Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 162
Subscribers
-1724 hours
-767 days
-27030 days
Posts Archive
Repost from ORBIX study apps by astralis
📣 පාඩම් කරන එක වදයක් නෙවෙයි, 👀 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ... 😅Sounds Familiar for L
ලමයිනේ...
Physics Paper class යන්න හොදම කාගෙද?
ඔයාල recommend කරන කෙනාව පහලින් comment එකක් දාන්න..
⭕️ මේ පාර Exam ලියන ලමයිට වැදගත් වෙන පොඩි උපදෙස් ටිකක්....
01) පේපර් එකට කලින් දවස් දෙකේ පේපර් එක තියන වෙලාවටම ,කලින් අවුරුදු දෙකක Past Paper අනිවාර්යයෙන්ම timing තියල කරන්න. ඒකෙ දි ගොඩාක් ආමාරුම Past Paper තෝරගන්න එපා.
මේක කරන්නෙ ඔයාලගෙ ලකුණු හදන එකට වඩා ඔයාල පේපර් එක ලියන්න හුරු කරන්න. උදාහරණයක් විදියට ගත්තම Bio Paper එක දවල් තියන නිසා ගොඩක් ලමයිට ඒ වෙලාවට පේපර් එක ලියල පුරුද්දක් නෑනෙ.ගොඩක් අයට නිදිමත එන වෙලාවක්. ඉතින් Exam එකට කලින් දවස් දෙකක Exam එක තියන වෙලාවට ඒ වෙලාව අරගෙන Past Paper දෙකක් කරන එකෙන් ඔයාලගෙ මතකෙ අලුත් වෙනව විතරක් නෙවෙයි A/L පේපර් එක වෙලාවට ඔයාලට මනස ඒකාකරව තියාගන්න උදව්වක් වෙනවා.
02) මේ දවස් කිහිපය ගොඩක් පරිස්සම් වෙන්න.වැස්සෙ තෙමෙන්න , බයික් පදින්න , අයිස් ක්‍රීම් වගේ දේවල් කන වගේ ලෙඩ හැදෙන හෝ අනතුරක් වෙන්න පුලුවන් වැඩ කරන්න එපා.
මේ දේවල් පොඩි දේවල් වෙන්න පුලුවන්.හැබැයි ලමයි Exam එකේ ඔයාලගෙ Result එකට ඔයාලගෙ දැනුම විතරක් නෙවෙයි බලපාන්නෙ. ඒ වෙලාවෙ ඔයාලගෙ මානසික මට්ටමත් අනිවාර්යයෙන් බලපානවා. ඒ නිසා මේ කියන දේවල් අනිවාර්යයෙන් කරන්න.
✅ ඔයාල ඉදිරි දවස්වල වැඩ කරන්න ඕන විදිය update දෙන්නම් මේ channel එකෙන්.
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
~ Team Phynix
ඔයාල වෙනුවෙන් මමත් ඔන්න ප්‍රාර්ථනා කරලා පහන තිබ්බා..ඒ විතරක්ම නෙවෙ පිරිත් කියල දෙවියන්ට පිං දීලා විභාගෙ ගැනත් ආපදා උන අය ගැනත් මතක් කරලා ප්‍රාර්ථනා කරා...
උදේම දේවාලෙට ගිහින් පත්තිනි මෑනි,කතරගම දෙවියො,විෂ්ණු දෙවියො කඩවර දෙවියො ඉස්සරහත් මේ ගැන කන්නලව් කරල ආවා..
අපි වැරදි කරන අය නෙවෙනෙ ලමයි..අපි ගැන එයාල බලා ගනී..
අද හොද තීරණයක් ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව..🫶🤍
මතක තියා ගන්න නීතිය අන්ධ උනාට දේව සභාව අන්ධ නැ ලමයි..
📌 Biology Short Notes | ශාක ජීවන චක්‍ර
ශාක ජීවන චක්‍ර අමාරු, හෝ ඉක්මනින් අමතක වන සිසුන් සඳහාම සකස් කළ කෙටි සටහන් (Short Notes) පෙළක් පහත සමූහය හරහා ඔබට ලබාගත හැක.
