es
Feedback
STUDY HAPPILY🌺

STUDY HAPPILY🌺

Ir al canal en Telegram
2 353
Suscriptores
-124 horas
-77 días
-1830 días
Archivo de publicaciones
1. 2011 වසරේ සුප්‍රකට Z-Score අර්බුදය (Z-Score Crisis of 2011) විභාග ඉතිහාසයේ සිදුවූ විශාලතම සහ බරපතළම ප්‍රතිඵල අවුල වාර්තා වූයේ 2011 වසරේදීය. ගැටලුව: පැරණි විෂය නිර්දේශය (Old Syllabus) සහ නව විෂය නිර්දේශය (New Syllabus) යටතේ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙකෙහි Z-Score අගයන් ගණනය කිරීමේදී විභාග දෙපාර්තමේන්තුව සහ බලධාරීන් අතින් බරපතළ ගණිතමය දෝෂයක් සිදු විය. ප්‍රතිඵලය: මුලින් නිකුත් කළ ප්‍රතිඵල ලේඛන සහ දිස්ත්‍රික්/ලංකා ශ්‍රේණිගත කිරීම් (Ranks) මුළුමනින්ම වැරදි සහගත විය. ශිෂ්‍යයන් සහ දෙමාපියන් අධිකරණය හමුවට පවා ගිය අතර, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත මුල් ප්‍රතිඵල අවලංගු කර, නැවත අලුතින්ම Z-Score අගයන් ගණනය කර දෙවන වරටත් ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට සිදු විය. එමඟින් විශ්වවිද්‍යාල ප්‍රවේශය මාස ගණනාවකින් ප්‍රමාද විය

මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දෙන දරුවෙකුගේ පියෙකු ලෙස උක්ත ගැටළු වලට පිළිතුරු බලාපොරොත්තු වෙමි. Harini Amarasuriya Harini Amarasuriya Fans Department of Examinations - Sri Lanka Ministry of Education, Sri Lanka University Grants Commission වරලත් ඉංජිනේරු _චින්තක බාලසූරිය._

