WhispersForYou ™ |🌵
Open in Telegram
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
Show moreThe country is not specifiedThe category is not specified
238
Subscribers
No data24 hours
-27 days
+2230 days
Posts Archive
ඔව් . .
ස්වාමීනී , ඒ මම . .❕
O₂ CO₂ කරන ,
35kg - 36kg බරකින් වද දෙන ,
5h-6h දවසකට නිදියන ,
මම ගැන පමණක් මම සිතුව ,
නුබ ගැන වැඩිය නොහිතුව ,
ඒ වරදකාරයා මම . .
ඉතින් මම ලෑස්තී ස්වාමීනි ,
නුබ දෙන දඩුවමකට යටත් වන්නට . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
හැමෝගෙම ස්ටේටස් වල ස්ටෝරි වල
Happy Independence Day කියලා
යටින් caption එකක් වැටුනත්
මිනිස්සු ඇත්තටම ඉන්නේ
සතුටින් , සැනසීමෙන් , නිදහසින්ද හේෂ් . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
දිය සායම් බිදුවක්
කෙසේනම් බලාපොරොත්තු තියාගන්නද ,
වතුර බිදුවක් අතින් මියැදිලා
පින්සල් තුඩක් අගින්
වැළලෙනවා හැර . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මැරෙන්නම ඕනිද හේෂ්
මනුස්සයෙක් කරමතින් යන්න . .
ඇයි බැරිද ,
ඉපදුන ගමන් පියාඹන්න තිබුන
තටු කපලා දැම්මත්
අත් දෙකක් උඩට වෙලා
ලෝකයක් ඉස්සරහා
මහ හයියෙන් හිනාවෙන්න . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
සමහර වෙලාවට
මිනිස් වැලද ගැනීමක තියෙන
ආදරේටත් වඩා
තෙත හොම්බක ආදරේ වැඩි ඇති . .
ඒක නිසාම වෙන්න ඇති
කන්තකත් පළාගත්තෙ හදවත . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ජීවිතේ වැඩිපුරම සතුටින් හිටිය
තත්පර මොනවද කියලා
මගෙන් කවුරුමහරි ඇහුවොත්
මන් කියන්නේ ,
ඒ මන් පොත් ඇතුලෙන් මවා ගත්ත
ලෝක වල තනිවුන වෙලාව
මාව සතුටින් තියපු වෙලාව කියලා . .
ඒ අතින් බලපුවම
මන් මගෙ ජීවිතේ වැඩිපුරම ණය පොත් වලට හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ආත්ම හතකට පොරොන්දු දීලා
කෝවලන් කන්නගී එක්ක ආදරෙන් බැදුනත්
අන්තිමට කන්නගීගේ ආදරේ ඉස්සරහා
කෝවලන් නිරුත්තර වැරදි කාරයෙක් වුනා . .
ඉතින් කවදම හරි දවසක මගෙ කතාව ඇතුලෙත්
ඔයා නිරුත්තර වැරදිකාරයෙක් වේවිද හේෂ් . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
Moon is lighting up her skin
She's falling
Doesn't even know it yet
Having no regret is all that
She really wants . .
We're only getting older , baby
And l've been thinking about it lately
Does it ever drive u crazy
Just how fast the night changes . . ?
❤️🩹🥀
#Night_Changes
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
පොතක් කියවලත්
මන් මාවම රිද්ද ගත්තු තැන
වචන වෙනකොට
මන් ආදරේ කරන අය කියන " වචන " නිසා
මං මාවම බලන් ඉද්දි රිද්ද ගන්නවා හේෂ් . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මොකක් වෙලාද මට . . ❕
මේ හැමදෙයක්ම එපා වෙන තරමට
මට මොකක්ද උනේ . ?
ඉස්සර සතුටින් හිටිය මට දැන්
සතුටත් හොයන්න වෙලාද . . ?
ගෙදර අයත් එක්ක හිනාවෙලා
සතුටින් හිටිය මට
කතා කරන්නත් වෙලාවක්
දැන් හොයන්න වෙලාද . . ?
යාලුවොත් එක්ක ඔහේ පාරවල් ගානෙ
පිස්සු නටලා ඇවිදපු මට දැන්
ඒකටත් වෙලාවක් හොයන්න වෙලාද . . ?
වචනෙකින් හරි සැනසීමක් ගෙනාව
මිනිස්සු අද නැතිවෙන්න තරම්
ඒ අයත් මට මගහැරුනද . . ?
ම්ම් . . ඇත්ත . . !
