uk
Feedback
ගෝත්‍රිකයෝ

ගෝත්‍රිකයෝ

Відкрити в Telegram

♻️කාලීන දැනුමින් සන්නද්ධ ☢️ ♾️විසංවාද මන්ඩපය🇱🇰🇰🇼 Founder - @Abeysinghe2K

Показати більше
1 695
Підписники
+124 години
+57 днів
+830 день
Архів дописів
​ලංකාවේ EV සහ Hybrid ක්ෂේත්‍රයේ BYD Atto 3 වගේම Sealion 5/6 කියන්නේ අතිශය ජනප්‍රිය වාහනනේ. හැබැයි මේ වාහන වල 2025 අලුත්ම නිෂ්පාදන වල (Upgraded/Facelifted Models) BYD සමාගම කරලා තියෙන ලොකුම විප්ලවීය වෙනසක් ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් තවමත් දැනුවත් නැහැ. ​🔋 මොකක්ද මේ වෙනස? පැරණි EV සහ Hybrid වාහන වල ඩෑෂ්බෝඩ්, ස්ක්‍රීන්, ලයිට්ස් වගේ දේවල් පණගන්වන්න ආපු කුඩා 12V ඇක්සලරි බැටරිය (Auxiliary Battery) වුණේ සාමාන්‍ය ඊයම්-අම්ල (Lead-Acid) බැටරියක්. ඒවා අවුරුද්දෙන් දෙකෙන් Dead වෙලා, මුළු වාහනයම පණගන්වා ගත නොහැකිව මඟහිටින ප්‍රශ්න ලෝකය පුරාම තිබුණා. ​නමුත් අලුත්ම 2025 මාදිලි වල, BYD සමාගම ඒ සාමාන්‍ය 12V ලෙඩ්-ඇසිඩ් බැටරිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙනවා! ❌ ​ඒ වෙනුවට ඔවුන් ලබා දීලා තියෙන්නේ ප්‍රධාන ධාවක බැටරියට පාවිච්චි කරන තාක්ෂණයම වන ලිතියම් අයන පොස්පේට් (Lithium Iron Phosphate - LFP) 12V බැටරියක්! 😎 ​📍 මේක තියෙන්නේ කොහේද? කලින් මොඩල්ස් වල මේ 12V බැටරිය තිබුණේ ඉස්සරහා බොනට් එක ඇතුලේ (Front bay). නමුත් අලුත් ලිතියම් බැටරිය එහි ආරක්‍ෂාව වෙනුවෙන් BYD ඉංජිනේරුවන් මේක පිහිටුවලා තියෙන්නේ රියදුරු අසුන (Driving Seat) එක යටයි 🚗💨 (සමහර මාදිලි වල පසුපස අසුන යට). ​💡 මේ අලුත් LFP 12V බැටරියේ තියෙන සැබෑ ප්‍රායෝගික වාසි මොනවාද? ​1️⃣ දීර්ඝ ආයු කාලය (Super Long Lifespan): සාමාන්‍ය බැටරි වගේ ඉක්මනින් සවුත්තු වෙන්නේ නැහැ. මේ අලුත් LFP තාක්ෂණය නිසා සාමාන්‍ය බැටරියක් වගේ නිතර නිතර මාරු කරන්න වෙන්නේ නැහැ, වසර 8ක්-10ක් වැනි දිගු ආයු කාලයක් තියෙනවා. 2️⃣ බරින් ඉතා අඩුයි (Ultra Lightweight): සාමාන්‍ය 12V බැටරියකට වඩා බරින් ඉතාමත් අඩුයි වගේම කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළයි. 3️⃣ Smart BMS පාලනය (Intelligent Charging): වාහනය දින ගණනාවක් Off කරලා තියලා මේ 12V බැටරියේ චාර්ජ් එක අඩු වුණොත්, වාහනයේ තියෙන ලොකු Blade බැටරියෙන් ස්වයංක්‍රීයවම මේ කුඩා බැටරිය චාර්ජ් කරගන්නා "Intelligent Wake-up" තාක්ෂණය මේකේ තියෙනවා. (Vampire Drain ප්‍රශ්නය සදහටම ඉවරයි!) ​ මේක 12V බැටරියක් නිසා මේකට ප්‍රධාන බැටරියට වගේ අවුරුදු 8ක දිගු වගකීමක් (Warranty) ඒජන්ට්ලාගෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි තාක්ෂණය අතින් මේක සාමාන්‍ය බැටරි වලට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙනවා.

photo content
+1

අභ්‍යවකාශයේදී උදේ පාන්දරට උණුසුම් කෝපි කෝප්පයක් බොන එක ඔයා හිතනවාට වඩා ගොඩක් අමාරු, ඇත්තටම කිව්වොත් සාමාන්‍ය විදිහට කරන්නම බැරි වැඩක්! ☕🚀 ගුරුත්වාකර්ෂණය නැති අභ්‍යවකාශයේදී (Zero Gravity) සාමාන්‍ය කෝප්පයකට කෝපි වැක්කෙරුවොත්, ඒ දියරය එක තැනක රැඳෙන්නේ නැතුව බෝලයක් වගේ වාතයේ පාවෙන්න පටන් ගන්නවා. මේක අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන මිල අධික ඉලෙක්ට්‍රොනික උපකරණවලට වගේම ගගනගාමීන්ගේ ආරක්ෂාවටත් ලොකු තර්ජනයක්. ඒ නිසා දශක ගණනාවක් තිස්සේ ගගනගාමීන්ට සිද්ධ වුණේ වැකුම් කරපු බෑග්වලට බට දාලා කෝපි බොන්නයි. 🧃👨‍🚀 .. අභ්‍යවකාශයේදීත් සාමාන්‍ය කෝප්පයකින් කෝපි බොන ලස්සන අත්දැකීම ලබාදෙන්න නාසා (NASA) ආයතනය අපූරු නිපැයුමක් සිදුකර තියෙනවා. ඒ තමයි "Space Cup" කියන විශේෂ කෝපි කෝප්පය! නාසා ගගනගාමී ඩොන් පෙටිට් (Don Pettit) සහ භෞතික විද්‍යාඥයින් කණ්ඩායමක් එකතු වෙලා තමයි මේක නිර්මාණය කළේ. මෙහිදී දියරය පාලනය කරන්න ගුරුත්වාකර්ෂණය වෙනුවට කේශාකර්ෂණ බලය (Capillary flow) සහ පෘෂ්ඨික ආතතිය (Surface tension) කියන විද්‍යාත්මක සිද්ධාන්තයන් පාවිච්චි කරලා තියෙනවා. 🧠✨ .. මේ කෝප්පය සාමාන්‍ය එකක් වගේ නෙවෙයි, පැත්තකින් උල් වුණු කඳුළු බිඳුවක හැඩයක් (Teardrop shape) තියෙන අතර එහි ඇතුළත බිත්තියේ සිහින් කණුවක් වැනි ඇලියක් සකස් කර තිබෙනවා. කෝපි කෝප්පයට දැමූ සැනින්, කෝපි දියරය සහ කෝප්පයේ බිත්තිය අතර ඇති වන ස්වාභාවික ඇලෙනසුලු බලය නිසා කෝපි ටික අර සිහින් ඇලිය දිගේ ඉහළටම ගමන් කරලා කෝප්පයේ කට අසල නතර වෙනවා. 🌊📊 .. ගගනගාමියෙක් තමන්ගේ තොල් කෝප්පයේ දාරයට තියලා එක උගුරක් බොද්දී, එතන තියෙන භෞතික සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඒ එක්කම කෝප්පයේ පතුලේ තියෙන කෝපි, අර ඇලිය දිගේ උඩට ඇදිලා ඇවිත් දිගටම කෝපි උගුරෙන් උගුර බොන්න අවස්ථාව හදලා දෙනවා. අවසන් කෝපි බිඳුව දක්වාම මේ ක්‍රමයට බොන්න පුළුවන්! 💡 .. සම්පූර්ණයෙන්ම අභ්‍යවකාශ කක්ෂයකදීම නිර්මාණය කරලා පේටන්ට් බලපත්‍රය (Patent) ලබාගත්තු ලොව ප්‍රථම නිෂ්පාදනය වෙන්නෙත් මේ අපූරු අභ්‍යවකාශ කෝප්පයයි. විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවන රටාව විශ්වය පුරා රැගෙන යන්න මේ නිපැයුම සමත් වෙලා තියෙනවා.

