en
Feedback
Flash Practicals - අරුණ පල්ලේකුඹුර

Flash Practicals - අරුණ පල්ලේකුඹුර

Open in Telegram
933
Subscribers
+1624 hours
+1097 days
+71030 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
December '24
December '24
+81
in 0 channels
November '24
+145
in 0 channels
Get PRO
October '24
+153
in 0 channels
Get PRO
September '24
+312
in 3 channels
Get PRO
August '24
+836
in 5 channels
Get PRO
July '240
in 1 channels
Get PRO
June '24
+938
in 1 channels
Get PRO
May '240
in 5 channels
Get PRO
April '240
in 4 channels
Get PRO
March '24
+5
in 3 channels
Date
Subscriber Growth
Mentions
Channels
21 December+6
20 December+4
19 December+2
18 December+6
17 December+7
16 December+9
15 December+1
14 December+2
13 December0
12 December+6
11 December+6
10 December+6
09 December0
08 December0
07 December+5
06 December+5
05 December+4
04 December+1
03 December+5
02 December+2
01 December+4
Channel Posts
🎲 Quiz 'බල සමාන්තරාස්‍ර මූලධර්මය - Flash Practicals 05' Flash Practicals වැඩපිලිවෙල මගින් ඔබට සෑම videoවකටම පසුව ඔබේ දැනුම තියුණුව තබා ගැනීමට හා පරික්ෂා කිරීමට Quiz ප්‍රශ්න ගොන්නක් ලබා දීම සිදු කෙරේ  අපගේ Physics පන්ති සමග සම්බන්ධ වීමට 0769996161 දුරකථන අංකය භාවිත කරන්න  Aruna Pallekumbura Quality Physics 🖊 5 questions · ⏱ 30 sec

2
Flash practicals 05 - Tips බල සමාන්තරාස්‍ර මූලධර්මය සත්‍යාපනය හා දෙන ලද වස්තුවක ස්කන්දය සෙවීම අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ බල සමාන්තරාස්‍ර උපකරණය, නොදන්න අගයෙන් යුක්ත ස්කන්දයක්, තුලා තැටි හා භාර, තල දර්පන තීරුවක් හෝ විහිත චතුරස්‍රයක්, අඩි රූල, A4 කඩදාසියක්, තෙදඩු තුලාව, කවකටුව මුලධර්මය සත්‍යාපනය කිරිම 1. බල සමාන්තරාස්‍ර උපකරණයට තන්තු කොටස් මගින් තුලා තැටි සම්බන්ධ කරගැනිම 2. තුලා තැටිවලට සුදුසු ලෙස භාර එකතු කරගැනීම 3. පුවරු කටු මගින් තන්තු කොටස්වලට යටින් A4 සුදු කඩදාසියක් ස්ථානගත කිරීම 4. විහිත චතුරස්‍රය හෝ තල දර්පණ තීරුව භාවිත කර තන්තුවල පිහිටීම සුදු කඩදාසිය මත ලක්ෂ්‍ය 2ක් ලෙස ලකුනු කිරීම 5. A4 කඩදාසිය ගෙන එක් එක් තන්තුවට අදාල ලක්ෂ්‍ය යා කර තන්තුවල පිහිටීම ලබගැනීම 6. සුදුසු පරිමාණයකට අනුව එක් එක් තන්තුවට සම්බන්ධ ස්කන්දය, නිශ්චිත දිගක් මගින් නිරූපනය වන ලෙස තන්තුවල පිහිටීම ඡේදනය වන ලක්ෂ්‍යයේ සිට රේඛා නිර්මාණය කිරීම 7. කප්පි මතින් යන තන්තුවලට අදාලව නිශ්චිත පරිමාණයකට අනුව නිර්මානය කල රේඛා ඛණ්ඩ සහිත සමාන්තරාස්‍රය නිර්මාණය කිරීම 8. එහිදී එම සමාන්තරාස්‍රයේ මුලින්ම ඇදි පාද දෙක ඡේදනය වන ලක්ෂ්‍යය හරහා ඇදි විකර්ණය සිරස්ව පහලට පවතී නම් හා විකර්ණයේ දිග මගින් කප්පි මතින් නොයන තන්තුවට සම්බන්ද ස්කන්දය නිරූපිත වේ නම් බල සමාන්තරාස්‍ර මූලධර්මය සත්‍යාපනය වේ දෙන ලද වස්තුවක ස්කන්දය සෙවීම 1. කප්පි මතින් නොයන තන්තුවේ භාරය වෙනුවට දෙන ලද වස්තුව සම්බන්ධ කරයි 2. පසුව පෙර පරිදිම කප්පි මතින් යන තන්තු කොටස්වලට සම්බන්ධ භාර නිරූපනය වන ලෙස නිශ්චිත පරිමාණයකට අනුව රේඛා නිර්මාණය කර ඒවා අන්තර්ගත වන සමාන්තරාස්‍රය නිර්මාණය කරයි 3. එම සමාන්තරාස්‍රයේ දිග මැන පරිමානයෙන් ගුණ කල විට දෙන ලද වස්තුවේ ස්කන්දය ලැබේ. විශේෂ කරුණු කප්පි හා තන්තු පවතින තලය එකම තලයක් විය යුතු අතර එය පුවරුවේ තලයට සමාන්තර විය යුතුය තන්තු හෝ භාර පුවරුවේ ස්පර්ශ නොවිය යුතුයි. බල සමාන්තරාස්‍ර උපකරණය සම්බන්ධ කල පසු මැද තන්තුවට සම්බන්ධ භාරය මදක් පහලට ඇද අත් හළ විට නැවත මුල් පිහිටීමට පත් විය යුතුය. එසේ නොමැති නම් කප්පි භ්‍රමණය වන ස්ථානවලට ලිහිසි තෙල් එකතු කල යුතුය. විහිත චතුරස්‍රය මගින් තන්තුවල ලක්ෂ්‍ය කඩදාසියේ ලකුනු කරන විට විහිත චතුරස්‍රය තන්තුවලට ලම්භක විය යුතුය තල දර්පණ තීරුව මගින් තන්තුවල ලක්ෂ්‍ය කඩදාසියේ ලකුනු කරන විට තන්තුව හා එහි ප්‍රතිබිම්බය ඒකරේඛීය වන පිහිටීම යොදා ගයි. තන්තුවල පිහිටීම්වලට අදාල ලක්ෂ්‍ය ලකුනු කිරිමේදී ඒවා හැකිතාක් දුරින් පිහිටන පරිදි ලකුනු කල යුතුය. Quality Physics අරුණ පල්ලේකුඹුර 0769996161
1 495
3
https://youtu.be/Hv0fUgcKlLc?si=dGgm6LWSYLCYampV
563
4
https://youtube.com/shorts/n8LQCVVohsI?feature=share
1 196
5
🎲 Quiz 'චල අන්වීක්ෂය - Flash practicals 04' Flash Practicals වැඩපිලිවෙල මගින් ඔබට සෑම videoවකටම පසුව ඔබේ දැනුම තියුණුව තබා ගැනීමට හා පරික්ෂා කිරීමට Quiz ප්‍රශ්න ගොන්නක් ලබා දීම සිදු කෙරේ අපගේ Physics පන්ති සමග සම්බන්ධ වීමට 0769996161 දුරකථන අංකය භාවිත කරන්න Aruna Pallekumbura Quality Physics 🖊 7 questions · ⏱ 30 sec
1 879
6
