Learn Bits
الذهاب إلى القناة على Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
إظهار المزيد1 305
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-4230 أيام
أرشيف المشاركات
1 305
සහකාරියක් වශයෙන් මෙවැනි කාන්තාවන් තෝරාගන්න එපා..
1. ඇයගේ අවශ්‍යතාවන් මත ඔබට සලකන ආකාරය වෙනස් කරන කාන්තාවන්.
2. මුදල් , ෆෝන් , කාර් වැනි ද්‍රව්‍යමය දේවල් ඉතා අධිකව අවශ්‍ය වන සහ එවැනි දේවල් සඳහා ඔබ මත යැපෙන කාන්තාවන්.
3. ඔබව පලිහක් බවට පත් කරගෙන , අන් අයගේ අවධානය දිනාගැනීමට සහ ඇය ශක්තිමත් කෙනෙක් බව ඇයම පවසන නමුත් , ඇයට ඇය ගැනවත් විශ්වාසයක් නැති කාන්තාවන්.
4. ඇය ඔබට ඇයගේ කැමැත්ත , අවශ්‍යතාවන් මත සෑම විටම විවිධ විධාන නිකුත් කරන කාන්තාවන්.
5. සෑම දෙයකටම ඔබ මත වැරැද්ද පටවමින් , ඇය වින්දිතයා ලෙස රඟපාන කාන්තාවන්.
6. අන් කාන්තාවන්ට ඊර්ශ්‍යා කරමින් , ඔබව අධිකව අවිශ්වාස කරමින් ඔබව පාලනය කිරීමට උත්සාහ ගන්නා කාන්තාවන්.
#Relationship_Tips
1 305
වෘකයන් කියන්නෙ වෙනත් විශේෂයක පැටවුන් පවා දරුකමට හදාගන්න සත්ව කොට්ඨාසයක්. දෙමාපියන් නොමැති කුඩා නරි පැටවුන් ආදී පැටවුන්ව , වෘක්කයන් මෙසේ තමන්ගෙ පවුලට ඇතුළත් කරගන්නව.
#Knowledge
1 305
රූපයේ දකුණු පසින් පෙනෙන්නේ , 21 වන සියවසේ කිමිදුම් සඳහා භාවිත කරන මුහුණු ආවරණ කට්ටලයකි.
රූපයේ වම් පසින් පෙනෙන්නේ ක්‍රි.ව. 250-260 කාලය තුළ ඉදිකරන ලද , එවැනිම මුහුණු ආවරණයක් පැළඳ සිටින පුද්ගලයෙකුගේ පිළිරුවකි.
#History
1 305
අපට ඇති වෙන එක සෘණාත්මක සිතුවිල්ලක් අභිබවා යන්න නං , අපි ධනාත්මක සිතුවිලි පහක් වත් සිහිකරන්න ඕනෙ.
ඒකට හේතුව අපේ මොළයෙන් ඇති කරන "Negativity Bias" නම් සංසිද්ධියයි. (සෘණාත්මක නැඹුරුව).
ඒකෙන් කරන්නෙ අපේ මතකය සහ සිතුවිලි වැඩිපුරම , සෘණාත්මක දේවල් වලින් පුරවන එක. උදාහරණයකට ඔයාට සිදු උන නරක දේවල් මතක් වෙන ප්‍රමාණය , ඔයාට සිදු උන හොඳ දේවල් මතක් වෙන ප්‍රමාණයට වඩා වැඩී.
#Psycho_Facts
1 305
DIFFERENCE between False / Untrue / Forged
False / Fake හෝ Forged කියන වචන තුනේම සිංහල තේරුම බැලුවොත් ඔයාට පෙනෙයි , ඒකෙන් කියවෙන්නෙ අසත්‍ය / ව්‍යාජ කියන අදහස කියල. එහෙම උනත් , මේ වචන තුන හැමතැනටම යොදාගන්න එක කාර්යක්ෂම නෑ. ඒ නිසා අදහස් වන දේ අනුව , පහත පරිදි මේ වචන තුන භාවිත කරන්න.
- False (untrue)
"What you're saying is completely false!"
- Fake (not real/genuine)
"This is not a real Picasso. It's fake!"
- Forged (fake painting or - signature)
"The signature on the cheque is obviously forged."
#English #Education
1 305
MACS J0416 කියන්නෙ පෘථිවියේ සිට ආලෝක වර්ශ බිලියන 4ක් පමණ ඈතින් පිහිටල තියෙන දැවැන්ත මණ්දාකිනි පොකුරක්.
මේ මණ්දාකිනි පොකුරේ අධික ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා , "ගුරුත්වාකර්ෂණ කාච" ලෙස හැඳින්වෙන සංසිද්ධියකින් ඊට පිටුපසින් ඇති වස්තූන්ගෙන් නිකුත් වෙන ආලෝකය නැමීම , විශාලනය කිරීම සහ දීප්තිමත් කිරීම සිදු කරනවා.
