fa
Feedback
ගෝත්‍රිකයෝ

ගෝත්‍රිකයෝ

رفتن به کانال در Telegram

♻️කාලීන දැනුමින් සන්නද්ධ ☢️ ♾️විසංවාද මන්ඩපය🇱🇰🇰🇼 Founder - @Abeysinghe2K

نمایش بیشتر
1 691
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+147 روز
+930 روز
آرشیو پست ها
"මේ නිර්භීතම මිනිස්සුන්ට තුවක්කුවක් නැතුව සටන් කරන්න බැහැ, හොදම තුවක්කු වලින් ඇති ප්‍රයෝජනයක් නෑ ඒවාට පතුරොම් නැතිනම්, ඒ වගේම තමා යාන්ත්‍රික සටනකදී තුවක්කු හා පතුරොම් වලින් වැඩක් නෑ ඒවා රැගෙන යන්න වාහන වලට ඇති පමණින් පෙට්‍රල් නැතිනම්" "කාන්තාරයේ නරියා" කියන නම පට බැදුන අර්වින් රොමෙල් ව ඔහුගේ සතුරන් පවා හදුන්වන්නේ බොහොම ධෛර්යවන්ත, නිර්භීත වගේම බොහොම කපටි යුද මොළයක් තිබුන ක්‍රියාශීලී පුද්ගලයෙකු විදිහටයි. මේ හැදින්වීම ගැන අපි ඉතිහාසයෙන් කරුණු හොයලා බැලුවොත් ඔහු ගැන කරන මේ හැදින්වීම 100% හරි බව අපිට පිලිගන්න පුලුවන් හිට්ලර්ගේ තුන්වන ජර්මන් අධිරාජ්‍යයට ඔහු කල සේවය අති විශාලයි ඒ වගේම වෙනත් පැරණි හා යුද්දයේ අත්දැකීම් වැඩි නිලදාරීන් හිටියදී හිට්ලර්ගේ ප්‍රියතමයෙක් වෙන්න එකම හේතුව උනෙත් ඔහුගේ මේ යුද දක්ශතාවයන්ය. 1941 දී උතුරු අප්‍රිකාවට ඔහුගේ පැමිණීම, ජර්මනියට එක පිට එක ජයක්ග්‍රහණයන් ලබාදීමට හේතුඋනා. ඒ උනත් අද අපි ඉතිහාසයෙන් ඉගෙනගෙන තියන විදිහට මේ තරම් යුද මොළයක් තිබුන මේ කාන්තාර නරියාව මිත්‍ර පාක්ෂිකයින් අප්‍රිකාවෙන් පන්නා දමනවා ඒ කොහොමද ? බ්‍රිතාන්‍යයන් විසින් මෙහෙයවන ලද බටහිර කාන්තාර බලකායට අයත් මැටිල්ඩා 2, විකර්ස් කෲසර් මාක්2, යුද ටැංකි බලයත් එක්ක 1941 ජනවාරි මාසය මුල වගේ වෙනකොට උතුරු අප්‍රිකාවේ බලය බ්‍රිතාන්‍ය හමුදා ප්‍රමුඛ මිත්‍රහමුදාවට අයිතිවෙමින් තිබුනා. බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු, නවසීලන්ත, ඉන්දියානු, නේපාල, දකුනු අප්‍රිකානු, ග්‍රීක, ප්‍රංශ, හා තවත් කලාපයේ සවදේශික අරාබි ගෝත්‍ර කන්ඩායම් වල සෙබළුන්ගෙන් සමන්විත මේ හමුදාව කලාපයේ ඉතාලි හමුදාවන්ට පහර පිට පහර එල්ල කරමින් ඔවුන්ව පස්සට තල්ලු කරමින් ටොබෘක් නගරයද අල්ලාගන්නවා. ඒ එක්කම වගේ ඉතාලියේ ප්‍රධාන වරායක් වූ ට්‍රිපොලිය පැත්තටද මිත්‍ර හමුදාවේ තර්ජනය එල්ල වෙනවා. සිය සටන් සගයා උන මුසෝලිනීගේ උතුරු අප්‍රිකානු අධිරාජ්‍යය දවසින් දවස අගාදයට යාම නිසා සිය මිතුරාගෙන් ආපු උදවු ඉල්ලීම හිට්ලර් අහක දාන්නේ නෑ. බැරි වෙලාවත් ඉතාලියට තර්ජනයක් උනොත් ඒක අක්ෂ බලවතුන්ගේ සන්ධානයට නපුරක් වෙන බව දැනගත්ත හිට්ලර් ජනවාරි 11 වන දා 22 වන නියෝගය නිකුත් කරමින් ට්‍රිපොලිටේනියා කලාපය ජර්මානු ආරක්ශාව යටතට ගතයුතු බව ප්‍රකාශ කරනවා. මේ වෙනුවෙන් ජර්මානු යුද නායකත්වයන් ජෙනරාල් අර්වින් රොමෙල්ව තෝරාගන්නවා. ඒ වෙනකොට රොමෙල් කියන්නේ ජර්මානු හමුදාවේ ජනප්‍රිය චරිතයක් වෙමින් තිබුන පුද්ගලයෙක්. ප්‍රංශ ආක්‍රමණය තුල 7 වන පැන්සර් සේනාංකය මෙහෙයවා තිබුනේ ඔහුයි. සතුරු හමුදා රේඛාවන් වලට පිටිපස්සෙන් එකපාරටම ඇවිල්ලා මහා විනාශයක් කරන්න පුලුවන් යුද සැලසුම් කිරීමේ හැකියාවක් තිබුන ඔහුගේ යටතේ තිබුන සේනාංකයට නම වැටිලා තිබුනේ "ගෙස්පෙන්ස්ටර් ඩිවිෂන්" නැත්නම් "භූත සේනාංකය" යන නමයි හැබැයි හිට්ලර්ගේ නියෝගයෙන් ඔහු උතුරු අප්‍රිකාවට ගියත් ඔහුට ප්‍රහාරයක් දියත් කිරීමට අවසර තිබුණේ නෑ. රොමල්ගේ "අප්‍රිකා කෝර්" බලකාය ඒ වෙනකොට තිබුනේ ඉතාලි හමුදා අණදීම යටතේයි. ඔවුන්ගේ එකම වැඩේ වුනේ "ෂ්පේර්ෆර්බන්ඩ්" නැත්නම් බ්‍රිතාන්‍ය හමුදාවන් තවත් ඉදිරියට එන එක වළක්වන ආරක්ෂක ඒකකයක් විදිහට විතරයි. අප්‍රිකා කෝර් ප්‍රධාන අණදෙන මූලස්ථානයේ ඉහළ සමහරක් නිලධාරීන් නිලයෙන් ඉතාලි හමුදා නිලදාරීන්ට වඩා උසස් උනත් ඔවුන් හට සිය සෙබළුන්ට කිව හැකි උනේ ඔත්තු බැලීමේ මුර සංචාර යාමට පමණයි. ඊට ඇරෙන්න සතුරා එක්ක කෙලින් සටනක් හෝ වෙනත් ඕනෑම ගමනක් යාම ඔවුන්ට තහනම් කර තිබුනා. හැබැයි වැඩි කල් යන්න කලින් රොමෙල් ට සටන් බිමට තමන්ගේ හමුදාවන් යොදවන්න සිද්ද උනා. ඒ අනුව මාර්තු මාසයේදී බ්‍රිතාන්‍ය හා අනෙකුත් මිත්‍රහමුදාවන්ට එරෙහිව සටන් සැලසුම් සිදුවෙනවා. ඉතාලි හමුදාවන් එක්ක කරපු සටන් වලින් හෙම්බත්වෙලා හිටපු බ්‍රිතාන්‍යයන් මැයි මාසය වගේ වෙනකම් නැවත මහා පරිමානයෙන් සටන් පෙරමුණක් බලාපොරොත්තු වෙලා හිටියේ නෑ ඒ වගේම ඔවුන්ට ලැබී තිබුන බුද්ධි වාර්තාවලට අනුව තමන් සතුව තිබුන බලයට වඩා බොහොම අඩු සටන් බලයක් තමා මේ නව ජර්මානු බලකායට තිබුනේ ඒක හින්දා ඔවුන් ප්‍රවාහන වාර්තා ගැන අවධානය දුන්නා ඇරෙන්න ප්‍රහාරයක් කොහොමටවත් බලාපොරොත්තු උනේ නෑ. හැබැයි රොමල්ට මේක ප්‍රශ්ණයක් උනේ නෑ ඔහු බ්‍රිතාන්‍ය 8 වන හමුදාවේ ප්‍රධානතම ඉදිරි ආරක්ෂක වළලු කඩාගෙන ගිහින් ප්‍රහාරයන් එල්ල කලා. වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත බ්‍රිතාන්‍යයන් නැවත තමන්ගේ ආරක්ශක වලලු ශක්තිමත් කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක වූ අතර තමන්ට බලය තිබූ සයිරනේකා කලාපයෙන් ඔවුන්ට මේ අනුව පසු බහින්න සිද්ධ වෙනවා. ඔස්ට්‍රේලියානු පාබල හමුදාව විසින් ආරක්ෂා කරන ලද ටොබෘක් නගරය පමණයි කොහොම හරි සාර්ථකව මේ ප්‍රහාරයන් වලට මුහුණ දුන්නේ. අල්ලා ගැනීමට නොහැකි වූ නගරය රොමල්ගේ හමුදාව වට කරනවා. මැයි හා ජූනි මාසවලදී නගරය මුදා ගැනීමට බ්‍රිතාන්‍යයන් දැරූ උත්සාහයන්ගෙන් එතරම් සාර්ථක උනේ නෑ. රොමල්ටත් මේ කාලයේදී තමන්ගේ සැපයුම් සම්භන්දයෙන් ප්‍රශ්ණ එන්න පටන් ගත්තා.

