඒක තවමත් මිනිසුන්ට අතිශය උග්‍ර හා මාරාන්තික අනතුරුදායක මට්ටමක පවතින අතර, ආරක්ෂිත උපකරණ නැතිව ඒකට සමීප වීම කිසිසේත්ම සුදුසු වෙන්නෙ නෑ. මොකද, විකිරණශීලී මූලද්‍රව්‍ය ක්‍රමයෙන් ක්ෂය වුනත්, ඒකෙ සමහර සංරචක සම්පූර්ණයෙන්ම ආරක්ෂිත මට්ටමකට පැමිණීමට වසර සිය ගාණක ඉඳලා දහස් ගණනක් දක්වා කාලයක් ගත වෙන්න පුලුවන්.
ඉතින් චර්නොබිල්හි "අලි පාදය" කියන්නෙ විද්‍යාත්මක කුතුහලය දනවන වස්තුවක් පමණක් නෙවෙයි. ඒක තාක්ෂණය මිනිස් ජීවිතයට අතිවිශාල ප්‍රයෝජන ගෙන දෙන්න පුලුවන් වුනත්, කුඩා අත්වැරදීමක් පවා මොන තරම් විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරන්න පුලුවන්ද කියලා සිහිපත් කරන නිහඬ සාක්ෂියක්. අදත් ඒක චර්නොබිල්හි අඳුරු භූගත කාමරයක නිහඬව පවතින්නේ, මිනිසාගේ දක්ෂතාවයත්, එහි වගකීමත් අතර ඇති සියුම් සීමාව අපට මතක් කර දෙමින්.
✍️ Timeline Tales ©
1 688
අද කාලේ තියෙන ඇමරිකානු M30A1 HIMARS කියන රොකට් එකක, ටංග්ස්ටන් වලින් හදපු යකඩ කෑලි ලක්ෂ 2 කට ආසන්න ප්‍රමාණයක් (182,000) තියෙනවා! මේක ඉලක්කයට අඩි 30 ක් උඩින් පිපිරුවාම, මුළු ප්‍රදේශයම ලෝහ කැබලි වැස්සකින් හෙල්ලිලා ගිහින් ටකරන් වහලවල් පවා දැලක් වගේ හිල් හිල් වෙලා යනවා.
අහසේ පුපුරන බෝම්බ වලට සාමාන්‍යයෙන් දාන්නේ වානේ හෝ ටංග්ස්ටන් වගේ ඝන යකඩ. මේවට පුළුවන් මිනිස්සුන්ගේ ඇඟවල් සහ වාහන පසාරු කරගෙන යන්න. හැබැයි ලෝක යුධ නීතියට අනුව, මේ බෝම්බ ඇතුළට ප්ලාස්ටික් හෝ වීදුරු කෑලි දාන එක සම්පූර්ණයෙන්ම නීති විරෝධියි! 🚫🔍
වීදුරුත් කැපෙනවානේ, ඉතින් ඇයි යකඩ වලට අවසර දීලා වීදුරු තහනම් කරන්නේ? හේතුව හරිම සරලයි වගේම මනුෂ්‍යත්වයට සම්බන්ධ දෙයක්. යුද්ධයකදී බෝම්බයක් පුපුරලා කෙනෙකුගේ ඇඟ ඇතුළට මේ කෑලි රිංගුවොත්, ඒ සොල්දාදුවාව බේරගන්න ඩොක්ටර්ස්ලා මුලින්ම කරන්නේ X-Ray එකක් ගන්න එක. යකඩ කෑලි X-Ray එකට පැහැදිලිව පේනවා, ඒ නිසා ලේසියෙන්ම ශල්‍යකර්මයක් කරලා අයින් කරන්න පුළුවන්.
හැබැයි, වීදුරු හෝ ප්ලාස්ටික් කෑලි X-Ray වලට පේන්නේ නෑ! ඉතින් මේවා ඇඟ ඇතුළට ගියොත්, ඩොක්ටර්ස්ලට ඒවා හොයාගන්නත් බෑ, අයින් කරන්නත් බෑ. ඒ සොල්දාදුවාට ජීවිත කාලය පුරාම විඳව විඳව ටික ටික මැරෙන්න සිද්ධ වෙනවා. යුද්ධයකදී වුණත් අනවශ්‍ය විදිහට වධ දෙන එක යුධ නීති වලට විරුද්ධයි. අන්න ඒ නිසයි බෝම්බ ඇතුළට වීදුරු දාන එක තහනම් කරලා තියෙන්නේ! (හැබැයි පුදුමෙකට වගේ, අර අවසර දීලා තියෙන ටංග්ස්ටන් ඇඟේ ගොඩක් කල් තිබුණොත් ඒකෙන් පිළිකා හැදෙනවා කියලත් හොයාගෙන තියෙනවා). ☢️🏥
Airburst බෝම්බ වගේම තවත් භයානක බෝම්බ ජාතියක් තමයි Cluster Bombs (පොකුරු බෝම්බ) කියන්නේ. මේවත් අහසේදී පුපුරනවා. හැබැයි මේවගෙන් විසිවෙන්නේ අර වගේ යකඩ කෑලි නෙවෙයි, මේවගෙන් විසිවෙන්නේ තවත් පොඩි බෝම්බ දහස් ගානක්! 💣💥
උදාහරණයක් විදිහට ඇමරිකානු CBU-97 බෝම්බය අහසින් දැම්මාම, ඒක ඇතුළෙන් තවත් ලොකු කෑලි 10 ක් එළියට එනවා. මේවා පැරෂුට් ඇරිලා බිමට එද්දී, ඒකෙන් තවත් පුංචි බෝම්බ 4 ගාණේ එළියට විසිවෙනවා. මේ පුංචි බෝම්බ වල තියෙන ලේසර් සහ අධෝරක්ත සෙන්සර් වලින් බිම තියෙන ටැංකි හොයාගෙන, උඩ ඉඳන් හරියටම ටැංකියට පහරදෙනවා!
