en
Feedback
Learn Bits

Learn Bits

Open in Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Show more
1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
ඇස් වලින් ලේ විදින "Horned Lizards" සිංහලෙන් "අං කටුස්සා" කියලත් හඳුන්වන්න පුලුවන්. මේ කටුසු වර්ගයේ , මේ අමුතු ක්‍රියාවලිය ඇත
ඇස් වලින් ලේ විදින "Horned Lizards" සිංහලෙන් "අං කටුස්සා" කියලත් හඳුන්වන්න පුලුවන්. මේ කටුසු වර්ගයේ , මේ අමුතු ක්‍රියාවලිය ඇත්තටම විලෝපියන් පලවා හරින්න ඔවුන් යොදාගන්න ක්‍රමයක්. මෙයාල උණුසුම් , කාන්තාරමය ප්‍රදේශවල ජීවත් වෙන්නෙ. අං කටුස්සන් සැඟවීමට ඉතාමත් දක්ශයි. නමුත් විලෝපියකයෙක් හමුවේ , සැඟවෙන්න නොහැකි උනොත් ඔවුන්ගේ ඊළඟ ආරක්ශක උපක්‍රමය වෙන "විලෝපිකයා වෙතට ලේ විදීම" සිදු කරනවා. මේ රුධිරය පැමිණෙන්නෙ ඔවුන්ගේ ඇසට යටින් තියෙන පොඩි කුහරයක් තුළින්. ඇත්තටම මේක රුධිරය පිරුණු මල්ලක විවරයක් වගේ. රුධිරය අධික පීඩනයකින් , මේ විවරය තුළින් පිටතට නිකුත් කලාම , ඒ රුධිරය සාමාන්‍යෙන් මීටර් 2ක් පමණ ඈතට විදින්න හැකියාවක් තියෙනව මෙයාලට. ඒ ඔක්කොම ක්‍රම වැරදිලා ඒත් මොවුන්ව විලෝපිකයෙක්ගෙ ආහාරයක් වෙලා , ඔවුන්ගෙ කට තුළට ගියොත් , එතනදි මේ කටුස්සා බැලුමක් වගේ පිම්බෙන්න ගන්නවා. ඒ මාර්ගයෙන් , විලෝපිකයාගෙ හකු වලින් ගැලවිලා පලායන්න පුලුවන් වෙනවා මෙයාලට. කොහොම උනත් මේ කටුස්සන් මිනිස්සු දෙසට රුධිරය විදීම සිදු කරන්නෙ නෑ. ඒ නිසා අපිට මුණගැසුනොත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. #Social_Mid

Turritopsis Dohrnii jellyfish - එහෙමත් නැත්තං මෙයාලව හඳුන්වන "අමරණීය ජෙලිෆිශ්" කියන සත්වයා , ලොව එකම අමරණීය සත්වයා විදිහට සැලකෙනවා. ඔවුන් සදාකාලිකවම ජීවත් වෙනවා. (මේ ගැන දීර්ඝ ලිපියක් ඉදිරියට බලාපොරොත්තු වෙන්න) #Facts

ඩ්‍රැකියුලා ගැන අහල නැති කෙනෙක් මේ චැනල් එකේ ඉන්නවද? (ජීවිතේට නෑ බං... ජීවිතේට නෑ...) මේ ඩ්‍රැකියුලා කියන සංකල්පය ඇත්තටම පදනම
ඩ්‍රැකියුලා ගැන අහල නැති කෙනෙක් මේ චැනල් එකේ ඉන්නවද? (ජීවිතේට නෑ බං... ජීවිතේට නෑ...) මේ ඩ්‍රැකියුලා කියන සංකල්පය ඇත්තටම පදනම් වෙලා තියෙන්නෙ සත්‍ය මිනිසෙක් ආශ්‍රයෙන්. ඒ ඓතිහාසික චරිතයක් වන ව්ලැඩ් ටෙප්ස් / ව්ලැඩ් ඩ්‍රැකියුලා ඇසුරෙන්. මේ පුද්ගලයා 15 වෙනි සියවසේ ජීවත් උන රුමේනියානු පාලකයෙක් වෙන අතර , ඔහු තමන්ගෙ සතුරන්ව උල් වල ගසා දැමීමට ඉතාමත් ප්‍රිය කරපු පුද්ගලයෙක්. මෙයාගෙ මුල් නමේ තියෙන ඩ්‍රැකියුලා කියන එකේ තේරුම තමයි "මකරාගේ පුත්‍රයා" යන්න. (ඩ්‍රැකූල් ඔහුගේ පියාගේ අන්වර්ථ නාමයයි) බියකරු කීර්ති නාමයක් තියෙන මේ පුද්ගලයා අප වර්තමානයේ දකින ඩ්‍රැකියුලාට නං සමාන නෑ. ඒ වගේම මෙයා ලේ පානය කල බවට සඳහන් වෙන්නෙත් නෑ. #History