2025 A/L ප්‍රථිපල නැවත සමීක්ෂණ මඟින් හෙළිදරව් වන අසාධාරණය ============================================ 2025 නොවැම්බර් මස පැවති උසස්පෙළ විභාගෙයේ ප්‍රථිපල නැවත සමීක්ෂණ ප්‍රථිපල ජූලි 4 සෙනසුරාදා වන විට නිකුත් වී තිබින. මේ සමඟ ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය හැදෑරූ මහනුවර දරුවෙකුගේ ප්‍රතිඵලයයි. ඔහුට A 2ක් හා C 1ක් හිමිවී තිබූ අතර District Rank 9 හා Island Rank 185 මුල් ප්‍රථිපල වලින් හිමි වී තිබින. C ලැබී තිබුණේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයටයි. නැවත සමීක්ෂණ ප්‍රථිපල අනුව ඔහුට A3ක් හිමි වී District Rank 1 සහ Island Rank 11 හිමි වී ඇත. මේ අනුව ඔහුගේ Rank වෙනස් වී ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය සඳහා ලකුණු ලැබීමෙන් බව තහවුරු වේ. C ශ්‍රේණියක් A වීම සඳහා අවම වෂයෙන් ලකුණු 20% පමණ අවශ්‍යය වේ. Island Rank 185 සිට 11 දක්වා ඉහලට ගමන් කිරීමට අවම වශයෙන් 30% වත් විෂයය සඳහා එක්විය යුතුය. ET විෂයයේ කොටස් අනුව ලකුණු බෙදී යෑම පහත පරිදි වේ. MCQ - 35% රචනා - 35% ප්‍රායෝගික පරීක්ෂණ 30% මෙයින් පැහැදිලි වන්නේ ඔහුගේ ප්‍රතිඵලය මෙලෙස වෙනස් වීමට නම් මුල් ප්‍රථිපල සකස් කිරීමේදී සම්පූර්ණ කොටසක් සඳහාම ලකුණු නොදී සිට ඇති බවයි. මෙහි ඇති සැක සහිත කරුණ වන්නේ මෙම සිසුවා ප්‍රථිපල නැවත සමීක්ෂණයක් සඳහා අයදුම් කල සිසුවෙකු නොවීමයි. මෙලෙස ප්‍රථිපල වෙනස් වීම ඔහුගේ පමණක් නොව, මෙම විෂය සඳහා පෙනී සිටි විශාල පිරිසකට සිදු වී ඇත. මේ අනුව පෙනී යන්නෙ ප්‍රථිපල වෙනස්වීම විභාග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරීක්ෂණයක ප්‍රථිපල මත සිදුවී ඇති බවයි. එහිදී සිසුන් විශාල සංඛ්‍යාවකගේ Ranks ඉහල ගොස් ඇති අතර ඒ හා සමගාමීව විශාල සිසුන් පිරිසකගේ Ranks පහළ ගොස් ඇත. මෙය මින් පෙර සිදුවී නොමැති බරපතළ ගැටළු රැසක් මතුකරන බොහෝ සිසුනට බලවත් අසාධාරණයකට ලක්වී ඇති සිදුවීමකි. 1. Ranks ඉහල ගිය සිසුනට 1: මුල් ප්‍රථිපල වලදී තමුන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබීම නිසා ඇති වූ බලාපොරොත්තු කඩවීම, මානසික හා සමාජ පීඩනය. අහිමි වූ පිළිගැනීම (උදාහරණයක් ලෙස මෙම සිසුවා මුල් අවස්ථාවේ දිස්ත්‍රික් පළවෙනියා වූයේ නම් ඔහුගේ පාසල වන මහනුවර ධර්මරාජ විදුහල මඟින් සිසුවා හරසරින් පිළිගනු ඇත. තවද මෙම ජයග්‍රහණය පාසැලටද කීර්තියකි. මෙම විෂය ධාරාවේ ධර්මරාජයේ පළමු දිස්ත්‍රික් ප්‍රථමයා වන්නේ මෙම සිසුවායි) 2. Ranks ඉහල ගිය සිසුන් 2: මුල් ප්‍රතිඵල විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් නොවූ බැවින් විශ්ව විද්‍යාල සඳහා අයදුම් නොකළ සිසුනගේ නව ප්‍රථිපල අනුව ඔවුන් විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබා ඇත. නමුත් අයදුම් කිරීම නිම වී ඇත. 3. Ranks ඉහල ගිය සිසුන් 3: මුල් ප්‍රතිඵල විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් නොවූ බැවින් දෙවනි වර පෙනී සිටීම සඳහා නැවත උපකාරක පංති සඳහා සහභාගී වූ සිසුන් වැයකල මුදල් හා කාලය. 4. Ranks ඉහල ගිය සිසුන් 4: මුල් ප්‍රතිඵල තමන් කැමති විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරීමට ප්‍රමාණවත් නොවූ බැවින් වෙනත් විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරීමට සිදුවීම හා අයදුම්පත් භාර ගැනීම අවසන් වී තිබීම. 5. Ranks පහළ ගිය සිසුන් 1: දැරීමට සිදුවන මානසික හා සමාජ පීඩනය. මහනුවර මුල් දිස්ත්‍රික් පළමු සිසුවා ගැන සිතන්න. ඔහුගේ පාසැල, ඔහුගේ නෑ හිතවතුන් ඔහු දිස්ත්‍රික් ප්‍රථමයා ලෙස කල පිළිගැනීම එකවර අහිමි වී යාමෙන් ඔහු කොපමණ මානසික පීඩනයකට ලක් වනවා ඇද්ද? 6. Ranks පහළ ගිය සිසුන් 2: රෑන්ක් පහලයාම නිසා විශ්ව විද්‍යාල වරම් අහිමි වීම. 2026 උසස්පෙළ සඳහා අයදුම්පත් කැඳවා බොහෝ කලක් ගතවී ඇති බැවින්, අවම වශයෙන් ඔවුනට දෙවනවර විභායට අයදුම් කිරීමේ අවස්ථාව මේ වන විට ගිලිහී ගොස් ඇත. මෙමගින් සිසුන් කොපමණ මානසික පීඩනයකට ලක්වනු ඇද්ද? මෙවැනි සිසුන් සංඛ්‍යාවක, මෙපමණ ප්‍රමාණ වලින් ලකුණු එකතු වීමේදී සමස්ත විෂය ධාරවේ Z අගයද වෙනස් විය යුතුය. පාසැල් ශ්‍රේණිගත කිරීම්ද වෙනස් විය යුතුය. එලෙස වෙනස් කොට සිසුන් හා පාසැල් දැනුවත් කොට ඇද්ද ?? මේසා බරපතළ වරදක්, මේසා විශාල සිසුන් පිරිසකට සිදුවූයේ කාගේ වරදකින්ද ? සිසුන් ප්‍රමාණය විශාල බැවින් මෙය එක් උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකුගෙන් පමණක් සිදුවී ඇතැයි සිතිය නොහැක. උත්‍තර පත්‍ර පරීක්ෂකවරුන් අතින් සිදු වුවද එය නැවත අතිරේක ප්‍රධාන හා ප්‍රධාන පරීක්ෂක මඟින් අහඹු ලෙස නැවත පරීක්ෂාවකට ලක්වන බැවින් මෙය අත්වැරැදීමකින් සිදුවූ වරදක් නොව ලකුණු ලබාදීමේ ක්‍රියාවළියේ වරදක් නිසා සිදුවී ඇති බවට සැක කල හැක. දරුවෙකුගේ සම්පූර්ණ අනාගතයම තීරණය කෙරෙන එවැනි තීරණයක් කිහිප දෙනෙකුට පමණක් කල හැකිද? මෙම බරපතළ වරද කුමක් නිසා සිදුවී ඇද්ද? කවුරුන් විසින් සිදුවී ඇද්ද ? යන්න විභාග දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශනය කොට සොයා බලා ඇති බවට අප විශ්වාස කරමු. සිසුනට සිදුවී ඇති බලවත් අසාධාරණයට විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා පියවර මොනවාද ?එසේ සොයා බැලීමටත්, නිවැරදි කිරීමේ ක්‍රියාමාර් ග ගැනීමටත් වැයවන මහජන ධනය වැරැද්ද සිදුකළ අයගෙන් අයකරගන්නේද?

photo content
+1

Free වැඩසටහනක් බව සලකන්න

වැඩි විස්‍තර සදහා @Obscura_Vault_Admin

දැනට ලියා ඇත්තෙ 2020 a/l paper විතරයි...ඉතිරි new syllabus paper ලියන්න ඔයාලට පුලුවන්

Repost from Science Pilot
අපිත් එක්ක Past papers ලියන්න එන හැමොටම මෙ විදිහට rank & z core එකක් බලාගන්න පුලුවන් 🔥 PPQ + QBT TRAINING | SCIPILOT PPQ TRAINING | SCIPILOT ජුනි 21 සිට ආරම්භ වේ 😎 #PPP@sciencepilot #QBT@sciencepilot

26 උසස් පෙළ විභාගය නිසා අමාත්‍යාංශය තුළ මේ වන විට අභ්‍යන්තර තත්වය සහ උසස් පෙළ සිසු පීඩනය හමුවේ රත් වුණු ඉහළම පුටු👍 #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026 #DelayAL2026 #JusticeForAL2026 #EducationMinistrySL"

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව Join - https://t.me/postponedal

Repost from Science Pilot
ප්‍රසාද් සර් බ්‍රහස්පතින්දා මම හිතන්නේ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න ඉන්නවා ඒකට, Group එකේ Members ලා 50 K විතර හිටියොත් වැඩේ කරගන්න ලේසි වෙයි කියලා ඒ Channel එකේ Owner ලා කියනවා ඒ වගේම, එයාලා මේ සම්බන්ධයෙන් නඩු කියන්න සූදානම් වෙනවා https://t.me/postponedAL විභාගය කල් දාගන්න තියෙන හේතු වලට, ඔයාලා එකයි නම් , මේ Channel එකට Join වෙලා එයාලා දෙන Target වලට උදව් කරන්න

