ගෝත්‍රිකයෝ
الذهاب إلى القناة على Telegram
♻️කාලීන දැනුමින් සන්නද්ධ ☢️ ♾️විසංවාද මන්ඩපය🇱🇰🇰🇼 Founder - @Abeysinghe2K
إظهار المزيد1 638
المشتركون
لا توجد بيانات24 ساعات
-17 أيام
-3430 أيام
أرشيف المشاركات
1 638
බලධාරීන්ගේ ඇස නොගැටුණු සීගිරි වලව්ව.
මෙම ගොඩනැගිල්ල පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී විශේෂයෙන්ම වැදගත් කරුණක් හමුවුණා. එනම්, මෙය ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ ඉතිහාසය හා මහත්මා ගාන්ධිගේ ශ්‍රී ලංකා සංචාරය සමඟ සම්බන්ධ ඓතිහාසික ස්ථානයක් වීමයි.
1. සීගිරිය වලව්වේ ඉතිහාසය
මෙම වලව්ව හලාවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝරයා (Corea) පවුලට අයත් පැරණි නිවසක්.
2014 වසරේ පළවූ පුවත් වාර්තාවකට අනුව මෙම වලව්ව වසර 175ක් පමණ පැරණි බව සඳහන් වෙනවා.
එම ගණනය අනුව මෙය දළ වශයෙන් 19 වැනි සියවසේ ඉදිකරන ලද්දක් විය හැකියි. නමුත් නිශ්චිත ඉදිකිරීම් වර්ෂය තහවුරු කරන ලේඛනයක් මට හමු වුණේ නැහැ. �
Vernon Corea 1927-2002
2. මහත්මා ගාන්ධිගේ සංචාරය
මෙම ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂීම ඓතිහාසික වටිනාකම වන්නේ ඉන්දියාවේ නිදහස් සටනේ නායකයකු වූ මහත්මා ගාන්ධි සමඟ ඇති සම්බන්ධතාවයයි.
1927 නොවැම්බර් මාසයේදී මහත්මා ගාන්ධි සිය බිරිඳ කස්තූර්බා ගාන්ධි සහ පිරිවර සමඟ ශ්‍රී ලංකාවට පැමිණියා.
එම සංචාරයේදී ඔවුන් හලාවත සීගිරිය වලව්වේ දින කිහිපයක් නවාතැන් ගෙන තිබෙනවා.
මෙම සංචාරය සඳහා ආරාධනා කර තිබුණේ C. E. Corea සහ Victor Corea යන අය බව සඳහන් වෙනවා.
එම අවස්ථාවේදී ගාන්ධිතුමා වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබෙනවා. �
Vernon Corea 1927-2002
3. කෝරයා පවුල සහ ශ්‍රී ලංකාවේ නිදහස් සටන
මෙම වලව්වට සම්බන්ධ කෝරයා පවුල ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ඉතිහාසයේ වැදගත් ස්ථානයක් හිමි කරගත් පවුලක්.
විශේෂයෙන්ම වික්ටර් කෝරයා (Victor Corea) ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ ක්‍රියාකාරී පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධයි.
ගාන්ධිතුමා විසින් 'Fighters for Swaraj' යන නාමය සහිත වර්ණවත් පෝස්ටරයක් වික්ටර් කෝරයා මහතාට තෑගි කර තිබූ බව ද ඉතිහාස සටහනේ සඳහන් වෙනවා.
එම පෝස්ටරයේ ඉන්දියාවේ ජාතික වීරයන්ගේ ඡායාරූප ඇතුළත් වී තිබූ අතර වික්ටර් කෝරයා මහතාගේ ඡායාරූපය ද එහි තිබූ බව වාර්තා වෙනවා. �
Vernon Corea 1927-2002
4. ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක විශේෂත්වය
ඔබ ලබාදුන් ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී පහත විශේෂතා හඳුනාගත හැකියි.
ගෝලාකාර හැඩැති කුලුනක් සහිත වහලය.
පැරණි යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට සමාන ලක්ෂණ.
අලංකාර කැටයම් සහිත කුලුනු කොටස්.
උසින් වැඩි පැරණි ජනේල.
පැරණි මැටි උළු සහිත වහලය.
මෙම ලක්ෂණ අනුව යටත්විජිත සමයේ යුරෝපීය ගෘහ නිර්මාණ ආභාසය සහිත වලව්වක් ලෙස හැඳින්විය හැකියි.
කෙසේ වෙතත්, මෙහි නිශ්චිත ගෘහ නිර්මාණ ශිල්පියා හෝ නිර්මාණ ශෛලිය පිළිබඳ තහවුරු කළ වාර්තාවක් හමු වී නැහැ.
5. පුරාවිද්‍යාත්මක වටිනාකම සහ සංරක්ෂණය
මෙහිදී මා සොයාගත් ඉතා වැදගත්ම ලේඛනයක් වන්නේ 2011 ජූලි 15 දිනැති ශ්‍රී ලංකා රජයේ අංක 1715 දරන ගැසට් පත්රයයි.
එහි අංක 19 යටතේ,
"The Koraya Walawwa known as 'Sigiri' house"
යනුවෙන් හලාවත නගරයේ පිහිටි මෙම ගොඩනැගිල්ල සඳහන් කර තිබෙනවා.
එය පුරාවස්තු ආඥාපනත යටතේ ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන ගොඩනැගිලි ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. මෙය ඉතා වැදගත් රාජ්‍ය ලේඛනගත කිරීමක්. කෙසේ වෙතත්, මෙම ගැසට් නිවේදනයෙන් පමණක් අවසන් නීතිමය ප්රකාශනය සිදු වූ බව තහවුරු කළ නොහැකියි. �
Documents Government Lanka
තවත් කනගාටුදායක කරුණක් වන්නේ 2014 වසරේදී නිධන් සෙවීමට පැමිණි පිරිසක් විසින් මෙම වලව්වට ඇතුළු වී එහි ඇතැම් කොටස් විනාශ කර වටිනා භාණ්ඩ සොරකම් කළ බවට පුවත් වාර්තා පළවී තිබීමයි. �
Vernon Corea 1927-2002
6. මෙම ගොඩනැගිල්ලේ සැබෑ ඓතිහාසික වැදගත්කම
මගේ අදහස අනුව සීගිරිය වලව්ව යනු හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් පමණක් නොවේ.
එය,
ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රභූ පවුල් ඉතිහාසය.
කෝරයා පවුලේ දේශපාලන හා සමාජ මෙහෙවර.
ශ්‍රී ලංකාවේ නිදහස් සටන.
මහත්මා ගාන්ධිගේ 1927 ශ්‍රී ලංකා සංචාරය.
එම යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය.
යන කරුණු එකට සම්බන්ධ කරන ඓතිහාසික ස්ථානයක්.
මා ඔබට යෝජනා කරන තවත් වැදගත් දෙයක්
මෙම වලව්ව පිළිබඳ තවත් ගැඹුරින් සොයා බැලීම වටිනවා.
විශේෂයෙන්ම කරුණු දෙකක් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගැනීම වැදගත්:
කෝරයා පවුලේ ඉතිහාසය: වික්ටර් කෝරයා, C. E. Corea සහ A. E. R. Corea යන පුද්ගලයන්ගේ සම්බන්ධතා සහ මෙම වලව්වේ හිමිකාරීත්ව ඉතිහාසය.
