Learn Bits
Open in Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Show more1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
1 305
කාමුක ලිංගිකත්වය (Porn Sex) සහ සංස්කෘතික ලිංගිකත්වය (Tantric Sex) අතර වෙනස
කාමුක ලිංගිකත්වයට අනුව :-
1. ලිංගිකත්වය පදනම් වෙන්නේ පෙනුම සහ රූපය මත පමණි.
2. ලිංගිකත්වය යනු සුරාන්තය සහ ශුක්‍රාණු පිට වීම පමණි.
3. ලිංගිකව හැසිරීමට සමීප සබඳතාවන් අවශ්‍ය නැත. ඕනෙම කෙනෙක් සමග ඕනෙම ආකාරයට ලිංගිකව හැසිරිය හැක.
සංස්කෘතික ලිංගිකත්වයට අනුව :-
1. ලිංගිකත්වය යනු ශරීරයට සීමා නොවුන ආත්මයන් පවා සම්බන්ධ කරන දෙයක්.
2. ලිංගිකත්වය යනු එකිනෙකාගේ ආශාවන් වලට ගරු කරමින් , එකිනෙකාව තෘප්තිමත් කරගැනීමකි.
3. ලිංගිකත්වය යනු බිඳ දැමිය නොහැකි සම්බන්ධයකි.
4. ලිංගිකත්වය යනු අත්දැකීම් සමූහයකි.
කාමුක ලිංගිකත්වය ජීවිතයේ තනි සතුටට සුදුසුය. සංස්කෘතික ලිංගිකත්වය තමාගේ සතුටට මෙන්ම අනෙකාගෙ සතුටටද සුදුසුය.
#Relationship_Tips
1 305
ගොඩක් කට්ටිය cricket Status ඉල්ලන නිසා cricket videos දාන්න හිතුවා වෙනම.. කස්ටියම join වෙන්න ❤️✌🏽
💁♂️ Cricket Status
💁♀️ Cricket Meme
💁♂️ Cricket Posts
🔰 මේ වගේ Cricket වලට සම්බන්ධ Status Videos , memes බලන්න අපිත් එක්ක සෙට් වෙන්න .😉💙🏏
⚠️ඒ වගේම සිංහල & හින්දි whats app Status බලන්න අපේ Main චැනල් එකට Join වෙන්න ❤️🎶💫
1 305
පළමු වෙබ්සයිට් එක නිර්මාණ උනේ මොන කාලයේදීද?
ලෝකයේ පළමු වෙබ්සයිට් එක සහ වෙබ් සර්වර් එක නිර්මාණය වෙලා තියෙන කාලය ගැන නිශ්චිත සඳහනක් නැතත් , එය පළමු වරට අන්තර්ජාලයට ඇතුලත් කරල තියෙන්නෙ 1991 අගෝස්තු 6 වෙනිදා.
http://Info.cern.ch මේ තියෙන්නෙ ඒ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එක නිර්මාණය කරල තියෙන්නෙ ප්‍රංශය තුළ , CERN නම් ආයතනය විසින්.
#History
1 305
ඇත්තටම ඉදුණු දොඩම් තැඹිලි පාට නෑ...!
දොඩම් ගෙඩියක් පරිණත වෙනකොට , මේ දොඩම් ගෙඩිය තුළ හරිතප්‍රද හටගන්නවා. දොඩම් වල කොළ පැහැයට හේතු වෙන්නෙ මේ හරිතප්‍රද. ඉතින් සාමාන්‍යෙන් ඉතාමත් ශීත උෂ්ණත්වයකට මුහුණ දෙනකොට මේ හරිතප්‍රද මිය ගිහින් , දොඩම් ලෙල්ලේ ආවේණික කොළ පැහැය නැති වෙලා යනව. අන්න එතකොට තමයි දොඩම් ගෙඩියක් තැඹිලි පාටින් දිස් වෙන්නෙ.
ගොඩක් වෙලාවට සමකය ආසන්නයේ තියෙන උෂ්ණ රටවල් වල නං ,තැඹිලි පාට දොඩම් ගෙඩියක් හදාගන්න හරිම අමාරුයි. ඒකට හේතුව තමයි නියමිත උෂ්ණත්වයක් සහ ආලෝක තත්වයක් හමුවේ හරිතප්‍රද වල ක්‍රියාව නොකඩවා සිදු වීම.
