en
Feedback
Path to Ꭺmbition 🎓❤️✨

Path to Ꭺmbition 🎓❤️✨

Open in Telegram

A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"

Show more
1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
රේඛීය ගම්‍යතාව ; 1994-05,17,18 1995-15,51 1996-7,23,24,47 1997-18,24,25 1998-14,15,52 1999-30,42,46 2000-05 2001-03,56 2002-13 2003-04 2004-47 2005-28 2006-22,31,24,12 2007-26,28 2008-07 2009-18 2010-19,53 2011-17 2012-21,23 2013-7,50 2014-10,41,42 2015-10,17 2017-22,23 2018-18 2019-09,31,35,36,40 2020-04,23,30 2021-04,06 2022-18,19 2023-03,16,17,32,45 බලය 1994-34,36,37,48,60 1995-16,17,37,38,41 1996-21,22,45,53 1997-14,16 1998-33,59 1999-47 2000-04,49,51 2001-22,23,34,35 2004-09,10,31 2005-52,57 2006-08 2007-08,25,50 2008-2,7,20,31,32,53 2009-37,51 2010-20,31 2011-16,51 2012-20 2013-11,26,43,48 2014-14,15,38 2015-7,8,28 2016-14,15,47 2017-24,46 2018-12,13,14,28,46 2020-22 2021-18 2022-20 2023-45 පන්නරය Chem by Navinxth

ළමයි දැන් ලිව්ව ඒවා ලියලා ඉවරයිනේ .... 😒 අනේ ඒක මට අරම උනා මෙහෙම උනා කියලා ඒක හිත හිත ඉන්න එපා දැන් . ලිව්ව ඒවා ලියල ඉවරයිනේ.. අනික ඕක හිත හිත හිටිය කියලා ඔයාලට ලැබෙන්නෙ මොකක්ද කියන්නකො.😒 Mcq ගාන බැලුව කියලා මේ වෙලාවෙ කලබල වෙලා ඔයාලට ඒකෙන් මොකක්ද ලැබෙන්නෙ කියන්නකො.... 🤷‍♀ mcq 49 ක් තිබ්බා කියමුකො ඒ ගාන තියෙන කෙනත් 49 ක් තිබ්බත් අනේ තව එකයිනේ ඒක මට ගන්න තිබ්බා කියලා හිතනවනේ කොහොම උනත් නැති උනු එක වෙනුවෙන් ඒ කෙනාට දුකක් ඇතිවෙනවා .... දැන් සමහරු කියයි අනේ 49 ක් තියෙනවනම් මොකටද දුක් වෙන්නෙ කියලා . ඒ ගානක් ඇවිත් නැති නිසානේ එහෙම හිතෙන්නේ.. ඒත් ඇත්තටම හොඳටම වැඩ කරපු ඒ ගාන ආපු ළමයෙක්ට එහෙම හිතෙනවා .. 🫠ගොඩක්ම අවුල් යන්නෙ නෑ තමයි ඒ ගාන තියෙන ළමයෙක් ඒ උනාට negative vibe එකක් ඔලුවට යනවනේ තමන් තමන් වෙනුවෙන්ම . මොකද ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය . ඒ නිසා ආයෙම කියන්නේ ලිව්ව ඒවා ලියල ඉවරයි . Mcq බලපු අය අනේ මට mcq මෙච්චරයි අච්චරයි මට මොන වගේ result එකක් එයිද කියලා හිත හිත බොරුවට කාලේ නාස්ති කර කර ඉන්න එපා.😒 බොරු වැඩ කරන්න එපා.😒 තව subject එකක් තියෙනවනේ ඒක වෙනුවෙන් මහන්සි වෙන්න. ඒක වෙනුවෙන් වැඩ කරන්න....
මං දැන් ලිව්ව ඒවා ලියල ඉවරයි මං මට පුලුවන් විදියට ලිව්වා .. වෙන දෙයක් වෙයි . දැන් මං මේ තියෙන කාලෙන් ඊළඟ එක කොහොමහරි අනිත් දෙකටම වඩා හොඳට කරගන්නවා
කියලා හිතන්න.... මේ දවස් 20 ඉක්මනටම යනවා හිතන්නෙ නැති ඉක්මනට . ඒ නිසා කාලේ නාස්ති නොකර කරන්න තියෙන වැඩේ කරන් යමු ළමයි කොහොමරි. ♥️ මහන්සි උනොත් අනිවාරෙන්ම පුලුවන් . 😼👊♥️ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

