Notes by Rapunzel ❄️💜
Open in Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Show more8 179
Subscribers
-1624 hours
-577 days
-25830 days
Posts Archive
Mix mcq points🌊ඕනම වායුවක් ජලයේ දියවීම තාප දායකයි 💥ඕනම බන්දන කැඩීමක් තාප අවශෝෂකයි 🔥ඕනම බන්දන සෑදීමක් තාප දායකයි 🍀HNO3 ට ඔ'හාරක ගුණ නැහැ ✖️ හේතුව : N දැනටමත් +5 උපරිම ඔක්සිකරන අංකෙ ඉන්න නිසා 🧪HNO3 භශ්මයක් විදිහටත් ක්‍රියා කරනවා ( උදා ; බෙන්සීන් නයිට්‍රොකරණය ) ❤️Al , Be , Sn , Pb , Zn මෙයාලා තමයි උභයගුනික ලෝහ 5 👀Cu හා Ag 50% සාන්ද්‍ර HNO3 සමග NO වායුව ලබා දෙනවා 🔴ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි 3d4 4s2 -----> 3d5 4s1 විදිහටත් 3d9 4s2 ------>3d10 4s1 විදිහටත් ප්‍රති සංවිධානය වෙනවා 🔴වැඩිම වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙන මූලද්‍රව්‍ය Cr 💫රන් පත්‍ර පරීක්ෂාවේ නිරීක්ෂණ : ඇල්ෆා , •අංශු විශාල ප්‍රමාණයක් ගමන් මාර්ගයේ වෙනසක් නොමැතිව ගමන් කිරීම. •සුළු ප්‍රමාණයක් සුළු කෝණ වලින් ගමන් කිරීම •ඉතා සුළු ප්‍රමාණයක් මහා කෝණ වලින් ගමන් කිරීම •ඉතා කලාතුරකින් ආරම්භක ගමන් මාර්ගයේම ආපසු ගමන් කිරීම ⭐️සමස්ථානික වල රසායනික ගුණ වෙනස් වෙන්නේ නැහැ 🖌e පිරෙන්නේ ශක්තිය වැඩිවන එනම් ආරෝහණය වන පිලිවෙලට 🩶දියවීම් නොවීම් | AgCl | AgBr | AgI තනුක NH3 ✔️ ✖️ ✖️ ---------------------------------------------------- සාන්ද්‍ර NH3 ✔️ ✔️ ✖️ ❤️යම් ලවණයක ඇනායනයේ මව් අම්ලය ප්‍රබල නම් තනුක අම්ල වල දිය වෙන්නේ නැහැ , දුබලනම් තනුක අම්ල වල දිය වෙනවා ( ජාතකේ හොදනම් දිය වෙන්නෙ නෑ , නැත්නම් දියවෙනවා 😬) උදා : BaSO4 ගේ ඇනායනය SO42- ඒ කියන්නේ මව් අම්ලය වෙන්නේ H2SO4 එයා ප්‍රබල අම්ලයක් නිසා , BaSO4 🤍තනුක අම්ල වල දිය වෙන්නේ නැ 💛සංයෝජිත අවස්තාවේ ඉහලම ධන ඔක්සිකරන අංකය තියෙන්නේ Xe ( සෙනෝන් ) ට ( +8 ) 🔵තනි පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මූලික ප්‍රතික්‍රියාවකට ⚫️මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතිය පෙලට සමානයි ⚫️මූලික ප්‍රතික්‍රියාවක අණුකතාවය = ස්ටෝකියෝමිතිය වේ. 