හැලොවීන් උත්සවය මේ උත්සවය දැනට පොඩි ළමයින්ගේත් වැඩිහිටියන්ගේත් විනෝදජනක උත්සවයක් විදියට සැමරුවත්...අතීතයේදී රෝමවරුන් මේ උත්සව
හැලොවීන් උත්සවය මේ උත්සවය දැනට පොඩි ළමයින්ගේත් වැඩිහිටියන්ගේත් විනෝදජනක උත්සවයක් විදියට සැමරුවත්...අතීතයේදී රෝමවරුන් මේ උත්සවය හඳුන්වලා තියෙන්නෙ ඔවුන්ගේ මිය ගිය ඥාතීන් නැවත නිවසට පැමිණෙන දවස කියලයි. මේ දවසේදී රෝම වරුන් තමන්ගේ මිය ගිය ඥාතින්ගේ අවතාර වෙනුවෙන් ඔවුන් ජීවත්වෙලා සිටියදී  ප්‍රියකරපු කෑම බීම හදලා විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්තුවාලු... කාලයක් යද්දී එංගලන්තයත් මේ උත්සවය අනුකරනය කරලා ඒක ක්‍රිස්තියානි ධර්මයේ සාන්තුවරයින්ගේ දවස විදියට සකස් කරලා සමරන්න පටන් අරන් තියෙනවා. ( hal-low-een ) මේකෙ අර්ථය විදියට ඔවුන් හඳුන්වන්නේ " ශුද්ධවූ සැඳෑව " ලෙසටයි. #Knowledge

The Deathier 2022 It's Trick or Treat...! Or... Death..? The halloween day special event in @LearnBits #Event
The Deathier 2022 It's Trick or Treat...! Or... Death..? The halloween day special event in @LearnBits #Event

Textationship ගැන අහල තියෙනවද? Textationship කියන්නෙ සම්බන්ධයක් ඇති / නැති අතර දෝලනය වෙන දෙයක්. හිතන්න ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි , බොහොම හොඳින් කතා බහ කරල , බොහොම සමීපව ආශ්‍රය කරනව. දෙදෙනටම දෙදෙනාවම ඕනෙ. ඒ උනත් දෙන්නම කිසිම පියවරක් ගන්නෑ ඒ සම්බන්ධය ආදරයක් දක්වා වර්ධනය කරගන්න. එකම සීමාවක හැමදාම ඉන්නවා. හැබැයි දෙන්නම දන්නවා තමන් අනෙකට කැමතී , එයා නැතුව බෑ කියල. අන්න ඒ වගේ දෙලොවක් අතර දෝලනය වන හැඟීමකට තමයි Textationship කියන්නෙ. වර්තමානයේ ඕනෙ තරම් අය ඉන්නව මේ විදිහෙ සම්බන්ධකම් පවත්වන අය. #Relationship_Tips

