ru
Feedback
2026 Theory | Amila Dasanayake

2026 Theory | Amila Dasanayake

Открыть в Telegram

📈 Аналитический обзор Telegram-канала 2026 Theory | Amila Dasanayake

Канал 2026 Theory | Amila Dasanayake (@echem26th) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 56 953 подписчиков, занимая 2 974 место в категории Образование и 18 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 56 953 подписчиков.

Согласно последним данным от 25 августа, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -113, а за последние 24 часа — -174, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 54.23%. В первые 24 часа после публикации контент обычно набирает 26.80% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 30 905 просмотров. В течение первых суток публикация набирает 15 270 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 1 456.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
https://t.me/ECHEM26THD

Благодаря высокой частоте обновлений (последние данные получены 26 августа, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

56 953
Подписчики
-17424 часа
-7957 дней
-11330 день
Архив постов
🔔2027 Special Meeting 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක්
🔔2027 Special Meeting 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනව ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම කතා කරමු. 2️⃣ 2027 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන එක කතා කරමු. 3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු. 4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට සීයක් විෂයක් ගොඩනගන විදිහ කතා කරමු. 5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු. 6️⃣ දැනට F3 ක මට්ටමක හිටියත් සති 40 ක් ඇතුළත ඉතාම ඉහළ A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු. 🤔2027 Revision ආරම්භයට පෙර 🔍අගෝස්තු 29 (සෙනසුරාදා) 🕔ප.ව.8.00 සිට ප.ව.9.00 Zoom සහ Youtube Live ඔස්සේ LIVE Only❗️ සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න. Links පහත Telegram Channel එක හරහා: ❤️ https://t.me/Echem_GR27 2027 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභා
REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 🔴නුගේගොඩ - රොටරි 🔴ගම්පහ - ඉන්දීප
2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE      සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback26 ✔️2025 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
"කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභා
REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 🔴නුගේගොඩ - රොටරි 🔴ගම්පහ - ඉන්දීප
2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback26 ✔️2025 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
"කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

මේ ඉන්නේ අපේ Instructing Team එක. විශේෂත්වය වෙන්නේ මේ photo එකේ ඉන්න 90%ක්ම තව අවුරුදු කීපයකින් වෛද්‍යවරු සහ ඉංජිනේරුවරු. අද
මේ ඉන්නේ අපේ Instructing Team එක. විශේෂත්වය වෙන්නේ මේ photo එකේ ඉන්න 90%ක්ම තව අවුරුදු කීපයකින් වෛද්‍යවරු සහ ඉංජිනේරුවරු. අද එන්න බැරි වුණ තව පිරිසකුත් ඉන්නවා. මේ ගතවෙන්නේ අපේ 2025/26 Instructing Team එකේ අයියල අක්කලා අපිත් එක්ක වැඩ කරන අවසන් මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක. ඒ වගේම 2026 Batch එකේ විභාගය කාලයේ මේ කට්ටිය එකතු වෙලා ළමයින්ගේ පාඩම් වැඩවලදී එන ප්‍රශ්න වලට දවල් රෑ නොබලා Group වල උත්තර දීලා ඒ වැඩේටත් ලොකු Support එකක් දුන්නා. ඉතිං අද ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා අද දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා. ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