ගාන්ධිතුමාගේ සංචාරය: 1927 දී මෙම වලව්වේ පැවැත්වූ භෝජන සංග්‍රහයේ ඡායාරූප සහ එම සංචාරය පිළිබඳ පැරණි පුවත්පත් වාර්තා.
1 638
මතකද 2016 විතර වෙනකන් සමහර ක්‍රිකට් තරග වලදි Hot Spot කියලා තාක්ෂණයක් පාවිච්චි කරා? ඒ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළේ ලොකු ව්‍යාප්තියක් තිබුණ ඒ තාක්ෂණයට මොකද වුණේ,ඇයි දැන් දකින්න නැත්තේ?
අද කතා කරන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ ගොඩක් කතාබහට ලක් වුණ, ඒ වගේම දැන් ක්‍රිකට් පිටියේදී දකින්න නැති 'Hot Spot' තාක්ෂණය ගැන.
මේ තාක්ෂණයේ මුල්කාලීන ඉතිහාසය ගැන කිව්වොත් මේක ක්‍රිකට් වෙනුවෙන්ම හිතලා නිර්මාණය කරපු දෙයක් නෙවෙයි.මුලින්ම 1990 දශකයේ අග භාගයේදී සහ 2000 දශකයේ මුලදී පාවිච්චි කරේ හමුදා අවශ්‍යතා සඳහා.ඒ කියන්නේ යුධ ටැංකි සහ සටන් ගුවන් යානා සටන් බිමේදී ලුහුබදින්න තාපය සහ අධෝරක්ත කිරණ හඳුනා ගැනීමට තමයි මුල් කාලයේදි පාවිච්චි කරේ.
පස්සේ කාලෙක දකුණු අප්‍රිකානු සම්භවයක් තියන ඔස්ට්‍රේලියානු නව නිපැයුම්කරුවන් දෙපළක් වන Warren Brennan සහ ඔහුගේ බිරිඳ වන Catherina Brennan මේ හමුදා තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන විදිහට හැඩගැස්සුවා.
ක්‍රිකට් තරගවලට මේ තාක්ෂණය මුලින්ම එක් වුණේ 2006-07 වසරවල පැවැත්වුණ Ashes තරගාවලියේදී. මේ තරගාවලියේ විකාශකයින් වුණ ඕස්ට්‍රේලියාවේ Channel 9 නාලිකාව හරහා තමයි මුලින්ම භාවිතයට ආවේ.ඊට පස්සේ ලෝකය පුරාම ටෙස්ට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා මේ තාක්ෂණය පාවිච්චි කරන්න පටන් ගත්තා.විශේෂයෙන් ඔස්ට්‍රේලියාව,එංගලන්තය,දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වගේ රටවල් බහුලව භාවිත කරා.
මේකෙදි වුණේ පන්දුව පිත්තේ හරි පිතිකරුවාගේ අත්වැසුම්වල හරි ශරීරයේ වැදුනම ඇති වන ඝර්ෂණයෙන් හටගන්න ක්ෂණික කුඩා තාපය හොයාගන්න තාප සංවේදක,Heat Sensors සහ විශේෂ
අධෝරක්ත,Infrared කැමරා පාවිච්චි කරපු එක. ඊට පස්සේ පරිගණක තාක්ෂණය හරහා කළු-සුදු negative දර්ශන වලින් පන්දුව වැදුණු තැන සුදු පැහැති ලපයක් එහෙම නැත්තන් Hot Spot එකක් විදිහට තිරයට ගෙනාවා.ඒක අලුත් අත්දැකීමක් වුණාට, මේකත් එක්ක එක එක විදිහේ ආන්දෝලනාත්මක සිදුවීම් සහ තාක්ෂණික ගැටලුත් මතු වුණා.
පළවෙනි කාරණාව තමයි, අධික රස්නය සහ ආර්ද්‍රතාවය තියෙන කාලගුණික තත්ත්ව වලදී පිත්තේ ගෑවී නොගෑවී යන Fainter edges මේකට මඟහැරී යාමේ ඉඩකඩ තිබුණ එක.ඒ වගේම, පිත්තේ තියන Wood knots නිසාත් වැරදි දර්ශන පෙන්වන අවදානමක් තිබුණා.
ඊටත් වඩා බරපතලම කාරණය වුණේ, 2013 Ashes තරගාවලියේදී.මේ තරගාවලියේදී එංගලන්ත පිතිකරුවන් කිහිපදෙනෙක්,
විශේෂයෙන් කෙවින් පීටර්සන් වැනි ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මතභේද මතු වුණා. මේ තාක්ෂණයට අහුවෙන්නේ නැති වෙන්න ඔවුන් තමන්ගේ පිතිවල දාරවල silicon tape අලවගෙන හෝ වැස්ලින් තවරගෙන ආවා කියලා චෝදනා එල්ල වුණා.
මේ නිසා ක්‍රිකට් ලෝකය පුරා ලොකු කතාබහක් ඇති වුණා.කොහොමවුණත් එංගලන්ත කණ්ඩායම සහ අදාළ ක්‍රීඩකයින් මේ චෝදනා නම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා.ඒ වගේ සිදුවීම් එක්ක මේ තාක්ෂණයේ නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය ගැන බරපතල ප්‍රශ්න මතුවුණා.
මේ හැමදේකටම වඩා,තවත් අමතර ප්‍රශ්නයක් තිබුණා, ඒ පිරිවැය. Channel 9 ආයතනය සහ නිෂ්පාදකයින් අතර ඇති වුණ වාණිජමය සහ බලපත්‍ර ගිවිසුම් වල ගැටලු වගේම, මේ වගේ උසස් තාක්ෂණික කැමරා සහ පද්ධති හැම ක්රීඩාංගණයකම සවි කරන්න, පවත්වාගෙන යන්න ඩොලර් ලක්ෂ ගානක විශාල වියදමක් දරන්න සිද්ධ වුණා.
එක දිනයකට විතරක් ඩොලර් 10,000ක වියදමක් දරන්න වුණා කියලා තමයි කියන්නේ. මේ නිසාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා තරගාවලි වලට මේ වගේ අධික වියදමක් එක තාක්ෂණික දෙයක් වෙනුවෙන් දරන්න අකමැති වුණා.ඒත් එක්ක මේ තාක්ෂණය ටිකෙන් ටික පසුබෑමකට ලක් වුණා.
ඉතින් මේ තාක්ෂණික අඩුපාඩු, මතභේද වගේම විශේෂයෙන්ම දැරිය නොහැකි තරමේ අධික පිරිවැය කියන හැම හේතුවක්ම එකතු වෙලා අවසානයේදී මේ තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්‍රමයෙන් ඉවත් කරලා දැම්මා,
2016න් පස්සේ එතරම් භාවිතයට නොගන්න තරම්.
ඔයාලා මොකද හිතන්නේ,කවදාහරි දවසක ආයේ මේ තාක්ෂණය ආයෙත් ක්‍රිකට් පිටියේ දකින්න ලැබෙයිද?
Hashi 🖋️
#hotspot #hotspotcricket #crickettechnology #cricket #hashiwijesinghe
1 638
මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?
මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?
බුදුරජාණන් වහන්සේ : හොඳයි.මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?
මානවකය : ඔව්, ඉන්නවා.
බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?
මානවකය : ඔව්. ඉන්නවා.
බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?
