en
Feedback
Path to Ꭺmbition 🎓❤️✨

Path to Ꭺmbition 🎓❤️✨

Open in Telegram

A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"

Show more
1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
🧪🧪 දැන් ඉතුරු වෙල තියෙන්නේ දෙවෙනි පෙපරේ ඒකත් ඊට වඩා සාර්ථකව කරමු ළමායී...♥️✊

රබර්වල , ✨ප්‍රත්‍යාවර්තී ඉතා ඉහළ ප්‍රත්‍යස්ථ ගුණ දක්වන බහුඅවයවිකය වෙනවා. ✨රබර් ක්ෂීරයේ , 30%-35% -: රබර් 60%- 65% -: ජලය ✨රබර් කිරි , කැටි ගැසෙන්න දාන්නේ -: ෆෝමික් , ඇසිටික් කැටි ගැසීම වළක්වන්න -: NH3 ✨සල්ෆර් 1% - 3% ත් අතර දැම්මොත් වල්කනයිස් රබර් හදාගන්න පුලුවන් 25% - 35% එබනයිට් හැදෙනවා 👆මේකනම් ඇහුවොත් සමහර වෙලාවට ප්‍රතිශත අහන්නෙ නැතුව අඩුවෙන් දැම්මොත් වැඩියෙන් දැම්මොත් කියලා අහන්නත් පුලුවන් . ✨වල්කනයිස් රබර් වල • ප්‍රත්‍යස්ථතාව වැඩියි • නොඇලෙන සුළුයි • තාපයට හොඳට ඔරොත්තු දෙන්න පුලුවන් ✨රබර් ක්ෂීර ද්‍රාවණයෙන් හදන්නෙ රබර් ග්ලවුස් වගේ දේවල් ✨ කිරි කැටිගැසීමෙන් හදපු රබර් වලින් ටයර් , සෙරෙප්පු වගේ දේවල් ✨රබර් අංශුවල තියෙන්නෙ ලිපිඩ ප්‍රෝටීන් ආවරණයක් ✨රබර් කිරි කැටිගැහෙනවා කියන්නේ මොකක්ද එතකොට 🤷‍♀, මෙහෙමයි......., පිටත ස්තරයේ තියෙනවා COO- කාණ්ඩ ඒ නිසා බාහිර පෘෂ්ඨයට සෘණ ආරෝපණයක් ලැබෙනවා..... හරිද.... ඊටපස්සේ...... ඒ සෘණ ආරෝපිත අංශු අතර හටගන්න ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල තියෙනවනේ මේවා නිසා පෘෂ්ට අතර විකර්ෂණ බල ඇති වෙලා ඒව එකිනෙක් සම්බන්ධ වෙන්න බෑ 🫠 හැබැයි......., අම්ල එකතු කරනකොට H+ , COO - වලට බැඳිලා ඒවා උදාසීන කරනවා. ඒ නිසා පෘෂ්ඨ විද්‍යුත් උදාසීනතාවයකට පත්වෙලා අංශු එකෙනෙක ස්කන්ධයක් විදියට තැන්පත් වෙනවා 😉 ඔන්න ඕක තමයි ඒක 🌝❤️ ඒක කිව්වේ රබර් කිරි කැටිගැහෙනව කියලා කියන්නේ ඔන්න ඕකට 😒 ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

ජෛව ඩීසල් වල , ✨අමුද්‍රව්‍ය -: ශාකතෙල් මෙතනෝල් ✨ප්‍රධාන උත්ප්‍රේරකය -:NaOH ✨NaOH ට අමතරව භාවිත කරන උත්ප්‍රේරක සමජාතීය ඒවා-:KOH , NaOCH3 විෂමජාතීය ඒවා -: MgO ,ZnO ✨වාසි-: හිතකර වායුගෝලිය තත්වයක් ඇති කරනෝ වැඩි තාප ප්‍රමාණයක් දෙනවා පුනර්ජනනීය ඉන්ධනයක් CO2 නිදහස් වීම අවමයි ✨අවාසි -: අඩු උෂ්ණත්ව යටතේ භාවිත කරන්න බෑ ගබඩා කිරන්න වැඩි පරිමාවක් ඕනි ✨අතුරු ඵලයක් විදියට සබන් හැදෙන්න පුලුවන් ✨කාර්මිකව නිපදවනකොට ආකාර දෙකයි ශීත ක්‍රියාවලිය උණුසුම් ක්‍රියාවලිය ✨අවසාන ඵලයට අමතර හැදෙනවා ග්ලිසරෝල් ✨ග්ලිසරෝල් ගන්නවා රූපලාවණ්‍ය නිෂ්පාදනයට සිසිලනකාරක විදියට ස්ඵෝටක විදියට ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

