en
Feedback
Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Open in Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Show more
Buy Ad
8 179
Subscribers
-1624 hours
-577 days
-25830 days
Posts Archive
සිකුරාදායින් ඩොබී නිදහාස් 😏
සිකුරාදායින් ඩොබී නිදහාස් 😏

මේ ටිකත් බලන්න පුලුවන් අය..

Chemistry F මට්ටමෙ අය අනිවාර්යයෙන්ම අහන්න

Chemistry 1 කොටස කොහොමද?

ලමයි හෙට ගිහින් ගැම්මට ලියල කොටු කපල එන්න... ඔයාලට පුලුවන් අනේ කවුද බෑ කියන්නේ... දෙන්න ඕන බෑ කියන කෙනාට ගුටි දෙකක්.. ගැම්ම අ
ලමයි හෙට ගිහින් ගැම්මට ලියල කොටු කපල එන්න... ඔයාලට පුලුවන් අනේ කවුද බෑ කියන්නේ... දෙන්න ඕන බෑ කියන කෙනාට ගුටි දෙකක්.. ගැම්ම අරන් ගිහින් ලියල එන්න කාට නැතත් මට විශ්වාසයි ඔයා දිනනව ❤️

Essay ටික ගොඩ දාගන්න හැටි ගැන හෙට voice එකක් ගේන්නම් ලමයි 🌝❤️

කර්මාන්ත රසායනය Short Notes
+6
කර්මාන්ත රසායනය Short Notes

. රංග ගුණරත්න සර්ගේ CHEMISTRY බහුවරණ, ව්‍යුහගත, රචනා සම්පූර්ණ විවරණ #AL_API_PAPERS_GROUP .
. රංග ගුණරත්න සර්ගේ CHEMISTRY බහුවරණ, ව්‍යුහගත, රචනා සම්පූර්ණ විවරණ #AL_API_PAPERS_GROUP .

🔴 chemistry ETP , past papers වල ආව අමාරු පැටලෙන mcq quiz ටිකක් කරන්න මෙතනින්.... https://t.me/kavinotes11/4690

Inbox මැසේජ් දාලා තියෙන දරුවනේ... නොදැක්කා සේ හිටියා නෙවෙ අනේ අනේ මේ ටිකෙම Inbox බලන්න වෙලා නෑ 😓❤️‍🩹 චැනල් එකෙ ටික දා ගන්නෙ
Inbox මැසේජ් දාලා තියෙන දරුවනේ... නොදැක්කා සේ හිටියා නෙවෙ අනේ අනේ මේ ටිකෙම Inbox බලන්න වෙලා නෑ 😓❤️‍🩹 චැනල් එකෙ ටික දා ගන්නෙත් අතරින් පතර කනබොන තේ බොන වෙලාවල් වලට.. අනේ සමා වෙන්න හදිසිම අය Emergency වගෙ මැසේජ් එකක් ආය දාන් යන්න (2026 A/L ලමයි) අනේ අනිත් අයට මන් හිමීට රිප්ලයි කරන්නම් හොදේ ❤️‍🩹

