Path to Ꭺmbition 🎓❤️✨
Open in Telegram
A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"
Show more1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
#Note 🔖
Exam එකක් ඇත්තටම මට දැන් සාමාන්‍යයි..🤷♀
එක්සෑම් එකක් කියන්නේ බයක් ඇති කරගන්න තියෙන දෙයක් නෙවෙයි.ජීවිතේ පිම්මක් පනින්න තියන තැන් එච්චරයි.ඉතින් අරමුණක් තියන් හොදට ඉගෙනගන්න...☺️මහන්සි වෙලා මහන්සි වෙලා එක්සෑම් එකක් පාස් වුණාම මට නම් සතුටට ඇඩෙනවා 🥹 ඔයාලටත් එහෙම වෙන්න ඇති....♥️ ඒ සතුට කොහෙන් ගන්නද බන් ? කඩෙන් , ඇදුමකින් , තෑග්ගකින් , එහෙමත් නැත්තම් කෑමක් කාලා එහෙම සතුටක් ලැබෙන්නේ නෑ. තව ඔයා වටේ ඉන්න අයත් කොච්චර සතුටු වෙනවද ?
සතුටක් ඉතිරිකරනවා කියන්නේ , මේ වගේ වැඩක් , පුoචිම පුoචි එක්සෑම් එකක් පාස් වෙන එක..🥳විශ්වාස කරන්න , හදවතින් ඔයා මහන්සි වෙනවනම් දෙවියෝ ඔයාව රකිනවා , ඔයාට ශක්තියක් දෙනවා.(මේක මම අත්විදපු දෙයක්..ඉතින් ඔයාටත් එහෙමමයි🥹)ඉතින් අවසානෙට ඔයා නතරවෙන්නෙත් දිනලමයි ✊
" දවසක මම හිත හොද දොස්තර කෙනෙක් "
ඉතින් කැපකිරීම් එමටයි.අනිවාර්යෙන්ම ඒ හීනේ අපි දිනමු...🤫♥️✨⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
භූ කම්පන තරංග
ප්‍රධාන වර්ග 2 යි
1.) පෘථිවි අභ්‍යන්තර තරංග
2.) පෘෂ්ඨීය තරංග
🤎පෘථිවි අභ්‍යන්තර තරංග
⭕️ පොළොව තුලින් යන්නේ . (නැත්නම් ඉතින්
අභ්‍යන්තර තරංග කියන්නේ පිස්සුවටද 😪😒)
⭕️ පෘෂ්ඨීය තරංගවලට වඩා වේගවත්
⭕️ ඉහල වේග
⭕️ ඉහළ සංඛ්‍යාත තියෙනවා.
⭕️ හානියක් නෑ.
වර්ග 2 යි
✨ P තරංග (ප්‍රාථමික තරංග )
🖤 අන්වායාම තරංග .
🖤 වේගවත්ම වර්ගය .
🖤 ඉහළම සංඛ්‍යාත තියෙනවා.
🖤 භූ කම්පන මධ්‍යස්‍ථාන වෙත මුලින්ම
ළඟාවෙන්නේ මේවා .
💜ඝන හෝ ද්‍රව තුලින් යන්න පුලුවන් .
🖤 සම්පීඩන තරංග කියලත් කියනවා..
✨ S තරංග(ද්විතියික තරංග)
🩶 තීර්යක් තරංග වෙනවා.
🩶 භූ කම්පනයකින් පසුව දැනෙන්නේ.
💜ඝන තුළින් විතරයි යන්න පුලුවන් .
💜ද්‍රව තුලින් යන්න බෑ.
💜P ට වඩා වේග , සංඛ්‍යාත අඩුයි.
🤎 පෘෂ්ඨීය තරංග
🔅 මේවා තීර්‍යක් තරංග
🔅හානියට සම්පූර්ණව හේතුවෙනවා.
🔅වේග වගේම සංඛ්‍යාත අඩුයි.
✨රේලි තරංග
♣️ හානි කරයි
♣️ පොලොව රෝල් කරමින් යන්නේ.
ඒ කියන්නේ භූමියේ සිරස් චලිත ඇති
කරවනෝ.
♣️තීර්‍යක් තරංග
✨ලොව් තරංග (love waves❤️)
♥️වේගවත්ම පෘෂ්ඨීය තරංග වර්ගය
♥️සම්පූර්ණයෙන්ම තිරස් චලිතයක් ඇති කරනවා.