භාෂ්මික මාධ්‍යයේදී H2O2 දානකොට කහපාට ද්‍රාවණයක් ලැබෙනවා කියලා දීලා තිබ්බොත් සමහර විට මේ Cr වෙන්න පුලුවන් කියලා ඔයාලා සැක කරන්න හරිද....🌝 CrO4 2- -: කහපාටයි. Cr2O7 2- -: තැඹිලි පාටයි. ( ඒවනම් දන්නවා නේද . දන්නව උනාට කමක් නෑ පන්ඩිත නොවී බලාගන්නකෝ.. ) ඔය ටික බලාගන්න යන්නේ විනාඩි 10 යි 😌 ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

ඔහොම්ම බලාගන්න චුට්ටයිනේ තියෙන්නෙ .. අනිත් ඒවත් බලාගන්න හොඳේ.... මේක එයිද නැද්ද දන් නෑ නිකමට කිව්වේ හිතුන නිසා🌝♥️ කෝකටත් බලා
ඔහොම්ම බලාගන්න චුට්ටයිනේ තියෙන්නෙ .. අනිත් ඒවත් බලාගන්න හොඳේ.... මේක එයිද නැද්ද දන් නෑ නිකමට කිව්වේ හිතුන නිසා🌝♥️ කෝකටත් බලාගන්න එක හොඳයිනේ ඉතින් ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

Cr2O3 උභයගුණී ඔක්සයිඩ් එකක්.... නිල් කොළ පාටයි ඔක්සිකරණ අංකය +3 යි.. ක්‍රෝමියම් වල රසායනයත් කෝකටත් කියලා බලාගන්න 🌝♥️ චුට්ටයිනේ ඒක තියෙන්නනම් ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

කර්මාන්ත කරන ළමයින්ට ඒ ප්‍රශ්නෙට අමිල සර් වැඩියෙන්ම බලාගන්න කියපු දේවල් අනේ සමාවෙන්න ළමයි මේවා දාන්න පරක්කු උනාට අසනීපෙන් හිට
කර්මාන්ත කරන ළමයින්ට ඒ ප්‍රශ්නෙට අමිල සර් වැඩියෙන්ම බලාගන්න කියපු දේවල් අනේ සමාවෙන්න ළමයි මේවා දාන්න පරක්කු උනාට අසනීපෙන් හිටියෙ උදේ ඒකයි.. තාමත් කාලය තියෙනවා බලාගන්න.... ස්ට්‍රෙස් නොවී හෙමින් සැරේ ප්‍රශ්න වලින් හරි බලගන්න. ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

ළමයි chemistry past papers අන්තිම අවුරුදු ටිකේ ටික marking scheme එකත් එක්කම දාලා තියෙන්නෙ උඩ 👆 https://t.me/pathtoambition/1859

7 වෙනි Essay එක කරන කෙනෙක්ට ඒකේ b කොටස කරන් යද්දි බලාගන්න වැදගත් යයි. ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™
7 වෙනි Essay එක කරන කෙනෙක්ට ඒකේ b කොටස කරන් යද්දි බලාගන්න වැදගත් යයි. ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

උත්‍තරනම් බලන්න එපා ළමයි කොහොමත් .... දැන් ඔයාලා MCQ එක කරලා ඉවරයිනේ ඕකෙ උත්තර ගාන බැලුවා කියලා ඔයාලට ඕක ගිහින් වෙනස් කරන්න බෑනේ.... EXAM ඉවර වෙනකන් MCQ ගනන් බලන්න යන්න එපා කිසිම Subject එකක . ඒකෙන් ඔයාලට නොදැනිම ඔයාලටම හානියක් වෙන එකයි වෙන්නෙ. 😒 මෝඩ වැඩනම් කරන්න එපා.😒😑

අපේ පන්තියේ නම දාලා MCQ උත්තර මාලාවක් share වෙනවා ළමයි. ඒ ගැන පොඩි දැනුවත් කිරීමක්.