🔵මූලික ප්‍රතික්‍රියාවක ස්ටෝකියෝමිතික පෙලට සමාන උනාට ස්ටෝකියෝමිතික පෙලට සමාන වෙන හැම ප්‍රතික්‍රියාවම මුලික නෙවෙයි බහුපියවර ප්‍රතික්‍රියා වෙන්නත් පුලුවන් 🟤සම්මත අවස්තාවේ සියලුම අයනික සංයෝග ඝනයි. ✔️නියත උෂ්නත්වයේ සහ පීඩනයේ පද්දතියක සිදුවන තාප විපර්යාසය තමයි එන්තැල්පිය කියන්නේ ▪️උච්ච වායු වලට තූකරණ එන්තැල්පියක් නැ 🔴පදාර්ථය හා තාපය හුවමාරු වීම, ශක්තිය | පදාර්ථය විවෘත ✔️ ✔️ සංවෘත ✔️ ✖️ ඒකලිත ✖️ ✖️ 🟢චුම්බක ක්වොන්ටම් අංකය මගින් යම් කාක්ශිකයක අවකාශයේ දිශානතිය පිලිබද විස්තර කරයි. 🟢ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන විට උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2n^2ට සමානයි. ⬇️තාත්වික වායුවක පීඩනය පරිපූර්ණ වායුවකට වඩා අඩුයි. ⏬පලමු කාන්ඩයේ ලිතියම් ( Li ) හැර අනෙත් මූලද්‍රව්‍ය වල කාබනේට ( CO32- ) හා හයිඩ්‍රොක්සයිඩ ( OH- ) තාප වියෝජනය නොවේ ⏪ඉලෙක්ට්‍රෝනකරනය වැඩි වෙන පිලිවෙල කෙල්ල Cl , ෆියෝනා F , සුදූ S , ඔන්න O , පත P , නයෙක් N (Group එකෙන් ගත්තේ ❤️ ) Cl > F > S > O > P > N 🔴ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනය වැඩිම Cl ගේ 🔴දෙවන ඉලෙක්ට්‍රෝනකරනය සෑම විටම ප්‍රථම ඉලෙක්ට්‍රෝනකරනයට වඩා වැඩිවන අතර එය තාප අවශෝෂක වේ. 🔴එන්ට්‍රොපිය = අපිලිවෙල / අහඹුතාවය ( අපිලිවෙල වැඩිවන විට එන්ට්‍රොපිය වැඩිවේ ) ඝන < ද්‍රව < වායු 〰️බන්දන දිග තනි > ද්විත්ව > ත්‍රිත්ව බන්දන බන්දන බන්දන පිලිවෙලට වැඩි වැඩියි. • මුහුම්කරණය අනුව P ගුන වැඩ් වන විට බන්දන දිග වැඩියි sp < sp 2 < sp3 < sp - sp < sp - sp2 < sp - sp3 < sp2 - sp2 - sp3 < sp3 - sp3 🔘d ගොනුවෙහි Zn පමණක් ආන්තරික නෙවෙයි 🔴Zn හා Sc විචල්‍ය ඔක්සිකරන අංක නොපෙන්වයි Zn2+ , Sc3+ පමණක් පෙන්වයි. 🟠S හා P ගොනුවට සාපේක්ෂව d ගොනුවෙහි ද්‍රවාංක තාපාංක ඉහල යි. ⬆️D ගොනුවෙහි වැඩිම ද්‍රවාංක තාපාංකය - V වැනේඩියම් ⬇️අඩුම ද්‍රවාංක තාපාංක - Zn ⚡️මද්‍යනය චාලක ශක්තිය රදාපවතින්නේ උෂ්ණත්වය මත විතරයි 🫧තාපාංක සංසංදනයේදි මුලින්ම බලන්නේ භෞතික අවස්තා ⚫️V Cr Mn 4 3 4 --- උභයගුනික ඔක්සිකරන අංක ( ඒවයේ ඊට අඩු ඔක්සිකරන අංක සහිත් සංයෝග භාශ්ම්කත් , වැඩි ඔක්සිකරන අංක සහිත සංයෝග ආම්ලිකත් වේ )