💡 (සම්පූර්ණ විෂය නිර්දේශයටම අදාළ Full Syllabus Short Notes ද මෙහි අන්තර්ගතයි.)
Good Morning 🫶
උදෙන්ම නැගිටලා වැඩ කරන අය වෙනුවෙන්...❤️🌝
විභාගයට තව දින 4 යි..! අපි මේක දිනලම ඉවර කරමු..!❤️🔥
Repost from Physics | Nilupul Kodithuwakku
🔑මේ තියෙන්නෙ MCQ වලට ගොඩක් වැදගත් පොඩි කෙටික්‍රම සහ ගණං හිතන විදිය ගැන කරපු වීඩියෝ ටිකක් 😎
⭕️අවශ්‍ය ලමයි මේ ටික Free වෙලාවන් වලදි බලන්න.
හැමෝම මේක දිනන්නම ඕන 👊❤️
⬜️ තාප සන්නායකතාව ගාන මෙහෙම හදල බලමු ද 😎
https://youtu.be/hdERvpHymYU
⬜️ඕන ප්‍රතිරෝධ පද්ධතියයක් ගොඩදාන ක්‍රම 07
https://youtu.be/FNJtBxOwLgg
⬜️Physics Smart විදියට හිතන්නෙ මෙහෙමයි 😎
https://youtu.be/flaKvR0wo94
⬜️ ප්‍රකාශ තන්තු මේ වගේ ගානක් ආවොත් හිතන්නෙ මෙහෙමයි
https://youtu.be/0bI6ueArJQo
⬜️තීර්යක් තරංගයක අංශුවක ප්‍රවේගයේ දිශාව මෙහෙම ගමු
https://youtu.be/iJ8DnZBibEw
⬜️ ජල පරිමාව වෙනස් වෙන හැටි හිතන්නෙ මෙහෙමයි (ද්‍රවස්ථිතිය)
https://youtu.be/DOcig27Vpl8
⬜️දණ්ඩක ඕන තැනක අවස්ථිති ඝූර්ණය හොයන විදිය විනාඩි 3න්
youtu.be/eMFUNQeLrGk
⬜️රළු කප්පියක ත්වරණය MCQ මෙහෙමත් පුළුවන්
youtu.be/ctxTUxQeCM4
⬜️ ප්‍රක්ෂිප්ත MCQ මේ විදියට හිතමු
youtu.be/G1oKkmwCYjU
⬜️ රේඛීය චලිතය + කෝණික චලිතය MCQ හිතන හැටි විනාඩි 5න්
youtu.be/BBxyJYMIHy0
⬜️ධ්වනි තීව්‍රතාවය MCQ හිතින් හදන විදිය විනාඩි 5න්
youtu.be/ukz6LdnogS0
නිලුපුල් කොඩිතුවක්කු
~Team Phynix
උත්ප්‍රේරක වල ලක්ශණ(1) ප්‍රතික්‍රියාව ආරම්භායේදී දායක වී අවසානයේදී ඒ ප්‍රමාණයම නැවත නිදහස් වේ.එනම් රසායනිකව වෙනස් නොවේ.(නමුත් භෞතිකව නම් වෙනස් විය හැක.එනම් ආරම්භයේදී කැට වශයෙන් පැවතුනද අවසානයේ කුඩක් වශයෙන් පැවතිය හැක) (2) ප්‍රතික්‍රියාවට විකල්ප මර්‍යක් ලබා දෙනවා.ඒ කියන්නේ මාර්ග ආකෘතිය වෙනස් කරනවා.(ඒ නිසා උත්ප්‍රේරකයක ක්‍රියාව විශේෂිත වේ) (3) උත්ප්‍රේරක වලට එන්තැල්පි විපර්යාසය වෙනස් කරන්න බැහැ. (4) එක් ප්‍රතික්‍රියාවකට ගැලපෙන උත්ප්‍රේරක කිහිපයක් තිබිය හැකි අතර එක උත්ප්‍රේරකයකින් ප්‍රතික්‍රියා කිහිපයක් වුවද උත්ප්‍රේරණය කල හැක. (5) සක්‍රීයන ශක්තිය අඩු කල හැක්කේ උත්ප්‍රේරක වලට පමණි. (6)ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකයක් යෙදූ විට ඉදිරිපස හා පසු පස යන ප්‍රතික්‍රියා දෙකෙහිම , සක්‍රීයන ශක්තිය, ◼️ එකම සාධකයකින් ◼️ එකම ප්‍රමාණයකින් වෙනස් කරන අතර, ◼️ වෙනස් භාග වලින්, ◼️ වෙනස් ප්‍රතිශතය වලින් වෙනස් කරයි. 