271
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
271
Python CLI/GUI applications install කරන එක පොඩ්ඩක් කරදරයි මොකද අපි dependencies ටිකත් වෙනම install කරන්න ඕනේ. system එකේ package manager එකෙන් install කරත් ගොඩක් වෙලාවට python environment එකත් එක්ක conflict වෙලා මල වදයක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට හරි පහසු විසඳුමක් තියෙනවා. මම හිතනවා මේ විදිහ තමා python based application install කරන්න හොඳම විහිද කියලා. මේකෙන් අපිට pypi.org එකේ publish කරලා තියෙන programs ලේසියෙන් install කරන්න පුළුවන්.
> https://pipx.pypa.io/stable
මේ tool එකෙන් අපි python applications install කරද්දී ඒ program එකට වෙනම isolated virtual environment හදලා dependencies ඔක්කොම වෙනම ඒකට install කරනවා අනිත් programs එක්ක conflict නොවෙන විහිහට. තව install කරන user ට ඒවා userspace එක ඇතුලේ globally available වෙනවා. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ CLI programs වලට තමා. මේ tool එකේ ඔක්කොම packages එකවැර upgrade කරනවා වගේ වැදගත් features ගොඩක් තියෙනවා.
උඩ wiki එක කියවලා install සහ use කරන විදිහ බලාගන්න.
* ඔයා python වලින් මොනවහරි develop කරන්න බලාගෙන මේ විහිහට packages install කරන්න එපා. ඒකට වෙනම virtual environment එකක් හදාගන්න.
271
Unix Philosophy
මේක පොඩි දර්ශනයක් වගේ එකක් එහෙමත් නෑ ඒ කියන්නේ මෙහෙමයි. Unix operating system එක develop කරද්දී mainly Ken Thompson විසින් follow කරපු අදහස් කිහිපයක්. පස්සේ පස්සේ මේවා unix ecosystem එකේ සංස්කෘතික කොටසක් වගේ වුනා අදටත් ගොඩක් අය මේවට අනුව program ලියන්න උත්සහ කරනවා සහ GNU coreutils වගේ දේවල් ලියද්දිත් මේවට එකඟ වෙලා තමා ලියලා තියෙන්නෙ. මේ ටික කාලෙත් එක්ක පොඩ්ඩක් වෙනස් වුනා ඒත් මෙහෙමයි summary එකක් විදිහට,
1. අපි program එකක් ලියන්න ඕනේ එක දෙයක් කරන්න. ඒ කරන එක දේ හොඳටම කරන්න ඕනේ.
2. අපි ලියන programs එකිනෙකා එක්ක හොඳට වැඩ කරන්න ඕනේ. ( සරලව අපිට commands කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්න ඕනේ)
3. Text-based වෙන්න ඕනේ මොකද text තමා input output connect කරන්න තියෙන universal විදිහ. (ඒ කියන්නේ එක program එක්ක output එක වෙන program එක්ක input එකක් විදිහට යොදාගන්න පුළුවන් වෙන්න ඕනේ)
උදාහරණ :-
ps -aux | grep 'firefox'
ls | wc -l
උඩ සරල commands ටික use කරලා බලන්න මේ කියන දේ හරියටම තේරුම් ගන්න පුළුවන් වේවි.271
ලංකාවේ Internet culture එකේ මුල් පුරුක් ✨
> https://web.archive.org/web/20071025140011/http://www.elakiri.com/forum/showthread.php?t=126
271
Distrobox ගැන පොඩි සඳහනක් 🌺
මේක මට අහම්බෙන් හම්බුන program එකක් ඒත් පස්සෙ මේක මට හෙන වැදගත් වුනා.
