ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
විශ්වවිද්‍යාල ප්‍රවේශය - 2025/2026 අධ්‍යයන වර්ෂය
ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා සහිත අයදුම්කරුවන් සඳහා විශ්වවිද්‍යාල විශේෂ ප්‍රවේශය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය, කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ක්‍රීඩා විද්‍යාව සහ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ශාරීරික අධ්‍යාපනය යන උපාධි පාඨමාලාවන් හැදෑරීම පිණිස ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා පෙන්වා ඇති අපේක්ෂකයින්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවනු ලැබේ.
ඉහත විශේෂ ප්‍රවේශය සඳහා අයදුම්කරුවන් සපුරාලිය යුතු අවශ්‍යතා:
* ඔලිම්පික් තරගයකදී පදක්කම් ලබා තිබීම හෝ සහභාගිත්වය.
* පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී, ආසියානු ක්‍රීඩා උළෙලකදී හෝ සාෆ් ක්‍රීඩා උළෙලකදී අවම වශයෙන් රන්, රිදී හෝ ලෝකඩ පදක්කමක් ලබා තිබීම.
* පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා, සාෆ් ක්‍රීඩා හෝ පිළිගත් ලෝක කුසලතා තරගයකදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට්, පාපන්දු, නෙට්බෝල්, වොලිබෝල්, බේස් බෝල් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන වෙනත් එවැනි ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකු වීම.
මෙම විශේෂ ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන අයදුම්කරුවන්, අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන පදනම් අධ්‍යයන පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතුය.
ඉහත සියලු කරුණු සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් 2026 සැප්තැම්බර් මස 08 වැනි දින දක්වා අයදුම්පත් භාර ගනු ලැබේ.
පහත දක්වා ඇති ආකෘතිය අනුව සකස් වූ අයදුම්පත්‍රයක් නියමිත පරිදි සම්පූර්ණ කර අදාළ සහතිකපත්වල සහතික කරන ලද ඡායා පිටපත් සමග 2026 සැප්තැම්බර් මස 08 වැනි දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් නියෝජ්‍ය ලේකම්/ විශ්වවිද්‍යාල ප්‍රවේශ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අංක 20, වෝඩ් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට එවිය යුතුය.
2026 සැප්තැම්බර් මස 08 අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වේ.
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනයෙන් පසුව ලැබෙන අයදුම්පත් සහ නිසි ලෙස සම්පූර්ණ නොකරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
සභාපති,
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,
අංක 20, වෝඩ් පෙදෙස, කොළඹ 07.
2026 අගෝස්තු 09
Form
English:
https://drive.google.com/file/d/1Z1F0o6t2k71QZURTxHQl9EyZVICOYrO1/view?usp=sharing
Sinhala :
https://drive.google.com/file/d/1wkEMQ_kJJMAIJrZO5o_5p7wSax4SAeeF/view?usp=sharing
Tamil:
https://drive.google.com/file/d/1hW0h8aY91btpzNzGNRbJU3OdecH2WUu0/view?usp=sharing
University Grants Commission
University Admission - Academic Year 2025/2026
Special University Admission for Applicants with Exceptional Achievements in Sports
Applications are invited by the University Grants Commission from candidates who have demonstrated outstanding performance in the field of sports to follow degree programs in Sports Science & Management (offered by Sabaragamuwa University of Sri Lanka and University of Sri Jayewardenepura), Sports Science (offered by University of Kelaniya), and Physical Education (offered by Sabaragamuwa University of Sri Lanka and University of Jaffna).
Qualifications required to be fulfilled by applicants for the above special admission:
* Winning medals or participation in an Olympic game.
* Winning at least a Gold, Silver, or Bronze medal at Commonwealth Games, Asian Games, or SAF Games.
* Being a member of the Sri Lanka National Team representing Cricket, Football, Netball, Volleyball, Basketball, or any other sport decided by the University Grants Commission in Commonwealth Games, Asian Games, SAF Games, or a recognized World Championship event.
Applicants who gain university admission under this special scheme must complete a foundation course conducted by The Open University of Sri Lanka prior to commencing their academic studies.
Applications from candidates fulfilling all the above requirements will be accepted up to September 08, 2026.
A duly completed application prepared in accordance with the specified format, along with certified photocopies of relevant certificates, should be sent by registered post on or before September 08, 2026, to: Deputy Secretary / University Admissions, University Grants Commission, No. 20, Ward Place, Colombo 07.