en
Feedback
අනන්තවූ බුදු ගුණ

අනන්තවූ බුදු ගුණ

Open in Telegram

සසර සැරිසරන්න අසරණ සත්වයන් ගැන ඇතිවූ මහා කරුණාව නිසා බොහෝ දුක්ගෙන අති දීරඝ කාලයක් දාන ශීල පාරමිතාවන් සම්පූර්ණ කොට ඒ මහා පුන් බලයෙන් සියලු කෙලෙස් නසා සියල්ල දැන වදාළා ලූ මහා කරුණිකයන් වහන්සේ වන සේක.

Show more
204
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ගොඩක් දෙනෙකු නොදන්නා ථෙරවාද බෞද්ධ දැනුම් පද්ධතිය ගැන දැනගන්න කැමති අය වෙනුවෙන් 🙈⚙️ @theravadaknowledge Subscribe our Telegram Channel 🌀 Share 🔅 ⛳️💎

Topic : භාවනාවක් දියුණු කරගන්න පුලුවන් මනසක් හදාගමු.. | මරණසතිය භාවනාවේ පලමුවන අදියරය.. 📆Date : 12th of February 2022 ⏰Time
Topic : භාවනාවක් දියුණු කරගන්න පුලුවන් මනසක් හදාගමු.. | මරණසතිය භාවනාවේ පලමුවන අදියරය.. 📆Date : 12th of February 2022 ⏰Time : 9.00PM | Sri Lanka

යම් සත්ත්වයෙකු දුකින් මුදවීමේ අදහසින් ප්‍රාණය තොර කළත් ප්‍රාණඝාත කර්මය සම්පූර්ණ වේ. 😱 *පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි*

"බෞද්ධයින් මැටි ගොඩවල් ගස් ගල් සරණ යන අය නොවේ. කෙළෙස් පීඩාවට පත්ව වල්මත්ව තිබෙන චිත්ත සන්තතිය, භාග්‍යවතුන් වහන්සේව අරමුණු කර ගැනීමේ පහසුව පිණිසයි ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍ය උපකාර කර ගන්නේ. එයින් ඇති කර ගන්නේ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ ඤාණ සම්ප්‍රයුත්ත බලවත් කුසල් සිතුයි. එම සිත් වලට මේ මොහොතේ සිට නිවන් දකිනා තෙක් සසර වසනා තාක් උපදවන යහපත් කුසල විපාක මෙපමණයි කිව නොහැකි තරම්." බෞද්ධයින් පෙනෙන දේ විශ්වාස කරන අය. සර්වබලධාරී දෙවියන් වහන්සේ නමක් ලෝකය මැවුවා වගේ, සියල්ලම මැරිලා ගියාම අවසන් වගේ, නොපෙනෙන දේවල් විශ්වාස කරන්නේ නැහැ. බෞද්ධයින් විශ්වාස කරන්නේ මෙ මොහොතේ ලැබෙන ප්‍රතිඵලයි. පිළිකා අංශභාගාදී කර්මජ රෝගාදිය යටපත් කරන ප්‍රතිඵලයි. පෙර සසරේ තමන්ම කර ගත් පාප කර්ම යටපත් කර ජීවිතයට සැනසිල්ල ලබා දෙන අත් දැකීමෙන්ම ලබා ගත් ප්‍රතිඵලයි. ආර්‍ය්‍ය පර්‍යෙෂණය කර ලැබෙන ප්‍රතිඵලය වන චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය යි. තෙරුවන් සරණයි. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ මිණිපුර අමා ශාන්ති තපෝවනය පැල්වාඩිය, රත්නපුර.