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව Join - https://t.me/postponedal

🔴ඔයාලට පහසු වෙන විදියට අවශ්‍ය දේවල් සේරම අපි එක තැනකට අරගෙන තියෙනවා... Theory මුල සිට නැවත මතක් කිරීම්.. (01) යාන්ත්‍ර විද්‍
🔴ඔයාලට පහසු වෙන විදියට අවශ්‍ය දේවල් සේරම අපි එක තැනකට අරගෙන තියෙනවා... Theory මුල සිට නැවත මතක් කිරීම්.. (01) යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන් (Playlist) (02) දෝලන හා තරංග සම්පූර්ණයෙන් (03) ආලෝකය සම්පූර්ණයෙන් Day 01 | Day 02 (04) ක්ෂේත්‍ර 3ම එක දවසින් Part 01 | Part 02 (05) ධාරා විද්‍යුතය සම්පූර්ණයෙන් (06) පදාර්ථය හා විකිරණය සම්පූර්ණයෙන් MCQ සඳහා විශේෂ පුහුණුව | Night Seminars (01) යාන්ත්‍ර විද්‍යාව MCQ Night Seminar (02) දෝලන MCQ Night Part 01 | Part 02 (03) තාපය MCQ Night Part 01 | Part 02 (04) ක්ෂේත්‍ර 3ම MCQ Night Seminar (05) ධාරා විද්‍යුතය MCQ Night Seminar Essay සඳහා විශේෂ පුහුණුව + Final Battle (01) 05 වන රචනා පුහුණුව - යාන්ත්‍ර විද්‍යාව (02) 06 වන රචනා පුහුණුව - දෝලන/ආලෝකය (03) 07 වන රචනා පුහුණුව - යාන්ත්‍රික ගුණ (04) 08 වන රචනා පුහුණුව - ක්ෂේත්‍ර (05) 09(A) රචනා පුහුණුව - ධාරා විද්‍යුතය (06) 09(B) රචනා පුහුණුව - Electronics (07) 10(A) රචනා පුහුණුව - තාපය (08) 10(B) රචනා පුහුණුව - විකිරණය කාලය කළමනාකරණය කරගෙන තමන්ට අවශ්‍යම දේවල් cover කරගෙන වැඩේ ගොඩදාමු ළමයි 🔥 🐴 Technical Team | මිස්සක ආටිගල✔️

🧪 ORGANIC පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ව්‍යුහගත රචනා ප්‍රශ්න 👇 🧑‍🎓2012 🖤 https://youtu.be/DbUGklJdk6c 🧑‍🎓2011 🖤 http
🧪 ORGANIC පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ව්‍යුහගත රචනා ප්‍රශ්න 👇 🧑‍🎓2012 🖤 https://youtu.be/DbUGklJdk6c 🧑‍🎓2011 🖤 https://youtu.be/JISt0rgqUfI 🧑‍🎓2013 / 2014 / 2015 🖤https://youtu.be/9wVoxYP6TjI 🧑‍🎓2016 / 2017 / 2018 🖤 https://youtu.be/r8GsEmQO8Q8 🧑‍🎓2019 / 2020 / 2021 / 2022 🖤 https://youtu.be/qIJZKnd2T6c බහුවරණ ප්‍රශ්න 👇 🧑‍🎓2011 🖤 https://youtu.be/Z7qcp3g4naA 🧑‍🎓2012 🖤 https://youtu.be/fjODObt65NU 🧑‍🎓2013 🖤 https://youtu.be/jIVLuosrj44 🧑‍🎓2014 🖤 https://youtu.be/jIVLuosrj44 🧑‍🎓2015 🖤 https://youtu.be/-0CKfOThvq0 🧑‍🎓2016 🖤 https://youtu.be/78RJ-cH5sXs 🧑‍🎓2017 🖤 https://youtu.be/V-JYl9hHP1g 🧑‍🎓2018 🖤 https://youtu.be/4ct5CeXPiOM 🧑‍🎓2019 🖤 https://youtu.be/clsCezzcI7c 🧑‍🎓2020 🖤 https://youtu.be/ndAW9nqMybA ✈️ @ChemistryOnlineGuru

