cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

Study Tips📚 | Motivation💥 𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂ 𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥ එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩 Since : 24|03|2021🖤💫 Admin : @Eins_on_tele 🖤😈 #Srilanka🇱🇰

Show more
Advertising posts
18 762Subscribers
-824 hours
-1157 days
-58630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

මං පුංචි රැන්ඩම් ප්‍රශ්න ටිකක් අහන්නම් ! ඒකට උත්තරදීම හෝ නොදීම ඔයාගේ වර්තමාන තත්වය මත ගොඩක් දුරට වෙනස් වේවි . මං හිතන්නේ කාලයත් එක්ක අපේ සංනිවේදනය අඩු වෙනවා . ඒකාකාරී නොවන බවක් නිදහස් බවක් හැම කාලෙකෙදිම මිනිස්සුන්ට ඕන වෙනවා . සමහරවිට මේක කෙනෙක්ට හරිම පොඩි දෙයක් උනත් තවත් කෙනෙක්ට දේවල් මතක් කරගන්න , අලුත් දෙයක් හිතන්න උනත් අවස්ථාවක් වෙන්න පුළුවන් . හරි එහෙනම් අපි බලමු ! 1) ඔයා මේ මොහොතේ සතුටින්ද ඉන්නේ .. 2) ඔයාට හොඳ මතකයක් මතක් කරගන්න ඕනෙනම් එහෙම මුලින්ම මතකෙට එන දේ මොකක්ද .. 3) ඔයා තව මනුස්සයෙක්ගේ දකින්න ආසම ගතිගුණය / දෙය මොකක්ද .. 4) මේ වෙලාවේ ඔයාගේ යටි හිතේ play වෙන සිංදුව මොකක්ද .. 5) කෙනෙක් ඔයාවෙන් කියපු , ඔයාගේ හිතට තදින්ම වැඳුන දේ මොකක්ද .. 6) තව කෙනෙක් වෙනුවෙන් කියන්න පුළුවන් ඔයාගේ මායාකාරී වචන ටික මොනාද .. 7) ඔයා දැන් ඉන්න තත්වය ගැන ඔයාට හිතෙන දේ .. මේවා හරි පුංචි දේවල් උනාට ඒ අස්සේ ලොකු කතන්දර තියේවි .. අපි එහෙනම් ටිකක් කතා කරමු .. අපි ගැන !! ✨ - නෙරීනා
Show all...
💯 138 42❤‍🔥 11👍 9
අපි " Y " ජෙනරේෂන් එකේ මිනිස්සු..! 💜️ 80,90 දශකෙ සිංදු, මුල් ගායකයගෙ හඬිනුත් විඳලා, යූ ටියුබ් එකේ කවර්ස් වලිනුත් අහන් ඉන්න මිනිස්සු, ලියුම් වලින්, එස් එම් එස් වලින් වගෙම, වට්ස්ඇප් එකෙනුත් ආදරේ කරපු මිනිස්සු, ෆෝන් වල පිරුණු ෆොටෝස් වෙනුව⁣ට, ලස්සන ලස්සන සමරු පොත් ඇතුළෙ ඉස්කෝලෙ කාලෙ මතක හංගපු මිනිස්සු, ආසම සිංදු අහන්න, චාට් ෂෝ වලට, රේඩියෝ වලට ඇස් කන් අලවන් හිටපු වගෙම, දැන් අහන්න හිතෙන සිංදුවක් එව⁣ලෙම යූ ටියුබ් සර්ච් කරන මිනිස්සු, මේ දැන් ගහලා ඊළඟ තත්පරේ සෙල්ෆි අප්ලෝඩ් කරන වගෙම, රීල් එක සුද්ධ කරලා ෆොටෝස් එනකම් දවස් ගණන් බලාගෙන හිටපු මිනිස්සු, කොච්චර තාක්ෂණික යුගයක් ඇතුළෙ වුනත්, වින්ටේජ් ෆීලින් එකට ආදරේ කරන මිනිස්සු, ඔව්..! ඒ තමයි Y ජෙනරේෂන් එකේ මිනිස්සු..!! ලෝකෙ අප්ඩේට් වෙන හැටි බලන් ඉඳපු, ඒ හා සමානව තම තමන්ව අප්ඩේට් කරගන්න මහන්සි වුණු, ඒත් හිත් ඇතුළෙන් තාමත් අතීත මතක වලට ආදරේ මිනිස්සු..! ඉතිං, අතීතය, වර්තමානය ඇතුළෙ හුඟක් වයිබ්ස් එක එක රහට විඳපු, අපි අන්න ඒ සුන්දර ජෙනරේෂන් එකේ මිනිස්සු. ! 💜️🌼💫 - Purple Vibes by Mekala - මේකලා දහනායක -
Show all...