කුරුලු එපාර්ට්මන්ට් 😱 සාමාන්‍යයෙන් අපි දකින කුරුලු කූඩු ගොඩක් කුඩා ඒවා වුණත්, Southern Africa වල ජීවත් වෙන අමුතුම විදිහේ කුරුලු විශේෂයක් අපේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. 🌍 මේ කුරුල්ලන්ව හඳුන්වන්නේ Sociable weavers කියන නමින්. 🐦 එයාලා හදන කුරුලු කූඩු කොච්චර දැවැන්තද කිව්වොත්, ඒක හරියටම මිනිස්සු ජීවත් වෙන ලොකු මහල් නිවාසයක් එහෙමත් නැත්නම් bird apartment building එකක් වගේ තමයි පේන්න තියෙන්නේ. 🏢 ගොඩක් කුරුල්ලන් තමන්ගේ පවුලට විතරක් කූඩුවක් හදද්දී, මේ Sociable weavers ලා කරන්නේ මුළු රංචුවටම එකතුවෙලා එකම එක දැවැන්ත කූඩුවක් එකට නිර්මාණය කරන එක. 🌳 මේ වගේ ලොකු සාමූහික නිර්මාණයක් සත්තු අතරේ දකින්න ලැබෙන එක ඇත්තටම හරිම කලාතුරකින් සිද්ධ වෙන පුදුම සහගත දෙයක්. ✨ මේ දැවැන්ත කූඩුවල ප්‍රමාණය ගැන ඇහුවොත් ඔයාට අදහාගන්නත් බැරි වෙයි. මේ වෙනකොට හොයාගෙන තියෙන ලොකුම Sociable weaver කූඩු මීටර් 7.2 ක් විතර දිගට වර්ධනය වෙලා තියෙනවා. 📏 ඒ වගේම මේවායේ බර ටොන් එකක් විතර වෙනවා. මේක කොච්චර බරද කිව්වොත් සමහර වෙලාවට මේ කූඩුවේ බර දරාගන්න බැරුව ඒක හදලා තියෙන ගහේ ලොකු අතු පවා කඩාගෙන වැටෙනවා. 🪵 මේ දැවැන්ත bird apartment building එක ඇතුළේ කුරුල්ලන් සිය ගාණකට කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඇතුළේ පවුලෙන් පවුලට වෙන වෙනම වෙන් වුණු separate rooms එහෙමත් නැත්නම් කුඩා කාමර ගොඩක් නිර්මාණය කරලා තියෙන එක මේකේ තියෙන තවත් ලොකු විශේෂත්වයක්. 🚪🐥 මේ කූඩුවේ තියෙන වටිනාම තාක්ෂණය තමයි මේකේ තියෙන අතිවිශිෂ්ට temperature control කිරීමේ හැකියාව. 🌡️ Southern Africa වල කාන්තාර ආශ්‍රිත ප්‍රදේශවල දවල්ට ගොඩක් රස්නේ වුණත්, රෑට හිතාගන්න බැරි තරම් අධික සීතලක් තියෙනවා. හැබැයි මේ කූඩුව ඇතුළේ තියෙන කාමර දවල් කාලයේදී ගොඩක් cool එකේ තියෙනවා වගේම, රෑට ගොඩක් උණුසුම්ව පවතිනවා. ☀️❄️ ඒ වගේම මේ Sociable weavers ලා හරිම සාමකාමී සත්තු ජාතියක්. ඒ නිසා එයාලා හදන මේ ලොකු කූඩුවේ හිස් වෙලා තියෙන කාමර වලට සමහර වෙලාවට වෙනත් කුරුලු ජාතීන් ඇවිත් පදිංචි වෙනවා. Falcons ලා, finches ලා වගේ වෙනත් කුරුල්ලොත් කිසිම රණ්ඩුවක් නැතුව මේ මහල් නිවාසයේ නිදහසේ ජීවත් වෙනවා දකින්න පුළුවන්. 🦅 සත්තුන්ගේ මේ අපූරු සහයෝගය මිනිස්සුන්ටත් ලොකු ආදර්ශයක්. 🤝

18 සහ 20 වන ඊජිප්තු රාජවංශ අයත් වෙන ඊජිප්තු නව රාජධානියේ කාලසමය තුල රාජකීයයන්ගේ නිම්නය අසල කම්කරු ගම්මානයක් පවතිනවා සෙත් මාත් නමින්. මේ සෙත් මාත් ලෙස පෞරාණිකව හඳුන්වපු ප්‍රදේශය වර්තමානයේදි හඳුන්වන්නේ ඩේර් එල් මෙදීනා කියලා. රාජකීයයන්ගේ නිම්නයේ වැඩ කරපු ශිල්පීන්, කම්කරුවන් විවිධ රැකියාවල නිරතවුවන්ගේ සටහන් මේ ඩේර් එල් මෙදිනාවේ වර්තමාන පුරාවිද්‍යා කැණීම් තුලිනුත් නිරන්තරයෙන්ම මතුවෙනවා. පහල තියෙන්නෙ ඩේර් එල් මෙදිනාවෙන් එහෙම හමුවුන වසර වසර 3200 විතර පැරණි පැමිණීම සටහන් කරපු ලේඛනයක්. වසර 3200 ක් පැරණි කියන්නෙ අනුරාධපුර රාජධානියටත් වඩා ආසන්න වශයෙන් වසර 700 ක් පමණ පැරණි කියන එක. මේ ලේඛනයේ ඇත්තටම සටහන් වෙලා තියෙන්නෙ විවිධ සේවකයො රාජකාරියට වාර්තා නොකිරීම ගැන දීලා තියෙන හේතු. ඒ හේතු අතර තියෙනවා සහෝදරයාව එම්බාම් කිරීමට තිබුන නිසා පැමිණීමට නොහැකි වීම, ගොනුස්සෙක් සපා කෑම නිසා නොපැමිණීම, බියර් පෙරන්න තිබුනු නිසා නොපැමිණීම, භාර්යාව/දුව මාසික ඔසප්වීම නිසා නොපැමිණීම වගේ කාරණා. මේකේ ඇත්තටම බියර් කතාව එහෙම නිකන් විහිළුවක් වගේ පෙනුනට බියර් කියන්නේ පෞරාණික ඊජිප්තුව තුල සෑහෙන වටිනාකමක් තිබුනු නිශ්පාදනයක්. පැරණි රාජවංශය තුල ඇතැම් උදාහරණ තියෙනවා සේවකයන්ට වේතනය විදිහට දෙන්නේ බියර් සහ බාර්ලි. ඊජිප්තු ශිෂ්ඨාචාරයට එහා ගියාම මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය තුලත් මේ වගේ උදාහරණ හමුවෙනවා. එකක් තමයි තෙවන ඌර් සමය තුල වේතන විදිහට ලබා දෙන බාර්ලි සහ බියර්. බියර් කතාව කොච්චර සීරියස්ද කියනවානන් හමුරාබිගේ නීති සංග්‍රහය තුලත් හමුවෙනවා ගෙවන මිලට වඩා අඩුවෙන් බියර් ලබාදෙන තානායම් හිමිකරුවන්ව ගඟට විසි කිරීම සඳහා සම්පාදනය කල නීති. හරි.. ආයේ මේ ඩේර් එල් මෙදිනාවට ආවොත් ලෝකේ පැරණිම වැඩ වර්ජන පිළිපඳව සාක්ෂි හමුවෙන්නෙත් මෙහෙන්. ඒවා වෙන්නෙත් බාර්ලි සහ බියර් ගෙවීම් පරක්කු වුනාම. මේ පැමිණීමේ ලේඛනයේ තියෙන මාසික ඔසප්වීම් ගැන කතාවලින් තේරුම් ගන්න පුළුවන් දේ තමයි කාන්තාවන්ට මේ සමාජ ක්‍රමය තුල තිබිච්ච තැන. මේක තවදුරටත් සාධනය කරන්න පුළුවන් කාරණයක් ඩේර් එල් මෙදිනාවෙන් හමුවෙනවා. ඒ තමයි ගුරුවරු විසින් සටහන් කර තිබෙන තොරතුරු තුල පිරිමි ළමුන් විසින් ගැහැනු ළමුන්ට ගල් විසි කිරීම පිළිබඳව පැමිණිලි සටහන් වීම. ඒකෙන් පේන දේ තමයි කාන්තාවන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබුනු සම අයිතීන්. දැන් ඔය කිව්ව නොපැමිණිමට වලංගු හේතු වගේම තව ආතල් හේතු එහෙමත් දීලා තියෙනවා. බිව්ව නිසා එන්න බැරි වුනා, දෙයියෙක් එක්ක බිව්වා වගේ කාරණාත් තියෙනවා. Don Supz

