Learn Bits
الذهاب إلى القناة على Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
إظهار المزيد1 305
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-4230 أيام
أرشيف المشاركات
1 305
To all the incredible women in the world, shine on, not just today but every single day.
Happy Women's Day.....
- 08th March 2023
#Notice
1 305
පුරුශයන් ස්වභාවයෙන්ම ලිංගිකත්වය ගැන කතාබහ කරන්න කැමැත්තක් දක්වනවා. ඒ වගේම පුරුශයන්ගේ මනසේ විවිධ කාමුක මනඃකල්පිතයන් නිරන්තරයෙන් හටගන්නවා.
ප්‍රසිද්ධියේ නොපැවසුවත් , බොහෝ කාන්තාවන් අතරත් , මේ වගේ විවිධ කාමුක මනඃකල්පිතයන් හටගන්නව.
යුවළක් තුළ , දෙදෙනාටම ඇතිවෙන මෙවැනි අදහස් එකිනෙකා සමග හුවමාරු කරගැනීම ගොඩක් වැදගත් දෙයක්.
ඒකට හේතුව , සමහර සිතුවිලි සහ ආශාවන් දෙදෙනාටම පොදු වීම සහ එහෙම තමන්ගෙ ආශාවන් අනෙකාට හෙළි කිරීම තුළින් ඔහුට/ඇයට , තමාව සතුටු කිරීමට හැකි ආකාරය ගැන අදහසක් ලබා දෙන්න පුලුවන් වීමයි.
ඒ නිසා තමන්ගෙ ලිංගික ජීවිතය යහපත් සහ සතුටුදායක එකක් කරගැනීමට , මේ වගේ සුලු සුලු කරුණු වලට වැඩි අවධානයක් ලබා දෙන්න වගබලා ගන්න.
#Relationship_Tips
1 305
පුරාණ ග්‍රීසියේ , නිවෙසක භෝජන සංග්‍රහයක් පැවැත්වීමේදී පළමුව , නිවෙස් හිමියා විසින් වයින් වීදුරුවක් පානය කර පෙන්වල තියෙනව. ඒ , එම ආහාර පාන විශ සහිත නොවන බවට , භෝජන සංග්‍රහට එක්ව සිටින අමුත්තන්ට ඒත්තු ගන්වන්න.
#History
1 305
🇱🇰🇳🇿 SRI LANKA TOUR OF NEW ZEALAND 2023
2 TESTS (under WTC23 )
▫️1st TEST
March 09 | 3.30 a.m. | Christchurch
▫️2nd TEST
March 17 | 3.30 a.m. | Wellington
කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තීරණාත්මක ටෙස්ට් තරඟාවලියක උණුසුම් තරඟ තොරතුරු දැනගන්න, එක්වන්න අපිත් සමග...
සජීවි ලකුණු,විශේෂ අවස්ථා,විඩියෝ දර්ශන හා මීම්ස් ඇතුළුව සියල්ල අපෙන්..
තවත් විශේෂාංග රැසක් ඔබ වෙනුවෙන් සූදානම්...
1 305
අඳුරට බය වෙන්නෙ දුර්වල අයද?
අපි කොයි කවුරුත් හෝ බහුතරය , කුඩාකාලයේදීවත් අඳුරට බයක් දක්වපු අය. සමහරු නම් තාමත් බයයි. ඉතින් මේ 'අඳුරට බය වීම' කියන කාරණාව සමහර මිනිස්සු හඳුන්වන්නෙ දුර්වලකමක් විදිහට.
ඇත්තටම ඒක එහෙම සෘජුවම දුර්වලකමක් කියල අර්ථ දක්වන්න බෑ.
ඈත අතීතයේ ඉඳන්ම , මිනිස්සු අඳුරට බයක් දක්වල තියෙනව. ඒකට හේතුව , මානසික වශයෙන් අපි දකින දේට වඩා නොදකින දේට බිය වීමයි. අඳුර කියන්නෙ අපේ දෘශ්ඨි සැපයුමෙන් ස්පර්ශ නොවන දෙයක්. අන්න ඒ නිසයි අපි අඳුරට බය.
ඒ වගේම අඳුරට බය වීම කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒක අපේ මනසින් ඇති කරන පෙර සූදානම් යාන්ත්‍රනයක්.