😄 GENERATION 26 දෙසැම්බර් මාසේ 2026 ළමයින්ගේ විශේෂම මාසේ වෙන්න යන්නේ ඔන්න. තැන සහ දවස අපි ඉදිරියේදී කියන්නම්. අපි අද ඉඳලාම ඔ
😄 GENERATION 26 දෙසැම්බර් මාසේ 2026 ළමයින්ගේ විශේෂම මාසේ වෙන්න යන්නේ ඔන්න. තැන සහ දවස අපි ඉදිරියේදී කියන්නම්. අපි අද ඉඳලාම ඔයාලගේ හැකියාවන් එකතු කරන්න පටන් ගන්නවා. පහළින් එක එක දක්ෂතා සහ Generation 26 එකට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර දක්වලා Google Forms දාලා තියෙනවා. 🔴එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 🔺Singing Auditions - https://forms.gle/Rn31tLkLLpUdeTWx6 🔺Dancing Auditions- https://forms.gle/UjFWe64ufTXyCmYx6 🔺Drama Auditions - https://forms.gle/t85Y7u51RmWHkzxR8 ` 🔺Announcing Auditions - https://forms.gle/JZwDGXeQxrJw14AB6 🔺Instruments Auditions - https://forms.gle/KGgmTK2mYqE71nCZ6 🔺Script Wiriting - https://forms.gle/r8BaksCqAmEzJnrD8 🔺Art And Photography - https://forms.gle/8VUeYiSTGNo7d2989 🔺Other Talents - https://forms.gle/nD8bXMiFtDTH7wVW8 🔻Generation '26 Let's Make It Happen - https://forms.gle/pRJgDrHWDcFGiEkT8 🔻Talent Show Concepts - https://forms.gle/Py5kFDyjVurvJ67FA 🔻Organizing Team - https://forms.gle/G1RGdgCAx7HNsK7F8 Telegram Channel - https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

👍එහෙනම් ඔන්න ඒකත් ඉවරයි, (මේ message එක කලින් දාපු එක delete වෙලා ළමයි. ඒකයි මේ ආයෙම දාන්න වුණේ) ළමයි මම හිතනවා පටන්ගත්ත දා
👍එහෙනම් ඔන්න ඒකත් ඉවරයි, (මේ message එක කලින් දාපු එක delete වෙලා ළමයි. ඒකයි මේ ආයෙම දාන්න වුණේ) ළමයි මම හිතනවා පටන්ගත්ත දා ඉඳන් විභාගය ඉවර වෙන දවස වෙනකන් ඔයාලා අපි ගැන තියපු විශ්වාසය පොඩ්ඩක්වත් පළුදු වෙන්න නොදී අපි ආරක්ෂා කරා කියලා. සමහරුන්ට ටිකක් එපා වෙන subject එකක් වුණත් ඔයාලට ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් විදිහකට ඒක හරවලා, syllabus එක වෙලාවට ඉවර කරලා, අන්තිම මාසේ මුළු syllabus එකම ආයේ revise කරලා, එතනිනුත් පස්සේ විභාගය වෙනකන්ම උපරිමෙන් ඔයාලට දෙන්න ඕන මඟපෙන්වීම අපි දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඒක මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ staff එක, instructing team එක, academic team එක අන්තිම වෙනකන්ම මාරම support එකක් දුන්නා මේ වැඩේ මේ විදිහට ඉවර කරගන්න පුළුවන් වෙන්න. ඒ හැමෝටමත් ස්තුතියි කරන්න ඕන. ඉතිං, අපි ගැන අවසාන වශයෙන් කියලා යන්න ඕන දෙයක් තියෙනවා නම් මේකට comment එකක් විදිහට සහ යන්න කලින් කියලා යන්න group එකට message එකක් විදිහට (පුළුවන් නම් තමන්ගේ නමත් එක්කම) තියලා යන්න.❤️ https://t.me/ECHEM_feedback26 මම හිතනවා ඕගොල්ලෝ #ආසාවෙන්_ඉගෙනගත්තා කියලා එහෙනම්, ආයේ generation'26 වැඩත් එක්ක හම්බෙමු🔥 - අමිල දසනායක

✔️ඔන්න කැමති ළමයින්ට බලන්න පුළුවන්. කැමති නැත්තම් ඉතිං හිතින් අතඇරලා හිටියත් කමක් නෑ.
✔️ඔන්න කැමති ළමයින්ට බලන්න පුළුවන්. කැමති නැත්තම් ඉතිං හිතින් අතඇරලා හිටියත් කමක් නෑ.