හැමෝම හැමදෙයක්ම මගහැරිලා මට
ඒත් මේ දේවල් අල්ලන් ඉන්න තරම් මට
දැන් හයියක් නෑනෙ අම්මි . .
ඒ දේවල් ආපහු මට ගන්න
මන් මොකක්ද අම්මි කරන්න ඕනෙ . .
එක්සෑම් අතාරින්නද ඒමත් නැත්නම්
හැමදේම අතාරින්නද . . ?
පුලුවන්නම එකමෙක විනාඩියක්
මාව අහන් ඉන්නවද . .
මට කියා ගන්න බැරි තරමටම
හරි මහන්සී අම්මී . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
හිමි වීමක් නැතුවම
මේ තරම් රකින්නෙ
අහිමි වීමක් වෙනුවෙන් නෙවේද හේෂ් . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
කොහොමද මගෙ හේෂ්
ඔයා ඉන්න තැනක හොදින් දැන් ඉන්නවා නේද . . ?
මන් එහෙම අහන්න තරම්වත්
සුදුසු මනුස්සයෙක් නෙවෙයි කියලා
මන් නොදන්නවා නෙවේ . .
එදා මගුල් මුදුවයි අවමගුල් මුදුවයි
එකට කරලා මන් ඔයාට අන්තිමටම දාපු මුදුව
තාමත් පරිස්සමෙන් ඔයා ගාව
තියන් ඉන්නවද හේෂ් . . ?
නැත්නම් ඒක වැඩකට නැති දෙයක් කියලා
හිතලා විහික් කලාද . . ?
විහික් කලත් කමක් නැහැ හේෂ්
ඉන්න කාලේ දෙන්න බැරි උන දේ නැති කාලෙක දුන්නට කිසි වටිනාකමක් නැල්ලුනෙ නේද . .❕
මට දුකයි හේෂ් ඒවගේම මට
මගෙත් එක්කම තරහයි
එදා මගෙ ඇස් දෙක ඉස්සරම
උබ අන්තිම හුස්ම පොදත් එකතු කරන්
නොකෙරු වරදකට මගෙන් සමාව ඉල්ලද්දිත්
මම උබ දිහා නිකමෙක් වගේ
ඔහේ බලාගෙන හිටියාට මට
මගෙත් එක්කම තරහයි හේෂ් . .
ඔව් . .
මම එවෙලෙ ඇඩුවෙ නැහැ
මටත් නොදැනිම මට ඇඩුනා
ඒත් උබ දන්නවද හේෂ් ඒ දවසෙ මන්
කොච්චර බලාපොරොත්තු තියන් හිටියද කියලා . . ?
ම්ම් . . නැහැ හේෂ් ඒක උබ
කවදාවත් දැනගන්න එකක් නෑ
ඉතින් මං උබෙන් සමාව ඉල්ලන්න
තරම්වත් සුදුසු මනුස්සයෙක් නෙවේ නේද හේෂ්
මං මහ පවුකාරයෙක් . .❕
අඩුම තරමෙ කිසිම දෙයක් කරගන්න බැරිවුන
නිකම්ම නිකම් නිකමෙක් විතරයි හේෂ් . .❕
මන් අන්තිමට අහන්නෙ ,
සමහරවිට කවදම හරි ආත්මෙක අපි හම්බුනොත් උබ මට දෙපාරක් නොහිතා මගෙ වැරදි හදාගන්න මට සමාව දෙනවද මගෙ හේෂ් . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
#Wattpad
#Kali
#Rawanan
ඉස්සර lastseen එකයි ,
Dp එකයි විතරයි
ඒත් දැන් මට
Delivered උන msg එක
නිල් පාට වෙනකලුත්
බලන් ඉන්න වෙලා . .
ඔව් සමහරවිට
මගෙ packege එක ඉවර ඇති . .
ඒත් මං මෝඩයිද කියන්න
මං දන්නෙ නෑ . . !
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
දැනුන තැන හරි ලස්සනයිලු
ඇත්ත මං පිලිගන්නවා
ඒත් මට දැනුන තැන
හුගක් ඈතයි හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ප්‍රාතිහාර්යක් පාලා හරි
මන්නම් කියන්නෙ හේෂ්
මිනිස්සුන්ගෙ හිත් වලට
සැනසීම ලැබෙන්න ඕනි
එහෙම නේද . .❔
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ඔලුව බර වෙලාවට
ඔලුව තියාගන්න
කොට්ටයක් වෙනුවට ,
පැතලි පපුවක් හොයපු
මමයි වැරදි හේෂ් . .
ඒ අතින් බලපුවම
ඔයාගෙ කිසි වරදක් නැහැ දරුවෝ . . ❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