මානවකය : ඉන්නවනේ හිමියනි.
බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?
මානවකය : එසේය හිමියනි.
බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?
මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා.
ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ
බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද? ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )
මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.
බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?
මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා
මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.
බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?
මානවකය : ඔවුනේ ස්වාමීනි.
බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?
මානවකය : නෑ ස්වාමීනි.
බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?
මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.
ඔබට දැන් වැටහුනා නේද ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්.. ඔබත් මේ මහත් දිගු සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත් අතර වෙනසක් නැත්තේමය....🍃
-karma-කර්ම
1 638
සිරිල් අරලගන්විල ZD8 ගොවිජනපද ව්‍යාපාරයේ ගොවියෙක්.
හරිහමං අධ්‍යාපනයක් නොලැබුවත් සිරිල් තමන්ගේ එකම දියණියට හොද අධ්‍යාපනයක් ලබා දෙනවා.
මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන දුව ආයේ අරලගංවිල එන්නෙ නෑ
සිරිලුයි සිරිල්ගේ ආදරණීය හාමිනේ රන්මැණිකයි ගමේ තනි වෙනවා.
ටික කාලෙකින් රන්මැණිකත් සිරිල්ව දාල යන්නේ රජරට කුප්‍රකට හදුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වීමෙන්.
ගමේ ගෙදර තට්ට තනියම ජීවත් උන සිරිල්ගේ තනිකම මැකුව එකම ප්‍රාණියා සිරිල් හිටවපු කොමඩු ගෙඩිය වට්ටක්කා ගෙඩිය කාල බඩ පුරවගන්න ආපු ඇතින්න
ඒ සතාට සිරිල් නමක් දානවා "රන්මැණිකා"
ජීවිතේ තනිකම උරුම උන ඈත අරලගංවිල සිරිල්ට මේ සතා මානසික සැනසිල්ලක් ගේන්න ඇති.
ඒත් ඒ සැනසිල්ලට වැඩි ආයුශ තිබුනෙ නෑ.
රන්මැණිකා ඇතින්න ZD8 ඇළට වැටිලා මැරිලා යනවා.
ZD8 කියන්නේ අලි වැටිලා අනතුරට පත් වෙන්න ප්‍රසිද්ධ ඇලක්.
කලින් මේක නවත්තන්න විදුලි වැටක් ඉදි කරන්න මුදල් අනුමත වෙනවා.
නමුත් සුපුරුදු පරිදි නිලධාරී දූශණය ක්‍රියාත්මක වෙලා හරි හමං විදුලි වැටක් ඉදි වෙන්නෙ නෑ.
සිරිල් දන්නවා විදුලි වැට ගහන්න වෙන් කරපු මුදල් වංචා කරපු නිලධාරියා.
වැරදිකාරයෝ මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා
නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා.
වැරදි කාරයින්ට දඩුවමක් නෑ
තමන්ගෙ තනිකම මකපු මානසිකව ගනුදෙනු කරපු සතාව මරණෙට තල්ලු කරපු රජයේ නිලධාරියා නිදැල්ලේ.
සිරිල් නීතිය අතට ගන්නවා.
සිරිල් නඩුව විභාග කරනවා
සිරිල් දඩුවම් දෙනවා
නිළධාරීයා ඝාතනය වෙනවා........
ඒ වරදට සිරිල් ජීවිතාන්තය දක්වා හිරේට යනවා.
සිරිල් වැඩි කාලයක් හිරේ ඉන්නේ නෑ මාස දහයක් වගේ කාලයකින් සිරිල් මිය යනවා වයස 75 දි. උපුටාගැනීමකි. Inktober Day 22 BEACON
.
#inktober #inktoberday22 #inktober2026 #explorepage #charithaattalage
1 638
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (US Department of Defense / AARO) සහ NASA ආයතනය විසින් මෑතකදී නිල වශයෙන් හෙළිදරව් කරන ලද (Declassified) අතිශය රහස්‍ය UFO සහ UAP වාර්තා ඇසුරින් සකස් කළ පර්යේෂණාත්මක ලිපි මාලාවේ පළමු ලිපි දහය 🛸👽
මේ කිසිවක් මනඃකල්පිත රසබර කතා නොවෙයි, නිල රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවිඩ, හමුදා නියමුවන්ගේ වාර්තා සහ ගගනගාමීන්ගේ සජීවී ගුවන් විදුලි සංවාද මත පමණක් පදනම් වූ සත්‍ය තොරතුරු වේ.
සම්පූර්ණ ලිපි මාලාව පහත Links හරහා කියවන්න:
🛸 1 වන ලිපිය: ඇමරිකානු අහසේ දර්ශනය වූ අභිරහස් ආලෝක ගෝල සහ සරුංගල් හැඩැති යානා
බටහිර ඇමරිකාවේ හමුදා නියෝජිතයින් විසින් නිරීක්ෂණය කරන ලද අසාමාන්‍ය හැඩැති යානා 4ක් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-1.html
🚁 2 වන ලිපිය: ඇමරිකානු හමුදා හෙලිකොප්ටරයක් ලුහුබැඳ ගිය අද්භූත ආලෝක ගෝලය
අධික වේගයකින් ගමන් කරමින් හමුදා යානාවලට අභියෝග කළ "Super-hot" UFO වස්තුව පිළිබඳ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකුගේ හෙළිදරව්ව.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-2.html
📡 3 වන ලිපිය: 1985 පැපුවා නිව්ගිනියා ගුවන් කලාපය කැළඹූ අධිවේගී යානා
මහජනතාව බියට පත් කරමින්, රේඩාර් පද්ධතිවල සටහන් වෙමින් රාත්‍රී අහසේ දර්ශනය වූ යානා 6ක් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික වාර්තාව.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-3.html
✈️ 4 වන ලිපිය: කසකස්තානයට ඉහළින් මගී ගුවන් යානයකට මුහුණදීමට සිදුවූ අත්දැකීම
අඩි 41,000ක් ඉහළින් පියාසර කළ Boeing 747 යානයක් අසලින් අධිවේගයෙන් ගමන් කළ, උණ්ඩයක හැඩැති අසාමාන්‍ය ආලෝකය.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-4.html
💥 5 වන ලිපිය: ජෝර්ජියාවට බෝම්බ හෙලුවේ රුසියාවද? නැතිනම් UFO යානා ද?