ඒ කියන්නෙ , අඳුරේ ඇති ඕනෙම දෙයකට එරෙහිව දේහය සූදානම් කරන්න යොදාගන්න යාන්ත්‍රනයක් හැටියටත් , මේ අඳුරට අපි දක්වන බය හඳුන්වන්න පුලුවන්.
#Psycho_Facts
1 305
ගසක , අත්තක වසා සිටින කුරුල්ලෙක් , කවදාවත් එම අත්ත කඩාවැටේවි යයි බිය වෙන්නෙ නෑ...
මොකද ඒ කුරුල්ලා , විශ්වාස කරන්නෙ අත්තේ ශක්තිමත්භාවයටත් වඩා , තමන් සතුව ඇති , තමාට ඉගිලීමට ආධාර කරන පියාපත් යුගලයි...
සෑම විටම ඔයා සතු දේ , ඔයාගෙ හැකියාවන් සහ ඔයාගෙ දක්ශතා මත විශ්වාසය තියන්න. බාහිර සාධක මත තබන විශ්වාසයෙන් කිසිවක් තහවුරු වෙන්නෙ නෑ.
ඔයා , ඔයා ගැන විශ්වාස කරන්න...
#Life_Tips
1 305
පුංචි මතක් කිරීමක්...
ඔබේ හඬ අවදි කිරීමට තරම් නිර්භීත වන්න. ඔබේ හදවතට සවන්දීමට තරම් කාරුණික වන්න. ඔබ සිහින දකින ජීවිතය ලබා ගැනීමට තරම් ශක්තිමත් වන්න...
#MidDay_Thoughts
1 305
දිගම ඉංග්‍රීසි වචන ගැන දැනගමු
"Methionylthreonylthreonylglutaminylalanyl…isoleucine" කියන්නෙ 'titin' නම් කෙටියෙන් හැඳින්වෙන ප්‍රෝටීනයේ නමටයි. මේ ප්‍රෝටීනයට 'connectin' කියලත් කියනව. ඉංග්‍රීසි භාශාවේ ඇති දිගම වචනය මේකයි. ඔයාට පේනව ඇති උඩදි මම ඒ ලියපු වචනෙ මැද තිත් පේලියක් තියල තියෙනව. ඒ තිත් පේලියෙන් කියවෙන්නෙ , මැද යම් අකුරු සංඛ්‍යාවක් සඳහන් නොකර මුල සහ අග අකුරු කිහිපය බැගින් පමණක් සඳහන් කරල තියෙනව කියන එකයි.
ඒකට හේතුව මේ වචනයේ ඉංග්‍රීසි අකුරු 189,819 ක් තියෙනවා. Telegram වල එක පොස්ට් එකකට එච්චර අකුරු දාන්නත් බෑ.
ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝශයට අනුව , ඉංග්‍රීසි භාෂාවේ දිගම අකුර , "pneumonoultramicroscopicsilicovolcanokoniosis" නම් වන අකුරු 45කින් යුතු වචනයක්. ඒක සිලිකා වැනි අංශු ආශ්වාසයෙන් හැදෙන පෙනහළු රෝගයක නමක්.
සාමාන්‍ය ව්‍යවහාරයේ මිනිස්සු භාවිත කරන දිගම වචනය විදිහට , අකුරු 21කින් සමන්විත "incomprehensibilities" නම් වචනය පෙන්වල දෙන්න පුලුවන්.
#Knowledge
1 305
ඉංග්‍රීසි භාශාවේ භාවිත වන කෙටි පද 6ක් දැනගනිමු...
1. Bucket List
(මිය යෑමට ප්‍රථම , කෙනෙකු කිරීමට සිතාගෙන සිටින කාර්යයන් ලැයිස්තුව)
Ex : Visiting 'thusitha diwlowa' was on my bucket list.
2. Cash- strapped
(යමක් මිලදී ගැනීමට අවශ්‍ය තරම් මුදල් නොමැති වීම.)
Ex : She wanted that beautiful watch. But she was cash-strapped. So she went without it.
3. Blow a fuse
(අධිකව කෝපයට පත් වීම සහ කලබලයට පත් වීම.)
Ex : Sanath nishantha blew a fuse , when he heard that humans need oxygen in oder to live.
4. Inconsiderate
(නොසිතා අන් අයට රිදවීම / සිත් රිදවීම / නොසැලකිලිමත් බව)
Ex : it's inconsiderate of her to go away without telling us
5. Break the news
(නරක හෝ අසුබ ආරංචියක් පැවසීම)
Ex : Who wants to break the news to the director that Sandy quit without notice?
