|| Thoughti ✨🪐
Open in Telegram
• Welcome to @ThoughtiLK ❤️😇 කවියේ රස සංස්පර්ශය✨ -Since 2024- Contact : @ThoughtiBot
Show more351
Subscribers
-124 hours
No data7 days
+130 days
Posts Archive
🫀🗣
තුත්තිරි ගහක් ද ? 🌱දකින දකින හැම කකුලෙ ම එල්ලෙන...!
නිදිකුම්බා පැළයක් ද? 🌸හැම ස්පර්ශයක් ම ප්‍රතික්ෂේප කරන...!
සූරියකාන්ත මලක් ද?🌻ඉර හැරෙන පැත්තට බෙල්ල කඩාගෙන හැරි හැරිලා ඉන්න...!
කඩුපුල් මලක් ද?🤍හඳ දැකපු ගමන් ඇහැරිලා , ඒ එළියෙන් ම පරවෙලා යන...!
සේපාලිකා මලක් ද?🩵හැමෝම සිහින ලෝකවල ගිලෙද්දි පිපිලා, ඒ හැමෝම හීන වෙනුවෙන් මහන්සි වෙන වෙලාවෙදි පරවෙලා යන...!🥀 නෑ...! එකක්වත් නෙවෙයි...
ඒ හැම එකේම සම්මිශ්‍රණයක් ද...? 🥺❤️🩹Len ✍🏼

නොම යදින්නෙමි.... තවත් කේන්ද්‍රාභිසාරී බලයක් ම..!අත් හළ හැකියි නම් ලුහුවට, බර දඬු සන්ධියෙන් ගලවා , යමි ... ජීවිත කබොලෙන් ඉවතට ස්පර්ශ ශුන්‍ය කරගෙන "කාල යන්ත්‍රය" විෂයෙන් වරක් අවකලනයෙන් යළි නූපදිමි ... ලෝ වටා වෘත්තාකාර ව ගමන් කරමින් නොම යදින්නෙමි.... තවත් කේන්ද්‍රාභිසාරී බලයක් ම..! Len ✍🏼
ගිලිහුණු මිරිඟු සතුට ❤️🩹විජය මගෙහි ඇවිද ගියපු මඟ සලකුණු මැකී ගොසිනි තුටු පාරේ සරු ඵල වැල වියැළි ගොසිනි සිඳී ගොසිනි අත දෙන්නට කිසිත් නොමැති රළු කතරක ඉකි බිඳිමින් දුකට ආවඩා මෙලෙසට සොයමි, ඇදෙමි , සුසුම් යදිමි...! Len ✍🏼
නොලියා ම බැරිය...!❤️🩹දෙමසකුත් හරියකට ගත නොවී නුඹ ව හිතවතෙකු සේ ළඟට ගත් මා ද අතැර කොහි හිඳිත් දැයි නොදැනි කඳුළු මට බොහො ය... දිවිය නම් සැමට අනියත බව ත් ඉගෙන තිබු නමුත් කී වරක් මෙලොවින් ම මා ද නුඹ මෙන්ම හිතවතුන් කීදෙනෙක් මළ ද නිසි ලෙසට සත් නොදැනි කරුණු ඇයි සබඳ... පිය විප්පයෝගය ත් නියතයක් සැමට නමුත්,හිත වැටහුමට රුචි නොදෙනු කිම් ද තව තවත් සසරට ම ඇලි ඇලී මා ද , නුඹ යළිත් මා සොයා එනු ඇතැයි විගස හිත හදා ගෙන අසමි "ආයේ එනවා ද?"🥺 "ඉතින්,මේක ඔයාට 🥺💐❤️...මට හරි පාළුයි...එනවද මාව බලන්න ඉක්මනට ම 🥺❤️ "
තුන්වෙනි පාරටත් දරුණු විදියට අහිංසකයෙක් ට හීලෑ වුණු මගේ හිත ,ආයෙම බිදෙද්දි තමයි තේරෙන්නෙ ;මාත් හරියට සැඬ පහරක ගහගෙන යද්දි ඒක උඩ තියෙන බෝට්ටුවකට නගින්න හදන, පොදු ප්‍රවාහයේ කුහුඹුවෙක් විතරයි කියලා... "🥺❤️ Len✍🏼
නොලියා ම බැරිය...!❤️🩹දෙමසකුත් හරියකට ගත නොවී නුඹ ව හිතවතෙකු සේ ළඟට ගත් මා ද අතැර කොහි හිඳිත් දැයි නොදැනි කඳුළු මට බොහො ය... දිවිය නම් සැමට අනියත බව ත් ඉගෙන තිබු නමුත් කී වරක් මෙලොවින් ම මා ද නුඹ මෙන්ම හිතවතුන් දෙදෙනෙකුත් මළ ද නිසි ලෙසට සත් නොදැනි කරුණු ඇයි සබඳ... පිය විප්පයෝගය ත් නියතයක් සැමට නමුත්,හිත වැටහුමට රුචි නොදෙනු කිම් ද තව තවත් සසරට ම ඇලි ඇලී මා ද , නුඹ යළිත් මා සොයා එනු ඇතැයි විගස හිත හදා ගෙන අසමි "ආයේ එනවා ද?"🥺 "ඉතින්,මේක ඔයාට🥺💐❤️...මට හරි පාළුයි...එනවද මාව බලන්න ඉක්මනට ම🥺❤️ "
තුන්වෙනි පාරටත් දරුණු විදියට අහිංසකයෙක් ට හීලෑ වුණු මගේ හිත ,ආයෙම බිදෙද්දි තමයි තේරෙන්නෙ ;මාත් හරියට සැඬ පහරක ගහගෙන යද්දි ඒක උඩ තියෙන බෝට්ටුවකට නගින්න හදන, පොදු ප්‍රවාහයේ කුහුඹුවෙක් විතරයි කියලා... "🥺❤️ Len✍🏼
සොයාවි ද මුදුන් මුල මියැදුමට කරුණු නම්...!තැලුණා ම මල් පෙති බඹරෙකුගේ අතින් රිදුණා ද කියාවත් විමසත් ද මල් ඉතින්... වැටුණා ම නටු අගින් හිස්තැනක් රඳවමින් සොයාවි ද මුදුන් මුල මියැදුමට කරුණු නම්...!🥺🥀 Len ✍🏼
කොච්චර කුරුල්ලො ඇවිත් ගියත්,ගහක තනියට අන්තිමට ඉතුරු වෙන්නෙ මුදුන් මුල විතරයි...!🥺❤️