𝗦𝗰𝗶 කුප්පිය 🧪
Open in Telegram
A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource
Show more2 008
Subscribers
+224 hours
-17 days
+19330 days
Posts Archive
2 008
https://docs.google.com/forms/d/e/1FAIpQLSf0ytnSYn-2_GPXMaHKMvpjwm9Ak9OiBGLEakJKK8Cw2IZVPg/viewform?usp=publish-editor
ප්‍රසිද්ධියෙ කියන්න අමාරු ලමයි මේ Google form එක fill කරන්න..හැමෝගෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙනව 😇
2 008
අද FIFA Final එකලු නේද ලමයි 🙂↔️ බලනවද ඉතින්?
පාඩම් කරපියව් මැරුන් නොකා විභාගෙ අත උඩ තියන් Final බලන්න මෙතන..දෙන්නෙ ෆුට් බෝලයක් කල්ලා විසික් වෙලා යන්න 😒
2 008
2026 ලමයි තව පුංචි කාලයයි..මේ අල්ලන් ඉදියා වගේ ඉතුරු ටික කාලෙත් අල්ලන් ඉමු හොදේ..වැටෙන්න නම් ඔට්ටු නැ ඔන්න ❤️
2 008
ප්‍රශ්න වලට විසඳුම සියදිවි නසා ගැනීම නෙවෙයි..
ඔයාලට කියන්න කෙනෙක් නැත්නම් ඔයාගේ හතුරෙක්ට හරි කියන්න..නැත්නම් මට කියන්න ඕන වෙලාවක ඔයාලා වෙනුවෙන් මං ඉන්නවා ඔයාලා ජීවිතේ කිසිම වෙලාවක අතාරින්න එපා..
මං මේක කියන්න හේතුව ඊයෙ Fb ලයිව් ඇවිල්ල පිරිමි ළමයෙක් සියදිවි නසා ගත්තා..ඒකට හේතුව වෙන්නේ නැත්තේ සමහරවිට එයාගේ ප්‍රශ්න කියන්න කෙනෙක් එයාව අහන් ඉන්න කෙනෙක් නැතුව ඇති..එයා තනිවෙලා ඉන්න ඇති..❤️🩹
ඔයාලා තනිවෙලා නෑ ඔයාගේ පිටිපස්සෙන් ඔයාගේ අම්මා තාත්තා ඉන්නවා..ඕනම දේකට මාත් ඔයාලත් එක්ක ඉන්නවා..
ඔයාලටත් අනිවාර්යෙන්ම ප්‍රශ්න ඇති ඔයාලට කියන්න කෙනෙක් නැත්නම් මට කියන්න මං ඔයාව අහන් ඉන්නවා..✨
@Itz_Me_Sayuu
𝗦𝗰𝗶 කුප්පිය 🧪
2 008
එක්සෑම් කල් යනකන් බලාගෙන ඉන්න මෝඩකම අදම නවත්තන්න..
ඔයා හිතන් ඉන්නේ ඔයා එක්සෑම් කල් යනකන් ඉන්නකොට, ඔයා හරිම බුද්ධිමත් කියලා නේද?
නැහැ, ඔයා කරන්නේ ඔයාගෙම අනාගතේ විනාශ කරගන්න එක. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්.
1. "කල් යයි" කියන එක ඔයාගෙ විතරක් හීනයක්
එක්සෑම් තියන අය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඔයාගෙ පහසුව බලන් ඉන්නේ නැහැ. ඔයා ඉගෙන ගෙන තියෙනවද, නැද්ද කියන එක එයාලට අදාළ නැහැ. එයාලගේ පේපර් එක, ටයිම් ටේබල් එක දැනටමත් ලෑස්තියි.
ඔයා ඔය හිතන "කල් යාම" කියන දේ කවදාවත් සිද්ධ නොවුණොත්, එදාට ඔයාගෙ අතේ තියෙන්නේ මොනවද? හිස් ගෙඩියක් විතරයි.
