cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

☸️🌼| බෞද්ධ දර්ශනය 🌺

සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය https://t.me/Buddhist_Philosophy/3

Больше
Рекламные посты
1 007
Подписчики
+224 часа
+57 дней
+1730 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

5_6053398126130107232 (4).mp44.79 MB
Repost from N/a
Фото недоступноПоказать в Telegram
-කාමච්ඡන්දප්පහාන සූත්‍රය- (නීවරණප්‍රහාණ වර්ගය-> ඒකක නිපාතය -> අංගුත්තර නිකාය) 🌟 ——————————————————————————- "මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමච්ඡන්‍ද නූපදනේ නම්, උපන්නා වූ ද කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ අශුභනිමිත්ත යම්සේ වේ ද, එබඳු අන් එක ධර්‍මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කාමච්ඡන්‍දය නූපදනේ ය. උපන්නා වූ ද කාමච්ඡන්‍දය ප්‍රහීණ වේ." ——————————————————————————- ——————————————————————————- ‘අනුප්පන්නො වා කාමච්ඡන්‍දො නූපජ්ජති’ යනු නිති හැසිරීම් වශයෙන්ද නොවිඳි අරමුණු වශයෙන්ද යන කරුණු දෙකින්ම නූපන්නේ නූපදියි. එසේ යටපත්වූයේම වෙයි. යළි හේතුවක් හෝ ප්‍රත්‍යයක් හෝ නොලබයි. මෙහිද වත් ආදියේ වශයෙන් නිති නොහැසිරීම දතයුතුයි. කියනලද ක්‍රමයෙන්ම වතෙහි යෙදුනු වත් කරන ඇතැමෙකුගේ කෙලෙස් ඉඩක් නොලබයි. වත් වශයෙන් යටපත් කරනලද්දේවෙයි. හෙතෙම එය එසේ යටපත්වූවක්ම කොට පෙරළා අර්‍හත්වය ගනී. මිලක්ඛතිස්ස තෙරුන්වහන්සේ මෙනි. —- උප්පන්නො වා කාමච්ඡන්‍දො පහීයති’ යන මෙහි උප්පන්නො යනු උපන්, පහළවූ, හටගත් යනුයි. පහීයති යනු තදඞ්ගප්පහාන වික්‍ඛම්භනප්පහාන සමුච්ඡෙදප්පහාන, පටිප්පස්සදධිප්පහාන, නිස්සරණප්පහාන යන මේ ප්‍රහාණ පසෙන් පහවෙයි. යළි නොඋපදියි යන අර්‍ත්‍ථයි. එහි විදර්‍ශනාවෙන් කෙලෙස් තදඞ්ගප්‍රහාණයැයි දතයුතුයි. සමාපත්ති කෙලෙසුන් යටපත් කරතැයි ඒ සමාපත්ති විස්කම්භන ප්‍රහාණයයි දතයුතුයි. මාර්‍ගය මුලිනුපුටමින් උපදියි. ඵලය සංසිඳුවනු ලබන්නේයි. නිර්‍වාණය සියලු කෙලෙසුන්ගෙන් හරනා ලද්දකි. මේතුන සමුච්ඡෙද පටිප්පස්සද්ධි, නිස්සරණ, ප්‍රහාණයයි කියනුලැබේ. මේ ලෞකික ලෝකෝත්තර ප්‍රහාණ පසින් පහවේයයි අර්‍ත්‍ථයි. අසුභනිමිත්තං යනු දස අසුභයන් කෙරෙහි උපන් අරමුණ සහිත ප්‍රථමධ්‍යානයයි. එහෙයින් පෝරාණයෝ (මෙසේ) කීහ: ‘අසුභවුත් අසුභනිමිත්තවුත් අසූහාරම්මණයවුත් ධර්‍මය අසුභනිමිත්තයි.’ ‘යොනිසො මනසිකරොතො’ යනු ‘තත්‍ථකතමො යොනිසො මනසිකාරො අනිච්චෙ අනිච්චං’ යනාදී ක්‍රමයෙන්කියනලද උපායමනසිකාරයාගේ වශයෙන් මෙනෙහි කරනනහුටයි. අනුප්පන්නො චෙව කාමච්ඡන්‍දො නුප්පජ්ජති යනු නොහටගත්තේ නොහටගනියි. ‘උප්පන්නො ච කාමච්ඡන්‍දො පහීයති’ යනු හටගත්තාවූද කාමච්ඡන්‍දය පස් ආකාර ප්‍රහාණයෙන් පහවෙයි. (කාමච්ඡන්දප්පහාන සූත්‍ර අටුවාව) —————————————————————————————
Показать все...