photo content

සූර්ය හා සුළං බලශක්තියේ ප්‍රයෝජනය උපරිම කිරීම, ජාතික විදුලි ජාලය වඩාත් ස්ථාවර කිරීම සහ පිරිසිදු බලශක්තිය මත පදනම් වූ අනාගතයක් ගොඩනැගීම සඳහා Battery Energy Storage Systems (BESS) අත්‍යවශ්‍ය තාක්ෂණයක් බවට පත්වෙමින් තිබේ. ශ්‍රී ලංකාව හරිත බලශක්ති අනාගතයක් කරා ගමන් කරන මේ මොහොතේ, BESS යනු පුනර්ජනනීය බලශක්තිය සහ විශ්වාසදායක විදුලි සැපයුමයක පවතින වැදගත් සම්බන්ධයකි. 🌱 Sources Public Utilities Commission of Sri Lanka (PUCSL). Study Report on Use of Battery Energy Storage Systems, November 2015. GSL ENERGY. What is BESS (Battery Energy Storage System)? https://www.gsl-energy.com/ By Ask Rk All rights reserved ©️

𝗕𝗮𝘁𝘁𝗲𝗿𝘆 𝗘𝗻𝗲𝗿𝗴𝘆 𝗦𝘁𝗼𝗿𝗮𝗴𝗲 𝗦𝘆𝘀𝘁𝗲𝗺𝘀 (𝗕𝗘𝗦𝗦) – පුනර්ජනනීය බලශක්තියේ අනාගතය ශක්තිමත් කරන තාක්ෂණය සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ශ්‍රී ලංකාවේ අද වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒත්, මේ බලශක්ති ප්‍රභවයන්ගේ ප්‍රධාන අභියෝගයක් වන්නේ අපට අවශ්‍ය සෑම මොහොතකම ඒවා විදුලිය නිපදවන්නේ නැති වීමයි. උදාහරණයක් ලෙස, සූර්ය පැනල මඟින් විදුලිය නිපදවන්නේ දිවා කාලයේ පමණයි. නමුත් වැඩිම විදුලි ඉල්ලුමක් ඇති වන්නේ බොහෝවිට සවස සහ රාත්‍රී කාලයේදීයි. මේ නිසා දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලශක්තිය කාර්යක්ෂමව භාවිතා කිරීම විශාල අභියෝගයක් වෙනවා. මෙම ගැටලුවට විසඳුම වන්නේ Battery Energy Storage System (BESS) ය. 1) 𝗕𝗘𝗦𝗦 යනු කුමක්ද? 🔋 Battery Energy Storage System (BESS) යනු, අතිරික්ත විදුලි ශක්තිය ගබඩා කර අවශ්‍ය අවස්ථාවේදී නැවත භාවිතයට ලබාදෙන බුද්ධිමත් පද්ධතියකි. සරලවම කිවහොත්, දිවා කාලයේ නිපදවන සූර්ය බලශක්තිය "ඉතිරි කරගෙන" රාත්‍රී කාලයේදී හෝ විදුලි ඉල්ලුම වැඩි වන අවස්ථාවලදී භාවිතයට ලබාදෙන විශාල ප්‍රමාණයේ බැටරි පද්ධතියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. 2) ශ්‍රී ලංකාවට 𝗕𝗘𝗦𝗦 වැදගත් ඇයි? ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනයේ ඉහළම අවස්ථාව (Night Peak) සාමාන්‍යයෙන් සවස 6.30 සිට රාත්‍රී 10.30 අතර සිදුවන අතර, එයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ගෘහස්ථ විදුලි පරිභෝජනයයි. මෙම අවස්ථාවේදී BESS මඟින් දිවා කාලයේ ගබඩා කළ විදුලි ශක්තිය නැවත ජාලයට ලබාදිය හැකි අතර, එමඟින් ජාතික විදුලි ජාලයේ පීඩනය අවම කරමින් ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනයේ අවශ්‍යතාවද අඩු කළ හැකිය. එසේම, සූර්ය හා සුළං බලශක්තියෙන් නිපදවන අතිරික්ත විදුලිය අපතේ නොයවා ගබඩා කර පසුව භාවිතා කිරීමට හැකි වන නිසා, පුනර්ජනනීය බලශක්තියේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නැංවීමට BESS විශාල දායකත්වයක් ලබාදෙයි. 3) 𝗕𝗘𝗦𝗦 ක්‍රියා කරන්නේ කෙසේද? BESS එකක ක්‍රියාකාරිත්වය ප්‍රධාන අදියර තුනකින් සමන්විත වේ. • Charging – සූර්ය පැනල, සුළං බලාගාර හෝ ජාතික විදුලි ජාලයෙන් ලැබෙන අතිරික්ත විදුලිය බැටරි තුළ ගබඩා කරයි. • Storage – ගබඩා කළ ශක්තිය ආරක්ෂිතව බැටරි මොඩියුල තුළ රඳවා තබා ගනී. • Discharging – විදුලි ඉල්ලුම වැඩි වන අවස්ථාවලදී හෝ විදුලිය බිඳවැටීමකදී ගබඩා කළ ශක්තිය නැවත ජාලයට හෝ පාරිභෝගිකයන්ට ලබාදෙයි. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය Battery Management System (BMS), Power Conversion System (PCS) සහ Energy Management System (EMS) මඟින් ස්වයංක්‍රීයව පාලනය වන අතර, එමඟින් BESS ඉතා කාර්යක්ෂමව සහ ආරක්ෂිතව ක්‍රියා කරයි. 4) 𝗕𝗘𝗦𝗦 එකක ප්‍රධාන කොටස් Battery Energy Storage System එකක් බැටරියකින් පමණක් සමන්විත නොවේ. එය එකිනෙකට සම්බන්ධව ක්‍රියා කරන පද්ධති කිහිපයක එකතුවකි. Battery Modules විදුලි ශක්තිය ගබඩා කරන ප්‍රධාන කොටසයි. වර්තමානයේ බොහෝ BESS පද්ධතිවල ආරක්ෂාව සහ දිගු ආයු කාලය හේතුවෙන් Lithium Iron Phosphate (LiFePO₄) බැටරි භාවිතා කරයි. Battery Management System (BMS) බැටරියේ වෝල්ටීයතාව, උෂ්ණත්වය, ආරෝපණ මට්ටම සහ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ආරක්ෂිතව ක්‍රියාත්මක වීමට උපකාරී වේ. Power Conversion System (PCS) බැටරියේ ගබඩා වන DC (Direct Current) විදුලිය, නිවාස සහ ජාතික විදුලි ජාලය භාවිතා කරන AC (Alternating Current) බවටත්, අවශ්‍ය විට AC සිට DC බවටත් පරිවර්තනය කරයි. Energy Management System (EMS) පද්ධතියේ "මොළය" ලෙස හැඳින්වෙන EMS මඟින් විදුලි ඉල්ලුම, බලශක්ති නිෂ්පාදනය සහ බැටරියේ තත්ත්වය අනුව Charging සහ Discharging ස්වයංක්‍රීයව පාලනය කරයි. Thermal Management System බැටරි නියමිත උෂ්ණත්වයක පවත්වා ගැනීම මඟින් එහි කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ ආයු කාලය වැඩි කරයි. 5) BESS හි ප්‍රධාන වාසි • සූර්ය හා සුළං බලයෙන් නිපදවන අතිරික්ත විදුලිය අපතේ නොයවා ගබඩා කරයි. • සවස ඇතිවන Peak Demand අවම කරමින් විදුලි ජාලයේ පීඩනය අඩු කරයි. • විදුලි ජාලයේ ස්ථාවරත්වය (Grid Stability) සහ විදුලි ගුණාත්මකභාවය (Power Quality) වැඩි දියුණු කරයි. • විදුලිය බිඳවැටීම්වලදී Backup Power ලබාදෙයි. • පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලි ජාලයට තවදුරටත් ඒකාබද්ධ කිරීමට සහාය වේ. • ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය මත ඇති අවශ්‍යතාව අවම කරයි. 6) 𝗕𝗘𝗦𝗦 භාවිතා වන ක්ෂේත්‍ර අද වන විට BESS තාක්ෂණය ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල භාවිතා වේ. • නිවාස සඳහා වූ Solar + Battery පද්ධති • කර්මාන්තශාලා සහ වාණිජ ආයතන • Utility-scale Energy Storage Projects • Microgrids සහ Off-grid පද්ධති • EV Charging Stations පුනර්ජනනීය බලශක්තියේ අනාගතය තීරණය වන්නේ විදුලිය නිපදවන ප්‍රමාණයෙන් පමණක් නොව, එය අවශ්‍ය මොහොත දක්වා කාර්යක්ෂමව ගබඩා කර තැබීමේ හැකියාව මතයි.