“සිමෙන්ති පිළිම වලට වඳින්නේ තමන්ගේ හෘද සාක්ෂිය විශ්වාස නොකරන අයද?” ප්‍රශ්නය :- අවසරයි ස්වාමීන් වහන්ස බෞද්ධයන් බුදු පිළිම,විහාර, දාගැබ් වලට වන්දනා මාන සිදු කරන විට ඇතැම් පිරිස් අපහාස කරන්නේ, “තමන්ගේ හෘද සාක්ෂිය විශ්වාස නොකරන අය ගස් පිළිම සිමෙන්ති වලට වදිනවා” යැයි පවසමිනි.“අප සිමෙන්ති මැටි ගොඩවල් සරණ නොගිය බවත් පූජාවන් පවත්වන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණයට බවත් උන්වහන්සේ ජීවමාන සංඥාවෙන් දැක ගැනීමේ පහසුව ඇති වන්නේ පිළිම දාගැබ් වලින් බවත් කොතරම් පැහැදිලි කලත් ඔවුන් පිළිගන්නේ නැත.” ඉහත ගැටලුව, නමට බෞද්ධයන් වන බොහෝ දෙනාගේ මතයකි. මෙම ගැටලුවට පිළිතුරක් ලබා දෙන මෙන් ඔබවහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පිළිතුරු :- මෙය බොහෝ දෙනාට තිබෙන මිථ්‍යාදෘෂ්ඨියක් නිසා එය නිවැරදි කරන්නට කෙටි පිළිතුරක් ප්‍රමාණවත් නොවේ. එයට චතුරාර්‍ය්‍ය සත්‍ය ගැන නිවැරදි වැටහීමක් අවශ්‍ය වේ. ඒ ගැන දීර්ඝ ලෙස එකිනෙක කරුණු ගෙන පෙන්වා දිය යුතු දීර්ඝ ලිපියක් අවශ්‍ය වේ. නමුත් මේ මොහොතේ දීර්ඝ ලෙස නොකියා යම් තරමකටවත් කෙටියෙන් පැහැදිලි කරමු. සමහර විස්තර කළ යුතු කාරණා, පිළිතුරු දිගු වීම වළක්වන්න මාතෘකා වලින් පමණක් කියමි. පහත සඳහන් කරුණු හොඳින් කියවන්න. පඤ්චස්ඛන්ධය, නාමරූප ධර්මාදිය ගැන බොහෝ දෙනා දන්නේ නැත. බෞද්ධයින් නමින් සිටින බොහෝ අය ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක්, මම, මගේ ආත්මය යැයි දෙයක් තිබෙනවා යැයි විශ්වාස කරති. එය වැරදි මතයකි. ඔවුන් බෞද්ධයෝ නොවේ. ඔවුන් මිථ්‍යාදෘෂ්ඨිකයෝ වෙති. ඔවුන්ට ඇති වැරදි දැක්ම නිසා කර්මවිපාකය ඇති වන්නේ කෙසේදැයි දන්නේ නැත. ඔවුනට පළමුව කිවයුත්තේ ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක්, මම, මගේ කියා දෙයක් නැති බවයි. පිළිතුරට පැමිණිය යුත්තේ එම නිවැරදි දෘෂ්ටියේ සිටයි. කර්මය සහ විපාකය ගැනත්, එයට අදාළ සියළුම කරුණුත් ගැන වෙනම ධර්මය ඔස්සේ නිරවුල්ව හොඳින් දැන ගන්න. චේතනාව සහ කර්මය වන ධර්මතා 22 ක් තිබේ. නාමරූප ධර්මාදිය වෙනත් හේතූන්ගෙන්ද ඇති වූවත් කර්මය තරම් බලපාන ධර්මතාවයක් තවත් නැති තරම්‍ ය. ප්‍රශ්නය වූයේ :- "බෞද්ධයන් බුදු පිළිම,විහාර, දාගැබ් වලය වන්දනා මාන සිදු කරද්දී ඇතැම් පිරිස්, තමන්ගේ හෘද සාක්ෂිය විශ්වාස නොකරන අය ගස් පිළිම සිමෙන්ති