647
Subscribers
+124 hours
+37 days
-2730 days
Posts Archive
🐰🐰🐰
සර් ඒක නෙමෙයි
යන්න එපා
අද මෙහෙ ඉදලා
වැවේ ගිහින් නාලා
කොරලි එක්ක බත් ටිකක් කාලම යන්න ඕනේ
කිරිඅම්මේ ..තාත්තට කියන්න ඉක්මන් කරන්න කියලා.
අපිත් එක්ක කතා කරන අතරේ ඔහු කඩයේ ඉන්නා
කිරි අම්මට කෑ ගසයි
සර් ..අපේ කිරි අත්තා මේ පළාතේ ඉන්න හොඳම
උඩැක්කි කවි කාරයා
නටන්නත් පුළුවන් ..
සර් ට ලස්සන වීඩියෝ එකක් කරගන්න පුළුවන් සර්
කිරි අත්තා ඉන්නේ වැව ලග ..
අපි එහෙත් යමු සර්
අනේ සර් බැහැ කියන්න එපා.
🐰🐰🐰
තොරතෝංචියක් නැතිව වතුර වගේ ගලා හැලෙන
ඒ ආදරණීය වචන වලට උත්තර දෙන්නේ කොහොමද
පුතේ ..අපි බලමුකෝ
වෙලාවත් බැලන්ස් කරගන්න ඕනේ
එහෙම කියන්න වචන ටික කටට ආවත්
මම ඒ වචන ටික
ඔහුගේ අහිංසක මුහුණ දිහා බලාගෙන
ගිලගත්තා.
🐰🐰🐰
එයාට මැවිලා පේන විදිහට
කතා කරන්නත් පුළුවන් බව ..
ඊලග මොහොතේදී මට තේරුනා
🐰🐰🐰
සර් ...වැව පැත්තට යමුද
කෑම ටික තාත්තා හදනව
අපේ තාත්තට කෑම රහට
හදන්න පුළුවන් සර් ..
🐰🐰🐰
ඇයි පුතේ අම්මා නැද්ද
නැහැ සර් ..මම ඉපදෙනකොට තමා
අම්මා නැතිවෙලා තියෙන්නේ
කිරි අම්මා තමයි මාව හදාගත්තේ සර්..
🐰🐰🐰
උසස් පෙළ විභාගයෙන්
A A B රිසල්ට් එකක් අරන්
MEDICINE යන්න තේරුණු මේ දරුවා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුල් 50 දෙනා
අතරට ආවේ කවුරුත් නොසිතු ලෙසකින්
🐰🐰🐰
සර් ..තැඹිලි කඩේ කොල්ලා
MEDICINE ගියා කිව්වට තවම කවුරුත්
පිළිගන්නේ නැහැ
අපේ තාත්තාගෙන් තවම කට්ටිය
අහනවා කොල්ලා කොළඹ නේද රස්සාව කරන්නේ කියලා
ඒ වගේ දිනුමක් මේ ගමට බර වැඩියි සර්
ඒකයි එහෙම අහන්නේ..
🐰🐰🐰
ඇත්තටම ඒ දිනුම ලොකු බරක් තමා පුතේ
හැබැයි ඒ බර
රටට ලොකු දිනුමක්
පරම්පරාවම ගොඩ දමන දිනුමක්
මට එහෙම හිතුනා.
🐰🐰🐰
කුරුම්බා සප්පායමෙන් පස්සේ
අපි පිටත් වෙන්න සූදානම් වුනත්
එයා ..නෙමෙයි ඒකට ඉඩක් දුන්නේ
සර් ....මෙච්චර දුරක් ගෙවාගෙන
දැන් ආපහු කොළඹ යන එකේ
තව කිලෝමීටරයක් දුරින් තියෙන
අපේ වැව ලගට යමු සර්
සර් වැව දැක්කොත් ..කියයි
ඒ ගමන අපරාදයක් නෙමෙයි කියලා
එයාගේ වචන වලට
ඉස්පාසුවක් නැහැ වගේ..
🐰🐰🐰
කොච්චර කාර්ය බහුල වුනත්
ඒ ලෙන්ගතුකමට පිටුපාන්න බැරි බව මට දැනුනා
කමක් නැහැ යමු පුතේ වැව බලන්න
මම ඉස්සර වුනා
සර් .. මේ දවස්වල නම් වතුර අඩුයි
පායනවා වැඩියි මෙහෙට
🐰🐰🐰
ඒක නෙමෙයි සර්
මේ වැවත් අපේ ජීවිත වගේ
එයා දුකෙන් වගේ කියනවා
ඇයි පුතේ එහෙම කියන්නේ
මම ඇහැව්වා.
🐰🐰🐰
සර් ..බලන්න මේ වැව පාසි වලින් පිරිලා
රොන් මඩ පිරිලා ..
කිසිම වැඩක් ගන්නේ නැහැ
වගකිවයුත්තෝ ..කවුරුත් බලන්නේ නැහැ
මිනිස්සුන්ට අගයකුත් නැහැ
අපිත් එහෙමනෙ සර් ..
ඔහේ පාවෙන ජීවිත ..
සර් ..වගේ කෙනෙක් හින්දා
මම ...වෙනස් වුනා
නමුත් සර් ..ගමේ ඉන්න අනෙක් කට්ටිය
දුක හිතෙනවා සර් ..
හවසට ඇවිල්ලා බලන්න
වල්මත් වෙලා ඉන්නේ
පව් ......
ඒ වචන එන්නේ එයාගේ හදවතින් ..
ඇත්තටම මම ඒ වචන වලට බැදුනා
ඒ හින්දම එයාට කියන්න ඉඩ දීල
අහගෙන හිටියා.
🐰🐰🐰
සර් ...මමයි තාත්තයි ..
ගොඩක් දුක් වින්දා ...
