cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

Study Tips📚 | Motivation💥 𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂ 𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥ එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩 Since : 24|03|2021🖤💫 Admin : @Eins_on_tele 🖤😈 #Srilanka🇱🇰

Ko'proq ko'rsatish
Reklama postlari
18 635
Obunachilar
-2124 soatlar
-987 kunlar
-52330 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

අතාරින්නෙ නැතිව දිගටම ජීවත්වෙන්න ලමයෝ😌. ජීවිතේ මොන දේ උනත් කොච්චර වේදනාකාරී උනත් කොහොම හරි ජීවත් වෙන්න🖤. මොකද අනාගතේ දවසක ඔයා ඔයාටම කියාගන්නවා ; "මං මට හරිම ආදරෙයි ලමයෝ" කියලා... මොකද ඔයා ඒ තැනට එනකන් කොහොම හරි ඔයාගෙ ජීවිතේ වේදනාවන් ඉවසගෙන සතුටවල් විඳගෙන ජීවත් උනානෙ🌻. ඉතින් ලමයෝ keep fighting...!! තේරුනාද...? ©බටුස්❤🌻. @wagee21🤓🫰. batumoju🖤💛. 𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰. T.me/LittleSecretSL
Hammasini ko'rsatish...
❤‍🔥 58 9👍 3
~ මට සතුටුයි ~ මට සතුටුයි මං ජීවිතේ පරාද වෙච්චි තැන් ගැන, මාව රිජෙක්ට් වෙච්චි තැන් ගැන , මාව විහිලුවට නැත්නම් අපහාසයට ලක් වෙච්චි තැන් ගැන , මං ෆේල් උන විභාග ගැන , මං ෆේල් උන රිලේශන්ශිප් ගැන , මට වැරදුණු තැන් ගැන , මං හරි යයි කියල ප්‍රාර්ථනා කරත් හරි නොගිය හැම සිදුවීමක් ගැනම. මං ස්තූතිවන්ත වෙනවා මාව ජජ් කරපු හැම මනුස්සයෙක්ටම , කෙල වෙනකන් බලන් ඉන්න හැමෝටම , අන්තිමට වැටිල ඉන්නකං ආසාවෙන් බලාගෙන හිටිය වටේම හිටපු අපූරු ආත්මාර්ථකාමී සනුහරේටම , හිනාවෙන්න ඇදයක් හොයන්නම බලන් හිටිය හිත මිත්‍රාදීන්ට , මොනම අවස්ථාවකදීවත් තමන්ට තමන් ඇරෙන්න කිසිම කෙනෙක්ගේ හව් හරණක් නෑ කියල මට ඒත්තු ගන්වන්න උදව් කරපු සියලුම ජීවීන්ට ! ඉතින් මට සතුටුයි මං ෆේල් උන එක ගැන , රිජෙක්ට් උන එක ගැන , ඉග්නොර් උන එක ගැන ! මොකද මට පුළුවන් ඒ දේවල් වලින් ඉගෙන ගත්ත බොහොමයක් දේවල් ඔයාල එක්ක බෙදාගෙන ඉස්සරහට යන්න ! ඉතින් ; ජීවිතේ ඔයාට මොන පාඩමක් ඉගැන්නුවත් , මතක තියාගන්න ඒකෙන් කවදාම හරි ඔයාට වෙන්නේ හොඳක් ! 😊🌸😍 Yes , I'm so happy that I was rejected, failed,judged and ignored in many times ! #පතොක්මල්_byPoori #Poornima_Mirihagalla
Hammasini ko'rsatish...
❤‍🔥 83👍 9🕊 3
මේ ජීව්තේ මං ගොඩාක්ම විශ්වාස කරන දෙයක් තමා අපේ ජීවිතේදි අපිට හරි පුදුමාකාර දේවල් හම්බුවෙන්නෙ අපි ජීවිතය ජීවත් කරවන්න අත් නොහැර සටන් කරනවා නම් විතරයි කියලා ✨❤️. ඉතින් ජීවිතේට එන දුශ්කර කාල දරාගෙන අත්නොහැර ඉස්සරහටම යන ඔයාට මගෙන් පුංචි කැලෑ මල් පොකුරක්🥹💐. දිගටම අල්ලන් යමු ලමයෝ ලස්සන දවස් වෑඩි ඈතක නෙමෙයි🥺✨. බටුස්🤤❤️
Hammasini ko'rsatish...