photo content

ඔබ දන්නවාද?🤷‍♀ පායනකාලෙට මුල්වලින් ගැලවී රෝල්වෙමින් ජලය සොයායන අපූරු ශාකය... 😯 ◾️ඇමරිකානු බටහිර ප්‍රදේශයේ බොහෝ විට දක්නට ලැබෙන ටම්බල්වීඩ්ස් ශාක වලට සිත්ගන්නාසුලු පසුබිම් කතාවක් ඇත. පුදුමයට කරුණක් නම් මෙම ශාක ඇමරිකාවට ආවේණික නොවන නමුත් යුරේසියාවේ(ආසියාවේ සහ යුරෝපයේ) නිජබිම විය. 1870 ගණන්වලදී රුසියාවෙන් ගෙනා හණ ඇට හරහා ඒවා අහම්බෙන් එක්සත් ජනපදයට පැමිණ ඇත. රුසියානු thistles ලෙස හැඳින්වෙන මෙම ශාක දශක කිහිපයක් ඇතුළත අක්කර මිලියන ගණනක් ආවරණය කරමින් වේගයෙන් ව්‍යාප්ත විය. සෑම ශාකයකටම ටම්බල්වීඩ්ස් බීජ 250,000 ක් දක්වා නිපදවිය හැකි අතර ඒවා ශාක ආක්‍රමණිකයන් බවට පත්වී ඇත... ටම්බල්වීඩ්ස්ට ඉතා ඉක්මනින් අනුවර්තනය විය හැකි අතර ශුෂ්ක කාන්තාරවල සිට මාර්ග දෙපස දක්වා විවිධ පරිසරවල ඔවුන්ගේ බීජ විසුරුවා හැරීමේ ක්‍රමයට ඔවුන්ගේ මුල් වලින් වෙන් වී බිම හරහා පෙරළීම සහ ඒවා යන විට බීජ විසුරුවා හැරීමනිසා මේවා ඉක්මනින් ව්‍යාප්ත වේ.. මෙම ශාක බොහෝ විට කරදරයක් ලෙස සලකනු ලැබුවද ඒවාට පස ස්ථාවර කර කුඩා සතුන් සඳහා වාසස්ථාන සැපයිය හැකිය. කෙසේ වෙතත් වියළි තත්වයන් තුළ ඒවා ගිනිගැනීම නිසා උවදුරක් බවට පත්විය හැකිය... #everyonefollowers #follower #viralreelschallenge #fypシ゚ #highlight

ඉතින් අලියාව පිටතට ගෙන යාමට සැළසුම් කරගෙන සිටි බව කිව්වා. මේ කාලයේම අසල්වැසි ආගමික ස්ථානයක සිටි “මහාදේවන්“ නමැති අලියා රෝගාතුර වූ නිසා, අදාල ආගමික ස්ථානයේ පූජකවරුන් විසින් “රාමන්“ ව ඉල්ලූ බවත්, එම ඉල්ලීම අහක දාන්න බැරි වූ බවත් කිව්වා. අලියෙකු නැතිව, පෙරහැර කිරීමෙන් දෙවියන් කෝප වී ගම්මානය වනසාවි යැයි මිනිස්සු විශ්වාස කළ බවත් කිව්වා. මේ අනුව, පශු වෛද්‍ය නිර්දේශයත්, ආගමික අවශ්‍යතාවයත් නිසා “එකම එක පෙරහැරකට“ අලියාව දුන් බවත්, ඉන් අධිකරණ නියෝගය කඩ වුණා නම් තමන් අධිකරණයේදී සමාව ගන්නා බවත් “ක්‍රිෂ්ණකුට්ටි“ දැනුම් දුන්නා. මේ සියළු සාධක ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, ඉන්දීය නීතිය අනුව ගැඹුරින් සළකා බැලුවා. 2026 ජූනි 9 වැනිදා (මේ මාසයේදී) අධිකරණය සිය තීන්දුව දැනුම් දුන්නා. මේ තීන්දුව දුන්නේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිසුරුතුමන්ලා වන, “දීපන්කර් දත්තා“ සහ “සතිෂ් වන්ද්‍ර ශර්මා“ විසින්. අධිකරණය මොකද කිව්වෙ? “රාමන්“ ව මෙසේ වාණිජමය ලෙස (අධිකරණ නියෝගය කඩ කරමින්) ලබාදීම, සුලු දෙයක් නොවන බව අධිකරණය කිව්වා. මේ අනුව, රාජ්‍ය ආයතනවලට දුන් නියෝගය මත අලියාගේ තත්ත්වය පරීක්ෂා කරන්නට පවා යන්නට සිදුවෙලා තිබුණෙ පෙරහැරකට. අලියා ඒ තරම් පෙරහැර සංඛ්‍යාවක රෑ දිවා ගෙනිහින් තිබුණා. ඒ අනුව, රාමන් අධික ලෙස වෙහෙසට පත් කරවමින්, විශාල පෙරහැර සංඛ්‍යාවකට ගෙන ගොස් ඇති බව අධිකරණය නිරීක්ෂණය කෙරුවා. කේරලයේ විශාලම අලියා වන මෙම “හඬක් නොමැත්තා“ වෙනුවෙන්, අධිකරණය වැඩි අවධානයක් යොමු කරන බව විනිසුරුතුමන්ලා කිව්වා. ඒ අනුව, අධිකරණය නියෝගයක් කඩ කරමින්, රාමන් නමැති අලියාව වාණිජමය ලෙස වැඩවල යෙදවීම ගැන, “ක්‍රිෂ්ණකුට්ටි“ වරදකරු වුණා. ඒ, අධිකරණ නියෝගය කඩ කිරීම සහ අධිකරණයට අපහාස කිරීම කියන චෝදනා දෙක යටතේ. ඊට අමතරව මේ මොහොතේදී, වනජීවී කාර්යාලය විසින් අලියාව නිසි ලෙස විමර්ශනය නොකිරීම ගැනත් සොයා බැලුවා. 2025 අගෝස්තු මාසයේදී මද කිපී සිටි අලියාව, 2026 පෙබරවාරි මාසයේදී පෙරහැරක් තිබෙන තැනකට ගොස් හෝ නිරීක්ෂණය කර තිබූ බැවින්, ලොකු කාල පරතරයක් නැති බැවින්, අදාල ආයතනය වරදකරුවන් වුණේ නෑ. නමුත් අධිකරණය දීපු වැදගත්ම තීන්දුව ඒක නෙවෙයි. මේ වෙද්දි, අලියාගේ ඇත්ත අයිතිකාරයා කවුද කියන මුල් නඩුව විසඳිලා තිබුණෙ නෑ. මේ හැමෙදේම පටන් ගත්තෙ එතැනින් නෙ. අධිකරණය අලියා ගැන විශේෂ නියෝගයක් දුන්නා. ඒ තමයි, අලියාගේ අයිතිය සම්බන්ධ නීති කටයුතු ඉවර වෙනකන්, අලියාව කේරල ප්‍රාන්ත රජය යටතට පත් කිරීම. ඒ අනුව, කේරල ප්‍රාන්ත රජයේ සෘජු අධීක්ෂණය යටතේ, “රාමන්“ ව විශේෂ අලි සුරැකුම් මධ්‍යස්ථානයකට වහාම ඇතුල් කළ යුතුයි. මේ වනවිට අලියා ගැන තිබෙන සියලු නඩු කටයුතු අවසන් වෙලා, අවසානයේදී අයිතිය සම්බන්ධ නඩුවෙ තීරණය දෙනතුරුම අලියා සිටිය යුත්තේ මේ අලි සුරැකුම් මධ්‍යස්ථානයේ. 1972 වනජීවී පනත ප්‍රකාරව, රාමන්ව බලා කියාගැනීම සහ රාමන්ට අදාල වියදම් කේරල ප්‍රාන්ත රජය විසින් දැරිය යුතුයි. ඔය තමයි තීන්දුව. මේක අවුරුදු 10ක නඩු කටයුත්තක්. තවම එහි විවිධ නඩු අවසන් වෙලා නෑ. හැබැයි, අන්තිමේදි රාමන්ට ආරක්ෂිත නවාතැනක් ලැබුණා. කතාව පටන් ගත්තෙ 2001 දි. එතකොට එයාගෙ නම “මදූ“. පුංචි අලි පැටියෙක්. කතාවෙ එක අර්ධයක් ඉවර වුණේ 2026 දි. එතකොට එයාගෙ නම “රාමන්“. කේරල ප්‍රාන්තයේ ලොකුම අලියා. (කේරලයේ උසම අලියා මෙයා නෙවෙයි. ඒ "රාමචන්ද්‍රන්" අලියා. මේ දෙදෙනා දෙන්නෙක්. "ලොකුම අලියා" යන්නට උසාවිය දුන් අර්ථකතනය ගැන පැහැදිලි නෑ. ඒක ලොකුවට හිතන්න එපා) රාමන්ගෙ අයිතිය ගැන නඩුවත් ඉක්මනට ඉවර වෙන තත්ත්වයක තියෙන්නෙ. ඒ නඩු තීන්දුව ලැබුණු ගමන් ‘නුවන් ඉෂාර මහගමගේ‘ පිටුවෙ ලියන්නම් රාමන්ව කාටද අයිති වුණේ කියලා. ඉතින් රාමන්, ඔයාට ලොකු වෙන්නැතිව ඉන්නයි තිබුණෙ ! 💔🐘 🟡වැඩිදුර කියවන අයට නඩු අංක: (දැනට තීන්දුව ලැබුණු ප්‍රධාන නඩු 2) මහාධිකරණ අංක: Jayakrishna Menon vs Krishnankutty 2025:KER:72453 ශ්‍රේෂ්ඨාධිකරණ අංක: Jayakrishna Menon vs Krishnankutty Petition (Civil) Nos. 59-60/2026 • සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