♥️පොළොව පැත්තෙන් පැත්තට පෙරලනෝ.
♥️හානි කරයි. (ඒකනම් ඇත්ත 😁😂)
( බලාගෙන ඈ මේ වගේ තරංගයක් එනකොට
පරිස්සමින්.😁 )
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
ධ්වනි ලක්ෂණ
✨තාරතාවය ✨
💜 සංඛ්‍යාතය මත රඳා පවතිනවා
🖤 සංඛ්‍යාතය වැඩි වන විට තාරතාවය වැඩි වෙනවා..
✨විපුලතාවය ✨
🖤 හඬේ සැර
💜 විස්තාරය මත රඳා පවතිනවා
🖤විස්තාරය වැඩි වන විට විපුලතාවය වැඩි වෙනවා.
🖤විස්තාරය වැඩි වෙනකොට ශක්තිය වාඩි වෙනවා
තරංගයක
✨ධ්වනි ගුණය ✨
🖤 එකම සංඛ්‍යාතය , විස්ථාරය සහිත ධ්වනි තරංග
දෙකක්,
ප්‍රභව දෙකකින් නිකුත් කලාම ඒවා වෙන් කරගෙන
අඳුරගන්න පුලුවන් හැකියාව තමයි ධ්වනි ගුණය
කියන්නේ..
💜 උපරිතාන පැවතීම මත තමයි රඳා පවතින්නේ.
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
දෝලන තරංගවල මතක තියෙන්න ඕනි සෙට් එකක්.👇
✨අතිධ්වනි තරංග වල භාවිත .
🩶ද්‍රව වර්ග ජීවානුහරණයට
🩶රුධිර සංසරණ වේගය මැනීමට
🩶සියුම් උපකරණ පිරිසිදු කිරීමට
🩶රසායනික ප්‍රතික්‍රියාවල සීඝ්‍රතාවය වැඩි කිරීමට
🩶සෝනාර් උපකරණවල
✨ලේසර් වල ගුණ
🖤සමචාරී වේ.(කලාව නියතයි කියන එක )
🖤ඒකවර්ණ වේ .(තරංග ආයාම පරාසය කෙටි නිසා)
🖤ඉතා තීව්‍ර වේ.
🖤ගමන් මගෙහි විසිරුම අවම වේ.
( එකම දිශාවකට යොමු වෙලා තියෙනවා කියන එක)
✨ලේසර් වල භාවිත.
🖤අක්ෂි ශල්‍ය කටයුතුවලට .
🖤ලේසර් මුද්‍රණ යන්ත්‍ර .
🖤ලෝහ තහඩු කැපීමට .
🖤ත්‍රිමාන ප්‍රතිබිම්බ නිපදවීමට.
🖤අන්වීක්ෂීය කටයුතු වලට.
🖤රසායන විද්‍යාවේ වර්ණාවලි පර්යේෂණ වලට.
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
ළමයි මේක දෝලන හා තරංගවලට මං මට හදාගත්ත shortnote එකක් කලින්.. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ ..🌝♥️
මසෙන් නියම ටිකත් අන්තිමට තියෙනවා.
Mcq වලට වගේම දෝලන හා තරංග ප්‍රශ්නේ කරගන්න වැදගත් වෙන දේවල් ටිකක් තියෙනවා මේකෙ. ප්‍රයෝජනයක් ගන්න කැමති අය 🌝♥️⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
Repost from 2024 MAIN REVISION - AP
🔴🔴 අමතක නම් පැය 3- 4ක වගේ ආසන්න කාලයකින් මතක් කරගන්න පුලුවන් VIDEOS LIST එකක් ආයේ හැදුවා ලමයි.
PHYSICS SYLABUSS එක පුරා වැඩිම හරියක් තියෙන්නේ තේරුම් ගන්න දේවල් උනාට, පොඩි ප්‍රමාණයක් තියෙනවනේ මතක තියාගන්න තියෙන කරුණු හෝ මතක තියාගත්තොත් කෙලින්ම ලොකුවටම ලකුණුවලට වාසිවෙන කරුණු, අන්න ඒවා ගැන VOICE ටිකක් RECORD කරගෙන යන ගමන් මේ ටිකේ.