84👍 1🥰 1
💯 76❤‍🔥 7 4
ජීවිතයට යාළුවො මහ ගොඩක් ඉන්න ඕනේ නෑ, ඔයාගේ මූණට හිනාවක් ගේන්න පුළුවන්, ඔයාව දරාගන්න පුළුවන්, ඔයාව තේරුම් ගන්න පුළුවන් හොඳම හොඳ එක යහළුවෙක් හිටියහම ඇති ජීවිතේ හරිම ලස්සනට ගෙවිලා යන්න.. ඔයාගේ ජීවිතේ හොඳම යාලුවෙක් නැත්නම් ඔයා කාටම හරි හොඳ යාලුවෙක් වෙන්න උත්සාහ කරන්න.. එතකොට ඔයාටත් හොඳ යහළුවෙක් ලැබේවි.. යහළුවෙක්ව තෝරා ගනිද්දි අපි මොනවගේ දේවල්ද බලන්න ඕනේ? ✨ Open Minded : ඔයා තෝරගන්න යහළුවා Toxic අදහස් නැති හරිම විවෘත්ත අදහස් තියන පුද්ගලයෙක්ද කියලා බලන්න.. ✨ Loyalty: ඔයාගේ මිත්‍රයා කොච්චරක් ඔයාට පක්ෂපාතීද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න.. මොකද ඔයා ඉන්න තැන හොඳ කියල ඔයා නැති තැන ඔයාව විවේචනය කරනවා නම් ඒ වගේම මිත්‍රයන්ව වැටෙන්නේ Toxic මිත්‍රයන් ගනයට.. ✨Honesty: ඔයා හොඳම මිතුරෙක් කර ගන්න යන පුද්ගලයක් කොයි තරම් ඇත්ත කියනවද කියන එක සහ කොයිතරම් විනිවිද භාවයකින් යුක්තව කටයුතු කරනවද කියන එක ඔයාගේ මිත්‍රත්වයට ගොඩක් ලොකු බලපෑමක් ඇතිවෙනවා.. ✨Empathy: ඔයාස් තෝරගන්න යන ඔයාගේ මිත්‍රයාට කොයි තරම් දුරට ඔයාගේ හැඟීම් තේරෙනවද සහ කොයි තරම් එයාට ඔයාව care කරන්න පුළුවන්ද කියන එකත් සෑහෙන්න දුරට හොයලා බලන්න වෙනවා ✨Reliability: ඒ පුද්ගලයා ඔයාට කොයි තරම් විශ්වාසදායී පුද්ගලයෙක්ද කියන එක ඔයාට වැදගත් වෙනවා මොනම හරි වෙලාවක ඔයාව නියෝජනය කරන්න එයාට සිද්ධ වෙන්න පුළුවන් නිසා ✨Shared interests: සමාන අදහස් තියෙන දෙන්නෙක් එක ටික තුනම ජීවිතේ හරිම සතුටින් මිත්‍රත්වය පවත්වාගෙන යන්න පුළුවන්, ඒ කියන්නේ ඔයාගේ හොඳම මිත්‍රයාගෙ.Vibe එක සහ ඔයාගෙ vibe එක සමාන වෙන්න ඕනි... ✨Open communication: සන්නිවේදනය කියන එක මිත්‍රත්වයක් පවත්වාගෙන යන එකේදී ඉතාම වැදගත් දෙයක්, ඒ නිසා ඔයා කියන දේ නිවැරදිව ග්‍රහණය කර⁣ගන්න පුලුවන් කෙනෙක් ඔයාගේ හොඳම යහළුවා කරගන්න වෙනවා.. ✨Supportive nature: අනිවාර්යෙන්ම මිත්‍රයෙක් කියන්නේ ඔයාගේ ඕනම දේකට උදව්පදව් කරන වගේම ඔයාව හොඳට එන්කරේජ් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.. ✨Respect: ඔයාලා දෙන්නටම දෙන්න ගැනම