මේ පොකුරු බෝම්බ වල ලොකුම ප්‍රශ්නය තියෙන්නේ යුද්ධය ඉවර වුණාට පස්සෙ. මේ බෝම්බ වලින් 1.5% ක් වත් බිමට වැටිලා පුපුරන්නේ නැතුව පස් යට හැංගිලා තියෙනවා. 2003 දී ඉරාකයට මේ බෝම්බ මිලියන 2 ක් දැම්මා. ඒ කියන්නේ අදටත් නොපුපුරපු බෝම්බ 30,000 ක් එහේ පස් යට තියෙනවා! ලාඕසය සහ වියට්නාමයට දාපු මේ වගේ බෝම්බ හින්දා, යුද්ධය ඉවර වෙලා අදටත් අහිංසක මිනිස්සු සහ ළමයි 60,000 කට වඩා මැරිලා සහ අත් කකුල් කැඩිලා තියෙනවා. අන්න ඒ නිසයි ලෝකයේ ගොඩක් රටවල් මේ Cluster Bombs සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. (හැබැයි ඇමරිකාව, රුසියාව වගේ ලොකු රටවල් තාම මේ තහනමට අත්සන් කරලා නෑ). 🚫🌍
අවසාන වශයෙන් කිව්වොත්, යුද්ධය කියන්නේ මහා විනාශයක්. තාක්ෂණය දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්ව මරන්න පාවිච්චි කරන ක්‍රම අතිශයින්ම බිහිසුණු වෙලා තියෙනවා. හැබැයි ඒ අස්සෙත් "වීදුරු පාවිච්චි නොකිරීම" වගේ පොඩි නීතියකින් හරි මනුස්සකම පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙන එකත් පුදුමයක්!
මේ මාරාන්තික බෝම්බ තාක්ෂණය සහ මේ අමුතු යුධ නීති ගැන ඔබට හිතෙන්නේ මොනවද? මීට කලින් ඔබ වීදුරු තහනම් කරපු කතාව ගැන අහලා තිබුණාද? ඔබේ අදහස් පහළින් අනිවාර්යයෙන්ම Comment කරන්න. ඒ වගේම මේ වටිනා තොරතුරු අනිත් අයටත් දැනගන්න Share කරන්න සහ ලිපියට Like එකක් දාන්නත් අමතක කරන්න එපා! 👇💬🔄
1 688
ගුවනින් දාන බෝම්බයක් පුපුරනවා කිව්වාම අපිට මතක් වෙන්නේ පොළොවේ වැදිලා ලොකු ගින්නක් එක්ක පුපුරන දර්ශනයක් නේද? හැබැයි යුධ පිටියේ තියෙන සමහර බෝම්බ, ඉලක්කයේ වදින්නේවත්, පොළොවේ වදින්නේවත් නෑ. ඒවා පුපුරන්නේ අහසේදීමයි! මේවට කියන්නේ "Airburst Rounds" (අහසේ පුපුරන බෝම්බ) කියලා.
හැබැයි පුදුමෙකට වගේ, ලෝකයේ යුධ නීති අනුව මේ වගේ බෝම්බ ඇතුළට යකඩ කෑලි දාන එක නීත්‍යානුකූල වුණත්, වීදුරු හෝ ප්ලාස්ටික් කෑලි දාන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. යකඩ වගේම වීදුරු කියන්නෙත් කැපෙන දෙයක්නේ, ඉතින් ඇයි යුද්ධයකදී වීදුරු විතරක් තහනම් කරන්නේ? අපි කතා කරමු යුධ පිටියේ තියෙන මේ මාරාන්තික "අහසේ පුපුරන බෝම්බ" වැඩ කරන්නේ කොහොමද සහ ඒවයේ තියෙන මේ අමුතු නීතියේ ඇත්තම කතාව ගැන. 💣✈️💥
ඇයි බෝම්බ අහසේදීම පුපුරවන්නේ? සාමාන්‍ය බෝම්බයක් ඉලක්කයක වැදුණාම, ඒකේ කම්පන තරංගය යන්නේ ඒ වැදුන තැනට විතරයි. මේක එක ටැංකියක් හෝ බංකරයක් විනාශ කරන්න හොඳයි. ☁️💥
හැබැයි සතුරන් ගොඩක් එළිමහනේ ඉන්නවා නම්, එහෙමත් නැත්නම් ඩ්‍රෝන් යානා රංචුවක් අහසින් එනවා නම්, ඒ හැමෝටම වෙන වෙනම වෙඩි තියන්න බෑ. අන්න ඒ වෙලාවට තමයි මේ Airburst බෝම්බ පාවිච්චි කරන්නේ. මේ උණ්ඩය සතුරා ඉන්න හරියට ගිහින් අහසේදීම ලොකු ශබ්දයක් එක්ක පුපුරනවා. එතකොට ඒක ඇතුළේ තියෙන යකඩ කෑලි දහස් ගාණක් මහා වැස්සක් වගේ විසිවෙනවා. මේ යකඩ වැස්සට අහුවෙන සාමාන්‍ය සොල්දාදුවන් සහ සැහැල්ලු වාහන ඔක්කොම එකපාර විනාශ වෙලා යනවා.
හැබැයි මේක හිතන තරම් ලේසි නෑ. මේ බෝම්බ හරියටම පුපුරන්න ඕන තැන ගණනය කිරීම තත්පරයකින් හරි වැරදුණොත්, මුළු ප්‍රහාරයම අපතේ යනවා. මේක කරන්න එක එක බෝම්බ වල එක එක ක්‍රම පාවිච්චි කරනවා.
1. ඉලක්කය මැනලා ටයිමරයක් සෙට් කිරීම ⏱️📏
උදාහරණයක් විදිහට Rheinmetall සමාගමේ "Skynex" කියන 35mm ගුවන් යානා නාශක තුවක්කුව වැඩ කරන හැටි බලමු. මේකෙන් ඩ්‍රෝන් යානා වලට කෙළින්ම වෙඩි තියන්නේ නෑ.
මුලින්ම තුවක්කුවේ තියෙන රේඩාර් එකෙන් සතුරු ඩ්‍රෝන් යානාවට තියෙන දුර මනිනවා. ඊටපස්සේ උණ්ඩය තුවක්කුවෙන් එළියට යන වේගය බලලා, හරියටම තත්පර කීයකින්ද උණ්ඩය ඩ්‍රෝනය ළඟට යන්නේ කියලා ගණනය කරනවා.
දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, එකම තුවක්කුවෙන් යවන උණ්ඩ උනත් ඔක්කොම එකම වේගයෙන් යන්නේ නෑනේ. රස්නය සහ වෙඩි බෙහෙත් ප්‍රමාණය අනුව උණ්ඩය එළියට යන වේගය සුළු වශයෙන් වෙනස් වෙනවා. මේකට විසඳුමක් විදිහට, මේ තුවක්කුවෙන් හැම උණ්ඩයක්ම එළියට යන තත්පරයේදීම ඒකේ වේගය මැනලා, තුවක්කුවේ කටේ තියෙන චුම්බක ක්ෂේත්‍රයක් හරහා උණ්ඩය ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රොනික ටයිමරයට වේලාව සෙට් කරනවා! මේ ඔක්කොම වෙන්නේ තත්පරයකින් දාහෙන් පංගුවක් වගේ සුළු වෙලාවකදී. 🤯 අන්තිමට ඒ හරියටම සෙට් කරපු වෙලාවේදී උණ්ඩය අහසේදී පුපුරනවා.
2. ඉලක්කය දැක්කම පුපුරන බෝම්බ (Proximity Fuses) 📡💥
ගුවන් යානා වලට ගහන සමහර ලොකු මිසයිල වල ටයිමරයක් නෑ. ඒවායේ තියෙන්නේ Proximity fuse එකක්. මේ මිසයිලයේ ඉස්සරහ තියෙන රේඩියෝ හෝ ඔප්ටිකල් සිග්නල් වලින්, ඉලක්කය කොච්චර ළඟද කියලා මනිනවා. ගුවන් යානාවට නියමිත දුරකට ආපු ගමන්, මිසයිලය ඉබේම පුපුරනවා!
මේක ගුවන් යානාවක කෙළින්ම වැදුණේ නැතත්, ළඟින් ගිහින් පිපිරුණත් ඇති. ඒකෙන් විසිවෙන යකඩ කෑලි වැදිලා ගුවන් යානාවේ එන්ජිමට සහ නියමුවාට ලොකු හානියක් වෙලා යානාව කඩාවැටෙනවා. ✈️🔥
3. බැරල් එක කැරකෙන වාර ගාණ ගණන් කරන බෝම්බ (Rotation Sensors) 🔄🌀
සමහර වෙලාවට සතුරන් ඉන්නේ තාප්පයකට පිටිපස්සේ, එහෙමත් නැත්නම් අගලක හැංගිලා. එතකොට සතුරාව රේඩාර් වලට පේන්නේ නෑ. මේකටත් අපූරු විසඳුමක් හොයාගෙන තියෙනවා.
ගොඩක් තුවක්කු බැරල් ඇතුළේ දඟර කපලා තියෙනවා. ඒ නිසා උණ්ඩය එළියට යන්නේ කැරකි කැරකී. මේ බැරල් එකේ දඟර ගාණ ස්ථිර නිසා, උණ්ඩය එක වටයක් කැරකුණාම ඒක ඉස්සරහට ගිය දුර හරියටම ගණනය කරන්න පුළුවන්.
මේ විශේෂිත 30mm උණ්ඩ ඇතුළේ මේ කැරකෙන ප්‍රමාණය ගණන් කරන සෙන්සරයක් තියෙනවා! ඉතින් තුවක්කුවෙන් දුර ගණනය කරලා මේ සෙන්සරයට දුන්නාම, ඒක කැරකෙන වට ගාණ ගණන් කරලා, හරියටම අර සතුරන් හැංගිලා ඉන්න අගලට උඩට ගියාම පිපිරෙනවා. මේකෙන් සතුරන්ට හැංගෙන්න කිසිම තැනක් නැතිවෙනවා. 🛡️💀
මේ බෝම්බ පිපිරුවාම විසිවෙන මාරාන්තික යකඩ කෑලි වලට ඉංග්‍රීසියෙන් කියන්නේ "Shrapnel" (ශ්‍රැප්නල්) කියලා. මේ වචනය ආවේ කොහොමද දන්නවද? 💣👤
1700 ගණන් වල අග භාගයේදී, බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු ලුතිනන් හෙන්රි ශ්‍රැප්නල් කියන කෙනා තමයි ඊයම් බෝල පුරවපු කුහර බෝම්බයක් මුලින්ම හැදුවේ. මේක තමයි ලෝකයේ පළවෙනි Airburst බෝම්බය. ඉතින් අදටත් මේ බෝම්බ වලින් විසිවෙන යකඩ කෑලි වලට කියන්නේ මේ හෙන්රි මහත්තයාගේ නම! (ඔහුගේ නම Henry Cox වගේ එකක් වුණා නම් අද අපි ඒ කෑලි වලට කොක්ස් කෑලි කියලා කියයි 😂).
1 688
ලතින් ඇමෙරිකාවේ අභිමානය !!!
නිදහසේ වෙනස්කරන්නන්ගෙන් පාපන්දුවේ දෙවිවරුන් දක්වා!
ලතින් ඇමෙරිකාව කියන්නේ නිකම්ම නිකම් මහද්වීපයක් නෙවෙයි. ඒක ආශාව, ශක්තිය, සහ අනභිභවනීය මිනිස් බලයේ ජීවමාන සංකේතයක්. ලෝක ඉතිහාසය සහ ක්‍රීඩා ලෝකය එකට යා කළ, එම පසෙන් බිහිවූ අසහාය චරිත හතරක් ගැනයි මේ මතකාවර්ජනය.
1. සයිමන් බොලිවාර් –
Simón José Antonio de la Santísima Trinidad Bolívar Palacios Ponte y Blanco
(සිමොන් හොසේ අන්තෝනියෝ ද ලා සන්තිසිමා ත්‍රිනිදාද් බොලිවාර් පලාසියෝස් පොන්තේ ඉ බ්ලැන්කෝ)
1783 ජූලි 24 (වෙනෙසුවේලාවේ කරාකස් නුවරදී)ඉපැදී
1830 දෙසැම්බර් 17 (කොලොම්බියාවේ සාන්ත මාර්තා හිදී මියයන විට වයස අවුරුදු 47කි)
ලතින් ඇමෙරිකාවේ විමුක්තිදායකයා
ලතින් ඇමෙරිකාව ස්පාඤ්ඤ කිරුළේ අධිරාජ්‍යවාදී බැමිවලින් නිදහස් කරගන්න පෙරමුණ ගත්තේ ඔහුයි.
"El Libertador" (විමුක්තිදායකයා) ලෙස හැඳින්වුණු සයිමන් බොලිවාර්, වෙනෙසියුලාව, කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු සහ බොලීවියාව වැනි රටවලට නිදහසේ අරුණලු උදාකර දුන්නා. ඔහු රටවල් විතරක් නෙවෙයි, මිලියන ගණනකගේ නිදහස් චින්තනයත් අවදි කළ නායකයෙක්.