1) 🔸 ධාරා විද්‍යුතය REVISE DAY - ධාරා විද්‍යුතය මූලික දැනුම ( Tronics වලට අවශ්‍ය වෙන ධාරාවිද්‍යුතය ඔක්කොමත් පලවෙනි වීඩියෝ එකෙන් Cover වෙනවා)
https://www.youtube.com/live/xaJHojMsZm0?si=UY_GM9p4cVF87Trl
ධාරාව GUESSDAY -
https://youtu.be/UNkW45yrGus?si=hHMrlnsX0E1idcxK
2) 🔸 යාන්ත්‍රික ගුණ REVISE DAY -
https://youtube.com/live/obxU4eVSlks
යාන්ත්‍රික ගුණ Guessday -
https://www.youtube.com/live/7qP5L0n9JK8?si=aoilpS1mfTQ7QVfn
3) 🔸 ELECTRONICS REVISE DAY -
https://www.youtube.com/live/a1dUwVcNxIM?si=f3S3PGey_qbtmcO-
4) 🔸 චුම්භක REVISE( MCQ TRAINING) -
https://youtube.com/live/7vVwf_2XGGI
5) 🔸 ක්ෂේත්‍ර REVISE DAY -
https://youtu.be/aqoLxtmF7cQ
6) 🔸 කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත්, විකිරණශීලීතා 10B REVISE DAY -
https://youtube.com/watch?v=eiSZ759n55M
2024 REVISION | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා
දුක් විඳින්න කට්ට කන්න තියෙන්නෙ තව දවස් 15 යි. bio අයටනම් ඒකත් එක subject එකක් වෙනුවෙන්. Maths අයටනම් 1 subject එකකුයි තව එකක 1/2 කුයි වෙනුවෙන් විතරමයි..🌝♥️
ඉතින් මේ දවස් 15 ඉවසගෙන කට්ට කාගෙන ඉන්න බැරිනම් ඉස්සරහට එන දේවල් දරාගන්නේ කොහොමද . මතක තියාගන්න කලින් subjects මොනව උනත් දැන් වැඩක් නෑ ඒවා. Mcq වලින්ම අපිට අපේ results හැමතිස්සෙම තීරණය කරන්න බෑ. අනික එක subject එකක් අවුල් උනා ඒක නිසා අනිත් එක කරල වැඩක් නෑ කියන negative mind එකෙන් නම් ඉන්න එපා.😒🫠
තව එකක් තියෙනවා ඒකෙන් විතරක් සමහර විට පුලුවන් වෙයි ඔයා වටේ ඉන්න අය ඔයා ගැන හිතන් ඉන්න විදිය හරි අඩුම ගානේ වෙනස් කරන්න..😌♥️✨Physics ගොඩාක් අයට අමාරු subject එක. ඉතින් මේ දවස් ටික මහන්සි වෙලා ඔයා 🫵 කොහොමහරි ඒක ගොඩ දාගත්තොත් ඒකට හොඳ result එකක් දැම්මොත් අඩුම තරමේ කලින් subjects මොනව උනත් අමාරුම subject එක මං කොහොමහරි කරානේ.ඉතින් මට තව මොනවද කරන්න බැරි කියලා හරි ඔයාට ඔයාගේ ඉදිරි අනාගතේ තව දෙයක් වෙනුවෙන් මහන්සි කරවන්න පුලුවන් .ඒ නිසා මහන්සි වෙලා කාලේ කන්නෙ නැතුව මේ දවස් ටිකේ කට්ටක් කමු ළමයි.😼👊♥️ අනිවාරෙන්ම හැමෝටම පුලුවන්😉♥️✨ ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
Repost from 2024 MAIN REVISION - AP
🔴Guess papers Mcq පාඩම් අනුව වර්ගීකරණය
(මේක පන්‍තියේ ලමයෙක් එවල තිබුන එකක්)
අවුරුදු 13-15ක්ම මේ අධ්‍යාපනික ජීවිතේ ගෙව්වනේ ලමයි . මේ අන්තිම ටිකේ උපරිමම ගේමක් ගහමු
ඒකක හා මාන
Gp 1
1/4
Gp 2
1/2
Gp 3
1/2/3
Gp 4
1/2/11
Gp 5
1/2
Gp 6
1/2/3
යාන්ත්‍ර විද්‍යාව
Gp 1
6/13/19/24/30/34/47/49/50
Gp 2
3/5/7/10/20/23/35/40/50
Gp 3
4/16/25/31/40/42/43/46/50
Gp 4