Team ECHEM '27❗️ 🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම standards maintain කරන Team එකේ සාමාජිකයෙක් වෙන්න කැමති ළමයින්ට, 🔥බඳවාගැනීම්
Team ECHEM '27❗️
🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම standards maintain කරන Team එකේ සාමාජිකයෙක් වෙන්න කැමති ළමයින්ට,
🔥බඳවාගැනීම් සිදුකෙරෙන විවිධ අංශ,
🔴Instructors භෞතික පන්ති සහ දිවයින පුරා පවතින centers වලට අදාළ වැඩකටයුතු, උත්තර පත්‍ර පරික්ෂා කිරීම්, සිසුන්ගේ ගැටලු වලදී උදව් කිරීම්, Online සිසුන්ගේ groups බලා අවශ්‍ය ගැටලු විසඳීම වැනි කටයුතු මීට ඇතුළත්ය. Online සහ physical ලෙස instructing ආකාර 2ක් ඇත. Online instructing සිසුන් භෞතිකව ආයතන වලට පැමිණීමකින් තොරව නිවසේ සිට වැඩ කිරීම සිදුවේ.(මීට සම්බන්ධ වීමට ETP වල A සාමාර්ථයක මට්ටමේ සිටීම අවශ්‍ය වේ.) 🔴Academic Team ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පිළිතුරු පත්‍ර, weekly documents සකස් කිරීමට දායක වීම් සහ සිසුන්ගේ ලකුණු ඉහළ නැංවීමට අවශ්‍ය නව අදහස් යෝජනා කරමින් ඒවා ක්‍රියාත්මක කරවීම වැනි කටයුතු මීට ඇතුළත්ය. 🔴Office Staff විෂය දැනුමක් අවශ්‍ය නොවන hotline වැඩකටයුතු, නිබන්ධන යැවීම් ආශ්‍රිත කටයුතු, විවිධ ගැටලු වලදී සක්‍රියව මැදිහත්වී ඒවා විසඳීම් වැනි විෂය පරිබාහිර කටයුතු මීට ඇතුළත් වේ. 😄අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ළමයි අගෝස්තු 31ට පෙර පහත Google Form එක පුරවන්න. 🖥https://forms.gle/jSd4Yv89JtAnHDAQ6 ‼️ කලින් Google Form පුරවපු ළමයිනුත් නැවත වරක් ඉහත Google Form එක පුරවන්න මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ. 📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

Team ECHEM '27❗️ 🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම standards maintain කරන Team එකේ සාමාජිකයෙක් වෙන්න කැමති ළමයින්ට, 🔥බඳවාගැනීම්
Team ECHEM '27❗️
🔔උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉහළම standards maintain කරන Team එකේ සාමාජිකයෙක් වෙන්න කැමති ළමයින්ට,
🔥බඳවාගැනීම් සිදුකෙරෙන විවිධ අංශ,
🔴Instructors භෞතික පන්ති සහ දිවයින පුරා පවතින centers වලට අදාළ වැඩකටයුතු, උත්තර පත්‍ර පරික්ෂා කිරීම්, සිසුන්ගේ ගැටලු වලදී උදව් කිරීම්, Online සිසුන්ගේ groups බලා අවශ්‍ය ගැටලු විසඳීම වැනි කටයුතු මීට ඇතුළත්ය. Online සහ physical ලෙස instructing ආකාර 2ක් ඇත. Online instructing සිසුන් භෞතිකව ආයතන වලට පැමිණීමකින් තොරව නිවසේ සිට වැඩ කිරීම සිදුවේ.(මීට සම්බන්ධ වීමට සාමාර්ථයක් තිබීම අනිවාර්ය වේ.) 🔴Academic Team ප්‍රශ්න පත්‍ර, නිබන්ධන, පිළිතුරු පත්‍ර, weekly documents සකස් කිරීමට දායක වීම් සහ සිසුන්ගේ ලකුණු ඉහළ නැංවීමට අවශ්‍ය නව අදහස් යෝජනා කරමින් ඒවා ක්‍රියාත්මක කරවීම වැනි කටයුතු මීට ඇතුළත්ය. 😄අපි එක්ක සම්බන්ධ වෙන්න කැමති ළමයි අගෝස්තු 31ට පෙර පහත Google Form එක පුරවන්න. 🖥https://forms.gle/BoPRJeWKJGKHAxU97 මේකෙදී තමන්ගේ CV එකක් හදලා upload කරන්නත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන CV එක මොන වගේද කියන එක පහළ Link එකෙන් ගියාම අදහසක් ගන්න පුළුවන්. ඒකට ඔයාලගේ මූලික තොරතුරු ඇතුළත් කරලා දැනට ඔයාලට තියෙන හැකියා සඳහන් කරන්න. මේකම නැති වුනත් තමන්ට ගැලපෙන වෙන CV Template එකක් පාවිච්චි කලත් ප්‍රශ්නයක් නැහැ. 📄https://drive.google.com/drive/folders/1Iw262esY8xUbbZ-_K2h2ka41zRQ4SvOY?usp=drive_link ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