> https://distrobox.it
මේකෙන් පුළුවන් අපිට අපේ terminal එක ඇතුළෙ තවත්/වෙනත් Linux distribution එකක් run කරන්න. මේක එගොල්ලො හදලා තියෙන්නේ host operating system එකත් එක්ක හොඳට intergrate වෙන විදිහට. ඒ කියන්නේ මෙහෙමයි ඔයා Arch use කරන කෙනෙක් කියමු ඔයාට ඒත් පොඩි වැඩකට debian වගෙ එකක් use කරන්න ඕනේ distrobox එකෙන් පුළුවන් ඔයා දැන් ඉන්න arch terminal environment එක debian වල environment එක කරන්න arch වල ඉඳන්ම. ඇත්තටම terminal applications විතරක් නෙවෙයි graphical applicationනුත් මේ විහිහට use කරන්න පුළුවන්.
මේක තනිකරම ලියලා තියෙන්නේ POSIX වලින්. මේක හරිම සරල organized wrapper එකක් අපි කවුරුත් දන්න docker/podman/lilibpod කියන container managers වලට. ඒවගේම podman ලගේ rootless containers එක්ක නියමට වැඩ කරනවා.
container images තියෙන linux kernel එක use කරන ඕනෑම distributiom එකක් මේ විදිහට use කරන්න පුළුවන්. මේකේ technical details ඔක්කොම website එකේ තියෙනවා කියවලා බලන්න හරිම interesting. මේ program එක use කරද්දී හරිම effortless ගතියක් දැනෙන්නෙ අපිට දැන් හැම එකම emulate කර කර දඟලන්න ඕනේ නැති නිසා.
> https://distrobox.it/#distrobox
> @distrobox
271
සිදු උනේ නැති සිද්දියක් ගැන රජයේ චිත්‍රපට අංශය විසින් නිර්මාණය කරන ලද හරිම interesting අධ්‍යාපනික වැඩසටහනක්. වර්ෂ 1986 කිව්වට මේක හදල තියෙන්නේ 1983.
මේ රජයේ චිත්‍රපට අංශය Youtube channel එකේ පරණ වැඩසටහන් දැන් upload කරනවා, කැමති නම් බලන්න 🪨
> https://youtu.be/z0nhIFWQHNI
> https://www.youtube.com/@GFUSriLanka/videos
271
ගොඩක් අය play කරන game එකක් වෙන valorant ඒගොල්ලොන්ගේ අලුත්ම anti-cheat mechanism එක විදිහට players ලගෙ අනුදැනුමක් නැතුව එයාලගේ desktop වල screenshot ගන්න පටන් අරන්. ඒ වගේම players ලගේ discord chats කියවන්න, ඕනෑම window එකක් fullscreen කරන්න, players ලගේ data ඒගොල්ලොන්ගේ servers වලට upload කරන්න වගේ තව ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා හෙළි වෙලා තියෙනවා. මේකෙන් Linux usersලටනම් කිසිම බලපෑමක් නෑ මොකද valorant wine වල run කරන එකත් අමාරු වැඩක් නිසා. ගොඩක් අය කියනවා මේක අවුලක් නැති දෙයක් කියලා ඒත් මෙතන පොඩි privacy concern එකක් තියෙනවා හරියටම කියන්නත් අමාරුයි ඒගොල්ලෝ system එකේ මොන components ද access කරන්නේ කියලා.
> https://files.catbox.moe/glctsy.jpg
> https://www.leagueoflegends.com/en-us/news/dev/dev-vanguard-x-lol/
271
ARC browser එක ගැන යන කතාබහක් දැකලා මතක් වුනේ. මම කාලයක් තිස්සේ stable release එකක් එනකන් බලන්න ඉන්න software එකක් තියෙනවා.
ඇත්තටම ගොඩක් අය දැන් කාලයක් තිස්සේ තියෙන gecko,v8 javascript engine වලට හොඳ replacement එනකන් බලන්න ඉන්නවා ඒත් efficient javascript engine එකක් design කරන එක හෙන අමාරු වැඩක්.