මේතුවක් කල් මහා සිංහරාජයෙකු සේ සිටි මිළිදු රජුට "නාගසේන" යන නම ඇසූ සැනින් ජිවිතේ පළමු වතාවට මහා භයක් හට ගත්තා.. දහඩිය දැම්මා..ඒ භය සඟවා 500ක් වූ ඇමතිවරු පිරිවරා නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ආරාමෙට ගියා.. නාගසේන මහරහතන් වහන්සේ 80 000ක් භික්ෂුන් පිරිවරා මහා සිංහරාජයෙකු සේ වැඩසිටියා.. ඒ සඟ පිරිස දුටු මිලින්ද රජතුමා.. ගුරුළෙකුට ලංවූ නයෙකු සේ ද පිඹුරෙකුට ලංවූ සිවලෙකු සේ ද දිවියෙකුට ලං වූ මුවෙකු සේද දැළකට හසු වූ මාලුවෙකු සේ ද භයෙන් වෙව්ලා ගියා.. එදා ඉදලෙන් පහරක් ගහපු තමන්ගේ පැරණි ගුරවරයා වූ "නාගසේන මහරහතන් වහන්සේ" දුටු පමණින් මිලින්ද රජතුමා දැන ගත්තා.. ජිවිතේ පළමු වරට අද තමන් වාදයෙන් පරාද වන බව.. අද තමන්ගේ සියලු වාද ප්‍රතිවාද සුනුවිසුණු ව යන බව.. අහෝ! බලනු මැන අපගේ නාගසේන මහරහතන් වහන්සේගේ තේජස.. කාෂ්‍යප බුදු සසුනේ පැතූ පැතුම් දෙකක් ගෞතම බුදු සසුනේ එකට එකතු වුනා.. ගඟේ රැළි නැගෙනා සේ වාද ප්‍රතිවාද කරන්නට පැතු පැතුමෙන් මිලිඳු රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න විමසා සිටියා.. ගඟේ රැලි ඉවුරේ ගැටී අවසන් වන වන්නේ යම් සේද එසේම රජුගේ සියලු වාද මා ඉදිරියේ අවසන් වේවා!යි පැතු පැතුමෙන් නාගසේන මහරහතන් වහන්සේ මහා ප්‍රඥා බලයෙන් ඒ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා.. ජිවිතේ පළමු වතාවට රජු වාදයෙන් පැරදුනා.. ඒත් රජතුමාට හරි සතුටුයි..ජිවිතේ පළමු වතාවට තමන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන කෙනෙක් මුණ ගැහුනා..ජිවිතේ පළවෙනි වතාවට ආගමක දර්ශනයක ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා.. රජතුමා බුදුසසුන ගැන අතිශයින්ම පැහැදුනා.. බුද්ධ සාසනයට අනුග්‍රහා කලා.. තවත් බොහෝ කාලයක් බුදුසසුන බැබලුනා.. වාද කර කර හිටපු මිලිඳු රජතුමා බුද්ධ සාසනයේ පැවිදි උපසම්පදාව ලබා ගත්තා.. පැවිදිව උතුම් අරහත්වය සාක්ෂාත් කොට වදාලා.. උන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත්කොට බොහෝ නගරවල ස්ථූපයන් කල බව සඳහන්.. මිලිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..!!! මිලින්ද රජතුමාගේ ප්‍රශ්න සහ නාගසේන මහරහතන් වහන්සේගේ පිළිතුරු ඇතුලත් මිලින්ද ප්‍රශ්නය ග්‍රන්ථය සියලු බෞද්ධයන්ම කියවිය යුතු එකක්.. එය අතිශයින්ම රසවත්.. අපගේ නාගසේන මහරහතන් වහන්සේගේ ප්‍රඥා මහිමය කෙතරම් ආශ්චර්‍යයක්ද කියා මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැකියි.. මිත්‍යා දුෂ්ඨිය පරදා මිළිඳු රජුගේ වාද ප්‍රතිවාද මැඩපවත්වා ගෞතම බුදුසසුන බැබලවීම පිණිස දෙව්ලොව සැප අතහැර මනුලොවට වැඩි අපගේ නාගසේන මහරහතන් වහන්සේට නමස්කාර වේවා..!!! සද්දම්ම රත්නාවලිය ඇසුරෙනි.. නමෝ🌷බුද්ධාය.!. තෙරුවන් සරණයි ..!!!
Показать все...
_🤍🌻නමෝ බුද්ධාය.!.__✨ ❤️.ιllιlι සසරේ පැතූ පැතුමෙන් මිත්‍යා දෘෂ්ටිය පරදා ගොයුම් සසුන බැබල වූ නාගසේන මහරහතන් වහන්සේ..... බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 500ක් ගිහින්.. එකල දඹදිව සාගල නුවර හිටියා මහා තේජස් ඇත් රජෙක්..මිත්‍යාදුෂ්ට්ක ග්‍රීක රජෙක්..නම "මිලින්ද" (King Menander ).. "ඇලෙක්සැන්ඩ්‍රියාවේ" උපන් මේ රජතුමා අති දක්ෂයෙක්.. විශ්මිත මතක ශක්තියක් වගේම මහා නුවණක් තිබ්බ කෙනෙක්..එකල තිබුනු සියලු ආගම් පරතෙරේට ඉගෙන ගත්ත කෙනෙක්..වාදයෙහි කෙල පැමිණියෙක්.. මිලින්ද රජතුමා රූපයෙනුත් හරි ලස්සනම කෙනෙක්..