ස්වාමීනී. මේ අලියා ඉන්නෙ මද සමය ගත කරමින්. මේ අලියා බොහොම දරුණුයි. අලියාව පාලනය කරන්න පුළුවන් ක්‍රිෂ්ණකුට්ටිට විතරයි. අලියා අයිතිත් ක්‍රිෂ්ණකුට්ටිට. ඉතින් එයාට ඉක්මන් නියෝගයක් ඕන වුණා. තමන්ට අයිති දෙයක් වෙන කෙනෙක් බලෙන් ගන්න එද්දි, කලින් දීපු තීන්දු තීරණ වැදගත් යැයි හිතමින් ඉන්න කාලයක් නෑ. ඉතින් තමන්ගේ දෙයක් ගැන මීට කලින් දීපු වැරදි තීරණයක් නොසළකා තමයි ක්‍රිෂ්ණකුට්ටි මේ නඩුව දැම්මෙ. නීතීඥයින් ක්‍රිෂ්ණකුට්ටි වෙනුවෙන් කරුණු ඉදිරිපත් කෙරුවා. නමුත්, මහාධිකරණය මේ වෙලාවෙදි, මාතා ආශ්‍රමයේ ජයක්‍රිෂ්ණ මෙනන්ට පක්ෂපාත වුණා. එහිදී අධිකරණය කිව්වා, “නීතියේ ආධිපත්‍යය කියන එකේ තේරුම, කිසි කෙනෙක්ට නීතිය නවන්න බෑ කියන එක. නීතිය කාගෙවත් අතට ගන්න බෑ කියන එක. ඇත්ත වසං කරලා, අධිකරණයට වංචා කිරීම වැරැද්දක්. වංක වැඩක්“ බව අධිකරණය කිව්වා. එහිදී අධිකරණය, ලෝක නීති සාහිත්‍යයේ තිබෙන වටිනා ආප්තයක් උපුටා දැක්වුවා. ඒ තමයි, "fraus et jus nunquam cohabitant" කියන ආප්තය. මේකෙ සිංහල තේරුම තමයි, “වංචාවට සහ යුක්තියට එකට වාසය කළ නොහැක“ කියන එක. බ්‍රිතාන්‍යයේ හිටපු සුප්‍රසිද්ධ විනිසුරු වන“ “ඩෙනින්“ සාමිවරයා විසින් තීන්දු කළ, Lazarus Estates Ltd. v. Beasley කියන නඩුවත් මෙහිදී අධිකරණය උපුටා දැක්වුවා. මේ නඩුවෙදි ඩෙනින් සාමි කිව්වා, “කිසිම අධිකරණයක් විසින්, වංචා කරමින් වාසි හොයන කෙනෙක්ට අවස්ථාව නොදිය යුතුයි කියලා. මොකද වංචාව විසින් සියලු යහපත යටපත් කරනා බව“ කිව්වා. ඒ වගේම, මේ වෙලාවෙදි මාතා ආශ්‍රමයේ ජයක්‍රිෂ්ණ මෙනන් විසින්, අලියාව බලෙන් ලබාගැනීමට පැමිණීමේ සූදානමක් නැති බවත් නිරීක්ෂණය කෙරුවා. මොකද ඔවුන් අලියාව ඉල්ලුවෙ අධිකරණය හරහා. ඒ වගේම, “රාමන්“ යනු එලෙස සොරකම් කරගෙන යා හැකි සතෙක් නොවන බවත් අධිකරණය කිව්වා. මොකද, මේ තමයි කේරලයේ ලොකුම අලියා. මේ සියලු සාධක අනුව, ක්‍රිෂ්ණකුට්ටි විසින් කළ ඉල්ලීම්, අධිකරණය ඉවත දැම්මා. මේ අතරතුර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුව දිගටම තිබුණා. එතැනින් දීපු status quo නියෝගය (අලියා වත්මන් තත්ත්වයේම තැබීම) නඩු වාරයක් පාසා දික් වුණා. මාතා ආශ්‍රමයේ ජයක්‍රිෂ්ණ මෙනන්, ශ්‍රේෂ්ඨාධිකරණය ගිහින්, මේ status quo නියෝගය අයින් කරලා දෙන්න කියලා ඉල්ලුවා.මොකද, නාමිකව පොලිස් බාරයේ හිටියාට, අලියා භෞතිකව හිටියෙ ක්‍රිෂ්ණකුට්ටි ළඟ. මේ මුළු කාලය පුරාම ක්‍රිෂ්ණකුට්ටි විසින් අලියාගෙන් අසීමිතව වැඩ ගන්නා බවත්, විවිධ ආගමික පෙරහැරවල් සඳහා දුර ගෙනයන බවත්, ජයක්‍රිෂ්ණ මෙනන් කිව්වා. මේ හේතුවෙන් අලියාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බව කිව්වා. නාමිකව පොලිස් බාරයේ තිබීමෙන් අලියාට කිසිම යහපතක් නොවන බව කිව්වා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නා. අලියා ගැන විමර්ශනය කොට වහාම වාර්ථාවක් දෙන්නැයි, කේරල වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට නියෝග කෙරුවා. මේ වාර්ථාව සති දෙකක් ඇතුළත ලබා දෙන්න ඕන බවත් කිව්වා. ඊට අමතරව, ක්‍රිෂ්ණකුට්ටිටත් නියෝගයක් දුන්නා. අලියාව කිසිම අවස්ථාවක ආගමික පෙරහැරවල්වලට හෝ, වෙනත් වාණිජ වැඩ ගැනීම්වලට යොදාගන්න බෑ. වනජීවි දෙපාර්තමේන්තුව අලියා ගැන අධිකරණය වාර්ථා කෙරුවා. ඉන් කියැවුණේ, “රාමන්“ ගේ සැබෑ තත්ත්වය ගැන සෞඛ්‍ය වාර්ථාවක් නිසි ලෙස ගන්න බෑ කියලා. ඒකට හේතුව අලියා තමන්ගේ මද සමය ගත කිරීම. ඉතාම කිපුණු සතෙක් වීම. කලබලකාරී වීම. මද සමය අවසන් වූ වහාම, විධිමත් සෞඛ්‍ය පරීක්ෂණයක් කළ හැකි බව ඔවුන් දැනුම් දුන්නා. මේ වාර්ථාව දුන්නෙ 2025 අගෝස්තු 21 වැනිදා. මේ කාලයේදි, නඩුවට සම්බන්ධ හැම පාර්ශ්වයක්ම අලියා ගැන සෙවිල්ලෙන් හිටියා. 2026 දි, මාතා ආශ්‍රමයේ ජයක්‍රිෂ්ණ මෙනන් විසින්, අලියා ගැන දැනුම්දෙමින්, අධිකරණයට අලුත් පෙත්සමක් ඉදිරිපත් කෙරුවා. ඒ පෙත්සමෙන් ජයක්‍රිෂ්ණ මෙනන් කිව්වා, ක්‍රිෂ්ණකුට්ටි විසින් අධිකරණ නියෝගය කඩ කරමින්, අලියාගෙන් අධික ලෙස වැඩ ගන්නා බව. ආගමික පෙරහැර සඳහා අලියාව මුදලට ලබා දෙන බව. නාමිකව පොලිස් බාරයේ සිටින අලියෙකු ලෙස නොව, පූර්ණ වශයෙන් තමන්ට අයිති සතෙකු මෙන් අලියාව භාවිත කරන බව. ඊට අමතරව විවිධ දැන්වීම්, ප්‍රචාරණ වැඩ, වෙළඳ පෝස්ටර්, ඡායාරූප, වීඩියෝ වැඩසටහන් සඳහාද අලියාව අළෙවි කරන බව ජයක්‍රිෂ්ණ මෙනන් මේ පෙත්සමෙන් අධිකරණයට කිව්වා. කේරලේ ලොකුම අලියා වීම හේතුවෙන්, සමාජ මාධ්‍ය නාළිකා ද දිගින් දිගටම අලියා සම්බන්ධ වැඩසටහන්වලට මුදල් ගෙවමින් අලියාව ලබාගන්නා බව, ඔවුන් චෝදනා කෙරුවා. මද සමය අවසන් වූ විගස, අලියා ගැන විමර්ශනය කරනවා යැයි කියූ කිසිම රාජ්‍ය ආයතනයක්, අලියා ගැන සොයා බලා නැති බවත් ඔවුන් කිව්වා. ක්‍රිෂ්ණකුට්ටි මේ චෝදනා අධිකරණයේදී ප්‍රතික්ෂේප කෙරුවා. තමන් එකම එක පෙරහැරකට අලියාව ලබාදුන් බවත්, වෙන කිසිම පෙරහැරකට හෝ වාණිජ වැඩ ගැනීමක් අලියාගෙන් නොකළ බවත් ඔහු කිව්වා. මද සමය අවසන් වුණාට පසුව තමන් අලියාව පශු වෛද්‍යවරුන්ට පෙන්වූ බවත්, අලියාගේ යහපත් සෞඛ්‍යය පවත්වාගැනීමට අලියාව ඇවිදින්න එක්කන් යා යුතු වූ බවත් ඔහු කිව්වා.