‼️CHEMISTRY බහුවරණ සදහා වැදගත් කරුනු කීපයක්‼️ ✅ඉලෙක්ට්‍රොන වල ශක්තිය සංසන්දනය කිරීමට දී ඇති අවස්තාවල ඉලෙක්ට්ට්‍රෝන වල( n + L) අගය වැඩිවන විට ඉලෙක්ට්‍රොනයේ ශක්තිය වැඩිවේ. (n+L) අගය සමාන වන විටකදී n අගය වැඩි ඉලෙක්ට්‍රොනයේ ශක්තිය වැඩිය. ✅Al සිට Ga දක්වා යාමේදී පමනක් පරමාණුක අරය අඩුවේ.මෙය අරය අපගමනය වන අවස්තාවකි. ✅දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයන් අතර විද්‍යුත් ඍනතා අගයන් අත්‍ර වෙනසවල් සමාන වන අතර එම වෙනසපෝලින් පරිමානය අනුව 0.5 ක් වේ. ✅15, 16 ,17 කාන්ඩවල පහලට යාමේදී විද්‍යුත් ඍනතාව ක්‍රමවත්ව අඩුවේ අනෙක් කාන්ඩවල ක්‍රමවත් අඩුවීමක් නැත. ✅දෙවන ආවර්තයේ ඝනත්වය වැඩිම B වේ. ✅ වියුග්ම s_ඉලෙක්ට්‍රෝන අන්තර්ගත d ගොනුවේ ව් පලමු ශ්‍රේනියේ මූලද්‍රව්‍ය 2 කි.Cr ,Cu ✅ වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් පමනක් අඩංගු* d ගොනුවේ පලමු ශ්‍රේනියේ මූලද්‍රව්‍යයන් :- Sc , Cu ✅අයනික සංයෝග,සම පරමානුක හා විශම පරමාණුක සංයෝගවල ද්විතීයික අන්තර්ක්‍රියා නැත. ✅දැලිස් ශක්තිය සසදන විට පලමුව ආරෝපණ ගුනිතයද දෙවනුව අයනවල අරයන් සැලකිය යුතුය. ✅යම් අනුවක පරමානුවක් වටා හැඩය චතුස්‍තලීය වනවිට බොහෝවිට එහි පරමානුවලින් දෙකක් එකම තලයට නොපැමිනේ. ✅වායුවක මධ්‍යන්‍ය වේගය, වර්ග මධ්‍යන්‍ය මූල ප්‍රවේගයට ආසන්න වශයෙන් සමාන වේ. ✅එන්තැල්පිය මනින්නේ නියත් පීඩනය යටතේ මිස නියත පරිමාවක් යටතේ නොවේ.. ✅එන්තැල්පිය රදා පවතින සාදක 1- පීඩනය 2- උශ්නත්වය 3-ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල වල භෞතික අවස්තාව 4- ද්‍රව්‍ය ප්‍රමාණය ✅25 C දී එන්තැල්පිය ,එන්ට්‍රොපිය හා ගිබ්ස් ශක්තිය යන තුනම ශූන්‍ය වන ප්‍රබේද 2කි. 1 - H+ (aq) 2- ඉලෙක්ට්‍රෝන ✅C6H6 , C2H4 වැනි සංයෝගවල උත්පාදන එන්තැල්පිය ධන අගයක් වුවද එම සංයෝග ස්තායි වේ. ✅දැලිස් එන්තැල්පිය සදහා දැලිස තුල අයන සකස් වී ඇති ආකාරය ,අයනවල ස්කන්ධය බලනොපායි. ✅ඔක්සයිඩයේ කේන්ද්‍ර පරමාණුවේ ඔක්සිකරණ අංකයට අනුරූප ඔක්සි අම්ලයක් තිබියදීත් ජලය සමග ප්‍රතික්‍රියාකර එය ලබා නොදෙන එකම ඔක්සයිඩය SiO2 වේ. ✅CF3COOH ප්‍රබල අම්ලයකි. ✅ආවර්තිතා වගුවේ සියලු කාන්ඩ වල පලමු මූලද්‍රව්‍ය එම කාන්ඩයේ අනික් මූලද්‍රව්‍ය වලට වඩා වෙනස් ලක්ශන දරයි. ✅P ට -1 හා +3 යන ඔක්සිකරණ අවස්තාවලින් ව්‍යුත්පන්නවන සංයෝග නැත. ✅d ගොනුවේ සියලු සල්පේට ජල ද්‍රාව්‍ය වේ. ✅d ගොනුවේ *බොහෝ* මූලද්‍රව්‍ය වලට ධන ඔක්සිකරණ අංක තිබුනද *ඇතැම්විට* ශුන්‍යය හො ඍන ඔක්සිකරණ අංක පවතී. ✅4 වන ආවර්තයේ d ගොනුවේ පිහිටන Zn වලට වඩා එම ආවර්තයේ s ගොනුවේ පිහිටි Ca වල ද්‍රවාංකය වැඩිය. ✅ආවර්තිතා වගුවේ සියලු මූලද්‍රව්‍යයන් අතරින් ඉහලම විද්‍යුත් සන්නායකයකතාව Ag පෙන්වන අතර d ගොනුවේ මූලද්‍රව්‍යයන් අතරින් ඉහලම සන්නායකයකතාව Cu පෙන්වයි. ✅ I2 (අයඩීන් ) වලට වඩා ජලයේ තාපාංකය අඩුය. ✅මිනිරන් දියමන්ති බවට පත්වීමේ ප්‍රතික්‍රියාව සදහා ගිබ්ස්ශක්ති විපර්‍යාසය ඍන අගයක් වුවද ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය ඉතා ඉහල අගයක් නිසා ප්‍රතික්‍රියාව සිදුවීම සදහා වසර ගනනක් ගතවේ. ✅අනුකතාව මගින් ප්‍රතික්‍රියාවේ ශීග්‍රතාව නිර්නය නොවේ ✅ප්‍රතික්‍රියාවක පෙල අගය සෑමවිටම සෙවිය හැක්කේ පරීක්ශනාත්මකව පමනි . ✅පොස්පරස් වල සියලු ඔක්සිඅම්ල දුබල අම්ල වේ. ✅සන්නායකයකතා මිනුම් භාවිතයෙන් පමනක් අනුමානයක සමකතා ලක්ශය නිර්නය කල හැක. සාමාන්‍ය දර්ශක මගින් නිර්නය කල හැක්කේ අනුමාපනයක අන්ත ලක්ශය පමනි. ✅ද්‍රවවල ආකර්ෂණ බල ප්‍රබලතාව වායුවලට වඩා ප්‍රබල බැවින් ද්‍රවවල ගැටුම් ශීග්‍රතාව වායු වලට වඩා වැඩිය. Copied|

