cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Learn Bits

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Ads: @DrgNo

إظهار المزيد
مشاركات الإعلانات
1 404
المشتركون
لا توجد بيانات24 ساعات
-47 أيام
-2230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
බව්වෙක්ගෙ සාමාන්‍යය ජීවිත කාලය කොච්චරද? බව්වෙක්ගෙ ජීවිත කාලය තීරණය කරන ප්‍රධානම සාධක තමයි, බව්වගෙ වර්ගය සහ දේහ ප්‍රමාණය. Chihuahuas, Yorkies, Maltese හෝ Shih Tzus වගේ කුඩා දේහයන් දරන බව්වො සාමාන්‍යයෙන් අවු. 10-15 ක් වගේ කාලයක් ජීවත් වෙනව. ඒ වගේම golden retrievers, French bulldogs සහ cocker spaniels වගේ මධ්‍යම ප්‍රමාණයේ දේහ දරන සුනඛ වර්ග අවු. 10-12 ක් ජීවත් වෙනව. අවසානයට Great Danes, Irish wolfhounds සහ Saint Bernards වගේ විශාල දේහ දරන බව් වර්ග, ජීවත් වෙන්නෙ අවු. 10කට අඩු කාලයක්. මේ කාල පරාස තීරණය කරල තියෙන්නෙ බහුතර සිදුවීම් පදනම් කරගෙන. ඒ නිසා ඕනෙම සුනඛයෙක්ට මේ කාල පරාසයන්ට පිට කාලයක් ජීවත් වෙන්න ඉඩකඩක් තියෙන්නත් පුලුවන්. #Knowledge
إظهار الكل...
5
Photo unavailableShow in Telegram
SoulFuel❗ *Motivational Posts 📝 *Motivational Quotes 💯 *Business Tips & Tricks 💸 *Life Hacks 🪜  පාඩම් කරන්න හිතෙන්නෙ නැද්ද ? කිසිම වැඩක් කරන හිතෙන්නෙ නැද්ද ? නවත්තපු වැඩ පටන් ගන්න හිතෙන්නෙ නැද්ද ? පොඩි Motivation එකක් අරන් ආයෙත් වැඩේට බහින්න. Mindset එක වෙනස් කරගන්න. To Refuel Your Mind
إظهار الكل...
SoulFuel ❗️
විවිධ Phobia වර්ග Iatrophobia - වෛද්‍යවරුන්ට ඇති බිය Ichthyophobia - මත්ස්‍යයන්ට ඇති බිය Ideophobia - නව අදහස් සහ සිතුවිලි වලට ඇති බිය Illyngophobia - කරකැවීමට/කරකැවිල්ලට ඇති බිය Insectophobia - කෘමීන්ට ඇති බිය Iophobia - විශ වලට ඇති බිය Isolophobia - හුදකලා වීමට ඇති බිය Ithyphallophobia * - ශිෂ්ණය සෘජු වේයැයි දක්වන බිය Japanophobia - ජපන් මිනිසුන්ට ඇති බිය Judeophobia - යුදෙව්වන්ට දක්වන බිය
Ithyphallophobia යනු, සෘජු වූ ශිෂ්ණයක් දැකීමට, දැරීමට හෝ ඒ ගැන සිතීමට දක්වන බිය. මේ බය කාන්තාවන්ට වගේම පුරුෂයන්ටත් තියෙන්න පුලුවන්. ස්ත්‍රීන්ට විශේෂයෙන්ම කුඩා කළ ලිංගික අතවරයන්ට ලක් වූ අයට සහ, පුරුෂයන්ට කුඩා කල ශිෂ්ණය පිළිබඳ ලැජ්ජා වීමට සිදු වූ අයට මේ තත්වය ඇති වීමේ සම්භාවිතාවක් තියෙනව. මේ ගැන වැඩිදුර විස්තර මේ ලින්ක් එකෙන් දැනගන්න.
#Phobia
إظهار الكل...