උතුරු කොරියාවේ (North Korea) ගොඩබිම් මෙහෙයුම් සඳහා විශේෂිත වූ යුධ හමුදා බලඇණි ලෝකයේ විශාලතම සහ වඩාත්ම රහසිගත විශේෂ බලකායන් (Special Forces) අතරින් එකක් ලෙස සැලකෙනවා. මෙය හඳුන්වන්නේ කොරියානු මහජන හමුදාවේ විශේෂ මෙහෙයුම් බලකාය (Korean People's Army Special Operations Forces - KPASOF) ලෙසයි. ​මෙහි ගොඩබිම් මෙහෙයුම් සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වන විශේෂ කාණ්ඩ සහ ඒවායේ කාර්යභාරයන් පහත පරිදි වෙන්කර හඳුනාගත හැකියි, ​1. සැහැල්ලු පාබල බලඇණි (Light Infantry Brigades) ​මෙම බලඇණි උතුරු කොරියානු විශේෂ බලකායේ කොඳු නාරටිය බඳුයි. ඔවුන්ගේ ප්‍රධානතම කාර්යය වන්නේ යුද්ධයක් පවතින අවස්ථාවකදී සතුරාගේ ඉදිරිපෙළ ආරක්ෂක වළලු මඟහරිමින්, සතුරු සීමාවන් ඇතුළට රහසිගතව ඇතුළු වීමයි. ​මෙහෙයුම් ස්වභාවය: සතුරාගේ සැපයුම් මාර්ග අවහිර කිරීම, සන්නිවේදන කුළුණු විනාශ කිරීම සහ පසුපසින් පැමිණ ක්ෂණික ප්‍රහාර (Flanking attacks) එල්ල කිරීම. ​විශේෂත්වය: ඉතා සැහැල්ලු අවි ආයුධ භාවිත කරමින්, කඳුකර සහ දුෂ්කර භූමි ප්‍රදේශවල ඉතා වේගයෙන් ගමන් කිරීමේ සුවිශේෂී හැකියාවක් මොවුන්ට ඇත. ​2. ඔත්තු බැලීමේ බලඇණි (Reconnaissance Brigades) ​මෙය උතුරු කොරියානු හමුදාවේ සිටින වඩාත්ම භයානක සහ දක්ෂතම කණ්ඩායමක් ලෙස සැලකෙනවා. මොවුන් සෘජුවම පාලනය වන්නේ උතුරු කොරියාවේ "මහජන සන්නද්ධ බලකායන් පිළිබඳ අමාත්‍යාංශයේ ඔත්තු බැලීමේ பொது කාර්යාංශය" (RGB) මඟින්. ​මෙහෙයුම් ස්වභාවය: දකුණු කොරියාවේ හෝ සතුරු දේශසීමාවලට රහසින් ඇතුළු වී තොරතුරු රැස් කිරීම, ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම (Assassinations) සහ කඩාකප්පල්කාරී ක්‍රියා (Sabotage) සිදු කිරීම. ​විශේෂත්වය: මොවුන් සටන් කලාවන් (Martial Arts), නොපෙනී සිටීමේ උපක්‍රම (Camouflage) සහ දිගුකාලීනව ආහාර නොමැතිව වුවද සතුරු සීමාවන් තුළ ජීවත් වීමේ දැඩි පුහුණුවක් ලබා ඇත. ​3. ගුවන් මඟින් ගොඩබස්වන බලඇණි (Airborne / Airborne Insertion Brigades) ​ගොඩබිම් මෙහෙයුම් සඳහා සතුරු සීමාවන් වෙත ගුවනින් ළඟාවන විශේෂ බලකා කාණ්ඩයකි. ​මෙහෙයුම් ස්වභාවය: යුධ ගුවන් යානා හෝ හෙලිකොප්ටර් මඟින් සතුරු කලාපයේ පිටුපසට පැරෂුට් මඟින් පැනීම හෝ AN-2 වැනි රේඩාර්වලට හසුනොවන කුඩා ගුවන් යානා මඟින් සතුරු භූමියට ඇතුළු වීම. ​විශේෂත්වය: සතුරාගේ ගුවන් තොටුපළවල්, රේඩාර් පද්ධති සහ අණදෙන මධ්‍යස්ථාන අල්ලා ගැනීම මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වේ. ​4. ස්නයිපර් බලඇණි (Sniper Brigades) ​ගොඩබිම් මෙහෙයුම්වලදී ඉතාමත් සූක්ෂ්ම ලෙස සතුරා දුර්වල කිරීම සඳහා මෙම කණ්ඩායම් යොදා ගැනේ. (මෙහි ගොඩබිම්, නාවික සහ ගුවන් ලෙස ස්නයිපර් බලඇණි වර්ගීකරණ පවතී). ​මෙහෙයුම් ස්වභාවය: සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම (Ambush), සතුරු හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරීන්, සන්නිවේදකයින් සහ තාක්ෂණික ශිල්පීන් තෝරා බේරා විනාශ කිරීම. ​විශේෂත්වය: නාගරික සටන් (Urban warfare) සහ මනෝවිද්‍යාත්මකව සතුරා බියගැන්වීමේ මෙහෙයුම් සඳහා මොවුන් විශේෂඥයෝ වෙති. ​මෙම විශේෂ බලකායන් සතු සුවිශේෂී ලක්ෂණ: ​උමං මාර්ග භාවිතය (Tunnel Warfare): උතුරු සහ දකුණු කොරියානු දේශසීමාව (DMZ) යටින් හාරා ඇති රහසිගත උමං මාර්ග ඔස්සේ දකුණු කොරියාවට ක්ෂණිකව ඇතුළු වීමට මෙම ගොඩබිම් බලකායන් දැඩි පුහුණුවක් ලබා ඇත. ​දැඩි දෘෂ්ටිවාදාත්මක පුහුණුව (Ideological Conditioning): තාක්ෂණයෙන් සහ නවීන අවි ආයුධවලින් ඇමරිකානු හෝ දකුණු කොරියානු හමුදාවලට වඩා පසුපසින් සිටියද, මොවුන් සතු "මියයන තෙක් සටන් කිරීමේ" දැඩි මානසිකත්වය සහ පක්ෂපාතීත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. ​රසායනික සහ ජීව විද්‍යාත්මක අවි පුහුණුව: ගොඩබිම් මෙහෙයුම්වලදී සීමිත වශයෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් සතුරා අකර්මණ්‍ය කිරීමේ පුහුණුවක්ද මොවුන්ට ඇති බව විදේශීය බුද්ධි අංශ විශ්වාස කරයි. ​කෙටියෙන් කිවහොත්, උතුරු කොරියාවේ ගොඩබිම් විශේෂ බලකායන් නිර්මාණය කර ඇත්තේ සාම්ප්‍රදායික මුහුණට මුහුණ ලා කෙරෙන යුද්ධයකට වඩා, සතුරා "මවිතයට පත් කරමින්" (Surprise Attack) පිටුපසින් පහර දී විනාශ කරන අසමමිතික යුධ උපක්‍රම (Asymmetric Warfare) සඳහායි.

අනාගතයේ ඉඩමක් 🏡 හෝ ගෙයක් මිලදී ගන්නවා නම් මේ map එක save කරලා තියාගන්න 💚📌 “ජාතික භෞතික සැලැස්ම” කියන්නේ රටක් අනාගතයේ කොහොම සංවර්ධනය වෙන්න ඕනද කියලා භූමිය, ජනාවාස, පාරවල්, දුම්රිය, වරාය, ගුවන් තොටුපොළ, කර්මාන්ත, ආර්ථික කලාප සහ පරිසර ආරක්ෂාව එක්ක සැලසුම් කරන දිගුකාලීන master plan එකක්. 🇱🇰 වර්ණ සහ සංකේත පැහැදිලි කිරීම 🩷 රෝස පාට – Concentrated Urban Development Area ➡️ නගර සංවර්ධන ප්‍රදේශ ➡️ අධික ජනගහනය සහ කර්මාන්ත සංවර්ධනය වන ප්‍රදේශ 📍 උදාහරණ: * කොළඹ * ගම්පහ * කුරුණෑගල * මහනුවර * ගාල්ල * හම්බන්තොට 👉 අනාගතයේදී මෙහි: 🏢 නගර 🏭 කර්මාන්ත 🏘️ නිවාස 🚆 ප්‍රවාහන පහසුකම් වැඩිවේ. 🟡ලා කහ පාට – Rural Settlement ➡️ ග්‍රාමීය ජනාවාස 👉 ගම්මාන සහ කෘෂිකාර්මික ප්‍රදේශ. 🌾 වගා 🐄 පශුපාලනය 🏡 ගම්මාන ජීවිතය 🌿 ලා කොළ – Coastal Environmental Sensitive Area ➡️ වෙරළබඩ පරිසර සංවේදී ප්‍රදේශ 👉 මුහුදු වෙරළ ආරක්ෂා කරන ප්‍රදේශ. 🐢 කැස්බෑවන් 🌊 වෙරළ පද්ධති 🐠 ජෛව විවිධත්වය ආරක්ෂා කරයි. 🌳 තද කොළ – Area Above 1500m ➡️ මීටර් 1500 ට වඩා උස කඳු ප්‍රදේශ 📍 නුවරඑළිය වැනි උස්බිම් ❄️ සිසිල් දේශගුණය ☕ තේ වගාව 🌲 වනාන්තර 🟩 දීප්තිමත් කොළ – Conservation Areas ➡️ සංරක්ෂණ ප්‍රදේශ 🐘 වනජීවී රක්ෂිත 🌳 වනාන්තර 🦜 ජීව විවිධත්වය ආරක්ෂා කරයි 🟢 මධ්‍යම කොළ – Central Environmental Sensitive Area ➡️ පරිසර සංවේදී අභ්‍යන්තර ප්‍රදේශ 👉 අධික සංවර්ධනයට සීමා ඇත. 🔵 නිල් – Water Bodies ➡️ ජලාශ සහ ගංගා 💧 වැව් 🌊 ගංගා 🚰 ජල සම්පත් 🚆 ප්‍රවාහන පද්ධතිය ⬛ කළු තිත් රේඛාව – Proposed Electrified Railway ➡️ යෝජිත විදුලි දුම්රිය මාර්ග ⚡ වේගවත් 🌱 පරිසර හිතකාමී 🚄 අනාගත දුම්රිය ➖ කළු ඉරි – Proposed Railway ➡️ අලුත් දුම්රිය මාර්ග ➕ කළු රේඛාව – Existing Railway ➡️ දැනට පවතින දුම්රිය මාර්ග 🛣️ මාර්ග පද්ධතිය 🟥 රතු ඝන රේඛාව – Expressway (Up to 2030) ➡️ 2030 ට පෙර ඉදිකරන අධිවේගී මාර්ග 📍 * කොළඹ → මාතර * කොළඹ → කටුනායක * කොළඹ → මහනුවර 🟥 රතු ඉරි – Expressway (After 2030) ➡️ 2030 පසු ඉදිකරන අධිවේගී මාර්ග 🟧 තැඹිලි – Priority Highway ➡️ ප්‍රමුඛ මහාමාර්ග 👉 රටේ ප්‍රධාන නගර සම්බන්ධ කරයි. 🟤 රේඛා – Highways ➡️ සාමාන්‍ය මහාමාර්ග ✈️🚢 ගුවන් හා වරාය සංකේත ✈️ තැඹිලි වටය – International Airport ➡️ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 📍 * කටුනායක * මත්තල 🟠⚓ තැඹිලි – International Sea Port ➡️ ජාත්‍යන්තර වරාය 📍 * කොළඹ වරාය * හම්බන්තොට වරාය ✈️ නිල් – Domestic Airport ➡️ දේශීය ගුවන් තොටුපොළ ⚓ නිල් – Sea Port ➡️ දේශීය වරාය 🔵 Main Service Centers ➡️ ප්‍රධාන සේවා මධ්‍යස්ථාන 👉 මේවා: 🏥 රෝහල් 🏫 විශ්වවිද්‍යාල 🏢 රාජ්‍ය සේවා 🛒 වෙළඳ මධ්‍යස්ථාන පිහිටන නගර වේ. 🏙️ මැප් එකේ ප්‍රධාන සංවර්ධන කලාප 1️⃣ බස්නාහිර සංවර්ධන කලාපය 📍 කොළඹ – ගම්පහ – කළුතර ➡️ රටේ ආර්ථික මධ්‍යස්ථානය ➡️ වැඩිම නාගරීකරණය 2️⃣ මධ්‍යම සංවර්ධන අක්ෂය 📍 කොළඹ → කුරුණෑගල → දඹුල්ල → යාපනය ➡️ උතුරු දකුණු සම්බන්ධතාවය 3️⃣ නැගෙනහිර සංවර්ධන කලාපය 📍 ත්‍රිකුණාමලය – මඩකලපුව ➡️ වරාය සහ කර්මාන්ත සංවර්ධනය 4️⃣ දකුණු වෙරළ සංවර්ධනය 📍 ගාල්ල → මාතර → හම්බන්තොට ➡️ සංචාරක ➡️ වරාය ➡️ කර්මාන්ත 🎯 මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණු ✅ නගර සංවර්ධනය ✅ ප්‍රවාහන පහසුකම් වැඩි කිරීම ✅ උතුරු-දකුණු සම්බන්ධතාවය ✅ කර්මාන්ත ප්‍රවර්ධනය ✅ වරාය හා ගුවන් සේවා සංවර්ධනය ✅ පරිසර ආරක්ෂාව ✅ ජනගහනය සමානව බෙදා හැරීම