Flash Practicals-04 චල අන්වීක්ෂය සොයාගැනීම 17 වන ශතවර්ෂයදී ඉදිරිපත් වූ සංකල්පයකට අනුව ක්‍රම ක්‍රමයෙන් දියුණුවී ඇත. කුඩාම මිනුම බොහෝවිට 0.01mm පමණ වේ.මාදිලිය මත රදා පවතී. උපකරණයේ කොටස් හා ප්‍රයෝජන උපනෙත - අන්වීක්ෂයේ ඇසට ආසන්න කාචයයි. අවනෙත - අන්වීක්ෂයේ වස්තුවට යොමු වන කාචයයි. දිශානති සැකසුම් අගුල - අන්වීක්ෂයේ අක්ෂය වෙනස් කළ හැක හරස්කම්බි - වස්තුවේ නිවැරදි ස්ථානය නාභිගත කිරීමට උදව් වේ. අන්වීක්ෂය නාභිගත කිරීමේ ඉස්කුරුප්පුව - අවනෙත සීරුමාරු කර වස්තුවේ තියුනු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ලබා ගැනීම මට්ටම් ඉස්කුරුප්පු - අන්වීක්ෂ පද්ධතිය මට්ටම් කිරීම ස්ප්‍රිතු ලෙවලය - අන්වීක්ෂ පද්ධතිය මට්ටම් දැයි පරික්ෂා කිරීම තිරස් ව'නියර් පරිමාණ අගුල - අන්වීක්ෂය තිරස්ව විශාල චලනවලට ලක්වීම වැලැක්වීම තිරස් සියුම් සීරුමාරු ඉස්කුරුප්පුව - අන්වීක්ෂ පද්ධතිය සියුම්ව තිරස්ව චලනය කිරීම සිරස් ව'නියර් පරිමාණ අගුල - අන්වීක්ෂය සිරස්ව විශාල චලනවලට ලක්වීම වැලැක්වීම සිරස් සියුම් සීරුමාරු ඉස්කුරුප්පුව - අන්වීක්ෂ පද්ධතිය සියුම්ව සිරස්ව චලනය කිරීම විශාලක කාචය - සමපාත ව'නියර් සලකුනු වඩා විශාල කර බලා ගැනීම. පරාසය තිරස් පරිමාණ ආධාරයෙන් 20cm පමණ හා සිරස් පරිමාණ ආධාරයෙන් 15cm පමණ පරාසයක් මැනිය හැක. මාදිලිය මත රදා පවතී. මූලාංක දෝෂ පාඨාංක 2ක් අතර අන්තරයක් ගන්නා බැවින් මිනුම්වලට බලපෑමක් නැත. මිනුම් ගැනීමට පෙර අන්වීක්ෂය මට්ටම් කරගත යුතුය.පසුව උපනෙත හා අවනෙත සීරුමාරු කර අන්වීක්ෂය නාභිගත කල යුතුය. මිනුම් ගැනීම තිරස් පරිමාණය මගින් වේදිකාව මත තබා ඇති වස්තුවක දිග මනින විට, පළමුව වස්තුවේ එක් කෙලවරකට අන්වීක්ෂය නාභිගත කර පාඨාංකය ගෙන පසුව අනෙක් කෙලවරට වස්තුව නාභිගත කර පාඨාංකය ගනියි. එම පාඨාංක යුගලේ අන්තරයෙන් දිග/පළල මනී. සිරස් පරිමාණය මගින් මිනුම් ගන්නා විට අදාල වස්තුව හා අන්වීක්ෂය එකම අක්ෂයේ පිහිටන ලෙස සකසා ගත යුතුය. අනතුරුව පෙර පරිදිම පාඨාංක ගෙන ඒවායේ අන්තරයක් ලබා ගයි. Quality physics අරුණ පල්ලේකුඹුර 0769996161
1 743
7
https://youtu.be/DNDe1owhI70?si=IUaRv39vSrK2Qtlx
1 413
8
https://youtube.com/shorts/7UhJV1eMsOE?feature=share
1 238
9
ගෝලමානය - Flash practicals 03 1 person answered Flash Practicals වැඩපිලිවෙල මගින් ඔබට සෑම videoවකටම පසුව ඔබේ දැනුම තියුණුව තබා ගැනීමට හා පරික්ෂා කිරීමට Quiz ප්‍රශ්න ගොන්නක් ලබා දීම සිදු කෙරේ අපගේ Physics පන්ති සමග සම්බන්ධ වීමට 0769996161 දුරකථන අංකය භාවිත කරන්න Aruna Pallekumbura Quality Physics 🖊 7 questions · ⏱ 30 sec · 🔀 answers External sharing link: t.me/QuizBot?start=Toj3FEvn
1 747
10