2. පේලේ –
Edson Arantes do Nascimento
(එඩ්සන් අරන්තෙස් දො නසිමෙන්තෝ)
1940 ඔක්තෝබර් 23 (බ්‍රසීලයේ ත්‍රේස් කොරසොයිස් හිදී)ඉපැදී ,
2022 දෙසැම්බර් 29 (බ්‍රසීලයේ සංගෝ පවුලෝ හිදී මියයන විට වයස අවුරුදු 82කි
පාපන්දුවේ කිරුළ දැරූ රජු ,
Pérola Negra (කළු මුතු ඇටය / Black Pearl)
යුද බිමේ නිදහස වෙනුවෙන් සයිමන් බොලිවාර් සටන් කරද්දී, පාපන්දු පිටියේ ලෝකයම වසඟයට ගත්තේ බ්‍රසීලයේ පේලේය.පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ලෝක කුසලාන 3ක් දිනාගත් එකම ක්‍රීඩකයා වන ඔහු, පාපන්දුව කියන්නේ නිකම්ම ක්‍රීඩාවක් නෙවෙයි, ලස්සන කලාවක් ("The Beautiful Game") බව මුළු ලෝකයටම පෙන්නුවා.
3. ඩියේගෝ මැරඩෝනා – Diego Armando Maradona
(ඩියාගෝ අර්මැන්ඩෝ මැරඩෝනා)
1960 ඔක්තෝබර් 30 (ආජන්ටිනාවේ ලානුස් හිදී)ඉපැදී,
2020 නොවැම්බර් 25 (ආජන්ටිනාවේ ටිග්‍රේ හිදී මියයන විට වයස අවුරුදු 60කි)
ආර්ජන්ටිනාවේ අසංස්කෘතික ආශ්චර්යය
1986 ලෝක කුසලානය කිව් සැනින් මතක් වෙන්නේ මැරඩෝනාගේ ඒ අද්භූත පාපන්දු රටාවයි. "Hand of God" සහ "Goal of the Century" හරහා ඔහු පාපන්දු පිටිය තමන්ගේ අධිරාජ්‍යයක් කරගත්තා. ආර්ජන්ටිනා ජනතාවට මැරඩෝනා කියන්නේ නිකම්ම ක්‍රීඩකයෙක් නෙවෙයි, ඔවුන්ගේ අභිමානය වෙනුවෙන් සටන් කළ නායකයෙක්.
ෆෝක්ලන්ඩ් යුද්ධයේ තුවාලවලින් පීඩිතව සිටි තමන්ගේ ජාතියට මැරඩෝනා පාපන්දු පිටියේ පා පෑ පෙළහරින් ගෙන ආ ලෝක කුසලාන ජයග්‍රහණය හුදෙක් ක්‍රීඩා ජයග්‍රහණයක්ම නොව, රිදවුම් පිරුණු ආජන්ටිනා වැසියන්ගේ හදවත් සුවපත් කළ දිව්‍යමය ඖෂධයක් විය.
4. ලයනල් මෙසී – Lionel Andrés Messi
(ලියොනල් අන්ද්‍රෙස් මෙසී)
1987 ජූනි 24 (ආජන්ටිනාවේ රොසාරියෝ හිදී)උපත ලැබීය.
නූතන යුගයේ පාපන්දු දෙවියා ,
GOAT (Greatest Of All Time
මැරඩෝනාගෙන් පස්සේ ආර්ජන්ටිනාවේ සහ ලෝක පාපන්දුවේ කිරුළ හිස පළඳාගත්තේ මෙසී. සන්සුන්, නිහතමානී, නමුත් පිටිය ඇතුළේ ප්‍රතිවාදීන් අසරණ කරන ඔහුගේ පන්දුව හැසිරවීමේ හැකියාව අසමසමයි. 2022 ලෝක කුසලානය දිනාගනිමින් ඔහු පාපන්දු ඉතිහාසයේ සියලුම ප්‍රශ්නවලට පිළිතුර දුන්නා.
2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ආජන්ටිනාව 1-0ක් ලෙස (අතිරේක කාලයේදී) පරාජය වුවද, එමගින් ලියොනල් මෙසීගේ අසමසම පාපන්දු ශ්‍රේෂ්ඨත්වයට කිසිදා හානියක් සිදු වෙන්නේ නෑ..
ඉතින්....බොලිවාර් ලතින් ඇමෙරිකාවට නිදහසේ මාවත කැපූ රටවල, පේලේ, මැරඩෝනා සහ මෙසී පන්දුවෙන් කාව්‍ය ලීවෝය.
ඔවුන් සියලු දෙනාම එකම පසකින් බිහිවූ, ලෝකයම දිනූ ශ්‍රේෂ්ඨයන්ය.
සජී...
1 688
ඇමරිකානු B2 යානයක් මගින් හෙලන භූගත් බංකර විනාශ කිරීමේ බෝම්බය ක්‍රියා කරන ආකාර ඔබ දැන සිටියාද?👇
B-2 ස්පිරිට් (B-2 Spirit) රහසිගත (stealth) බෝම්බ හෙලන යානයකින් දමන, පොළොව යට සැඟවුණු බංකර කුඩුපට්ටම් කරන බෝම්බ ක්‍රියා කරන්නේ හරියටම "විද්‍යාත්මක හොලිවුඩ් චිත්‍රපටියක්" වගේ.
මේවාට කියන්නේ Massive Ordnance Penetrator (MOP) නැතහොත් GBU-57 කියලයි.
සාමාන්‍ය බෝම්බයක් පොළොවේ වැදුණු සැනින් පිපිරී යනවා. හැදෙන ඝන කොන්ක්‍රීට් තට්ටු, පස් සහ ගල් අතරින් රිංගා ගොස් පොළොව යට මීටර් ගණනක් ගැඹුරේ ඇති බංකරයක් විනාශ කරන්න සාමාන්‍ය බෝම්බයකට බැහැ.
