𝗪𝗵𝗶𝘀𝗽𝗲𝗿 𝗩𝗲𝗿𝘀𝗲 🦄✨
Open in Telegram
"වචන" බිදුන හිතකට එව්වා බෙහෙත්...❤️🩹 Since : 2025|06|04 නිර්මාණ එවීමට -: @whisper_verse_bot
Show more1 659
Subscribers
-324 hours
-97 days
-2130 days
Posts Archive
1 659
මේ පුංචි කෝඩුකාර හිත අස්සට
මටත් හොරෙන් ම රිංගන්...
මතක ගොන්නක් එක්කහු කරලා
ඒ මත පුංචි මල්වැල් අමුණලා...
නොඉදුල් හිතක් හරි ලස්සනට ආදරෙන් පුරවලා...
මං කියන්නේ...,
ඔයා තාමත් අහනවද
"ඔයා මට ආදරේද"කියල..❤️
Sithu_💛
1 659
බදාගන්නට අයිතියක් නැති නිසා ඇස් දිහා බලන් ඉදලා
ආපස්සට හැරිලා එන්න වෙන තැන් තවත් මට කී වතාවක් දරාගන්න වෙයිද කියලා
ඔයාව අයිති නැති නිසා මේ ආත්මෙ ඉක්මනට ගෙවලා
මට ඕනෙ ඊළඟ ආත්මයම ඔයාගෙ වෙන්නමයි හැමදා
සතුටින් ඉන්න නම් ඔයා ගැන හිතන එක කරන්නම වෙනවා
දැන දැනත් යළි නොයෙන බව ඔයාවම මතක් වෙනවා
ගැලවීලා යන පිටුවල ලස්සන කතා මොකට ලිව්වද මට තාමත් හිතෙනවා
හීනෙකින් හරි එනවනම් කියන්න මන් ඇස් පියාගෙනම ඉන්නවා
~ 🙂🖤
1 659
මාව දන්නම මනුස්සයා උනේ එයා
මං ආසම දේ
මං අකමැතිම දේ
මගේ කේන්තිය පාලනය කරන විදිහ
මාව බලාගන්න විදිහ
මාව හුරතල් කරන විදිහ
අමාරුම දවසක මාව නිදහසේ නිදි කරවන විදිහ
දන්නම මනුස්සයා උනේ එයා !
ඉතින් මිනිස්සු කීයක් හම්බුනත් ඒ හැමදවසකම මං එයාවම හොයන එක අසාධාරණ ද ඉතින් ?
~ 🙂🖤
1 659
ඔයාව මතක් වෙන හැම වාරයකම
පපුව ගලවන් යන්න තරම්
දැනෙන වේදනාවට වඩා රිදෙන්නේ,
මං ආදරේ කළ අපේ කතාවේ
මන් තනි පරිච්ඡේදයක්
කියලා ආපස්සට මතක් වෙද්දි...
තාමත් පිටු අතර හිස්තැන් පුරවද්දි
ඔයා ලියලා ඉවරකරන්නත් කලියෙන්
කියවලා ඉවර කලේ කොහොමද?....
මට ඒක තාමත් අතහරින්න බැරි වෙද්දි,
ගලක් කැලි වලට කඩනවා වගේ
පිටු ඔක්කොම ඉරලා අරන්
මුලූ පොතම අයින් කලේ කොහොමද?....
ඔයා ඒ පරිච්ඡේද අමතක කරලා
අලුත් කතුවරයෙග්ගේ
පාඨකයෙක් උනේ කොහොමද?....
සමහර විට මං
අපේ කියන මනඃකල්පිත කතාවක,
මගේ විතරක් වූ ප්‍රථම පුරුෂ
පාඨකයෙක් වෙන්න ඇති...
1 659
Repost from N/a
🔔2027 Special Meeting
පහත link එක ඔස්සේ දැන් සම්බන්ධ වන්න.