ගෞරවනීය හැඟීමක් තියෙන්න ඕනේ, එහෙම නැතුව ඔයාට respect කරන්න දන්නෙ නැති කෙනෙක් ඔයාගේ හොඳම මිතුරා වෙනවා කියන්නේ ඒක හරිම භයානක දෙයක්.. ✨Positivity: මිත්‍රයෙක් අනිවාර්යෙන්ම positive අදහස් තියන පුද්ගලයෙක් වෙන්නම ඕනි.. ඔයාට හමු වෙන්නේ නෙගටිව් අදහස් තියෙන හොඳම මිත්‍රයෙක් නම් ඔයාගේ ජීවිතත් හරිම නැගිටිව් අදහස් වලින් පිරුණු ජීවිතයක් වේවි.. හොඳ මිත්‍රයෙක් හොයාගන්න එක ලේසි පහසු නෑ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්, ඇත්ත හොඳ මිත්‍රයෙක් හොයාගන්න එක හරිම අමාරුයි, හැබැයි එක හොඳ මිත්‍රයෙක් කියන්නේ ඔයාගේ ජීවිතේ සතුටෙන් සියයට පනහක්... මම ප්‍රාර්ථනා කරනවා හැම කෙනාටම ජීවිතේ හොඳම යහළුවෙක් ලැබෙන්න ඕනේ කියලා... තො මී #ThomiThoughts 🔵 Thomi's Community - https://chat.whatsapp.com/CiiOFOWvLRmF2LO0Xap13O 🔵 Thomi's Whatsapp Chanel - https://whatsapp.com/channel/0029Va9pbxCEFeXrOluOjC3R
Hammasini ko'rsatish...
Thomi Mind

WhatsApp Group Invite

❤‍🔥 44👍 10 5💯 3🕊 2
මං පුංචි රැන්ඩම් ප්‍රශ්න ටිකක් අහන්නම් ! ඒකට උත්තරදීම හෝ නොදීම ඔයාගේ වර්තමාන තත්වය මත ගොඩක් දුරට වෙනස් වේවි . මං හිතන්නේ කාලයත් එක්ක අපේ සංනිවේදනය අඩු වෙනවා . ඒකාකාරී නොවන බවක් නිදහස් බවක් හැම කාලෙකෙදිම මිනිස්සුන්ට ඕන වෙනවා . සමහරවිට මේක කෙනෙක්ට හරිම පොඩි දෙයක් උනත් තවත් කෙනෙක්ට දේවල් මතක් කරගන්න , අලුත් දෙයක් හිතන්න උනත් අවස්ථාවක් වෙන්න පුළුවන් . හරි එහෙනම් අපි බලමු ! 1) ඔයා මේ මොහොතේ සතුටින්ද ඉන්නේ .. 2) ඔයාට හොඳ මතකයක් මතක් කරගන්න ඕනෙනම් එහෙම මුලින්ම මතකෙට එන දේ මොකක්ද .. 3) ඔයා තව මනුස්සයෙක්ගේ දකින්න ආසම ගතිගුණය / දෙය මොකක්ද .. 4) මේ වෙලාවේ ඔයාගේ යටි හිතේ play වෙන සිංදුව මොකක්ද .. 5) කෙනෙක් ඔයාවෙන් කියපු , ඔයාගේ හිතට තදින්ම වැඳුන දේ මොකක්ද .. 6) තව කෙනෙක් වෙනුවෙන් කියන්න පුළුවන් ඔයාගේ මායාකාරී වචන ටික මොනාද .. 7) ඔයා දැන් ඉන්න තත්වය ගැන ඔයාට හිතෙන දේ .. මේවා හරි පුංචි දේවල් උනාට ඒ අස්සේ ලොකු කතන්දර තියේවි .. අපි එහෙනම් ටිකක් කතා කරමු .. අපි ගැන !! ✨ - නෙරීනා
Hammasini ko'rsatish...