ද්‍රවාංක තාපාංක විචලනය ❤️
ද්‍රවාංක තාපාංක ගැන බලද්දි මුලින්ම බලන්න ඕන දීල තියෙන ඒවයේ භෞතික අවස්ථා ගැන , භෞතික අවස්ථා අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ,                ඝන > ද්‍රව > වායු විදිහට ඊට පස්සෙ බලන්න ඕන අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය වැඩිනම් ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ඒ අනුව ,                1) අයන - ද්විද්‍රැව                2) H බන්දන                3) අයන - ප්‍රේරිත ද්විද්‍රැව                4) ද්විද්‍රැව - ද්විද්‍රැව                5) ද්විද්‍රැව ප්‍රේරිත ද්විද්‍රැව                6) අපකිරණ බල පිලිවෙලට  තමයි අකර්ශන ප්‍රබලතාවය අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ හිතන්නකෝ ආකර්ශන බල විදිහට තියෙන්නේඅපකිරණ බල විතරයි කියලා, එතකොට අපකිරණ බල ප්‍රබලතාවය , පෘශ්ට වර්ගපලය සහ අනුක ස්කන්දය වැඩි වෙනකොට වැඩි වෙන නිසා ඒව වැඩි වෙන පිලිවෙලට ද්‍රවාංක තාපාංක වැඩිවෙනවා S ගොනුවේ අයගෙනම් කාන්ඩයේ පහලට ලෝහක බන්දන ප්‍රබලතාවය අඩු වෙන නිසා  භෞතික ගුන වන ද්‍රවාංක තාපාංක අඩුයි , සහ පලවෙනි කාන්ඩය එනම් ක්ශාර ලෝහ වලට වඩා දෙවෙනි කාන්ඩයේ ක්ශාරීය පාංශු ලෝහ වල ද්‍රවාංක තාපාංක වැඩියි. ඒවගේම තමයි s සහ p ගොනුවලට සාපේක්ෂව d ගොනුවේ අයගේ ද්‍රවාංක තාපාංක වැඩියි      d ගොනුවේ V ( වැනේඩියම්) ට වැඩිම ද්‍රවාංක තාපාංකත් Zn ට අඩුම ද්‍රවාංක තාපාංකත් පවතිනවා       ඒ හැරුනම D ගොනුවේ ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම කියන්න බැහැ වෙනස් වෙන විචලනයක් තමයි තියෙන්නේ ආවර්තිතා වගුවේ වැඩිම ද්‍රවාංක තාපාංක තියෙන්නේ 14 වෙනි කාන්ඩේ අයට , ඒ අතරිනුත් මිනිරන් දියමන්ති වගේ බහුරූපි ආකාර තියෙන C ( කාබන් ) ද්‍රවාංක තාපාංක වැඩිම. හයිඩ්‍රජන් හේලයිඩ වලනම් HF හි H බන්දන පවතින නිසා අනිත් හේලයිඩ වලටා සාපේක්ෂව අසාමාන්‍ය විදිහට එයාගේ තාපාංක වැඩිවේ , එනම් HF > HBr > HI > HCl පිලිවෙලට වේ.ප්‍රස්ථාර ගත කල විට V හැඩති ප්‍රස්තාරයක් ලැබේ. අයනික සංයෝගවල ද්‍රවාංක තාපාංක සහසංයුජ ඒවට වඩා වැඩියි , හැබැයි මිනිරන් දියමන්ති වගේ සහසන්‍යුජ ජාල හදන අයගේ ද්‍රවාංක තාපාංක අයනික අයටත් වඩා වැඩියි , අයනික සංයෝග විතරක් දීල තියෙනකොට දැලිස් ශක්තිය අනුව තමයි සන්සන්දනය කරන්නේ ,        ඒ කියන්නේ ඇනායනයේ , කැටායනය්‍ර්‍ර් ආරෝපණය වැඩි වෙනකොට සහ අරය අඩු වෙනකොට දැලිස් ශක්තිය වැඩියි , එතකොට ද්‍රවාංක තාපාංකත් වැඩියි.
Credit - Bunsen Burners Channel✨️