ඔහු තමයි එකල දඹදිව හිටපු ලස්සනම කෙනා.. මිලින්ද රජතුමා ගේ විනෝදාංශය තමයි වාද කරන එක.. වාදයෙහි අතිශයින්ම දක්ෂ මිලින්ද රජතුමා එකල තිබුනු සියලු ආගම් වල ශ්‍රාවකයන් සමඟ වාද කලා.. මක්කලීගෝසාල නිගන්ඨ නාථ පුත්ත පුරාණකස්සප ආදින්ගෙන් පැවත එන සියලු ආගමික මතවාද වාදයෙන් පරද්දලා දැම්මා.. මිලින්ද රජුගේ මේ වාද කිරිල්ල කොයි තරම්ම දරුණු ද කියනවා නම් එකල කිසිදු ආගමික නායකයෙක් ශ්‍රාවකයෙක් රජතුමා හිටපු පැත්ත පළාතක හිටියේ නෑ..ගම් නියම්ගම් අතහැරලා පැනලා ගියා.. රජතුමා ගේ බැල්ම බුද්ධ සාසනේටත් වැටුනා.. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතක්කාවචරයි.. තර්කයට හසුවෙන්නේ නෑ.. ඒ නිසාම රහතන් වහන්සේලා මිලින්ද රජතුමාට පිලිතුරු දෙන්න ගියේ නෑ.. නිහඬව වැඩ සිටියා.. සමහර ස්වාමින් වහන්සේලාත් ආරාම අතහැරලා ගියා..කොටින්ම රජතුමාගේ මේ වාද කිරිල්ල නිසා සංඝයා පීඩාවට පත්වුනා.. රජු එක්ක වාද කරන්න කිසිවෙක් දඹදිව් තලයේ නොමැති නිසා.. දවසක් මිලින්ද රජතුමාට මෙහෙම අදහසක් පහළ වුනා.. ""අහෝ මේ ජම්බුද්වීපය ඒකන්තයෙන්ම ප්‍රඥාවන්තයන්ගෙන් නුවණත්තන්ගෙන් හිස්.."" රජතුමාගේ මේ කතාව හිමාලයේ හිටපු "අස්සගුත්ත" මහරහතන් වහන්සේට ඉර්ධියෙන් ඇහුනා.. අස්සගුත්ත මහරහතන් වහන්සේ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සකුළුදායි කියන පිරිවැජියා.. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු කෙනෙක්.. උන් වහන්සේ ඉර්ධියෙන් බැලුවා මිලින්ද රජතුමාගේ ප්‍රශ්න ටිකට උත්තර දීලා ඔහුව මැඩපවත්වන්න පුලුවන් ජගතෙක් මේ ලෝකේ ඉන්නවද කියලා.. එතකොට දැක්කා "මිලිඳු රජතුමාව" වාදෙන් පරද්දලා බුද්ධ සාසනය බබලවන්නම සසරේ පෙරුම් පුරාගෙනම එන කෙනෙක් ඉන්නවා කියලා.. කව්ද මේ කෙනා...මොකක් ද සසරේ එන මේ ගනුදෙනුව.... මේ සසර ගනුදෙනුව පටන් ගන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ.. එකල ආරාමයක හිටියා නායක ස්වාමින්වහන්සේ නමකුයි පුංචි සාමණේර ස්වාමින් වහන්සේ නමකුයි.. නායක හාමුදුරුවෝ දවසක් නුග බෝධීන් වහන්සේගේ මලුව අතුගාමින් හිටියා.. ඒ ඉන්න අතරේ අර පුංචි ස්වාමින්වහන්සේට කිව්වා ""පොඩි නම ඔය අතුගාපු කොළ ටික අයින් කරන්න""" පොඩිනම ඒක කණකට ගත්තේ නෑ..ඇහුනේ නෑ වගේ හිටියා.. දෙවෙනි පාරත් කිව්වා..ඒත් නෑ..තුන්වෙනි පාරත් කිව්වා..ඒත් සද්ද නෑ.. නායක හාමුදුරුවන්ට ටිකක් තරහා ගියා..ඉදලේ මිටෙන් පොඩි හාමුදුරුවන්ගේ ඔලුවට පොඩි පාරක් ගැහුවා..ගහලා සැරෙන් කිව්වා ""පොඩිනම ඔය කොල ටික ගිහින් දාන්න""" කියලා.. ලොකු හාමුදුරුවන් සැරකරපු නිසා පොඩි හාමුදුරුවන්ට දුක හිතුනා.. අඬ අඬා අර කොල ටිකත් අරන් ආරාමේ ලඟ තිබුනු ගඟ පැත්තට ගියා..ගිහින් කොළ ටික ගඟට විසිකලා.. ඒ වෙලාවේ පොඩි හාමුදුරුවන්ට හිතෙනවා.. """"මං මේ බැනුම් අහන්නේ මට තේජස නැති නිසානේ"".. හැබැයි මං දැන් මේ කොළ අයින් කරලා බෝ මලුව පිරිසිදු කලා..