2001 වසරේ කොඩෝරි දුර්ගයට බෝම්බ හෙලූ යානා තමන්ගේ නොවන බවට රුසියාව කළ ප්‍රකාශය සහ ඊට සම්බන්ධ වූ UFO අභිරහස.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-5.html
🏢 6 වන ලිපිය: ටර්ක්මෙනිස්තානයේ ක්‍රියාත්මක වන පිටසක්වල ජීවය සොයන අබිරහස් NGO සංවිධානය
ඇමරිකානු තානාපති කාර්යාලයේ විශ්වාසය දිනාගත්, නමුත් UFOs සහ පිටසක්වල ජීවය ගැන පර්යේෂණ කරන සුවිශේෂී සංවිධානයක කතාව.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-6.html
👽 7 වන ලිපිය: මෙක්සිකානු කොංග්‍රසය හමුවට ගෙන ආ පිටසක්වල යැයි කියන මළ සිරුරු
2023 වසරේ ලෝකයම කතා කළ, පිටසක්වල ජීවීන්ගේ යැයි කියන සිරුරු දෙකක් කොංග්‍රසයට ඉදිරිපත් කිරීම සහ හිටපු හමුදා නියමුවන්ගේ සාක්ෂි.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-7.html
🌕 8 වන ලිපිය: ඇපලෝ 12 මෙහෙයුමේදී ගගනගාමීන් දුටු හඳුනා නොගත් වස්තූන්
සඳ ගමන අතරතුර අභ්‍යවකාශගාමීන් දුටු ආලෝක අංශු සහ NASA ආයතනය විසින්ම උද්දීපනය කර නිකුත් කළ නිල ඡායාරූප 5ක රහස්.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-8.html
🚀 9 වන ලිපිය: ලෝක ඉතිහාසය වෙනස් කළ ඇපලෝ 11 ගමනේ සැඟවුණු රහස්‍ය වාර්තා
සඳ වෙත යන අතරමගදී නීල් ආම්ස්ට්‍රෝං ඇතුළු පිරිස දුටු "හිස් සිලින්ඩරය" සහ යානය තුළ දිස්වූ අද්භූත ආලෝක ධාරා.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-9.html
📸 10 වන ලිපිය: ඇපලෝ 17 මෙහෙයුම පුරාවටම සටහන් වූ අද්භූත ආලෝක සහ ඡායාරූප
පෘථිවි ඉතිහාසයේ අවසන් කාර්ය මණ්ඩල සඳ ගමනේදී වාර්තා වූ අසාමාන්‍ය UV වර්ණාවලි සහ කැමරාවේ සටහන් වූ අබිරහස් ත්‍රිකෝණාකාර තිත් තුන.
🔗 https://sinhalalipi.com/2026/05/us-dod-ufo-incident-reports-part-10.html
සේරම කියවලා ඔයාගේ අදහස පහළින් Comment කරන්න. යාලුවන්ටත් බලන්න පෝස්ට් එක Share කරන්න අමතක කරන්න එපා!
#UFO #UAP #Declassified #USDOD #NASA #SpaceMysteries #aliens #ApolloMissions #SinhalaTech #sinhalalipi #SpaceResearch #sinhalanews #InternationalNews
1 638
ජර්මනියේ භූගත ලුණු ගුහා (salt caverns) භාවිතා කරමින් අතිරික්ත සුළං සහ සූර්ය බලශක්තිය ගබඩා කර තබාගැනීමේ අපූරු ක්‍රමවේදයක් ගැන අලුත්ම පුවතක් වාර්තා වෙනවා.
මේ ක්‍රමයේදී සිදු වෙන්නේ අතිරික්ත විදුලිය භාවිතයෙන් භූගතව ඇති වාතය අධික පීඩනයකට ලක් කර ගබඩා කර තැබීමයි. පසුව සූර්යාලෝකය හෝ සුළඟ නැති අවස්ථාවලදී එම පීඩනගත වාතය නැවත නිදහස් කරමින් විදුලිය උත්පාදනය කිරීමට යොදාගනු ලබනවා.
ලිථියම්-අයන් (Lithium-ion) බැටරි වගේ නෙවෙයි, මේ තාක්ෂණය සඳහා දුර්ලභ ලිථියම් ලෝහය අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙය ක්‍රියාත්මක කිරීමට විශේෂිත උපකරණ සහ යම් බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
ජර්මනියේ හන්ටෝෆ් (Huntorf) ප්‍රදේශයේ මේ වගේ පීඩනගත වායු බලශක්ති ගබඩා කිරීම සම්බන්ධයෙන් දශක ගණනාවක පූර්ව අත්දැකීම් තිබුණත්, Augwind සමාගමේ 'AirBattery' ව්‍යාපෘතිය වැනි නව යෝජනා තවමත් පවතින්නේ සංවර්ධන මට්ටමේ නිසා, ඒවා සැබවින්ම දැනට ක්‍රියාත්මක වන ධාරිතාවන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම වැදගත් වෙනවා.
#GreenEnergy #RenewableEnergy #Germany #CleanTech #EnergyStorage
1 638
ජර්මනියේ භූගත ලුණු ගුහා (salt caverns) භාවිතා කරමින් අතිරික්ත සුළං සහ සූර්ය බලශක්තිය ගබඩා කර තබාගැනීමේ අපූරු ක්‍රමවේදයක් ගැන අලුත්ම පුවතක් වාර්තා වෙනවා.
මේ ක්‍රමයේදී සිදු වෙන්නේ අතිරික්ත විදුලිය භාවිතයෙන් භූගතව ඇති වාතය අධික පීඩනයකට ලක් කර ගබඩා කර තැබීමයි. පසුව සූර්යාලෝකය හෝ සුළඟ නැති අවස්ථාවලදී එම පීඩනගත වාතය නැවත නිදහස් කරමින් විදුලිය උත්පාදනය කිරීමට යොදාගනු ලබනවා.
ලිථියම්-අයන් (Lithium-ion) බැටරි වගේ නෙවෙයි, මේ තාක්ෂණය සඳහා දුර්ලභ ලිථියම් ලෝහය අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙය ක්‍රියාත්මක කිරීමට විශේෂිත උපකරණ සහ යම් බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
ජර්මනියේ හන්ටෝෆ් (Huntorf) ප්‍රදේශයේ මේ වගේ පීඩනගත වායු බලශක්ති ගබඩා කිරීම සම්බන්ධයෙන් දශක ගණනාවක පූර්ව අත්දැකීම් තිබුණත්, Augwind සමාගමේ 'AirBattery' ව්‍යාපෘතිය වැනි නව යෝජනා තවමත් පවතින්නේ සංවර්ධන මට්ටමේ නිසා, ඒවා සැබවින්ම දැනට ක්‍රියාත්මක වන ධාරිතාවන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම වැදගත් වෙනවා.
#GreenEnergy #RenewableEnergy #Germany #CleanTech #EnergyStorage
1 638
Mikhail Kalashnikov 2013 දී වයස අවුරුදු 94ක් වෙලා ලුතිනන් ජෙනරාල් කෙනෙක් විදිහට මිය ගියා. පුටින් පවා එයාගේ අවමඟුලට ආවා. හැබැයි පුදුමෙකට වගේ, ලෝකේ වැඩියෙන්ම විකිණුන ආයුධය හැදුවත් එයාට මේකෙන් සත පහක්වත් හම්බවුණේ නෑ! (මොකද 1947 සෝවියට් දේශයේ හැමදේම අයිති වුණේ රජයට). 😢
ජීවිතයේ අන්තිම කාලෙදි එයා ලොකු මානසික පීඩනයකින් හිටියේ. එයා අතින් හැදුන මේ ආයුධය නිසා ලෝකේ මිලියන ගණනක් අහිංසක මිනිස්සු මැරුණා නේද කියන දුක එයාගේ හිතේ ලොකුවටම තිබුණා.