175👍 12❤‍🔥 2
සාමාන්‍යයෙන් අහලා තියෙනවා නේද degree එකක් කරලා ශිශ්‍යත්වයක් අරගෙන රට යන අය , ඒ කියන්නෙ හැමදෙයක්ම නොමිලේ , course fee, ticket fee, මාසෙකට ගානක්, කෑම ,ඉන්ඩ තැනක් ඔක්කොම නොමිලේ එහෙම යන්නේ කොහොමද කියලා දන්නවා ද , ( ගිය උන් කියන්නේ නැ උන් කුහකයි 🤣 මේක මාත් මේ ලගදි හොයාගත්ත දෙයක් (china වල ඉන්නේ ලස්සන අක්කෙක් කියලා දුන්නේ 😁 සාමාන්‍යයෙන් දෙන්නේ රජය සම්බන්ද වෙලා එයාලට තමා කියන්නෙ scholarship දෙන්න ලමයි හොයලා දෙන්න කියලා . ඉතින් ලංකාවේ ministry වලින් ඕවා හරියට වෙන්නේ නෑ...... එයාලා ඒ ඔක්කොම publish කරන්නේ https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=91:long-term&catid=27&lang=en (long term) කියන website එකේ.... ඔයාලට ගිය ගමන්ම පැහැදිලිව තියෙනවා මොන රටින්ද මේ දවස් වල scholarship තියෙන්නේ කියලා , ඉතින් කවදහරි bsc/ba අරගෙන් නොමිලේ රට යන්න ආසාවක් තියෙනවා නම් මේ post එක save කරගන්න , මේ දවස්වල korea,japan, swiz, usa, thai වගේ රටවල් walata scholarship තියෙනවා , February ඉවරවෙනවා degree එකක් තියෙනවා නම් දාන්න ,බොහෝවිට හරියනවා මොකද ගොඩක් අය මෙව්වා දන්නේ නෑ.......... මන් නම් කාලෙකට සැරයක් මෙක බලනවා aniwaren, ඇත්තද මුසාවක් ද කියා සොයා බලන්න බලල තමන්ට සුදුසු කමක් තියනවනන් උස්සහයක කරන්න,(F B උපුටා ගැනීමකි) යන්න පුලුවන් කෙනකුට උදව්වක් වශයෙන් share කරන්න,
Show all...
