en
Feedback
| SCIMORIX 🍀|

| SCIMORIX 🍀|

Open in Telegram
647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
අද අමාරු ඇති, හැබැයි දවසක උඹ දිනනවා! 👊🔥 “මේ අවුරුද්දෙ කරපු මෝඩ වැඩ & Negative thoughts අලුත් අවුරුද්දට අරන් නොයා, 💭💥 මේ අවුරුද්ද තුළ ඔයා ඉගෙන්න ගත්ත ජීවිත පාඩම්(Life Lessons) & positive thoughts & ඔයාගේ Goals , 2026 අලුත් අවුරුද්දට අරන් යන්න……🌝💫 2026 ඔයාගේ ජීවිතයේ සාර්ථකම අවුරුද්දක් වෙන්න wish කරනවා!”🍀✨

FFF_District_1st_@physicswithera_2026_AL.mp351.17 MB

මුළු රටම එකම විලාපයක් ! ඒ අතරතුරෙත්, සමහර මිනිස්සු පිටරට සංචාරය කරන ගමන් ඒ පින්තූර ස්ටෝරි දානවා ! තවත් සමහරු මුකුත් වුනේ නැති ගානට කන කෑම පිඟන් , එක එක ගමන් ගිහිල්ලා ස්ටෝරි දානවා ! තවත් සමහර මිනිස්සු වෙන හැමදේම සතුටෙන් විඳිනවා වගේ , නටනවා සමරනවා! තවත් සමහර මිනිස්සු පාටි දානවා !!! ඒත් මේ වෙලාවේ තවත් කෙනෙක්ගෙ දුකක් දැකල හිත උණු වෙන මනුස්සයෙක් නොවුනත් , පුංචි කාලයක් ඕවා දාන්නේ නැතුව ඉන්න !!! ඔයා දන්නේ නැති වුණාට සමහර මිනිස්සු දවස් ගානක් කාලා නෑ ! සමහර මිනිස්සු එකම ඇඳුම ඇඳගෙන දවස් ගානක් සීතලේ ඉන්නවා කිසිම දෙයක් කරගන්න බැරුව ! මේ කවුරුත් අනාතයෝ නෙමෙයි ! මේ අපේ මිනිස්සු !!! මේ හැමෝටම ලස්සන ගෙවල් තිබුණා ! ඒත් එයාලා අසරණයි දැන් ! කන්න කෑම ටිකක් නැතුව මේ වෙලාවේ අපි ඔක්කොම ජීවත්වෙන මේ පුංචි රටේ මිනිස්සු දුක් විඳින කොට කොහොමද දෙයියනේ එක එක තැන්වල ගිහිල්ලා ජීවිතේ විඳිනවා කියලා පෙන්නන ස්ටෝරි දාන්නේ ??? එම්පති තියෙන මනුස්සයෙක් වෙන්න !! සහකම්පනය තියෙන මනුස්සයෙක් වෙන්න !! අනිත් කෙනාගේ දුක තේරුම් ගන්න ! මේක ශෝක කාලයක් !!! ඒ නිසා , මනුස්සයෙක් විදිහට මනුෂ්‍ය ගුණධර්මයන් රැකගෙන ජීවත් වෙන්න..! ඔයාට පුළුවන් විදියට මේ වෙලාවෙ ඒ මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න 🙏❤️ මේ දවස්වල , ඔයා කොයි තරම් හොඳින් හිටියත් ඔයාගේ හිත විපතට පත් මිනිස්සු වෙනුවෙන් උණුවෙන හිතක් නම් කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව, ඔයා ඇත්තටම හොඳ මනුස්සයෙක්..! එම්පති එක්ක ධනාත්මක, ශක්තිමත් මනුස්සයෙක් වෙන්න ! එතකොට තවත් කෙනෙක්ටත් ඔයා ආශිර්වාදයක් !♥️✨

