en
Feedback
WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

Open in Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

Show more
The country is not specifiedThe category is not specified
238
Subscribers
No data24 hours
-27 days
+2230 days
Posts Archive
ඔයයි මමයි ලිව්ව පරිච්ඡේදෙට තිතක් තිතක් තියන්නෙ නැතිව කොමාවක් තියලා මන් බලන් ඉන්නද . . නැත්තම් , මතක බර හදවතේ පහලම තැන හරි පරිස්සමට මිහිදන් කරන් සදහටම ඇස් පියා ගන්නද . .❔ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

ජීවිතේ වැඩිපුරම සතුටින් හිටිය තත්පර මොනවද කියලා මගෙන් කවුරුමහරි ඇහුවොත් මන් කියන්නේ , ඒ මන් පොත් ඇතුලෙන් මවා ගත්ත ලෝක වල තනිවුන වෙලාව මාව සතුටින් තියපු වෙලාව කියලා . . ඒ අතින් බලපුවම හේෂ් මන් මගෙ ජීවිතේ වැඩිපුරම ණය පොත් වලට . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරන්න ඕනි නෑ දරුවෝ . . මේ ආත්මෙට විතරක් මගෙ වෙන්න ඒක මට මහාභද්‍ර කල්පයකටත් එහා නිවෙන්න හොදටම ඇති . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

සමහර වෙලාවට මිනිස් වැලද ගැනීමක තියෙන ආදරේටත් වඩා තෙත හොම්බක ආදරේ වැඩි ඇති . . ඒක නිසාම වෙන්න ඇති කන්තකත් පළාගත්තෙ හදවත . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

+ දන්නවද හේෂ් ඔයාගෙ ඔය ඇස් කියන්නෙම තනිකර මිනිමරු ඇස් දෙකක් . . ! - ඇස් වලට පුලුවන්ද දරුවෝ මිනි මරන්න . .? විකාර හොහිතා ඉන්න . . + ඇයි බැරි . . ! ඔයාගෙ ඔය ඇස් වලට පුලුවන් හොදට ගැහෙන මගෙ හදවතට හිමින් සීරුවේ රිටලින් අංශු අධිමාත්‍රාවෙන් පොවන්න . . ! ඉතින් කිනිස්සක්ම මොකටද සුදූ ඇස් දෙකකුත් ඇති හදවතේ නිල කපන්න . . ! ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

ඇස් ඇස් මතම තබා අනිමිස ලෝචනය කොට සන්සාරෙත් අයිතිය නුබ මට මා නුබට පවරා සින්නක්කරම . . එහෙත් , අසන්නත් දැන් නොමැති වාතලයට තවමත් ඇස් වසා නුබව සිපගමි හැමදාම . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

පිපෙන හැම මලකම පෙති අස්සෙ කාටවත්ම නොපෙනෙන්න කාගෙම හරි හදවතක් ලියවිලා ඇති . . මොකද , පපුව පලලා එලියට අරගෙන ආදරේ පෙන්නන්න බැරි නිසාම වෙන්න ඇති ආදරේට ආදරෙන් කැලෑ මලක් හරි දෙනවා ඇත්තේ . . ඉතින් , මලක් කියන්නෙම කාගෙම හරි හදවතක් වෙන්න බැරිද . . ? ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

සමහර දවස් තියෙනවා " හුස්ම ගන්නවත් අමතක වුනා නම් " කියලා හිතුන හරි මහන්සි දවස් හරියට මේ ගෙවෙන දවස් වගේ . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

එක අතකට මන් මෝඩයි නේද හේෂ් වෙනත් මිනිස්සු අතින් මං මාවම රිද්ද ගන්න තරමට . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

සමහර යාලුවො හිටියා ඔන්ලයින් නැති උනාම , රිප්ලයි එකක් පරක්කු උනාම , ඇයි කියලා හොයලා බලපු . . ඇත්තමයි ! ඒ යාලුකමට මන් පට්ටම ලෝබයි හේෂ් . . ඔයාටත් ඒම අය හම්බෙලා තියේද . .❔ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

ආදරෙත් හරියට වීදුරුවක් වගේ නේද හේෂ් අල්ලගත්තොත් කැපිලා රිදෙනවා . . අත් හැරියොත් වැටිලා බිදෙනවා  . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

නොගැලපෙන අන්සතු මලකට තව දුරටත් ආදරෙ කරලා වැඩක් නෑ කියලා තේරුනත් , කල් යන්න යන්න හදවතේ ප්‍රභලම හැගීම් පවා කල්පනින්න පටන් ගත්තා හේෂ් . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

හිස් උන හදවතම මදිද හේෂ්, කවියෙක්ගෙ වචනයක් උනත් අවියක් වෙන්න . .❔ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

ජීවිතේ හැම කාර්තුවකම මල් පිපෙන්නෙ නැති වෙන්න පුලුවන් . . ඒත් හැම තත්පරේකම හිනා වෙලා සතුටින් ඉන්න හේෂ් . . ❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

මෙහෙම හිටියට , සමහර අයගෙ සමහර ස්ටේටස් තිබුනා . . අපිව පණ පිටින් මරපු . . ඔයාටත් ඒම වෙලා තියේද හේෂ් . . ❔ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

පහන් දැල්ල වුනත් නිවිල යන්න ලං වෙද්දි හරි එළියයිලු නේද හේෂ් . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

ඔයා දන්නවද හේෂ් නරකම හැගීම තනිකම නොවේ . . නරකම දේ , කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක් අමතක නොවී මතක් වෙන එක . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

මලක් කියන්නෙ විරහවක් නෙවේද . . මල් පොකුරක්ම කියන්නෙ විරහවෙ වේදනාව නෙවේද . . ඉදින් , මලක්ම දෙන්න තරම් අපෙ ආදරේ වේදනාවක්ද . . නැතිනම් , මල් වඩමක්ම දුන්නෙ  ඔයා ආයෙ නොයෙන ගමන් යන නිසාද හේෂ් . . ❔ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

මට බය ඔයා ගැන නෙවේ හේෂ් . . මට බය මං ගැන . . මොකද , ඔයා කියන්නෙම Fantasy එකක් කියලා දැන දැනත් , ඔයාව Reality එකක හොයන මට මං ගැනයි බය හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁

හදවත හරි පරිස්සමෙන් මොකද ඔයා කියන්නෙම වීදුරු වලට ආදේශකයක් . . ❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