චාලක mcq points 🍁
2A + B -----> 3C • A වැයවීමේ සීඝ්‍රතාවය =                         (-)වැයවූ A සාන්ද්‍රනය/t                      ( වැයවීමක් නම් ( - ) ලකුන දාන්න ඕන 🌝 • C සෑදීමේ සීඝ්‍රතාවය =                             සෑදුනු C  සාන්ද්‍රන/t                                                           ⭐️ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය හොයන්නේ වැයවීමේ හෝ සෑදීමේ සීඝ්‍රතා අදාල සංඝටකටකයේ ස්ටෝකියෝමිතියෙන් බෙදලා 🌔 ස්ටෝකියෝමිතික 1 වන සංඝටකයක වැයවීමේ හෝ සෑදීමේ සීඝ්‍රතාවය ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට සමානයි. 🟡 ස්ටෝකියෝමිතිය පෙලට සමාන වෙන්නේ මූලික ප්‍රතික්‍රියා වලදි , නමුත් මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතිය පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවක්ම මූලික ප්‍රතික්‍රියා නෙවෙයි , ඒවගෙ බහු පියවර ප්‍රතික්‍රියාත් තියෙනවා 🟡 කිසියම් ප්‍රතික්‍රියාවක පෙල අනිවාරෙන්ම පරීක්ෂණාත්මකව හොයාගන්නේ. 🟡 ප්‍රතික්‍රියාවේ පෙල කියන්නේ මුලු පෙලට; එනම් පෙලවල එකතුවට 🟡 සීඝ්‍රතා නියතය ( K ) * සීඝ්‍රතා නියතය රදාපවතින සාධක දෙකක් තියෙනවා          1. උශ්නත්වය - උශ්නත්වය වැඩි වූ විට සීග්‍රතා නියතය වැඩියි          2. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රනය / උත්ප්‍රේරක හෝ සක්‍රියන ශක්තිය මත සක්‍රියන ශක්තිය වැඩිනම් සීග්‍රතා නියතය අඩුයි. 🟡 උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරයි කිව්වොත් වැරදී     උත්ප්‍රේරක කරන්නේ ප්‍රතික්‍රියාව සක්‍රියන ශක්තිය අඩු විකල්ප මාර්ගෙක අරන් යන එක 🟡 ප්‍රතික්‍රියාවක සීග්‍රතා නියතය උත්ප්‍රේරක මත රදා පවතී කිව්වොත් හරි ✔️ 🟡 පෙල තීරණය වෙන්නේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රනය මත විතරයි 🟡 උත්ප්‍රේරක මගින් ප්‍රතික්‍රියාවක යාන්ත්‍රනය වෙනස් කරන නිසා උත්ප්‍රේරක මත පෙල වෙනස් වේ කිව්වොත් හරි ✔️, නමුත් අනිවාරෙන් වෙනස් නොවේ. 🟡 ප්‍රතිඵල වල සාන්ද්‍රනය මත ප්‍රතික්‍රියා සීග්‍රතාවය වෙනස් වෙන්නේ නෑ , ප්‍රතික්‍රියා සීග්‍රතාවයට අදාල වෙන්නෙ ප්‍රතික්‍රියක වල සාන්ද්‍රනය විතරයි 🟡 සංඝට්ටන වාදය ( ප්‍රතික්‍රියාවක් වෙන්න තියෙන්න ඕන තත්ත්ව )         • ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටිය යුතුයි         •නිවැරැදි දිශානතියෙන් ගැටිය යුතුයි.         •ගැටුම් වල ශක්තිය සක්‍රියන ශක්තිය අබිබවායාමට තරම් ප්‍රමානවත් විය යුතුයි      හැබැයි එකක් තිබිලා මදි තුනම තෘප්ත වෙන්න ඕන 🌝 🟡 ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂකයි කියන්නේ එන්තැල්පි විපර්‍යාසය + යි එනම් අවශෝෂණයක් වෙලා ඒ කියන්නේ ප්‍රතික්‍රියාව අවසානයේ එයාගේ ශක්‍තිය වැඩි වෙලා      ශක්තිය වැඩි පද්දති අස්තායි         📚පොත් ගොඩාඩාක් එක මත එක තිබ්බොත් පෙරලනවා වගේ වැඩක් ) 🟡ප්‍රතික්‍රියාවක සීග්‍රතාවයට එන්තැල්පිය , එන්ට්‍රොපිය , ගිබ්ස් ශක්තිය වගේ ඒව බලපාන්නේ නැ 🟡තාප අවශෝශක ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය පසු එකට වඩා වැඩියි   ( එන්තැල්පි සටහනක් ඇන්දොත් ඒක පේනවා ) ප්‍රතික්‍රියාවක සීග්‍රතාවයට බලපාන සාධක :       🔴 සාන්ද්‍රනය වැඩි වූ විට වැඩිවේ [ සාන්ද්‍රනය වැඩී ----> අණු අතර ගැටුම් ගාන වැඩී -----> සඵල ගැටුම් ගාන වැඩී ( එනම් සංගට්ටන වාදය කියලා උඩ කියපු කරුනු තුනම තෘප්ත කරන ගැටුම් ගාන ) ----> එවිට සඵල ගැටුම් සීඝ්‍රතාවය වැඩියි ----> ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩියි.] 🔴 පීඩනය වැඩි වූ විට ද ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩිවේ ( වායුමය පද්දතිවල )           P = cRT ට අනුව අනෙකුත් සාධක නියත විට P ♾ C වේ , එනම්     සාන්ද්‍රනය වැඩි වූ විට පීඩනයද වැඩිවේ , පීඩනය වැඩි වූ විට ප්‍ර. සීග්‍රතාවය වැඩිවේ 🔴 උශ්නත්වය වැඩි වූ විට ද , උත්ප්‍රේරක වැඩි වූ විටද ප්‍රතික්‍රියා සීග්‍රතාවය වැඩිවේ. 🔴සාන්ද්‍රනය සහ පීඩනය  වැඩි කරන විට සක්‍රියන ශක්තිය අබිබවා යන අණු ගනන වැඩි වුවද අණු භාගය වැඩි නොවේ 🔴උශ්නත්වය , උත්ප්‍රේරක මගින් අණු භාගය , අණු ගණන යන දෙකම වැඩි කරයි. 🟡වැඩි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා බහු පියවරයි. 🟡බහුපියවර ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය රදා පවතින්නේ සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියාව මත එනම් වේග නීර්ණ පියවරද එය වේ 🔵වේග නීර්න පියවරෙහි සක්‍රියන ශක්තිය වැඩිම වේ ( සක්‍රියන ශක්‍තිය කියන්නේ ප්‍රතික්‍රියාව වෙන්න තියෙන බාධාව , බාධාව වැඩි නිසා තමයි සෙමින් වෙන්නේ ) අර්ධායු කාලය ප්‍රතික්‍රියකයක ආරම්භක සාන්ද්‍රනය අර්ධයක් වෙන්න ගතවන කාලය වේ. 0️⃣ශුන්‍ය පෙල නම්       අර්ධායු කාලය සාන්ද්‍රනයට අනුලෝමයි 1️⃣ පලමු පෙල නම්      වෙනස් නොවේ එනම් පලමු පෙල ප්‍රතික්‍රියාවක අර්ධායු කාලය නියතයි. කොයිතරම් සාන්ද්‍රනය අර්ධ උනත් අර්ධ වෙන්න ගත්වන කාලය සමානයි. 2️⃣දෙවන පෙල නම්          අර්ධායු කාලය සාන්ද්‍රනයට ප්‍රතිලෝමයි 🟡සාන්ද්‍රනය හා අර්ධායු කාලය අතර ප්‍රස්තාරය දෙවන පෙල එකක වක්‍රතාවය පලමු පෙල එකකට වඩා සාමන්යෙන් වැඩියි. 🟡උශ්නත්වය මත අර්ධායු කාලය වෙනස් වේ එනම් උශ්නත්වය වැඩි විට අර්ධායු කාලය අඩුයි ,පලමු පෙලනම් උශ්නත්වය මොකක් උනත් අර්.කා නියතයි