Repost from N/a
Nonsense° || ♥️🔥 • Meme එකක් බලලා සින්දුවක් අහලා ඔළුව ටිකක් නිදහස් කරගන්න කැමති ද..? 😮‍💨♥️ • පාඩම් වැඩ,ගෙවල්වල වැඩත් එක්ක
Nonsense°  || ♥️🔥 • Meme එකක් බලලා සින්දුවක් අහලා ඔළුව ටිකක් නිදහස් කරගන්න කැමති ද..? 😮‍💨♥️ • පාඩම් වැඩ,ගෙවල්වල වැඩත් එක්ක අවුල් ගිය තැන් හදාගන්න ඕනි නම් හොඳම තැනක් හාහ්.. 🫠♥️ • හැම Channel එකක්ම වගේ එකම Content එකක් Share නොකර ගොඩක් Contents Share කරන්න හදපු Channel එකක්.. ♥️🥂 • අපි මේ චැනල් එක කරගෙන යන්නේ Fb Wall එක විදියට.. 👀♥️ • Contents ගොඩක එකතුවක් වුනාට පිළිවෙලක් තියෙන Channel එකක් මේක.. ♥️🖇 • Posts Share කරනකොට කිසිම වෙලාවක 18+ | අසභ්‍ය වචන පාවිච්චි වෙන්නේ නෑහ්..  😴♥️ • ඉතින්,ඇවිල්ලම බලන්න අනිත් තැන්වලට වැඩිය වෙනසක් වෙයි.. ♥️💭 @Nonsense_999 #ComeLetzEnjoy 🖤🥂

ටෙලිග්‍රෑම් වල ඊළඟට එන්න තියෙන අලුත්ම Option එක - "Groups සඳහා Topics" Topics ගැන සරල අදහසක් ගන්න මම මෙහෙම කියන්නං. හිතන්න මහ
ටෙලිග්‍රෑම් වල ඊළඟට එන්න තියෙන අලුත්ම Option එක - "Groups සඳහා Topics" Topics ගැන සරල අදහසක් ගන්න මම මෙහෙම කියන්නං. හිතන්න මහා විශාල ගෲප් එකක් තියෙනවා. විනාඩියට මැසේජ් 1000ක් විතර එන. එහෙම ගෲප් එකක අපිට එක මාතෘකාවක් යටතේ සාකච්ඡාවක් ගෙනියන්න පට්ට අමාරුයිනෙ. අන්න ඒකට තමයි මේ Topics කියන feature එක ඇතුලත් කරන්නෙ. ගෲප් ඇඩ්මින්වරුන්ට සහ , owner ට පුලුවන් විවිධ මාතෘකා වලට Topics නිර්මාණය කරන්න. ඒ ඔක්කොම ගෲප් එකේ උඩින්ම , එන Info මෙනු එකේ පෙන්නනවා. එතකොට ගෲප් එකේ ඕනෙම කෙනෙක්ට අදාළ Topic එකට ගිහිල්ල අදාළ මාතෘකාව යටතේ සාකච්ඡාව අරන් යන්න පුලුවන්. මේකත් හරියට චැනල් පෝස්ට් එකක thread එකක් වගේ. හැබැයි එතනදි එක මැසේජ් එකකට reply කර කර යන්න එපැයි. මේකෙදි එහෙම නෑ. දැනට මේ පහසුකම දීල තියෙන්නෙ , Beta Version පාවිච්චි කරන අයගෙනුත් , telegram test server ඔස්සේ ටෙලිග්‍රෑම් එන අයට විතරයි. බොහෝ විට ඊළඟ telegram අප්ඩේට් එකට මේ පහසුකම ඒවි. ඒ වගේම Topics පහසුකම යොදාගන්න පුලුවන් members ල 200ට වැඩි සහ channel එකකට connect නොකරපු groups (Discussions) වලට විතරයි. #Tele_Tips