ඒ පිනෙන් මට සසරේ තේජස් බව ලැබේවා!! මා මැඩපවත්වන්න කිසිවෙක් නොවේවා..!!! මේ ගඟේ ජලයේ රැළි නැගෙනා සේ.. සියුම් වූ ප්‍රඥාවෙන් මා හට "වාදයෙන්" රාව ප්‍රතිරාව නංවන්න ලැබේවා.!. පොඩි හාමුදුරුවෝ ඔය විදියට ප්‍රාර්ථනාවක් කරද්දි ගඟ ලගට එමින් හිටපු ලොකු හාමුදුරුවන්ට පොඩි නමගේ අපූරූ ප්‍රාර්ථනාව ඇහුනා.. ඒක ඇහුනු ලොකු හාමුදුරුවෝත් මෙහෙම ප්‍රාර්ථනාවක් කලා... මං අතුගාපු කොල ටික ගිහින් දාලා ඒ පිනෙන් පොඩි නම මෙහෙව් ප්‍රාර්ථනාවක් කලා නම් බෝ මලුව අතුගාපු පින් බලයෙන්... ගංගා සියයක් ගැලුවත් එක හිරු රැසින් ඒ සියලු ගංගාවෝ වියලෙන යම් සේද.. ඒ හිරු රැස් සේ මං ප්‍රඥාවන්තයෙක් වේවා!!! කෙතරම් ගංගා රැළි නැගුනත් ඒ සියල්ල් වෙරලේ හැපි නතර වෙන්නේ යම් සේද.. පොඩි නමගේ සියලු වාද ප්‍රතිවාද මා ඉදිරියේ නතර වේවා..!!! ඔය කතාව එතනින් ඉවර වුනා.. බෝ මලුව පිරිසිදු කරලා ඒ පිනෙන් පතපු පැතුම එතනින් ඉවර වුනේ නෑ.. අර පොඩි හාමුදුරුවෝ අපවත් වෙලා දෙව්ලොව සැරිසරලා ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා වසර 500ක් ගිය තැන වාදයෙහි කෙළ පැමිණි ප්‍රඥාවෙන් අගතැන්පත් මිලින්ද රජතුමාව උපන්නා.. එදා බෝ මලුවේ කොල ටික අයින් කරපු පිනෙන් එකල දඹදිව් තලයේ හිටපු ලස්සනම කෙනා වුනා..ඒ තමයි බෝ මලුව ඇමදීමේ ආනිසංස... එතකොට අර ලොකු හාමුදුරුවන්ට මොකද වුනේ..? කොහෙද ඉපදුනේ..? උන්වහන්සේගේ පැතුම ඉටුවුනේ නැද්ද..? ඔන්න දැන් ඒ පැතුමත් ඉටුවෙන්නයි යන්නේ..
Показать все...
මිලින්ද රජතුමාව වාදයෙන් පරද්දන්න පුලුවන් ජගතෙක් ඉන්නවාද කියලා.. "අස්සගුත්ත මහරහතන් වහන්සේ" ඉර්ධියෙන් බලද්දි දැක්ක කෙනා තමයි ඒ "ලොකු හාමුදුරුවෝ.. දැන් ඉන්නේ දිව්‍යලෝකේ.."ජයසේන" කියලා දිව්‍යරාජයෙක්.. මේ මොකුත් කතන්දර නොදැන දෙව්සැප විදිමින් ඉන්නවා.. අස්සගුත්ත මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේලා සමඟ එවලේම දෙව්ලොව වැඩියා.. සක්දෙවිඳුන් මුණ ගැහුනා.. විස්තරේ කිව්වා.. දෙවිඳුනි...මිලින්ද රජතුමාගේ වාද ප්‍රතිවාද නිසා සංඝයා පීඩාවට පත්වෙලයි ඉන්නේ..බුද්ධ සාසනය අනතුරේ වැටිලයි තියේන්නේ... රජුගේ වාද ප්‍රතිවාද මැඩපවත්වන්න පුලුවන් කෙනෙක් මෙහේ ඉන්නවා..එයා තමයි ජයසේන කියන දිව්‍යපුත්‍රයා.. ඒ නිසා සක්දෙවිදුනි දැන් ජයසේන දෙවියන්ට මනුලොව උපදින්න කාලයයි.. සක්දෙවිඳු මහරහතන් වහන්සේ සමඟ ජයසේන දිව්‍යපුත්‍රයා මුණ ගැසුනා.. මිලින්ද රජතුමාගේ විස්තරේ කිව්වා.. හැබැයි ජයසේන දෙව්ලොව සැප අතහැරලා මනුස්ස ලෝකේ දුක විදින්න කැමති වුනේ නෑ.... එවෙලෙහි.. රහතන් වහන්සේ ජයසේන අමතා..මෙසේ වදාලා..පින්වත් දෙවිය..මේ ප්‍රශ්නය ඔබ නිසා හටගත් එකක්.. රහතන් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නය රජු නිසා වෙහෙසට පත් වෙලයි ඉන්නේ.. බුද්ධ සාසනය අනතුරේ වැටිලයි තියෙන්නේ..එනිසා දිව්‍යපුත්‍රය මනුලොව ඉපැද රජු පරදා බුදුසසුන බැබලුව මැනවි..ඔබත් ධර්මය අවබෝධ කල මැනවී.. එබස් අසා සතුටු වූ ජයසේන දෙවියන් මිලිඳු රජු මැඩවා බුද්ධ සාසනය බබලවන්නට මනුලොව ඉපදෙන්න කැමති වුනා..ඒ ක්ෂණයෙන් ජයසේන දෙවියන්ගේ දිව්‍ය ආයුෂ අවසන් වුනා.. දෙව්ලොව්න් සමුගෙන අස්සගුත්ත මහරහතන් වහන්සේ මනුලොවට වැඩියා.. රෝහණ නම් මහරහතන් වහන්සේ අමතා ජයසේන දිව්‍යපුත්‍රයා මනුලොව උපදින බව වදාලා.. දිව්‍යපුත්‍රයා මනුලොව මව් කුසට පැමිණෙන දින සිට පැවිදි වෙන දින දක්වා රැකබලා ගැනීමේ වගකීමද උන් වහන්සේට පැවරුවා.. බලන්නකෝ..සසරේ පැතූ පැතුමන් එකට එකතු වෙන හැටි..