AK-47 රයිෆලය කවදාවත් මිය යන්නේ නැත්තේ ඒක ලෝකේ තියෙන නිවැරදිම, බලවත්ම, හරි ලස්සනම ආයුධය නිසාවත් නෙවෙයි. ඒක කිසිම දවසක, කිසිම වෙලාවක හිර වෙන්නේ නැතුව "වැඩ කරන" නිසා. ලෝකේ පුරා මිලියන 100කට වඩා තියෙන මේ තුවක්කුව අවුරුදු 80ක් තිස්සේ නොනැසී පවතින්නේ ඒකේ තියෙන සරල බව සහ රළු බව නිසා. 1944 දී ඉස්පිරිතාල ඇඳක හිටපු සෙබළෙක් ඇඳපු පොඩි ස්කෙච් එකකින් පටන් ගත්ත මේ තුවක්කුව, අද යුක්රේනයේ මඩ අගල් දක්වාම ඇවිත් තියෙනවා. ලෝකේ කොච්චර දියුණු වුණත්, මේ කළු යකඩ යක්ෂයා කවදාවත් විශ්‍රාම යන්න නම් ලෑස්ති නෑ! 🎯
🔥 ඔබට හිතෙන දේ කියන්න!
මිහායිල් කලාෂ්නිකොව් තමන්ගේ රට බේරගන්න හදපු මේ ආයුධය අන්තිමේදී ලෝකේ පුරාම ත්රස්තවාදීන්ගේ සහ අපරාධකරුවන්ගේ ප්‍රධානම ආයුධය බවට පත්වුණා. ඔයා හිතන්නේ කලාෂ්නිකොව් මේක නිර්මාණය කරපු එක ලෝකෙට කරපු විනාශයක්ද? නැත්නම් ඒක තාක්ෂණික මාස්ටර්පීස් එකක්ද? 👇 පල්ලෙහායින් කමෙන්ට් කරලා අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස කියන්න!
මේ වගේ ලෝක ඉතිහාසයේ හැංගිලා තියෙන මාරම කතා සරලව සිංහලෙන් දැනගන්න, මේ Article එකට අනිවාර්යයෙන්ම Like එකක් දාලා, ඔයාගේ යාළුවොත් එක්කත් Share කරන්න! ❤️🚀
1 638
⚬ උණ්ඩය: මේකට පාවිච්චි කරන්නේ 7.62x39mm කියන මධ්‍යම ප්‍රමාණයේ උණ්ඩය. මේක NATO 7.62 උණ්ඩය එක්ක පටලගන්න එපා.
⚬ මැගසින් එක: උණ්ඩ 30ක් දාන්න පුළුවන් වක් වෙච්ච මැගසින් එක. මේක වක් වෙලා තියෙන්නේ ලස්සනට නෙවෙයි. මේ උණ්ඩ හැඩයෙන් ටිකක් කේතුවාකාරයි. ඉතින් උණ්ඩ 30ක් කෙලින් මැගසින් එකකට දැම්මොත් ඒක හිරවෙනවා! ඒකයි මේ වක් වෙච්ච හැඩය ආවේ.
⚬ බර සහ දිග: මුලින් මේක කිලෝ 4.3ක් බර වුණත්, පස්සේ කාලෙක ආපු Stamped AKM වර්ෂන් එක කිලෝ 3.5කට අඩු වුණා. දිගින් අඟල් 34.6ක් වෙන මේකේ බැරල් එක අඟල් 16.3ක් දිගයි.
⚬ වේගය: විනාඩියකට උණ්ඩ 600ක් වෙඩි තියන්න පුළුවන්. මීටර් 300ක් දුරට මාරම නිවැරදිව ගහන්න පුළුවන්.
⚬ සිලෙක්ටර් ස්විච් එක (Selector switch): මේක මාරම ස්මාර්ට් ඩිසයින් එකක්. මේ ස්විච් එකම තමයි තුවක්කුව ඇතුළට දූවිලි යන එක වළක්වන ඩස්ට් කවර් එක. සාමාන්‍යයෙන් තුවක්කුවක Safe ඉඳන් පල්ලෙහාට දාද්දී මුලින් එන්නේ Single shot, ඊටපස්සේ Full Auto. හැබැයි AK එකේ Safe ඉඳන් පල්ලෙහාට දාද්දී මුලින්ම එන්නේ Full auto, ඊටපස්සේ තමයි Single Shot (Semi) එන්නේ. යුද්ධයකදී කලබල වෙලා ඉන්න සෙබළෙක් එකපාරටම ස්විච් එක පල්ලෙහාටම කඩලා දානවා. එතකොට එන්නේ Single Shot. ඒකෙන් අනවශ්‍ය විදිහට උණ්ඩ ඔක්කොම එකපාර ඉවර වෙන එක වැළකෙනවා!
කලින් මම කිව්වා මතකද "Build it loose" කියලා? ලෝකේ අනිත් තුවක්කු හදන ඉංජිනේරුවෝ තුවක්කුවේ කෑලි අතර පරතරය අඟලෙන් දහසෙන් පංගුවක් විතර තියලා හරිම තදට හදද්දී, කලාෂ්නිකොව් කළේ මේකේ කෑලි බුරුලට හදපු එක. තුවක්කුව හොල්ලද්දී ඇතුළේ කෑලි වදින සද්දේ පවා ඇහෙනවා! 🛡️💪
මේක පිස්සුවක් වගේ පෙනුණත්, මේක තමයි ලෝකේ ලොකුම මාස්ටර්පීස් එක. මොකද මඩ, වැලි, දූවිලි, ලේ, නැත්නම් මිදිලා ගියපු තෙල් මේ තුවක්කුව ඇතුළට ගියත් තුවක්කුව හිරවෙන්නේ නෑ. කුණු රොඩු වලට හිරවෙන්න තරම් තදට කෑලි හදලා නැති නිසා මේක කොහොමහරි වැඩ කරනවා!
මේකේ නියම ප්‍රතිඵලය ලෝකෙටම පෙනුණේ වියට්නාම් යුද්ධයේදී. ඇමරිකානු හමුදාව අති නවීන M16 තුවක්කු අරන් වියට්නාම් කැලෑවට ආවා. හැබැයි කැලෑවේ තියෙන මඩයි, තෙතමනයයි නිසා M16 තුවක්කු හිරවෙලා ඇමරිකානු සෙබළු දහස් ගාණක් මැරුණා. හැබැයි වියට්කොං ගරිල්ලෝ මාස ගාණක් මඩ වළවල් වල, උමං ඇතුළේ හංගලා තිබුණ AK-47 තුවක්කු අරන් ඇවිත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඇමරිකාවට ගැහුවා! තත්ත්වය කොච්චර දරුණු වුණාද කිව්වොත්, සමහර ඇමරිකානු සෙබළු තමන්ගේ M16 එක වීසි කරලා සතුරන්ගේ AK-47 අරගෙන සටන් කළා!
ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ බෝඩරේ තියෙන "කයිබර් පාස්" කියන ප්‍රදේශයේ ඉන්න මිනිස්සු, මැටි ගෙවල් අස්සේ ඉඳන් යකඩ කෑලි පීරි ගාලා මේ AK-47 තුවක්කුව කොපි කරලා හදනවා. ඒවත් කිසිම ප්‍රශ්නයක් නැතුව වෙඩි තියන්න පුළුවන් මට්ටමේ තියෙනවා!
(අපේ ශ්‍රී ලංකාවේ යුද්ධයේදීත් LTTE එක සහ ලංකාවේ හමුදාව වැඩියෙන්ම පාවිච්චි කළේ T-56 කියන ආයුධය. මේක ඇත්තටම AK-47 එකේ චීන කොපියක් (Type 56 Chinese version). ලංකාවේ කැලෑබද යුද්ධයටත් මේක මාරම විදිහට ගැළපුණා).