වර්ෂ 1889 වෙද්දි, සමාජවාදී දෙවැනි ජාත්‍යන්තරය විසින් මේ දවස, ඒ කියන්නෙ පැය අටේ වැඩ දිනය ගැන දීපු ඩෙඩ්ලයින් එක, කම්කරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් වෙන් කළ දවසක් කෙරුවා. ඒ කියන්නෙ මැයි 1 වැනිදා, ඊට අමතරව මැයි 1 වැනිදා, හේමාකට් අරගලයේ සැමරුම් දිනය බවටත් නම් කෙරුවා. යුරෝපය තුළ ඒ වෙද්දිත් මැයි 1 කියන්නෙ සාම්ප්‍රදායික සැමරුම් දවසක්. හැබැයි බොහොම ඉක්මනින් යුරෝපයට “හේමාකට් සැමරුම“ ප්‍රචලිත උනා. ඒක යෙදුනෙත් මැයි 1. පසුව විසිවැනි සියවසේ මුල් කාලයේදි සෝවියට් සංගමයේ නැඟී ඒමත් එක්ක මැයි දිනය ජාත්‍යන්තර වශයෙන්ම කම්කරු සැමරුමක් බවට පත් උනා. ලෝකයේ හැම රටකම කම්කරු දිනය මැයි 1 නෙවෙයි. හැබැයි ජාත්‍යන්තර වශයෙන් මැයි 1 වැනිදා කරන්නෙ කම්කරු සැමරුමක්. කම්කරු අයිතිවාසිකම් සහ ඉල්ලීම් වෙනුවෙන් වෙන්කළ දිනයක්. 1886 මැයි 4 වැනිදා, චිකාගෝවේ හේමාකට් චතුරස්‍රය තුළ, රෑ 10 වෙද්දි, මහ වැස්සකට පසුව ඉතිරි වෙලා හිටපු “ස්පීස්“ ඇතුළු කම්කරු නායකයින්ට කළ අසාධාරණය අනුස්මරණය කිරීමක්. අපි ඊයෙයි, අදයි ලිපි දෙකෙන් නඩු දෙකක් කතා කෙරුවා. ඒ දෙකම එකිනෙක සම්බන්ධයි. ඒ “1886 හේමාකට් ප්‍රාන්ත නඩුව“ සහ “1887 Spies v. Illinois“ නඩු තීන්දුව. ඊට අමතරව නඩු තීන්දුවට බළපෑ සිදුවීම, නඩුවේ ප්‍රශ්න, නඩුවෙන් පසු ඇති වූ තත්ත්වය කියන සියල්ල කතා කෙරුවා. මේ හැම සිදුවීමක්ම, ලිපියේ ලිව්වාට වඩා සංකීර්ණයි. යුක්තිය කොහොමත් සංකීර්ණයි. හැබැයි, හඹා යා යුතුයි. 🥰 (ඡායාරූපය: හේමාකට් සිදුවීමෙන් වසර 23කට පසු, 1909 දී අමෙරිකාවේ නිව්යෝක් නගරයේ මැයි දින පෙළපාලිය. ) • සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

ඒ වගේම මේ නඩුවේදි අධිකරණයට ඉදිරිපත් කරපු සෑම සාක්ෂියක්ම පාහේ, කෘත්‍රීමව නිර්මාණය කරපු සාක්ෂි. මේ අනුව, මරණ දණ්ඩනයට කලින් දා එල්ලී සි*දි* හානි කරගත් ලුවිස් ලින්ග්ගේ කතාව ඇත්ත බව ආණ්ඩුකාරයා තීරණය කෙරුවා. ලුවිස් මුල සිටම කිව්වේ තමන්ගෙ සහායකයාව බියගන්වා බෝම්බ සම්බන්ධ සාක්ෂි නිර්මාණය කරපු බවක්. අවසානයේදී මේ බොහෝ සාක්ෂි ‘නිර්මාණය කරන ලද ඒවා‘ බව විමර්ශනයේදි තහවුරු උනා. මේ විමර්ශනයට, ඉලිනොයි ප්‍රාන්තයේ කම්හල් හිමිකරුවන්ගෙන් දිගින් දිගටම බාධා එල්ල උනා. ඒකට හේතුවක් තිබුණා. නඩු තීන්දුවෙන් පස්සෙ චිකාගෝ ඇතුළු නගරවල කම්කරු වාපාරය පාලනය කරන්න පහසු උනා. හැබැයි, නඩු තීන්දුවේ කතාව මේ විදිහට හෙළිදරව් වීමෙන් තත්ත්වය උග්‍ර වෙන්න පටන් ගත්තා. කම්කරු නායකයින්ව මරා දැමීමෙන් පස්සෙ දිගටම මතු වෙමින් තිබුණු විරෝධතා, නඩු තීන්දුව පක්ෂපාතී එකක් බව හෙළි වීමෙන් සීඝ්‍රයෙන් වර්ධනය උනා. ඒ වෙද්දි ජීවතුන් අතර හිටපු කම්කරු නායකයින්ට, රජයේ සමාව හිමි උනා. ඉන්පසුව එළැඹුනේ අමෙරිකාවේ කම්කරු ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය. මේ සිදුවීම් එක්ක වැඩි වර්ධනය වූ කම්කරු ව්‍යාපාරය “The Knights of Labor“ නමැති කම්කරු සංවිධානයට පදනම දැම්මා. මොකක්ද මේ The Knights of Labor? ඒ තමයි මේ කාලය වෙද්දි ලෝකයේ තිබුණු ශක්තිමත් ම, දැවැන්ත ම කම්කරු ව්‍යාපාරය. මේකට හුස්ම දුන්නෙ එදා හේමාකට් අරගලයේදී අසාධාරණ ලෙස මරා දැමූ කම්කරු නායකයින්ගේ ජවය විසින්. ඒ වගේම අමෙරිකාවේ කම්කරු ව්‍යාපාරය, පෙර කිසිදා නොවූ ලෙස මේ The Knights of Labor ව්‍යාපාරය හින්දා වර්ධනය උනා. හේමාකට් කම්කරු නායකයින් කම්කරු ජනතාවගේ වීරයින් විදිහට නම් උනා. මේ The Knights of Labor කියන ව්‍යාපාරය හේමාකට් අරගලයට පෙර සිටම තිබුණු එකක්. නමුත් ඔවුන් හේමාකට් අරගලයට නායකත්වය දෙන්න තරම් සංවිධිත එකක් නෙවෙයි. “ස්පීස්“ ඇතුළු පිරිස තමයි ඒ කාලයේ චිකාගෝවේ බලසම්පන්න කම්කරු නායකයින් උනේ. නමුත් “ස්පීස්“ ඇතුළු පිරිසට සිදු වූ අසාධාරණය සමඟ The Knights of Labor එක වටා ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් එකතු උනා. අපි ඊයෙ පැය අටේ වැඩමුරය ගැන “ස්පීස්“ ඇතුළු පිරිස කළ මුල්කාලීන ඉල්ලීම ගැන කතා කෙරුවා. මේ ඉල්ලීම හේමාකට් සිදුවීමෙන් පස්සෙr ප්‍රධානම කම්කරු ඉල්ලීමක් බවට පත් උනා. එතැනින් පසුව, හේමාකට් කම්කරු අරගලය “අනුස්මරණීය“ අවස්ථාවක් උනා. කම්කරුවන් ඔවුන්ව සමරන්න පටන් ගත්තා. හේමාකට් අරගලය සමරන්න පටන් ගත්තා. සෑම උද්ඝෝෂණයකදීම, විරෝධතාවයකදීම “හේමාකට්“ අරගලය සහ එහි ඉල්ලීම් මුලට ගත්තා. හේමාකට් සිදුවීම ගැන පෝස්ටර්, අත් පත්‍රිකා, සිහිවටන අමෙරිකාව පුරා සංසරණය උනා. මේ වෙද්දි අමෙරිකාවෙ, විශේෂයෙන්ම චිකාගෝවල හිටපු අති බහුතරයක් කම්කරුවො යුරෝපීයයන්. ඒ අතරිනුත් වැඩි පිරිස අයර්ලන්ත ජාතිකයින්. ඊළඟට ජර්මානුවන්. මේ අය හරහා හේමාකට් අරගලයේ කතාව බොහොම ඉක්මනින්ම යුරෝපයට ගියා. අමෙරිකාවට ආසන්නම දේශපාලන කලාපය තමයි “ලතින් අමෙරිකාව“. හේමාකට් අරගලයේ පුවත ඉතා ඉක්මනින් ලතින් අමෙරිකාව පුරා විසිරුණා. මේ සියල්ලට ගත උනේ වසරක වගේ කෙටි කාලයක්. වර්ෂ 1893 දි “හේමාකට් අරගලයේ සැමරුම් ඵලකය“ චිකාගෝ නගරයේ සුසාන භූමියක ඉදි කෙරුවා. මේක අදටත් තියෙනවා. මේකට කියන්නෙ “ප්‍රාණ පරිත්‍යාගී“ ස්මාරකය කියලා. Haymarket Martyrs Monument. ඒ වගේම, එදා හේමාකට් අරගලයේදී මියගිය පොලිස් නිළධාරීන් වෙනුවෙනුත් හේමාකට් චතුරස්‍රය අසළ ස්මාරකයක් නිර්මාණය උනා. ඒ 1889 දි. පසු කාලීනව වාමාංශික-කම්කරු අරගලවලදී මේ ස්මාරකය නිතරම උද්ඝෝෂකයින්ගේ ප්‍රහාරයට ලක් උනා. 1970 දී මේ පොලිස් ස්මාරකය එතැනින් ගලවා, චිකාගෝ ප්‍රාන්ත පොලිසියේ පුහුණු පාසලට ගෙන ගියා. එතැනින් මේ හේමාකට් සිදුවීමේ උණුසුම අවසන් උනේ නෑ. සිදුවීමෙන් සියවසකටත් පසුව 2004 දි, මේ සමස්ථ හේමාකට් සිදුවීම් ජාලයම සිහි කරමින්, රාජ්‍ය ගෞරවය සහිත ස්මාරකයක් “හේමාකට් චතුරස්‍රයේ“ නැවත ඉදි කෙරුවා. අවසානයේදි ‘පැය අටේ වැඩ දිනයක්‘ ඉල්ලමින් චිකාගෝවෙ කම්හලක් ඉදිරිපිට ඇරඹුණු වැඩ වර්ජනය, චිකාගෝවේ ප්‍රමුඛම කම්කරු නායකයින් අට දෙනාව පෝරකයට ගෙනිච්චා. මේක පටන් ගත්තෙ 1886 මැයි 1 වැනිදාවක. ඒකට හේතුවක් තිබුණා. පැය අටේ වැඩ දිනය වෙනුවෙන් දශකr ගණනාවක් තිස්සෙ කම්කරුවො ඉල්ලුවා. ඔවුන් අන්තිමට 1886 මැයි 1 වැනිදා සිට මේ පැය අටේ වැඩ දිනය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කෙරුවා. ඒක නීතිගත කරන්නැයි බල කෙරුවා. ඒක කම්කරුවන් විසින්R ආණ්ඩුවට ලබාදීපු ඉලක්කයක්. ඩෙඩ්ලයින් එකක්. මේක සිද්ධ නොවීම හින්දා තමයි උද්ඝෝෂන පටන් ගත්තෙ. මේක රට පුරා තැනින් තැන ඇති උනා. ප්‍රධානම එක ඇති උනේ චිකාගෝවල. ඒක මැයි 1, 2, 3 විදිහට දිගෑදුණා. 3 වැනිදා චිකාගෝ උද්ඝෝෂණයට පොලිසිය වෙඩි තිබ්බා. 4 වැනිදා මේ වෙඩි තැබීමට හේමාකට් චතුරස්‍රයේ......(ඔබ දැන් කතාව දන්නවා)