ජයක්‍රිෂ්ණ මෙනන් මේ ප්‍රතික්ෂේප කිරීම පිළිගන්න කැමති වුණේ නෑ. එයා කේරල මහාධිකරණයට ඇපීල් කෙරුවා. මහාධිකරණය මේ ඇපීල් එක පිළිගත්තා. අලියා පිළිබඳව නැවත සළකා බලලා යෝග්‍ය තීරණයක් දෙන්නය කියලා මහාධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව,මහේස්ත්‍රාත් අධිකරණය විසින්, මේ ගැන නැවත සළකා බැලුවා. (හොඳින් මතක තියාගත යුතු දේ තමයි, මේ යන්නෙ ප්‍රධාන නඩුව නෙවෙයි. ඒකෙන් උද්ගත වූ වෙනත් ප්‍රශ්නයක්. මේ අලි නඩුවේ එවැනි නීති කටයුතු ගණනාවක් සිද්ධ වුණා) දෙවැනිවර සළකා බලා, මහේස්ත්‍රාත් අධිකරණය මේ ඉල්ලීමට ඉඩ දුන්නා. අලියාව නඩු කටයුතු අතරතුර, තාවකාලිකව ජයක්‍රිෂ්ණ මෙනන්ට ලබා දීමේ නියෝගයක් දුන්නා. ඒ ඉන්දීය රුපියල් ලක්ෂ 25ක ඇප බැඳුම්කරයක් සමඟ. 2023 දෙසැම්බර් මාසෙදි මේ බව නිල වශයෙන් දැනුම් දීලා, ජයක්‍රිෂ්ණ මෙනන්ට අලියා බාර වියයුතු බව කිව්වා. මේක ප්‍රධාන නඩුවේ තීන්දුව ලැබෙනකන් දීපු තාවකාලික තීන්දුවක්. මේ තීරණය දීපු ගමන්ම, ක්‍රිෂ්ණකුට්ටි, මේ සියලු නඩුවලින් වෙනස්ව වෙනම අලුත් නඩුවක් පැවරුවා. ඒක සිවිල් නඩුවක්. ඒ 2023 දෙසැම්බර් 26 වැනිදා. ඒ ‘ප්‍රොහිබිෂන් තහනම්“ නියෝගයක් ඉල්ලමින්. ඒ කියන්නෙ මොකක්ද? ප්‍රොහිබිෂන් නියෝගයක් කියන්නෙ, කවුරු හෝ පුද්ගලයෙක් විසින් කරන්නට නියමිත යම් දෙයක් නොකරන ලෙස තාවකාලිකව ලබා දෙන අධිකරණ නියෝගයක්. මෙතැනදී ක්‍රිෂ්ණකුට්ටි ඉල්ලුවේ, මාතා ආශ්‍රමයේ ජයක්‍රිෂ්ණ මෙනන් සහ සදානන්දන් විසින්, අලියාව නැවත ලබාගැනීම වැළැක්වීම. අලියාව බලහත්කාරයෙන් ලබාගැනීම වැළැක්වීම තමයි මේ නඩුවේ අරමුණ වුණේ. (මේක පිටුපස නීති ගොඩක් තියෙනවා. ඒවා සියල්ලම ලිපියට ගත්තොත් ලිපිය අතිශය සංකීර්ණ වෙනවා.) මේ නඩුකරයට කියන්නෙ, "ex parte" ad-interim injunction එකක් කියලා. ඒ මොකක්ද? ඒ වගේ නඩුවකදි, ඉතා ඉක්මනින් නියෝගය දෙනවා. අනෙක් පාර්ශ්වයෙන් කරුණු අහන්න තරම්වත් ප්‍රමාද වෙන්නෑ. එතකොට, මහේස්ත්‍රාත් අධිකරණයකින්, මේ අලියාව තාවකාලිකව ජයක්‍රිෂ්ණ මෙනන්ට දෙන්න කියලා නියෝගයක් දුන්නනෙ? ඒක කොහොමද වෙනත් නඩුවකින් වළක්වන්නෙ? ඒක මේ නඩුවේ ප්‍රධාන සිද්ධියක් වුණා. මොකද ක්‍රිෂ්ණකුට්ටි මේ අලුත් සිවිල් නඩුව දැම්මෙ, මහේස්ත්‍රාත් අධිකරණයකින් අර නියෝගය දීපු ගමන් ම යි. ඒත් ක්‍රිෂ්ණකුට්ටි කපටි වැඩක් කෙරුවා. මේ අලියා ගැන, මහේස්ත්‍රාත් අධිකරණයකින් තාවකාලික නියෝගයක් දුන්නාය කියලා එයා තමන්ගෙ පැමිණිල්ලෙ සඳහන් කෙරුවෙ නෑ. මොකුත් දන්නෑ වගේ තමයි මේ නඩුව දැම්මෙ. ක්‍රිෂ්ණකුට්ටි මේ නඩුව දාලා නිකන් හිටියෙ නෑ. කිසිම දෙයක් විසඳෙන්න කලින්ම, කෙලින්ම ගියා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ ගිහින්, කේරල මහාධිකරණය දීපු නියෝගය ඇපීල් කෙරුවා. (කේරල මහාධිකරණය තමයි මහේස්ත්‍රාත් අධිකරණයකට කිව්වෙ මාතා ආශ්‍රමයෙ ඉල්ලීම නැවත සළකා බලන්න කියලා) මේ ඇපීල් එක සළකා බලපු ශ්‍රේෂ්ඨාධිකරණයත් නියෝගයක් දුන්නා. ඒක "status quo" ආකාරයේ තීන්දුවක්. මොකක්ද මේ "status quo" ආකාරයේ තීන්දුවක් කියන්නෙ? ඒකෙ සරළ අර්ථය තමයි, දේවල් තියෙන ලෙසම තැබීම සඳහා දෙන නියෝගයක්. මේ වෙද්දි අලියා හිටියෙ නාමිකව පොලිසිය භාරයේ. ඒ තමයි තියෙන විදිහ. ඉතින් "status quo" එක ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, මීළඟ නඩු වාරය තෙක් ඒ විදිහටම අලියා පොලිස් බාරයේ සිටිය යුතුයි කියලා. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයට පවරපු මේ පෙත්සම, අලුත් නඩුවක් විදිහට දිගටම පවත්වාගෙන යන්න තීරණය වුණා. දැන් එතකොට අලියා සම්බන්ධ තෑගි ඔප්පු 3 යි. නඩු 4 යි. විවිධ පදනම් තමයි විවිධ නඩුවලට තිබුණෙ. මේ සියළුම නඩු, එකම වෙලාවේ අධිකරණවල විභාග වෙමින් තිබුණා. මේ අතර, මාතා ආශ්‍රමයේ ජයක්‍රිෂ්ණ මෙනන් විසින්, තවත් අලුත් ඉල්ලීමක් අධිකරණයෙන් කෙරුවා. ඒ ක්‍රිෂ්ණකුට්ටි විසින් ඉල්ලපු ad-interim injunction එක ඉවත දාන්නය කියලා. ඒ කියන්නෙ, අලියාව ගන්න එන්න දෙන්නෙපා කියලා ඉල්ලපු හදිසි නියෝගය. මේ ගැන අධිකරණය කටයුතු කෙරුවෙ නෑ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, "status quo" හෙවත්, දේවල් තිබෙන ආකාරයෙන්ම තිබෙන්න ඉඩ දෙන්නැයි නියෝගයක් දීලා තිබුණු හින්දා. ඒ අනුව, අලියා සිටිය යුත්තේ රජය බාරයේ. මෙන්න මේ තීරණයට, (ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නිසා, ඉල්ලීම ඉවත දාන්න බෑ කියපු තීරණයට) විරුද්ධව, ජයක්‍රිෂ්ණ මෙනන් කේරල මහාධිකරණයට ඇපීල් කෙරුවා. මේ ඉල්ලීම මහාධිකරණය විසින් දීර්ඝව සළකා බැලුවා. එහිදී, මුලින්ම ක්‍රිෂ්ණකුට්ටි විසින්, මහේස්ත්‍රාත් නියෝගය ගැන සඳහන් නොකර කරපු කපටි වැඩේ හෙළි වුණා. ඉන්දියාවේ ම තීරණය වුණු “Chengalvaraya Naidu v. Jagannath“ නඩුවට අනුව, යම් වාසියක් ගැනීමේ අරමුණින්, අධිකරණයට කරුණු වසං කිරීම “අධිකරණයට වංචා කිරීමක්“ බව තීරණය වෙලා තිබුණා. මේ තීරණය, මහාධිකරණය විසින් අදාල කරගත්තා. මේ වගේ අවස්ථාවකදී, අදාල කෙනාට වාසි සහගත තත්ත්වයක් තිබියදී පවා නඩුව ඉවත දාන්න අධිකරණයට පුළුවන්. තමන් එහෙම කරෙුවෙ ඇයි කියලා ක්‍රිෂ්ණකුට්ටි වෙනුවෙන් එයාගෙ නීතීඥයින් අධිකරණයට කරුණු පැහැදිලි කෙරුවා. එයාලා මොනවද කිව්වෙ?