Department of External Resources

63👍 14🤗 2
ඔබ සාමාන්‍ය මට්ටමකට හෝ ඉගෙන ගෙන තියනවනම්, යම් මට්ටමක බුද්ධිමත්භාවයක් තියනවනම් අනිවාර්යයෙන්ම ඔබ තුළ දියුණු මිනිහෙක් ඉන්නවා.. ඒත් අපි පවත්වන සමාජ සම්බන්ධතා තුළදී මේ දියුණු මිනිහාව මරාදාලා නැගී සිටින්නේ අප තුළ සැඟවිලා ඉන්න නොදියුණු මිනිහා මේකට හොඳම උදාහරණය තමයි සමාජ සම්බන්ධතා පවත්වාගෙන යද්දි අපි එකිනෙකාට යොමු කරගන්නා ප්‍රශ්න ඒවා ගොඩක් වෙලාවට අනෙකාගේ පුද්ගලිකත්වය හාරාවුස්සන ජාතියේ ඒවා එහෙම නැත්තම් පුද්ගලික තීරණ ප්‍රශ්න කරන ඒවා.. උදාහරණ විදියට ගත්තොත්, බඳින්නේ නැද්ද,ළමයි නැද්ද, ජොබ් එකක් නැද්ද, කෙල්ලෙක් නැද්ද,කොල්ලෙක් නැද්ද වගේ ප්‍රශ්න වල ඉඳලා "ඇයි ඒ වගේ කෙනෙක්ව බැන්ඳෙ?", "ඇයි ඒ වගේ ජොබ් එකක් තෝරගත්තේ", "ඇයි ඒ වගේ ඒරියා එකක් ඉගන ගන්නේ?" වගේ දේවල්.. එහෙමත් නැත්තම් ඒ ප්‍රශ්න අනෙකාගේ සෞඛ්‍ය තත්වය ගැන ආර්ථිකමය තත්වය ගැන සමාජ තත්වය ගැන ඔහුගේ කළකිරීම තවත් වැඩි කරන ජාතියේ ඒවා.. උදාහරණ විදියට "ඇයි මේ කෙට්ටුවෙලා, ඇයි මේ ඇදිලා ගිහින්,ඇයි මේ මහත් වෙලා,ඇයි මේ පිම්පල්ස්,ඇයි මේ රැවුල නැත්තේ, ඇයි උස යන්නේ නැත්තේ" වගේ දේවල් වල ඉඳලා "පඩිය අඩුයි නේද, වාහනේ පොඩියි නේද, ගෙදර ඉඩ මදිනේද"වගේ දේවල් .. ඉතින් අපි තව කෙනෙක් එක්ක කතා කරන හැම අවස්ථාවෙම වගේ අපේ ඇතුළෙ ඉන්න නොදියුණු මිනිහා අවදි වෙලා ඔහොම ප්‍රශ්න වලින් ඔවුන්ව අපහසුතාවයට පත් කරනවා.. මේක විය යුතු දෙයක් නෙවෙයි.. විය යුතු දේ තමයි අපි ඉගෙන ගන්න අවස්ථාවලදී, රස්සාව කරන අවස්ථා වලදී සහ අනෙකුත් අවස්ථා වලදී අප තුළ අප වෙනුවෙන් අවදිවෙලා ඉන්න දියුණු මිනිහාම අපි පවත්වන සමාජ සම්බන්ධතා තුළදීත් අවදි කරවාගන්න එක.. අප තුළ ඉන්න නොදියුණු මිනිහා මරාදමන එක.. ඊළඟ පාර කාගෙන් හරි මේ වගේ නොදියුණු ප්‍රශ්නයක් අහන්න හිතුණ ගමන්ම අවබෝධ කරගන්න ඒ අවදිවෙලා ඉන්නේ ඔබ තුළ ඉන්න නොදියුණු මිනිහා බව..ඔහුට එළියට එන්න ඉඩ නොදිය යුතු බව.. ක්‍රම ක්‍රමයෙන් මේක පුහුණු කරනකොට ඔබට පුළුවන් ඒ නොදියුණු මිනිහාව මරාදමලා ඔබ තුළ ඉන්න දියුණු මිනිසාට සදහටම අවදි කරවන්න... -පමුදි අනුත්තරා වීරසූරිය- Pamudi Anuththara
Show all...
💯 123👍 14 8
මම තාමත් ඉඳහිට හිතනවා 'සමහර මිනිස්සු කොහොමද තව කෙනෙක්ගෙ emotions නොසලකා ඉන්නෙ' කියලා... මට ජීවිත කාලෙදි හමු වුණු මිනිස්සු තරාදියක දෙපැත්තට දාලා බැලුවොතින් ආත්මාර්ථකාමී පැත්ත පරාර්ථකාමී පැත්තට වඩා ගොඩක් බර වැඩි වෙයි කියලා මට හිතෙනවා. සමහර මිනිස්සු මට හමු වෙලා තියෙනවා, 'කොහොමද එහෙම කළේ' 'ඇයි එහෙම කළේ' 'පසුතැවීමක්වත් නැද්ද' 'තව මනුස්සයෙක්ට එහෙම කරන්න පුළුවන් ද' වගේ ප්‍රශ්න ඉතිරි කරලා වෙන් වෙලා ගියපු. අවුරුදු විස්සකටත් වැඩි කාලයක් ජීවත් වෙලා මට හිතෙන්නෙ තවමත් මට මිනිස්සු අඳුන ගන්න බැහැ කියලා. සමහර විට මුළු ජීවිත කාලය පුරාම මිනිස්සු හඳුන ගන්න මට බැරි වේවි! ඒ තරම් මිනිස්සු විෂමයි. හිතවතුනි, 'හැම මොහොතකම මනුස්සයෙක් වෙනුවෙන් ඉතුරු වෙන්නෙ තවත් මනුස්සයෙක්ම යි' ඉතිං..... තවත් මනුස්සයෙක් වෙනුවෙන් ඔබට හැකි තරම් පරාර්ථකාමී වෙන්න! නොනිමි
Show all...