වලට වදින බවත් පවසමින් ඔවුන්ට අපහාස කරති.” යන්නයි. ඔවුන් "හෘද සාක්ෂිය විශ්වාස නොකරන අය.." ලෙස අපහාස කරන්නේම ඔවුනට මේ උපත ලබා සිටින ජීවිත කාළය ගැන පමණක් විශ්වාස නිසා ය. මෙසේ කියන අය ආත්මයක් තිබෙනවා කියා හෝ මේ ආත්මය මෙතනින් අවසන් වේ. අනාගත භවයක් නැතැයි කියා තිබෙන වැරදි දැක්ම නිසා බෞද්ධයින් ගස් ගල් මැටි වලට වන්දනා කරයි යැයි සිතති. අනාගත භවයක් ගැන අදහස් කළේ 'බුදු පිළිම, විහාර, දාගැබ්" ආදියට වන්දනා කරන්නේ අනාගත භවය යහපත් කර ගැනීම සඳහා පමණක් කියන එක නම් නොවේ. මේ මොහොතේ ද නාමරූප ධර්මාදිය කර්මාදී හේතූන්ගෙන් හට ගනී. අතීතයේ ඈත එපිට භව වළදී පවා කර ගත් කුසල කර්ම අවධි කර ගන්නට වර්තමානයේදී බුද්ධ වන්දනාදිය කර ගත යුතුම ය. එයින් ශ්‍රද්ධාදී ඉන්ද්‍රීය, බල ධර්මාදිය හොඳින් වර්ධනය වේ. කෙනෙක්ට ප්‍රභල කුසල් සිත් ඇති කර ගන්නට පූර්වභාග ප්‍රතිපදාවට අදාළ දස පාරමිතා, පුණ්‍යක්‍රියා, ආදී සෑම කුසලයක්ම කර ගන්නට සිදු වේ. ඔවුන්ගේ චෝදනාව වූයේ මෙයයි. "තමන්ගේ හෘද විශ්වාස නොකරන අය ගස් පිළිම සිමෙන්ති වලට වදින බවත් පවසමින් ඔවුන්ට අපහාස කරති.” ඔවුන්ට දිය යුතු පිළිතුර වන්නේ :- “බෞද්ධයෝ වන අපි ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක්, මම, මගේ කියා දෙයක් ඇති බව විශ්වාස කරන්නේ නැහැ. බුද්ධ වන්දනාදිය කරන විට, ඒ මොහොතේ ඇති වන සන්සුන් තැන්පත් ප්‍රබෝධමත් ත්‍රිහේතුක ඤාණසම්ප්‍රයුත්ත කුසල් සිත් වලට, ඒ මොහොතේම නීරෝගී යහපත් ප්‍රබෝධමත් ප්‍රභල රූප ඉපදවිය හැකි බව බෞද්ධයෝ අත්දැකීමෙන්ම දන්නවා. ඒ චිත්තජ රූප. ඒ වගේම කර්මජ රූප උපදවමින් ශරීරය නිදුක්ව නීරෝගීව තබනවා. පෙර කුසල් පවා මතු කරමින් සුවපත් සැපවත් නිරෝගිමත් රූපස්ඛන්ධයක් දීර්ඝායුෂත් ලබා දෙමින් ජීවත්ව සිටිනකම් ලබා දෙනවා. කළ කර්මයේ හැටියට විපාක ලැබෙනවා. ඒ රූපයට ලැබෙන විපාක වලින් කරුණු ටිකක් පමණී.” “නාම ධර්ම වලට (සිතට සහ චෛතසික) වලට ප්‍රභල බලවත් චිත්ත සන්තතියක් ලැබෙනවා. අකුසල් සිත් ඇති නොවන, ඤාණසම්ප්‍රයුත්ත ප්‍රභල කුසල් සිත්ම ඇති වන, නීරෝගී මනසක්. පෙර කුසල් මතු කර ඒ විපාක සිත් ලබා දෙන අතිප්‍රභල චිත්ත සන්තතියක් ලබා දෙනවා. ස්ථානෝචිත ප්‍රඤ්ඤාව, උත්සහය, උනන්දුව, සහ කාර්‍යයක්ෂමතාවය, සහ සියළුම ලෞකික ලෝකෝත්තර සම්පත් උපදවා ගත හැකි හේතු සම්පත් වලින් සන්නද්ධ අතිප්‍රභල චිත්ත සන්තානයක් ලබා දෙනවා.”