> https://vox.sx
මේකත් web browser එකක් තමා ඒගොල්ලෝ javascript engine එකක් මුල ඉඳන් හදනවා වෙනුවට ඒගොල්ලොන්ගෙම හරිම efficient V කියන language එකෙන් browser එකට අලුත් html & css engine එකක් වගේම rendering fast + efficient වෙන්න builtin rendering libraries develop කරනවා. ඒ වගේම ඒගොල්ලොන්ගේ UI framework එක නිසා මේ browser එක බහුතරයක් platform වල use කරන්න පුළුවන් වේවි හරිම පහසුවෙන්🪼
> https://vlang.io
> https://github.com/vlang/vox-browser
271
Arc Browser එක Windows 11 වලට Release වෙලා. ඒත් MacOS තරම් smooth experience එකක් නෑ වගේ තමයි ගොඩක් අයගේ අදහස් වලින් පේන්නේ ( as expected from a chromium piece of shit ). Windows 10 සහ Android වලට release එකක් ළගදිම එනවලු 🎎
> https://arc.net/download
271
Nano 8.0 release වෙලා
users ලට ගොඩක් හුරු පුරුදු key bindings වගේම තව ගොඩක් simple features add කරලා තියෙනවා.
> https://nano-editor.org/news.php
271
Update
මේ program එක run0 විදිහට නම් කරලා තියෙනවා. පේන විදිහටනම් මේක features/configurations/attack vectors අඩු හරිම simple විදිහට implement කරන්න යන්නේ systemd extension එකක් විදිහට. ගොඩක්ම servers වල run වෙන්නේ systemd හින්දා ඒගොල්ලො මේක ගැන ගොඩක් හිතලා තියෙනවා.
271
Interesting article about human vision system 👀
> https://hardmath123.github.io/peripheral-pareidolia.html
271
Linux වලට මේ වෙද්දී තියෙන Stable වගේම Recommended MultI Input Method එක වෙන FCITX5 දැන් Android වලත් Use කරන්න පුළුවන් 🍻
> https://github.com/fcitx5-android
271
Software You Should Avoid 💣
>
stores your message history in plain text
> scans your list of running processes
> happily sends your data to the feds unrequested
> leaks your data on the internet if the jannies get mad
> needs 16 GB of RAM to run smoothly
> makes you pay a monthly fee to send files bigger than 2 kB
#ShitSoftware271
Systemd එකේ Main Developer 'sudo' Replacement එකක් ගේනවා කියලා සඳහනක් කරලා තියෙනවා. ඒත් අපි දන්නවනේ systemd කොච්චර bloated ද කියලා අලුත් tool එක හොඳක් කරයි කියලා මටනම් හිතෙන්නේ නෑ එත් extremely paranoid sysadmins ලා කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් හමෝම මේ අලුත් tool එකට පුරුදු වෙයි. අපිට දැනටමත් හොඳ alternative එකක් වෙන BSD ලාගේ doas තියෙනවා. මම හිතන්නේ අපි දැනටමත් තියෙන දේවල් තවත් over engineer කරන්න යන්න හොඳ නෑ 🐒
doas: 32kib, 12s compile
sudo: 5183kib, 58s compile
> https://outpost.fosspost.org/d/19-systemd-wants-to-expand-to-include-a-sudo-replacement
> https://nosystemd.org
* මොනවත් නැතුව su binary එක use කරලා වැඩේ කරගන්නත් පුළුවන් හැබැයි :)271
ලංකාවේ චිත්‍රපටයක් වෙන 'Alborada' මීට ටික දවකට කලින් අන්තර්ජාලයට නිකුත් වුනා. මම Private/Public Torrent Site වල දැකපු ලංකාවේ එකම Decent Release එක මේක. ඉස්සරහට මේ වගේ ගොඩක් Releases ආවොත් හොඳයි DVD-RIP/HDTV නැතුව 👾
271
ගොඩක් අය බලන් හිටපු Godzilla Minus One චිත්‍රපටයේ Bluray පිටපත අන්තර්ජාලයට ඊයේ රෑ නිකුත් වුනා.
