647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
General English walata online clz yanna honda kenek recommend karannako....me masa 3n GE xm eka goda daganna puluwan widihata teach karana
🎓 A/L Results Released
හොඳම results ලබාගත් සියලුම දරුවන්ට හදවතින්ම සුභ පැතුම්! 👏
Result එක ගැන අසතුටෙන් ඉන්න දරුවන්ට කියන්න තියෙන්නේ එකම දෙයක්:
👉 මේක අවසානයක් නෙවෙයි
👉 මේක ජීවිතේ ගමනේ එක පියවරක් විතරයි!
“මට බැහැ” කියලා හිතන්න එපා ❌
“මට පුළුවන් – next time වඩාත්ම හොදින් කරනවා” කියලා හිතන්න ✅
Repeat කරන්න ඉන්නවනම්:
✔ Early start කරන්න.
✔ කටපාඩම් කිරීමට වඩා අවබෝධය build කරන්න.
✔ Past papers practice කරන්න.
📌 First shy එකට prepare වෙන දරුවන්ට:
දැන්ම start කරන්න. Focus එක තියාගන්න.
🌱 Remember:
Result එක moment එකක් decide කරනවා…
ඔයාගේ attitude එක future එක decide කරනවා!
ඔයාලා හැමෝටම මේ දේ කරන්න පුළුවන් කියන එක මට විශ්වාසයි! 💪
– Prof. Kalinga Bandara
Repost from 𝗔𝗟 අපි 🇱🇰
☺️මේ පාර කැම්පස් යන්න බැරි...F3, S 3 , C 3 තියෙන අය upset ගහන්න එපා....
ගෙදර අය බනිනවා නම්, අඩනවා නම් ගමේ අය හිනා වෙනව නම් ඒවට දැන් උත්තර දෙන්න යන්න එපා...
අම්මට තාත්තට තේරුම් කරල දෙන්න...මං ඊලග පාර කොහොම හරි ගොඩ යනවා කියලා...3rd shy අවුල් ගිය අය ඉන්නව නම් හරි ආයේ පාරක් කරන්න බැරි අයට කියන්න තියෙන්නේ....🙂
🤫කැම්පස්ම යන්න ඕනිත් නෑ ජීවිතේ ගොඩදාගන්න... තමන්ට අතපය, මොලේ හැමදේම තියෙනවනේ.... හැකියාවකුත් ඇති...දවස් කීපයක් කල්පනා කරලා... කෝස් එකක් හරි කරලා... ඒකෙන් ගොඩ යන්න බලන්න.... මේක ඔයාලයි ජීවිතේ අවසානේ නෙමේ... ආරම්භය...අම්මා තාත්තට පොරොන්දු වෙන්න ඊලග පාර එයාලගේ බලාපොරොත්තු අපතේ යවන්නේ නෑ කියලා... අදක්ශ අය නෑ... උනන්දුව තිබ්බ නම් ඇති.... ආයේ exam කරන්න හිතන් ඉන්න අයට පොඩි උදව්වක් මට පුලුවන් විදියට දෙන්නම්...
1. Phone use ,social media use පුලුවන් තරම් අඩු කරන්න... පුලුවන් නම් පොඩි පෝන් එකක් use කරන්න... ටික කාලෙකටනේ... zoom yana ewata විතරක් තියා ගන්න...
2. හොද papers කරන classes තුනක් තෝර ගන්න.... ❌ දිවයිනේ ප්‍රථමයා බිහි කරපුවා නෙවේ... ✅ෆේල් ලමයෙක් පාස් කරන්න මහන්සි වෙන තමන්ට තේරෙන පන්තියකට යන්න... ✅ලමයි අඩු ඒවා තව හොදයි.. classes ගොඩකට ගියා කියල result හැදෙන්නේ නෑ... තමන් තනියම වැඩ කරන වෙලාව වැඩි කරන්න..
3. Past papers වලින්ම දැන් ආපහු තියරි cover කරන්න පටන් ගන්න... අවුරුදු 10ක papers අරගෙන ඒවයි ආව ප්‍රශ්න කියවන්න... ඒවයින් චාට් එකක් හදල ඒ ඒ පාඩම් වල කොටස් වලට වැඩි බරක් දෙන්න... නොතේරෙන ඒවා දන්න කෙනෙක්ගෙන් අහගන්න... ලැජ්ජ නොවී... තමන් ඉගෙන ගත්තොත් තමන්ටනේ..classified paper පොත් තියේ structured ,mcq, essay වලට...
4. පාඩමක කොටසක් පාඩම් කරන් තියරි fit කරන් ඒ කොටසෙන් විතරක් ආව past paper ප්‍රශ්න කරන්න අවුරුදු 10ක... තේරෙනේ නැත්නම් මුල් ප්‍රශන දෙක තුනට උත්තර බලාගෙන හරි ලියන්න... ලියන රටාව අල්ල ගන්න... විශය බැරෑරුම් විදියට හිතලා අනාගන්න එපා... චුට්ට චුට්ට fit කර ගන්න..
5. පැය 6ක් නිදා ගන්න... stress free කරගන්න... ඒක නොකලොත් ඔයා පාඩම් කරන එකේ effectiveness එක අඩු වෙනවා... ඒ නිසා හැමදාම සතියකට දවසක් පන්සල් යන්න..