-ප්‍රාන්ත ව්‍යවස්ථාවට අනුව නඩු තීරණයේ ගැටළුවක් නෑ -රාජ්‍ය නීතිය කඩ උනේ නෑ -වෙනත් ප්‍රාන්තවලදිත් මේ හා සමාන ජූරියක් තමයි නඩුවලට කැඳවන්නෙ කියලා. මේ හින්දා, නඩු තීරණයට මැදිහත් වෙන්න ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු නොකළ යුතුයි කියන එක තමයි එයාලගෙ තර්කය උනේ. 1886 වසරේ අග භාගය වෙද්දි මේකෙන් මුළු අමෙරිකාවම කැළඹුනා. මුළින් කම්කරු වැඩ වර්ජනයක් උනා (1886 දි). ඊට පස්සෙ මේකට පොලිසිය පැනලා වෙඩි තිබ්බා. ඒකෙන් කම්කරුවො මැරුණා. පහුවෙනිදා මේ ‘පොලිස් වෙඩි තැබීමට එරෙහිව‘ විරෝධතාවයක් තිබුණා. ඒක සාමකාමී එකක්. ඒකෙ අවසානය උනේ බෝම්බ ප්‍රහාරයක්. ඊට පස්සෙ නඩුවක්. බෝම්බය ගහපු කෙනා නැතිව කම්කරු නායකයින්ට මරණ දඬුවම දුන්නා. මේ හැම දෙයක්ම ජනමාධ්‍ය හරහා ප්‍රචාරය උනා. පුවත්පත්වල ලියැවුනා. ආණ්ඩුව, පොලිසිය සහ කම්හල්වල හාම්පුතුන් දිගින් දිගටම මේක කම්කරු මර්ධනයට යොදාගත්තා. ප්‍රධාන පුවත්පත්වලට අනුව කම්කරු නායකයින් නිසැක මිනී මරුවන් විදිහට හංවඩු ගැහුණා. කම්කරු නායකයින්ව එල්ලා මරන්නෙ කවද්ද? මේ තමයි හැමෝම අහපු ප්‍රශ්නය. දැන් කම්කරු නායකයින්ට ලැබුණු මරණ දඬුවමේ ඇපීල් එක තිබුණෙ, ඉවත විසිවන තැනක. සළකා නොබලන තැනක. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ හැමදේම ගැන සළකා බැලුවා. හැබැයි මතක තබාගත යුතු දේ තමයි, මෙතැනදි බැලුවෙ ප්‍රාන්ත අධිකරණය විසින්, ප්‍රාන්ත ව්‍යවස්ථාවට අනුව කටයුතු කළාද කියන එක ගැන. අමෙරිකානු ව්‍යවස්ථාවට ගෙනාපු සංශෝධන සහ අයිතිවාසිකම් පනත මඟින් රාජ්‍යයේ බලතල සීමා කරපු බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. ඒ අනුව කම්කරු නායකයින්ගේ අයිතිවාසිකම්වලට වැඩි ඉඩක් ලැබෙන්න ඕන. හැබැයි මේ ව්‍යවස්ථාවෙන් සීමා කෙරුවෙ මධ්‍යම ආණ්ඩුවේ බලතල විතරයි. ප්‍රාන්ත ආණ්ඩුවේ බලතල සීමා වෙලා නෑ. ඒ හින්දා මේ තීරණය වළංගු බව අධිකරණය කිව්වා. ඒ වගේම සාක්ෂිවල තිබුණු ගැටළු ගැන, මුල් අධිකරණයේදී නිවැරදිව කරුණු සාකච්ඡා උනේ නෑ. ඒ මත පදනම් වෙලා තීන්දුව දීලා අවසන්. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී, මේ සාක්ෂිවලට අලුතින් අභියෝග කරන්න බෑ. ඒ කියන්නෙ මුල් අධිකරණයේදි මතු කරපු නැති කාරණයක්, ඇපීල් එකේදි අලුතින් මතු කරන්න බෑ.‍ මේ අනුව සාක්ෂි සම්බන්ධ ප්‍රශ්නය ඉවත දැම්මා. මේ අනුව, අභියාචනය නිෂ්ප්‍රභ උනා. ඒ කියන්නෙ මුල් අධිකරණ තීන්දුව වළංගු බව තහවුරු උනා. කම්කරු නායකයින්ට දුන් මරණ දඬුවම නීත්‍යානුකූල බව තීරණය උනා. මේ තීරණය දුන් වහාම කම්කරු නායකයින් 5 දෙනෙක්ව එල්ලා මරන්න දින නියම කෙරුවා. හැබැයි මරණ දණ්ඩනයට කලින් දවසෙදි මේකෙ වෙනසක් උනා. මුල් අධිකරණයේදී නඩු තීන්දුව දීපු වෙලාවෙත් ප්‍රබල කතාවක් කරපු “ලුවිස් ලින්ග්“ හිටියෙ මේ සියල්ල ගැන දැඩි මතයක. එයා හිර මැදිරිය තුළදී එල්ලිලා සි*දි* නසාගත්තා. පසුවදා, ඔහු නැතිව ඉතිරි කම්කරු නායකයින් 4 දෙනාව එල්ලා මරා දැම්මා. ඒ “ඔගස්ට් ස්පීස්, ඇඩොල්ෆ් ෆිෂර්, ජෝර්ජ් ඒන්ග්ල්, ඇල්බර්ට් පාර්සන්ස්“ යන හතරදෙනාව. තවත් ඉතිරි වෙලා හිටියෙ දෙන්නෙක් විතරයි. ඒ මයිකල් ෂ්වැබ් සහ සැමුවෙල් ෆීල්ඩ්න්. මයිකල් ෂ්වැබ් සහ සැමුවෙල් ෆීල්ඩ්න්ට ලැබුණු මරණ දණ්ඩනය ගැන ප්‍රාන්ත බළධාරීන් නැවත සළකා බැලුවා. ප්‍රාන්ත ආණ්ඩුකාරයා වූ Oglesby විසින් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කෙරුවා. සාමාන්‍යයෙන් නඩුවකදී වෙන්නෙ ඔච්චරයි. තීන්දුව ලැබෙනවා. අකැමැති නම් අභියාචනය කරනවා. ඒකෙ තීන්දුවෙන් පස්සෙ එක්කො දඬුවම ක්‍රියාත්මක වෙනවා. නැතිනම් නිදහස් වෙනවා. හැබැයි මේ නඩුව ඓතිහාසික වෙන්නෙ, අභියාචනයෙන් පස්සෙ. ඒ අභියාචන තීරණය හින්දා නෙවෙයි. 1893 දි එවක “ඉලිනොයි‘ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වූ John Peter Altgeld මේ ප්‍රශ්නයට මැදිහත් වෙනවා. ඔහු මේ සියල්ලම ගැන නැවත විමර්ශනය කරනවා. මුල් අධිකරණ නඩුවත් අභියාචනයත්, කම්කරු නායකයින්ට දුන් දඬුවමත් නැවත සළකා බලනවා. ඒකට හේතු වෙන්නෙ, එවක අමෙරිකාවේ ප්‍රමුඛම විත්තියේ නීතීඥයා වූ ‘ක්ලැරන්ස් ඩැරෝ‘ ගෙ ඉල්ලීමක්. ක්ලැරන්ස් ඩැරෝ ගැන අපි මීට කලින් ගොඩක් ලිපිවල කතා කරලා තියෙනවා. එයා අමෙරිකන් ඉතිහාසයේ අද්වීතීය නීතීඥයෙක්. ඩැරෝ විසින් Altgeld ආණ්ඩුකාරයාට ඉල්ලීමක් කරනවා මේ නඩුවෙන් ජීවතුන් අතර ඉන්න අයට සමාව දිය හැකිද බලන්න කියලා. ඒ අනුව නඩුවේ සියලු වාර්ථා, සාක්ෂි, පොලිස් වාර්ථා ආදිය මුල සිට විමර්ශනය කෙරුවා. එහිදී ආණ්ඩුකාරයාට පෙනී ගියා මේ නඩුව ‘සාධාරණ ලෙස විභාග කළ එකක් නොවන බව‘. එය කම්කරු නායකයින්ව වරදකරුවන් කරන්නට සැළසුම් කළ එකක් බව. මුල් අධිකරණයේ විනිසුරුවරයා, මුල සිටම පක්ෂපාතීව කටයුතු කර තිබෙන බවත් ඔවුන් නිරීක්ෂණය කෙරුවා. ඒ වගේම ජූරි සභාව ප්‍රශ්නකාරී බව කම්කරු නායකයින් නඩුවෙදි දිගින් දිගටම කියූ බව ඔබට මතක ඇති. මේ විමර්ශනයෙන් තහවුරු උනා ඒක ඇත්ත බව. මේ ජූරිය කම්කරු නායකයින්ව වරදකරුවන් කිරීමට හිතාමතා සැළසුම් කර ඇතුළත් කර තිබූ ජූරියක්. ඉලිනොයි ප්‍රාන්ත බලධාරීන් විසින් මේ ජූරියට හාම්පුතුන් සහ කම්කරු විරෝධීන්ව ඇතුළත් කර තිබුණු බව හෙළි උනා.