🔴 සියලුම ලමයි සදහා, හෙට පොදු පරීක්ෂණේ ලියන ලමයි ටිකක් නිදාගෙන ඇහැරිලා ඒකට ටිකක් ලෑස්තිවෙන්න..හෙට ඇවිත් 2007 PAPER එක බලන්න අනිත් ලමයි කලින්ම හොද නින්දක් දාන්න , කාමරයක් ඇතුලේ කාලයක් කොටුවෙලා හිටියනම් පොඩ්ඩක් ඇවිදින්න ආස ලමයි ඇවිදල එන්න. අද ‍රෑ හෝ හෙට උදේ ඇහැරලා 2007 A/L PHYSICS MCQ , ESSAY සහ STRUCTURED PAPERS ඊයේ කියපු විදිහට කරලා හෙට හවස SPECIAL MEETING එකට ලෑස්තිවෙන්න. හෙට හවස අපි 20 DAY GOLDEN PLAN එකට අදාල SPECIAL MEETING එක ගන්නවා GOLDEN PLAN එක හරියටම කරලා සියලු ඇරියස් කවර් කරන්න PHYSICS එකෙන්. වැඩිම Z එකක් එන SUBJECT එක තාම ඉතුරුයි

🔴2024 AL සති තුනක GOLDEN සැලැස්ම. SPECIAL MEETING විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ල
🔴2024 AL සති තුනක GOLDEN  සැලැස්ම. SPECIAL MEETING විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ලමයි. සියල්ල තීරණයවෙන්නේ අවසන් Z SCORE එකෙන් මේපාර අනිත් විෂයන් වල ප්‍රශ්න පත්‍ර ස්වභාවයත් එක්ක හරියටම බලලා PHYSICS PAPER එකට 🟡නිවැරදිවම ලෑස්තිවෙන විදිහ 🟡වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල් 🟡 S,F ඕනෑම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න හොදම සැලැස්මක් 🟡 C,B,A සදහා RANK ම TARGET කරන්න සැලැසුම් 🟡සියලුම ලමයින්ට මේ දවස් 20 දිනපතා වැඩකරන්න සැලැස්මක් සමග සියලුම අවශ්‍ය දේවල් . දිනපතා ඕනේම මට්ටමක ලමයෙක් කලයුතු දේ වෙනවෙනම සැලසුම් කරලා තියෙන්නේ . ICT සහ APPLIED එක්කත් ගැලපෙන්න වෙනමත් හදලා තියෙනවා අවශ්‍ය ලමයින්ට හෙට MEETING එකේදී කතාකරමු. මේක හොදටම PLAN කරලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වෙලාවක්. ⛔හෙට දෙසැ 07 සෙනසුරාදා රෑ 8ට SPECIAL MEETING එකේදි වැඩේ හරියටම කතාකරමු . යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට ලොකුම උදව්වක් වෙයි.LINK එක පහත TELEGRAM චැනල් එක හරහා ➡️ Telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ඔන්න බලාගන්න එකයි ඇත්තේ 😒

🔴 MCQ Marking ඉල්ලපු ළමයින්ට වගකීමෙන් කියන්නෙ මේකෙ උත්තර 100% හරි ළමයි ❤️ ගිය පාරත් අපි දීපු Marking වලින් එකක්වත් වෙනස් උනේ නැහැ 🔥 https://t.me/bioarishte යාලුවො හැමෝටම Share කරන්න ❤️