photo content

කරන්න පුලුවන් හොඳම විදිහට මිනිස්සුන්ගේ හැමදේම උදුරගෙන දැන්නම් අහස මුකුත් උනේ නෑවගේ ඉන්නවා නේද ළමයි😢😢 ජීවිතේ ඔහොම තමයි වෙන දේවල් හිතාගන්න බෑ..මමත් තාම අම්මගෙ කටහඩ අහලා නෑ දවස් 4කින්.මාත් එක්ක එකට බෝඩිමේ හිටපු මල්ලි කෙනෙක්ගේ පවුලම නැති උනා ගේත් එක්කම උඩදුම්බර නායයෑමෙන්💔..එච්චකට දරුණුයි මේ වෙච්ච දේ😢 හැමෝම ඉක්මනට එකමුතුව නැගිටියි.ඒක මට විශ්වාසයි..ලංකාව කියන්නෙ එහෙම රටක්❤️❤️.. හැබැයි එක දෙයක් විනාශය කොහොම උනත් මේකත් තව ටික කලක් යද්දි අතීතයට එකතු වුන සිද්ධියක් විතරක් වෙයි.ඒ නිසා ඔයාගෙ ඉගෙනීම් කටයුතු නවත්තගන්න එපා.අපි එක්සෑම් කරෙත් කොවිඩ් කාලේ..නමුත් ඒ නිසා වැඩ ටික කවුරුහරි අවුල්කරගත්තනම් ඒ අයට මේ වෙද්දි සමාවක් තියෙනවද..නෑ නේද?ඒගොල්ලො තවත් අසාර්ථක වෙච්ච කෙනෙක් විතරයි මිනිස්සුන්ට...ඉස්සරට මේ ව්‍යසනෙත් ඒ වගේම වෙනව කාලය ගතවෙද්දි.එකයි මන් පැහැදිලි කරන්න උත්සහ කරේ.. අපි ක්ලාස් එකේ වැඩත් මේ ලබන සෙනසුරාදා වගේ වෙද්දි live එකක් එහෙම අරන් පටන් ගමු.අපි ඊයෙ ගන්න හිටියෙ නමුත් ඔයාලගෙම වයසෙ ළමයි ඔලුව උස්සගන්නවත් බැරුව ඇති තාම.ඒ වගේ අවස්ථාවක සුදුසු නෑ කියලා අපිට හිතුනා.. ඒ අයටත් යම් මට්ටමකට හරි recover වෙන්න කල් දීලා අපි වැඩ ටික ඉක්මනින් පටන්ගමූ.සුපිරි ගේමක් ගහමු.මාස 7යි තියෙන්නේ... පටන් ගන්නෙ නැද්ද සර් කියලා අහලා message දාන්න අවශ්‍ය නෑ..අපි සියලුම දැනුවත් කිරීම් කරන්නම්... එතකල් සෞඛ්‍යාරක්ෂිතව පරිස්සමින් ඉන්න ළමයි... ඉගෙනගන්න එක නවත්තන්න එපා❤️

ඔයාලා හොදින් නේද? 🥺 දැන් තමා පොඩ්ඩක් connection හරි ගියේ…electricity

Phy & Chem කරපු වැඩ වල Photos උඩ msg දෙකේ කියපු දේවල් වල සමහර photos තියනවා මේ pdf එකේ.. ☄හෙට bio ගැන දාන්නම්.. මන් phy essy වෙන් කරලා හදපු කොලේ හොයාගන්න නැ පහලින් මන් කලින් දාපු එක්ක දාන්න එකෙන් ගන්න Physics Essays/SEQ වර්ගීකරණය එහෙනම් වැඩ පටන් ගන්න.