8/9/10/22/30/31/33/34/44/50
Gp 5
4/7/19/20/22/23/26/31/41/42/49/50
Gp 6
6/9/10/12/14/15/16/20/22/24/25/37/47
තාපය
Gp 1
9/22/26
Gp 2
21/22/27/30/31/38/44/45
Gp 3
9/12/13/17/21/24/31/35/41/50
Gp 4
4/6/15/17/18/24/25/32/38/39/48/49
Gp 5
13/24/27/34/46
Gp 6
11/18/22/30/44
ධාරා විද්‍යුතය
Gp 1
14/23/27/28/31/41/45
Gp 2
25/34/41/47
Gp 3
5/8/22/28/37/45/47
Gp 4
7/14/21/26/27/41/47
Gp 5
9/14/17/33/38/47
Gp 6
4/23/31/36/40/45/50
දෝලන
Gp 1
3/15/16/17/27/46
Gp 2
17/18/24/33/36/39/48
Gp 3
6/10/11/33/38/44
Gp 4
3/5/13/16/20/46
Gp 5
10/11/16/21/30/36
Gp 6
7/26/34/46
ආලෝකය
Gp 1
11/18/20/36/40
Gp 2
6/13/26/28
Gp 3
7/14/50
Gp 4
23/37
Gp 5
8/30/32
Gp 6
13/37/48
ස්ථිති විද්‍යුතය
Gp 1
2/12/33/39/48
Gp 2
16/19/32/37/49
Gp 3
15/26/30/34/48
Gp 4
29/42/49
Gp 5
25/28/40
Gp 6
27/32/39/41/43
චුම්බක
Gp 1
21/37
Gp 2
4/15/42
Gp 3
36
Gp 4
35/43/45
Gp 5
03/11/29/37/44
Gp 6
33/35/42/49
ගුරුත්වාකර්ෂණ
Gp 1
8/32/42
Gp 2
12/29
Gp 3
----------
Gp 4
40
Gp 5
5/48
Gp 6
19/33
ඉලෙක්ට්‍රොනික්
Gp 1
5/38
Gp 2
43
Gp 3
18/20/23/49
Gp 4
12/28
Gp 5
15/18
Gp 6
5/21
යාන්ත්‍රික ගුණ
Gp 1
25/35/43
Gp 2
11/14/46
Gp 3
---------
Gp 4
19/36
Gp 5
39/45
Gp 6
17
විකිරණ
Gp 1
7/10/44
Gp 2
8
Gp 3
19/26/29/39
Gp 4
Gp 5
6/43
Gp 6
8/28/29
තාප විද්‍යුත් යුග්මය හදන්න ගන්න පුලුවන් ලෝහ වර්ග
✨තඹ , යකඩ
✨නිකල් , නික්‍රෝම්
✨තඹ , කොන්ස්ටන්ටන්
✨ප්ලැටිනම් , ප්ලැටිනම් රේඩියම් මිශ්‍ර ලෝහය.
මේ පාර පේපර් එක Theory පැත්තට බර කරලා කියලා කතාවක් යන නිසයි මෙහෙම දාන්න හිතුවේ.. මේ සමහර ලෝහ syllabus එකට අලුතින් add කරලා තිබුන ඒවා නිසා පොඩ්ඩක් බලාගන්න. මොකද එයාලා අරමුණක් නැතුව නිකන්ම syllabus එකට චූටි චූටි දේවල් අලුතින් add කරන්න හේතුවක් නෑනේ..
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
📌ත'මිස්‍ටරය 📌
කියන්නේ මොකක්ද ළමයි....👀
උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන විද්‍යුත් ප්‍රතිරෝධයක් තියෙන උපාංගයක්
උෂ්ණත්ව විචලන හඳුනාගන්න සංවේදකයක් විදියට ගන්නවා .
වර්ග 2 යි
✨NTC [ {-} උෂ්ණත්ව සංගුණකයක් තියෙන් ඒවා.]
✨PTC [ {+} උෂ්ණත්ව සංගුණකයක් තියෙන ඒවා.]
වැඩියෙන්ම භාවිත වෙන්නෙ NTC වර්ගය
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
උෂ්ණත්වමානවලට තිබිය යුතු ගුණ
✨පරිහරණය පහසු වෙන්න ඕනි
✨නිරවද්‍යතාව වගේම සංවේදීතාව ඉහළ වෙන්න ඕනි
✨මනින්න පුලුවන් උෂ්ණත්ව පරාසය වැඩි වෙන්න ඕනි
✨ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නත් ඕනි
👇 මෙන්න මේකත් පටලවලා තිබ්බලු ගොඩක් අය කලින්
✨තාප ධාරිතාවය අඩු විය යුතුයි.