💯 150 48❤‍🔥 13👍 13🥰 1
අපි " Y " ජෙනරේෂන් එකේ මිනිස්සු..! 💜️ 80,90 දශකෙ සිංදු, මුල් ගායකයගෙ හඬිනුත් විඳලා, යූ ටියුබ් එකේ කවර්ස් වලිනුත් අහන් ඉන්න මිනිස්සු, ලියුම් වලින්, එස් එම් එස් වලින් වගෙම, වට්ස්ඇප් එකෙනුත් ආදරේ කරපු මිනිස්සු, ෆෝන් වල පිරුණු ෆොටෝස් වෙනුව⁣ට, ලස්සන ලස්සන සමරු පොත් ඇතුළෙ ඉස්කෝලෙ කාලෙ මතක හංගපු මිනිස්සු, ආසම සිංදු අහන්න, චාට් ෂෝ වලට, රේඩියෝ වලට ඇස් කන් අලවන් හිටපු වගෙම, දැන් අහන්න හිතෙන සිංදුවක් එව⁣ලෙම යූ ටියුබ් සර්ච් කරන මිනිස්සු, මේ දැන් ගහලා ඊළඟ තත්පරේ සෙල්ෆි අප්ලෝඩ් කරන වගෙම, රීල් එක සුද්ධ කරලා ෆොටෝස් එනකම් දවස් ගණන් බලාගෙන හිටපු මිනිස්සු, කොච්චර තාක්ෂණික යුගයක් ඇතුළෙ වුනත්, වින්ටේජ් ෆීලින් එකට ආදරේ කරන මිනිස්සු, ඔව්..! ඒ තමයි Y ජෙනරේෂන් එකේ මිනිස්සු..!! ලෝකෙ අප්ඩේට් වෙන හැටි බලන් ඉඳපු, ඒ හා සමානව තම තමන්ව අප්ඩේට් කරගන්න මහන්සි වුණු, ඒත් හිත් ඇතුළෙන් තාමත් අතීත මතක වලට ආදරේ මිනිස්සු..! ඉතිං, අතීතය, වර්තමානය ඇතුළෙ හුඟක් වයිබ්ස් එක එක රහට විඳපු, අපි අන්න ඒ සුන්දර ජෙනරේෂන් එකේ මිනිස්සු. ! 💜️🌼💫 - Purple Vibes by Mekala - මේකලා දහනායක -
Hammasini ko'rsatish...
182👍 13❤‍🔥 4
සාමාන්‍යයෙන් අහලා තියෙනවා නේද degree එකක් කරලා ශිශ්‍යත්වයක් අරගෙන රට යන අය , ඒ කියන්නෙ හැමදෙයක්ම නොමිලේ , course fee, ticket fee, මාසෙකට ගානක්, කෑම ,ඉන්ඩ තැනක් ඔක්කොම නොමිලේ එහෙම යන්නේ කොහොමද කියලා දන්නවා ද , ( ගිය උන් කියන්නේ නැ උන් කුහකයි 🤣 මේක මාත් මේ ලගදි හොයාගත්ත දෙයක් (china වල ඉන්නේ ලස්සන අක්කෙක් කියලා දුන්නේ 😁 සාමාන්‍යයෙන් දෙන්නේ රජය සම්බන්ද වෙලා එයාලට තමා කියන්නෙ scholarship දෙන්න ලමයි හොයලා දෙන්න කියලා . ඉතින් ලංකාවේ ministry වලින් ඕවා හරියට වෙන්නේ නෑ...... එයාලා ඒ ඔක්කොම publish කරන්නේ https://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=91:long-term&catid=27&lang=en (long term) කියන website එකේ.... ඔයාලට ගිය ගමන්ම පැහැදිලිව තියෙනවා මොන රටින්ද මේ දවස් වල scholarship තියෙන්නේ කියලා , ඉතින් කවදහරි bsc/ba අරගෙන් නොමිලේ රට යන්න ආසාවක් තියෙනවා නම් මේ post එක save කරගන්න , මේ දවස්වල korea,japan, swiz, usa, thai වගේ රටවල් walata scholarship තියෙනවා , February ඉවරවෙනවා degree එකක් තියෙනවා නම් දාන්න ,බොහෝවිට හරියනවා මොකද ගොඩක් අය මෙව්වා දන්නේ නෑ.......... මන් නම් කාලෙකට සැරයක් මෙක බලනවා aniwaren, ඇත්තද මුසාවක් ද කියා සොයා බලන්න බලල තමන්ට සුදුසු කමක් තියනවනන් උස්සහයක කරන්න,(F B උපුටා ගැනීමකි) යන්න පුලුවන් කෙනකුට උදව්වක් වශයෙන් share කරන්න,
Hammasini ko'rsatish...