6. Hospitalize
(රෝහල්ගත කිරීම / රෝහලට ඇතුළත් කිරීම)
Ex : You could have told me , she was Hospitalized.
#English
1 305
ඔබ දැනසිටියාද?
බළලුන් , නළුවන් ලෙස රඟපෑමේ නිරත වන රඟහලක් රුසියාවේ තිබේ.
The Moscow cat theatre
#Sup4Sub #WorldWide
1 305
Telegra.ph යෙදුම සම්බන්ධව වැඩකටයුතු කරන ආකාරය සහ , රචකයෙක් ලෙස telegra.ph සම්බන්ධව දැනසිටිය යුතු විවිධ කරුණු සහිත ලිපි මාලාවක් අවශ්‍යද?
1 305
දිනපතා , දිනපොතක් ලියන එක හොඳයිද?
දිනපොත කියන සංකල්පය , ඉතිහාසයේ මුලින්ම වාර්තා වෙන්නෙ , 10වන සියවස තරම් ඈත ජපානය තුළයි. එකළ වැඩියෙන්ම කාන්තාවන් අතර මෙම සංකල්පය ව්‍යාප්තව පැවතුන බවට සොයාගෙන තියෙනව.
දිනපොතක් ලියන එක අපිට වැදගත් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය , සමහරවිට ඔයා හිතල ඇති.
දිනපොතක් කියන්නෙ හරියට කණ්නාඩියක්/දර්පණයක් වගේ දෙයක්. අපිට කණ්නාඩියකින් පේන්නෙ අපේම භෞතික ස්වරූපය වගේම , දිනපොතකින් පරාවර්තනය කරන්නෙ අපේම මානසික ස්වරූපයයි.
ඔයා ගැන , ඔයාගෙ හැඟීම් ගැන ඔයාටම දැනගන්න තියෙන හොඳම විදිහක් තමයි , නිදහස් ආරෙන් යුතුව දිනපොතක් ලියන එක.
දිනපොතක් ලියනකොට , ඔයාට වැදගත් වෙන දේවල් දෙකයි තියෙන්නෙ. ඒ කොළයක් සහ පෑනක්. මේ කොළය සහ පෑන තමයි ඒ වෙලාවට ඔයාගෙ හොඳම යාලුවා. ඔයා මොනව ලිව්වත් , කඩදාසියෙන් ඒ හැමදේම කිසිම පැකිළීමක් නැතුව පිළිගන්නව.
ඔයාගෙ දුක , සතුට , ආදරය , ඔයාගෙ පිස්සු අදහස් , ඔයාගෙ දුර්වලකම් , හැකියාවන් , ඔයා ආශ්‍රිත සමාජය ගැන ඔයාටම හොඳ අවබෝධයක් ලැබේවි , දිනපොතක් භාවිත කිරීම තුළින්.
කොටින්ම ඔයාගෙ හැඟීම් සහ අදහස් , ඔයාගෙම තාලෙට ආරක්ශිතව පිට කරන්න පුලුවන් එකම තැන දිනපොතයි.
ඉතින් ඔයා තාමත් දිනපොතක් භාවිත කරල නැති නම් , වෙනසකටත් එක්ක ලියල බලන්න. ආයාසයෙන් භාෂාව නිවැරදිව ලියන්න අවශ්‍ය නෑ. සැහැල්ලුවෙන් හිතට එන හැමදේම ලියන්න....
#Psycho_Facts
1 305
ආදරය සහ සබඳතාව.....
අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි , යුවලක් අතර සම්බන්ධයක් ශක්තිමත් වෙන්නෙ සහ පැවැත්ම තහවුරු වෙන්නෙ ආදරය නිසා , කියන කාරණාව.
ඇත්තටම ඒක 100%ක් නිවැරදි කරුණක් හැටියට සලකන්න බෑ.
ආදරය , සම්බන්ධතාවක සාර්ථකත්වය තහවුරු කරන්නෑ. ඒ වගේම ආදරය , දිගු කාලයක් එක් පුද්ගලයෙකු සමග රැඳී සිටීමට උදව් කරන්නෙත් නෑ. සහ කෙනෙක් තමන්ගෙ සහකරුවට වංචා කළොත් කරන්නෙ , ඒ ආදරය නැතිකමටමත් නෙවෙයි.