විපාක දෙන හැටි.. එදා කස්සප බුදු සසුනේ පොඩි නමගේ වාද ප්‍රතිවාද සුණුවිසුනු කරමියි පැතූ පැතුම ගෞතම බුදුසසුනේ දැන් ඉටුවෙන්නයි යන්නේ.. හිමාලයේ කජංගල සෝණුත්තර බ්‍රහ්මනයාගේ පුතනුවන්ව ජයසේන දිව්‍යපුත්‍රයා "නාගසේන" නමින් උපන්නා... නාගසේන කුමරුගේ ආනුභාවය නිසාම උපන් දවසේ ගමේ සියලූ ආයුධ දිලිසුනා..මහා මේඝයක් ඇදහැලුනා.. රෝහණ මහරහතන් වහන්සේ වසර 7ක් දානය පිණිස සෝණුත්තර බ්‍රාහ්මනයාගේ නිවසට වැඩියා..ඒ වසර 7 පුරාවට කිසිම දවසක මහරහතන් වහන්සේ ට දානයනම් ලැබුනේ නෑ.. අහෝ! රහත් උතුමන්ගේ ඉවසීමනං අසිරියක්.. වසර 7 ට පස්සේ සෝණුත්තර බ්‍රහ්මනයා රෝහණ මහරහතන් වහන්සේට පැහදුනා..ඒ නිසාම කුඩා නාගසේන කුමාරයාට ද රහතන් වහන්සේ ඇසුරු කරන්න ලැබුනා..එ ඇසුරෙන් නාගසේන කුමරු නාගසේන නමින් ගෞතම බුදු සසුනේ උතුම් පැවිද්ද ලැබුවා.. නාගසේන ස්වාමින් වහන්සේගේ ප්‍රඥා මහිමය කොයිතරම් ද කියනවා නම්....... වසර 20 වන විට අභිධර්මය සම්පූර්ණයෙන්ම කටපාඩම් දී අවසන්.. සූත්‍ර විනය මාස 3කින් ඉගෙන ගෙන මාස 3කින් කටපාඩම් දී අවසන්. මාස 3කින් අටුවා සියල්ල කටපාඩම් දී අවසන්.. එසේ මහා ප්‍රඥා බල ඇති නාගසේන ස්වාමින්වහන්සේ වසර 20 වන විට උතුම් අරහත්වය ක්ෂාත්ෂාත් කොට වදාලා.. රහත් වූ ක්ෂණයෙන් මහා පොළව කම්පා වූවා..මහා බ්‍රහ්මයා ද දෙවිවරු ජයඝෝෂා නැංවූවා..මහා වැසි ඇදහැලුනා.. නාගසේන මහරහතන් වහන්සේ අරහත්වයට පත්වන තුරු මිලින්ද රජතුමාගේ කතාව දැනන් හිටියේ නෑ..අරහත්වයට පත් වූ පසුව තමයි අස්සගුත්ත මහරහතන් වහන්සේ මිලින්ද රජතුමාගේ කතාව ගෙනහැර දැක්වූයේ.. එබස් අසා නාගසේන මහරහතන් වහන්සේ.... "එක් මිළිඳු රජෙක් නොව දඹදිව සියලු රජුන් මා කරා අවුත් ප්‍රශ්න විචාර නමුත් මා කිසිවටකත් පසුබට නොවෙමියි" වදාලා.. ඒ අනුව නාගසේන මහරහතන් වහන්සේ 80 000ක් මහා සංඝයා පිරිවරා මිලින්ද රජු මුණගැසීම පිණිස සාගල නුවරට වැඩමකොට වදාලා.. එකල ආයුපාල නම් රහතන් වහන්සේ සංඛෙයිය නම් ආරාමයෙහි වැඩසිටියා.. දවසක් මිළිඳු රජතුමා රාත්‍රීයේ ඇමතිවරුන්ට මෙසේ පැවසුවා.. "අද රාත්‍රීය ඉතා මනරම්..මා අද කාත් සමඟ ද වාද කරන්නේ..? එවිට ඇමතිවරු ආයුපාල මහරහතන් වහන්සේ ගැන දැනුම් දුන්නා..රජතුමාද රාත්‍රීයේම රහතන් වහන්සේ මුණ ගැහෙන්න ගියා.. කතාබහෙන් පසුව ආයුපාල මහරහතන් වහන්සේ රජතුමාගේ අදහස දැනගත්තා..රජතුමා සමග වාද නොකොට නිහඬව වැඩ සිටියා.. එවිට රජු තම ඇමති වරුන්ට මෙසේ පැවසුවා.. අහෝ! මේ දඹදිව වතුර නැති ගඟක් සේ රජුන් නැති රටක් සේ නුවණැත්තන්ගෙන් හිස් නේ.. මා හට වාද කරන්නට කෙනෙක් නැතිදෝ..? ඇමතිවරු අතරේ හිටියා "දේවමන්තිය" කියලා ශ්‍රද්ධාවන්ත ඇමතියෙක්.. ඇමති දැනන් හිටියා ඒ වෙනකොට මහා ප්‍රඥාවන්ත "නාගසේන මහරහතන් වහන්සේ" ඒ වෙනකොට සාගර නුවර වැඩ සිටින බව.. ඇමති රජතුමාට මෙසේ පැවසුවා. """රජතුමනි මදක් ඉවසනු මැනවි.. මහා හස්ථි රාජයෙකුට තවත් එවැනිව හස්ථිරාජයෙකු මුණගැසෙනා සේ මහා පොළව හා සමාන නුවණැති නාගසේන නම් මහා තෙරුන් වහන්සේ මේ අසල වැඩ සිටී.. අප යමු උන් වහන්සේ සමඟ වාද කරන්නට...""" අහෝ! සසරේ එකට එන බැඳීම් වල අපූරුව..
Показать все...
Repost from N/a
Показать все...
🔴හොරණ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට සජීවීව Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :-