බලන්න සර් මගේ මේ පපුවට පහල
කොච්චර හීරිච්ච තුවාල තියෙනවද කියලා
.සර් ..මේ ගස් බඩ ගාල තුවාල වෙච්ච ඒවා
මට එච්චර හුරු නැහැ
ඒත් තාත්තට හතිය එන හින්දා
මමත් වැඩේට සහයෝගය දෙනවා
කුරුම්බා බිස්නස් එක නරක නැහැ සර් ..
ඒත් ..තාත්ත දුක් විදිනවා බලන් ඉන්න බැහැ සර්
🐰🐰🐰
ඇත්තටම සර් මගේ මේ දකුණු අතට
පෑනට වඩා වක් පිහිය තමයි සර් හුරු
මම ඒ තරම් පාඩම් කලේ නැහැ සර් ..
හැබැයි ...අන්තිම කාලයේ පැය දෙකයි සර් නිදා ගත්තේ
සර්ගේ motivation එක මරු ..
ඒකෙන් තමා ඔන්ලයින් එකේ ගැම්ම ආවේ
එයා අතේ තිබුණු පිහියෙන්
පාරේ තිබු පදුරකට ගසන්නේ කැපී වෙන්වී
මීටර් කීපයක් විසිවෙන තරම් වේගයෙන්.
🐰🐰🐰
හෝරාවක පමණ කාලයකින් පස්සේ
අපිට නොච්චියාගමට සමුදෙන්න කාලය ආවා
එහෙනම් පුතේ ....හරි සතුටුයි
ඔයා වගේ හදවත ලස්සන දරුවෙක්
මෙහෙම මුණ ගැහිච්ච එක
පුතා අධ්‍යාපන කටයුතු හොඳටම කරන්න
medical faculty එකේදී හොඳට වැඩ කලොත්
ගොඩක් අවස්ථා තියෙනවා
පිට රටකට වුනත් යන්න පුලුවන්
එහෙම ගිහින් ඉගෙන ගෙන
ආපහු ලංකාවට ඇවිත් වැඩ කරන්න පුළුවන් නේ.
🐰🐰🐰
අනේ සර් ....ඒ දේ කවදාවත් වෙන්නේ නැහැ
මම කැමති නැහැ මේ රටින් යන්න
මම දොස්තර වුනහමත්
මේ වැව ළඟ තමයි පදිංචි වෙන්නේ
හැබැයි ..කවදාහරි දවසක
නොච්චියාගම MOH වෙන්න ආසයි සර්
මොකද ගමේ වැඩ ගොඩක් තියෙනවා සර් කරන්න
මම දන්නවා මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ටික.
🐰🐰🐰
සර්ට පුළුවන් නම් DR සේනක බිබිලේ ගැන ලියපු
පොතක් හරි FILM එකක් හරි මට එවන්නකො
මම හරි ආසයි ඒ වගේ කෙනෙක් වෙන්න සර්
එයාගේ ඇස් දිලිසෙන හැටි මම දැක්කා
මට එයා ගැන ලොකු ආදරයක් දැනුනා
ඒ හින්දම මම එයාව
ආදරයෙන් වැලදගත්තා
සර් ..එයා හරි තදට හුස්මක් ගත්තා.
🐰🐰🐰
ඒ ඇස් දෙකේ කඳුළු පිරෙන හැටි මම දැක්කා
අපේ පුංචි ගෙදරින් බත් වේලක් කෑවට
ගොඩක් ස්තුතියි සර් ..
එයාගේ දෙකකුල් මම ඉදිරියේ නැවුනා
මම එයාට හදවතින්ම ආශීර්වාද කළා.
🐰🐰🐰
සර් ...අපේ කුඹුරේ ..
සර් ....මගේ මේ දකුණු අතින් පෑනට වඩා වැඩියෙන් අල්ලලා තියෙන්නේ මෙන්න මේ පිහිය හැබැයි.... පෑන විතරක් අල්ලපු මට
හිනාවෙච්ච.......අයට
🐰🐰🐰
යන්න බැරිවෙච්ච තැනකට
මම දැනටම ගිහිල්ලා ඉන්නේ සර්
මම ඒ ගැන පට්ටම ආඩම්බරයි සර් .....
වෙන මොනව කියන්නද සර් ......
🐰🐰🐰
සර් .....එහෙම නිකම්ම යන්න දෙන්න නම් බැහැ
අපේ ගමට හදිසියෙන් හරි ආපු වෙලාවේ
ගඟේ නාලා වැවේ කොරලි මාළු එක්ක බත් ටිකක් කාල ම තමයි
යන්න වෙන්නේ
අනේ සර් ඔන්න බැහැ කියන්න නම් එපා
එයාගේ ඉල්ලීම හරි ප්‍රබලයි වගේ
මොකද කරන්නේ ....
මම වාහනයේ හිටපු අපේ කට්ටියගෙන් ඇහුවා.
🐰🐰🐰
තැඹිලි ගෙඩියක් තත්පර කීපයකදී
එක හුස්මට කපා ..අපේ අතට දෙන
මේ අපූරු කෙසඟ කොල්ලා
අනාගතයේ කවදා හරි දවසක ...
අපේ ශරීර ඇතුලට එබී
ලෝකයක් සුවපත් ..කරන්නට
ලැහැස්තිවී සිටිනා දරුවකු බව
එයාගෙන් තැඹිලි ගෙඩියක් බොන
කිසිම කෙනෙක් සිහිනයෙන් හෝ
නොසිතන්නට ඇත
🐰🐰🐰
මේ අපූරු අව්‍යාජ කතාවේ
ආරම්භය සිද්ධ වුනේ ..
ටික කාලයකට ඉස්සෙල්ලා
අපි අනුරාධපුරේ ගිහිල්ලා
ආපහු කොළඹ එන ගමනේදී
හැමදාම එන අපේ පුරුදු පාර ටිකක් වෙනස් කරලා
නොච්චියාගම කරුවලගස්වැව තබ්බෝව පුත්තලම හරහා
කොළඹ පැත්තට යන්න ..මට අදහසක් ආවා
එක දිගට ඊ ගහක් සේ තනි කෙලින් දිවෙන
මේ පාර ....ටිකක් වියලි එකක් වුනත්
නිස්කලංක සුන්දර එකක්.