ළමයි දැන් mcq එක ඉවරයිනේ....දැන් ඒක ගැන හිතන්නෙපා දැන් 2nd එකට ready වෙන්න..... පොඩ්ඩක් rest එකේ ඉඳලා අනිත් එකට ready වෙමු හැමෝම.. chat groups වල කාලේ නාස්ති කරන්න එපා 🌝♥️

2024 Chemistry MCQ Paper

එහෙනම් ළමයි කලබල නොවී අද හොඳට ලියමු හැමෝම.... එහෙනම් මෙන්න මගේ ප්‍ර්‍රාර්ථනාව ....🌝♥️ ඔයාලා හැමෝම පාඩම් කරපු දේවල් කලින් පාඩම් කරපු දේවල් මතක් වෙන්න වගේම ඒ වෙලාවෙදි ඔයාල හැමෝටම හොඳින් ප්‍රශ්නය පෙනිලා "නිවැරදි පිළිතුරටම ඔයාලගේ ඇස යොමු වේවා ! " ♥️✨ තමන්ගෙ උපරිමය කරල එමු හැමෝම ♥️✨ බුදු සරණයි !.

එතකොට ප්‍රශ්නයක් ආවොත් නියත උෂ්ණත්වයේ දී සංවෘත දෘඪ බඳුනක C ඝනය වියෝජනයට ලක් වෙලා A+ B හැදෙනවා C ඝනය තවත් වැඩි කරාම ආපසු ප්‍රතික්‍රියවල සීඝ්‍රතාවය අඩු වේ , වැඩි වේ , වෙනස් නොවේ කියලා මොකක්ද අපි උත්තරේ ගන්න ඕනී.... පිස්සු කරන්නේපා හොඳේ එයාලා මොන දත්ත දීලා තිබ්බත් ඝනයක්නම් එකතු කරන්නේ වෙනස් වෙන්නෙ නෑම තමයි ඉතින් එතකිට උත්තරේ මොකක්ද වෙනස් නොවේ කියන ක තේරුනාද 😒

ඝන , සංශුද්ධ ද්‍රාවණ , ද්‍රාවක මේවගේ සාන්ද්‍රණ සමතුලිත ප්‍රතික්‍රියාවලට කිසිම විදියේ බලපෑමක් ඇති කරන්නේ නෑ නෑ නෑමයි....... #mcqpointche ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

පේනවනේ එකම points කැරකිලා එන විදිය. #mcqpointche ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™
පේනවනේ එකම points කැරකිලා එන විදිය. #mcqpointche ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

මේකනම් ඇති ගොඩක් අය ළඟ ..මේකත් බලාගන්න.... NaOH කාට විතරද පුලුවන් ප්‍රතික්‍රියා කරන්න වායු දෙන්නෙ කවුද ඒවා පොඩ්ඩක් ඕකෙන් බලන්
මේකනම් ඇති ගොඩක් අය ළඟ ..මේකත් බලාගන්න.... NaOH කාට විතරද පුලුවන් ප්‍රතික්‍රියා කරන්න වායු දෙන්නෙ කවුද ඒවා පොඩ්ඩක් ඕකෙන් බලන් යන්න. #mcqpointche ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

ඔයාලට අමතක ඒවා බලල exam එකට යන වෙලාව ඇතුළත අහන්න පුලුවන් ..... පරිසර දූෂණය වොයිස් දාලා තියෙන නිසා මං එවගෙන් වැඩිය දැම්මේ නැත්තේ . ඒවා යන ගමන් උනත් අහන්න පුලුවන් නිසා.... වැදගත්ම ඒවා තමයි බල බල දැම්මේ...... මට තියෙන වෙලාවත් බලල තව අහුවෙන ඕනිම කියලා හිතෙන points තිබ්බොත් දාන්න උපරිම try කරන්නම් හරිද

ඕසෝන් O3 CFC සමඟ සෘජුව ප්‍රතික්‍රියා කරන්නේ නෑ ළමයි හරිද ..... ක්ලෝරීන් මුක්ත ඛණ්ඩක හරහා තමයි ප්‍රතික්‍රියා කරන්නේ එහෙම ප්‍රතික්‍රියා කරලා තමයි ඕසෝන් ස්ථරය ක්ෂය කරන්නේ.... එතකොට හොඳට කියවන්න😒 සෘජුව කියලා තිබ්බොත් වැරදිම වැරදී ......... #mcqpointche ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™