https://youtube.com/c/AmaDoraViwaraViyaVenBalangodaRadhaThero

☞︎︎︎𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :-

https://www.facebook.com/amadoraviwaraviya/

#Ama_Dora_Viwara_Viya #Seela_Samahitha_Yogashramaya #Budugunadeshana Subscribe Us -

https://www.youtube.com/c/AmaDoraViwa...@UCgdaUnUmkHDpYCU0w2pR7Rw

LIKE US -

https://www.facebook.com/amadoraviwaraviya

Instagram -

https://www.instagram.com/venbalangod...

#Ama_Dora_Viwara_Viya #Seela_Samahitha_Yogashramaya #AmaDoraViwaraViya #AmaDoraViwaraViya #Uthum #Banapada #VenBalangodaRadhaThero #seela_samahitha_yogashramaya #budugunadeshana #amadora #budugunadeshana #balangodaradhathero #radhathero #Mithtri #Budugunadeshana #budugunadeshana #Sadahamvikashaya #Live kompastv live streaming,kompas tv live streaming,live streaming tutorial,live streaming kompas tv 🔴හොරණ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට සජීවීව

අනාගතයේ බුද්ධත්වය ලැබීමට තරම් වාසනාව ඇති බෝසත්වරුද කලාතුරකින් අද මිනිස් ලොව සිටීමට හැකි ය. එමෙන්ම යශෝධරාලා වන්නට කැපවීමෙන් පෙරුම් පුරනා කාන්තාවන් ද සිටිය හැකි ය. මා ඔවුන් කවුරුන්දැයි හරිහැටි නොදනිමි. නමුත් මා හට හමු වී ඇති බෝසත් චරිත අතර එම ගමන යා හැකි යැයි සිතිය හැකි උතුම් පුද්ගලයෝ සිටිති. ඔවුන් මා සමඟ පෞද්ගලිකව කතා කර ඇති දේවල් සහ ඔවුන්ගේ වැඩපිළිවෙළ දන්නා නිසා ඔවුන් ගමන අතරමග නතර වන දුර්වලයින් ලෙස මා එකවර නොසිතමි. ඔවුන්ගේ උතුම් ගමන සාර්ථකව අවසන් වේවායි පතමි. දුර්වල අරමුණු ඇති සිදුහත්ලා යශෝධරාලා බහුලව ඇති බව දනිමි. මේ භවයේ මගඵල ලැබීමට තරම් හේතුසම්පත් ඇති ගිහි පැවිදි කාන්තාවෝ පුරුෂයෝ ඒවාට හසු වී මේ භවයත් අපතේ යවා ගැනීම නම් කිව නොහැකි තරම් අපරාධයකි. ඔවුන්ගෙන් ඇතමුන්ට මේ භවය මගහැරගැනීම නිසා කල්ප ගනන් සතර අපාගත වන්නටද සිදු වනු ඇත. අරහත් බෝධියෙන් හෝ නිවීමට ඇති අවස්ථාව කල්ප ලක්ෂ ගනන් ඈතට දිගු කර නොගනිත්වා! තමන්ගේ ශක්තිය දැනගෙන කටයුතු කරන ලෙස කරුණාවෙන් සිහිපත් කරමි. නිවෙන්නට තිබෙන අවස්ථාව මගහැර නොගෙන ලොකු කම් අත හැරගෙන තමන්ට සුදුසු බෝධිය සඳහා උත්සහ කරත්වා! උතුම් බෝධියකට හෝ ඉහළ තනතුරකට යනවා නම් නිහඬව තමන්ට අයත් කර්තව්‍යය පමණක් කරත්වා! සැබෑ බෝසත්වරුන්, යශෝධරාවන්, අග්‍රශ්‍රාවක ශ්‍රාවිකාවන්, අසූමහා ශ්‍රාවකයින් තමන් පතන තනතුරු අනුන්ට කිය කියා ගොස් ඒවායින් පිරිහෙන්නේ නැත. බෝසත් චරිතයකට වඩා උතුම් වන්නේ නිවුනු භික්ෂුව බවත් කිව යුතු ය. එම නිසා හොර බෝසත් හෝ සැබෑ බෝසත් චරිත වලට වඩා ඉහළින් භික්ෂුවට