Chemistry වැඩ කරපු විදිහ, Chem වලට නම් Theroy ටික හරියට හදාගෙන past papers කරහම ඇති මට Skip කරපු Shy එකේ(2024) මුල ඉදන්ම අමිල සර්ගෙ Final Papers & ETP වල Marks තිබ්බා & toplist හිටියා. (Toplist හිටියා කිව්වෙ ලොකු කමකට නෙවෙ ඒ තැනට එන්න වැඩ කරන්න ඕන විදිය ගැන කියන්න ඕන නිසා) මම මුල් කාලෙදි chem pper clz ගියෙත් නෑ. ඉදලා හිටලා එහෙන් මෙහෙන් past papers කරා එහෙම subject එකක් තියනවා කියලා මතක් වුනාම 😒 Shy එක skip කලාට පස්සෙ මම මුල් කාලෙ chem කෙරෙ නැතිම තරම්. මට වැරදුනු තැනක් ඒක. මම වැඩ පටන් ගත්තෙ final papers වලට මාසයක් වගෙ කලින්.. ඒ වෙද්දි මට inorganic/organic කිසිම දෙයක් හරියට මතක නැතූව තිබ්බෙ.. පස්සෙ මම 2024 inorganic night එක බලලා එදාට පහුවදාම inorganic mcq 1980 ඉදන් ටික ඉවර කලා.. පස්සෙ සතියක් විතර ඉදලා ටිකක් අමතක වෙන්න දිලා ආයෙම Essy/SEQ ප්‍රශ්න කලා 2011-2022 වෙනකල්... Organic වලටත් ඒ විදිහටම ගිය අවුරුද්දේ අමිල සර්ගෙ seminar එක බලලා මතක් කරගත්තා. Physical ප්‍රශ්න වලදි මම මුලින්ම ශක්ති වලින් පටන්ගත්තෙ. එකෙදිත් මම මුලින්ම past papers 1980 ඉදන් කරලා ඒවට ujith sirගෙ discussion බැලුවා (sciweb එකේ තියනවා). ඔහොම ඔහොම මම සමතුලිතතාව හැර අනිත් physical පාඩම් වලට කලා. Electro වලට නම් අමිල සර්ගෙ seminar එක බලලා past papers essy කරා.. ඔහොම ඔහොම කරලා final papers ලිව්වා. හැබැයි හැම discussion එකක්ම බලන්න වුනේ නෑ. ඒකතමයි කරපු ලොකුම වැරුද්ද. ගිය අවුරුද්දට සාපේක්ෂ මේ අවුරුද්දේ මට chem ලකුණු අඩුයි. මට එහෙම වුනේ මට අමතක වෙන්නෙ නෑ කියලා අධි තක්සේරුවෙන් ඉදලා මුල් කාලෙ chem නොකරපු නිසා. ඔයාලා ඒ නිසා දැන්ම කරන්න. තව මම කරපු දෙයක් තමයි timing හදාගන්න මටම deadline එකක් දාගත්තා. අමිල සර්ගෙ papers center එකට ගිහින් තමයි මම ලිව්වෙ එතනදි මම paper එක පැය 2:45 ලියන්න target කෙරෙ එතනින් එහාට වෙලාව තිබ්බත් ලියන්නෙ නෑ කියලා. එතකොට අමතර විනාඩි 10ත් එක්ක විනාඩි 25ක් කලින් paper එක ඉවර කරන්න තමයි බැලුවේ. තව දෙයක් තමයි මම හැමදේම දවසින් කෙරෙ නෑ. ඕනිම පාඩමක mcq කරද්දි මම ඒක දවසට mcq 30 ක් වගෙ set වෙන්න කඩලා තමයි plan එක හදාගත්තෙ.. ඔයාලා දැන්ම කරන්න ගත්තොත් දවසට mcq ඊට වඩා අඩු ප්‍රමාණයක් කරලා ඕනැවට වඩා stress එකක් නැතුව ඉවර කරගන්න පුළුවන්. ඔය වැඩ ඔක්කොම වගෙ මාස 2කින් වගෙ ඉවර කෙලෙ.. මුලින්ම කරන්න තියන වැඩ ටික ලියාගෙන ඒ හැම වැඩක්ම ඉවර වුනාම මම ඒක mark කරගත්තා. එහෙම ඉවර වෙද්දි ඒකට ආසා හිතිලා වැඩෙ speed වෙනවා දැන් "0" ඉන්න කෙනෙක් පුළුවන් තරම් ඉක්මනට හරියට plan එකක් හදාගෙන පාඩම් ටිකෙ තියරි cover කරගන්න. ඒ ඒ පාඩම ඉවර වෙද්දි සති 2ක් ඇතුලත එකෙන් ආපු mcqs 50% ක් විතර Complete කරන්න target කරගන්න. Essy වලට practice කරන්න ඕනෙ QBT විදිහට එතකොට තමා රටාව සහ තමන්ට බැරි කොටස් අහුවෙන්නේ. විශේෂ ම දේ තමයි පන්තියෙන් ඉවර කරනවා කියළා හිතලා ඉන්න එපා. ඊටකලින් තමන් ඉවර කරගන්න බලන්න CREDIT: ALL IN ONE

🔴ඔයාල අයේ exam කරනවද. ඉතින් දවස හරියට කළමනාකරණය කරගන්නත් අමාරුද. ඔන්න තියේ 2026 study planer 🔴එතකොට exam ඉවර වෙලා room එක ලස්සනට හදන ගෑණු ලමයින්ට ඕනි කරන දේවල්, 🙈👇👇 💌 Study Planners 💌 Mini Planners 💌 Coloring Books 💌 Wall Posters 💌 Vision Boards 💌 Book Marks 💌 Journaling Stikers 💌 Result Sheets 💌 Note Pads  මේ ඕනිම දෙයක් Free Customize කරල දෙනවා...🥰 🔴අලුතින් business idea එකක් ගන්නත් පුලුවන්