🔥🔥🔥 ප්‍රතික්‍රියාවක පෙළ 🔥🔥🔥 සරලවම කීවොත් මෙහෙමයි 🔶ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාව ප්‍රතික්‍රියක වල සාන්ද්‍රනයේ යම් බලයකට අනුලෝමව සමානුපාතිකයිනෙ. අන්න ඒ බලය තමා ඒ ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ කියන්නේ. 📌පෙළ රඳා පවතින්නේ ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය මත විතරයි. (ඒ නිසා උත්ප්‍රේරක මගින් නම් පෙළ වෙනස් කරන්න පුලුවන් ). 📌උෂ්ණත්වය ,පීඩනය,සාන්ද්‍රන වගේ බාහිර සාධක මොනව මතවත් පෙල රඳා පවතින්නෙ නෑ. 📌පෙලට ඒකකයක් එහෙම නෑ. 📌ප්‍රතික්‍රීකයක් සම්බන්ධයෙන් ප්‍රතික්‍රියාවක පෙල 0 හෝ 1,2,3, වැනි කුඩා පූර්ණ සංඛ්‍යාවක් විය හැකි අතර කලාතුරකින් භාග සංඛ්‍යාවක් වෙන්න පුළුවන් . 📌උත්ප්‍රේරක සම්බන්ධයෙන් පෙල (+) අගයක්. 📌ප්‍රතිපේරක සම්බන්ධයෙන් පමණක් නම් පෙල ඍණ ( - ) අගයක්. 📌ප්‍රතික්‍රියාවක ස්ටොයිකියෝමිතිය හා පෙළ අතර ඍජු සම්බන්ධයක් නොපවතින අතර ,පෙල සහ ස්ටොයිකියෝමිතිය සමාන වීම හෝ නොවීම වෙන්න පුළුවන් . (1) .තනි පියවර ප්‍රතික්‍රියාවක නම් තුලිත රසායනික සමීකරනෙ ලියලා එන ස්ටොයිකියෝමිතිය සංගුණකය වලින් පෙල හොයන්න පුලුවන් . (2). බහු පියවර ප්‍රතික්‍රියාවක නම් සීඝ්‍රතා නීර්ණ පියවරයි ඊට කලින් තියෙන පියවර වල ප්‍රතික්‍රියක වලට විතරයි පෙල තියෙන්නේ .සීඝ්‍රතා නීර්ණ පියවරට පසු පියවර වල ප්‍රතික්‍රියක සම්බන්ධයෙන් නම් පෙල ශුන්‍යයි . (උදාහරණයකට , A+B ---> AB AB + B ----> AB₂ (සක්‍රීයන ශක්තිය වැඩිම පියවර) AB₂ + C ----> D R = k [AB] [B] [AB]∝ [A] [B] R =k [A] [B] [B] R = k [ A] [B]² A ට සාපේක්ෂව පෙල=1 B ට සාපේක්ෂව පෙල =2 මුළු පෙල =3 ) Cc - sciencepanthiya
*සමතුලිතතාවයේ අවස්ථා *🔴*ස්ථායි සමතුලිතතාවය* පොඩියට විස්ථාපන දුන්නට එයාගෙ සමතුලිතතාවය වෙනස් වෙන් නෑ. 🟠 *අස්ථායි සමතුලිතතාවය* මුලින් සමතුලිතතාවයේ ඉන්නවා. හැබැයි පොඩි විස්ථාපනයක් දීපු ගමන්ම ඒයාගේ සමතුලිතතාවය බිදෙනවා. 🟡 *උදාසීන සමතුලිතතාවය* මෙයා උදාසීනයි..ඒ කියන්නෙ කම්මැලියි ... ඒක නිසා මේකෙදී එයා සමතුලිතතාවයෙම ඉන්නවා පොඩි විස්ථාපනයක් දුන්නමත්. හැබැයි මේකෙදි එයාගෙ පිහිටීමේ වෙනසක් වෙනවා.