🐰🐰🐰
පුත්තලම කිට්ටු වෙනකම්
වාහන ගමනාගමනය
ගොඩක් අඩු නිසා ..හිතට හරි නිදහස් ගමනක්
වාහනය ටිකක් වේගයකින් පැමිණි අතර
එය නොච්චියාගමට කිට්ටුවෙමින් තිබුනා
අවට දෙපැත්තේම තිබුනේ
කටුක ලදු කැලෑ සහ නිසරුවී ගිය ගොවි බිම්
අවට පරිසරයේ පැවති තද රස්නය ..
වාහනය ඇතුලේ සිටි අපටත්
වෙනසක් ගෙන දෙන තරමට ලොකු එකක් වුනා.
🐰🐰🐰
තිබහ වැඩියි මොනවහරි බිව්වා නම් හොඳයි වගේ
මට හිතුනා ......
තනි කෙලින් දිවෙන පාරේ
දෙපැත්තම වසාගත් මහ කටුක කැලය මිස
පෙනෙන තෙක් මානයක කඩයක් නැත
ටවුමේ නැතිව නිදහස් තැනක වාහනය
නතර කරන්නට මගේ සිත කිව්වත්
එවැනි තැනක් ..මේ මාර්ගයේ මුණු ගැසේවි යැයි
මට විශ්වාසයක් තිබුණේම නැත
🐰🐰🐰
එක පාරටම පාර අයිනේ ටිකක් ඈතින්
ලොකු හෙවනක් ඇති බව මට දුරදීම පෙනුණු අතර
එතන මොනවා හෝ දෙයක් විකුණන
තැනක් බව මට තේරුනා
වාහනයේ වේගය මදක් අඩුවූ අතර
දැවැන්ත කෝන් ගසක් ...පාමුල
ඇති කුඩා කඩයක් මගේ නෙතට හසුවුණා.
🐰🐰🐰
දැවැන්ත කෝන් ගහේ හෙවණ
අසලට පැමිණෙනවාත් සමගම
මම දැක්කේ ඒ ආසන්නයේ කුඩා මැස්සක
තැඹිලි විකුණන තරුණයෙක්
තැඹිලි මැස්ස අසලම ලෑලි ගැසූ පුංචි කඩයක් ..
කඩය ඇතුලේ වයසක කාන්තාවක් සිටි අතර
කඩයේ ...හැලප බනිස් සහ පාන් ගෙඩි කිහිපයක් සහ
තවත් ..පුංචි පුංචි ....පැණිරස දේවල් අසුරා තිබුණි ..
වාහන කීපයක් අපට ඉදිරියෙන් නතර කර තිබු අතර
ඒ හැමෝම තැඹිලි සහ කුරුම්බා බීමට සූදානම් වෙමින්
කුඹුක් හෙවනේ තිබු පුංචි ගල් තලාවක
ගිමන් හරිමින් සිටියා.
🐰🐰🐰
තියුණු වක් පිහියකින්
ඇසි පිල්ලන් ගහන වේගයෙන්
කැපෙන තැඹිලි සහ කුරුම්බා ගෙඩි
දෙස ...මම මොහොතක් බලාගෙන සිටියේ
වාහනයේ සිටිමින්මයි
ඒ තමා කාලයක් තිස්සේ එකම දෙයක් පුහුණු
වුනහම එන සුපිරි හැකියාව
අධ්‍යාපනයට වුනත් ඒ දේ පොදුයි
නිවැරදි පුහුණුව තමා අංක 1
මට එකපාරටම සිතුනි
🐰🐰🐰
ඉදිරියෙන් පැමිණි වාහන දෙකේ පිරිසට
කුරුම්බා කපා දුන් තරුණයා
ඊලගට එබුනේ අපේ වාහනය දිහාවට
වාහනය අසලට ආ ඔහු එක පාරටම
මා දුටු විගස ..පුදුමයෙන් මෙන්
මා දිහා බලාගෙන සිටියා.
🐰🐰🐰
පුස්සැල්ල සර් ....මේ කොහෙද මේ
එක පාරටම ඔහුගේ මුවින් ගිලිහුණු
ඒ වචන සමග
ඔහු හුස්මක් වේගයෙන් ඉහලට අදිනා හැටි
මම දැක්කා.
🐰🐰🐰
ඔයා මාව දන්නවද පුතා ..
ඔහුගේ අදිසි නිහඬත්වය දුටු මම කතා කලා
සර් ..මම සර් ගේ ඔන්ලයින් පන්තියේ
සර් මගේ ගේ ලගටම ඇවිල්ලා
මෙහෙම ඇත්තට දකින්න ලැබුණාම
මට ..මට කතා කරගන්න බැරි වුනා සර්
ඔහුගේ කතා කරන ඇස් දෙකේ
පිරිච්ච සතුට දොරේ ගලාගෙන යන හැටි මම දැක්කා.
🐰🐰🐰
අනේ සර් ..එන්න සර් වාඩි වෙන්න
මම පුටු ටිකක් අරගෙන එන්නම්
ඔහු ඈතින් පෙනෙන පුංචි ගෙදරට දිව්වේ
අපිට වචනයක් වත් කියන්නට
කාලයක් නොදෙමින් ..
ඊලග මොහොතේ එයා තමන්ගේ
කිරි අම්මට කතා කර
මොනවදෝ කණට කියන හැටි මම දැක්කා..
🐰🐰🐰
සර් තියෙන විදිහට වාඩි වෙන්න
ඔහු පරණ රෙදි කැබැල්ලකින් ..