X-ray (Chandra) : NASA, CXC, Ecole Polytechnique Federale de Lausanne, Switzerland/D.Harvey & NASA/CXC/Durham Univ/R.Massey;
Visible/Optical (Hubble) : NASA, STScI, AURA;
Optical & Lensing Map: NASA, ESA, D. Harvey (Ecole Polytechnique Federale de Lausanne, Switzerland) and R. Massey (Durham University, UK)
#Astronomy
1 305
අවසන් ආරක්ෂකයා
පහත ඡයාරූපයෙන් දැක්වෙන ඩයිනසොර ෆොසිලය සමහරවිටෙක ලෝකයේ දැනට සොයා ගෙන ඇති විශිෂ්ඨතම ෆොසිල සොයාගැනිම් වලින් ප්‍රමුඛ තැනක් ගන්නා බව බොහෝ දෙනෙකුගේ අදහසයි, නමුත් එහි සැබෑ කතාන්දරය සිතට දුක් ගෙන දෙන සුළු ය.
මෙම ෆොසිලය සොයා ගත් පාෂාණ විද්‍යාඥවරයෙකු වන Dean Lomax ගේ අදහසට අනුව නම් මෙම ෆොසිල සමුහයෙන් නිරූපණය වනුයේ Psittacosaurus ඩයිනසොර පවුලෙහි වැඩිමහල් සහෝදරයෙකු මරණය පෙනි පෙනී පුපුරා යමින් තිබු ගිනි කන්දකින් නිකුත් වූ සුන්බුන් වලින් තම ලාබාල සොයුරන් ආරක්ශා කිරිමට ගත් වෑයමක්ය. ඔහු තවදුරටත් පැහැදිලි කර ඇති පරිදි නම් මෙහි විශාල ෆොසිලයට හිමිකම් කියන්නා වැඩුණු Psittacosaurus වරයෙකු පෙන්විය යුතු පරිණත ශරීර ලක්ෂණ නොපෙන්වන අතර, ඉන් අදහස් වන පරිදි එම ඩයිනසොරයා මෙම පවුලේ ඩයිනසොර පියා විය නොහැකි බවයි.
ඔහු පෙන්වා දෙන පරිදි නිතැතින්ම මෙහි සිටිනුයේ තම බාල සොයුරන් ආරක්ශා කරලීමට පෙරමුණ ගත් වැඩිමහල් සොහොයුරෙකුය.
එම ඩයිනසොර සොයුරා තම
සොයුරන් මරණයෙන් ආරක්ශා කරලීමට තමාට හැකි සියල්ලම සිදු කරන්නට ඇත, සත්ත්වයෙකු වුවත් තමාගේ පවුල කෙරෙහි අසීමීත ආදරයක් ඔහු සතුව පවතින්නට ඇත.
එසේ නොමැති නම් ඔහු මෙලෙස පෙරමුණ ගැනීමට කිසිසෙත් උත්සහා නොකරයි, නමුත් ඔහුගේ උත්සහාය ගින්නෙන් දැවී යන කඩදාසියක් දැවී යනුයේ යම් සේද, එපරිදි දැවී ගොස් ඇත....
ඡයාරූපය සහ අදහස, පාෂාණ විද්‍යාඥ Dean Lomax ගේ Locked in Time - Animal Behavior Unearthed in 50 Extraordinary Fossils යන ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දකි.
Fossils, art: Bob Nicholls.
© පදාර්ථ - Padaartha
#Knowledge #Social_Mid
1 305
1963 වසරේදී , තුර්කියේ Cappadocia ප්‍රදේශයෙන් තට්ටු දහ අටකින් යුත් , පොළව යට පිහිටි නගරයක් හමුවෙලා තියෙනව. මේ නගරය පිහිටි ගුහා ජාලාව තුළ , වැසියන් 20,000කට පමණ නවාතැන් ගැනීමට ඉඩපහසුකම් , ආහාර සැපයුම් , කුස්සි , පල්ලි , ළිං සහ ළමුන්ට ඉගැනීමට පාසල් පවා පිහිටල තිබිල තියෙනව.
පොළව යට පිහිටි මේ නගරය , ඩෙරින්කුයු (Derinkuyu) ලෙස හැඳින්වෙන අතර , මෙම නගරය ඉදිකිරීමට හේතුන් ලෙස ස්වභාවික ආපදා වලින් ගැලවීමට සහ යුධමය තත්වයන් මගහැරීමට කියල ඉතිහාසඥයන් මත පල කරනව.
#History
1 305
Darwaza ආවාටය කියන්නෙ , අතීතයේ යම් භූගෝලිය කැණීමකදි හොයාගත්ත ස්වභාවික වායූන් පිරි විශාල වලක්.
මේ ස්වභාවික වායුන්ගෙන් අවට ජනතාවට හානි වීම වැළැක්වීමට එකළ එහි කළමණාකාරිත්වය විසින් මෙම වායූන් දහනය කර ඉවත් කිරීමට පියවර ගත්තා.