එහෙනම් මේ බංකර නාශක බෝම්බ (Bunker Busters) ක්‍රියා කරන්නේ කොහොමද? සරල පියවර කිහිපයකින් බලමු,
1. අහස උසින් නිවැරදිම ඉලක්කයට (The Drop)
B-2 යානය අතිශය ඉහළ අහසේ සිට (සතුරන්ට නොපෙනී) මේ බෝම්බය මුදා හරිනවා. මේ බෝම්බයක් දිගින් අඩි 20ක් විතර වෙනවා වගේම කිලෝග්‍රෑම් 14,000කට වඩා බරයි! බෝම්බයේ ඇති GPS සහ ලේසර් පද්ධති මඟින්, එය හරියටම ඉලක්කය දෙසට ගමන් කරනවා.
2. ගුරුත්වාකර්ෂණයේ බලය සහ වේගය (The Kinetic Energy)
අතිශය බරැති මේ බෝම්බය ඉහළ අහසේ සිට පහළට වැටෙද්දී ශබ්දයේ වේගයට ආසන්න වේගයක් ලබා ගන්නවා. බෝම්බයේ බාහිර කවරය හදලා තියෙන්නේ ඉතාමත් ශක්තිමත් විශේෂිත වානේ මිශ්‍රණයකින් (Hardened Steel Alloy). මේ නිසා පොළොවේ වදින මොහොතේදී බෝම්බය කුඩු වෙන්නේ නැහැ.
3. පොළොව පසාරු කරගෙන යාම (The Penetration)
බෝම්බය කොන්ක්‍රීට් හෝ ගල් තට්ටුව මත වැදුණු සැණින් පිපිරෙන්නේ නැහැ. ඒ වෙනුවට, තමන් සතු අධික බර සහ වේගය (Kinetic Energy) පාවිච්චි කරලා, හරියට යෝධ ඇණයක් වගේ පොළොව පසාරු කරගෙන ඇතුළටම කිඳා බහිනවා.
ඝන කොන්ක්‍රීට් තට්ටු නම් අඩි 60ක් (මීටර් 18ක්) විතර වෙනකම් පසාරු කරන්න මීට පුළුවන්.
සාමාන්‍ය පස්/වැලි නම් අඩි 200ක් (මීටර් 60ක්) විතර ඇතුළට යනකම් විදින්න පුළුවන්.
4. ප්‍රමාදිත විලායකය (The Delayed Fuze - මොළකාරයා)
මේ බෝම්බයේ තියෙන වැදගත්ම කොටස තමයි Smart Fuse නැත්නම් බුද්ධිමත් විලායකය. බෝම්බය පස් සහ කොන්ක්‍රීට් හරහා ඇතුළට යද්දී මේ විලායකය "ගණන් කරනවා" දැන් පසු කළේ කොන්ක්‍රීට් තට්ටු කීයක්ද, දැන් තියෙන්නේ හිස් අවකාශයක් (බංකරය ඇතුළ) ද කියලා.
බෝම්බය නියමිත ගැඹුරටම ගිහින්, බංකරය ඇතුළටම රිංගුවාට පස්සේ තමයි මේ විලායකය විසින් බෝම්බය පුපුරුවා හරින්නේ.
5. ඇතුළතින්ම සිදුවන විනාශය (The Internal Blast)
හිතන්න, සංවෘත කාමරයක් ඇතුළේ ලොකු රතිඤ්ඤාවක් පත්තු කළොත් වෙන දේ? බංකරය ඇතුළතදීම බෝම්බය පිපිරෙන නිසා මුළු පිපිරුම් බලයම සහ අධික පීඩනය බංකරය ඇතුළේම හිරවෙනවා. මේ අධික කම්පන තරංගය (Shockwave) නිසා බංකරයේ ඇති සියලුම දේ තත්පර ගණනකින් අළු දූලි වී යනවා.
කෙටියෙන් කිව්වොත්: B-2 යානයෙන් දමන බංකර නාශක බෝම්බයක් කියන්නේ මුලින්ම "යෝධ විදුම් යන්ත්‍රයක්" වගේ ක්‍රියා කරලා සතුරාගේ ආරක්ෂිත වටපිටාව බිඳගෙන ඇතුළට යන, ඊටපස්සේ ඇතුළතදීම "මාරාන්තික බෝම්බයක්" බවට පත්වෙන තාක්ෂණික මෙවලමකටයි!
1 688
ඔබ දැනගත යුතුම කරුණු! 🔍🏥
අපි බොහෝ විට වෛද්‍යවරයෙකු වෙත ගිය විට විවිධ ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කෙරේ. මේවා ඇත්තටම මොනවාද සහ ඒවායෙන් කරන්නේ කුමක්දැයි සරලව දැනගනිමු.
🔴1. X-RAY
ක්‍රියා කරන ආකාරය: මෙය අඩු ශක්තියකින් යුත් X-කිරණ කදම්බයක් ශරීරය හරහා යවා ලබාගන්නා ද්විමාන (2D) රූපයකි.
වැදගත්කම: ඇටකටු බිඳීම් (Fractures), සන්ධි ප්‍රදාහයන් හෝ පෙනහළු වල ඇති වන මූලික වෙනස්කම් හඳුනා ගැනීමට මෙය හොඳම ක්‍රමයයි.
🔴2. MRI
ක්‍රියා කරන ආකාරය: මෙහිදී X-කිරණ භාවිතා නොකරන අතර, ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් සහ රේඩියෝ තරංග භාවිතයෙන් ශරීරයේ අභ්‍යන්තර අවයව වල ඉතා පැහැදිලි රූප ලබා ගනී.
වැදගත්කම: මොළය, කොඳු ඇට පෙළ, මාංශ පේශි සහ මෘදු පටක (Soft tissues) වල ඇති සියුම් හානි, ගෙඩි හෝ පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීමට මෙය ඉතාම සංවේදී පරීක්ෂණයකි.
🔴3. CT SCAN
ක්‍රියා කරන ආකාරය: මෙය X-කිරණ උපකරණයක් වන අතර, ශරීරය වටා වේගයෙන් භ්‍රමණය වෙමින් විවිධ කෝණවලින් රූප ලබාගෙන, පරිගණකයක් ආධාරයෙන් හරස්කඩ (Cross-sectional) රූප නිර්මාණය කරයි.
වැදගත්කම: හදිසි අනතුරු වලදී අභ්‍යන්තර රුධිර වහනයන්, අවයව වල තුවාල හෝ ශරීරයේ සංකීර්ණ කොටස් වල රෝග හඳුනා ගැනීමට මෙය ඉතා වේගවත් සහ කාර්යක්ෂම ක්‍රමයකි.