https://t.me/Rapunzelnotes#Physics
Mix mcq points🌊ඕනම වායුවක් ජලයේ දියවීම තාප දායකයි 💥ඕනම බන්දන කැඩීමක් තාප අවශෝෂකයි 🔥ඕනම බන්දන සෑදීමක් තාප දායකයි 🍀HNO3 ට ඔ'හාරක ගුණ නැහැ ✖️ හේතුව : N දැනටමත් +5 උපරිම ඔක්සිකරන අංකෙ ඉන්න නිසා 🧪HNO3 භශ්මයක් විදිහටත් ක්‍රියා කරනවා ( උදා ; බෙන්සීන් නයිට්‍රොකරණය ) ❤️Al , Be , Sn , Pb , Zn මෙයාලා තමයි උභයගුනික ලෝහ 5 👀Cu හා Ag 50% සාන්ද්‍ර HNO3 සමග NO වායුව ලබා දෙනවා 🔴ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි 3d4 4s2 -----> 3d5 4s1 විදිහටත් 3d9 4s2 ------>3d10 4s1 විදිහටත් ප්‍රති සංවිධානය වෙනවා 🔴වැඩිම වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙන මූලද්‍රව්‍ය Cr 💫රන් පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ : ඇල්ෆා , •අංශු විශාල ප්‍රමාණයක් ගමන් මාර්ගයේ වෙනසක් නොමැතිව ගමන් කිරීම. •සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් ගමන් කිරීම •ඉතා සුළු ප්‍රමාණයක් මහා කෝණ වලින් ගමන් කිරීම •ඉතා කලාතුරකින් ආරම්භක ගමන් මාර්ගයේම ආපසු ගමන් කිරීම ⭐️සමස්ථානික වල රසායනික ගුණ වෙනස් වෙන්නේ නැහැ 🖌e පිරෙන්නේ ශක්තිය වැඩිවන එනම් ආරෝහණය වන පිලිවෙලට 🩶දියවීම් නොවීම් | AgCl | AgBr | AgI තනුක NH3 ✔️ ✖️ ✖️ ---------------------------------------------------- සාන්ද්‍ර NH3 ✔️ ✔️ ✖️ ❤️යම් ලවණයක ඇනායනයේ මව් අම්ලය ප්‍රබල නම් තනුක අම්ල වල දිය වෙන්නේ නැහැ , දුබලනම් තනුක අම්ල වල දිය වෙනවා ( ජාතකේ හොදනම් දිය වෙන්නෙ නෑ , නැත්නම් දියවෙනවා 😬) උදා : BaSO4 ගේ ඇනායනය SO42- ඒ කියන්නේ මව් අම්ලය වෙන්නේ H2SO4 එයා ප්‍රබල අම්ලයක් නිසා , BaSO4 🤍තනුක අම්ල වල දිය වෙන්නේ නැ 💛සංයෝජිත අවස්තාවේ ඉහලම ධන ඔක්සිකරන අංකය තියෙන්නේ Xe ( සෙනෝන් ) ට ( +8 ) 🔵තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මූලික ප්‍රතික්‍රියාවකට ⚫️මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමානයි ⚫️මූලික ප්‍රතික්‍රියාවක අණුකතාවය = ස්ටෝකියෝමිතිය වේ. 🔵මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතික පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතික පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවම මුලික නෙවෙයි බහුපියවර ප්‍රතික්‍රියා වෙන්නත් පුලුවන් 🟤සම්මත අවස්තාවේ සියලුම අයනික සංයෝග ඝනයි. ✔️නියත උෂ්නත්වයේ සහ පීඩනයේ පද්දතියක සිදුවන තාප විපර්යාසය තමයි එන්තැල්පිය කියන්නේ ▪️උච්ච වායු වලට තූකරණ එන්තැල්පියක් නැ 🔴පදාර්ථය හා තාපය හුවමාරු වීම, ශක්තිය | පදාර්ථය විවෘත ✔️ ✔️ සංවෘත ✔️ ✖️ ඒකලිත ✖️ ✖️ 🟢චුම්බක ක්වොන්ටම් අංකය මගින් යම් කාක්ශිකයක අවකාශයේ දිශානතිය පිලිබද විස්තර කරයි. 