කේරලයේ විශාලම අලියා සම්බන්ධ, ඉන්දියාවේ ඓතිහාසික ‘අලි නඩුව‘ පසුගියදා නිමා වුණා. ඒ අවුරුදු 10කට වැඩි කාලයක්, අධිකරණ කීපයක විභාග වූ නඩුවක්. මේ සිදුවීමට මුහුණ දුන්නේ කේරලයේ සිටිනා විශාලම හීලෑ අලියා වන “රාමන්“. එයාගෙන් අසීමිතව වැඩ ගැනීම, ළඟ තබාගැනීම සහ අයිතිය කියන දේවල් ගැන තමයි මේ විවිධ නඩුවලින් කතා කෙරුවෙ. කවුද මේ රාමන්? මොකක්ද එයාට වුණේ? ඇයි මිනිස්සු නඩු කිව්වෙ? තීන්දුව මොකක්ද? අපි මේ ලිපියෙන් ඒ ගැන සවිස්තරාත්මකව කියවමු. මේ Jayakrishna Menon vs Krishnankutty නඩුවේ සවිස්තරාත්මක සටහනක්. මුලින්ම කියන්න ඕන මේක බොහොම සංකීර්ණ නඩුවක්. නඩුව පටන් ගත්තෙ අලියාගෙන් අනීතිකව වැඩ ගැනීමකින්. ඊට පස්සෙ අලියාගෙ අයිතිය ගැන වෙනම නඩු ගියා. අයිතිකාර පාර්ශ්වයන්ගෙ ගිවිසුම් ගැන වෙනම නඩු ගියා. අන්තිමේදි ඒ තීන්දු කීප වරක්ම ඇපීල් කෙරුණා. පසුගියදා මේකෙ එක් ප්‍රධාන තීන්දුවක් ලැබුණා. නමුත් තව තීන්දු කීපයක් ලැබෙන්න නියමිතයි. අපි මේ ලිපියෙන් බලන්නෙ, අවුරුදු 10කට පසුව ලැබුණු විශේෂ අධිකරණ තීන්දුව ගැන. (මේ ලිපියෙ මැද හරියෙදි ඔයාලට, අලියා ගැන තියෙන නඩු ප්‍රමාණය පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ තරම් නඩු ! ලොකුවට හිතන්නැතිව කියවාගෙන යන්න. අන්තිමට කතාව පැහැදිලි වෙනවා) කතාව පටන් ගන්නෙ 2001 දි. ඉන්දියාවෙ, කේරළයේ හිටියා “සදානන්දන්“ කියලා මනුස්සයෙක්. එයාට හිටියා “මදූ“ කියලා අලි පැටියෙක්. සදානන්දන් දවසක් මේ අලි පැටියාව, ආගමික ස්ථානයකට තෑග්ගක් ලෙස පූජා කෙරුවා. ඒ ආගමික ස්ථානයේ නම තමයි “මාතා අම්රිතානන්දමායි මඩම්“ කියන්නෙ. අපි ලේසියට මේකට “මාතා ආශ්‍රමය“ කියලා සිංහලෙන් කියමු. මේ ආශ්‍රමය තරමක විශාල එකක්. කේරලයේ බැතිමතුන් දහස් ගානක් එක තැනක්. ඊට අමතරව සාම්ප්‍රදායික සටන් ගුරුකුලයක නවාතැනක්. මේකෙ හිටපු ප්‍රධාන සටන් ගුරුතුමා තමයි “ජයක්‍රිෂ්ණ මෙනන්“. එයාගෙ සටන් කලාවට කිව්වෙ “කලාරිපායට්ටු“ කියලා. ඊට අමතරව ජයක්‍රිෂ්ණ මෙනන් කියන්නෙ, ආශ්‍රමයේ ප්‍රධාන කුරුක්කල් කෙනෙක්. ආශ්‍රමයට පූජා කරන ලද “මදූ“ නමැති අලි පැටවාව, භාර වුණෙත් ජයක්‍රිෂ්ණ මෙනන් කුරුක්කල්වරයාට. 2001 වසර වෙනකන්ම “මදූ“ ව බලාකියාගත්තෙ ජයක්‍රිෂ්ණ මෙනන්. ඉන් පසුව 2017 වෙනකන් විවිධ සිදුවීම් වෙමින් කාලය ගෙවුණා. මේ අලි පැටියාත් ලොකු වුණා. එතෙක් සිදුවීම් සාමාන්‍ය යි. හැබැයි 2017 පෙබරවාරි මාසෙදි, මේ අලි පැටවා සම්බන්ධව නීති ප්‍රශ්නයක් මතු වුණා. පසුකාලයක මේ ගැන තිබුණු නඩුවේ තවත් ප්‍රධාන පාර්ශ්වයක් තමයි “ක්‍රිෂ්ණකුට්ටි“ කියන්නෙ. ක්‍රිෂ්ණකුට්ටිට අනුව, 2017 වෙද්දි මාතා ආශ්‍රමයට මේ අලියාව බලා කියාගන්න අමාරු වුණා. පාලනය කරන්නත් බැරි වුණා. අලියා සැර වුණා. වියදමත් වැඩි වුණා. ඊට පස්සෙ මාතා ආශ්‍රමය විසින්, තවත් තෑගි ඔප්පුවකින් මේ අලියාව නැවත, “සදානන්දන්“ට බාර දුන්නා. ඔන්න දැන් මේ අලියා සම්බන්ධ තෑගි ඔප්පු 2 යි. එකක් සදානන්දන් විසින් 2001 දි අලියාව මාතා ආශ්‍රමයට දීපු තෑගි ඔප්පු. අනෙක, 2017 මාතා ආශ්‍රමය විසින්, නැවත මේ අලියාව සදානන්දට දීපු තෑගි ඔප්පුව. සදානන්දන් ඊට දවස් 10කට පස්සෙ, මේ අලියාව තවත් තෑගි ඔප්පුවකින් “ක්‍රිෂ්ණකුට්ටි“ කියන කෙනාට දුන්නා. ඒ තමයි තුන්වැනි තෑගි ඔප්පුව. ක්‍රිෂ්ණකුට්ටි මේ අලියාගෙ නම වෙනස් කෙරුවා. අලුත් නම වුණේ “රාමන්“. ක්‍රිෂ්ණකුට්ටි විසින් මේ තෑගි ඔප්පුව තමයි, අලියා තමන්ගේ බවට තියාගත්තු සාක්ෂිය. ක්‍රිෂ්ණකුට්ටිට අනුව, එයා අලියාව තමන්ගේ නමින් රක්ෂණය කෙරුවා. අලියා වෙනුවෙන් අති විශාල මුදලකුත් වියදම් කෙරුවා. හැබැයි ජයක්‍රිෂ්ණ මෙනන්ගෙ පාර්ශ්වය (මාතා ආශ්‍රමය) විසින් නඩුවෙදි කිව්වෙ වෙනස් කතාවක්. ඔවුන් කිව්වා, මේ අලියාව ක්‍රිෂ්ණකුට්ටිට බාර දුන්නෙ, හොඳින් බලාකියාගන්න මිසක්, එයාට “අයිතිය“ පවරා නොදුන් බව. ඒ අනුව, අදාල තෑගි ඔප්පු, ක්‍රිෂ්ණකුට්ටි විසින් ව්‍යාජ ලෙස අර්ථ දක්වන බවත් ඔවුන් කිව්වා. මේ ප්‍රශ්නය දුරදිග ගියා. අලියා සොරකම් කිරීමේ අපරාධය ගැන, කේරලයේ “කරුණගපල්ලි“ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කෙරුවා. එහිදී, සාපරාධී ලෙස ගිවිසුමක් කඩ කිරීම, වංක ලෙස රැවටීම කියන අපරාධ චෝදනා දෙක යටතේ තමයි කටයුතු කෙරුවෙ. ඇයි මෙහෙම චෝදනා එල්ල කෙරුවෙ? මාතා ආශ්‍රමය කිව්වා, වෙනත් අරමුණකට ලියාපු ඔප්පුවක්, වැරදි ලෙස අර්ථකතනය කරමින් එයින් අනවශ්‍ය ආර්ථික වාසි ලබමින්, ක්‍රිෂ්ණකුට්ටි අයුතු ලෙස ධනවත් වෙමින් ඉන්නා බව. ඒ අනුව තමයි පොලිසිය කරුණු හොයලා බලලා, මේ ගැන පරීක්ෂණ පටන් ගත්තෙ. ඊට පස්සෙ පොලිසිය අලියාව තමන් බාරයට (නාමිකව) ගත්තා. අරගෙන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දැම්මා. ඒ ක්‍රිෂ්ණකුට්ටිට විරුද්ධව. මේ නඩුව යන අතරතුර මාතා ආශ්‍රමය පාර්ශ්වය (ජයක්‍රිෂ්ණ මෙනන්) විශේෂ අධිකරණ නියෝගයක් ඉල්ලුවා. ඒ, නඩු කටයුතු අවසන් වනතෙක් අලියාව තමන්ගේ භාරයට පත්කරන ලෙස කියමින්. ඉන්දීය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 451 වගන්තිය යටතේ තමයි මේ ඉල්ලීම කෙරුවෙ. ඒක තාවකාලික නියෝගයක්. නමුත් අධිකරණය හේතු දක්වමින් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවා.