කාලය යද්දී මේක තවත් දියුණු වුණා. 🔄📈
⚬ AKM (1959): ෂීට් මෙටල් වලින් හදපු බර අඩු වර්ෂන් එක . ලෝකයම ආක්‍රමණය කළේ මේක.
⚬ AK-74 (1974): ඇමරිකාව වියට්නාමයේදී 5.56mm කියන පොඩි, වේගවත් උණ්ඩයට මාරු වුණාට පස්සේ, සෝවියට් දේශයත් ඒක කොපි කරලා 5.45x39mm කියන පොඩි උණ්ඩයක් හදලා AK-74 එක හැදුවා. මේකේ ගැස්ම (Recoil) මාරම අඩුයි.
⚬ Krinkov (AKS-74U): ගොඩක් කෙටි බැරල් එකක් තියෙන මේක ප්‍රයිවට් කලෙක්ටර්ස්ලා මාර ආස කරන තුවක්කුවක්. (බින් ලාඩන් ගාව නිතරම තිබුණෙත් මේකක්).
⚬ AK-12: 2018 දී රුසියානු හමුදාවට හඳුන්වා දුන්න අති නවීන එක. Picatinny rails, අලුත් ස්ටොක් එකක්, ස්කෝප් හයි කරන්න පුළුවන් පහසුකම් ඔක්කොම තියෙනවා.
අද යුක්රේනයේ තියෙන දැවැන්ත යුද්ධයේදී දෙගොල්ලොම පාවිච්චි කරන්නේ මේ AK පරම්පරාවේ තුවක්කු. රුසියාව AK-12 පාවිච්චි කරද්දී, යුක්රේනය පරණ 60 ගණන්වල ගබඩා වල තිබුන AKM තුවක්කු පවා අරන් සටන් කරනවා. යුක්රේනයේ මඩ අගල් අස්සේ සටන් කරද්දී ඩොලර් බිලියන ගණන් වියදම් කරපු අලුත් ආයුධ වලට වඩා, කලාෂ්නිකොව් එදා හදපු සරල තුවක්කුව අදටත් මාරම විදිහට වැඩ කරනවා.
AK-47 කියන්නේ නිකම්ම ආයුධයක් නෙවෙයි, මේක ලෝකේ ජාතික කොඩියකට පවා ගියපු එකම ආයුධය! මොසැම්බික් ජාතික කොඩියේ අදටත් තියෙන්නේ මේ AK-47 එකක්. හිතලා බලන්න ඇමරිකානු කොඩියේ M16 තුවක්කුවක් තිබුණා නම් කොහොමද කියලා? ඒක කවදාවත් වෙන්නේ නෑ. 🎬🎮
හොලිවුඩ් ෆිල්ම්ස් ගත්තොත් Rambo, Heat, Lord of War, John Wick වගේ හැම ෆිල්ම් එකකම වගේ නරක මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ AK එකක්.
වීඩියෝ ගේම්ස් ගත්තොත්, GoldenEye 007, Call of Duty, PUBG, CS:GO, Far Cry වගේ ෂූටින් ගේම් එකක් තියෙනවා නම්, ඒකේ අනිවාර්යයෙන්ම AK-47 එකක් තියෙනවාමයි! මේකේ හැඩය කොච්චර ප්‍රසිද්ධද කිව්වොත් ලෝකේ ඕනෑම ළමයෙක්ට මේක දැක්ක ගමන් අඳුරගන්න පුළුවන්.
1 638
ලෝක ජනගහනයෙන් හැම 83 දෙනෙකුටම එක ආයුධය බැගින් තියෙනවා කිව්වොත් ඔයා පිළිගන්නවද? 🤯
ලෝකේ තියෙන හැම මහද්වීපයකම, හැම යුද්ධයකම පාවිච්චි වෙන, ජාතික කොඩියක පවා ප්‍රින්ට් කරලා තියෙන, ඒ වගේම ඔයා ගහපු හැම ෂූටින් ගේම් එකකම වගේ දකින්න ලැබෙන එකම එක ආයුධයක් තියෙනවා. ලෝකේ කොච්චර අලුත් ආයුධ ආවත්, විශේෂඥයෝ මේක "පරණ වැඩියි, දැන් පාවිච්චි කරන්න බෑ" කිව්වත්, මේක කිසිම ගාණක් නැතුව හැමතැනම මතු වෙනවා. අද අපි කතා කරන්න යන්නේ කවදාවත් මිය යන්න අකමැති වුන ලෝකේ භයානකම සහ සාර්ථකම රයිෆලය වෙන AK-47 (Kalashnikov) ගැන! 🔫🔥
මේ ආයුධය කවදාවත් මැරෙන්නේ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න නම්, මේක ඉපදුණේ ඇයි කියලා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒ කතාව පටන් ගන්නේ 1940 ගණන් වලින්. 👇
1945 වෙද්දී දෙවැනි ලෝක යුද්ධයෙන් සෝවියට් දේශය ජයග්‍රහණය කරමින් හිටියා. එයාලා ස්ටාලින්ග්‍රාඩ් බේරගෙන, බර්ලින් නුවරටත් කඩාගෙන වැදුණා. හැබැයි මේ ජයග්‍රහණය පිටිපස්සේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. මිලියන 20කට වඩා මිනිස්සු මැරිලා, රටින් බාගයක්ම විනාශ වෙලා තිබුණේ. 💥🇩🇪
මේ ඔක්කොටම වඩා ලොකුම ප්රශ්නය වුණේ සෝවියට් හමුදාවේ සෙබළුන් පාවිච්චි කරපු තුවක්කු! එයාලගේ ප්‍රධාන ආයුධය වුණේ 1890 ගණන්වල හදපු Mosin-Nagant කියන බෝල්ට් ඇක්ෂන් රයිෆලය. මේක හරියට නිකම් ලී කඳක් වගේ. එක පාරකට වෙඩි තියන්න පුළුවන් උණ්ඩ 5යි. ඊටපස්සේ අතින් ලෝඩ් කරන්න ඕනේ. ළඟ තියෙන සටන් වලට සබ්මැෂින් තුවක්කු තිබුණත්, ඒවා මීටර් 75කට වඩා දුර ගියාම කිසිම වැඩකට නැති වුණා. ඒ කියන්නේ සෝවියට් හමුදාවට ළඟට ගහන්න තුවක්කුවකුත්, ගොඩක් දුරට ගහන්න තුවක්කුවකුත් තිබුණා. හැබැයි මේ මැද පරතරය පුරවන්න ආයුධයක් තිබුණේ නෑ.
මේ අස්සේ ජර්මන් හමුදාව අතේ සුපිරිම භාණ්ඩයක් තිබුණා. ඒ තමයි 1944 දී එයාලා ගෙනාපු STG44 (Sturmgewehr 44). මේක තමයි ලෝකේ පළවෙනි නියම ඇසෝල්ට් රයිෆලය. මධ්‍යම ප්‍රමාණයේ උණ්ඩයක් පාවිච්චි කරපු මේක, ෆුල් ඔටෝ තියද්දිත් හොඳට පාලනය කරන්න පුළුවන් වුණා වගේම මීටර් 300ක් දුරට මාරම නිවැරදිව වෙඩි තියන්න පුළුවන් වුණා. මේක දැක්කම සෝවියට්වරුන්ට තේරුණා "මේක තමයි අනාගතය, අපිටත් මේ වගේ එකක් ඕනේ!" කියලා.