📌ගොඩක් අය අහලා තිබ්බා මං Physics වලට වැඩ කරපු විදිහ, මුලින්ම කියන්න ඕනෙ මගෙ තියරි දැනුම තිබ්බෙ ගොඩක් අඩු මට්ටමේ මම ඒ නිසා Revision යනවට වඩා theory යන එක හොදයි කියලා හිතුවා. මොකද මගෙ අන්තිම shy එක නිසා අවදානමක් ගන්න බය හිතුනා බැරි වෙලාවත් revision ගිහින් හරියට කරගන්න වෙන්නෙ නැති වෙයි කියලා.. මම Shy skip කරලා වැඩ පටන් ගත්තෙ දෙසැම්බර් 2 වෙනිදා, ඒ වෙද්දි physics Theroy clz එකෙ ආලෝකය තමයි පටන් අරන් තිබ්බෙ, මම එතන ඉදන් තමයි පටන් ගත්තෙ අලුතෙන්ම... ඊටපස්සේ මම යාන්ත්‍ර විද්‍යාව දෝලනයි වලට පරණ මාස වල තියරි විඩියෝ අරගෙන බැලුවා.. කොහොම හරි මාර්තු වගෙ වෙද්දි ඒ පාඩම් දෙකම ඉවර වුනා.. ඊටපස්සේ සාමාන්‍ය විදියට මම live clz එකට සෙට් වුනා. මම මුල් කාලෙදි කෙලෙ phy/bio විතරයි chem ඇතැරුනා. මම chem/bio rev ගියෙත් නෑ. මට electronics/චුම්භක ප්‍රේරණය විතරයි ඉගෙන ගන්න බැරි වුනෙ. ඒ හැර හැම පාඩමකට ම short notes ගැහුවා 1980-2023 වෙනකල් past papers mcq කලා. ඒවගෙ මම වෙනම mcq points එකතු කලා. අන්තිම කාලෙ උකුවෙල සර්ගෙ Mission A+ එකත් බැලුවා. Essay එකට මම වෙනම විදිහකට වැඩ කෙරෙ.. අන්තිම මාස 2ක් වගෙ තියලා තමයි Essays කෙරෙ. ඔයාලා මුල ඉදන් කරන්න. මම Essays කෙරෙ පාඩම් වල කොටස් විදියට.. ඒ කියන්නෙ දැන් ආලෝකය වලින් ඇවිල්ලා තියන රචනා මම කොටස් විදියට කැඩුවා. කාච/අන්වික්ෂ/පු.අ.ප./ඇස ඒ විදිහට... ඊටපස්සේ ඒ කොටස් වලින් ඇවිල්ලා තියන ඔක්කොම 1980 ඉදන් past ppers Essays කලා. සමහර කොටස් වලදි මට තාම ඒ කොටස් prefect මදි කියලා හිතුනම මම model ප්‍රශ්නත් කලා.. මම පටන් ගද්දි මාස 2ක් වගෙ තිබ්බ නිසා හැම පාඩමම කරන්න බැරි වුනා. මම යාන්ත්‍ර විද්‍යාව,දෝලන,ආලෝකය,තාපය, ගුරුත්වාකර්ෂණ, පදාර්ථ ගුණ මේ ටිකට තමයි කෙරෙ... මට ස්ථිති/ චුම්භක/විකිරණ Essys කරන්න බැරිවුනා. ඔයාලා දැන් ඉදන් කරන්න පස්සෙ තෝරන්න තියාගන්න එපා මම මේ shy එක පටන් ගද්දි කරපු වැදගත් ම දේ තමයි මගෙ පහසුවට හැමදේම වෙන් කරලා හදාගත්ත එක. ඒ කියන්නෙ මං ගාව කලින් අවුරුදු වල Class Papers තිබ්බා නේ. මම ඒවගෙ ප්‍රශ්න වෙන් කරා. මම ඒකෙ photo එකක් දාන්නම්. තාපය නම් මුලින්ම practical ටික ලියාගෙන ඒ ඒ practical එකට අදාලව ඒක ආපු පේපරේ නම ලිව්වා. එතකොට මට අමතක වුනාම ඒක කරන්න ලේසි නේ. (Ex: U නලය - FP 5/ FP 11 විභවමානය - FP 3/FP 13 ) SEQ වලදි මම මුලින්ම practical එක බලලා එකට වෙනම note එකක් හදාගත්තා. උකුවෙල සර්ගෙ practical videos මම බැලුවෙ තාම ඒවා සර්ගෙ yt channel එකෙ තියනවා. පන්තියෙ paper එකට කලින් බලපු practical එකක් නම් එකෙ නොට් එක බලනවා. බලලා නැති එකක් නම් බලලා නෝට් එක හදාගන්නවා. මන් ඒකෙදිත් past papers කලා 1990 ඉදන්... ගොඩක් ප්‍රශ්න අහලා නැති practicals වලට මම model ප්‍රශ්න කලා අර වෙන් කරගත්ත class papers වලින්. Past papers Essays කරද්දි හිරවෙන තැන් බැලුවෙ jecob sir ගෙ yt videos තියනවා ඕනිම අවුරුද්දක අන්න ඒ discussions. ඇත්තටම ඒවා නම් නිධානයක් වගෙ✨..
කලා නම් හොදයි කියලා හිතුන කරන්න බැරි වුන දේවල්: • Jecob සර්ගෙ yt එකෙ තියනවා රචනා බැංකුව , mcq බැංකුව කියලා video series එකක් ඒ ටික • තව මට clz එකෙ paper discussion ඔක්කොම බලන්න වුනෙ නෑ ඒ ටික
මේ හැමදේම කලත් අන්තිමට විභාග මොහොතේ දි අපි ගන්න තිරණ මත එන results එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් විභාග වෙලාවෙදි ගොන් වැඩ කරන්න එපා GUESSING පස්සෙ යන්න එපා අන්තිම කාලෙ. මම මේ කිව්ව දේවල් කියන තරම් ලේසි නෑ කරන්න ගියාම හැබැයි පොඩ්ඩක් ඉවසන් කලොත් බැරි නෑ. Credit: ALL IN ONE