👍එහෙනම් ඔන්න ඒකත් ඉවරයි, ළමයි මම හිතනවා පටන්ගත්ත දා ඉඳන් විභාගය ඉවර වෙන දවස වෙනකන් ඔයාලා අපි ගැන තියපු විශ්වාසය පොඩ්ඩක්වත් ප
👍එහෙනම් ඔන්න ඒකත් ඉවරයි, ළමයි මම හිතනවා පටන්ගත්ත දා ඉඳන් විභාගය ඉවර වෙන දවස වෙනකන් ඔයාලා අපි ගැන තියපු විශ්වාසය පොඩ්ඩක්වත් පළුදු වෙන්න නොදී අපි ආරක්ෂා කරා කියලා. සමහරුන්ට ටිකක් එපා වෙන subject එකක් වුණත් ඔයාලට ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් විදිහකට ඒක හරවලා, syllabus එක වෙලාවට ඉවර කරලා, අන්තිම මාසේ මුළු syllabus එකම ආයේ revise කරලා, එතනිනුත් පස්සේ විභාගය වෙනකන්ම උපරිමෙන් ඔයාලට දෙන්න ඕන මඟපෙන්වීම අපි දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඒක මට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ staff එක, instructing team එක, academic team එක අන්තිම වෙනකන්ම මාරම support එකක් දුන්නා මේ වැඩේ මේ විදිහට ඉවර කරගන්න පුළුවන් වෙන්න. ඒ හැමෝටමත් ස්තුතියි කරන්න ඕන. ඉතිං, අපි ගැන අවසාන වශයෙන් කියලා යන්න ඕන දෙයක් තියෙනවා නම් මේකට comment එකක් විදිහට සහ යන්න කලින් කියලා යන්න group එකට message එකක් විදිහට (පුළුවන් නම් තමන්ගේ නමත් එක්කම) තියලා යන්න.❤️ https://t.me/ECHEM_feedback26 මම හිතනවා ඕගොල්ලෝ #ආසාවෙන්_ඉගෙනගත්තා කියලා එහෙනම්, ආයේ generation'26 වැඩත් එක්ක හම්බෙමු🔥 - අමිල දසනායක

🔴A/L වලට අදාලව දාන අන්තිම voice message එක මේ වෙනකන් කරපු වැඩ ඇතුලේ බලන්න බැරි වුණා නම් හෙට paper එකට කලින් බලාගෙන යන්න ඕන දේවල් ටිකක් සහ හෙට paper එක ගැන මේ voice එකේ තියෙනවා ළමයි. හැමෝම අහමු. එහෙනම් හෙටත්,
ඔයාට පුළුවන් උපරිමේ කරලා එන්න. එතනින් එහාට මොනවා වුණත් කමක් නෑ.
ජය වෙන්න ඕන හැමෝමට❤️ ~ අමිල දසනායක

Essay 6
Essay 6

Essay Paper එකට සූදානම් වීම ගැන

Essay 5
Essay 5

අද දවසේ වැඩ පටන්ගන්න 7a, 7b, 8, 9, 10 ප්‍රශ්න වලට වැඩියෙන් බලන්න ඕන විදිහේ ප්‍රශ්න මෙතන තියෙනවා. තව පොඩි වෙලාවකින් 5,6 දෙකත්
අද දවසේ වැඩ පටන්ගන්න 7a, 7b, 8, 9, 10 ප්‍රශ්න වලට වැඩියෙන් බලන්න ඕන විදිහේ ප්‍රශ්න මෙතන තියෙනවා. තව පොඩි වෙලාවකින් 5,6 දෙකත් දානවා. කරගෙන යමු ළමයි. හෙටින් මේ වැඩේ ඉවරයි.