බුද්ධගොෂ හිමියන්ගෙ බයිලා.. හැබැයි එහෙම වෙලා නෑනෙ.. එහෙම වෙලා නැති නිසා.. අර උඩින් පල්ලෙන් පෙනෙන දේක කියැවෙන ධර්ම කරුණ වටහාගන්න බලන්නැතුව.. ඒක උස්සගෙන රට වටේම දුහනවා... එතකොට පෙනවද.. අටුවාව කොච්චර නිවැරදිද කියලා.. තියෙන්නෙ.. වැරදි හොයන මිනිහට ධර්ම කරුණ තේරුම්ගන්න බැරි අවුලක්... තථාගතයන් වහන්සේ මේ ධර්මය විනිශ්චය කරන ක්‍රමයක් දන්වනවනෙ.. සූත්‍රයට විනයට ගලපන්න, බහා බලන්න.. කාලාම වැසියන්ට කියනවා.. අකුසල මූල හටගන්නවද බලන්න.. අටුවාවෙ වැරදි හොයන පණ්ඩිතයො කරන්න ඕන අන්න ඒක.. ඒක කරලා.. අටුවාවෙ දක්වන අර.. චතුරාර්‍යය සත්‍යය ත්‍රිලක්ෂණය බොජ්ජංග,ආර්‍යයමාර්ගය, පටිච්ච සමුප්පාදාදිය සහිත නවාංග ශාස්තෲ ශාසනය විග්‍රහ කරපු විදිහ වැරදිනම්.. පරස්පරයිනම්.. අන්න එහෙනම් අටුවාව වැරදියි.. සැක සහිතයි... බුද්ධගෝෂ හිමියන්ගෙ බයිලා වගයක්.. අටුවාව එහෙම නොවන නිසා තමයි.. මහ රහතන් වහන්සේලාගේ ඉඳන්ම ඒ අටුවා පරිශීලනය කරේ.. ඒවා ආයෙ ආයෙ පිටපත් කර කර පවත්වගෙන ආවෙ.. අන්න අර අපේ වර්තමාන පණ්ඩිතයො කියන වැරදි,අඩුපාඩු ඇත්තටම නොතිබ්බ නිසා.. මොකද... අද ඉන්න ත්‍රිපිටකධාරී කියාගන්න මාන්නය අධික නිසා බුද්ධගෝෂ හිමියන්ටත් බනින අය වගේ නෙවෙයි... මහරහතන් වහන්සේලාගේ යුගවලදී.. උන්වහන්සේලා අටුවාව තුල චතුරාර්‍යය සත්‍ය ආදී නිර්මල විවරණ පිලිගත්තා.. උන්වහන්සේලා උපාධි ධාරී නෙවෙයි.. උන්වහන්සේලා පටිසම්භිදා ධාරී... පටිසම්භිදාව ඉස්සරහා උපාධිය දූවිල්ලක් තරම්වත් නෑ.. එනිසා.. අටුවාව සැකයි වැරදියි කියලා කියන කවුරු හරි ඉන්නවනම්.. අර චතුරර්‍යය සත්‍ය ආදියේ වැරදි නිර්වචන පෙන්නුවොත් අන්න එදාට පිලිගන්න පුලුවන්.. අටුවාව බොරු... එහෙම නොකර.. මට හිතෙන විදිහ මෙහෙමයි.. මට හිතෙන විදිහට අරක බොරු මේක බොරු කියාගෙන කරන විප්‍රකාර අර උපාධිය දිහා බලලා පිලිගන්න එපා.. එච්චරයි කියන්න තියෙන්නෙ.. බුදුසරණයි ..!!! උපුටා ගැනීමක්