අභිධර්ම පුස්තකාලය
Open in Telegram
බෞද්ධයන් බොහොමයකට අමතකව යන අභිධර්මයට නැවත ජීවය දෙමු 😎💪 අභිධර්මය හා සම්බන්ධ 🔸 Video පාඩම් මාලා 🔸 කෙටි Video 🔸 Audio පාඩම් මාලා 🔸 කෙටි Audio 🔸කෙටි ලිපි 🔸 ලිපි මාලා මේ අභිධර්ම පිටකයට අත ගැසිය යුතුම කාලයයි
Show more724
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
October '24
October '24
+122
in 1 channels
September '240
in 3 channels
Get PRO
August '240
in 3 channels
Get PRO
July '240
in 1 channels
Get PRO
June '240
in 1 channels
Get PRO
May '24
+38
in 4 channels
Get PRO
April '24
+20
in 3 channels
Get PRO
March '24
+28
in 3 channels
Get PRO
February '24
+64
in 3 channels
Get PRO
January '24
+61
in 5 channels
Get PRO
December '23
+46
in 3 channels
Get PRO
November '23
+50
in 5 channels
Get PRO
October '23
+42
in 1 channels
Get PRO
September '23
+54
in 0 channels
Get PRO
August '23
+47
in 0 channels
Get PRO
July '23
+20
in 0 channels
Get PRO
June '23
+61
in 0 channels
Get PRO
May '23
+30
in 0 channels
Get PRO
April '23
+16
in 0 channels
Get PRO
March '23
+75
in 0 channels
Get PRO
February '23
+43
in 0 channels
Get PRO
January '23
+58
in 0 channels
Get PRO
December '22
+37
in 0 channels
Get PRO
November '22
+226
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 24 October | +2 | |||
| 23 October | +1 | |||
| 22 October | +1 | |||
| 21 October | 0 | |||
| 20 October | +1 | |||
| 19 October | +2 | |||
| 18 October | +3 | |||
| 17 October | +4 | |||
| 16 October | +2 | |||
| 15 October | +5 | |||
| 14 October | +4 | |||
| 13 October | +1 | |||
| 12 October | +2 | |||
| 11 October | +2 | |||
| 10 October | +1 | |||
| 09 October | +3 | |||
| 08 October | 0 | |||
| 07 October | +4 |
Channel Posts
| 2 | තනි පෝස්ට් 🎋
#posts | 247 |
| 3 | අභිධර්මය නිවැරදිව ඉගෙනීමේ වැදගත්කම
*පූජ්‍ය මාන්කඩවල නන්දරතන හිමි*
#mankadawalanandaratnatheroshort
➡️➡️ අභිධර්ම මෙනුවට 👈👈 | 206 |
| 4 | No text... | 1 |
| 5 | 🔵 ශීතෝෂ්ණාදියේ ස්පර්ශයෙන් තිබෙන රූපයක් අන්‍යාකාරයකට අන්‍යාවස්ථාවකට පැමිණේ යයි කියත හොත් එය රූපයාගේ සතර වන අවස්ථාවක් ඇති බව කීම ය. එ බන්දක් නො ලැබෙන බැවින් එසේ නො ගත යුතුය. මෙය තේරුම් ගැනීම තරමකට අමාරු ගැඹුරු කරුණෙකි. මෙය මෙ පමණ දිගට කියන ලදුයේ බොහෝ පොත්වල ද අවුල් කර තිබෙන බැවිනි. මෙය නැවත නැවත කියවා හොඳින් කාරණය තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා.
💫 තෙරුවන් සරණයි
බුද්ධ සාසනං චිරං තිට්ඨතු! | 185 |
| 6 | *අභිධර්මය*
ලිපි අංක 79
*🌷රූපය*
🔵රූප යනු නොයෙක් අර්ථයන්හි වැටෙන නාමයකි. බොහෝ සෙයින් රූප යන නම ව්‍යවහාර කරනුයේ ශරීරවලට ය.
🔵ශරීර යන නම ද ලෙව්හි බොහෝ සෙයින් ව්‍යවහාර කරනුයේ දෙව් මිනිස් ආදි ජීවීන්ගේ ශරීරවලට ය.
*මෙහි ශරීරය යි කියනුයේ දික් බව, කෙටි බව, වට බව, සතරැස් බව ආදි සටහන් ඇත්තා වූ ද, කුඩා බැව් මහත් බැව් ආදි ප්‍රමාණ ඇත්තා වූ ද, පැහැයක් ඇත්තාවූ ද, සත්ත්ව වූද, සත්ත්ව නොවූ ද, සියල්ලට ම ය. දෙවියා ගේ මිනිසාගේ තිරිසනා ගේ කය ද ශරීරයකි. ගලත් ගසත් වැලත් කොළයත් ගෙඩියත් ශරීරයෝ ම ය. ගින්නත් දියත් සුළඟත් අව්වත් ශරීරයෝ ම ය.*
🟠 චිත්ත චෛතසික ධර්මයෝ වනාහි ක්‍රියා මාත්‍ර ම වන බැවින් හා සමූහ වී සටහනක් නො දක්වන්නවුන් බැවින් ශරීර නැත්තෝ ය, චිත්ත චෛතසිකයන් ශරීර නැතියවුන් බව:
“දුරංගමං එකචරං - අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා”
යන තථාගත වචනයෙන් ද දැක්වේ.