1 688
ලංකාවේ EV සහ Hybrid ක්ෂේත්‍රයේ BYD Atto 3 වගේම Sealion 5/6 කියන්නේ අතිශය ජනප්‍රිය වාහනනේ. හැබැයි මේ වාහන වල 2025 අලුත්ම නිෂ්පාදන වල (Upgraded/Facelifted Models) BYD සමාගම කරලා තියෙන ලොකුම විප්ලවීය වෙනසක් ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් තවමත් දැනුවත් නැහැ.
🔋 මොකක්ද මේ වෙනස?
පැරණි EV සහ Hybrid වාහන වල ඩෑෂ්බෝඩ්, ස්ක්‍රීන්, ලයිට්ස් වගේ දේවල් පණගන්වන්න ආපු කුඩා 12V ඇක්සලරි බැටරිය (Auxiliary Battery) වුණේ සාමාන්‍ය ඊයම්-අම්ල (Lead-Acid) බැටරියක්. ඒවා අවුරුද්දෙන් දෙකෙන් Dead වෙලා, මුළු වාහනයම පණගන්වා ගත නොහැකිව මඟහිටින ප්‍රශ්න ලෝකය පුරාම තිබුණා.
නමුත් අලුත්ම 2025 මාදිලි වල, BYD සමාගම ඒ සාමාන්‍ය 12V ලෙඩ්-ඇසිඩ් බැටරිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා! ❌
ඒ වෙනුවට ඔවුන් ලබා දීලා තියෙන්නේ ප්‍රධාන ධාවක බැටරියට පාවිච්චි කරන තාක්ෂණයම වන ලිතියම් අයන පොස්පේට් (Lithium Iron Phosphate - LFP) 12V බැටරියක්! 😎
📍 මේක තියෙන්නේ කොහේද?
කලින් මොඩල්ස් වල මේ 12V බැටරිය තිබුණේ ඉස්සරහා බොනට් එක ඇතුලේ (Front bay). නමුත් අලුත් ලිතියම් බැටරිය එහි ආරක්‍ෂාව වෙනුවෙන් BYD ඉංජිනේරුවන් මේක පිහිටුවලා තියෙන්නේ රියදුරු අසුන (Driving Seat) එක යටයි 🚗💨 (සමහර මාදිලි වල පසුපස අසුන යට).
💡 මේ අලුත් LFP 12V බැටරියේ තියෙන සැබෑ ප්‍රායෝගික වාසි මොනවාද?
1️⃣ දීර්ඝ ආයු කාලය (Super Long Lifespan): සාමාන්‍ය බැටරි වගේ ඉක්මනින් සවුත්තු වෙන්නේ නැහැ. මේ අලුත් LFP තාක්ෂණය නිසා සාමාන්‍ය බැටරියක් වගේ නිතර නිතර මාරු කරන්න වෙන්නේ නැහැ, වසර 8ක්-10ක් වැනි දිගු ආයු කාලයක් තියෙනවා.
2️⃣ බරින් ඉතා අඩුයි (Ultra Lightweight): සාමාන්‍ය 12V බැටරියකට වඩා බරින් ඉතාමත් අඩුයි වගේම කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළයි.
3️⃣ Smart BMS පාලනය (Intelligent Charging): වාහනය දින ගණනාවක් Off කරලා තියලා මේ 12V බැටරියේ චාර්ජ් එක අඩු වුණොත්, වාහනයේ තියෙන ලොකු Blade බැටරියෙන් ස්වයංක්‍රීයවම මේ කුඩා බැටරිය චාර්ජ් කරගන්නා "Intelligent Wake-up" තාක්ෂණය මේකේ තියෙනවා. (Vampire Drain ප්‍රශ්නය සදහටම ඉවරයි!)
මේක 12V බැටරියක් නිසා මේකට ප්‍රධාන බැටරියට වගේ අවුරුදු 8ක දිගු වගකීමක් (Warranty) ඒජන්ට්ලාගෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි තාක්ෂණය අතින් මේක සාමාන්‍ය බැටරි වලට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙනවා.
1 688
අභ්‍යවකාශයේදී උදේ පාන්දරට උණුසුම් කෝපි කෝප්පයක් බොන එක ඔයා හිතනවාට වඩා ගොඩක් අමාරු, ඇත්තටම කිව්වොත් සාමාන්‍ය විදිහට කරන්නම බැරි වැඩක්! ☕🚀
ගුරුත්වාකර්ෂණය නැති අභ්‍යවකාශයේදී (Zero Gravity) සාමාන්‍ය කෝප්පයකට කෝපි වැක්කෙරුවොත්, ඒ දියරය එක තැනක රැඳෙන්නේ නැතුව බෝලයක් වගේ වාතයේ පාවෙන්න පටන් ගන්නවා. මේක අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන මිල අධික ඉලෙක්ට්‍රොනික උපකරණවලට වගේම ගගනගාමීන්ගේ ආරක්ෂාවටත් ලොකු තර්ජනයක්. ඒ නිසා දශක ගණනාවක් තිස්සේ ගගනගාමීන්ට සිද්ධ වුණේ වැකුම් කරපු බෑග්වලට බට දාලා කෝපි බොන්නයි. 🧃👨🚀
..
අභ්‍යවකාශයේදීත් සාමාන්‍ය කෝප්පයකින් කෝපි බොන ලස්සන අත්දැකීම ලබාදෙන්න නාසා (NASA) ආයතනය අපූරු නිපැයුමක් සිදුකර තියෙනවා. ඒ තමයි "Space Cup" කියන විශේෂ කෝපි කෝප්පය! නාසා ගගනගාමී ඩොන් පෙටිට් (Don Pettit) සහ භෞතික විද්‍යාඥයින් කණ්ඩායමක් එකතු වෙලා තමයි මේක නිර්මාණය කළේ. මෙහිදී දියරය පාලනය කරන්න ගුරුත්වාකර්ෂණය වෙනුවට කේශාකර්ෂණ බලය (Capillary flow) සහ පෘෂ්ඨික ආතතිය (Surface tension) කියන විද්‍යාත්මක සිද්ධාන්තයන් පාවිච්චි කරලා තියෙනවා. 🧠✨
..