සැලකීම ඔබ සැමට යහපත් ය. තමන් පතන බෝධිය කුමක් වුවත් ත්‍රිශික්ෂාවෙන් හික්මිය යුතු ය. දිට්ඨි විශුද්ධි කංඛාවිතරණ විශුද්ධි ආදිය සම්පූර්ණ කරමින් ඉදිරියට යා යුතුය. සැබෑ බෝසතුන් අග්‍ර ශ්‍රාවකයින් මහා ශ්‍රාවකයින් ආදීන්ට තමන් අයත් නම් නවමහා විශර්ශනා ඥානයන්ගෙන් අටවන විදර්ශනා ඥානය වන සංඛාරුපෙක්ඛා ඥානයට එහා යන්නේ නැත. එම නිසා කුමන බෝධියක් පැතුවත්, කුමන තනතුරක් පැතුවත් ප්‍රථමයෙන්ම ඒ දක්වා වත් යාමට උත්සහ කරත්වා! තෙරුවන් සරණයි! (බුද්ධත්වය පතනවද නැද්ද යන අදහස් අපටත් පැමිණ තිබේ. ධර්මය ඔස්සේ ඉදිරියට යන විට සර්වඥතා ඥානය ලබා ගැනීමට ආසාවන් ඇති වන බව අත්දැකීමෙන් දනිමි. නමුත් ගුරුවරුන්ගේ මගපෙන්වීම නිසා ඒවාට හසු නොවී ඉදිරියට යෑමට හැකියාව ලැබී ඇත)
Показать все...
බුද්ධත්වය පැතීමේ අදහස මේ ජීවිතයේදී මගඵල ලැබීමට හේතු සම්පත් ඇති බොහෝ දෙනෙක්ට මිතුරු වෙසින් එන සතුරු බලවේගයක් ලෙසද පැමණිය හැකි ය. බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය නිරවුල්ව තියෙන අද කාලයේ එම ධර්ම මාර්ගය ඔස්සේ ඉදිරියටම යමින් ඉන්න ගිහි පැවිදි බොහෝ පින්වතුන්ගේ මගඵල අතරමග නතර කරවන බොහෝ විට මිතුරු වෙස් ගත් සතුරෙකි 'බුදු බව පැතීමේ අදහස'. බුද්ධත්වය පමණක් නොව මගඵල වලට හරස් වන පසේබුදු බව, අග්‍රශ්‍රාවක, අසූමහා ශ්‍රාවක වැනි තනතුරු පැතීම්ද ඇත. මෙයින් කියන්නේ අනෙකුත් බෝධි සහ ශ්‍රාවක තනතුරු පතන සියල්ලන් ගැන නොව එම බෝධීන් සහ තනතුරු සඳහා යාමට තරම් බලවත් නොවන නමුත් එම තනතුරු නිසා මගඵල වළක්වාගන්නා බහුතර පුද්ගලයින් ගැන ය. මේවා සියල්ල ගැන මේ ලිපියෙන් වෙන වෙනම කතා නොකරන අතර අද කාලයේ වැඩි දෙනෙක් මුලා වී සිටින බුදු බව පැතීම ගැන පමණක් කතා කරමි. අනෙකුත් අරමුණු ඇති අයත් මෙහි එන කරුණු වලටම ඒවා ගලපාගනිත්වා! සියල්ලන්ටම බුද්ධත්වය පැතිය හැකිය. නමුත් බුද්ධත්වය යනු සියල්ලන්ටම ලැබිය හැක්කක් නොවේ. එය මේ ලෝකයේ ඉතාම දුෂ්කරම දෙය ය. ලැබිය හැක්කේ ඉතාම සීමිත බලසම්පන්නම පිරිසකට පමණි. ලෝකයේ ජීවත් වන සත්වයින් ප්‍රමාණය කළ නොහැකිය. නිවන් අවබෝධ කරන ගමනේ ඉදිරියට යමින් ඉන්නේ මිනිසුන් පමණක් නොව දෙවියන් බ්‍රහ්මයින්, සතර අපාගත සත්වයින් පවා එම ගමනෙහි ඉදිරියට යමින් ඇත. එම සත්වයින්ගෙන් බලවත්ම ඉන්ද්‍රිය ධර්ම බලධර්ම ආදිය ඇති අය අතරේ තමන් සිටින්නේ කොපමණ සත්වයින් ප්‍රමාණයකට පිටුපසින්දැයි සිතූ කල තමන්ට ඉදිරියෙන් සිටින සත්වයින්ගේ ප්‍රමාණයවත් ගණනය කළ නොහැකිය. දුර ඈත කල්ප වල සිට බුදු බව පතාගෙන එන අය අතරේ තමන් සිටින්නේ තව ලක්ෂ, කෝටි ගණනකට පසු යැයි සිතමු. නමුත් තව බුද්ධ සාසන කෝටි ගණනකට පසුව හෝ තමන්ට බුදු බව ලැබේ යැයි ඔබ සිතනවාද? නැත. බුදුබව පතන්නන්ගෙන් 99%කටත් වඩා පිරිසක් අතරමග නතර