හො.ම.ත.ග.යු . තාප ධාරිතාවය මොකක්ද වෙන්න ඕනි අඩු අඩු හොඳේ 😒 නැත්නම් ඉතින් උෂ්ණත්වමානයක් වෙලා වැඩක් තියෙනවද 😒😪
උෂ්ණත්වමානය අවශෝෂණය කරන තාපය ඒ කියන්නේ තාප ධාරිතාවය අඩු වෙන්නයි ඕනි.... කලින් වරද්දපු අය ඉන්නවනම් ආයෙනම් වරද්දන්න එපා ඔන්න.😒
⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
ළමයි උෂ්ණත්වමිතික ගුණ ගැන කතා කරනකොට past papers වල ගොඩක්ම වරද්දලා අහලා තියෙන ගුණය තමයි ,
උෂ්ණත්වමානයක් නිවැරදිව ක්‍රමාංකනට කරනකොට ,
උෂ්ණත්වමිතික ගුණයට රේඛීය විචලනයක් තිබිය යුතුයි
කියන එක .
මේක අවුරුදු ගානක්ම අහලා තිබ්බා ඒ හැම අවුරුද්දකම ළමයි ගොඩක්ම අරන් තිබ්බේ මේ ප්‍රකාශේ හරියි කියලා..
මතක තියාගන්න හැමතිස්සෙම එහෙම රේඛිය විචලනයක් තිබිය යුතු නෑ .රේඛීය වෙනවනම් හොඳයි හැබැයි විය යුතු නැහැ. උෂ්ණත්වමානයක් නිවැරදිව ක්‍රමාංකනය කරලා තියෙනවනම් උෂ්ණත්වමිතික ගුණයට රේඛීය විචලනයක් තියෙන්න ඕනි නෑ.... හැබැයි තිබ්බනම් හොඳයි ඒ උනාට තිබිය යුතුයි කියලා එකක් නෑ තේරුනාද . ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩🎓🧑🎓 •™
පරිස්සමින් ළමයී...... මෝඩ වෙන්න එපා 😒
තමන්ගෙ පරිස්සම හදාගන්න තමන් දැනගන්න ඕනි.. තමන් අඳුරන්නෙ නැති කිසිම කෙනෙක්ට තමන්ගේ photos යවන්න එපා.. අඳුරන කෙනෙක්ට උනත් යවනවනම් සියපාරක්වත් හිතන්න .
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
🚨 Dp එකට තමන්ගේ photos , number everyone දාගෙන ඉන්න ගැණු ළමයි පරිස්සමෙන් ❤️🩹
Repost from පන්නරය CHEM by Navinxth 🫶
Past Papers තුළ තාපය රචනා ප්‍රශ්න වර්ගීකරණය...
තාප ප්‍රචාරණය හා තාපමිතිය
1990-03
1990-04
1991-03
1992-03
1993-04
2003-06(A)
2005-06(A)
2007-06(A)
2009-06(A)
2012-10(A)
2014-10(A)
2015-10(A)
2016-10(A)
2017-10(A)
2018-10(A)
2020-10(A)*
2021-10(A) + වාශ්පමිතිය
2023-10(A)
වායු
1987-02
1989-03
1992-04
2008-06(A)
2010-06(A)
2019-10(A)
තාප ගති විද්‍යාව
2004-06(A)
2013-10(A)*
ප්‍රසාරණතාව
1986-02
1992-01(b)
2006-06(A)*
2022-10(A)
වාශ්පමිතිය
1988-02
1991-04
1993-03
2011-10(A)*
ඉතින් 2024-10(A) කුමක් වේවිද ?...
පන්නරය Chem by Navinxth
+1
පාඩම් වලට අදාලව past papers mcq වෙන් කරලා ගහපු චාට් එකක්
එක එක මාතෘකා කවර් කරගෙන යන ගමන් ප්‍රශ්න ටික කරලා කොටුව කපලා දාන්න 😁
මන් මේ ටික කපන්න කලින් කාට හරි ප්‍රයොජනයක් වෙයි කියලා දැම්මෙ 🌝❤️