⚠️⚠️⚠️⚠️⚠️ CHEMISTRY පේසුරු වලට2⃣4⃣ දී අපි සකස් කර දුන් විවරණ
⏯️ පාඩම - පරමාණුක ව්‍යුහය
1.1 පරමාණුක ආකෘති ප්‍රශ්න 1.1 විවරණ 1.2 විද්‍යුත් චුම්බක විකිරණ 1.2 විවරණ 1.3 ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම් 1.3 විවරණ 1.4 ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 1.4 විවරණ 1.5 මූලද්‍රව්‍ය වල ආවර්තිත රටා 1.5 විවරණ
2️⃣ පාඩම - ව්‍යුහය හා බන්ධන
2.1 ප්‍රාථමික අන්තර් ක්‍රියා 2.1 විවරණ 2.2 අණුවල හා අයනවල ජ්‍යාමිතික හැඩ 2.2 විවරණ 2.3 ද්විතීයික අන්තර් ක්‍රියා 2.3  විවරණය 2.4 පදාර්ථයේ ඝන අවස්ථාවේ ව්‍යුහය හා භෞතික ගුණ අතර සම්බන්ධතා 2.4  විවරණය
3️⃣ පාඩම - රසායනික ගණනය
3.1 භෞතික රාශි හා රසායනික සූත්‍ර 3.1 විවරණය 3.2  ඔක්සිකරණ අංක හා තුලිත සමීකරණ 3.2  විවරණය
4️⃣ පාඩම - පදාර්ථයේ වායු අවස්ථාව
4.2  පරිපූර්ණ වායු 4.2  විවරණය 4.3 අණුක හා චාලක වාදය 4.3 විවරණය 4.4  ආංශික වාෂ්ප පීඩනය 4.4  විවරණය 4.5  පරිපූර්ණ වායු සමීකරණ සඳහා සිදු කළ සංශෝධන 4.5  විවරණය
5️⃣ පාඩම - ශක්ති විද්‍යාව
5.1  එන්තැල්පිය හා එන්තැල්පි විපර්යාස 5.1  විවරණය 5.3  බෝන් හේබර් චක්‍ර 5.3  විවරණය ✈️ AL API ( PAPERS GROUP ) .