6. පාටි, outings මග හරින්න දැනට... ලගම කෙනෙක්ගේ මරණයකට විතරක් සහභාගී වෙන්න... එයාලට තේරුම් කරල දෙන්න... දවසකට පැය 12ක් වත් වැඩ කරන්න පන්තිවල ඉගෙන ගන්න වෙලාවත් ඇතුලත්ව
7. නිදිමත එන වෙලාවට තමන්ට කරන්න ලේසි කරන්න ආස ප්‍රශ්න කරන්න තියා ගන්න.. මතක තියා ගන්න exam අනාගන්න ලොකුම හේතුවත්... ගොඩ යන්න ලොකුම හේතුවත් past papers.... විවරණ පොත් තියේ... ඒවයින් නොතේරෙන ඒවා තේරුම් ගන්න... ගන්න සල්ලි නැති අයට පොදු පුස්තකාල වල මේවා තියේ... ඒවයින් අරන් පාඩම් කරන්න...
8.විශයන් තුනේ සිලබස් වල topics,sub topics වගුවක් ගහන්න... ඒකේ ඉස්සරහින් තීරු 5k වෙන් කරන්න... මුල් තීරු තුන ඔයා ඒ ඒ අදාල කොටස කියවලා ඉවර උනාම හරි දාන්න... අනිත් දෙක papers කරාම හරි දාන්න... ඕවා පේන තැනක අලවන්න...
9.බයෝ වගේ ඒවයි ව්‍යුහ ප්‍රශන පින්තූර ඇදලා නම් කරල පාඩම් කරන්න... exam යනකොට ඒ පින්තූරේ මතක් කරන් ලියන්න පුලුවන් විදියට ඒකට details add කරන්න... පාඩම් කරන ඒවා ලිය ලිය පාඩම් කරන්න... යාන්ත්‍රණ ටික ගැලීම් සටහන් ගහන්න.... විවිධත්වය වගේ සංසන්දනය කරන දේවල් charts ගහන්න...
10.විශයන් තුනේම mcq මට්ටම මුලින්ම ගොඩගන්න... 35කට එහා දාගන්න.. පුලුවන් අය 40 පන්නන්න... මුලින් මුලින් ගොඩක් වරදියි.. ඒවට විවරණ ලියන්න.... කාගෙන් හරි අහගෙන හරි note එකක් බලාගෙන... ඔයාම ඔයාට ලකුනු දීගන්න... අඩු පාඩු හදා ගන්න... මුලින් වරදියි... ගොඩක්.. පස්සෙ ඒක ටික ටික හරි යයි...
මේ ටික කරල බලන්න... වරදින එකක් නෑ... හරියන්නම ඕන....❤️
ඔයාලා හැමෝටම අපේ සුභ පැතුම් ❤️
😊 T.me/AL_api
පරණ අපේ වැඩ ,,,,
🔴Quiz
🔴 biology essay
🔴 physics practicals
🔴කර්මාන්ත short note
🔴 සමාවයවික
🔴 ආවර්ජනා tute essay
🔴 biology mcq 2500
https://t.me/kavinotes11
අමතරව ,,,,
🔴physics practicals වලට හදපු ප්‍රශ්න , පිලිතුරු පොත
🔴 physics mcq 2500
🔴physics essay book
🔴 chemistry mcq book+ සමතුලිතතාව ප්‍රශ්න
දාන්න තියේ. ඉක්මනට දාන්නම්.
🚨 New Results Update 💥
තොරතුරු වලට අනුව උසස් පෙළ ප්‍රතිඵල 2026/03/31 දින සවස 6 ට පෙර නිකුත් කෙරේ.
Repost from ThuSh LK
නංගි මල්ලි ,
මම කලින් දාපූ Post එක අයින් කරා. පොඩි ප්‍රශ්නයක් වෙලා.
මම දාන Update Social Media වල දාන්න එපා නංගි මල්ලි. Please 🥺🙏
මම Facebook එකේවත් දාන්නේ නැතුව Telegram එකේ විතරක් දාන්නේ ප්‍රශ්න කීපයක් නිසා.
ඔයාලා දැන් නිදියගන්න. අද පාන්දර එන්නේ නැහැ බය වෙන්න එපා ❤️
හෙට (31) දවස ඇතුළත එයි ✅
#ThuSh
Repost from ThuSh LK
✔️ 2025 A/L Update ✅
Confrimed 💙
Results Release කරන්න අදාළ Reports ටිකයි Final Approval ටිකයි දැන් ටිකකට කලින් හම්බුණා නංගි මල්ලි ✅
හෙට 31 අනිවාර්යයෙන්ම Results Release වෙයි ✔️
බොහෝ දුරට හෙට උදේ වෙද්දි බලාගන්න පුලුවන් වෙයි. දැනට තියන තත්වේ එක්ක. බලමු ❤️
#ThuSh
මාර්තු 31 වන දින උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන බව යම් උද්යෝගිමත් නොවන පුවත් කිහිපයක් වාර්තා වෙමින් පවතී. 🥲