උපනදසට_Upandasita_Abhisheka_Wimalaweera_Pranirsha_Thiyaga.mp34.30 MB

Xm iwara nisa (HONDATA KARAPU NISA) left wena ayata CONGRATULATIONS 🎉 Xm hariyata Kara ganna beri Una Aya 2nd shy ekt ready semi...eyalata All the best ❤️

2025 BIOLOGY OFFICAL MARKING MCQs 💯
2025 BIOLOGY OFFICAL MARKING MCQs 💯

photo content

ඔන්න 2025 A/L MCQ වල Answers
ඔන්න 2025 A/L MCQ වල Answers

Combined maths McQ answer thama hambune ne 😁

CHEM & PHYSICS MCQ ANSWERS
+1
CHEM & PHYSICS MCQ ANSWERS

AnimatedSticker.tgs0.04 KB

අභ්‍යන්තර තොරතුරු වලට අනුව; 2025 උසස් පෙළ ප්‍රතිඵල පෙබරවාරි තුන්වන සතියේ නිකුත් කෙරේ.🙂‍↔️

ඒලෙවල් වලට C2යි S1ක් අරගෙනත් doctor කෙනෙක් වෙන්න පුළුවන් ! 🩺🤔 2017 අවුරුද්දේ මගේ A/L Bio 1st shy result එක CCS. 💔ශිෂ්‍යත්ව
ඒලෙවල් වලට C2යි S1ක් අරගෙනත් doctor කෙනෙක් වෙන්න පුළුවන් ! 🩺🤔 2017 අවුරුද්දේ මගේ A/L Bio 1st shy result එක CCS. 💔ශිෂ්‍යත්වෙන් කොළඹ දිස්ත්‍රික්කෙන් 10 වෙනියා සහ ආනන්දෙන් පළවෙනියා වෙලා, 6 ඉඳන් 11 වෙනකන් දිගටම ආනන්දේ section top 10 අතරේ හිටපු මගේ ඒ result එක දැක්කම, හැමෝම කිව්වේ, "අපරාදේ දක්ෂ ළමයෙක් A/L කාලේ නාස්ති වුණා" කියලා. 🤷‍♂️ ඒ හැමෝම එහෙම කියන්නත් හේතුවක් තිබුණා. A/L පටන් ගන්න කලිනුත් මන් Debating, Announcing, Hockey ඇතුළු ආනන්දේ බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කරමින් හිටියත්, A/L කාලේ මම පංතියට ගියේ නැති තරම්.🙆‍♂️ 2016 ආනන්දේ බාලදක්ෂ කණ්ඩායම් නායක විදියට පත්වුණු මට, ආනන්දේ scouting වල ශත සංවත්සර සැමරුම කරන්න ලොකු වගකීමක් පැවරිලා තිබුණා. ඒ හැමදේම අතරේ ජනාධිපති බාලදක්ෂ ප්‍රධානය ගන්න, ආනන්දේ colors ගන්නත් මට පුළුවන් වුණා. 🏆 නමුත් ඒ දේවල් ඔක්කොම කරලා A/L විභාගෙට වාඩි වෙද්දී, ජීවිතේ පළවෙනි පාරට මට දැණුනා උත්තර ලියාගන්න බැරුව හිර වෙන විදිය.