මෙන්න මේ වෙලාවේ තමයි Mikhail Kalashnikov (මිහායිල් කලාෂ්නිකොව්) කරළියට එන්නේ. 1919 දී සයිබීරියාවේ දුප්පත් පවුලක ඉපදුන එයා, දෙවැනි ලෝක යුද්ධය කාලෙදි සෝවියට් හමුදාවේ ටැංකි කමාන්ඩර් කෙනෙක් විදිහට වැඩ කළා. 1941 ඔක්තෝබර් මාසේ සටනකදී එයාගේ උරහිසට ෂ්‍රැප්නල් (Shrapnel / බෝම්බ කෑලි) වැදිලා එයාට රෝහල් ගත වෙන්න සිද්ධ වුණා. 🧠🏥
ඉස්පිරිතාලේ ඇඳේ ඉඳන් අනිත් තුවාල වෙච්ච සෙබළු තමන්ගේ තුවක්කු වල තියෙන වැරදි ගැන බණිනවා අහන් හිටපු කලාෂ්නිකොව්, පොතක් අරන් අලුත් තුවක්කුවක් ස්කෙච් කරන්න පටන් ගත්තා.
මේකේ මාරම වැඩේ කියන්නේ කලාෂ්නිකොව් කියන්නේ ඉංජිනේරුවෙක් නෙවෙයි! එයාට ඩිග්රියක් තිබුණේ නෑ. එයා ඉස්කෝලෙන් පවා අයින් වුණු කෙනෙක්. එයා මැකැනික් වැඩ ඉගෙන ගත්තේ ට්‍රැක්ටර් හදන ගරාජ් එකකින්. හැබැයි එයා මේ යන්නේ සෝවියට් දේශයේ හිටපු සුපිරිම ආයුධ නිර්මාණකරුවන් එක්ක හැප්පෙන්න. අනිත් ඉංජිනේරුවෝ උපරිම නිවැරදි, සංකීර්ණ ආයුධ හදන්න ට්‍රයි කරද්දී, කලාෂ්නිකොව් ගියේ වෙනමම පාරක.
එයාගේ තියරිය වුණේ: "Build it loose. Build it tough." (බුරුලට හදන්න, හයියට හදන්න!).
එයා මේ තුවක්කුව හැදුවේ කිසිම දවසක තුවක්කුවක් ගලවලා නැති, රුසියාවේ සෘණ 30 සීතලේ මඩ ගොඩක ඉන්න සාමාන්‍ය ගොවියෙකුට පවා ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න!
අන්තර්ජාලයේ ඉන්න ගොඩක් අය කියන කතාවක් තමයි "AK-47 කියන්නේ ජර්මන් STG44 එකේ කොපියක්" කියන එක. හැබැයි ඒක සම්පූර්ණ බොරුවක්! පිටින් බලද්දී වක් වෙච්ච මැගසින් එක, පිස්ටල් ග්රිප් එක නිසා දෙකම එක වගේ පෙනුණත්, මේ තුවක්කු දෙකේ ඇතුළේ තියෙන මැකෑනික්ස් අහසට පොළොව වගේ වෙනස්. 🚫🇩🇪
AK-47 එකට ඇත්තටම ආභාෂය ආවේ ජර්මනියෙන් නෙවෙයි, ඇමරිකාවෙන්! ඔව්, ඇමරිකානු හමුදාවේ M1 Garand රයිෆලයේ තිබුන ලෝන්ග්-ස්ට්‍රෝක් ගෑස් පද්ධතිය සහ රොටේටින් බෝල්ට් කියන ක්‍රමය තමයි කලාෂ්නිකොව් කොපි කළේ. මේ ක්‍රමයේදී ගෑස් පිස්ටන් එක බෝල්ට් කේරියර් එකටම (Bolt carrier) සම්බන්ධ වෙලා තියෙන නිසා, තුවක්කුව ඇතුළේ ලොකු බරක් එහාට මෙහාට වේගෙන් යනවා. මේක නිසා තුවක්කුවට ලොකු ගැස්මක් (Recoil) ආවත්, ඇතුළේ මොන කුණු රොඩු තිබුණත් තුවක්කුව හිරවෙන්නේ නැතුව දිගටම වැඩ කරනවා!
කලාෂ්නිකොව් කළේ මේ ලෝකේ තිබුන හොඳම තුවක්කු වල හොඳම කෑලි ටික අරගෙන (M1 Garand, SVT40, Browning), ඒ ඔක්කොටමත් වඩා සරලම ආයුධයක් එකලස් කරපු එක. 1946 දී එයාගේ පළවෙනි ඩිසයින් එක රිජෙක්ට් වුණත්, 1947 දී එයා ඒක වෙනස් කරලා ආයෙත් ගෙනාවා. ඒක තමයි තරඟයෙන් දිනුවේ! අන්න ඒ නිසා මේකට AK-47 (Avtomat Kalashnikova model of 1947) කියලා නම වැටුණා. 1949 දී සෝවියට් හමුදාව නිල වශයෙන් මේක තමන්ගේ ආයුධය විදිහට භාරගත්තා.
AK-47 හැදිලා තියෙන හැටි 💀🔧
1 638
පිරමීඩ එක රැයින් ගොඩ නැගුව පිටසක්වල නිර්මාන නොව මිනිසුන් විසින් අත්හැදා බැලීම් වලින් කොටසින් කොටස වැඩි දියුනු වෙමින් වැරදීම් වලින් ඉගෙන ගෙන කරපු මිනිස් නිර්මාණ බවට තවත් එක සාක්ශියක් තමා මේ අති විශාල මස්ටැබෑ සොහොන්.
1 638
නොම්බර 17…
පුරාණ ඊජිප්තුවේ 4 වෙනි රාජවංශය කියනකොටම අපිට මතක් වෙන්නේ ගීසා හි තියන මහා පිරමීඩ 3 නේ. ඉතින් ඔය පිරමීඩ තුන පිලිවලින් තාත්තා,පුතා හා මුනුබුරා විසින් ඉදි කරන්නට අණ දුන්න ඒවා බව තමා ප්‍රධාන විශ්වාසය වෙන්නේ. කොහොම නමුත් මම ඔය කිවුව පියා ඒ කියන්නේ ගීසා හි මහා පිරමීඩයේ අයිති කාර කුෆූ රජුගේ පියා සෙන්ෆෲ රජු තමා ඊජිප්තුවේ 4වෙනි රාජ වංශයේ ආරම්භක රජු වෙන්නේ ඒ විතරක් නෙමේ ඔහු තමා ඊජිප්තුවේ ගොඩ නැගුන මුල්ම සැබෑ පිරමීඩය එහෙම නැත්නම් රතු පිරමීඩය කියලා හදුන්වන පිරමීඩය ගොඩ නගන්න අණ දෙන්නේත්. ඒ විතරක් නෙමේ ඔහු ඒ පිරමීඩය හදන්න කලියෙන් තවත් පිරමීඩ දෙකක්ම හදන්න අණ දුන්නා මේකෙන් මැද එක තමා හදිසියේම මැද්දෙන් පොඩි නැම්මක් තියන බෙන්ට් පිරමීඩය කියන්නේ ඔහු විසින් උත්සාහ කරපු මුල්ම පිරමීඩ ගොඩ නැගීම විදිහට විස්වාස කරන්නේ මේඩුම් සොහොන් බිමේ ගොඩ නගපු පිරමීඩයයි. සමහර විට මේක සෙන්ෆෲ ගේ පියා වන හූනී රජු විසින් ගොඩ නගන්නට ඇති බව ගැන පොඩි පොඩි විවාදයන් තියනවා. හූනී රජු 3වන රාජවංශයේ අවසන් රජු වෙනවා වගේම ඔහු විසින් ඔහුගේ රාජවංශයේ ආරම්භකයා උන (ඩ්)ජෝසර් රජු ගේ තට්ටු පිරමීඩය වගේ පිරමීඩ අඩුම වශයෙන් 6ක් ගොඩ නැගූ බවට විශ්වාසයන්ද තියනවා.