කෙටියෙන්ම කිව්වොත් , අපි කෙනෙක්ට ආදරය කරනව කියන්නෙ , වෙන අයට ආදරය නොකරන බව කියන එක නෙවෙයි.
අපේ චිත්තවේගී පරිණතභාවය , සංවේදී බුද්ධිය සහ ස්වයං විනය නිසයි සම්බන්ධකමක දිගු කාලීන පැවැත්ම තහවුරු වෙන්නෙ. මොකද , ඔයා දැන් සබඳකමක් පවත්වන කෙනාට වඩා ලස්සන , කඩවසම් , බුද්ධිමත් , සරාගී , පොහොසත් වෙනත් මිනිස්සුන්ව ඔයාට ඉදිරියේදී දකින්න ලැබෙනව.
ඒ වගේ කාලවලදි , ඔයාගෙ සම්බන්ධය රැකෙන්නෙ , ආදරය නිසා නෙවෙයි. උඩදි කිව්ව ස්වයං පාලනය , චිත්තවේගිය බුද්ධිය නිසා.
ඔයාගෙ වත්මන් සහකරුට වඩා සෑම අතින්ම හොඳ වෙනත් පුද්ගලයන් ඔයාට හම්බුනොත් , ඔයා සමහරවිට ඒ අයටත් ආදරය කරාවි හොර රහසේ. නමුත් ඔයාගෙ ස්වයං පුද්ගල හැසිරීම් රටාව නිසා ඔයා දැන් කැපවෙන ඔයාගෙ සහකරුවාව , හැමදාමත් ඔයාගෙ ජීවිතේ පළමු ස්ථානයට පත් වේවි...
#Relationship_Tips
1 305
The BloTiew Is live now..!
The project is based on telegram instant view platform. Simply put , BloTiew - Telegram instant view templates for blogger themes.
You can get the already added instant view template, that works on your blogger theme or you can suggest the missing blogger themes. Drop a message at LearnBits suggestion topic and , we'll work on your suggestion.
See It yourself »
Read The Telegram instant view manual Here »
#Code #IV
1 305
ආදරණීය මම වෙත,
1. ඔබ මත මහත් පීඩනයක් යෙදීම පිළිබඳ සමාවෙන්න.
2. සමහර වෙලාවට ඔබව සැක කෙරුවාට සමාවෙන්න.
3. පසුගිය දින කීපය ඔයාට ගොඩක් අමාරු උනාට සමාවෙන්න.
4. අනාගතය ගැන මෙතරම් වද වීමට සිදු වීම ගැන සමාවෙන්න.
නමුත්...
මෙතැන් සිට , මම ඔබ කෙරෙහි අවධානය යොමු කරන අතර , ඔබගේ සෑම දෙයටම ආදරය කිරීමට පටන් ගමි.
මීට,
මම
#Life_Tips
1 305
Repost from N/a
Nonsense | 🌙
නම වගේම අමුතුම Telegram Channel එකක්..
> Memes බලන්න ඕනි ද..
> සින්දුවක් අහන්න ඕනි ද..
> Romantic Video එකක් බලන්න ඕනි ද..
> Phone එකේ Wallpaper එක මාරු කරගන්න ඕනි ද..
දන්නවද ඔයාට දැන් පුළුවන් මේ ඔක්කෝම එකම තැනකින් එකතු කරගන්න.. 👀♥️
1000 + Subscriptions තියෙන මේ වගේ හැමදෙයක්ම ලබාගන්න පුළුවන් Telegram Channel එකත් එක්ක එකතු වෙන්න කැමති ද..? 😉♥️
පරක්කු වෙන්නෙපා තව ගොඩක් දේවල් තියෙනවා බලන්න.. ♥️☘
පහල තියෙන Button එක Press කරලා ඉක්මනටම අපිත් එක්ක එකතු වෙන්න..!!
± Excessive speed can cause death..
± Our Meme Channel
👻♥️ |: ☘🌙
1 305
මම කවුද?
"මට කකුල් දෙකක් තියෙනවා.. නමුත් මගේ කකුල් දෙක පොළව සමග ස්පර්ශ වෙන්නෙ මම විවේකයෙන් ඉන්න වෙලාවට විතරයි."
මම කවුද?
#Fun
LearnBits 1000th message...!