සාමාන්‍යෙන් අපේ රටවල් වල නං , කොළ පාට දොඩම් තැඹිලි පාට කරන්න , එතිලීන් වායුවට නිරාවරණය කරනවා. ඒකෙන් හරිතප්‍රද බිඳ දානවා.
#Knowledge
1 305
° Google එකේ අලුතෙන් Release වෙන Films හොයනවද...🥹 •
• ඉතින් හම්බුනා ද..😄 •
• අලුතෙන් Release වෙන Films ගන ඕන එවුන් බල බල ඉන්නෙ නැතුව ඔන්න ඔය Link එකෙන්
• අපේ Channel එකට එන්න...😌
🫵 අපි දෙන්නම් New Films ටික...🙀
👇👇👇👇👇
https://t.me/Movies_SL_Updates
👆👆👆👆👆
1 305
මේ තියෙන්නෙ ඉඳිකටුවක මුදුනේ ඇති විවරය තුළ නිර්මාණය කරපු කාන්තාවකගේ මූර්තියක්.
නැනෝ තාක්ෂණය් මගින් , මේ මූර්තිය නිර්මාණය කරල තියෙන්නෙ , ඉංග්‍රීසි මූර්ති ශිල්පියෙක් වෙන , ජොන්ටි ගුර්විට්ස් විසින්.
ඒ වගේම මේ මූර්ති පියවි ඇසින් දකින්න ගොඩක් අපහසුයි. (නොහැකියි බොහෝ විට). ඒ නිසා මේ මූර්ති බලන්න අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් අවශ්‍ය වෙනවා.🥲
https://t.me/micromirr/2187
#Social_Mid
1 305
ජීවිතය කියන්නෙ දීර්ඝ ගමනක්....
ජීවිතය කියන ගමන පටන් ගන්නේ , සම්පූර්ණයෙන්ම 'වාසනාව' පිරුණු බෑග් එකක් සහ , හිස් 'අත්දැකීම්' පිරුණු බෑග් එකක් සහිතවයි.
ජීවිතයේ ඉලක්කය විය යුත්තේ , 'වාසනාව' සහිත බෑගය හිස් වෙන්න කලින් 'අත්දැකීම්' සහිත බෑගය පුරවා ගැනීමයි.
#Quotes
1 305
"What's your wish ? Peace ? Money ? Or the world ? Whatever you wish for, it's something you have to get with your own strength!"
මොකක්ද ඔයා පතන්නේ? සාමයද? සල්ලිද? නැත්තං මුලු ලෝකයමද?
ඔයා මොන දේ පැතුවත් , ඒක ඔයා , ඔයාගෙම ශක්තියෙන් ලබා ගත යුතු දෙයක්...!
- Gamabunta
(Naruto Shippuden)
#AnimeQuotes
1 305
අන්වීක්ෂීය ඡායාරූප හෝ වීඩියෝ වලට කැමති කෙනෙක් ඉන්නව නං,
https://t.me/micromirr
මේ චැනල් එකෙන් ගන්න. මමත් සමහර ඒව ගන්නෙ එතනින්.
#Knowledge
1 305
ඔයාට යමක් ගැන කුතුහලයක් දැනුන ගමන් ඒ දේ කොළේක හෝ , වෙනම පොතක ලියාගන්න ඉක්මනට.
එතකොට ඔයාට කම්මැලිකමක් දැනුනම , ඔයාට ඉගෙන ගන්න හෝ දැනගන්න දේවල් ලැයිස්තුවක්ම තියෙනවා.
කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතන් ඉන්න අයට මේක හොඳ ක්‍රමයක් , ඔවුන්ගේ විවේකය ගත කරන්න සුදුසු වැඩක් ඉක්මනට හොයාගන්න.
#Life_Tips
1 305
ඇමරිකානු සිනමාවෙන් අපේ මනසට යන අදහස් 5ක් :-
1. චීන ජාතිකයන්ට කුන්ග් ෆු ඉගෙනගැනීම සහ ඉගැන්වීම හැර වෙනත් කිසිදු වැඩක් නෑ.
2. ඇමරිකානු ජනග්‍රහණයෙන් 50% පමණම FBI නියෝජිතයන් හෝ වෙස්වලාගත් පරීක්ෂකවරුන්.
