2027 Revision | Biology | Virul Weerakoon
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
8 466
Obunachilar
-824 soatlar
-657 kun
-72430 kun
Postlar arxiv
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 විශේෂයෙන් විශේෂයටත්, එකම විශේෂයේ සෛල වර්ග අතරත්, සෛල පටලයේ රසායනික සංයුතිය අධිකව වෙනස් වේ.
🔻 The chemical composition of the cell membrane greatly varies from species to species and even from one cell type to another even in the same species.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 තද සන්ධි, ශක්තිමත් බැඳීමක් සඳහා අතරමැදි සූත්‍රිකා මඟින් යාබද සෛලවල සෛල සැකිල්ල යාන්ත්‍රිකව සම්බන්ධ කරයි.
🔻 Tight junctions mechanically attach the cytoskeletons of adjoining cells by intermediate filaments for strong binding.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 බහිසෛලීය පූරකයේ ප්‍රධාන සංඝටක වන්නේ, ග්ලයිකොප්‍රෝටීන සහ සෛල මඟින් ස්‍රාවය කරන වෙනත් ලිපිඩ අඩංගු අණු ය.
🔻 Main components of the ECM are glycoproteins and other lipid containing molecules secreted by the cells.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සෛල චක්‍රය පාලනය කරන පිරික්සුම් ස්ථාන G1, G2 හා S කලාවල ඇත.
🔻 There are cell cycle controlling checkpoints available at G, G2 and S phases to ensure that the cell is ready for moving into upcoming phases of cell division.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 යෝග කලාවේදී කයිනෙටොකෝර් නමින් හැඳින්වෙන විශේෂ ප්‍රෝටීනයක් මඟින් එක් එක් වර්ණ දේහයේ වර්ණදේශාංශවල සෙන්ට්‍රොමියරය අසල දී සම්බන්ධ වේ.
🔻 At the metaphase special protein called kinetochore attaches the sister chromatids of each chromosome at their centromere.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 නිදහස් ශක්තිය මුදා හැරීමෙන්, සරල අණුවලින් සංකීර්ණ අණු සෑදීම සංවෘත්තියයි.
🔻 Anabolism is making complex molecules from the simple molecules by releasing free energy.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සියළුම සෛල තුළ ATP වල අඩංගු ශක්තිය විවිධ කෘත්‍ය ඉටු කර ගැනීම සඳහා විවිධ ශක්ති ආකාර වලට පරිණාමනය වේ.
🔻 In all cells energy in ATP is transformed in to various energy forms which are used for different functions.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සියළු එන්සයිම තාප සංවේදි ය.
🔻 All enzymes are heat labile.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 එන්සයිමවල ඇලොස්ටරික යාමනයේදී යාමක අණු එන්සයිමයේ විශිෂ්ට යාමක ස්ථානයකට සහ සංයුජ අන්තර් ක්‍රියා මඟින් බැදේ.
🔻 Regulatory molecules bind to specific regulatory sites elsewhere of the enzyme molecule via covalent interactions in the allosteric regulation of enzymes.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ක්ලෝරොෆීල් මඟින් රතු වර්ණය පමණක් අවශෝෂණය කර කොළ වර්ණය පරාවර්තනය කරයි.
🔻 Chlorophylls absorb only red light and therefore, they transmit and reflect green colour.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 අවශෝෂණ වර්ණාවලිය යනු ආලෝකයේ විවිධ තරංග ආයාම මඟින් ප්‍රභාසංශ්ලේෂණය උත්තේජනය කිරීමේ ඵලදායිත්වය පෙන්නුම් කරන ප්‍රස්තාරයයි.
🔻 An absorption spectrum is a graph showing the effectiveness of different wave lengths of light in stimulating the photosynthesis.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය මයිටොකොන්ඩ්‍රියා ඇතුළු පටලය තුළ සිදු වේ.
🔻 Electron transport chain taken place on the inner membrane of mitochondria.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සියළු බැක්ටීරියා එතනෝල් පැසීම සිදු කරයි.
🔻 All bacteria carry out ethyl alcohol fermentation.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 අසංතෘප්ත මේද ද්විත්ව බන්ධන කිසිවක් නැති හයිඩ්‍රොකාබන් දාම සහිත මේද අම්ල වලින් සැදී ඇත.
🔻 Unsaturated fats are made up of fatty acids with hydrocarbon chains having no double bonds.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඩේලියා ආකන්ද තුළ ඉනියුලින් ශක්ති ප්‍රභවයක් ලෙස සුක්‍රෝස් ගබඩා කරයි.
🔻 Inulin stores sucrose as energy source in Dahlia tubers.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 යාබද මොනොසැකරයිඩ අණු දෙකක් අතර, සංඝනන ප්‍රතික්‍රියාවක් මඟින් ජල අණුවක් පිට වීමෙන් එම අණු දෙක අතර, එස්ටර බන්ධනයක් සෑදේ.
🔻 Ester bond is formed by removal of a water molecule from two adjacent monosaccharides by a condensation reaction.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ජල අණු සහ වෙනත් ද්‍රව්‍ය අතර, ඇති වන ආකර්ෂණය සංසක්තිය ලෙස හඳුන්වයි.
🔻 Attraction between water molecules and other substances are known as cohesion.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සමාන ජල අණු අතර පවතින හයිඩ්‍රජන් බන්ධන හේතුවෙන් ජලයේ ගුණ ඇති වේ.
🔻 The properties of water arise due to the hydrogen bonds between similar water molecules.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් අසංතෘප්ත මේදය පරිභෝජනය කිරිම ධමනි බිත්ති ඝන වීමට බලපායි.
🔻 Consumption of saturated fats and trans unsaturated fats contribute arthrosclerosis.
✅ ප්‍රකාශයේ තියෙන වැරැද්ද හොයන්න තියෙන්නෙ ළමයි 🔥
🔻 ඇමයිනෝ අම්ල අණු උභයසාහී අණු වේ.
🔻 amino acids are amphipathic molecules.