9🔥 3👍 1 1
ස්වභාවික සහ සංවාදාත්මක ස්වරයක් භාවිත කරන්න ඔයාගෙ ලේඛන විලාසය රඳා පවතින්නෙ, ඔයාගෙ අනන්‍ය අද්විතීය කථන විලාසයට අනුව බව ඔයා දන්නවද? සමහරු කතාවක් ලියනකොට බොහොම අමාරුවෙන් සාහිත්‍යානුකූලව ලියන්න හදනව. සහ වචන හොය හොය, උපමා හොය හොය කතාවට එකතු කරනව. හැම රචකයෙක්ම සම්මත ලේඛන විලාසයක් අනුගමනය කරන්න ඕනෙ කියන අදහස ඇතුවයි සමහරු එහෙම කරන්නෙ. ඒත් ඇත්තටම සම්මත ලේඛන විලාසයක් කියල දෙයක් නෑ. ඔයා කතාව ලියන්න ඕනෙ ඔයාට සුවපහසු සීමාවක ඉඳල මිසක්, ඔයාට දරාගන්නවත් බැරි පරාසයක් අල්ලගෙන නෙවෙයි. ඔයාගෙ හිතට එන අදහස්, ඔයාගෙම වචනයෙන් අකුරු කරන්න. නැතුව හිතට එන අදහස වෙන විදිහකට ලියන්න ගියොත් ඒකෙන් ඔයාට හානියක් වෙන්න පුලුවන්. ඒ වගේම ලේඛනය තුළ හම්බෙන cliches මගහරින්න උපරිම උත්සායක් ගන්න ගමන්ම, ලේඛනයේ නිරත වෙන්න උත්සාහ කරන්න. ඔයාගෙ ලේඛන විලාසය තුළින්, ඔයාගෙ පෞර්ෂය පිළිබිඹු කරන එකට තමයි, "තමන්ටම අනන්‍ය වූ ලේඛන විලාසයක්" පවතිනව කියල කියන්නෙ. #Writer
إظهار الكل...
🔥 5 1🥰 1
ගිනිකෙළි සංදර්ශන, විශාල ගිණිමැල වගේ දේවල් රෙකෝඩ් කරන්න යන්න එපා. ඔයා එහෙම අවස්ථාවක් රෙකෝඩ් කරනකොට ඔයාට පේන්නෙ ඔයාගෙ ෆෝන් එකේ හෝ කැමරාවෙ තිරයෙන් පේන දේ මිසක් ඇත්තම ස්වභාවික දසුන නෙවෙයි. ඒ නිසා ඒ වගේ දෙයක් ස්වභාවිකව ඔයාගෙ ඇස් දෙකෙන්ම දකින එක, රෙකෝඩින් එකක් බලනවට වඩා සුදුසුයි. සහ අපි කවුරුත් ගොඩක් වෙලාවට එහෙම දේක රෙකෝඩින් එකක් පස්සෙ කාලෙක බලන්න තියෙන ඉඩකඩ අඩුයි. #Life_Hacks
إظهار الكل...
💯 10
Telegra.ph සයිට් එකේ ලින්ක් වල preview, සමහර වෙලාවට load වෙන්නැද්ද? මම මේ poll එකෙන් ඇහුව වගේ, සමහරුන්ට ඒ ගැටළුව තිබිල තියෙනව. Link preview නැතුව instant view බට්න් එකක් ගන්නත් බැහැ, සහ ලින්ක් එක එබුවම අපිව browser එකට අරන් යන්න. මේ ගැටළුවට විසඳුම් දෙකක් තියෙනව. 1. te.legra.ph ඩොමේන් එක භාවිත කරන්න. ඔයාගෙ වැඩ කරන්නැති telegra.ph ලින්ක් එක, te.legra.ph කියල වෙනස් කරල ආයෙ උත්සාහ කරන්න. උදා :- - https://telegra.ph/Link කියන එකේ preview එක එන්නෑ කියල හිතන්න. - මේ ලින්ක් එක, https://te.legra.ph/link කියල වෙනස් කරන්න. එතකොට preview එක ලැබේවි. 2. මගේ Instant view template එක භාවිත කරන්න. සංකීර්ණ කරන්න ඕන්නැති නිසා මම සරලව මෙහෙම කියන්නං. ඔයාගෙ ඒ වැඩ කරන්නැති telegra.ph ලින්ක් එක, පහළ ෆෝමැට් එකේ අදාළ තැනට ආදේශ කරන්න. https://t.me/iv?url=(https://telegra.ph/HBwL-05-13-2)&rhash=85d93c787156e6 ඔය වරහන් ඇතුළෙ තියෙන ලින්ක් එක වෙනුවට ඔයාලගෙ වැඩ නොකරන ලින්ක් එක දාලා ආයෙ බලන්න. (වරහන් දෙක අයින් කරගන්න. හොයාගන්න ලේසි වෙන්න දැම්මෙ.) #Tele_Tips
إظهار الكل...