ප්ලාස්ටික් පුටුවල සහ බැංකුවල දුහුවිල්ල පිසදමන්නේ
මහත් ගරුත්වයකින් වගේ
වේගයෙන් කැපෙන කුරුම්බාවලට
අපේ දෙඅත්වලට එන්නට ගතවුයේ
විනාඩියකටත් අඩු කාලයක්..
🐰🐰🐰
ඉතින් පුතා ..මේ ගමද ..
ඔව් සර් මේ අපේ ගම
ඉතින් ඔයා දිගටම ඔන්ලයින් ද ආවේ
සර් ..ඇත්තටම කිව්වොත් ...
මම තුන්වෙනි පාර තමයි සර් ගේ පන්ති ආවේ
කලින් දෙවතාවේම පන්ති ගියේ නැහැ සර් ..
මෙහෙ එහෙම ඉගෙන ගන්න
ලොකු උනන්දුවක් පරිසරයක් නැහැ සර්
කුඹුරට යනවා ..හේන් කාලයට ඒ වැඩ කරනවා
බයික් එකක් ගන්නවා ..ඊට පස්සේ රවුම් ගහනව
කෙල්ලෙක් හොයාගන්නවා බදිනවා
එච්චරයි ..සර්
එයාගේ වචන හරිම කෙලින් ඒවා
අමු ඇත්ත .ඒ වචන වල තැවරිලා
තියෙන බව විතරක් මට තේරුනා.
හාල් ටිකක් තාත්තා දුන්නා
නිකම් යන එකේ වාහනයට දාගෙන යන්න
එපා පුතේ ..මට ඕනේ නැහැ
ඔයා කරපු සැලකිලි ටික හොඳටෝම ඇති ..
මම ඔහු වැලක්වුවා
එහෙම බැහැ සර් මේවා ..අපේ කුඹුරේ ඒවා
වසක් විසක් නැහැ සර් එයා පෙරැත්ත කරනවා
අන්තිමට ලොකු අරගලයක් කරලා
හාල් ගෝනිය කිලෝ 5 කට
අඩු කරගන්න මට පුළුවන් වුනා.
🐰🐰🐰
ඇත්තටම මට ඒ දරුවා දාලා එන්න
හිතක් දුන්නේ නැහැ ..
සංසාරික බැදීමක් වගේ ..මගේම පුතෙක් වගේ
එහෙනම් ගිහින් එන්නම් මගෙ පුතේ
මගේ කටහඬේ වෙනස එයාට දැනුනා
හොඳයි සර් ..අනුරාධපුර ආවොත් ආයෙත් එන්න
එයා අපේ වාහනය නොපෙනී යන තෙක්
පාරට වී බලාගෙන ඉන්නා හැටි
මම පැති කන්නාඩියෙන් බලාගෙන හිටියා
Dr. අමිත් පුස්සැල්ලගේ සටහනකින් උපුටා ගන්නා ලදී.
🐰🐰🐰
සර් ඒක නෙමෙයි
යන්න එපා
අද මෙහෙ ඉදලා
වැවේ ගිහින් නාලා
කොරලි එක්ක බත් ටිකක් කාලම යන්න ඕනේ
කිරිඅම්මේ ..තාත්තට කියන්න ඉක්මන් කරන්න කියලා.
අපිත් එක්ක කතා කරන අතරේ ඔහු කඩයේ ඉන්නා
කිරි අම්මට කෑ ගසයි
සර් ..අපේ කිරි අත්තා මේ පළාතේ ඉන්න හොඳම
උඩැක්කි කවි කාරයා
නටන්නත් පුළුවන් ..
සර් ට ලස්සන වීඩියෝ එකක් කරගන්න පුළුවන් සර්
කිරි අත්තා ඉන්නේ වැව ලග ..
අපි එහෙත් යමු සර්
අනේ සර් බැහැ කියන්න එපා.
🐰🐰🐰
තොරතෝංචියක් නැතිව වතුර වගේ ගලා හැලෙන
ඒ ආදරණීය වචන වලට උත්තර දෙන්නේ කොහොමද
පුතේ ..අපි බලමුකෝ
වෙලාවත් බැලන්ස් කරගන්න ඕනේ
එහෙම කියන්න වචන ටික කටට ආවත්
මම ඒ වචන ටික
ඔහුගේ අහිංසක මුහුණ දිහා බලාගෙන
ගිලගත්තා.
🐰🐰🐰
එයාට මැවිලා පේන විදිහට
කතා කරන්නත් පුළුවන් බව ..
ඊලග මොහොතේදී මට තේරුනා
🐰🐰🐰
සර් ...වැව පැත්තට යමුද
කෑම ටික තාත්තා හදනව
අපේ තාත්තට කෑම රහට
හදන්න පුළුවන් සර් ..
🐰🐰🐰
ඇයි පුතේ අම්මා නැද්ද
නැහැ සර් ..මම ඉපදෙනකොට තමා
අම්මා නැතිවෙලා තියෙන්නේ
කිරි අම්මා තමයි මාව හදාගත්තේ සර්..
🐰🐰🐰
උසස් පෙළ විභාගයෙන්
A A B රිසල්ට් එකක් අරන්
MEDICINE යන්න තේරුණු මේ දරුවා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුල් 50 දෙනා
අතරට ආවේ කවුරුත් නොසිතු ලෙසකින්
🐰🐰🐰
සර් ..තැඹිලි කඩේ කොල්ලා
MEDICINE ගියා කිව්වට තවම කවුරුත්
පිළිගන්නේ නැහැ
අපේ තාත්තාගෙන් තවම කට්ටිය
අහනවා කොල්ලා කොළඹ නේද රස්සාව කරන්නේ කියලා
ඒ වගේ දිනුමක් මේ ගමට බර වැඩියි සර්
ඒකයි එහෙම අහන්නේ..
🐰🐰🐰
ඇත්තටම ඒ දිනුම ලොකු බරක් තමා පුතේ
හැබැයි ඒ බර
රටට ලොකු දිනුමක්
පරම්පරාවම ගොඩ දමන දිනුමක්
මට එහෙම හිතුනා.