photo content

ඔබ කවදාවත් හිතලා තියෙනවද බල්ලන් ඇයි එකිනෙකාගේ පිටුපස ඉඹින්නේ කියලා? 🤔🐕 මේක අපිට ටිකක් අමුතු වැඩක් වගේ පෙනුනට, බල්ලන්ට නම් මේක හරියට "ෆේස්බුක්" පාවිච්චි කරනවා වගේ වැඩක්! 😅 ඔවුන් මෙසේ කරන්නේ ඇයි? අද්විතීය හැඳුනුම්පත (Identity): මිනිසුන් අපේ නම සහ පුද්ගලික විස්තර සමාජ මාධ්‍ය හරහා හුවමාරු කරගන්නා සේ, බල්ලන් ඔවුන්ගේ "සුවඳ අත්සන" (Scent signature) හරහා තමන් කවුදැයි අනෙක් බල්ලාට හඳුන්වා දෙනවා. ජීව විද්‍යාත්මක තොරතුරු: අනිත් බල්ලා පිරිමි සතෙක්ද ගැහැනු සතෙක්ද යන්නත්, ඔවුන් ප්‍රජනනයට හෝ සංසර්ගයට සූදානම්ද යන්නත් ඔවුන්ට ක්ෂණිකව වැටහෙනවා. සමාජීය සහ මානසික තත්ත්වය: අනිත් බල්ලා දැනට ඉන්නේ මානසික ආතතියකින්ද (stressed) නැත්නම් ඉතා සැහැල්ලුවෙන්ද (relaxed) යන්න ඔවුන්ගේ සුවඳින් හඳුනාගත හැකියි. පැරණි හිතවත්කම්: මීට පෙර ඔවුන් දෙදෙනා හමුවී තිබේද යන්නත් ඔවුන්ට මතක තබා ගැනීමට මේ සුවඳ උපකාර වෙනවා. ආහාර පුරුදු: වඩාත් පුදුම සහගතම කරුණ නම්, අනිත් බල්ලා අද දවසේ ආහාරයට ගත්තේ මොනවාද යන්න පවා ඔවුන්ට ඉතා නිවැරදිව දැනගත හැකි වීමයි. බල්ලන්ගේ මේ "නාස් සංවේදනය" මිනිසුන්ගේ හැකියාවට වඩා දහස් ගුණයකින් ප්‍රබලයි. ඔවුන් අපිට නොපෙනෙන ලෝකයක් සුවඳ හරහා දකිනවා කිව්වොත් නිවැරදියි! ඔබේ සුරතල් බල්ලාගේ මේ වගේ අමුතු හැසිරීම් ඔබ දැකලා තියෙනවාද? ඔබේ අත්දැකීම් අපටත් කියන්න! 👇