O₃ වියන හායනය - අහිතකර ප්‍රතිඵල;1. මිනිසුන්ගේ සමේ පිලිකා ඇතිවීම. (DNA විකෘති වීම නිසා.) 2. ඇසේ සුද ඇති වීම. 3. රෙදිවල වර්ණ විරංජනය වීම. 4. ශාකවල වර්ධනය අඩාල වීම. කුරු වීම. විකෘති ඇතිවීම. 5. එළිමහන්වල වැඩිපුර හැසිරෙන සතුන්ගේ (හරකුන් සුනඛයින්. ඇස්වල සුද ඇතිවීම. ( කුරු බවට පත් වුන ගහක් උඩ වාඩිවෙලා ඉන්න,වර්ණ විරංජනය වූ රෙදි ඇදගත් මූනේ හමේ පිලිකාවක් තියන ඇස් වල සුද තියන මිනිහෙක් , ඇස් වල සුද ආව බල්ලෙක් ලග තියාගෙන ඉන්නවා. )
( Credit - Nethmi )
අම්ල වැසි වලින් ඇති වන හානි1. ලෝහ වලින් තැනු ව්‍යුහ විනාශ වීම (අයිෆල් කුලුන විනාසයි) 2. කිරිගරුඩින් සෑදු ව්‍යුහ විනාශ වීම (ටජ්මහල විනාසයි. ) 3. ජලජ ජීවින් මිය යාම (මැරිච්ච මාලු ) 4. ශාක මිය යාම (මැරිච්ච ගස්)
Credit --DR.Randeer sir
🔰ක්වොන්ටම් අංක🔰
💎ප්‍රධාන ක්වොන්ටම් අංකය
⭕️නිරූපණය කරන ඉලෙක්ට්‍රෝනය අයත් වන ප්‍රධාන ශක්ති මට්ටම පැහැදිලි කිරීම සඳහා භාවිතා වන ක්වොන්ටම් අංකයයි.
⭕️මේවා පිළිවෙලින් n=1,2,3 ආදී ලෙසට නිරූපණය කරයි.
💎 උද්දිගංශ ක්වොන්ටම් අංකය
⭕️සලකන ඉලෙක්ට්‍රොනය අයත් වන උපශක්ති මට්ටම පෙන්වීම සදහා යොදා ගනී.
⭕️එහිදී s,p,d,f ලෙස පිළිවෙලින් 0,1,2,3 ලෙස ඉදිරිපත් වේ.
⭕️ප්‍රධාන ශක්ති මට්ටම n වන විට උද්දීගංශ ක්වොන්ටම් අංකය (n - 1) වේ.
💎 චුම්බක ක්වොන්ටම් අංකය.
⭕️සලකන ඉලෙක්ට්‍රොනය අදාල උපෂක්ති මට්ටමේ කුමන විභේදනය වූ කක්ෂිකයට අයත්ද යන බව විස්තර කිරීමට චුම්බක ක්වොන්ටම් අංකය භාවිතා වේ.
⭕️ උද්දීගාශ ක්වොන්ටම් අංකය l වන විට චුම්බක ක්වොන්ටම් අංකය -l සිට +l දක්වා පරාසයක පැතිර යයි.
*උදාහරණ*
🪀 S. L=0 ml =0
🪀 P. L=1. Ml= -1,0,+1
🪀 D. L = 2. ml= -2,-1,0,+1,+2
💎 භ්‍රමණ ක්වොන්ටම් අංකය
⭕️ සලකන ඉලෙක්ට්‍රොනය තමා පවතින කාක්ෂිකය තුළ යොමු වි ඇති දිශාව විස්තර කිරීම සදහා භාවිතා වන ක්වොන්ටම් අංකයයි.
⭕️ එහිදී උඩ අතට ms= +1/2 ලෙසද යට අතට ms= -1/2 ලෙසද හැඳින්වේ.
✨ Copied
♻️ තාපාංක විචලනය ♻️
සහසංයුජ අණුවල තාපාංක සදහා
▫️ ධ්‍රැවීය හෝ නිර්ධ්‍රැවීය බව
▫️ අණුවේ ස්කන්ධය
▫️ අණුවේ ව්‍යුහය
යන සාධක විවිධ ප්‍රමාණවලින් බලපායි.