🔥 4
පේටන්ට් (Patent) බලපත්‍ර සහ පිටපත් අයිතිය (Copy Right) අතර වෙනස මොකක්ද? පේටන්ට් එකක් ලැබෙන්නෙ නව නිපැයුමක් සඳහා. ඒ කියන්නෙ ලෝකෙට අලුත් දෙයක්, අලුත් සංකල්පයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන්. හැබැයි පිටපත් අයිතිය වලංගු වෙන්නෙ, කලාත්මක ක්‍රියාවක් වගේ අදහසකට. ඒක පොතක්, චිත්‍රයක්, සිංදුවක් හෝ ඒ හා සමාන දෙයක් වෙන්න පුලුවන්. මේ වර්ග දෙකේදිම, ඒ ඒ පනතට අයත් වෙනස් නීති රීති තියෙනව. Patent Regulations CopyRight basics from Aus AG Dep. #Knowledge
إظهار الكل...
7
Telegra.ph කරපු කතාවක හෝ ලිපියක, Link preview එක එන්නැති ගැටළුවක් තියෙනවද? (නිකංම ලින්ක් එක විතරක් වැටෙන)Anonymous voting
  • ඔව් මට ඒ ප්‍රශ්නෙ තියෙනව
  • මට එහෙම අවුලක් නෑ
  • Poll results
0 votes
Photo unavailableShow in Telegram
👹️ රෑට නින්දක් නැතුව ඉන්න ඔයාලට අලුත්ම 👹️ 👻සත්‍ය , බිහිසුණු හොල්මන් ,මිනීමැරුම් අභිරහස් සහ බියජනක කතාමාලා 👹️ සියල්ලම එකට 🎃 කියවන්න කැමති අයට වගේම HORROR , THRILLER ෆිල්ම් බලන්නත් 👻 👹️අපිත් එක්ක එකතු වෙන්න👹️ JOIN WITH US ❤️
إظهار الكل...
👹 සාරාගේ කතා පොත 👹
Photo unavailableShow in Telegram
ලියන්න බැරි වෙලාවට හිතන්න... අපි කතා ලිව්වට, අපිට හැමතිස්සෙම කතාවම ලිය ලිය ඉන්න පුලුවන් කමක් නෑනෙ. වෙන වැඩත් තියෙනවනෙ. ඉතින්, ඔයාට කතාව ලියන්න බැරි වෙන වෙලාවල් වලට, ඔයාට පුලුවන් ඔයාගෙ කතාවෙ අනාගතය ගැන හිතන්න. අනාගතය ගැන හිතනව කියන්නෙ, කතාවෙ ඉස්සරහට වෙන සිදුවීම්, චරිත වල වැඩි දියුණු වීම්, අලුත් චරිත එකතු වෙනවද නැද්ද, අලුත් සිද්ධි දාමයක් ආරම්භ කරන්නෙ කොහොමද වගේ දේවල් වලට. ඔයාට පුලුවන් ඔයාගෙ ෆෝන් එකේ voice recorder එකෙන් ඔයාට ඒ හිතෙන හිතෙන දේවල් රෙකෝඩ් කරගන්න. එහෙමත් නැත්තං පොඩි නෝට් බුක් එකක, එවෙලට හිතෙන හිතෙන අදහස්, දෙබස් වගේ දේවල් ලියාගන්න. මතක තියාගන්න. ඔයාගෙ ඔලුවට එන මේ සමහර ක්ෂණික අදහස්, ඇත්තටම ඔයාගෙ ලේඛන කලාවට ගොඩක් වැදගත් දෙයක්. කතාවක් ලියන වෙලාවට අපි කොච්චර හිතුවත් අපිට හිතෙන්නැති දේවල්, අපි වෙන වැඩක නියැලෙනකොට එකපාරටම හිතෙන්න පුලුවන්. ඒක අවට පරිසරය, දකින දේ, ඒ වෙලාවෙ මානසික මට්ටම වගේ දේවල් අනුව වෙනස් වෙන දෙයක්. #Writer
إظهار الكل...
8🔥 2