බලලා අහුවෙන්න එපා 👋
බලලා අහුවෙන්න එපා 👋

ආ තව දෙයක් කවුරුවත් MCQ නම් බලන්න යන්න එපා දැන්ම ....😒🔪 මෝඩ වැඩනම් කරන්න එපා ළමයි . කොච්චර කිව්වත් සිංහල තේරෙන්නෙ නැති පිස්සො ටිකක් ඉන්නවා කියලා දන්නවා ඉතින් 😒 බලන්න එපා කියන්නෙ බලන්න එපා නිසා දෙයියනේ😤 . මොකද ගිය පාරවල් වල  mcq 18 තිබිලත් B එකක් ආපු ළමයි ඉන්නවා මං හොඳටම දන්න මගෙ යාලුවෙක් ඉන්නවා..🌝♥️ හැබයි එයත් ඇවිත් ඔය ඔයාලා කරන මෝඩ වැඩේ කරානම් ඒ කිව්වේ mcq බැලුවනම් සමහරවිට එයාට B එකක් නොඑන්න තිබුනා....😒 ඒක එයාම අද කියනවා . ඒක නිසා මෝඩ වැඩ කරන්න එපා ළමයි . සිංහල තේරුම් අරගෙන කියන දේ අහල ඉන්න 😒 MCQ බලන්න එපා එපා එපාම තමයි මෙච්චර කියලත් තේරෙන් නැත්නම් ඉතින්......😒😤

හරී... ගොඩක් අය හොඳට කරලා තියෙනවා නේද. මරු ❤️🔥 ඔයාලා ඒ ප්‍රශ්න ටික හොඳට කරපු එක ගැන ඇත්තටම සතුටුයි 🙈♥️ දැන් ඊළඟ එකටත් මහන්සි වෙමු ළමයි..... අද දවසේ හොඳට නිදාගන්න ටිකක් .🌝♥️ ඊයේ දවසේ ඔයාලා chemistry වලට බය වෙලා මහන්සි උනු විදියටම physics වලටත් මහන්සි වෙන්න ළමයි ඒ ගැම්ම අඩු නොකරම තියාගන්න... දැන් subjects 02 ක් ඉවර නිසා අපිට බලාගන්න තියෙන එකම එක subject එකක් විතරයි🥳 ඒ නිසා ඕනිම මට්ටමේ ඉන්න ළමයෙක්ට මේ දවස් 20 ඇතුළත ගේමක් ගහගන්න පුලුවන් අනිවාරෙන්ම මේ මහන්සි උනු විදියටම මහන්සි උනොත්....... 🌝♥️ මුලින්ම අද දවසෙ හොඳට නිදාගෙන ඔලුවට පොඩි rest එකක් දීලා ඊටපස්සේ ගැම්මට පටන් ගන්න ළමයි.... 😚 දවස් 20 ක් තියෙනව කියලා කාලේ කාලා අන්තිම දවසේ අනේ තව දවසක් තිබ්බනම් කියලා නහයෙන් අඬන්නනම් එපා.... 😒💔 නොදැනිමයි කාලේ ගතවෙන්නේ ඒ නිසා මේ දවස් 20 ත් ඔය හිටියා වගේම social media වලින් ඈත් වෙලා මනෝ පාරවල් හිතලම අඩු කරලා ඊයේ දවසෙ chemistry වලට වැඩ කරා වගේම කරන්න ළමයි..... කරන්න හිතෙන්නෙ නෑ තමයි ඇත්ත.. අපි බලෙන් කරන්නයි ඕනි....😼♥️ Comment දාලා delete කරන්න එපා අනේ😂 මට සතුටුයි ඒවා දැක්කම ඇත්තටම . 🌝♥️ reply කරන්න එනකොට comment එක නෑහ් 😪