🟡මේ තමයි, ලෝක ඉතිහාසයේ ප්‍රකටම කම්කරු අරගලය ගැන නඩුව(2). මේක 1886 දි අමෙරිකාවේ චිකාගෝවල ඇති වූ කම්කරු විරෝධතාව, බෝම්බ ප්‍රහාරය සහ තවත් සිදුවීම් සම්බන්ධ කතාන්දරයක්. අපි ඊයෙ කතා කෙරුවා මේකෙ පළමුවැනි නඩුව සහ පසුබිම් කතාන්දරය. අද අපි පසුබිම් කතාව නැතිව කෙළින්ම කතා කරමු දෙවැනි නඩුව ගැන. (පළමු ලිපිය නොකියවපු අය මෙතැනින් ඒක කියවලා ඉන්න: ඒකෙ තමයි මේ නඩු දෙකේම, පසුබිම් කතාව තියෙන්නෙ. https://www.facebook.com/share/p/1J8hai9GJx/ ) ඔන්න අපේ කම්කරු නායකයින් අතරින් 7 දෙනෙකුට මරණ දඬුවමත්, එක්කෙනෙකුට වසර 15ක හිර දඬුවමුත් දුන්නා. අපි ඊයෙ නැවැත්තුවෙ එතැනින්. හිර දඬුවම ලැබුණෙ ‘ඔස්කා නීබි‘ ට. මරණ දඬුවම ලැබුණෙ “ඔගස්ට් ස්පීස්, මයිකල් ෂ්වැබ්, සැමුවෙල් ෆීල්ඩ්න්, ඇඩොල්ෆ් ෆිෂර්, ජෝර්ජ් ඒන්ග්ල්, ඇල්බර්ට් පාර්සන්ස් සහ ලුවිස් ලින්ග්“ ට. මේ අයව එල්ලා මරන්න නියමිතව තිබුණෙ 1887 නොවැම්බර් 11 වැනිදා. මේ තීරණය ගැනයි, නඩුව බොහොම පක්ෂපාතී විදිහට අසාධාරණ විදිහට පවත්වපු හින්දයි කට්ටියම ‘ඉලිනොයි‘ උපරිමාධිකරණයට මේක ඇපීල් කෙරුවා. ඒත් ඵලක් උනේ නෑ. ඊට පස්සෙ අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපීල් කෙරුවා. චිකාගෝ කම්කරු නායකයින් මේ ඇපීල් එක කෙරුවෙ, අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තිබුණු 14 වැනි සංශෝධනයෙන් ගෙනාපු ප්‍රතිපාදනවල උදව්වෙන්. මොකක්ද මේ 14 වැනි සංශෝධනය? සරළ යි. මේකෙදි කිව්වා, -සාධාරණ නඩු විභාගයකින් මිසක් මනුස්සයෙකුගෙ ජීවිතය, නිදහස හෝ දේපළ අහිමි කරන්න රාජ්‍ය්‍යකට බෑ කියලා. -නීතිය ඉදිරියේ සෑම මනුස්සයෙකුටම සමානව සළකන්න රාජ්‍යය කටයුතු කළ යුතුයි කියලා. ඉතින්, බැලූ බැල්මට නම් “හේමාකට්“ නඩුවෙන් මේ දෙකම සිද්ධ උනේ නෑ. නඩු විභාගය සාධාරණ උනේ නෑ. මොකද ජූරි සභාවෙ හිටපු 160 දෙනාම රජයට පක්ෂපාතී අය. කම්කරු ක්‍රියාමාර්ග විවේචනය කරපු අය. ජූරිය තෝරාගත්තෙත් සාමාන්‍ය ක්‍රමයට නෙවෙයි. කලින්ම ලෑස්ති කරලා හිටපු පිරිසක් තමයි ජූරියට ඉඳගත්තෙ. ඒ අය අතර හිටියා විත්තිකාර කම්කරු නායකයින්ට එරෙහි වූ හාම්පුත්තු පවා. අනෙක් අතට, නීතිය ඉදිරියේ හැමෝම සමානයි කිව්වාට කම්කරු නායකයින්ට එහෙම සමානකමක් ලැබුණෙ නෑ. තමන්ට එරෙහි සාක්ෂි බොරු බව කිව්වාට ඒවා නිසි ලෙස සැළකුවෙ නෑ. බෝම්බය ගහපු වෙලාවෙ එතැන නොසිටි අයව පවා ‘මිනී මැරීමට‘ එරෙහිව පහසුවෙන් වරදකරුවන් උනා. මේ හින්දා කම්කරු නායකයින් මේ තීන්දුව ඇපීල් කෙරුවා. ඒ කියන්නෙ අභියාචනය කෙරුවා. ඇපීල් එකේ පෙත්සම්කරුවන් වෙන්නෙ “කම්කරු නායකයින්“. මේ අභියාචන නඩුව යද්දි චිකාගෝව විතරක් නෙවෙයි. මුලු අමෙරිකාවම ඒ ගැන අවධානය දුන්නා. කම්කරුවො දිගින් දිගටම උසාවියේ තීරණයට විරුද්ධව තැනින් තැන සංවිධානය උනා. පෙත්සම්කරුවන් අභියාචනයෙදි ප්‍රධාන හේතු කීපයක් ඉදිරිපත් කෙරුවා. 1.නිසි නීතිමය කාර්යපටිපාටිය අනුගමනය නොකළ බව. මේකට ඉංග්‍රීසියෙන් Due Process of Law කියනවා. කලින් ලැහැස්ති කරපු ජූරියක් සම්බන්ධ කරගැනීම, පක්ෂපාතී විදිහට නඩුව විභාග කිරීම, සාක්ෂි හරි විදිහට සළකා නොබැලීම වගේ දේවල් මේ යටතෙ ඔවුන් කිව්වා. 2.අපක්ෂපාතී ජූරි සභාවක් ඉල්ලීමට ඇති අයිතිය අහෝසි වීම හරිහමන් ජූරියක් නම්, අපක්ෂපාතී එකක් වෙන්න ඕන. ව්‍යාකූල නොවෙන්න ඕන. ජූරිය තෝරාගන්න නියමිත සාධාරණ විනිවිද ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. ඒ හින්දා එහෙම ජූරියක තීරණය අවලංගු බවත්, එයින් ලැබුණු දඬුවම අමෙරිකානු නීතියට අනුව ව්‍යවස්ථා විරෝධී බවත් කම්කරු නායකයින් කිව්වා. 3.සාක්ෂිවල තිබුණු ගැටළු ලුවිස් ලින්ග්ව අත් අඩංගුවට ගත්තට පස්සෙ එයා ළඟ තිබුණාය කියපු බෝම්බ හදන උපකරණ ගැන ඔත්තු දුන්නෙ ලින්ග්ගෙ සහාකයානෙ. එයා මේක කෙරුවෙ පොලිසියේ බලහත්කාරය හින්දා බවත්, ඒකට සහායකයාට පොලිසිය පගාව දුන් බවත් කියැවුනා. හැබැයි මේවා අධිකරණයේදි වැඩියෙන් සොයා බැලුවෙ නෑ. කම්කරු නායකයින්ට එරෙහිව ගෙනාපු ගොඩක් සාක්ෂි මේ ආකාරයේ ඒවා. මේක මූලික අයිතීන් පවා උල්ලංඝනයක් ලෙස කම්කරු නායකයින් ඇපීල් එකේදි කිව්වා. 4.කෝ නීතියේ සමාන රැකවරණය? කම්කරු නායකයින් ඇපීල් එකේදි අහපු ඊළඟ ප්‍රශ්නය මේක. නීතිය හැමෝටම එක සේ සළකනවා නම්, රජයේ පාර්ශ්වයට ලැබුණු අවස්ථාවම නඩුවෙදි තමන්ටත් ලැබෙන්න ඕන බව ඔවුන් කිව්වා. මෙයින් ඔවුන්ගේ සමානාත්මතාවයේ අයිතිය කඩ වූ බව ඔවුන් කිව්වා. 5.අනෙකුත් අයිතිවාසිකම් කඩ වූ බව සාධාරණ නඩු විභාගයකට තියෙන අයිතිය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස (ඔවුන් පැවැත්වූ රැස්වීමට බාධා කළා), අසාධාරණ දඬුවම් ලැබීමෙන් වැළකීමට තියෙන අයිතිය කඩ උන බව ඔවුන් කිව්වා. මීට අමතරව අමෙරිකානු ව්‍යවස්ථාවෙ දාහතරවැනි සංශෝධනය අනුව, අසාධාරණ ලෙස ගෙනෙන සාක්ෂි පවා අයිතිවාසිකම්වලට තර්ජනයක්. මේ හින්දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දක්වන අයිතිවාසිකම් ඉලිනොයි අධිකරණයේදී කඩ වූ බව ඔවුන් කිව්වා. ඔය තමයි, අධිකරණ තීරණයට විරුද්ධව පෙත්සම්කරුවන් ගෙනාපු තර්ක. මේකට ‘චෝදකයින්‘ (රජයේ පාර්ශ්වය) කිව්වා,