🔸 අන්තර් අණුක බලවල ප්‍රබලතාවය වැඩි වනවිට ඒ අනුපිළිවෙළින් තාපාංක වැඩිවෙනවා
⭕️ ඒ ගැන කලින් සාකච්ඡා කළ කරුණු ආයේ කියවාගන්න
📖 එකම අණුක සූත්‍රය පැවතියත් වෙනස් හැඩයන් පවතින විට ඒ අනුවද තාපාංක විචලනය වෙනවා.
1️⃣ Pentane
CH3-CH2-CH2-CH2-CH3
2️⃣ 2-methylbutane
CH3
|
CH3---CH---CH2---CH3
3️⃣ 2,2-dimethylpropane
CH3
|
CH3----C---CH3
|
CH3
1️⃣ - රේඛීය දාම ලෙස ඇතිවිට අණුවේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි නිසා අපකිරණ බල ප්‍රබලතාවය වැඩි වෙනවා. මේ නිසා සාපේක්ෂව තාපාංක රේඛීය අණුවල වැඩියි.
2️⃣ අංශදාම ඇතිවිට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩු වී අන්තර් අණුක බල ප්‍රබලතාව අඩුවී තාපාංක සාපේක්ෂව අඩුවේ.
3️⃣ අංශදාම ගණන වැඩිවනවිට අන්තර් අණුක බල ප්‍රබලතාව තවත් දුර්වල වී තාපාංකය බොහෝ අඩු වෙනවා
🖊 අයඩින්( I2) ඝනය
◼️ I2 යනු සාපේක්ෂව විශාල අණුක ස්කන්ධයක් සහිත නිර්ධ්‍රැවීය අණුවකි.
◼️ එම නිසා I2 අණු එකිනෙක අපකිරණ බලවලින් බැදෙමින් නිර්ධ්‍රැවීය අණුක දැලිසක් ලෙස ස්වභාවයේ පවතී.
◼️ මෙම අපකිරණ බල ඇතැම් අවස්ථාවලදී බිද වැටී I2 ඝනයෙන් වායුමය I2 අණු ඉවත්ව යයි
🟢 මේක ඌර්ධවපාතනය ලෙස හදුන්වනවා.
✨ Copied
+2
ඇල්කේන ,ඇල්කීන, ඇල්කයින වල ප්‍රතික්‍රියා සාරාංශය...✨
@Rapunzelnotes#ආසාවෙන්ඉගෙනගන්න #Chemistry
ඇල්කේනයකි ඔබ !
(" පරිවර්තනයක් මැද්දට ඇල්කෙනයක් ආවොත් පරිවර්තනය පැත්තකින් තියලා අඩන්න මොකද එතනින් එහාට අනාගතයක් නෑ ! "
- අමිල සර් )
සීරුවෙන් ලියාගෙන ආපු පරිවර්තනයක අතරමැද්දට අහම්බෙන්
හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් පැමිණිය ඇල්කේනයකි ඔබ !
බයෝ කරපු ඒලෙවල් ❤
(අබ්දුල් උමර් සහන් නෙත්මිණ )
මේම කියන්නෙ ඇයි කියන්න බලන්න දන්න කෙනෙක්..
If someone asks : Is Anuradha Perera that big of a character?
I say : yup, a real Chad I've seen in my life. 💪❤️⭕️ Special Notice Parking facilities have not been provided for tipper trucks.🫠
අදට අවසානයි..
හම්මේ කොන්දත් රිදෙනෝ බෙල්ලත් රිදෙනො ඇගිලිත් රිදෙනෝ දැන් නම්..
ඉතින් Quiz එක කෙසේද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන් යන්න..
ගැටලු/පැහැදිලි කර ගන්න ඕන තැන් පහලින් දාන්න..
හෙටත් එකක් ගේන්නද Mix Mcq Quiz එකක්?
S ගොනුවේ පලමු කාන්ඩයේ සියලු ලෝහ ජලය සමග ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරයි
අකාබනික බහුඅවයවික කර්මාන්තයේ දී සිලිකන් විශාල වශයෙන් භාවිතා වේ.
