2027 Revision | Biology | Virul Weerakoon
前往频道在 Telegram
显示更多
未指定国家未指定类别
8 478
订阅者
-824 小时
-867 天
-88130 天
帖子存档
වැඩිම උෂ්ණත්ව විචලනයක් දැකිය හැක්කේ කාන්තාර බියෝමයේය The greatest temperature fluctuation is seen in the desert biome
ලොව විශාලතම බියෝමය වන්නේ තුන්ද්‍රා බියෝමයයි. The largest biome in the world is the tundra biome
ආසියාවේ විශාලතම අලි ගහනයට රැකවරණය සපයන්නේ නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර මඟිනි. Tropical dry mixed evergreen forests provide shelter for the largest elephant population in Asia
ක්ෂීරණය සෘණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයකි.
Lactation is a negative feedback mechanism
ගැඩවිලුන්ගේ ශ්වසන ව්‍යූහය සම වේ.
Skin is the respiratory surface of earthworms
චැපරාල් හි ආවර්තීය ගිනිගැනීම් බහුලය
Periodic fires occur frequently in chaparral
ජපන් ජබර විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දරුණු ආක්‍රමණික ආගන්තුක විශේෂයකි.
Water Hyacinth is an ornamental plant which became a serious invader
කළු කාබන් ගෝලීය උණුසුම ඉහළ යෑමට දායක වේ
Black carbon contributes for the global warming
සූ න්‍යෂ්ඨික හා ප්‍රාග් න්‍යෂ්ඨික කශිකා අතර විෂ්කම්භයන්හි අනුපාතය 1 : 10 කි.
The ratio between the diameters of eukaryotic and prokaryotic flagella is 1 : 10.
එකම රේඛීය RNA ආකාරය පණිවිඩකාර RNA වේ
Messenger RNA is the only linear form of RNA
ශාකවල ගඩු ඇති වන්නේ නියත වර්ණදේහ සංඛ්‍යාවක් පවත්වා ගැනීමට දායක වන සෛල විභාජන ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසටය.
Galls in plants occur due to the cell division which helps to maintain a constant number of chromosomes
සියලු එන්සයිම ප්‍රතික්‍රියා ප්‍රතිවත්‍ය වේ.
All enzymatic reactions are reversible
Methanococcus හි පටල ලිපිඩ ශාඛනය වී ඇත
Membrane lipids are branched in Methanococcus
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඒකෛකයකුගේ රූපාණු දර්ශය දෙන ලද ජානයකට අදාළව සමයුග්මක හෝ විෂම යුග්මක විය හැකි ය.
🔻 An individual's phenotype could be either homozygous or heterozygous with respect to a given gene.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 වර්ණ දේහය යනු ජනකයාගෙන් ජනිතයාට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන මූලික ඒකකය යි.
🔻 Chromosome is the basic unit by which genetic information is passed from parent to offspring.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 නුමුහුම් අභිජනන ශාක හඳුනා ගන්නා ලද්දේ පරම්පරා ගණනාවක් මුළුල්ලේ පරපරාගණය මඟින් ජනක ශාකයට සමාන එකක්ම ප්‍රභේදන දරන දුහිතෘ ශාක ලැබීමෙනි.
🔻 Pure breeding plants are obtained by cross-pollinating over many generations, producing only the same variety as the parent plant.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ගහනයක ඒකෛකයන් අතර දක්නට ලැබෙන විවිධාකාර ආවේණික අංග ලක්ෂණ ගති ලක්ෂණ ලෙස හැඳින් වේ.
🔻 A heritable feature that varies among individuals of a population is called a trait.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 විශිෂ්ට ප්‍රමුඛ ගති ලක්‍ෂණයකට අදාළව නොදන්නා ප්‍රවේණි දර්ශයක් සහිත ජීවියකුගේ ප්‍රවේණී දර්ශය නිර්ණය කිරිම උදෙසා එම ජීවියා එම විශිෂ්ට ගති ලක්ෂණයට ම අදාළව විෂම යුග්මක ප්‍රවේණි දර්ශයක් සහිත ජීවියකු සමඟ අභිජනනය කිරීම පරික්ෂා මුහුමකි.
🔻 Breeding an organism having unknown genotype for a specific dominant trait with an organism having heterozygous condition for the same specific trait is called a test cross.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 මෙන්ඩල්ගේ ආවේණීය පිළිබඳ පළමු වන නියමයට අනුව ජන්මාණු සැදීමට පෙර, යම් ආවේණික ලක්ෂණයකට අදාළ ඇලීල එකිනෙකින් වෙන් වී, සෑදෙන සෑම ජන්මාණුවකට ම එක බැගින් ලැබේ.
🔻 According to the Mendel's first law of inheritance before the formation of gametes, the alleles for a 'heritable character' are separated and get in to each of the gametes formed.