photo content

​While not "technically" a Dassault Mirage, Sri Lanka’s IAI Kfir is the ultimate Mirage derivative. Built by Israel, it uses the Mirage 5 airframe but swaps the French engine for a powerful American GE J79. • ​The Variant: Kfir C.2 and C.7. • ​The Role: The workhorse of the SLAF. During the internal conflict, the Kfir was the "Heavy Hitter," providing close air support and pounding insurgent positions with massive payloads. • ​Capability: Because of its American engine, it has a "kick" the others don't—better acceleration and a higher payload capacity for ground attacks. It is essentially a Mirage on steroids for ground pounding. ​🧬 TECH SPOTLIGHT: The Secret to the Delta Wing ​The "Delta" (triangle) wing is the signature of the Mirage family. It's built for supersonic speed, but it has a weakness: it loses lift quickly during tight turns. Here is how each country fixed that problem. ​🇵🇰 Pakistan’s Mirage III/5: The "Classic" Dogtooth ​If you look at the wing of a PAF Mirage, you’ll see a subtle "step" or notch on the front edge. • ​The Science: This is a Dogtooth (1). It creates a vortex (a spiral of air) that acts like an invisible fence, keeping airflow smooth over the wing and preventing a stall during high-G dogfights. • ​The Look: It’s a clean, surgical modification that keeps the original French silhouette sleek. ​🇱🇰 Sri Lanka’s IAI Kfir: The "Aggressive" Dogtooth & Canards ​You’ll notice that the Sri Lankan Kfir’s wing looks much more "jagged" than the others. • ​The Difference: The Kfir features a much more prominent and deeper Dogtooth (4) compared to the Pakistani Mirages. Because the Kfir uses a heavier, more powerful American engine, it needs that deeper "bite" in the wing to generate a massive vortex for stability. • ​The "Ears": Combined with the Fixed Canards(3) (the small wings behind the cockpit), this setup gives the Kfir incredible lift, allowing it to carry heavy bomb loads and take off from shorter runways. ​🇮🇳 India’s Mirage 2000: The "Vortex Strakes" ​The Mirage 2000 is the most modern, so its tech is the most hidden. • ​The Science: Instead of deep notches or big canards, it uses tiny, thin fins called Strakes(2) just above the engine intakes. • ​The Result: These work with a Fly-By-Wire computer system. While the Kfir uses its deep dogtooth for "muscle" and lift, the Mirage 2000 uses its strakes for "gymnastics" and world-class agility. ​📸 Pro-Spotter Tip: ​Next time you see a photo of these jets, look at the wing's leading edge. If the "notch" looks like a tiny step, it’s likely a Mirage III/5. If it looks like a deep, aggressive "sawtooth" cut, you’re looking at the powerhouse IAI Kfir! 🏆 THE VERDICT • ​Best Tech: India. The Mirage 2000 is hands-down the most advanced airframe in this list. It’s a true multi-role fighter that can handle air defense and strike missions with equal ease. • ​Best Value: Pakistan. The PAF has shown the world how to keep a classic airframe lethal in the 21st century. Their ROSE upgrades are a masterclass in "bang for your buck." • ​Best Muscle: Sri Lanka. For pure raw power and ground-attack grit, the Kfir’s engine-and-airframe combo made it a legend in the island’s history. ​Which one is your favorite? The sleek 2000, the upgraded ROSE, or the powerful Kfir? Let us know in the comments! 🛡️✈️ - යුධ පෙරමුණ

​වෙනස: පකිස්ථාන මිරාජ් යානාවලට වඩා ගැඹුරු සහ කැපී පෙනෙන "ඩෝග්ටූත්"(4) හැඩයක් කෆීර් යානයේ ඇත. කෆීර් යානය බරින් වැඩි, බලගතු ඇමරිකානු එන්ජිමක් භාවිතා කරන බැවින්, ස්ථාවරත්වය සඳහා විශාල වායු සුළියක් ජනනය කිරීමට පියාපතේ එවැනි ගැඹුරු කැපුමක් අවශ්‍ය වේ. ​"කන්" (The Ears): යානයේ නියමු කුටියට පිටුපසින් ඇති කුඩා පියාපත්(3) (Fixed Canards) සහ මෙම සුවිශේෂී පියාපත් සැකසුම නිසා කෆීර් යානයට විශාල එසවුම් බලයක් ලැබේ. එමගින් විශාල බෝම්බ ප්‍රමාණයක් රැගෙන යාමටත්, කෙටි ධාවන පථවලින් ගුවන්ගත වීමටත් හැකියාව ලැබේ. ​🇮🇳 ඉන්දියාවේ මිරාජ් 2000: "වෝටෙක්ස් ස්ට්‍රේක්ස්" (Vortex Strakes) මිරාජ් 2000 වඩාත් නවීන බැවින් එහි තාක්ෂණය බොහෝ දුරට සැඟවී ඇත. ​විද්‍යාව: මෙහි ගැඹුරු කැපුම් හෝ විශාල "කැනාඩ්" පියාපත් වෙනුවට, එන්ජිමට වාතය ලබා ගන්නා ද්වාරවලට ඉහළින් කුඩා, සිහින් වරල්(2) (Strakes) භාවිතා වේ. ​ප්‍රතිඵලය: මේවා "Fly-By-Wire" පරිගණක පද්ධතිය සමඟ එක්ව ක්‍රියා කරයි. කෆීර් යානය තම ශක්තිය සහ එසවුම් බලය සඳහා ගැඹුරු "ඩෝග්ටූත්" භාවිතා කරන අතර, මිරාජ් 2000 එහි "ස්ට්‍රේක්ස්" භාවිතා කරන්නේ ලොව ඉහළම මට්ටමේ කඩිසර බවක් පෙන්වීමටයි. ​📸 නිරීක්ෂකයින් සඳහා උපදෙස්: ​මීළඟ වතාවේ ඔබ මෙම ජෙට් යානයක ඡායාරූපයක් දකින විට, එහි පියාපතේ ඉදිරිපස දාරය දෙස බලන්න. එහි ඇත්තේ කුඩා "පියවරක්" වැනි කැපුමක් නම්, එය බොහෝ විට මිරාජ් III/5 යානයකි. එය ගැඹුරු, ආක්‍රමණශීලී "කියත් දතක" හැඩය ගන්නේ නම්, ඔබ දකින්නේ බලගතු IAI Kfir යානයයි! ​🏆 අවසන් තීරණය ​හොඳම තාක්ෂණය: ඉන්දියාව. මෙම ලැයිස්තුවේ ඇති දියුණුම යානය මිරාජ් 2000 වේ. එය ගුවන් ආරක්ෂණ සහ ප්‍රහාරක මෙහෙයුම් යන දෙකම එක හා සමානව කළ හැකි සැබෑ බහුකාර්ය ප්‍රහාරක යානයකි. ​හොඳම වටිනාකම: පකිස්ථානය. පැරණි යානයක් 21 වන සියවසට ගැලපෙන ලෙස මාරාන්තිකව තබා ගන්නේ කෙසේදැයි පකිස්ථාන ගුවන් හමුදාව ලොවටම පෙන්වා දී ඇත. ඔවුන්ගේ ROSE නවීකරණයන් ඉතා අඩු පිරිවැයකින් ලබාගත් උපරිම ප්‍රතිඵලයකි. ​හොඳම ශක්තිය: ශ්‍රී ලංකාව. පිරිසිදු ශක්තිය සහ ගොඩබිම් ප්‍රහාරක හැකියාව අතින් බලන කල, කෆීර් යානයේ එන්ජිම සහ සැකිල්ලේ සංකලනය දිවයිනේ ඉතිහාසය තුළ එය පුරාවෘත්තයක් බවට පත් කළේය. ​ඔබ වඩාත්ම කැමති කුමන යානයටද? මනරම් මිරාජ් 2000 ද, නවීකරණය වූ ROSE ද, නැතහොත් බලගතු කෆීර් ද? ඔබේ අදහස් පහතින් දක්වන්න! THE MIRAGE LEGACY: South Asia’s Wings of Steel 🇱🇰🇵🇰🇮🇳 ​While they all share the "Mirage" name, not all Mirages are created equal. Across Pakistan, India, and Sri Lanka, these French-designed beauties have been the backbone of aerial strategy for decades—but each country uses a very different "flavor" of this legendary jet. ​From the rugged veterans of the PAF to the high-tech "Vajra" of the IAF, let’s break down the Mirages of South Asia. 👇 ​🇵🇰 PAKISTAN: The Masters of Modification (Mirage III & Mirage 5) ​Pakistan is the world’s most dedicated operator of the "Classic" Mirage. While the airframes are vintage, what’s inside is definitely not. • ​The Variants: Mirage III (Interceptor) and Mirage 5 (Attack). • ​The Secret Sauce: Project ROSE. Pakistan didn’t just fly these jets; they rebuilt them. Upgraded with Italian Grifo-M3 radars and modern cockpits, these jets can now fire BVR (Beyond Visual Range) missiles and precision-guided munitions. • ​The Role: Primarily tactical strike and maritime support. Recently, they’ve even been adapted to carry the Taimoor cruise missile, turning a 1960s jet into a long-range standoff threat. • ​Capability: Rugged, cost-effective, and extremely agile in a dogfight. ​🇮🇳 INDIA: The "Vajra" Thunderbolt (Mirage 2000) ​India skipped the older generations and went straight for the "reimagined" Mirage. The Mirage 2000 is a different beast entirely—a 4th-generation powerhouse. • ​The Variant: Mirage 2000H (and upgraded I/TI versions). • ​The Legend: Known as the "Vajra" (Thunderbolt), it became a national hero during the Kargil War, where it dropped laser-guided bombs at altitudes where other jets struggled to even breathe. • ​The Role: India’s "Go-To" jet for high-precision strikes. Whether it was Kargil (1999) or Balakot (2019), the Mirage 2000 is the IAF’s surgeon—surgical, fast, and deadly. • ​Capability: Fly-by-wire technology, superior electronic warfare (EW) suites, and the ability to carry the lethal MICA air-to-air missiles. ​🇱🇰 SRI LANKA: The Lion’s Cub (IAI Kfir - Mirage Derivative)