🐰🐰🐰
කුරුම්බා සප්පායමෙන් පස්සේ
අපි පිටත් වෙන්න සූදානම් වුනත්
එයා ..නෙමෙයි ඒකට ඉඩක් දුන්නේ
සර් ....මෙච්චර දුරක් ගෙවාගෙන
දැන් ආපහු කොළඹ යන එකේ
තව කිලෝමීටරයක් දුරින් තියෙන
අපේ වැව ලගට යමු සර්
සර් වැව දැක්කොත් ..කියයි
ඒ ගමන අපරාදයක් නෙමෙයි කියලා
එයාගේ වචන වලට
ඉස්පාසුවක් නැහැ වගේ..
🐰🐰🐰
කොච්චර කාර්ය බහුල වුනත්
ඒ ලෙන්ගතුකමට පිටුපාන්න බැරි බව මට දැනුනා
කමක් නැහැ යමු පුතේ වැව බලන්න
මම ඉස්සර වුනා
සර් .. මේ දවස්වල නම් වතුර අඩුයි
පායනවා වැඩියි මෙහෙට
🐰🐰🐰
ඒක නෙමෙයි සර්
මේ වැවත් අපේ ජීවිත වගේ
එයා දුකෙන් වගේ කියනවා
ඇයි පුතේ එහෙම කියන්නේ
මම ඇහැව්වා.
🐰🐰🐰
සර් ..බලන්න මේ වැව පාසි වලින් පිරිලා
රොන් මඩ පිරිලා ..
කිසිම වැඩක් ගන්නේ නැහැ
වගකිවයුත්තෝ ..කවුරුත් බලන්නේ නැහැ
මිනිස්සුන්ට අගයකුත් නැහැ
අපිත් එහෙමනෙ සර් ..
ඔහේ පාවෙන ජීවිත ..
සර් ..වගේ කෙනෙක් හින්දා
මම ...වෙනස් වුනා
නමුත් සර් ..ගමේ ඉන්න අනෙක් කට්ටිය
දුක හිතෙනවා සර් ..
හවසට ඇවිල්ලා බලන්න
වල්මත් වෙලා ඉන්නේ
පව් ......
ඒ වචන එන්නේ එයාගේ හදවතින් ..
ඇත්තටම මම ඒ වචන වලට බැදුනා
ඒ හින්දම එයාට කියන්න ඉඩ දීල
අහගෙන හිටියා.
🐰🐰🐰
සර් ...මමයි තාත්තයි ..
ගොඩක් දුක් වින්දා ...
බලන්න සර් මගේ මේ පපුවට පහල
කොච්චර හීරිච්ච තුවාල තියෙනවද කියලා
.සර් ..මේ ගස් බඩ ගාල තුවාල වෙච්ච ඒවා
මට එච්චර හුරු නැහැ
ඒත් තාත්තට හතිය එන හින්දා
මමත් වැඩේට සහයෝගය දෙනවා
කුරුම්බා බිස්නස් එක නරක නැහැ සර් ..
ඒත් ..තාත්ත දුක් විදිනවා බලන් ඉන්න බැහැ සර්
🐰🐰🐰
ඇත්තටම සර් මගේ මේ දකුණු අතට
පෑනට වඩා වක් පිහිය තමයි සර් හුරු
මම ඒ තරම් පාඩම් කලේ නැහැ සර් ..
හැබැයි ...අන්තිම කාලයේ පැය දෙකයි සර් නිදා ගත්තේ
සර්ගේ motivation එක මරු ..
ඒකෙන් තමා ඔන්ලයින් එකේ ගැම්ම ආවේ
එයා අතේ තිබුණු පිහියෙන්
පාරේ තිබු පදුරකට ගසන්නේ කැපී වෙන්වී
මීටර් කීපයක් විසිවෙන තරම් වේගයෙන්.
🐰🐰🐰
හෝරාවක පමණ කාලයකින් පස්සේ
අපිට නොච්චියාගමට සමුදෙන්න කාලය ආවා
එහෙනම් පුතේ ....හරි සතුටුයි
ඔයා වගේ හදවත ලස්සන දරුවෙක්
මෙහෙම මුණ ගැහිච්ච එක
පුතා අධ්‍යාපන කටයුතු හොඳටම කරන්න
medical faculty එකේදී හොඳට වැඩ කලොත්
ගොඩක් අවස්ථා තියෙනවා
පිට රටකට වුනත් යන්න පුලුවන්
එහෙම ගිහින් ඉගෙන ගෙන
ආපහු ලංකාවට ඇවිත් වැඩ කරන්න පුළුවන් නේ.
🐰🐰🐰
අනේ සර් ....ඒ දේ කවදාවත් වෙන්නේ නැහැ
මම කැමති නැහැ මේ රටින් යන්න
මම දොස්තර වුනහමත්
මේ වැව ළඟ තමයි පදිංචි වෙන්නේ
හැබැයි ..කවදාහරි දවසක
නොච්චියාගම MOH වෙන්න ආසයි සර්
මොකද ගමේ වැඩ ගොඩක් තියෙනවා සර් කරන්න
මම දන්නවා මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ටික.
🐰🐰🐰
සර්ට පුළුවන් නම් DR සේනක බිබිලේ ගැන ලියපු
පොතක් හරි FILM එකක් හරි මට එවන්නකො
මම හරි ආසයි ඒ වගේ කෙනෙක් වෙන්න සර්
එයාගේ ඇස් දිලිසෙන හැටි මම දැක්කා
මට එයා ගැන ලොකු ආදරයක් දැනුනා
ඒ හින්දම මම එයාව
ආදරයෙන් වැලදගත්තා
සර් ..එයා හරි තදට හුස්මක් ගත්තා.
🐰🐰🐰
ඒ ඇස් දෙකේ කඳුළු පිරෙන හැටි මම දැක්කා
අපේ පුංචි ගෙදරින් බත් වේලක් කෑවට
ගොඩක් ස්තුතියි සර් ..