2⃣0⃣2⃣5⃣ ෆාරිස් සර්ගේ CHEMISTRY MCQ විවරණය AL API ( PAPERS GROUP )

. 2⃣0⃣0⃣0⃣ - 2⃣0⃣2⃣2⃣ CHEMISTRY ආචාර්ය ෆාරිස් සර්ගේ විවරණ .
. 2⃣0⃣0⃣0⃣   -  2⃣0⃣2⃣2⃣ CHEMISTRY ආචාර්ය ෆාරිස් සර්ගේ විවරණ .

ඔයා හිතන් ඉන්නේ ඔයා Fail වෙයි කියලද? තාම MCQ 10-15ක්ද වැදෙන්නේ? අද දවස ඇති MCQ 30+ පන්නන්න හෙට ගහන්න.. මොකද දන්නවද ඒකට කරන්න
ඔයා හිතන් ඉන්නේ ඔයා Fail වෙයි කියලද? තාම MCQ 10-15ක්ද වැදෙන්නේ? අද දවස ඇති MCQ 30+ පන්නන්න හෙට ගහන්න.. මොකද දන්නවද ඒකට කරන්න ඕන.. 1.ඔයා ගන්න අවුරුදු 10ක MCQ past papers (2015-2025) 2.අරන් මුලින්ම 2025 පේපර් එකට පැය එකහමාරක් time තියල කරන්න.. 3.ඊට පස්සේ marking එක බලල හරි වැරදි ලකුණු කර ගන්න.. 4.දැන් වැරදුන තැන් ඇයි වැරදුනේ කියල බලන්න..විවරණයක් තියෙ නම් බලන්න නැත්තම් සම්පත් පොතෙන් කියවල බලන්න.. >මේ විදියට 2019 වෙනකම් ආපස්සට පේපර් ටික කරන් ගන්න.. මුලින් ඔයාට හරි ගියෙ MCQ 10ක් 15 වෙන්න පුලුවන් නැත්තම් ඊටත් අඩු වෙන්න පුලුවන්..2019ට විතර යද්දි ඔන්න ඔයාට සැලකිය යුතු වෙනසක් පේන්න ගන්නව.. එතනින් නවතිනවද ඉතින්? නෑ 2019 ඉදන් පිටි පස්සට ආය කරන්න ගන්න 2015 වෙනකම් අර විදියට.. අන්න ඔයාට පේනව කලින් වැරදුන තැන් ඔයාට දැන් වැරදෙන්නෙ නැ කියල.. අඩුම MCQ 35ක් ගහ ගන්න පුලුවන් මේ විදියට ඔයා අද හරිටම කරොත්.. Time තියල කරන්න..වැරදුන තැන් නෝට් එකක් හොයන් බලන්න..ඒ වැරදෙන් තැන් ආය ආය හොයල ප්‍රශ්න කරන්න..මේ විදියට කරල වැරදෙන්නෙ විදියක් නම් නෑ.. ඔයාට බැරි නෑ පුලුවන්..💪 වැටෙන්න එපා..ඔයාව දරාගන්න ඔයාට පුලුවන් ❤️
Rapunzel ✨