මේ කෝප්පය සාමාන්‍ය එකක් වගේ නෙවෙයි, පැත්තකින් උල් වුණු කඳුළු බිඳුවක හැඩයක් (Teardrop shape) තියෙන අතර එහි ඇතුළත බිත්තියේ සිහින් කණුවක් වැනි ඇලියක් සකස් කර තිබෙනවා. කෝපි කෝප්පයට දැමූ සැනින්, කෝපි දියරය සහ කෝප්පයේ බිත්තිය අතර ඇති වන ස්වාභාවික ඇලෙනසුලු බලය නිසා කෝපි ටික අර සිහින් ඇලිය දිගේ ඉහළටම ගමන් කරලා කෝප්පයේ කට අසල නතර වෙනවා. 🌊📊
..
ගගනගාමියෙක් තමන්ගේ තොල් කෝප්පයේ දාරයට තියලා එක උගුරක් බොද්දී, එතන තියෙන භෞතික සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඒ එක්කම කෝප්පයේ පතුලේ තියෙන කෝපි, අර ඇලිය දිගේ උඩට ඇදිලා ඇවිත් දිගටම කෝපි උගුරෙන් උගුර බොන්න අවස්ථාව හදලා දෙනවා. අවසන් කෝපි බිඳුව දක්වාම මේ ක්‍රමයට බොන්න පුළුවන්! 💡
..
සම්පූර්ණයෙන්ම අභ්‍යවකාශ කක්ෂයකදීම නිර්මාණය කරලා පේටන්ට් බලපත්‍රය (Patent) ලබාගත්තු ලොව ප්‍රථම නිෂ්පාදනය වෙන්නෙත් මේ අපූරු අභ්‍යවකාශ කෝප්පයයි. විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවන රටාව විශ්වය පුරා රැගෙන යන්න මේ නිපැයුම සමත් වෙලා තියෙනවා.
1 688
සූර්ය හා සුළං බලශක්තියේ ප්‍රයෝජනය උපරිම කිරීම, ජාතික විදුලි ජාලය වඩාත් ස්ථාවර කිරීම සහ පිරිසිදු බලශක්තිය මත පදනම් වූ අනාගතයක් ගොඩනැගීම සඳහා Battery Energy Storage Systems (BESS) අත්‍යවශ්‍ය තාක්ෂණයක් බවට පත්වෙමින් තිබේ.
ශ්‍රී ලංකාව හරිත බලශක්ති අනාගතයක් කරා ගමන් කරන මේ මොහොතේ, BESS යනු පුනර්ජනනීය බලශක්තිය සහ විශ්වාසදායක විදුලි සැපයුමයක පවතින වැදගත් සම්බන්ධයකි. 🌱
Sources
Public Utilities Commission of Sri Lanka (PUCSL). Study Report on Use of Battery Energy Storage Systems, November 2015.
GSL ENERGY. What is BESS (Battery Energy Storage System)? https://www.gsl-energy.com/
By Ask Rk
All rights reserved ©️
1 688
𝗕𝗮𝘁𝘁𝗲𝗿𝘆 𝗘𝗻𝗲𝗿𝗴𝘆 𝗦𝘁𝗼𝗿𝗮𝗴𝗲 𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀 (𝗕𝗘𝗦𝗦) – පුනර්ජනනීය බලශක්තියේ අනාගතය ශක්තිමත් කරන තාක්ෂණය
සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ශ්‍රී ලංකාවේ අද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒත්, මේ බලශක්ති ප්‍රභවයන්ගේ ප්‍රධාන අභියෝගයක් වන්නේ අපට අවශ්‍ය සෑම මොහොතකම ඒවා විදුලිය නිපදවන්නේ නැති වීමයි.
උදාහරණයක් ලෙස, සූර්ය පැනල මඟින් විදුලිය නිපදවන්නේ දිවා කාලයේ පමණයි. නමුත් වැඩිම විදුලි ඉල්ලුමක් ඇති වන්නේ බොහෝවිට සවස සහ රාත්‍රී කාලයේදීයි. මේ නිසා දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කිරීම විශාල අභියෝගයක් වෙනවා.
මෙම ගැටලුවට විසඳුම වන්නේ Battery Energy Storage System (BESS) ය.
1) 𝗕𝗘𝗦𝗦 යනු කුමක්ද? 🔋
Battery Energy Storage System (BESS) යනු, අතිරික්ත විදුලි ශක්තිය ගබඩා කර අවශ්‍ය අවස්ථාවේදී නැවත භාවිතයට ලබාදෙන බුද්ධිමත් පද්ධතියකි.
සරලවම කිවහොත්, දිවා කාලයේ නිපදවන සූර්ය බලශක්තිය "ඉතිරි කරගෙන" රාත්‍රී කාලයේදී හෝ විදුලි ඉල්ලුම වැඩි වන අවස්ථාවලදී භාවිතයට ලබාදෙන විශාල ප්‍රමාණයේ බැටරි පද්ධතියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
2) ශ්‍රී ලංකාවට 𝗕𝗘𝗦𝗦 වැදගත් ඇයි?
ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනයේ ඉහළම අවස්ථාව (Night Peak) සාමාන්‍යයෙන් සවස 6.30 සිට රාත්‍රී 10.30 අතර සිදුවන අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ගෘහස්ථ විදුලි පරිභෝජනයයි.
මෙම අවස්ථාවේදී BESS මඟින් දිවා කාලයේ ගබඩා කළ විදුලි ශක්තිය නැවත ජාලයට ලබාදිය හැකි අතර, එමඟින් ජාතික විදුලි ජාලයේ පීඩනය අවම කරමින් ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයේ අවශ්‍යතාවද අඩු කළ හැකිය.
එසේම, සූර්ය හා සුළං බලශක්තියෙන් නිපදවන අතිරික්ත විදුලිය අපතේ නොයවා ගබඩා කර පසුව භාවිතා කිරීමට හැකි වන නිසා, පුනර්ජනනීය බලශක්තියේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නැංවීමට BESS විශාල දායකත්වයක් ලබාදෙයි.
3) 𝗕𝗘𝗦𝗦 ක්‍රියා කරන්නේ කෙසේද?
BESS එකක ක්‍රියාකාරිත්වය ප්‍රධාන අදියර තුනකින් සමන්විත වේ.
• Charging – සූර්ය පැනල, සුළං බලාගාර හෝ ජාතික විදුලි ජාලයෙන් ලැබෙන අතිරික්ත විදුලිය බැටරි තුළ ගබඩා කරයි.
• Storage – ගබඩා කළ ශක්තිය ආරක්ෂිතව බැටරි මොඩියුල තුළ රඳවා තබා ගනී.