🛒 රචනා ප්‍රශ්න සදහා සුදානම් වීම අපි මීට කලින් පන්තියේ සාකච්ඡා කරපු, රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට අවශ්‍ය පුහුණු
🛒 රචනා ප්‍රශ්න සදහා සුදානම් වීම අපි මීට කලින් පන්තියේ සාකච්ඡා කරපු, රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට අවශ්‍ය පුහුණු වීම ලබා ගැනීම සදහා අවශ්‍ය කෙටි සටහන්, video පහතින් ලබාගන්න පුළුවන් අවශ්‍ය ළමයින්ට. 1️⃣ Structured Essay 01 🔴Part 01 (ගුණ විචලන) https://youtu.be/Ak71xEaTDuc 🔴Part 02(ඩි බ්‍රෝග්ලි තරංග ආයාම, හයිඩ්‍රජන් වර්ණාවලි, ක්වොන්ටම් අංක) https://youtu.be/rXHEKYu7hH4 2️⃣ Structured Essay 02 🔴Inorganic විශේෂ කෙටි සටහන සෑදීම https://youtube.com/live/apFPwPY8324 🔴ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා පුහුණුව- Part 01 https://www.youtube.com/live/GgBeEUEggv0?si=dFvcXz8szZ8sK2f4 🔴ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා පුහුණුව- Part 02 https://youtube.com/live/2cqAeCTiiv0 3️⃣ Structured Essay 03 🔴QBT - 03 https://t.me/echemres26R/10810/10841 4️⃣ Structured Essay 04 🔴QBT - 4 https://t.me/echemres26R/10810/10851 5️⃣ Essay Question 05 & 06 ✈️ චාලක රසායනය 🔴චාලක රසායනය revise video https://www.youtube.com/live/PwDw-hw9fPg?si=fiUoJEwyo7m2eZlJ 🔴චාලක රසායනය කෙටි සටහනක් https://t.me/echemres26R/10559/10728?single ✈️ Kp Kc 🔴 පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡාකිරීම https://t.me/echemres26R/10511/10749 ✈️ ශක්ති විද්‍යාව 🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day) https://youtu.be/cXLH6LUs_aE?t=12910 🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම https://t.me/echemres26R/7/10889 ✈️ Ksp 🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day) https://youtu.be/cXLH6LUs_aE?t=1717 🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම https://t.me/echemres26R/10511/10760 ✈️ kD 🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම https://t.me/echemres26R/10511/10890 ✈️ pH 🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day) https://youtu.be/cXLH6LUs_aE?t=26121 🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම https://t.me/echemres26R/10511/10891 7️⃣ Essay Question 07 🔴QBT - 7 https://t.me/echemres26R/10810/10813 8️⃣ Essay Question 08 🔴QBT - 8 https://t.me/echemres26R/10810/10851 9️⃣ Essay Question 09 🔴Inorganic Night Seminar https://www.youtube.com/live/cyMvFcPr3ts?si=nsb8rNLXzLLEPIAN 🔴අවක්ෂේප විශ්ලේෂණය https://youtu.be/z8BzwSZ-4_s 🔴Inorganic රචනා ප්‍රශ්න සදහා පුහුණුව https://youtu.be/JK2Iez8vx7E 🔴Inorganic ගණනය කිරීම් සදහා සිද්ධාන්ත සාකච්ඡා කිරීම https://youtu.be/oL1_743qPgE 🔴Inorganic ගණනය කිරීම් සදහා පුහුණුව https://youtube.com/live/__WfbM_HAxU?feature=share ✈️ පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම් 🔴අනුමාපන ගැටලු සාකච්ඡාව https://t.me/echemres26R/10220/10880 🔴NH3 ආශ්‍රිත අනුමාපන ගැටලු සාකච්ඡාව https://t.me/echemres26R/10220/10881 🔴පසුගිය විභාග හඳුනා ගැනීම් ප්‍රශ්න සාකච්ඡා කිරීම් https://t.me/echemres26R/10220/10882 🔴2015 - 2025 වසර දක්වා පසුගිය විභාග ප්‍රශ්න https://t.me/echemres26R/10220/10875 🔟 Essay Question 10 🔴කර්මාන්ත රසායනය කෙටි සටහන් https://t.me/echemres26R/10613/10886 🔴පරිසර දුෂණය කෙටි සටහන් https://t.me/echemres26R/10613/10887 🔴පරිසර දූෂණය ආශ්‍රිත ආදර්ශ ගැටලු https://t.me/echemres26R/10613/10838 ✈️ බහුඅවයවික 🔴 සමස්ථ පාඩම ම ආවරණය කෙරෙන ප්‍රශ්නමාලාව හා පිළිතුරු https://t.me/echemres26R/10613/10893 ✈️පරිසර දූෂණය Model Question හා පිළිතුරු (සමස්ත පාඩම් කොටසම revise කරගත හැකිය.) https://t.me/echemres26R/10613/10839 ✈️ 2015 සිට 2025 දක්වා කර්මාන්ත රචනා ප්‍රශ්නය අඩංගු නිබන්ධනය https://t.me/echemres26R/10613/10873
✔️එක් එක ප්‍රශ්නය පුහුණුවීම සදහා ලබා දුන් question based training නිබන්ධන වල ඇති ප්‍රශ්න සදහා ද පුහුණු වෙන්න. එම සියලුම නිබන්ධන වල පිළිතුරු පත්‍ර echem.lk හරහා ලබා ගත හැකිය.
✔️මිට අමතරව Final Papers හා Exam Target Papers වල ඇති රචනා ප්‍රශ්න ද අධ්‍යනය කරන්න. (සියලුමFinal Paper හා ETP වල Marking Scheme හා discussion video echem.lk හි Exam Target Paper|July ඔස්සේ ලබාගත හැකිය.)
❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