Fact Check ෆෝන් එකට වතුර ගියාම , ඒකට කරන්න ඕනෙ ෆෝන් එක හාල් එකක ඔබල තියෙන එක. හෝ සිලිකා ජෙල් අඩංගු බඳුනකට දාන එක. හාල් වලට , අවට වායුගෝලිය වාතය අවශෝෂණය කරන්න පුලුවන්. ඒක ඇත්ත. ඒත් බොහොම සුලු ප්‍රමාණයක් විතරයි. ෆෝන් එකේ ඇතුලෙ රැඳිල තියෙන ජල බිඳිති වලට ඒකෙන් කිසිම බලපෑමක් නෑ. හාල් පුරවපු උරේකට ෆෝන් එක ඔබන එකයි , හිස් උරේකට ෆෝන් එක ඔබන එකයි දෙකම සමානයි. ෆෝන් එකේ ඇතුලෙ තියෙන ජල බිඳිති කොහොමත් නිකංම වාශ්ප වෙනව. ඒකට හාල් පුරවපු වටපිටාවක් ඕන්නෑ. අපි හාල් එකේ ගහල පැය දහයක් විතර තිබ්බම වතුර අයින් වෙන්නෙ , ඒ වතුර ඔක්කොම හාල් වලට ඇබ්සෝබ් කරගන්න නිසා නෙවේ. නිකං භාජනේකට දාල තිබ්බත් පැය දහයකින් ඒ වතුර ප්‍රමාණයම අයින් වෙනවා. ඒත් එහෙම හාල් වලට දාන එක ඔයාගෙ ෆෝන් එක හොඳ නෑ. ඒකට හේතුව තමයි , හාල් වලින් සියුම් කුඩක් විහිදෙනව. ඔය හාල් ටිකක් අතගාල බැලුවම අතේ කුඩු ජාතියක් ඇලෙන්නෙ. අන්න ඒක. මේ කුඩ , ෆෝන් එක ඇතුලට ගිහින් , ෆෝන් එකේ ඇතුලෙ තියෙන ජල අංශු එක්ක එකතු වෙලා , නිකං පාප්ප වගේ ද්‍රව්‍යක් හදනව. (උණු වතුරට පිටි දැම්මම හැදෙන්නෙ). මේ හැදෙන පල්පය අයින් කරන්න ගොඩක් අමාරුයි. ෆෝන් එකේ විද්‍යුත් සංසරණයක් වෙන තැන් දෙකක මේ පල්පය ඇති උනොත් ශෝට් වෙන්නත් පුලුවන් , එහෙම නැත්තං විද්යුත් ගමනාගමනය බාධා වෙන්නත් පුලුවන්. මේ කියන සිලිකා වලිනුත් ෆෝන් එකේ ගොඩක්ම ඇතුලෙ තියෙන ජල අංශු ඉවත් කරන්න මහ බලපෑමක් කරන්නෑ. මොකද ෆෝන් එක ඇතුලෙ තියෙන වායු ස්ථර ගොඩක් නිශ්චලයි. ඒ නිසා ජල අංශු වාශ්ප වීමත් , ඒ ජල අංශු වාතය ඔස්සේ විසරණය වෙලා සිලිකා වලට ඇබ්සෝබ් කරගන්නෙත් හෙන හිමින්. ෆෝන් එකකට වතුර ගියාම , අපි සැලකිලිමත් වෙන්න ඕනෙ වටපිටාව ගැනයි කාලය ගැනයි. වියළි වටපිටාවක , ගොඩ කාලයක් තියෙන එකෙන් , ෆෝන් එකේ ජල අංශු 99%ක්ම ඉවත් වෙන්න පුලුවන්. ඒකට හාල් වල ඔබන්න ඕන්නෑ. සහ ඒක ෆෝන් එකට හොඳ නෑ. (Based on an answer I gave elsewhere) Fact Status : FALSE ❌ #Facts_Check

ලයිකා (Laika) ලයිකා කියන්නෙ සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් අභ්‍යවකාශයට පිටත් කරපු සුනඛයෙක්. ඒ වගේම අභ්‍යවකාශයට ගිය සතුන්
ලයිකා (Laika) ලයිකා කියන්නෙ සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් අභ්‍යවකාශයට පිටත් කරපු සුනඛයෙක්. ඒ වගේම අභ්‍යවකාශයට ගිය සතුන් කිහිප දෙනා අතරින් මුල් කාලීනම කෙනෙක්. ඒ වගේම මෙයා තමයි ප්‍රථිවිය වටා කක්ශ ගතවූ පළමු සත්වයා. මොස්කොව් නගරයේ අයාලේ යමින් සිටි මේ වීදි සුනඛයා , ස්පුට්නික් ii යානයෙන් තමයි මේ විදිහට අභ්‍යවකාශ ගත වෙන්නෙ. ඒ 1957 වසරේ , නොවෙම්බර් 3 වෙනිදා. උපත :- මොස්කොව් , රුසියාව මිය ගියේ :- නොවෙම්බර් 3 වෙනිදින , 1957 ( නැවත පෘථිවියට පැමිණීමේදී , පහළ පෘථිවි කක්ශය තුළදී) බර :- කිලෝග්‍රෑම් 5යි. #History