🟢ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන විට උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2n^2ට සමානයි. ⬇️තාත්වික වායුවක පීඩනය පරිපූර්ණ වායුවකට වඩා අඩුයි. ⏬පලමු කාන්ඩයේ ලිතියම් ( Li ) හැර අනෙත් මූලද්‍රව්‍ය වල කාබනේට ( CO32- ) හා හයිඩ්‍රොක්සයිඩ ( OH- ) තාප වියෝජනය නොවේ ⏪ඉලෙක්ට්‍රෝනකරනය වැඩි වෙන පිලිවෙල කෙල්ල Cl , ෆියෝනා F , සුදූ S , ඔන්න O , පත P , නයෙක් N (Group එකෙන් ගත්තේ ❤️ ) Cl > F > S > O > P > N 🔴ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනය වැඩිම Cl ගේ 🔴දෙවන ඉලෙක්ට්‍රෝනකරනය සෑම විටම ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනයට වඩා වැඩිවන අතර එය තාප අවශෝෂක වේ. 🔴එන්ට්‍රොපිය = අපිලිවෙල / අහඹුතාවය ( අපිලිවෙල වැඩිවන විට එන්ට්‍රොපිය වැඩිවේ ) ඝන < ද්‍රව < වායු 〰️බන්දන දිග තනි > ද්විත්ව > ත්‍රිත්ව බන්දන බන්දන බන්දන පිලිවෙලට වැඩි වැඩියි. • මුහුම්කරණය අනුව P ගුන වැඩ් වන විට බන්දන දිග වැඩියි sp < sp 2 < sp3 < sp - sp < sp - sp2 < sp - sp3 < sp2 - sp2 - sp3 < sp3 - sp3 🔘d ගොනුවෙහි Zn පමණක් ආන්තරික නෙවෙයි 🔴Zn හා Sc විචල්‍ය ඔක්සිකරන අංක නොපෙන්වයි Zn2+ , Sc3+ පමණක් පෙන්වයි. 🟠S හා P ගොනුවට සාපේක්ෂව d ගොනුවෙහි ද්‍රවාංක තාපාංක ඉහල යි. ⬆️D ගොනුවෙහි වැඩිම ද්‍රවාංක තාපාංකය - V වැනේඩියම් ⬇️අඩුම ද්‍රවාංක තාපාංක - Zn ⚡️මද්‍යනය චාලක ශක්තිය රදාපවතින්නේ උෂ්ණත්වය මත විතරයි 🫧තාපාංක සංසංදනයේදි මුලින්ම බලන්නේ භෞතික අවස්තා ⚫️V Cr Mn 4 3 4 --- උභයගුනික ඔක්සිකරන අංක ( ඒවයේ ඊට අඩු ඔක්සිකරන අංක සහිත් සංයෝග භාශ්ම්කත් , වැඩි ඔක්සිකරන අංක සහිත සංයෝග ආම්ලිකත් වේ )
Thank you Lorenzaa ❄️💗
මෙතන
1980 ඉදන් 2020වෙනකම් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ
දුස්ස්රාවීතාවකොටසින් ආපු Mcq විවරණය කරලා තියෙනවා...🫶 #Physics @Rapunzelnotes
ලමයි…ඔයාලා ඔය guessings කියා කියන ඒවා වැඩිපුර බැලුවට කමක් නෑ. ඒත් අනිත් දේවලු නොබලා නම් ඉන්‍න එපා. විශේෂයෙන් bio…
Experience එකෙන් මේ කියන්නේ❤️