එයාගේ දෙකකුල් මම ඉදිරියේ නැවුනා
මම එයාට හදවතින්ම ආශීර්වාද කළා.
🐰🐰🐰
සර් ...අපේ කුඹුරේ ..
සර් ....මගේ මේ දකුණු අතින් පෑනට වඩා වැඩියෙන් අල්ලලා තියෙන්නේ මෙන්න මේ පිහිය හැබැයි.... පෑන විතරක් අල්ලපු මට
හිනාවෙච්ච.......අයට
🐰🐰🐰
යන්න බැරිවෙච්ච තැනකට
මම දැනටම ගිහිල්ලා ඉන්නේ සර්
මම ඒ ගැන පට්ටම ආඩම්බරයි සර් .....
වෙන මොනව කියන්නද සර් ......
🐰🐰🐰
සර් .....එහෙම නිකම්ම යන්න දෙන්න නම් බැහැ
අපේ ගමට හදිසියෙන් හරි ආපු වෙලාවේ
ගඟේ නාලා වැවේ කොරලි මාළු එක්ක බත් ටිකක් කාල ම තමයි
යන්න වෙන්නේ
අනේ සර් ඔන්න බැහැ කියන්න නම් එපා
එයාගේ ඉල්ලීම හරි ප්‍රබලයි වගේ
මොකද කරන්නේ ....
මම වාහනයේ හිටපු අපේ කට්ටියගෙන් ඇහුවා.
🐰🐰🐰
තැඹිලි ගෙඩියක් තත්පර කීපයකදී
එක හුස්මට කපා ..අපේ අතට දෙන
මේ අපූරු කෙසඟ කොල්ලා
අනාගතයේ කවදා හරි දවසක ...
අපේ ශරීර ඇතුලට එබී
ලෝකයක් සුවපත් ..කරන්නට
ලැහැස්තිවී සිටිනා දරුවකු බව
එයාගෙන් තැඹිලි ගෙඩියක් බොන
කිසිම කෙනෙක් සිහිනයෙන් හෝ
නොසිතන්නට ඇත
🐰🐰🐰
මේ අපූරු අව්‍යාජ කතාවේ
ආරම්භය සිද්ධ වුනේ ..
ටික කාලයකට ඉස්සෙල්ලා
අපි අනුරාධපුරේ ගිහිල්ලා
ආපහු කොළඹ එන ගමනේදී
හැමදාම එන අපේ පුරුදු පාර ටිකක් වෙනස් කරලා
නොච්චියාගම කරුවලගස්වැව තබ්බෝව පුත්තලම හරහා
කොළඹ පැත්තට යන්න ..මට අදහසක් ආවා
එක දිගට ඊ ගහක් සේ තනි කෙලින් දිවෙන
මේ පාර ....ටිකක් වියලි එකක් වුනත්
නිස්කලංක සුන්දර එකක්.
🐰🐰🐰
පුත්තලම කිට්ටු වෙනකම්
වාහන ගමනාගමනය
ගොඩක් අඩු නිසා ..හිතට හරි නිදහස් ගමනක්
වාහනය ටිකක් වේගයකින් පැමිණි අතර
එය නොච්චියාගමට කිට්ටුවෙමින් තිබුනා
අවට දෙපැත්තේම තිබුනේ
කටුක ලදු කැලෑ සහ නිසරුවී ගිය ගොවි බිම්
අවට පරිසරයේ පැවති තද රස්නය ..
වාහනය ඇතුලේ සිටි අපටත්
වෙනසක් ගෙන දෙන තරමට ලොකු එකක් වුනා.
🐰🐰🐰
තිබහ වැඩියි මොනවහරි බිව්වා නම් හොඳයි වගේ
මට හිතුනා ......
තනි කෙලින් දිවෙන පාරේ
දෙපැත්තම වසාගත් මහ කටුක කැලය මිස
පෙනෙන තෙක් මානයක කඩයක් නැත
ටවුමේ නැතිව නිදහස් තැනක වාහනය
නතර කරන්නට මගේ සිත කිව්වත්
එවැනි තැනක් ..මේ මාර්ගයේ මුණු ගැසේවි යැයි
මට විශ්වාසයක් තිබුණේම නැත
🐰🐰🐰
එක පාරටම පාර අයිනේ ටිකක් ඈතින්
ලොකු හෙවනක් ඇති බව මට දුරදීම පෙනුණු අතර
එතන මොනවා හෝ දෙයක් විකුණන
තැනක් බව මට තේරුනා
වාහනයේ වේගය මදක් අඩුවූ අතර
දැවැන්ත කෝන් ගසක් ...පාමුල
ඇති කුඩා කඩයක් මගේ නෙතට හසුවුණා.
🐰🐰🐰
දැවැන්ත කෝන් ගහේ හෙවණ
අසලට පැමිණෙනවාත් සමගම
මම දැක්කේ ඒ ආසන්නයේ කුඩා මැස්සක
තැඹිලි විකුණන තරුණයෙක්
තැඹිලි මැස්ස අසලම ලෑලි ගැසූ පුංචි කඩයක් ..
කඩය ඇතුලේ වයසක කාන්තාවක් සිටි අතර
කඩයේ ...හැලප බනිස් සහ පාන් ගෙඩි කිහිපයක් සහ
තවත් ..පුංචි පුංචි ....පැණිරස දේවල් අසුරා තිබුණි ..
වාහන කීපයක් අපට ඉදිරියෙන් නතර කර තිබු අතර
ඒ හැමෝම තැඹිලි සහ කුරුම්බා බීමට සූදානම් වෙමින්
කුඹුක් හෙවනේ තිබු පුංචි ගල් තලාවක
ගිමන් හරිමින් සිටියා.