හෙට Halloween වලටත් Event එකක් තියමුද? (ඔයාලට මුකුත් කරන්න නෑ.😄)
Anonymous voting

නිතරම අන් අයගෙන් තර්ජනයට ලක් වන සහ , සාංකාවෙන් කල් ගෙවන පුද්ගලයන් , අවස්ථාවක් ලද සැනින් වංචා කිරීමට පෙළඹීමට වැඩි සම්භාවිතාවක්
නිතරම අන් අයගෙන් තර්ජනයට ලක් වන සහ , සාංකාවෙන් කල් ගෙවන පුද්ගලයන් , අවස්ථාවක් ලද සැනින් වංචා කිරීමට පෙළඹීමට වැඩි සම්භාවිතාවක් තියෙනවා. #Psycho_Facts

චීන භාෂාවේ අක්ෂර 50,000ක් පමණ තිබෙනවා. ඔයාට චීන පුවත්පතක් කියවන්න නං , ඉන් වචන 2 - 3000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. #Sup4Sub #Facts

"ඉක්මන් වෙන්න. වේගවත් වෙන්න. හැබැයි හදිස්සි වෙන්න එපා" - John Wooden #Saying

අලුත් telegram updates ගැනත් දාන්නද?
Anonymous voting

පෘථිවිය මත ඔයාගෙ බර 100kg ක් නම් , අඟහරු මතදී ඔයාගෙ බර 37kg ක් විතරයි. පෘථිවිය තුළදී සමහරු , ඔයාගෙ බර වැඩී කියයි. සමහරු ඔයා රෝගී කියයි. සමහරු ඔයා පොළවට අධික බරක් කියයි. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ නෙවෙයි. ඔයා ඉන්නෙ වැරදි ග්‍රහලෝකයේ. එච්චරයි. වෙනස් විය යුත්තේ ග්‍රහලෝකයයි. නැතුව ඔබ නෙවේ.... 👆👆👆 "වෙනස් විය යුත්තේ ඔබ නොවේ ඔවුනුයි" කියන සංකල්පය සෑම විටම සත්‍ය නොවන බවට හොඳම උදාහරණයක්. සමහර වෙලාවට , ඇත්තටම වෙනස් වෙන්න ඕනෙ ඔයා වෙන්නැති...? ඒකට වෙන අය වෙනස් වෙනකං බලන් ඉන්න එපා.... #Night_Thoughts ♨️ Good Night Bits | Share & Sup~ A hard day. But better luck in future.

"හානිකර ද්‍රව්‍ය වායුගෝලයෙන් ඉවත් කිරීම නිසා , එය පසුගිය වසරට වඩා දැන් තරමක් කුඩායි" ධ්‍රැව ආසන්නයේ ඇති සුප්‍රසිද්ධ ඕසෝන් ස්ථ
"හානිකර ද්‍රව්‍ය වායුගෝලයෙන් ඉවත් කිරීම නිසා , එය පසුගිය වසරට වඩා දැන් තරමක් කුඩායි" ධ්‍රැව ආසන්නයේ ඇති සුප්‍රසිද්ධ ඕසෝන් ස්ථරයේ සිදුර , හැකිලෙමින් පවතින බවට නාසා ආයතනය පවසනවා. ඒ අනුව දක්ශිණ ධ්‍රැව ආශ්‍රිතව , 2022 සැප්තැම්බර් 7 සහ ඔක්තෝබර් 13 අතර කාලයේ , එම ඕසෝන් සිදුර , වර්ග සැතපුම් මිලියන 8.9 ක සාමාන්‍ය ප්‍රදේශයකට ළඟා වෙලා තියෙනවා. මේ අගය පසුගිය වසරට වඩා තරමක් කුඩා වන අතර සමස්ත හැකිලීමේ ප්‍රවණතාවක් දිගටම පවතිනවා. ඒ ගැන NASA ආයතනයේ වෙබ් අඩවියේ පළවූ වාර්තාව මෙතනින් කියවන්න. 🔗Link :- https://www.nasa.gov/esnt/2022/ozone-hole-continues-shrinking-in-2022-nasa-and-noaa-scientists-say #WorldWide

ලෝකෙ මදුරුවන් නැති එකම රට අයිස්ලන්තයයි. #Facts