Department of External Resources

69👍 16🤗 2
ඔබ සාමාන්‍ය මට්ටමකට හෝ ඉගෙන ගෙන තියනවනම්, යම් මට්ටමක බුද්ධිමත්භාවයක් තියනවනම් අනිවාර්යයෙන්ම ඔබ තුළ දියුණු මිනිහෙක් ඉන්නවා.. ඒත් අපි පවත්වන සමාජ සම්බන්ධතා තුළදී මේ දියුණු මිනිහාව මරාදාලා නැගී සිටින්නේ අප තුළ සැඟවිලා ඉන්න නොදියුණු මිනිහා මේකට හොඳම උදාහරණය තමයි සමාජ සම්බන්ධතා පවත්වාගෙන යද්දි අපි එකිනෙකාට යොමු කරගන්නා ප්‍රශ්න ඒවා ගොඩක් වෙලාවට අනෙකාගේ පුද්ගලිකත්වය හාරාවුස්සන ජාතියේ ඒවා එහෙම නැත්තම් පුද්ගලික තීරණ ප්‍රශ්න කරන ඒවා.. උදාහරණ විදියට ගත්තොත්, බඳින්නේ නැද්ද,ළමයි නැද්ද, ජොබ් එකක් නැද්ද, කෙල්ලෙක් නැද්ද,කොල්ලෙක් නැද්ද වගේ ප්‍රශ්න වල ඉඳලා "ඇයි ඒ වගේ කෙනෙක්ව බැන්ඳෙ?", "ඇයි ඒ වගේ ජොබ් එකක් තෝරගත්තේ", "ඇයි ඒ වගේ ඒරියා එකක් ඉගන ගන්නේ?" වගේ දේවල්.. එහෙමත් නැත්තම් ඒ ප්‍රශ්න අනෙකාගේ සෞඛ්‍ය තත්වය ගැන ආර්ථිකමය තත්වය ගැන සමාජ තත්වය ගැන ඔහුගේ කළකිරීම තවත් වැඩි කරන ජාතියේ ඒවා.. උදාහරණ විදියට "ඇයි මේ කෙට්ටුවෙලා, ඇයි මේ ඇදිලා ගිහින්,ඇයි මේ මහත් වෙලා,ඇයි මේ පිම්පල්ස්,ඇයි මේ රැවුල නැත්තේ, ඇයි උස යන්නේ නැත්තේ" වගේ දේවල් වල ඉඳලා "පඩිය අඩුයි නේද, වාහනේ පොඩියි නේද, ගෙදර ඉඩ මදිනේද"වගේ දේවල් .. ඉතින් අපි තව කෙනෙක් එක්ක කතා කරන හැම අවස්ථාවෙම වගේ අපේ ඇතුළෙ ඉන්න නොදියුණු මිනිහා අවදි වෙලා ඔහොම ප්‍රශ්න වලින් ඔවුන්ව අපහසුතාවයට පත් කරනවා.. මේක විය යුතු දෙයක් නෙවෙයි.. විය යුතු දේ තමයි අපි ඉගෙන ගන්න අවස්ථාවලදී, රස්සාව කරන අවස්ථා වලදී සහ අනෙකුත් අවස්ථා වලදී අප තුළ අප වෙනුවෙන් අවදිවෙලා ඉන්න දියුණු මිනිහාම අපි පවත්වන සමාජ සම්බන්ධතා තුළදීත් අවදි කරවාගන්න එක.. අප තුළ ඉන්න නොදියුණු මිනිහා මරාදමන එක.. ඊළඟ පාර කාගෙන් හරි මේ වගේ නොදියුණු ප්‍රශ්නයක් අහන්න හිතුණ ගමන්ම අවබෝධ කරගන්න ඒ අවදිවෙලා ඉන්නේ ඔබ තුළ ඉන්න නොදියුණු මිනිහා බව..ඔහුට එළියට එන්න ඉඩ නොදිය යුතු බව.. ක්‍රම ක්‍රමයෙන් මේක පුහුණු කරනකොට ඔබට පුළුවන් ඒ නොදියුණු මිනිහාව මරාදමලා ඔබ තුළ ඉන්න දියුණු මිනිසාට සදහටම අවදි කරවන්න... -පමුදි අනුත්තරා වීරසූරිය- Pamudi Anuththara
Hammasini ko'rsatish...
💯 129👍 15 9