🎞https://www.youtube.com/live/RG2M-6gwWj8?feature=shared
1 659
ළමයි පොඩි උදව්වක් ඕනෙ
අද තිබුණු ඉන්දියන් ඉතිහාසය පේපර් එක හරි ඒකෙ උත්තර හරි තියේනන් දාන්නකෝ 🫠
1 659
ගත සිපගෙන හමා එන සීත මද නල නොහැකිනම් නිවන්නට දැවෙන පණනල මිරිඟුවක් වේමයි අප ගෙවන ජීවිතය අනියතය පමණි ඉතිිරි සේ ගලන රලපෙල...silentauthor ✍️
1 659
ශ්වේත මිහිදුම් හිම කෝඩ ගඟන ඉම ශේත පාටින් දිලෙන වතකමල මත පිපුණු සිනහව තවම මතකය අතැර ගිලිහුනත් පෙම් සුවඳ සිත්වල....silentauthor ✍️
1 659
Repost from WhispersForYou ™ |🌵
Isn't it lovely, all alone?
Heart made of glass, my mind of stone
Tear me to pieces, skin to bone
Hello, welcome home
- 🤍🥀 -
1 659
Repost from WhispersForYou ™ |🌵
දෙකේ කණිසමත් පහු කරන්
තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට
සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි
සිතුවිලි බර ගානක් එකපාර පපුව
කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත්
මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ , සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
1 659
වැස්සත් එක්කම සේදිල යනවනම් මතක
අදටත් සතුටින් ගොඩක් උන් මෙදියත
වැහි දෙවියනි,
බැරිද මතක සේදිල යන්නම
වස්සන්නට වැස්සක්
පොළොවට...❤️🩹
Sithu_💛
1 659
හන්තාන සිහින මැද
තනිවු ඒ ලය මතට
නොකියාම ළං වෙලා
උණුහුමක් වෙන්න මම
හිරිවැටුණු හදවතේ
තනිය මකලා යන්න
නෙත් කොනින් වැගිරෙමින්
කඳුළු පිනි බිඳක් වී
හිතට නොදැනම අවුත්
ලය මතම රැඳෙමින්
සනසන්න හන්තාන
හිත මුලා නොකරමින්
සීතලම පිනි කඳුළ
ලය මතම සඟවාන
හන්තාන නිහඬවම
බලා ඉන්නවා ඇති
නොකී ඒ රහස් කවි
නුඹේ හදවත ලඟම....
~🙂🖤
1 659
සදවත, ආලය වරදක් නොවුණිද?
ගතින් වෙන් වී ඈත දුරක සිට
සිතින් තුරුළු කර රිදුමන් විදගෙන
පෙරුම් පිරූ ඒ උත්තම ආලය
වරදක් නොවුණිද සදවත?
රිදුමන් විදුමන් පසෙක දමා සිත
සුවපත් කරනට ඔසුවක රසයක
භාවනාව නුඹ කවියක සුව දෙන
විදගත් කාලය යළිත් රැගෙන ගිය
ආලය වරදක් නොවුණිද සදවත?
එක්ව ඇගිළි බැද යහනක සැතපෙන
කාලය සිහිනෙට තරම ඈත් කළ
හදවත පතුලෙන් ඔබටම දන් දුන්
මාහැගි වචනය උත්තම ආලය
වරදක් නොවුණිද සදවත?
දිවිය පුදා ඔබ නමට ම වෙන් කළ
හද රැදි ස්නේහය දොවා ලයට දුන්
සැබැවින් හමුවිය නොහැකි නමුත් සිත
සෙවූ ඔබේ රුව මෙමට දිනා දුන්
ආලය වරදක් නොවුණිද සදවත?
නොහිතපු දවසක නොහිතපු විදිහට
ඔය හද මා හද පෑස්සු සෙනෙහස
සසර පුරා නෙක නෙක දඩුවම් දී
ඔය පෙම මාගෙන් උදුරපු ආලය
වරදක් නොවුණිද සදවත?
ඔය හිත මාගෙන් දුරස් කරපු දින
නෙතට ඉනූ කදුලක නාමෙන් අද
තෙපුල් පුරා ගෙන ලොවට ඇහෙන්නට
කියන්න හද පතුලේ රාවෙන් දැන්
ආලය වරදක් නොවුණිද සදවත?
@kawya 🖤