photo content

බේ බද්දෙක් lawyer කෙනෙකුගෙන් අහනවා, 'මම දවස ගානේ රජයේ අනුමත bar එකකින් අර ක්කු🥃 බොනවා.. ඉතිං ඒවට ලොකු බද්දක් වැදිලා ඒකෙන් භා
බේ බද්දෙක් lawyer කෙනෙකුගෙන් අහනවා, 'මම දවස ගානේ රජයේ අනුමත bar එකකින් අර ක්කු🥃 බොනවා.. ඉතිං ඒවට ලොකු බද්දක් වැදිලා ඒකෙන් භාණ්ඩාගාරයට සල්ලි යනවා.. හැබැයි මේ බොන පුරුද්ද නිසා මගේ wife මට දවස ගානේ ගහනවා.. එහෙමනම් මට බැරිද 'රජයට පාඩු කිරීම' සහ 'රජයේ රාජකාරි වලට බාධා කිරීම' කියන චෝදනා දෙක යටතේ wifeට නඩු දාලා හිරේ යවන්ඩ?' මේ බේ බද්දාගේ මනසට මේ idea එක ආවේ කොහෙන්ද කියලා හිතලා lawyer faint උනාලු..! 🤭😅😂🤣🍻

යාබද ගෙවල් දෙකේ ඉන්න නිමල් සහ සුනිල් ගේ නෝනල දෙන්නා ... ඉම්පීරියල් හෝටලේ  තිබුන කාන්තා සංගමයේ වාර්ෂික සාදයට ගිහින්.... බියර් පානය කරන ගමන් අතට අහුවුන හැම විච්චූරන කෑමක්ම කෑවා..... රෑ එකට විතර හෝටලෙන් එලියට ආපු දෙන්නා කනත්ත පැත්තේ තියන කෙටි පාරෙන් පයින්ම ගෙදර එන්න පිටත් උනා.... කනත්ත ලඟට එනකොට ⁣නෝනල දෙන්නගෙම බඩ බුරුල්වෙලා... බර ඉවසගෙන තවත් දුර යන්න අමාරු බව තේරුනාම දෙන්නා කනත්තට ඇතුල් වෙලා තමාගේ කාරිය කරගත්තා... එක නෝන කෙනෙක් තමාගේ පෑන්ටියෙන් පස්ස පිහදාගෙන ඒක අකුලකට විසි කලා.... අනිත් නෝනා වටපිට බලලා අලුතින්ම භූමදානය කරපු මිනී වලක් උඩ තිබුන මල් පොකුරක් ⁣අරගෙන ඒකේ මල් වලින් පස්ස පිහදා ගත්තා.... පහුවදා හවස නිමල් සහ සුනිල් බෝතලයකට සෙට් වෙලා ටික වෙලාවකින් නිමල් මෙහෙම කීවා.. මචං මට නං අපේ ගෑනුන්ගෙ ඊයෙ ගමන  ගැන ලොකු සැකයක් තියනවා... අද එලිවෙන පාන්දර ගෙදර ආපුගමන් වෙරිමතේ ඇඳට වැටෙනවා ඇහුනා... මම ගිහිං බලනකොට.... ගවුම ඉස්සිලා... යට ඇඳුමක් තිබුනෙ නෑ... ගිය ගුබ්බෑයමක අමතක කරල එන්න ඇති.... එතකොට සුනිල් මෙහෙම කීවා... ඔව් මචං උඹ හරි... මම මගෙ ගෑනිගෙ කාමරේට ගිහිං බලනකොට ඒකි මුනිං අතට බුදි..... ගවුම එහාට මෙහාට වෙලා.... කලවේ මොනවහරි ලියපු කොලයක් ඇලිල තියනව දැකලා ගලවගෙන කියවල බැලුවා.. මෙන්න මෙහෙමයි ඒකෙ ලියල තිබුනේ... කිසි දවසක ඔබගෙන් ලැබුන සතුට සෙනෙහස අමතක නොකරන්නෙමු.... අප සියල්ලන්ගේම ආදරය මෙසේ සටහන් කරන්නෙමු...😂

photo content

හැබැයි ඒ මොනවා වුණත් මේ ජයග්‍රහණයට පැහැදිලි හේතුවක් වුණේ චීනයේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තිය. 👉 අද ලංකාවේ බොහෝ දෙනා හිතන දෙයක් තමයි චීනයේ තිබෙන්නේ සම්පූර්ණ නිදහස් ලිබරල් ධනවාදී ආර්ථිකයක් කියන එක. හැබැයි ඇත්තටම චීනයේ ක්‍රියාත්මක වන ක්‍රමය පූර්ණ ලිබරල් ආර්ථිකයක්වත්, පැරණි සෝවියට් දේශයේ තිබුණ විදිහේ පූර්ණ සමාජවාදී ආර්ථිකයක්වත් නෙමෙයි. 👉 ඒ දෙකම වෙනුවට ඔවුන් තොරාගෙන තිබෙන්නේ ඒ දෙකේම ලක්ෂණ මිශ්‍ර වූ සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ වෙළෙඳපොළ ආර්ථිකයක්. ඔවුන් ඒකට චීන ලක්ෂණ සහිත සමාජවාදය කියලා නමක් දී තිබෙනවා. 👉 මේ ක්‍රමය මොන වගේද කියන එක තරමක් සංකීර්ණ සහ වෙනම කතා කළ යුතු මාතෘකාවක්. හැබැයි ශ්‍රී ලංකාවේ අපි හිතන විදිහේ පූර්ණ ලිබරල් ආර්ථිකයක් චීනයේ තිබුණා නම් ඔවුන්ට කවදාවත් පොදු ජනතාවගේ සුබ සිද්ධිය පදනම් කරගත් මෙවැනි ඉලක්කවලට අධික වේගයෙන් ගමන් කරන්න ලැබෙන්නේ නෑ. ලිබරල් ආර්ථිකයෙන් සිදු වන්නේ දුප්පතුන් තව තව දුප්පත් වෙද්දී පෝසතුන් තව තව පෝසත් වීම පමණයි. 👉 ඉතින් ඒ ගැන විස්තර හොයන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ චීන ආර්ථික මොඩලය ලිබරල් ආර්ථිකයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන ලෝකයේ පිළිගත් විද්වතුන්, ආර්ථික විශ්ලේෂකයන් විසින් කරන කරුණු දැක්වීම් ඕනෑ තරම් අන්තර්ජාලයේ තිබෙනවා. අවශ්‍ය කෙනෙකුට ඒවා බලන්න පුලුවන්. 👉 ශ්‍රී ලංකාව වැනි අයිඑම්එෆ් ප්‍රතිපත්ති පමණක් වන්දනා කරමින් නන්නත්තාර වූ රටවලට මේවායෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහොමයක් ඇති බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ඉසුරු ප්‍රසංග