මිරාජ් උරුමය: දකුණු ආසියාවේ ඩෙල්ටා පියාපත් 🇱🇰🇵🇰🇮🇳 ​මේ සියල්ල "මිරාජ්" (Mirage) යන නාමය දැරුවද, සියලුම මිරාජ් යානා එක හා සමාන නොවේ. දශක ගණනාවක් පුරා පකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ගුවන් උපාය මාර්ගයන්හි කොඳු නාරටිය බවට පත්ව ඇත්තේ මෙම ප්‍රංශ සැලසුම් සහිත අලංකාර යානා වුවද, එක් එක් රටවල් මෙම පුරාවෘත්තීය ජෙට් යානයේ එකිනෙකට වෙනස් "සංස්කරණ" භාවිතා කරයි. ​පකිස්ථාන ගුවන් හමුදාවේ අත්දැකීම් බහුල ප්‍රවීණ යානාවල සිට ඉන්දීය ගුවන් හමුදාවේ ඉහළ තාක්ෂණික "වජ්‍රා" (Vajra) දක්වා, දකුණු ආසියාවේ මිරාජ් යානා පිළිබඳව විමසා බලමු. 👇 ​🇵🇰 පකිස්ථානය: නවීකරණයේ දක්ෂයෝ (Mirage III සහ Mirage 5) ​පකිස්ථානය යනු ලොව සිටින "ක්ලැසික්" (Classic) මිරාජ් යානා වැඩිම ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන රටයි. මෙම යානාවල බාහිර සැකිල්ල පැරණි වුවද, එහි ඇතුළත තාක්ෂණය කිසිසේත්ම පැරණි නැත. ​යානා මාදිලි: මිරාජ් III (ප්‍රහාරක යානා) සහ මිරාජ් 5 (ප්‍රහාරක යානා). ​රහසිගත ක්‍රියාවලිය (Project ROSE): පකිස්ථානය මෙම යානා පියාසර කිරීමට පමණක් සීමා නොවී, ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළේය. ඉතාලි Grifo-M3 රේඩාර් සහ නවීන පාලක පද්ධති (cockpits) මගින් මේවා නවීකරණය කර ඇති බැවින්, දැන් මෙම යානාවලට ක්ෂිතිජයෙන් එපිට ඉලක්ක වෙත විදින (BVR) මිසයිල සහ නිරවද්‍ය මගපෙන්වන අවි ආයුධ දියත් කළ හැකිය. ​භූමිකාව: ප්‍රධාන වශයෙන් උපක්‍රමශීලී ප්‍රහාරක සහ සමුද්‍රීය සහායක කටයුතු සඳහා යොදා ගැනේ. මෑතකදී, "තයිමූර්" (Taimoor) කෲස් මිසයිල රැගෙන යාමට පවා මේවා අනුවර්තනය කර ඇති අතර, එමගින් 1960 දශකයේ ජෙට් යානයක් බලගතු දුරස්ථ ප්‍රහාරක අවියක් බවට පත් කර ඇත. ​හැකියාව: ශක්තිමත්, වියදම් අවම සහ ගුවන් සටන් වලදී ඉතා කඩිසරය. ​🇮🇳 ඉන්දියාව: "වජ්‍රා" හෙවත් හෙන පහර (Mirage 2000) ​ඉන්දියාව පැරණි පරම්පරාවන් මගහැර කෙලින්ම "නවීකරණය වූ" මිරාජ් යානා වෙත යොමු විය. මිරාජ් 2000 යනු සම්පූර්ණයෙන්ම වෙනස්, සිව්වන පරම්පරාවේ බලගතු යානයකි. ​යානා මාදිලිය: මිරාජ් 2000H (සහ නවීකරණය කරන ලද I/TI සංස්කරණ). ​පුරාවෘත්තය: "වජ්‍රා" (Vajra) ලෙස හඳුන්වන මෙය කාර්ගිල් යුද්ධයේදී ජාතික වීරයෙකු බවට පත් විය. අනෙකුත් ජෙට් යානාවලට පියාසර කිරීමට පවා අපහසු වූ අතිශය ඉහළ උන්නතාංශයන්හිදී ලේසර් මගපෙන්වන බෝම්බ හෙළීමට මෙම යානය සමත් විය. ​භූමිකාව: නිරවද්‍ය ප්‍රහාර සඳහා ඉන්දියාවේ ප්‍රධානතම තේරීම මෙයයි. 1999 කාර්ගිල් යුද්ධය හෝ 2019 බාලකොට් ප්‍රහාරය වේවා, මිරාජ් 2000 යනු ඉන්දීය ගුවන් හමුදාවේ අති දක්ෂ "ශල්‍ය වෛද්‍යවරයා" බඳුය - එතරම්ම නිරවද්‍ය, වේගවත් සහ මාරාන්තිකයි. ​හැකියාව: Fly-by-wire තාක්ෂණය, උසස් ඉලෙක්ට්‍රොනික යුද පද්ධති (EW) සහ මාරාන්තික MICA ගුවන් මිසයිල රැගෙන යාමේ හැකියාව ඇත. ​🇱🇰 ශ්‍රී ලංකාව: සිංහ පැටවා (IAI Kfir - මිරාජ් ඇසුරෙන් නිපදවූ) ​තාක්ෂණිකවම මෙය Dassault මිරාජ් යානයක් නොවන නමුත්, ශ්‍රී ලංකාවේ IAI Kfir යනු මිරාජ් යානය ඇසුරෙන් නිපදවූ විශිෂ්ටතම නිර්මාණයයි. ඊශ්‍රායලය විසින් නිෂ්පාදිත මෙය, මිරාජ් 5 සැකිල්ල භාවිතා කරන අතර ප්‍රංශ එන්ජිම වෙනුවට බලගතු ඇමරිකානු GE J79 එන්ජිමක් යොදා ගනී. ​යානා මාදිලි: Kfir C.2 සහ C.7. ​භූමිකාව: ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන කාර්ය සාධකයා මෙයයි. මෙරට අභ්‍යන්තර යුද සමයේදී කෆීර් යානය දැඩි ප්‍රහාරක යානයක් ලෙස කටයුතු කළ අතර, විශාල අවි ප්‍රමාණයක් රැගෙන යමින් ත්‍රස්තවාදී මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළේය. ​හැකියාව: එහි ඇති ඇමරිකානු එන්ජිම නිසා අනෙක් යානාවලට වඩා වැඩි ජවයක් මෙයට ඇත - එනම් වේගයෙන් වේගය වැඩි කර ගැනීමේ හැකියාව සහ ගොඩබිම් ප්‍රහාර සඳහා වැඩි බරක් රැගෙන යාමේ හැකියාවයි. මෙය සැබවින්ම ගොඩබිම් ප්‍රහාර සඳහා විශේෂයෙන් සැකසූ "ස්ටෙරොයිඩ්" (steroids) ලබා දුන් මිරාජ් යානයක් වැනිය. ​🧬 තාක්ෂණික අවධානය: "ඩෙල්ටා" පියාපත්වල රහස ​"ඩෙල්ටා" (ත්‍රිකෝණාකාර) පියාපත් මිරාජ් පවුලේ සුවිශේෂී සලකුණයි. එය සුපර්සොනික් (ශබ්දයේ වේගයට වඩා වැඩි) වේගයන් සඳහා නිපදවා ඇතත්, එහි එක් දුර්වලතාවක් ඇත: තියුණු හැරීම් වලදී එහි එසවුම් බලය (lift) වේගයෙන් අඩු වේ. එක් එක් රටවල් එම ගැටලුව විසඳා ගත් ආකාරය මෙන්න: ​🇵🇰 පකිස්ථානයේ මිරාජ් III/5: "ක්ලැසික් ඩෝග්ටූත්" (Dogtooth) පකිස්ථාන මිරාජ් යානයක පියාපත දෙස බැලුවහොත්, එහි ඉදිරිපස දාරයේ කුඩා "පියවරක්"(1) හෝ කැපුමක් ඔබට පෙනෙනු ඇත. ​විද්‍යාව: මෙය "ඩෝග්ටූත්"(1) (බල්ලාගේ දතක හැඩය) ලෙස හැඳින්වේ. එය වායු සුළියක් (vortex) නිර්මාණය කරමින් වායු ප්‍රවාහය පියාපත මත සුමටව තබා ගන්නා අතර, සටන් වලදී යානය පාලනයෙන් ගිලිහීම (stall) වළක්වයි. ​පෙනුම: මෙය යානයේ මුල් ප්‍රංශ හැඩය එලෙසම පවත්වා ගනිමින් සිදු කළ ඉතා පිරිසිදු නවීකරණයකි. ​🇱🇰 ශ්‍රී ලංකාවේ IAI Kfir: ආක්‍රමණශීලී ඩෝග්ටූත් සහ කැනාඩ්ස් (Canards) ශ්‍රී ලංකාවේ කෆීර් යානයේ පියාපත අනෙක් ඒවාට වඩා බෙහෙවින් රළු සහ කඩතොලු සහිත බව ඔබට පෙනෙනු ඇත.