මරු හැබැයි..🐦‍🔥
මරු හැබැයි..🐦‍🔥

කර්මාන්ත ප්‍ර්‍රශ්නේ කරපු අය සිටීද ?.... 🌝❤️

හරි ළමයි.......🌝♥️ එහෙනම් ඔයාලා හැමෝටම අද හොඳටම ලියාගන්න පුලුවන් වෙන්නෝනී....
"පාඩම් කරපු හැමදේම මතක් වෙන්න වගේම එවෙලෙට නිවැරදි පිළිතුරු ගන්න අවශ්‍ය නුවණ පහළවේවා " කියලා ප්‍රාර්ථනා කරනවා 🌝♥️
තමන්ගේ උපරිමය කරලා එමු හැමෝම 🌝♥️ ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

Electro ප්‍රශ්නවල භෞතික තත්ව දාලා නැත්නම් ලකුණු හම්බෙන්නෙ නෑ හොඳේ .... මතක ඇතුව inorganic වගේම electro , physical ප්‍රශ්නවල උනත් භෞතික තත්ව් දාන්න.... ඒකක දාන්න සමීකරණයකට ආදේශ කරන පියවරේ ගොඩක් වෙලාවට ඒකක නැත්නම් ලකුණු දෙන්නෙ නෑ.... ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

ප්‍රතික්‍රියාවක වේග නියතය රඳා පවතින්නේ ඒ කියන්නේ වේග නියතය වෙනස් වෙන්නෙ උෂ්ණත්වයයි , යාන්ත්‍රණයයි මත විතරයි හොඳේ..... ✨උෂ්ණත්වය නියතයි කියලා තියෙනවනම් ඒ කියන්නේ ප්‍රශ්නේ දීලා තියෙනවාම් නියත උෂ්ණත්වයකදී / දි ඇති උෂ්ණත්වයකදී / එකම උෂ්ණත්වයකදී / ඉහත උෂ්ණත්වයදීම කියලා දීලා තියෙනවනම්....... ✨උත්ප්‍රේරක දානව කියලත් සඳහනක් නැත්නම් ....... එයාලා මොනව දත්ත දීලා ඇති තරම් දත්ත දීලා සාන්ද්‍රණය / පීඩනය මෙච්චරක් කරාම වේග නියතය වෙනස් වන්නේ කෙසේද / වේග නියතයේ අගය සොයන්න ඔන්න ඔහොම දීලා තිබ්බොත් අපි ලියන්න ඕනි උත්තරේ මොකක්ද 😒 ඇයි දෙයියනේ උඩ කිව්වේ ......😒 වේග නියතය වෙනස් වෙන්නේ උෂ්ණත්වයයි , යාන්ත්‍රණය මතයි විතරයි උෂ්ණත්වය නියත නිසා වේග නියතය වෙනස් නොවේ කියන එකයි අපේ උත්තරේ වෙන්නෝනි තේරුනාද 😒 මොකක්ද....වේග නියතය හොඳේ........ පටලවගන්නෙපා හරිද.....😒 ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