🚨🚨අවුරුදු නිසා කාටහරි track එකෙන් පිට යනවා කියලා හිතෙනවා නම් අලුත් විසදුමක්,,👌👌👌✅ 🟡 අපේ pomodoro චැනල් එකෙන් අලුත් වැඩක
🚨🚨අවුරුදු නිසා කාටහරි track එකෙන් පිට යනවා කියලා හිතෙනවා නම් අලුත් විසදුමක්,,👌👌👌✅ 🟡 අපේ pomodoro චැනල් එකෙන් අලුත් වැඩක් පටන් ගන්නවා 🌱 🟣  ඔයාලා පාඩම් කරන විදිහ අනුව ඔයාලට score එකක් ලැබෙන එක. 📊 මේකේදී ඔයාලා පාඩම් කරන්නේ පැය බාගයක් එකදිගට. 🕒 ඊලඟට විනාඩි 5 ක් break එකක් ගන්නවා. ☕ මෙතනදි ඔයාලා කරන්න ඕනි pomodoro මැසේජ් එකක් වැටෙන කොට ඔයාලා පාඩම් කරන විෂය topic එක comment කරන එක 💬 ඊලඟට විනාඩි 5 break time එක.✅ විනාඩි 5 කින් ඊලඟ පාඩම් කරන පැය බාගයට ඔයාලා සම්බන්ද වෙන්න ඕනි 🔄 මේකෙදි ඔයාලා වැඩ කරන හැම pomodoro එකකටම 5 Marks ලැබෙනවා 🎯 උදා :ඒ වගේම ඔයාලා එක pomodoro එකක් පාඩම් කරලා ඊලඟ pomodoro එකේදි පාඩම් නොකලොත් ඔයාලට ලකුණු 2 ක් අඩු වෙනවා😏 දවස අවසානයේ වැඩිම ලකුණු ලාභියා කවුද කියලා තෝරනවා score list එකක් අනුව 📜 මේ වැඩේ ඉක්මනින්ම ඒ කියන්නේ අද දවසේම අපි පටන් ගන්නවා 🚀

ලැබුවාවූ 2026 නව වසර කිරි ඉතිරෙනවා සේ සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි ප්‍රාර්ථනා කරන සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා!🌼

Repost from AL Guider💡🎯
සමහර කතාවල අවසානය අපට guess කරන්න බෑ.. සමහර සාර්ථක ජීවිත අනපේක්ෂිතයි! ඒ මිනිස්සු උත්සහය අත් නොහරින තාක්කල්, එයාලට chance එක තියෙනවා..😌❤️‍🩹 සමහර ජයග්‍රහණ ඇත්තටම මුල ඉඳන් දැනගෙන ලබාගත්ත ඒවා නෙවෙයි💪 ඒ නිසා ඔයාගෙ උත්සාහය අවතක්සේරු කරන්නවත් අතාරින්නවත් එපා🎖❤️‍🩹🎯 𝗛𝗮𝗿𝗱 𝗪𝗼𝗿𝗸 𝗣𝗮𝘆𝘀 𝗢𝗳𝗳♥️
"⚠️🚨𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟එකේ මුල් නිර්මාණයකි. කරුණාකර මුල් අයිතිය සුරකින්න!🚫 ⚠️🚨𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗖𝗥𝗘𝗔𝗧𝗜𝗢𝗡 𝗢𝗙 𝗗𝗢𝗡'𝗧 𝗦𝗧𝗢𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟. 𝗣𝗟𝗘𝗔𝗦𝗘 𝗦𝗔𝗩𝗘 𝗧𝗛𝗘 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗥𝗜𝗚𝗛𝗧𝗦
!🚫"