129💯 18👍 15❤‍🔥 4
රතිඤ්ඤා වලින් සුරතලා ආරක්ෂා කරගන්නේ මෙහෙමයි..!❤️ කොච්චර කිව්වත් කොච්චර post දැම්මත් රතිඤ්ඤා කියන දේ මිනිස්සු පාවිච්චි කරන එක නවත්තන්න බෑ. පුලුවන් නම් මේ ක්‍රමය උත්සහ කරල බලන්න..රතිඤ්ඤා සද්දෙට හුඟක් බය ඔයාලගෙ බව් සුරතලාව මේ විදියට එතුවම එයාව සන්සුන් කරගන්න පුලුවන් වෙනවා කියලා තමයි අන්තර්ජාලයෙ සඳහන් වෙන්නෙ. - උපුටාගැනීමකි -
Show all...
87👍 3
| උඹට කවදහරි හිතිල තියනවද ඔය ගෙවල් වලට වෙලා පිටි මුට්ට වගේ ඉන්න කෙල්ලො ඇයි සෝශල් මීඩියා වල බාගෙට ඇඳුම් ගලවගෙන පොටෝ දාන්නෙ කියල 😂 නැත්නම් ටික් ටොක් වීඩියෝ එකක දාන්න පුළුවන් මායම් ටික සේරම දාල කරකවන්න පුළුවන් හැම එකම පුළුවන් තරම් කරකවල හොල්ලන්න පුළුවන් හැම එකම පුළුවන් තරම් හොල්ලල වීඩියෝ දාන්නෙ කියල එහෙමත් නැත්නම් පුළුවන් තරම් පාට ගාගෙන උලාගෙන පුළුවන් තරම් රඟපාන්නෙ ඇයි කියල හිතිල තියනවද ??? එතකොට උඹට මෙහෙම හිතිල නැද්ද 😌 හොඳට ඉගෙන ගත්තු සමාජෙ පට්ට ඩිමාන්ඩ් එකක ජොබ් එකක් කරන කෙල්ලො රඟන්නෙ නැත්තෙ ඇයි කියල ?? උනුත් ෆැශන් කරනව උනුත් ජීවිතේ විඳිනව උනාට අර වගේ ගොඩක් උඩ යන්නෙ නැත්තෙ ඇයි කියල උඹට හිතිල නැද්ද ?? එතකොට අර මුලින්ම කිව්ව පිට්ටු බම්බු වගේ මොලේ කළඳක් නැති එවුන් මම අරමයි මම මෙහෙමයි කියල පම්පෝරි ගහද්දි ඇයි හොඳට ඉගෙනගත්තු වැදගත් විදියට සමාජෙ ජීවත් වෙන කෙල්ලො තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ කොලිටීස් අවශ්‍ය තැනදි පෙන්නල හරි නිහතමානී විදියට ජීවත් වෙන්නෙ කියල උඹට හිතිල නැද්ද 😌 උඹ සමහරවිට අර දෙවෙනි කැටගරි එකේ ගෑනු ලමයි වැඩිය දැකල නැතුව ඇති.මොකද එයාල ඉන්නෙ මාකට් එකේ සිල්ලර බඩු විකුනන පදික වේදිකාවෙ නෙවේ !!! තමන්ගෙ ජීවිතේ ඉලක්ක අරමුනු සැලසුමකට අනුව පියවරෙන් පියවර හදාගත්තු කෙල්ලෙක්ට අර වගේ පිම්බෙන්න රඟපාන්න අවශ්‍ය නෑ ඒ වගේ කෙල්ලෙක්ට පස්ස පපුව පුම්බගෙන ඳගලන්න අවශ්‍ය නෑ ඒ වගේ කෙල්ලෙක්ට මම මෙහෙම වටින කෙල්ලෙක් කියල ඔප්පු කරගන්න අවශ්‍ය නෑ ඒ වටිනාකම ඕනි කෙනෙක්ට අඳුනාගන්න පුළුවන් දැන් උඹට තේරෙනව සමාජෙ වැඩි හරියක් ඉන්නෙ මොන වගේ කෙල්ලොද කියල 😜 ඔව් උඹ හරි !!! සමාජෙ වැඩි හරියක් ඉන්නෙ අර මොලේ කළඳක් නැති කැටගරි එකේ කෙල්ලො. එතකොට ඇයි උං අරම රඟන්නෙ ඳගලන්නෙ පිම්බෙන්නෙ උඩයන්නෙ මම මෙහෙමයි මම අරමයි මේක මගේ පස්ස මේක මගේ පපුව මේ බලන්න ඒව ලස්සනයි මේ බලන්න ඒව ලොකුයි මේ බලන්න ඒව available කිය කියා !!! මොකද මේ සමාජෙ ඔය කෙල්ලො වගේම කැටගරි එකක් ඉන්නවනෙ කොල්ලන්ගෙත් අන්න උන්ට ලොකුම ඔෆර් එකට විකිනෙන්න 🤮 එතකොට අර ලිව්ව රචනා ?? මොන රචනාද ?? අර බොන කොල්ලෙක් නම් හා අම්මෙ රැවුල තියන කොල්ලෙක් නම් හා අම්මේ එයා උසයි නම් හා අම්මේ එයා බඩ බෝල කන්න වගේ නම් හා අම්මෙ කිය කිය ලියල කොල්ලො ෆෝම් කරල රචනා ලිව්වෙ ?? ආ බං ඒ එයාලගෙ වියදම ශේප් කරගන්න පාලු මකාගන්න ටයිම් පාස් කරගන්න විතරයි.. උන් කවදාවත් කියන්නෙ නෑ මට ඕනි සල්ලි තියන කොල්ලෙක් කියල.හැබැයි උන් බලාපොරොත්තු වෙන්නෙ ආර්තික වශයෙන් ස්තාවර උනු කොල්ලෙක්ව හොඳට ඉගෙනගත්තු සමාජෙ ඩිමාන්ඩ් එකක් තියං ඉන්න කෙල්ලො කසාද බඳින්න ඒ වගේම හොඳට ඉගෙනගත්තු ගුන ගරුක වැදගත් කොල්ලෙක් හොයද්දි අර වගේ පිට්ටු බම්බු හොයන්නෙ ඒකිට හොඳට වියදම් කරන්න පුළුවන් ඒකිට හොඳට සැප දෙන එකෙක්ව මෙතන ඉගෙන ගත්ත කියන්නෙ උපාදි නැතත් සමාජෙ ඉන්න විදිය ගැන දන්න කියන එකට අන්න ඒකයි මම කියන්නෙ ගේමක් ගහල දෙන්නත් එක්ක ගොඩ යන කෙල්ලෙක් උඹට ඕනි නම් ලොකු පස්සක් ලොකු පපුවක් තොරොම්බල් කඩයක් හොයන්න එපා !!! උඹත් වැදගත් විදියට ඉන්න ඕනි වගේම වැදගත් විදියට ජීවිතේ සැලසුම් ක්රගෙන ඉස්සරහට යන්න ඕනි,අන්න එතකොට උඹට ඒ වගේ කැටගරි එකේ ගෑනු ලමයි හම්බෙනව එහෙම නැතුව අනා මගෙ සංකුත්ත උයා උම්මි ගෙඩිය වගේ අර සතපහ කට අස්සෙ දාගෙන කතා කරන හුරතල් පිටි බෝලයක් ඕන නම් උඹට මහන්සි වෙන්න දේකුත් නෑ 🤮 මොකද පඳුරකට ගැහුවම ඕනි තරම් ඉන්නව පොත්ත සුදු, කොල්ලෙක්ගෙ ඇඟේ එල්ලෙන්න බලං ඉන්න, කම්සැප දෙන්නම පුරුදු උනු ප්‍රජනන ගෙඩි වගේ පිට්ටු බම්බු ඕනි තරම් උඹ තීරනය කරපං !!! ඒකද මේකද ☝ Copied 😏 ලියපු ඒකා ඇත්ත ලියලා තිනවා T.me/littlesecretsl
Show all...