මේඩුම් සොහොන් බිමේ තියෙන මේ මේඩුම් පිරමීඩයත් මුලින් තට්ටු 7කට ගොඩ නගලා පස්සේ ඒක වටා තවත් ගොඩ නැගීම් කරමින් පිරමීඩයක් විදිහට ගොඩ නැගීම අහවර කරපු එකක් විදිහට තමා අද වන විට විශ්වාසයේ තියෙන්නේ කොහොම නමුත් කාලයත් එක්ක මේ පිරමීඩයේ කොටස් ගොඩක් විනාශ වෙලා ගිහිල්ල තියනවා.
ඉතින් ඉහල ටික නිකම් පොඩි තොරතුරු මතක් කිරීමක් විතරයි.
පුරාණ ඊජිප්තු කාලයට අයත් සොහොන් පිටි ගණනාවක්ම තියනවා නේ ඉතින් මේ මෙයිදුම් නැත්නම් මේඩුම් කියන සොහොන් පිටියත් ඒකට අයිතී ඒ වගේම තමා සොහොන් බිමේ තියෙන්නේ මේ ස්නෙෆෲ රජුගේ පිරමීඩය විතරක් නෙමේ. තවත් බොහොම වැදගත් සොහොන් ගණනාවක්ම මෙහි තියනවා හැබැයි අදටත් සංචාරකයින් හට නැරබීමට යන්න පුලුවන් වෙන්නේ ඉන් තුන හතරකට විතරයි. ඒවා වලින් එකක් තමා ඊජිප්තුවේ දැනට හොයාගෙන තියෙන විශාලතම මස්ටැබෑ සොහොනක් වෙන මේඩුම් පිරමීඩයට ඊසාන පැත්තෙන් තියෙන අති විශාල මස්ටැබා (17) සොහොන.
මස්ටැබා නො 17 කියන සොහොන ආසන්න වශයෙන් මීටර් 103ක් දිගින් හා මීටර් 52ක් පළලින් තියන සොහොනක්. මේක පිරමිඩයට ලගින්ම තියන නිසාම විශ්වාස කරන්නේ සොහොන රජ පවුලට බොහොම ලග නෑ කමක් තියන පුද්ගලයෙකු හෝ රජ වාසල බොහොම බලවත් තනතුරක් දරපු පුද්ගලයෙකුගේ විය හැකි බවටයි. මඩ ගඩොලෙන් සම්පූරනයෙන්ම හදලා වට කරලා තියෙන මේකේ උඩ කොටස හුණුගල් වලින් අලංකාර කරලා තියෙනවා. ඊජිප්තු පුරාවිද්‍යාවේ පුරෝගාමියෙකු වූ සර් ෆ්ලින්ඩර්ස් පීට්රි තමා මේක මුල් වරට පරීක්ශණයට ලක් කලේ ඔහු මුල්ම වතාවට සොහොනට ඇතුල් වෙන්න උත්සාහ කරමින් මුදුනේ ඉදලා මීටර් 15ක් වගේ වෙනකම් ගැබුරට හෑරීමක් සිද්ද කලත් ඔහුට ඇතුල්වීමට දොරටුවක් හම්බවුනේ නෑ. ඔහු කැනීම් වල ඒ කාර්තුව අවසන් වෙලා 1891 දී නැවත වරක් උත්සාහ කරනවා ඒ වෙලාවේදී තමා විශාල හුණු ගල් කුට්ටි කීපයක් කඩා දැමීමෙන් පස්සේ ඔහුට සොහොන තුලට යන්න පාර හම්බවෙන්නේ.
කොහොම නමුත් ඔහු ඒ කැනීම් සමයේදීම සොහොන් හොරුන් විසින් සොහොනට ඇතුල් වෙන්න යොදාගත්ත මාර්ගය හොයා ගන්නවා අදටත් මේ සොහොන නරබන්නට එන සංචාරකයින් සොහොනට ඇතුල් වෙන්නේ මේ සොහොන් හොරුන්ගේ පාර ඔස්සේයි.
සොහොන ඇතුලේ ප්‍රදාන සොහොන් කුටිය ඇතුලේ තියන ගල් සොහොන් පෙට්ටිය තනි රතු ග්‍රැනයිට් ගල් කුට්ටියකින් තමා හදලා තියෙන්නේ. පෙට්ටිය ටොන් 9කට ආසන්න හා එහි පියන ටොන් 4කට ආසන්න මේ ග්‍රැනයිට් සොහොන් පෙට්ටිය ඊජිතුවේ මෙතෙක් හොයාගත්ත පැරණිතම ග්‍රැනයිට් සොහොන් පෙට්ටියයක්ද වෙනවා. කුෆූ රජුගේ මහා පිරමිඩය ඇතුලේ තියන සොහොන් පෙට්ටියේ ප්‍රමාණයටම ලගින් යන එකක් උනත් නො 17 සොහොන් පෙට්ටිය කුෆුගේ වගේ 3න් ගුණයකටත් වඩා ගණකමින් යුක්තයි.
මේ සොහොන් පෙට්ටිය ඇතුලේ තිබිලා සර් ෆ්ලින්ඩර්ස් පීට්රි විසින් මමියක් හොයා ගන්නවා. මේක ටිකක් විතර අසාමාන්‍ය මමියක් ඒ කියන්නේ ශරීරයේ කොටස් වෙන වෙනම ඔතලා පස්සේ නැවත වතාවක් සම්පූරන මමියක් විදිහට ඔතපු මමියක් තමා මේක. සර් ෆ්ලින්ඩර්ස් පීට්රි තමන්ගේ සටහන් පොතට ඇතුලත් කරගන්නේ ඔහුගේ මූලික පරීක්ශණ දැනුමට අනුව මේක පිරිමි මමියක් බවයි. ඔහු වැඩි දුර පරීක්ශණ සදහා මේක ලන්ඩනයට යවනවා කොහොම නමුත් පසු කාලයකදී දෙවන ලෝක යුද්දයේ ජර්මානු බෝම්බ ප්‍රහාරයකින් මේවා තිබුන ගොඩ නැගිල්ල සම්පූරනයෙන්ම ගින්නෙන් විනාශ වෙනවා.
සොහොන ඇතුලේ මේ සොහොන කාගේද යන්නට කිසිම හෝඩුවාවක් නෑ කොහොමත් මේ කාල වකවානුවේ පුරාණ ඊජිප්තුවා සොහොන් ඇතුලේ සටහන් මුකුත් කරපු කාලයක් නෙමේ නේ. සර් ෆ්ලින්ඩර්ස් පීට්රි ට අනුව මේක සෙනෙෆෲ රජුගේ තවත් පුතෙක් හෝ ඔහුගේ ම සහෝදරයෙක් ගේ වෙන්න පුලුවන්.