උඩ voice එකට අදාල structured essay ප්‍රශ්න මාලාව මෙතන තියෙනවා ළමයි. Final Papers සහ Exam Target Papers වල ඒ ඒ ප්‍රශ්න අංකයට අ
උඩ voice එකට අදාල structured essay ප්‍රශ්න මාලාව මෙතන තියෙනවා ළමයි. Final Papers සහ Exam Target Papers වල ඒ ඒ ප්‍රශ්න අංකයට අදාල ප්‍රශ්න සේරම එක තැනකට අරගෙන හදපු pdf සෙට් එකකුත් website එකට add කරගෙන යන ගමන් තියෙනවා. Paper එකෙන් paper එක බලන එක කරදරයි නම් ඒ pdf පාවිච්චි කරන්න පුළුවන්. (දවල් 1 වගේ වෙනකොට website එකට add වෙලා තියෙයි. ඒ වෙනකන් papers වලින් කරගෙන යමු)

🔴හරි ළමයි, ඔන්න එකක් ඉවරයි. කට්ටිය වැඩේ shape එකේ ගොඩ දාලා ඇති කියලා හිතනවා. දැන් අපි යමු අන්තිම වැඩේට.

🔴හෙට paper එක කරන එක ගැන සහ ඉතිරි පොඩි වෙලාවේ ලෑස්ති වෙන එක ගැන. හැමෝම මේ දේවල් ඔලුවට අරගෙන තමන්ට පුළුවන් උපරිම දේ හෙට කරලා එන්න. ඉන් එහාට මොනවත් හිතන්න එපා. එහනම්, ජය වෙන්න ඕන හැමෝටම❤️ ~ අමිල දසනායක

🔴Good morning ළමයි, අද වැඩ ටික වෙන්න ඕන විදිහ ගැන. මේක අහලා දවසේ උපරිම වැඩ ප්‍රමාණයක් කරගමු හැමෝම.