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

Study Tips📚 | Motivation💥 𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂ 𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥ එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩 Since : 24|03|2021🖤💫 Admin : @Eins_on_tele 🖤😈 #Srilanka🇱🇰

💯 252👍 32❤‍🔥 15 3🥰 1👌 1
මුණ ගැහිලා තියනවද මේ වගේ මිනිස්සු , 🖤කොච්චර රිදෙව්වත් රිදෙන්නෙ නැති මිනිස්සු 🖤හින්ට් ගැහුවට ,අනම් මනම් කලාට දැනෙන්නෙ නැති මිනිස්සු 🖤කවුරු දාලා ගියත් ,යාළුවො අත ඇරියත් කිසි ගානක් නැති මිනිස්සු 🖤කිසිම දේකට ලොකුවට සතුටු වෙන්නෙවත්, දුක් වෙන්නෙවත් නැති මිනිස්සු 🖤නිතරම තනියම ඉන්න මිනිස්සු 🖤ලේසියෙන් රිද්දන්න වට්ටන්න බැරි මිනිස්සු 🖤මහ ගොඩක් පිරිවර නැති ,හොඳම යාළුවො කියල ජාතියක් නැති පිටින් දැක්ක ගමන් මාර ලොකුකමකින් ඉන්නවා වගේ පේන මිනිස්සු 🖤බොරු වර්ණනා වලින් ,අගය කිරීම් වලින් සතුටු කරවන්න බැරි මිනිස්සු 🖤කිසිම දේකට ලේසියෙන් අඬනවා දැකල නැති මිනිස්සු ජීවිතේ එක්ක හැප්පෙන්න හැප්පෙන්න මිනිස්සු තැලෙනවා . එහෙම තැලෙන්න තැලෙන්න මිනිස්සුන්ට රිදෙනවා , රිදෙන්න රිදෙන්න මිනිස්සු දේවල් දරාගන්න හුරුවෙනවා , ඒ හුරුවීමේ එක්තරා සීමාවකට පස්සෙ තව දුරටත් මිනිස්සුන්ට වේදනාව දැනෙන්නෙ නැහැ , රැවටෙන්නේ නැහැ , අහුවෙන්නෙ නැහැ .. කොටින්ම කිව්වොත් ඇඬේන්නෙත් නැහැ .. ඒ සීමාවෙන් පස්සෙ මිනිස්සු ,මනුස්ස ගණුදෙනු දිහා බලන කෝණය වෙනස් කරනවා ..ඕක වෙන්නෙ ඉබේම කෙනෙක් අවුරුදු තිහෙන් මේ සීමාව ස්පර්ශ කරද්දී තව කෙනෙක්ට මේ සීමාව ස්පර්ශ කරන්න අවුරුදු හැටක් යන්න පුළුවන් .. මේක කවදා සිද්ධ වුනත් , එදාට ලෝකය එක්ක නොගැටී තමන් ,තමන් එක්ක ගැටෙන්න ආත්මය හුරුවෙනවා . තව දුරටත් කිසිම බැඳීමකට තව දුරටත් තමාගෙ සතුටේ හෝ දුකේ තීරකයා වෙන්න බැරි බවට පත් වෙනවා . එතනින් එහාට ස්වයං ආත්මීය වින්දනයේ උපරිමය ස්පර්ශ කරන ,කිසිම කෙනෙකුට ලේසියෙන් තේරුම්ගන්න බැරි සුන්දර ගුප්ත මිනිසෙක් නිර්මාණය වෙනවා . අනිශා ජයකොඩි✍️ Anisha Jayakody (Psychological counsellor)
Show all...
💯 241 34👍 24❤‍🔥 6😇 2