අනිවාර්යෙන්ම ළමයි බුදු සරණයි ♥️
අනිවාර්යෙන්ම ළමයි බුදු සරණයි ♥️

ඕසෝන් වියන හායනය වෙන්න ස්වාභාවිකව -: ප්‍රභල ගිනිකඳු පිපිරීම් බලපානො 🔅 හානිය තාවකාලිකයි 🔅කෙටි කාලයකින් ආයෙ යථා තත්වයට එනෝ. මිනිස් ක්‍රියාකාරකම්-: වාෂ්පශීලි සංයෝග CFC BFC ( බ්‍රෝමීන් අඩංගු වාෂ්පශීලී සංයෝග) ගුවන් යානා පිට කරන NO වායුව 🔅හානිය ඉතා බරපතළයි 🔅ප්‍රත්‍යාවර්ත නෑ ✨CFC සම්පූර්ණයෙන් ම හදපු එකක් 100% ම හදපු එකක් ඒක. ඕසෝන් එක්ක සෘජුව ප්‍රතික්‍රියා කරන් නෑ. වායුගෝලයට නිදහස් වෙන්නේ , 🔅සිසිලන වායුවක් ව්දියට • වායු සමන යන්ත්‍ර • ශීතකරණ 🔅විසුරුම්කාරක විදියට • සුවඳ විලවුන් වලින් 🛑ඕසෝන් වියන හායනයේ අහිතකර බලපෑම් • සමේ පිළිකා • ඇසේ සුද • ජාන විකෘතිතා සහිත ශාක බිහිවීම • රෙදිවල වර්ණක විරංජනය 🛑ඕසෝන් වියන ආරක්ෂා කරගන්න 🔅මොන්ට්‍රියල් සම්මුතිය -: CFC නිපදවීම නවතා දැමීම 🔅CFC වෙනුවට ආදේශක • කලින් -: මුලින්ම HCFC දෙවෙනියට HFC • වර්තමානයේ HFO R600a ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

එතනෝල් , ✨සුවඳකාරක සුවඳවලවුන් විදියට ✨පරිසර හිතකාමී , පුනර්ජනනය කරන්න පුලුවන් ✨ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වයෙන් නිපදවන එතනෝල් ජෛව එතනෝල් ✨කාර්මික එතනොල් එතිලීන් සජලනයෙන් , යීස්ට් හමුවේ සීනි , පිෂ්ටය පැස්වලා ✨බ්‍රැන්ඩි -: වයින් ආසවනයෙන් අරක්කු -: පොල් රා ආසවනයෙන් ✨පැසීමෙන් ගන්න පුළුවන් එතනෝල් ප්‍රතිශතය -: 12% ඒකට හේතුව -: යීස්ට් වල ජීවය පවත්ව ගන්න බෑනේ ඉතින් සාන්ද්‍ර එතනෝල් ද්‍රාවණයක් උනාම ඒකයි. ✨භාගික ආසවනයෙන්නම් 96.5% ක වගේ එතනෝල් සාන්ද්‍රනයක් ගන්න පුලුවන් . ✨පැසීමේදී වෙන්නේ ...... වාතයේ පාවෙන යීස්ට්ලා වගේ දිලීරවල බීජාණු මී රා මත තැන්පත් වෙලා ... ඒව වල තියෙන සීනි මත වර්ධනය වෙනවා සීනි උපස්තරයක් විදියට අරගෙන . ඊටපස්සේ යීස්ට් සෛල වලින් නිපදවෙන එන්සයිමවලින් ,👇 ( සීනි ➡️➡️➡️➡️➡️➡️ මද්‍යසාර + CO2 ) බවට පත් වෙනවා. ✨පැසුණු රා තව තියෙන්න දෙන්න බෑ ගොඩක් වෙලා මොකද එහෙම උනොත් බැක්ටීරියා ක්‍රියා කරලා මද්‍යසාරය ඔක්සිකරනයෙන් ඇසිටික් අම්ලය කරනවා.....ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