Flash practicals - 03 ගෝලමානය සොයාගැනීම 19වන ශතවර්ෂයේ දී සොයාගන්නා ලදී ප්‍රදාන කොටස් සිරස් හා වෘත්තාකාර පරිමාණ, ආධාරක පාද, ඉස්කුරුප්පුව, විල්ල දරයි. පාඨාංක ගැනීමට පෙර ඉස්කුරුප්පුව ආධාරක පාද පිහිටි මට්ටමට ගෙන පාඨාංකය සටහන් කරගත යුතුය. මෙහිදී තල වීදුරු තහඩුවක් භාවිත වේ. තල දර්පණ සුදුසු නැත කුඩාම මිනුම බොහෝවිට 0.01mm වේ. මෙය ඉස්කුරුප්පු අන්තරාලය සහ වට පරිමාණ කොටස් ගණන මත රදා පවතී. මිනුම් ගැනීම කාසියක ඝනකම මනින විට ඉස්කුරුප්පුව ඉහලට චලනය කර කාසිය මත උපකරණය තබා ඉස්කුරුප්පු තුඩ කාසියේ පෘෂ්ටය යාන්තමින් ස්පර්ශ කරන තුරු ඉස්කුරුප්පුව නැවත පහලට චලනය කර පාඨාංකය ලබාගයි. පසුව ආධාරක පාද මට්ටමදී ලබාගත් පාඨාංකය සහ මෙම පාඨාංකය අතර අන්තරයෙන් මිනුම ලබාගයි. වක්‍ර පෘෂ්ටයක වක්‍රතා අරය මනින විටද මෙලෙසම පියවර අනුගමනය කර "h" මිනුම ලබාගයි. පසුව R =[( a^2)/(6h)] + [h/2] මගින් වක්‍රතා අරය සෙවිය හැක පාඨාංක කියවීම මෙහිදී ප්‍රධාන පරිමාණ හා වට පරිමාණවල කියවීම් යුගලේ එකතුව ලබාගයි. වට පරිමාණ පාඨාංකය කියවන විට එහි සමපාත වන අගය කුඩාම මිනුමෙන් ගුණ කළ යුතුය. පාඨාංකයක් ගන්නා මොහොතේ වට පරිමානය, ප්‍රධාන පරිමාන ශුන්‍ය මට්ටමට වඩා පහලින් පිහිටයි නම් සැබෑම වට පරිමාණ අගය වනුයේ සමපාත අගය මුලු වට පරිමාන කොටස් ගණනෙන් අඩු කල විට ලැබෙන අගයයි. මූලාංක දෝෂ පාඨාංක දෙකක් අතර අන්තරයක් ගන්නා බැවින් මිනුම්වලට මුලාංක දෝෂවල බලපෑමක් නැත. Quality physics අරුණ පල්ලේකුඹුර 0769996161
2 434
11
https://youtu.be/EPNxatmApmk?si=fmBbum9RYKrhQLBx
1 813
12
https://youtube.com/shorts/9jQf3fIotLQ?si=wtWa4wJDzO-iuRe4
1 387
13
🎲 Quiz 'මයික්‍රෝමීටර්මීටර් ඉස්කුරුප්පු ආමානය - Flash Practicals 02' Flash Practicals වැඩපිලිවෙල මගින් ඔබට සෑම videoවකටම පසුව ඔබේ දැනුම තියුණුව තබා ගැනීමට හා පරික්ෂා කිරීමට Quiz ප්‍රශ්න ගොන්නක් ලබා දීම සිදු කෙරේ අපගේ Physics පන්ති සමග සම්බන්ධ වීමට 0769996161 දුරකථන අංකය භාවිත කරන්න Aruna Pallekumbura Quality Physics 🖊 8 questions · ⏱ 30 sec
1 687
14
Flash Practicals 02 මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය - Tips උපකරණයේ කොටස් ප්‍රධාන ලෙස කිණිහිරය, ඉද්ද, විල්ල, දිදාලය, දිදාල හිස යන කොටස් දරයි. විල්ල මත ප්‍රධාන පරිමාණයද දිදාලය මත වට පරිමාණය ද සලකුණු කර ඇත. උපරිම පරාසය උපරිම ලෙස 2.5cm පමණ මැනිය හැක. උපකරණයේ මාදිලිය මත රඳා පවතී. උපකරණය භාවිතයට පෙර කිණිහිරය සහ ඉද්ද පිරිසිදු කළ යුතුය. මූලාංක දෝෂ පරීක්ෂා කළ යුතුය මිනුම් ගැනීම කඩදාසියක ඝණකම සෙවීමේදී කඩදාසිය කැබලි 20කට