🐰🐰🐰
තියුණු වක් පිහියකින්
ඇසි පිල්ලන් ගහන වේගයෙන්
කැපෙන තැඹිලි සහ කුරුම්බා ගෙඩි
දෙස ...මම මොහොතක් බලාගෙන සිටියේ
වාහනයේ සිටිමින්මයි
ඒ තමා කාලයක් තිස්සේ එකම දෙයක් පුහුණු
වුනහම එන සුපිරි හැකියාව
අධ්‍යාපනයට වුනත් ඒ දේ පොදුයි
නිවැරදි පුහුණුව තමා අංක 1
මට එකපාරටම සිතුනි
🐰🐰🐰
ඉදිරියෙන් පැමිණි වාහන දෙකේ පිරිසට
කුරුම්බා කපා දුන් තරුණයා
ඊලගට එබුනේ අපේ වාහනය දිහාවට
වාහනය අසලට ආ ඔහු එක පාරටම
මා දුටු විගස ..පුදුමයෙන් මෙන්
මා දිහා බලාගෙන සිටියා.
🐰🐰🐰
පුස්සැල්ල සර් ....මේ කොහෙද මේ
එක පාරටම ඔහුගේ මුවින් ගිලිහුණු
ඒ වචන සමග
ඔහු හුස්මක් වේගයෙන් ඉහලට අදිනා හැටි
මම දැක්කා.
🐰🐰🐰
ඔයා මාව දන්නවද පුතා ..
ඔහුගේ අදිසි නිහඬත්වය දුටු මම කතා කලා
සර් ..මම සර් ගේ ඔන්ලයින් පන්තියේ
සර් මගේ ගේ ලගටම ඇවිල්ලා
මෙහෙම ඇත්තට දකින්න ලැබුණාම
මට ..මට කතා කරගන්න බැරි වුනා සර්
ඔහුගේ කතා කරන ඇස් දෙකේ
පිරිච්ච සතුට දොරේ ගලාගෙන යන හැටි මම දැක්කා.
🐰🐰🐰
අනේ සර් ..එන්න සර් වාඩි වෙන්න
මම පුටු ටිකක් අරගෙන එන්නම්
ඔහු ඈතින් පෙනෙන පුංචි ගෙදරට දිව්වේ
අපිට වචනයක් වත් කියන්නට
කාලයක් නොදෙමින් ..
ඊලග මොහොතේ එයා තමන්ගේ
කිරි අම්මට කතා කර
මොනවදෝ කණට කියන හැටි මම දැක්කා..
🐰🐰🐰
සර් තියෙන විදිහට වාඩි වෙන්න
ඔහු පරණ රෙදි කැබැල්ලකින් ..
ප්ලාස්ටික් පුටුවල සහ බැංකුවල දුහුවිල්ල පිසදමන්නේ
මහත් ගරුත්වයකින් වගේ
වේගයෙන් කැපෙන කුරුම්බාවලට
අපේ දෙඅත්වලට එන්නට ගතවුයේ
විනාඩියකටත් අඩු කාලයක්..
🐰🐰🐰
ඉතින් පුතා ..මේ ගමද ..
ඔව් සර් මේ අපේ ගම
ඉතින් ඔයා දිගටම ඔන්ලයින් ද ආවේ
සර් ..ඇත්තටම කිව්වොත් ...
මම තුන්වෙනි පාර තමයි සර් ගේ පන්ති ආවේ
කලින් දෙවතාවේම පන්ති ගියේ නැහැ සර් ..
මෙහෙ එහෙම ඉගෙන ගන්න
ලොකු උනන්දුවක් පරිසරයක් නැහැ සර්
කුඹුරට යනවා ..හේන් කාලයට ඒ වැඩ කරනවා
බයික් එකක් ගන්නවා ..ඊට පස්සේ රවුම් ගහනව
කෙල්ලෙක් හොයාගන්නවා බදිනවා
එච්චරයි ..සර්
එයාගේ වචන හරිම කෙලින් ඒවා
අමු ඇත්ත .ඒ වචන වල තැවරිලා
තියෙන බව විතරක් මට තේරුනා.
Repost from | SCIMORIX 🍀|
A එකක් ගන්න බෑ කියලා ඔයා game එක අත්හැරියොත් ඔයාට B එකක් C එකක් හරි ගන්න තියෙන chance එකත් නැති වෙන්න පුළුවන්. 💥
ඔයා B එකක් හරි ගන්නවා කියලා හිතාගෙන වැඩ කරොත් ඔයාට අහම්බෙන් හරි A එකක් එන්න පුළුවන්.🔥
මහන්සි වෙලා වැඩ ටික කරගෙන යමු. ❤🔥
ජය වේවා.🧠✨
COPIED
https://t.me/IRNOTES2025
A/L Exam Tips 3
6. බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ උපක්‍රමය: ප්‍රශ්න පත්‍රය මුලින්ම අතට ගත් විට එක් වරක් උඩින් කියවන්න (Glance). පහසු ප්‍රශ්න හැකි තරම් ඉක්මනින් නිම කොට, අපහසු ප්‍රශ්න සඳහා කාලය ඉතිරි කර ගන්න.
7. රචනා ප්‍රශ්න ලිවීමට පෙර සැලසුම් කිරීම: පිළිතුරු ලිවීමට පෙර ප්‍රශ්නය හරි හැටි කියවා පළමුව එය හරි හැටි තේරුම් ගන්න. අවශ්‍ය නම් ප්‍රශ්නයේ වැදගත් කොටස් වලට ඉරි ගසන්න. රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට පෙර දළ සටහනක් (outline) සකස් කර ගැනීම සුදුසුය.
8. අවසාන මොහොතේ "ක්‍රැම් කිරීම" (Cramming) නවතාලීම: සම්පූර්ණ නිර්දේශයේ විශාල කොටසක් විභාගයට පෙර දින රාත්‍රියේ "cramming" කිරීම, එක දිගට නිදිවරාගෙන පාඩම් කිරීම, නුවණට හුරු නැත. ඒ වෙනුවට එම කොටස කෙටි කාලාන්තර සහිතව දින කිහිපයක දී අධ්‍යයනය කිරීම වඩාත් සුදුසු වේ.