කොහොම උනත් , දින පහක් මෙම වළ තුළ ඇති සියලුම වායු පරිමාවන් දහනය වී අවසන් විය යුතු බවට ඇස්තමේන්තු කර තිබුණත් , 1980 වසරේ පමණ සිට තවමත් මේ අවාටයෙන් පිට වෙන වායූන් දැවෙමින් පවතිනවා.
ඒ නිසාම මේ ආවාටයට පටබැඳුනු නමක් තියෙනව "Gateස් of Hell" ලෙස සඳහන් වෙන. එහි තේරුම නිරයේ දොරටුව යන්නයි.
#History
1 305
කිරි දත් හැලී යාමට පෙර , කුඩා ළදරුවෙක්ගේ හිස්කබලක පෙනුම මෙයයි.
#Social_Mid #Knowledge
1 305
Repost from N/a
DREAM PICZ 🇱🇰
Dreams, Beyond Dreams...
A ᴘʟᴀᴄᴇ ʀᴇꜱᴇʀᴠᴇᴅ ғᴏʀ ᴛʜᴏꜱᴇ ᴡʜᴏ ʟᴏᴠᴇ ᴅʀᴀᴡɪɴɢ,ᴘᴀɪɴᴛɪɴɢ ᴀɴᴅ ᴇɴᴊᴏʏɪɴɢ ᴀʀᴛ.
Share & Support us.
1 305
විද්‍යාඥයන් පෙන්වල දෙන විදිහට , සෛද්ධාන්තිකව , කළු කුහර දෙකක් එකිනෙකට ගැටෙන්න ආසන්න වෙනකොට , ඒ අවට ඇති වස්තූන් කාලයේ ආපස්සට ගමන් කිරීමක් සිදු වෙන්න පුලුවන්.
#Astronomy
1 305
මේ දේවල් හතර ගැන ලැජ්ජා වෙන්න එපා
1. පරණ ඇඳුම් - ඔබේ හැකියාවන් විදහා පෑමට ඔබගේ ඇඳුමේ නැවුම්බව බලපාන්නෑ.
2. දුප්පත් යහලුවන් - මිත්‍රත්වයට තත්වයන් බලපාන්නෑ.
3. මහළු දෙමව්පියන් - ඔබ අද මේ තැන ඉන්නෙ ඔවුන් නිසයි.
4. සරල ජීවිතයක් - සාර්ථකත්වය විදහා පෑම , අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.
#Life_Tips
1 305
මානසික අවපීඩනයට පත් උනාම පෙන්වන සංඥා මොනවාද?
1. බලාපොරොත්තු රහිත බව
2. උනන්දුවකින් තොරව වැඩකටයුතු වල යෙදීම.
3. අධික තෙහෙට්ටුව සහ නින්ද යෑමේ ගැටලු මතු වීම.
4. කාංසාව
5. පිරිමියෙක් නම් අධික ලෙස සුලු දෙයටත් කෝපයට පත් වීම.
6. ආහාර රුචියේ සහ , දේහ බරෙහි වෙනස්වීම්.
7. පාලනය කර ගත නොහැකි හැඟීම් ඇතිවීම.
8. මරණය දෙස සතුටුදායක බවකින් සහ අස්වැසිල්ලක් ලෙස සිතා බැලීම.
#Psycho_Facts #Knowledge
1 305
🐙 I've gone blank 🐙
'I have gone blank' කියන ප්‍රකාශය අපි භාවිත කරන්නෙ අපට යම් තොරතුරක් මතක නැති බව හෝ , ලිවීමට හා කීමට ඇති දෙයක් තීරණය කර ගත නොහැකි බව පැවසීමටයි
උදාහරණ :-
Q). "Who's the leader of your country?"
ඔයාගෙ රටේ නායකයා කවුද?
A). "Oh no, I can't remember. I've gone blank."
#English #Education
1 305
හැමතිස්සෙම , ඕනෙම දෙයකට වැඩකට හෝ තැනකට විනාඩි දහයක් කලින් යන්න පුරුදු වෙන්න. ටික කාලෙකට පස්සෙ ඒක ඔයාගෙ එදිනෙදා පුරුද්දක් බවට පත් වේවි. අන්න ඒකෙන් ඔයා තවදුරටත් ප්‍රමාද වෙන එක නවතීවි.
#Life_Tips
1 305
මිනිස් හැඟිම් විශාල ගණනක් අප තුළ ඇති වෙනවා. එයින් , මුහුණේ ඉරියව් මගින් ප්‍රකාශ කරන්න පුලුවන් හැඟීම් කිහිපයක් තියෙනව.
🪸 සතුට
🪸 දුක
🪸 තරහ
🪸 පුදුමය
🪸 පිළිකුල
🪸 බිය
🪸 ව්‍යාකූලත්වය
🪸 උද්දීපනය
🪸 ආශාව
🪸 අපහාසය
#Facts