Mix mcq points
🌊ඕනම වායුවක් ජලයේ දියවීම තාප දායකයි 💥ඕනම බන්දන කැඩීමක් තාප අවශෝෂකයි 🔥ඕනම බන්දන සෑදීමක් තාප දායකයි 🍀HNO3 ට ඔ'හාරක ගුණ නැහැ ✖️ හේතුව : N දැනටමත් +5 උපරිම ඔක්සිකරන අංකෙ ඉන්න නිසා 🧪HNO3 භශ්මයක් විදිහටත් ක්‍රියා කරනවා ( උදා ; බෙන්සීන් නයිට්‍රොකරණය ) ❤️Al , Be , Sn , Pb , Zn මෙයාලා තමයි උභයගුනික ලෝහ 5 👀Cu හා Ag 50% සාන්ද්‍ර HNO3 සමග NO වායුව ලබා දෙනවා 🔴ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි      3d4  4s2 -----> 3d5 4s1 විදිහටත්      3d9  4s2 ------>3d10 4s1 විදිහටත් ප්‍රති සංවිධානය වෙනවා 🔴වැඩිම වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙන මූලද්‍රව්‍ය Cr 💫රන් පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ :   ඇල්ෆා ,        •අංශු විශාල ප්‍රමාණයක් ගමන් මාර්ගයේ වෙනසක් නොමැතිව ගමන් කිරීම.       •සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් ගමන් කිරීම       •ඉතා සුළු ප්‍රමාණයක් මහා කෝණ වලින් ගමන් කිරීම      •ඉතා කලාතුරකින් ආරම්භක ගමන් මාර්ගයේම ආපසු ගමන් කිරීම                  ⭐️සමස්ථානික වල රසායනික ගුණ වෙනස් වෙන්නේ නැහැ 🖌e පිරෙන්නේ ශක්තිය වැඩිවන එනම් ආරෝහණය වන පිලිවෙලට 🩶දියවීම් නොවීම්                       | AgCl | AgBr | AgI තනුක NH3     ✔️       ✖️      ✖️ ---------------------------------------------------- සාන්ද්‍ර  NH3     ✔️       ✔️     ✖️ ❤️යම් ලවණයක ඇනායනයේ මව් අම්ලය ප්‍රබල නම් තනුක අම්ල වල දිය වෙන්නේ නැහැ  , දුබලනම් තනුක අම්ල වල දිය වෙනවා ( ජාතකේ හොදනම් දිය වෙන්නෙ නෑ , නැත්නම් දියවෙනවා 😬)        උදා : BaSO4 ගේ ඇනායනය SO42- ඒ කියන්නේ මව් අම්ලය වෙන්නේ H2SO4 එයා ප්‍රබල අම්ලයක් නිසා , BaSO4 🤍තනුක අම්ල වල දිය වෙන්නේ නැ 💛සංයෝජිත අවස්තාවේ ඉහලම ධන ඔක්සිකරන අංකය තියෙන්නේ Xe ( සෙනෝන් ) ට ( +8 ) 🔵තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මූලික ප්‍රතික්‍රියාවකට ⚫️මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමානයි ⚫️මූලික ප්‍රතික්‍රියාවක අණුකතාවය = ස්ටෝකියෝමිතිය වේ. 🔵මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතික පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතික පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවම මුලික නෙවෙයි බහුපියවර ප්‍රතික්‍රියා වෙන්නත් පුලුවන් 🟤සම්මත අවස්තාවේ සියලුම අයනික සංයෝග ඝනයි. ✔️නියත උෂ්නත්වයේ සහ පීඩනයේ පද්දතියක සිදුවන තාප විපර්යාසය තමයි එන්තැල්පිය කියන්නේ ▪️උච්ච වායු වලට තූකරණ එන්තැල්පියක් නැ 🔴පදාර්ථය හා තාපය හුවමාරු වීම,                          ශක්තිය | පදාර්ථය            විවෘත       ✔️              ✔️           සංවෘත      ✔️              ✖️           ඒකලිත      ✖️              ✖️ 🟢චුම්බක ක්වොන්ටම් අංකය මගින් යම් කාක්ශිකයක අවකාශයේ දිශානතිය පිලිබද විස්තර කරයි. 🟢ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන විට උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2n^2ට සමානයි. ⬇️තාත්වික වායුවක පීඩනය පරිපූර්ණ වායුවකට වඩා අඩුයි. ⏬පලමු කාන්ඩයේ ලිතියම් ( Li ) හැර අනෙත් මූලද්‍රව්‍ය වල කාබනේට  ( CO32- ) හා හයිඩ්‍රොක්සයිඩ ( OH- ) තාප වියෝජනය නොවේ ⏪ඉලෙක්ට්‍රෝනකරනය වැඩි වෙන පිලිවෙල කෙල්ල Cl , ෆියෝනා F , සුදූ S , ඔන්න O , පත P , නයෙක් N (Group එකෙන් ගත්තේ ❤️ ) Cl > F > S > O > P > N 🔴ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනය වැඩිම Cl ගේ 🔴දෙවන ඉලෙක්ට්‍රෝනකරනය සෑම විටම ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනයට වඩා වැඩිවන අතර එය තාප අවශෝෂක වේ. 🔴එන්ට්‍රොපිය = අපිලිවෙල / අහඹුතාවය ( අපිලිවෙල වැඩිවන විට එන්ට්‍රොපිය වැඩිවේ )        ඝන < ද්‍රව < වායු 〰️බන්දන දිග            තනි      > ද්විත්ව  > ත්‍රිත්ව          බන්දන    බන්දන      බන්දන පිලිවෙලට වැඩි වැඩියි.    • මුහුම්කරණය අනුව P ගුන වැඩ් වන විට බන්දන දිග වැඩියි sp < sp 2 < sp3 < sp - sp < sp - sp2 < sp - sp3 < sp2 - sp2 - sp3 < sp3 - sp3 🔘d ගොනුවෙහි Zn පමණක් ආන්තරික නෙවෙයි 🔴Zn හා Sc විචල්‍ය ඔක්සිකරන අංක නොපෙන්වයි Zn2+ , Sc3+ පමණක් පෙන්වයි. 🟠S හා P ගොනුවට සාපේක්ෂව d ගොනුවෙහි ද්‍රවාංක තාපාංක ඉහල යි. ⬆️D ගොනුවෙහි වැඩිම ද්‍රවාංක තාපාංකය - V වැනේඩියම් ⬇️අඩුම ද්‍රවාංක තාපාංක - Zn  ⚡️මද්‍යනය චාලක ශක්තිය රදාපවතින්නේ උෂ්ණත්වය මත විතරයි 🫧තාපාංක සංසංදනයේදි මුලින්ම බලන්නේ භෞතික අවස්තා ⚫️V   Cr Mn      4    3    4  --- උභයගුනික                         ඔක්සිකරන අංක ( ඒවයේ ඊට අඩු ඔක්සිකරන අංක සහිත් සංයෝග භාශ්ම්කත්  , වැඩි ඔක්සිකරන අංක සහිත සංයෝග  ආම්ලිකත් වේ )