2. කාලය කියන්නේ ආපහු නොඑන දෙයක්
දැන් ඔයා නාස්ති කරන හැම විනාඩියක්ම ඔයාගෙ අනාගතයේ දොරවල් වැහෙන විනාඩියක්. ඔයා හිතනවා ඇති තව ටික දවසක් ලැබුණොත් ගොඩ දාන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගනින්, ඒ වැඩිපුර ලැබෙන කාලෙත් ඔයා අද කරන දේම තමයි කරන්නේ ..නිකන් ඉන්න එක.
3. ඔයාව රවට්ටා ගන්න එක නවත්තන්න..
ඔයාට ඕන වෙලා තියෙන්නේ පාඩම් කරන්න නෙමෙයි, ඔයාගෙ හිතට සහනයක් ලැබෙන බොරුවක් අල්ලගෙන ඉන්න. "කල් යනවා" කියලා හිත හදාගත්තම ඔයාට පාඩම් නොකර ඉන්න නිදහස ලැබෙනවා. ඒක තමයි ඔයාගෙ ලොකුම සතුරා.
ඔයා බොරු කියන්නේ ලෝකෙට නෙමෙයි, ඔයාගෙ අනාගතයට.
දැන් කරන්න ඕනේ මොකක්ද?
අදම පටන් ගන්න...අද කියන්නේ ඔයාට තියෙන ලොකුම ආයෝජනය.
හෙට කියන දේ කවදාවත් එන්නේ නැහැ.
ඔයාගෙ පාලනය.. එක්සෑම් කවදා තිබ්බත්, ඔයා පාඩම් කරලා ඉවර නම් ඔයාට තියෙන්නේ ජයග්‍රහණයක් විතරයි. එක්සෑම් කල් ගියොත් ඒක ඔයාට අමතර වාසියක් වෙනවා, පාඩම් කරලා ඉවර නිසා. ඒකයි බුද්ධිමත් වැඩේ
වෙන අය ගැන හිතන්න එපා.. අනිත් ළමයි මොනවා කිව්වත්, මොනවා හිතුවත් ඔයාට වැඩක් නැහැ. ඔයාගෙ ප්‍රතිඵලය ඔයාට විතරයි අයිති...
අද රෑ නින්දට යනකොට ඔයාට හිතෙන්න ඕනේ, "අද මම මගේ උපරිමය කළා" කියලා. එහෙම නැතුව "ආයේ දවසක් නාස්ති වුණා, බලමුකෝ හෙටවත්" කියලා නෙමෙයි.
තීරණය ඔයාගෙ අතේ. එක්කෝ ඔයා අදම මැරිලා වැඩ කරනවා, නැත්තම් එක්සෑම් දවසට මැරි මැරි බය වෙනවා.
අදම වැඩ පටන් ගනිව්..!
වචන ටිකක් තද ඇතී.ඒත් තරහකට කියපු වචන නෙවෙ මේ..ඔයාලට මන් හරි ආදරෙයි..ආදරේට කිව්වේ මන්..ඔයාල වලට වැටෙනව මට බලන් ඉන්න බෑ..දුකයි..පුලුවන් නම් ඔලුවල තියෙන ඔය මනස්ගාත අත ඇරල දාලා වැඩ කරන්න..ඔයාලට පුලුවන්..✨
මම,
Admin Pinsara
2 008
Exam කල් යයිද ලමයි 🤧❤️🩹
කල් ගියත් නොගියත් මොකද ඕක ගැන නොහිත වැඩ කරපියව් ගුටි නොකා..😒 තියෙන කාලෙයි මේ අඩු වෙන්නෙ මිරිගුවක් පස්සෙ පන්නල..කල් යනව නම් යයි වැඩ කරන්න ඔයාල
2 008
අපිට නම් අද අමිල සර් ටැලන්ට් ශෝ එකට කැමති Artists ලා Submit කරන්න දුන්නා ලමයි..
හූ හූ සදුදා අයට මෙව්වා නැනෙ..ඔයාලට වෙනස්කම් 🌝💗
#අපිවෙනස්
#2026AL
