A BOOK I READ™📖✨
Ir al canal en Telegram
සතුට යනු කෝපි කෝප්පයක් සහ හොඳ පොතකි. ☕📚🍂✨ ★Cross Promotion 3.5k+ ★Owner: | @ABookIRead_Bot
Mostrar más3 316
Suscriptores
+424 horas
-67 días
-1630 días
Archivo de publicaciones
3 316
මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?
මානවකය : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?
බුදුරජාණන් වහන්සේ : හොඳයි.මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?
මානවකය : ඔව්, ඉන්නවා.
බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?
මානවකය : ඔව්. ඉන්නවා.
බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?
මානවකය : ඉන්නවනේ හිමියනි.
බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?
මානවකය : එසේය හිමියනි.
බුදුරජාණන් වහන්සේ : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?
මානවකය : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මානවකය : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මානවකය : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා.
ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
මානවකය : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ
බුදුරජාණන් වහන්සේ : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද? ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )
මානවකය : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.
බුදුරජාණන් වහන්සේ : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?
මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා
මානවකය : ඔව් ස්වාමීනි. එහෙම කළා.
බුදුරජාණන් වහන්සේ : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?
මානවකය : ඔවුනේ ස්වාමීනි.
බුදුරජාණන් වහන්සේ : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?
මානවකය : නෑ ස්වාමීනි.
බුදුරජාණන් වහන්සේ : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?
මානවකය : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.
ඔබට දැන් වැටහුනා නේද ඔබත් ඇත්ත ඇති සැටියේන් දකින්නේ නැත්නම්.. ඔබත් මේ මහත් දිගු සංසාර ගමනේ ගමන් කරන, වෙරලේ වැලි මාළිගා හදන දරුවත් අතර වෙනසක් නැත්තේමය....🍃
-karma-කර්ම
උපුටා ගැනීමකි.. 🙏
3 316
"අග්බෝ.... උඹනම් යකෙක්"
බලපන් උඹේ ඇඟ ගෙඩි ගැහිලා තියෙන තරම.
මේ ගොඩක් තැන්වල තියෙන්නේ ඊයම් බරු, යකඩ මූනිස්සම්.
කිලෝ ගානක යකඩ..
මේ හැම වෙඩිල්ලක්ම කාගෙන උඹ ජීවිතේ අල්ලගෙන ඉන්නවා කියන්නේ
ඇත්තටම උඹ
ඇතෙක් නෙමෙයි ,
යකෙක්....!
අපිට හිටිය මහ ඇතා මැරුනේ වෙඩි වැදුන පුංචි තුවාලෙකට බෙහෙත් කරන්න ගිහින්.
ඒත් බලපං උඹ.
උඹේ දහිරිය.
උඹට වැදුණ හැම මූනිස්සමක් එක්කම උඹ කොච්චර සටන් කරන්න ඇතිද.
කාටවත් නොකිව්වට
වෙඩි වැදුණ, පැසවපු , සැරව ගලන තුවාල එක්ක කාත් කවුරුවත් නැති කැලේක උඹ තනිවම කොච්චර ජීවිතෙත් එක්ක සටන් කරන්න ඇතිද ?
පහුගිය දවස්වල උඹව මැරෙන්නම ගිය කාලේ , සංවේදී මිනිස්සු එකතු වෙලා උඹට බෙහෙත් කරලා, කන්න ටික ළඟට දීලා උඹව බේරගත්තා .එහෙම කළේ හැම මිනිහෙක්ම නොමිනිසෙක් නොවන නිසයි.
ඒත් උඹේ වේදනාව කවදාවත් කාටවත්ම ගන්න බැරිවුණා.
උඹ මේ කිලෝගානක යකඩ මූණිස්සම් ගෙඩි තියාගෙන
හිතේ හයියෙන් ජීවිතේ අල්ලගෙන
අපිට කියාදෙන්න හදන පාඩම මොකක්ද ?
වෙලාවක මුලු ලොකෙටම ඇහෙන්න කියපං...
පුලුවන් හැම වෙලාවකම උඹව පරිස්සම් කරගනින්.
මොකද උඹ වගේ යක්කු වගේ ඇත්තු
අපිට ඉන්නේ එකයි,
ඒ,
උඹ විතරමයි ❤️
3 316
Say something #1 ♥️🥺
කාවන්තිස්ස !
“ ජීවිත කාලයක් මිනිසුන්ට අභිමානයක් වූ කාවන්තිස්ස... අවසන් ගමනේදී නුඹට අවසන් ගෞරවයක්වත් හිමි වුනේ නෑ නේද? -
නුඹේ වටිනාකම නොදත් රටක් ඉදිරියේ, අද නුඹ වෙනුවෙන් නිහඬව හඬන හදවත් දහස් ගණනක් තියෙනවා... නුඹට මල් මිටක් තබන්න බැරි වුණත්, නුඹ ගැන උපන් මේ වේදනාව අපේ හදවත් තුළ සදාකල් ජීවත් වේවි... නිවන් සුව ලැබේවා කාවන්තිස්ස ඇත් රජුනි...!
3 316
Marathondi_"මරතොණ්ඩි_⧸_மரத்தோண்டி"_Janana_ft_Shehara_X_Dilmi_Official.m4a3.69 MB
3 316
නොකියවූ ලිපියක පිටු අතර අපේ සෙනෙහස තනිවෙද්දී, පාළු රෑක නුඹේ මතකය හිත පසාරු කරන් යද්දී... වටපිටේ නෑ හිතමිතුරෝ, රිඳුණු මගෙ හිත හදන් යන්නට. නොලියපු හැඟීම් සමුදාය කඩදාසියට වක්කරන්න, සම්භාව්ය වචන නෑ මං ළඟ නුඹ වගේ කොට කරල ලියන්න. හදවතේ අස්සක හැංගුණු අපේ ආදරේ රහසට, තිබ්බොත් මලක් ඇට පිටින් හරි ඔතල නුඹට බොන්න... නුඹේ මතකවල ලියවෙච්චි නිර්නාමික සොඳුරු කවිවල, මං ආසයි... කවි සුවඳ සුසුම් සුවඳට තවරන්න, ගංජා මලක් වී නුඹට මත් වෙන්න, "නුඹේ හිත අද්දර පිපෙන්න..." ✍️_සාරා_☘️🌸💙