පමණ කපා එම කැබලි 20ම එකට තබා ඝණකම මැන ශෝධිත පාඨාංකවල මධ්‍යයනය ගැනීම සිදු කරයි. කම්බියක විෂ්කම්භය මැනීමේදී කම්බිය කිණිහිරය සහ ඉද්ද අතර යන්තමින් ස්පර්ශ වන අවස්ථාවේදී පාඨාංකය ගෙන එම පිහිටුමේම ලම්භක ස්ථානයක නැවත පාඨාංක ගනියි. එවැනි තවත් පිහිටීම් 2ක පාඨාංක ගෙන සියලුම ශෝධිත පාඨාංකවල මධ්‍යයනයක් ගැනීම සිදු වේ. වීදුරු බෝලයක විෂ්කම්භය මැනීමේදි එකිනෙකට ලම්භක ස්ථාන 3කින් පාඨාංක ගෙන ශෝධිත පාඨාංකවල මධ්‍යයනය ගැනීම සිදු කරයි. වීදුරු තහඩුවක ඝනකම මැනීමේදී එකිනෙකට වෙනස් ස්ථාන තුනකින් පමණ ඝණකම මැන ශෝධිත පාඨාංකවල මධ්‍යයනය ගැනීම සිදු කරයි කුඩාම මිනුම ඉස්කුරුප්පු අන්තරාලය වට පරිමාණයේ කොටස් ගණනින් බෙදූ විට ලැබේ. සාමාන්‍යයෙන් වට පරිමාණය කොටස් 50කින් හෝ 100කින් පමණ සමන්විත වේ. ඉස්කුරුපු අන්තරාලය යනු ඉස්කුරුප්පුව සම්පූර්ණ වටයක් භ්‍රමණය වීමේදී එය විල්ල මත ගමන් කරන දුරයි. බොහෝ විට කුඩාම මිනුම 0.01mm පමණ වේ. පාඨාංක ගැනීම මෙහිදී ප්‍රධාන පරිමාණයේ මිනුමත් වට පරිමාණයේ මිනුමත් එකතු කිරීම සිදු වේ. ප්‍රධාන පරිමාණයේ මිනුම වනුයේ වට පරිමාණයට වඩාත් ආසන්න පරිමාණ සලකුණයි. වට පරිමාණ මිනුම වනුයේ ප්‍රධාන පරිමාණ රේඛාව සමග සමපාත වන වට පරිමාණ කොටස කුඩාම මිනුමෙන් ගුණකල විට ලැබෙන අගයයි. මූලාංක දෝෂ ඉද්ද හා කිනිහිරය ස්පර්ශ වන විට උපකරණයේ පාඨාංකය ශුන්‍ය වේ නම් උපකරණයේ මූලාංක දෝෂ නොපවතී. ඉද්ද හා කිනිහිරය ස්පර්ශ වීමේදී ප්‍රධාන පරිමාණ ශුන්‍යයෙන් හරි අඩකට වඩා වැඩිපුර පෙනේ නම් ධන මූලාංක දෝෂද හරි අඩකට වඩා අඩුවෙන් පෙනේනම් සෘණ මූලාංක දෝෂද පවතී. Quality Physics අරුණ පල්ලේකුඹුර 0769996161
2 274
15
https://youtu.be/Z8U3RY8sVRw
1 818
16
https://youtube.com/shorts/RSIPPSM4uGI?feature=share
1 512
17
Flash Practicals ඉදිරි Episode වලට තව එකතු වෙන්න ඕනි මොනවද? අදහස්/‍යෝජනා පහත Form එකෙන් එවන්න https://forms.gle/PzQbwuksN2Y2xPKh7
1 812
18
Flash Practicals 01 ව'නියර් කැලිපරය - Tips සොයාගැනීම Pierre Vernier විසින් 1631 දී හදුන්වාදෙන ලදී උපකරණයේ කොටස් ප්‍රධාන කොටස් ලෙස අචල හනුව, සචල හනුව, බාහිර හනු, අභ්‍යන්තර හනු, ගැඹුර මනින කූර, තද කිරීමේ ඉස්කුරුප්පුවෙන් සමන්විතය. තද කිරීමේ ඉස්කුරුප්පුව තද කරන අවස්තා උපකරණය ප්‍රවාහනයදී හා පාඨාංක කියවීමට පෙර හනු අතර චලිතය වැලැක්වීම සදහා මිනුම් පරිමාණ අචල හනුව මත ප්‍රධාන පරිමාණයද සචල හනුව මත ව'නියර් පරිමාණයද ලකුණු කර ඇත මිනුම් පරාසය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 