9. විනාඩි 10ක අමතර කාලය ලිවීම සඳහා යොදා ගැනීම: රචනා ප්‍රශ්න පත්‍රය (Paper II) සඳහා ලැබෙන අමතර මිනිත්තු 10 කියවීම් කාලයක් ලෙස පැවසුව ද, මෙම කාලයේ දී ද ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැකි ය. පැය තුනේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පැය තුනයි මිනිත්තු දහයක් ලැබේ. මෙම අමතර කාලය වැඩි කරුණු සංඛ්‍යාවක් ලිවීමටත්, ඔබ අඩක් උත්තර ලියූ ප්‍රශ්නවල මඟ හැරුණු කොටස් සම්පූර්ණ කිරීමටත් යොදා ගැනීම වැදගත් වේ.
10. ප්‍රශ්න පත්‍රයෙන් පසු 'පශ්චාත් පරීක්ෂණ' (Post-Mortem) නොකිරීම: එක් ප්‍රශ්න පත්‍රයක් අවසන් වූ පසු අනෙක් අය සමඟ එහි හරි වැරදි බලමින් පශ්චාත් පරීක්ෂණ පවත්වන්නට යන්න එපා. මන්ද ලකුණු සම්මුතිවල එන පිළිතුරු ඔබගේ මිතුරන් සිතන පිළිතුරු නොවන්නට පුළුවන. අවසන් වූ ප්‍රශ්න පත්‍රය පිළිබඳ අමතක කොට ඊළඟ ප්‍රශ්න පත්‍රය සඳහා හොඳින් සූදානම් වන්න.
ඉහල ප්‍රතිඵලයක් වෙත යාමට උණුසුම් සුබ පැතුම්!
ආචාර්ය හිරාන් අමරසේකර
A/L Exam Tips 2
3. 'ඉලක්කගත' හෝ 'රහස්' ප්‍රශ්න පසුපස නොයන්න: විභාගය ආසන්නයේ දී සමහර අය අර ප්‍රශ්න එයි, මේ ප්‍රශ්න එයි කියා පූර්ව නිගමන වලට එන නමුත්, මෙවැනි 'ඉලක්ක ප්‍රශ්න' සෙවීමට යාමෙන් අමාරුවේ වැටෙන්නට පුළුවන්. ඉලක්ක කළ කොටසකින් ප්‍රශ්න නොලැබුණහොත් අපේක්ෂා භංගත්වයට පත් වී කලබල වන්නට පුළුවන. ඒ වෙනුවට සියලු ඒකකවල විෂය කොටස් සමබරව පාඩම් කිරීම වැදගත් වේ.
4. නිසි නින්දකට ප්‍රමුඛතාවය ලබා දීම: ඔබේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය අවධානය පවත්වා ගැනීමට නිසි නින්දක් ලැබීම අත්‍යවශ්‍ය බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත. රාත්‍රී නින්දේ REM Sleep අවධියේ දී මොළය විසින් ඔබ උගත් දේ මනසේ තහවුරු කොට නව කරුණු සඳහා ඉඩ ලබා දේ. මේ නිසා නිදිවර්ජිතව පාඩම් කිරීම සුදුසු නොවේ.
5. නව නිර්දේශයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර පමණක් භාවිත කිරීම: ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය නව නිර්දේශයක් යටතේ පවත්වන නිසා පැරණි ප්‍රශ්න රටාවන් සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. විභාග රටාව අවබෝධ කර ගැනීම සඳහා 2019 න් පසු මෑතකාලීනව පළ වූ නව නිර්දේශ ප්‍රශ්න තුළින් අවබෝධය ලබා ගැනීම වැදගත් වේ. පැරණි විභාග ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමෙන් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත.
A/L Exam Tips
1. සමබරව සියලු ඒකක ආවරණය කිරීම: නව විෂය නිර්දේශය ඉතා පුළුල් පරාසයක් ඔස්සේ විහිදී යන බැවින්, විෂය නිර්දේශයේ සෑම ඒකකයක් ම හොඳින් හදාරා තිබීම අනිවාර්ය වේ. 'A' සාමාර්ථයක් අපේක්ෂා කරන්නේ නම්, බහුවරණ ප්‍රශ්න 50න් 40ට වඩා නිවැරදිව ලකුණු කිරීම වැදගත් වේ.
2. ප්‍රශ්න පත්‍රය II සඳහා නිසි කාල කළමනාකරණය: දෙවැනි ප්‍රශ්න පත්‍රයට (රචනා හා ව්‍යුහගත ප්‍රශ්න අන්තර්ගත) මුළු පැය 3ක් ලැබෙන අතර, මෙය සීමිත ඕවර තරගයකට මුහුණ දෙනවා වැනි ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. ලකුණු 40ක් ලැබෙන අනිවාර්ය ව්‍යුහගත ප්‍රශ්න 4 සඳහා එක් පැයක් ද, ලකුණු 60ක් ලැබෙන රචනා ප්‍රශ්න 4 සඳහා පැය 2ක් ද වෙන් කර ගැනීම හොඳ ක්‍රමවේදයක් වේ.
Repost from 2026 AL SCIENCE STREAM 🪄
කාට උනත් හම්බෙන්නෙ එකම Track එක🙂🙌
END එක හොද විදිහට කරගන්න උපරිම Try එකක් දෙන්න...තමන්ට ලැබිලා තියෙන Condition එක පැත්තක දලා
END එක තමයි හැමෝම බලන්නෙ..Track එකෙ ආවේ කොහොමද කියලා නෙවේ..🖤
Respect That Your Failure & Change Your Path To Success
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026
ඔයාලගෙ PHYSICS,CHEMISTY & BIO/C.MATHS වල ලකුණු වැඩි වැඩියෙන් ලැබෙන අති සාර්ථක අවුරුද්දක් වේවා! 🌝✨