• Discharging – විදුලි ඉල්ලුම වැඩි වන අවස්ථාවලදී හෝ විදුලිය බිඳවැටීමකදී ගබඩා කළ ශක්තිය නැවත ජාලයට හෝ පාරිභෝගිකයන්ට ලබාදෙයි.
මෙම සම්පූර්ණ ක්‍රියාවලිය Battery Management System (BMS), Power Conversion System (PCS) සහ Energy Management System (EMS) මඟින් ස්වයංක්‍රීයව පාලනය වන අතර, එමඟින් BESS ඉතා කාර්යක්ෂමව සහ ආරක්ෂිතව ක්‍රියා කරයි.
4) 𝗕𝗘𝗦𝗦 එකක ප්‍රධාන කොටස්
Battery Energy Storage System එකක් බැටරියකින් පමණක් සමන්විත නොවේ. එය එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරන පද්ධති කිහිපයක එකතුවකි.
Battery Modules
විදුලි ශක්තිය ගබඩා කරන ප්‍රධාන කොටසයි. වර්තමානයේ බොහෝ BESS පද්ධතිවල ආරක්ෂාව සහ දිගු ආයු කාලය හේතුවෙන් Lithium Iron Phosphate (LiFePO₄) බැටරි භාවිතා කරයි.
Battery Management System (BMS)
බැටරියේ වෝල්ටීයතාව, උෂ්ණත්වය, ආරෝපණ මට්ටම සහ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ආරක්ෂිතව ක්‍රියාත්මක වීමට උපකාරී වේ.
Power Conversion System (PCS)
බැටරියේ ගබඩා වන DC (Direct Current) විදුලිය, නිවාස සහ ජාතික විදුලි ජාලය භාවිතා කරන AC (Alternating Current) බවටත්, අවශ්‍ය විට AC සිට DC බවටත් පරිවර්තනය කරයි.
Energy Management System (EMS)
පද්ධතියේ "මොළය" ලෙස හැඳින්වෙන EMS මඟින් විදුලි ඉල්ලුම, බලශක්ති නිෂ්පාදනය සහ බැටරියේ තත්ත්වය අනුව Charging සහ Discharging ස්වයංක්‍රීයව පාලනය කරයි.
Thermal Management System
බැටරි නියමිත උෂ්ණත්වයක පවත්වා ගැනීම මඟින් එහි කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ ආයු කාලය වැඩි කරයි.
5) BESS හි ප්‍රධාන වාසි
• සූර්ය හා සුළං බලයෙන් නිපදවන අතිරික්ත විදුලිය අපතේ නොයවා ගබඩා කරයි.
• සවස ඇතිවන Peak Demand අවම කරමින් විදුලි ජාලයේ පීඩනය අඩු කරයි.
• විදුලි ජාලයේ ස්ථාවරත්වය (Grid Stability) සහ විදුලි ගුණාත්මකභාවය (Power Quality) වැඩි දියුණු කරයි.
• විදුලිය බිඳවැටීම්වලදී Backup Power ලබාදෙයි.
• පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි ජාලයට තවදුරටත් ඒකාබද්ධ කිරීමට සහාය වේ.
• ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය මත ඇති අවශ්‍යතාව අවම කරයි.
6) 𝗕𝗘𝗦𝗦 භාවිතා වන ක්ෂේත්‍ර
අද වන විට BESS තාක්ෂණය ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල භාවිතා වේ.
• නිවාස සඳහා වූ Solar + Battery පද්ධති
• කර්මාන්තශාලා සහ වාණිජ ආයතන
• Utility-scale Energy Storage Projects
• Microgrids සහ Off-grid පද්ධති
• EV Charging Stations
පුනර්ජනනීය බලශක්තියේ අනාගතය තීරණය වන්නේ විදුලිය නිපදවන ප්‍රමාණයෙන් පමණක් නොව, එය අවශ්‍ය මොහොත දක්වා කාර්යක්ෂමව ගබඩා කර තැබීමේ හැකියාව මතයි.
1 688
ඔබ දන්නවාද?🤷♀
පායනකාලෙට මුල්වලින් ගැලවී රෝල්වෙමින් ජලය සොයායන අපූරු ශාකය... 😯
◾️ඇමරිකානු බටහිර ප්‍රදේශයේ බොහෝ විට දක්නට ලැබෙන ටම්බල්වීඩ්ස් ශාක වලට සිත්ගන්නාසුලු පසුබිම් කතාවක් ඇත.
පුදුමයට කරුණක් නම් මෙම ශාක ඇමරිකාවට ආවේණික නොවන නමුත් යුරේසියාවේ(ආසියාවේ සහ යුරෝපයේ) නිජබිම විය.
1870 ගණන්වලදී රුසියාවෙන් ගෙනා හණ ඇට හරහා ඒවා අහම්බෙන් එක්සත් ජනපදයට පැමිණ ඇත. රුසියානු thistles ලෙස හැඳින්වෙන මෙම ශාක දශක කිහිපයක් ඇතුළත අක්කර මිලියන ගණනක් ආවරණය කරමින් වේගයෙන් ව්‍යාප්ත විය.
සෑම ශාකයකටම ටම්බල්වීඩ්ස් බීජ 250,000 ක් දක්වා නිපදවිය හැකි අතර ඒවා ශාක ආක්‍රමණිකයන් බවට පත්වී ඇත...
ටම්බල්වීඩ්ස්ට ඉතා ඉක්මනින් අනුවර්තනය විය හැකි අතර ශුෂ්ක කාන්තාරවල සිට මාර්ග දෙපස දක්වා විවිධ පරිසරවල ඔවුන්ගේ බීජ විසුරුවා හැරීමේ ක්‍රමයට ඔවුන්ගේ මුල් වලින් වෙන් වී බිම හරහා පෙරළීම සහ ඒවා යන විට බීජ විසුරුවා හැරීමනිසා මේවා ඉක්මනින් ව්‍යාප්ත වේ..
මෙම ශාක බොහෝ විට කරදරයක් ලෙස සලකනු ලැබුවද ඒවාට පස ස්ථාවර කර කුඩා සතුන් සඳහා වාසස්ථාන සැපයිය හැකිය.
කෙසේ වෙතත් වියළි තත්වයන් තුළ ඒවා ගිනිගැනීම නිසා උවදුරක් බවට පත්විය හැකිය...
#everyonefollowers #follower #viralreelschallenge #fypシ゚ #highlight