15 ක පමණ උපරිම පරාසයක් පවතී. උපකරණයේ මාදිලිය මත රඳා පවතී. කුඩාම මිනුම සාමාන්‍යයෙන් 0.1mm වේ. මෙයද උපකරණයේ මාදිලිය මත රඳා පවතී. බොහෝ විට කුඩාම මිනුම උපකරණයේ සඳහන් කර ඇත. නැතහොත් ගනණය කිරීමකින් එය සෙවිය යුතුය. මූලාංක දෝෂ උපකරණය දෝෂ රහිත නම් බාහිර හනු එකිනෙක ස්පර්ශ වන විට පාඨාංකය ශුන්‍ය විය යුතුය. එසේ නොවේ නම් මූලාංක දෝෂ පවතී. ව'නියර් ශුන්‍ය ලකුණ ප්‍රධාන පරිමාණ ශුන්‍ය ලකුණ පසුකර ඊට ඉදිරියෙන් පිහිටන්නේ නම් ධන මූලාංක දෝෂ පවතී. වර්නියර ශුන්‍ය ශුන්‍ය ලකුණ ප්‍රධාන පරිමාණ ශුන්‍ය ලකුණ පසුකර ඊට පිටුපසින් පිහිටන්නේ නම් ඊට ඍණ මූලාංක දෝෂ පවතී. මූලාංක ශෝධනය මූලාංක ශෝධනය මගින් මිනුමක මූලාංක දෝෂවල බලපෑම ඉවත් කරයි. මෙහිදී ඍ‌ණ මූලාංක දෝෂයක් නම් ධන මූලාංක ශෝධනයක් ද ධන මූලාංක දෝෂයක් නම් ඍණ මූලාංක ශෝධනයක් ද සිදු කරයි. පාඨාංක ගැනීම මෙහිදී ප්‍රධාන පරිමාණයේ සහ ව'නියර් පරිමාණයේ දැක්වෙන පාඨාංක වල එකතුව ගත යුතුය. ව'නියර් ශුන්‍ය ලකුන විසින් පසුකර ඇති ආසන්නම ප්‍රධාන පරිමාණ ලකුන ප්‍රධාන පරිමාණ පාඨාංකය වේ. ප්‍රධාන පරිමාණයේ ලකුණක් සමග සමපාත වන ව'නියර් ලකුණ හඳුනා ගෙන එම අගය කුඩා මිනුමෙන් ගුණකර ප්‍රධාන පරිමාණ පාඨාංකයට එකතු කළ යුතුය. මිනුම් ගැනීම කැලිපරය මගින් පහසුවෙන් හැඩය විරූපණය වන ද්‍රව්‍යවල මිනුම් ගත නොහැක. කැලිපරය මගින් ලී කුට්ටියක දිග මනින විට එකිනෙකට වෙනස් ස්ථාන තුනකින් දිග මැන ඒවායේ මධ්‍යයනයක් ගනියි. පළල හා උසද මෙයාකාරයටම මනියි. නලයක බාහිර විෂ්කම්භය මැනීමේදී එකිනෙකට එකම පිහිටුමක ලම්භක ස්ථාන දෙකකින් පාඨාංක ගෙන එලෙසම වෙනත් පිහිටුම් දෙකකදී පාඨාංක ගයි. පසුව එම පාඨාංකවල මධ්‍යයනයක් ගනියි. අභ්‍යන්තර විෂ්කම්භය මැනීමේදී එකිනෙකට ලම්භක ස්ථාන දෙකකින් පාඨාංක ගැනීම සිදුකරයි. කුහරයක ගැඹුර මැනීමේදී එය සඳහා ගැඹුර මනින කූර භාවිත වේ. ගෝලයක විෂ්කම්භය මැනීමේදී එකිනෙකට ලම්භක ස්ථාන තුනකින් පාඨාංක ගෙන මධ්‍යයනයක් ගනියි. දීර්ඝ කළ ව'නියරය මෙහිදී 1mm කොටස් 39ක් වර්ණිය කොටස් 20කට බෙදීමෙන් වඩාත් කුඩා වූ කුඩාම මිනුමක් සහ සමපාත ලකුණු කියවීම පහසු කරගෙන ඇත. Quality Physics අරුණ පල්ලේකුඹුර 0769996161
1 997
19
🎲 Quiz 'ව’නියර් කැලිපරය - Flash Practicals 01' Flash Practicals වැඩපිලිවෙල මගින් ඔබට සෑම videoවකටම පසුව ඔබේ දැනුම තියුණුව තබා ගැනීමට හා පරික්ෂා කිරීමට Quiz ප්‍රශ්න ගොන්නක් ලබා දීම සිදු කෙරේ 🖊 10 questions · ⏱ 30 sec
2 024
20
https://youtu.be/DZEfX4NFDLg?si=qxs6T4whbUazr0St
1 940