වනවා ඇත. බුදුබව ලැබීම අති දුෂ්කරය. බුදුබව තබා බුද්ධත්වයට නියත විවරණ ලැබීමත් අති දුෂ්කරය. ලක්ෂ ගනන් බුද්ධ සාසන වල බුද්ධත්වය පතා නියත විවරණ ලබාගන්නේත් කිහිප දෙනෙක් පමණි. කුඩා දරුවන් කොච්චර නම් දොස්තරවරු වෙන්න හිතනවද. ඒත් ඒ හැමෝම දොස්තරවරු වෙනවද. කී දෙනෙක්ගෙ අරමුණ මැදදි වෙනස් වෙනවද. අරමුණ තිබුනත් දුර්වලකම නිසා කී දෙනෙක්ට ඒ අරමුණට යන්න බැරි වෙනවද. බුද්ධත්වය කියන්නෙ දොස්තර උපාධියක් වගේ පහසුවෙන් ලබාගත හැකි දෙයක් ද. බොහෝ දෙනා මේ භවයේ ප්‍රතිපත්ති පුරන්නට තියෙන කම්මැලිකම නිසා බුදු බව පතන අදහස ගෙන ඇති බව අප දැක ඇත. සසර සැරිසැරීම ගැරහීමට ලක් විය යුත්තක් බව දන්නා අයත් සසරට තියෙන කෑදරකම නිසා සසර විසීමේ පහත් ස්වභාවයෙන් මිදීමට, බුද්ධත්වය පතන බව හඟවමින් කාමභොගී ජීවිත ගත කරයි. මේ අයගේ අරමුණු කවදාවත් ඉටු වන්නේ නැත. ඇතැම් විට මේ භවයේදීම එම අරමුණු ගිලිහී යනවා ඇත. ප්‍රතිපත්ති පුරන ගිහි, පැවිදි අයද තමන්ට නිවී යාමට තිබෙන අවස්ථාව මගහැරගන්නේ මෙවැනි මාරපාක්ෂික බලවේගයන්ට හසුවීම නිසා ය. මේ භවයේ නිවෙන්නට තියෙන මග අවහිර කරගන්න එපා! තමා උසස් කෙනෙක්, තමා අනාගත බුදුවරයෙක්, වැනි අදහස් ඔලුවට ගෙන තමා විසින්ම තමා උසස්කොට අන් අය පහත්කොට සැලකීමේ හීන මානසිකත්වයන් සැබෑ බෝසතාණන් වහන්සේලාට නැත. එම තත්වයන් එක්තරා මානසික රෝගයක රෝග ලක්ෂණයන්ට ද අයත් ය. ඇතැම් අය බුද්ධත්වය පතන්නේ යශෝධරාවන් ලබාගැනීමේ ආසාව නිසා ය. ඇතමුන් කාන්තාවන් රැවටීමටද තමා බුදු බව පතන බව හඟවන්නට පෙළඹී ඇත. බොහෝ කාන්තාවෝ ද දුෂ්ප්‍රාඥයෝ ය. බොළඳ ය. ඔවුහු ඉක්මනින් රැවටී බෝසත්වරුන් යැයි කියාගන්නා බෝසත්හොරුන්ට හසුවෙති. අවසානයේදී සැබෑ බෝසතෙක් යැයි සිතා තමා රැවටූ පුරුෂයින්ම හිතේ තබාගනිමින් ඔවුන්ටම ඇලී සිටීමට තරම් ඒවා දුරදිග යයි. බෝසත්හොරුන්ට නම් යන යන තැන යශෝධරාවෝ ය. පසුගිය දිනවල එක්තරා ආයතනයකින් ‍යශෝධාරා තෙරණිය ඕනෑවට වඩා උලුප්පනු දුටිමි. එම නිසා මේ දිනවල යශෝධරාවන් වීමට පතනා කාන්තාවෝ ද වැහි වැහැලා ය. ඔවුන් යශෝධරාවන් වීමේ අරමුණ පැත්තකින් තබා සිදුහත්ලා සොයමින් ඇවිදිමින් ඇත. ප්‍රසිද්ධියේ කියමි. මා සිදුහත් කෙනෙක් නොවෙමි. මා පැවිදි වූයේ මේ භවයේ නිවීමට ය. එම නිසා යශෝධරාවන් බලාපොරොත්තු තබාගැනීමෙන් වළකින්න. යශෝධරාවන් ලං වීමෙන් වළකින්න. එමෙන්ම වෙනත් බෝසත්හොරුන්ට නොරැවටී තමන්ගේ හැකියාව අනුව පිළිවෙත් පුරා ඉක්මනින් නිවෙන්න. රහත් වන්නට පිළිවෙත් පුරාගන්නට තරම්වත් දුර්වල උදවියගේ බෝසත් පැතුම් විහිළු පමණි. ඔවුහු පිළිවෙත් පුරාගැනීමට නොහැකිව බෝසත් පැතුම් වලින්ද පිරිහී අරහත්වයෙන්ද පිරිහී යනු ඇත. ලැබූ අවස්ථාව මගහැරගන්නවා ඇත.
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.