🙇🏻‍♂️ විභාගේ ප්‍රතිපලේ මං ලෑස්ති වුණු ප්‍රමාණෙට සමානුපාතිකයි. District rank එක 2006. Island rank එක 12690. මාව කිසිම කැම්පස් එකකට select වුණේවත් නැහැ. 🤦‍♂️ Result එක දැකපු හැමෝම මට කිව්වේ "දැන් ඉතින් වෙන අතක් බලාගන්න" කියන එක. ආයේ A/L කළත් කෙළවෙනවා කියන එක තමයි හැමෝගෙම මතේ වුණේ. 💁‍♂️ මම second shy කරන්න ප්‍රධාන හේතුව, එහෙම කියපු හැමෝටම, මම 3As ගන්න බැරි ළමයෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න තිබුණු උවමනාව.💆‍♂️ අවුරුද්දක් තිස්සේ phone එකක් අතින් අල්ලන්නෙවත් නැතුව, trip එකක් වත් යන්නේ නැතුව, දවසට පැය 16ක් ගානේ මම වැඩ කළා. 📚 වාසනාවකට වගේ ආනන්දේදී මං කරපු විෂය බාහිර ක්‍රියාකාරකම් වලින්, මම දරාගැනීම, එක දිගට මැරීගෙන වැඩ කරන එක හොඳට පුරුදු වෙලයි හිටියේ.🙏 ඒ නිසා උපරිම සූදානමකින් 2nd shy එක ලියන්න මට පුළුවන් වුණා. 💆‍♂️ වුණු මහන්සිය සාර්ථකයි.😁 2nd shy එකේ A3 ක result එකක් එක්ක, district rank 142, Island rank 423 ගන්න මට පුළුවන් වුණා. 📈 පේරා යන්න පුළුවන් කම තිබුණත්, හේතු කීපයක් නිසා මම ජපුර medical faculty එක තෝරා ගන්නවා. අවුරුදු 6 1/2කට පස්සේ, මම අද අවසන් වසර වෛද්‍ය පීඨ විභාගය සාර්ථකව සමත් වුණු වෛද්‍යවරයෙක්. 🩺 1st shy result එක නිසා මම මානසිකව වැටිලා, 2nd shy එක නොකරන්න තීරණය කළා නම්, මගේ ජීවිත කතාව මීට වඩා ගොඩක් වෙනස් එකක්. 🍃 අපි හැමෝගෙම ජීවිත වල ලොකු බලාපොරොත්තු කඩවීම් එනවා. අපිට ඕනි සමහර දේවල් අපි කැමති කාලයේම නොලැබෙන වෙලාවලුත් තියෙනවා. 🍁 නමුත් ඔයා කැමති දේ දිනාගන්න දිගටම උත්සාහ කරන එක නවත්වන තැනේදී, ඔයා පරාද වෙලා ඉවරයි. 🪶 ජීවිතේ ඔයාට නොලැබුණු දෙයක් ගැන දුකක් තියෙනවා නම්, ඉගෙන ගන්න දෙයක් වේවා, ව්‍යාපාර වැඩක් හෝ වෙනත් දෙයක් වේවා, ඒ වෙනුවෙන් ආයෙත් මහන්සි වෙන්න, පුංචි හෝ motivation එකක්, මගේ අත්දැකීමෙන් ඔයාට ලැබෙන්න ඇති කියලා මං විශ්වාස කරනවා. 🙏♥️