දැන් ඉතින් හුමාල ආසවනයෙන් කිව්වනේ මේක කරන්නේ 😪 එතකොට මේක ආංශික පීඩන නියම වලින් පැහැදිලි කරන්න පුලුවන් 💁‍♀ දැන් මෙහෙමනේ .......🌝 ජලයත් එක්ක මේ ශාක කොටස් රත් කරනකොට පටකවලට හානි වෙලා වාෂ්පශීලී සංයෝග නිදහස් වෙනවා හරිද...... 😪 ඊටපස්සේ..... ඉතින් මේ නිසා මොකද වෙන්නේ වායු කලාපෙට යනවා ජලවාෂ්පයි වාෂ්පශීලී සංයෝගයි . ඉතින් මේ නිසා පද්ධතිය නටන උෂ්ණත්වයේදී ජලවාෂ්පවලිනුයි සගන්ධ තෙල්වලිනුයි ඇති කරන පීඩනවල එකතුව බාහිර වායුගෝලීය පීඩනයට සමාන වෙනවා.. මේ නිසා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයට අනුව කියන්න පුලුවන් .... සගන්ධතෙල් ජලවාෂ්ප මුළු පීඩනය = ආංශික + ආංශික පීඩනය පීඩනය කියලා .... මුලුපීඩනය වායුගෝලීය පීඩනයට සමානවෙනකොට තමයි ඉතින් මිශ්‍රණය නටන්නේ.. 🌝 ඒ හින්දා මොකක්ද කියන්න පුලුවන් දේ ,,, මිශ්‍රණයේ තාපාංකය පිරිසිදු ජලයේ තාපාංකයටයී සගන්ධ තෙල්වල තාපාංකයටයි වඩා අඩුයි.... ✨මේ නිසා 100 °C ට අඩු උෂ්ණත්වවලදී සගන්ධ තෙල් නිස්සාරණය කරගන්න පුලුවාන්න්න්...🌝♥️

ශාකද්‍රව්‍ය වලින් නිස්සාරනය කරන ජලයේ අද්‍රව්‍ය වාෂ්පශීලී ද්‍රව තමයි සගන්ධ තෙල් කියන්නේ.. ✨මේවටම ලාක්ෂණික ගන්ධයක් තියෙනවා ✨සුවඳ විලවුන් නිපවදන්න ආහාර වර්ග සුවඳවත් කරන්න ගන්නවා ✨යොදාගන්න සුලබ ශාක කුරුඳු පැඟිරි කරදමුංගු කරාබු වින්‍ටග්‍රීන් ✨කුරුඳු වලනම් පොත්ත , මුල , කොළ , ඔක්කොම ගන්නවා ✨කුරුඳු වල ඒ ඒ කොටස් වල තියෙන ටික මෙහෙම මතක තියාගන්න සර් කෙනෙක් කියපු එකක් ඔයිට කලින්👇 කරුව මුල පොත්ත සිනිඳුයි ඊයා පත්‍ර කරුව මුල කිව්වේ කැම්පර් මුලේ , පොත්ත සිනිඳුයි කිව්වේ පොත්තේ සිනමැල්ඩිහයිඩ් ඊයා පත්‍ර කිව්වේ කුරුඳු කොළවල තියෙන්නෙ ඉයුජිනෝල් ✨පැඟිරි තෙල්වල අඩංගු ප්‍රධාන සංඝටකය -: ජෙරනියෝල් ✨සගන්ධ තෙල් නිස්සාරණය කරන්නේ ගොඩක්ම හුමාල ආසවනයෙන් ✨නිස්සාරණයට , ද්‍රාවක නිස්සාරණය , තෙරපුම් ක්‍රමයත් ගන්නවා තෙරපුම් ක්‍රමය ගන්නේ කලාතුරකින් ඒකට හේතුව තමයී...👇 1 ) ලැබෙන ඵල ප්‍රමාණය අඩුයි ඒකෙන් 2) තෙල් අනිත් කාබනික ද්‍රව්‍ය එක්ක මිශ්‍ර වෙන්නත් පුලුවන් ✨පැඟිරි සාමාන්‍යෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකින්න හම්බෙනවා . ප්‍රධාන පැඟිරි වර්ග 03 යි 1.හීන් පැඟිරි 2.ලේන බටු 3. මහ පැඟිරි මේක හුමාල ආසවනයෙන් නිස්සාරණය කරද්දි , 🛑පහළ උෂ්ණත්ව වලදි තමයි නිස්සාරණය කරන්නේ... මොකද හේතුව........ 👇 බොහො තෙල් වර්ග තාපය නිසා වියොජනය වෙන්න හරි බහුඅවයවීකරණය වෙන්න හරි පුලුවන් හරිද ඒ නිසා පහල උෂ්ණත්ව යටතේ තමයි ඔන්න ඕක කරන්නේ...🌝♥️ ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™