3. ඇමරිකාවේ පාසල් වල ප්‍රධානතම අරමුණ , බාස්කට්බෝල් සහ බේස්බෝල් ප්‍රචලිත කිරීම.
4. පිටසක්වල ජීවින්ට ඇමරිකාව ගැන විශේෂ උනන්දුවක් තියෙනවා. ඔවුන් පළමුව එන්නේ ඇමරිකාවට.
5. ඇමරිකාව කියන්නෙ අත්භූත සත්වයන් ඔක්කොම ඉන්න තැනක්. වෘක මිනිසුන් , වැම්පයර්ස්ල , කොටින්ම අණුක ජීව විද්‍යාත්මක විකෘතියක් පවා බලාගන්න පුලුවන් එකම තැන.
ඉන්දියානු සිනමාවෙන් අපේ මනසට යන අදහස් 5ක් :-
1. නිවුන් සහෝදරයන්ගෙන් එක් අයෙක් අනිවාර්යයෙන්ම උපතින්ම දුශ්ඨයෙක්.
2. බෝම්බයක් නිශ්ක්‍රීය කරනකොට , මොන වයර් එක කැපුවත් , ඒ පුද්ගලයා හැමතිස්සෙම කපන්න තෝරගෙන තියෙන්නෙ හරි වයර් එක.
3. වීරයා වැටෙන්න ගුටිකෑවත් කිසිම වේදනාවක් පෙන්නන්නෙ නෑ. හැබැයි , ඔහුගේ පෙම්වතිය ඔහුගේ තුවාල වලට බෙහෙත් කරන වෙලාවට සෑහෙන වේදනාවක් පෙන්නනවා.
4. පොලිස් පරීක්ෂකයෙක්ට , යම් පරීක්ෂණයක් විසඳන්න පුලුවන් වෙන්නෙ , ඔහුව තාවකාලිකව වැඩ තහනමකට ලක් උනාට පස්සෙ විතරයි.
5. හදිස්සියෙවත් ඉන්දියාවෙ පාරක් මැද්දෙ ඔයා නටන්න ගත්තොත් , ඒ පාරෙ ඉන්න හැමෝටම ඔයා නටන විදිහටම නටන්න පුලුවන් වෙනවා.
#Fun
1 305
එවරස්ට් කන්ද තරණය කරනව කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඇත්තටම සමහර මිනිස්සු මගදි මරණයට පත් වෙනවා.
මේ විදිහට මියගිය අයගෙ සිරුරු 150කට වැඩිය එවරස්ට් කන්දේ තැන් තැන් වල තියෙනවා. අධික ශීතල නිසා ඒව ස්වයංක්‍රීයම සංරක්ෂණය වෙලා තියෙනවා. ඒ හින්දා සිරුරු ඉක්මනින් දිරාපත් වෙන්නෑ.
වඩාත්ම විශ්මයජනක දේ තමයි , මේ සිරුරු ඔක්කොම වගේ , අනික් කඳුනඟින්නන් විසින් සංධිස්ථානයන් විදිහට භාවිත කරනවා. ඒ ඔවුන්ට ගමන් මාර්ගය නිර්ණය කරගන්න පහසු වෙන්න.
#Facts
1 305
1872 දී , මගීන් හෝ කාර්යමණ්ඩලයක් නොමැති , සාගරය තුළ ඔහේ පාවෙමින් තිබුණු නෞකාවක් හොයාගෙන තියෙනවා.
මේ නැව , මේරි සෙලෙස්ටේ (Mary Celeste) ලෙස හඳුන්වනවා. (නැවේ නම විය හැක).
මේ නැව සාගරයේ පාවෙමින් තිබියදී එය සොයාගත් කණ්ඩායම , නැවට පැමිණියාට පස්සෙ ඔවුන්ට කිසිම මනුශ්‍යයෙක්ව දැකගන්න ලැබිල නෑ.
ඒ වගේම නැව තුළ කිසිම අරගලයක ලකුණක්වත් තිබිල නෑ. නැව් පත්ලේ , උනන ලද වතුර ටිකක් ඇරුනම , කොටින්ම ඒ නැවට කිසිම හානියක් වෙලා නෑ. නැව ඉතාමත් හොඳ තත්වයේ තිබිල තියෙනවා. (පතුලේ තිබූ වතුර , නැව් පත්ල දිරායාමේන් නැවට ඇතුල් වූ බවට සැකයක් පවතී).
මේ ගැන විවිධ පුද්ගලයන් විවිධ මත ඉදිරිපත් කරල තියෙනව.
ඇතැම් අය කියන විදිහට , මුහුදු කොල්ලකරුවන් නැවේ සිටි පිරිස පැහැරගෙන තියෙනවා. ඒත් නැව එහෙම දාල ගියේ ඇයි කියන එක ප්‍රශ්නයක්. තවත් සමහරු කියල තියෙනවා , මුහුදු රාක්ශයෙක් හෝ පිටසක්වලයන් මේකට වගකියන්න ඕනෙ කියල.
මතයන් කොහොම උනත් , නැවේ මගීන් සහ කාර්යමණ්ඩලයට සිදු වෙච්ච දේ අදටත් අභිරහසක්.
#History
1 305
ලන්ඩන් කුළුන කියන්නෙ අවතාර මන්දිරක්...!
ලන්ඩන් කුළුණ (Tower of london) වසර දහසකට වඩා පැරණි ගොඩනැගිල්ලක්. ඉතින් සාමාන්‍යෙන් මෙච්චර පරණ ගොඩනැගිල්ල හොල්මනක් දෙකක් ඉන්න එක පුදුමයක් නෑ.
නමුත් ලන්ඩන් කුළුණේ හොල්මන් විශාල ප්‍රමාණයක් ඉන්න බවට මිනිසුන් කියනවා. සමහරුන්ට නං අත්දැකීම් පවා තියෙනව කියල තමයි සමාජ මාධ්‍යය තුළ සංසරණය වෙන්නෙ.
මේ හොල්මන් ලැයිස්තුවට , හත්වන හෙන්රි රජුගේ බිරිඳ වන ඈන් බෝලීන් ගේ අවතාරය , දින නවයේ රැජින වන ජේන් ග්‍රේ ආර්යාව සහ අවතාර වලසෙක් පවා ඇතුලත්. එලිස....
ඒ වගේම මේ ගොඩනැගිල්ල තුළ , මිනීමැරුම් , වධහිංසන , හිස ගසා දැමීම් ඇතුලු තවත් බොහෝ බිහිසුණු සිදුවීම් සිදුවෙලා තියෙනවා.
ඉතින් ඒ නිසාත් , ඒ මියගිය අයගේ ආත්මයන් මේ ගිඩනැගිල්ලේ සැරිසරනව කියල කියනවා.
#WorldWide
1 305
"The Golden Poison Dart" ගෙම්බා
ගෝල්ඩන් පොයිසන් ඩාට් කියන්නෙ , පෘථිවියේ වඩාත්ම විශ සහිත සත්වයන්ගෙන් එකෙක්. ඇත්තටම මේ ගෙම්බගෙ , එක ස්පර්ශයකින් උනත් ඔයාව මරාදමන්න පුලුවන්.
ඉතාමත් හුරුබුහුටි පෙනුමක් තියෙන මේ ගෙම්බගෙ , මාරාන්තිකම අංගය වෙන්නෙ එයාගෙ සම. මේ ගෙම්බො ඉතාමත් කුඩා නිසා එයාලව පහසුවෙන් විලෝපිකයන්ට ගොදුරු වෙනවා. එයාලගෙ සම මේ තරම් විෂ සහිත වෙන්නෙ ඒ නිසයි.
දකුණු ඇමරිකාවේ ජීවත් වෙන මේ කුඩා ගෙම්බා තුළ , මිනිසුන් 20 දෙනෙක් එකවර මරාදැමීමට තරම් විෂක් තියෙනවා.
මේ ගෙම්බා , මේ විෂ නිපදවන ආකාරය ගැන තාමත් නිසි සොයාගැනීමක් නෑ. කොහොම උනත් විද්‍යාඥයන් මත පළ කරන්නෙ , මේ ගෙම්බා විසින් අනුභව කරන ශාකමය ද්‍රව්‍ය වලින් මේ විෂ සංස්ලේෂණය කරනව ඇති කියලයි.
#Knowledge