*🟢රූප පරමාර්ථ වූ පෘථිව්‍යාදීහු ක්‍රියා වුව ද බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම්කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් ද්‍රව්‍යයක් ඇති සේ දක්වන්නෝ ය.*
🟣 ලෝකයෙහි ද්‍රව්‍ය වශයෙන් හෙවත් ශරීර වශයෙන් සලකන සියල්ල ම පෘථිව්‍යාදි ධාතූන් ගේ සමූහයෝ ය. *ද්‍රව්‍ය හෙවත් ශරීරය පරමාර්ථ වශයෙන් ඇතියක් නො වේ.*
🔵 ඇති සැටියට පෙනෙන ද්‍රව්‍යයක තතු සොයන්නකුට ඒවායින් සත්‍ය වශයෙන් ඇති දෙය සැටියට ලැබෙනුයේ පෘථිව්‍යාදි ධාතු සමූහයකි. ඒවා ද්‍රව්‍ය නො වතුදු ශරීර නො වතු දු ශරීරයන් සේ පෙනෙන බැවින් ශරීරයන් හැඳින්වීමට ව්‍යවහාර කරන රූප යන නාමය ඒවාට ද කියනු ලැබේ.
🟠පරමාර්ථ ධර්මයෝ නාම රූප වශයෙන් දෙවැදෑරුම් වෙති. ඒවායින් ශරීර සංඛ්‍යාත රූපයක් නො ලැබෙන චිත්ත චෛතසික නිර්වාණ යන පරමාර්ථ ධර්ම තුනට ශරීරය බලා නො දත හැකි බැවින් නම පමණක් අසා නමේ අනුසාරයෙන් ම දත යුතු වන බැවින් *නාමය* යි කියනු ලැබේ.
🟠බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම් කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් රූපයක් පෙනෙන්නා වූ පරමාර්ථ ධර්ම කොටස ඒ රූපය බලා රූපයාගේ අනුසාරයෙන් දත හැකි බැවින් ඒවාට *රූපය* යි කියනු ලැබේ. කොටින් කියත හොත් සමූහ වී ශරීර සංඛ්‍යාත රූපයක් දක්වන්නා වූ පරමාර්ථ ධර්ම කොටස රූපයෝ ය. මේ එක්තරා ක්‍රමයකින් රූප පරමාර්ථය හැඳින්වීමකි.
✅තථාගතයන් වහන්සේ විසින් රූපය හඳුන්වා තිබෙන්නේ, රූප යන වචනය විස්තර කර තිබෙන්නේ ගැඹුරු ක්‍රමයකිනි. “රුප්පතීති ඛො භික්ඛවෙ! තස්මා රූපන්ති වච්චති” යනු තථාගතයන් වහන්සේ විසින් රූපය වර්ණනා කළ ආකාරයයි. “මහණෙනි, රුප්පනය වන බැවින් රූප නම් වේය” යනු එහි තේරුම යි.
🟢දැන් දත යුත්තේ රුප්පනය යනු කුමක් ද කියා ය. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ “රුප්පති” යන තථාගත වචනය කාමසූත්‍රය වර්ණනා කිරීමේ දී වර්ණනා කර තිබෙනුයේ “කුප්පති ඝට්ටීයති පීලියති” යන වචනවලිනි. ඒ වචනවල තේරුම *“කිපේය, විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබා ය, විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළනු ලබා ය”* යනුයි.
🟣එහි සැටියට රූපය කවරෙක් දැ යි කියත හොත් කිය යුත්තේ කිපෙන්නා වූ විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබන්නා වූ විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළනු ලබන්නා වූ ධර්මය රූපය කියා ය.
🔵එහි විරුද්ධ ප්‍රත්‍යය නම් ශීතෝෂ්ණාදිය ය.
🔵රූපයා ගේ කිපීම වනාහි නයාගේ කිපීම, කොටියාගේ කිපීම, රජුගේ කිපීම වැන්නක් නොව සෙම කිපුණේය, වාතය කිපුණේය, පිත කිපුණේය යනාදීන් හි කියැවෙන කිපීම බඳු කිපීමකි. ඒ කිපීම විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලැබීමේ හා පෙළනු ලැබීමේ ඵලයකි.
🔵 චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් හා අන්‍ය ධර්මයකගේ ප්‍රහාරයට ලක් වීමට තරම් කාලයක් නො පවත්නා බැවින් ද ඒවායේ රුප්පනයක් නැත
. රූපයාගේ ජීවන කාලය සිතෙහි ජීවන කාලයට වඩා සොළොස් ගුණයක් දික් බැවින් විරුද්ධ ප්‍රත්‍යයා ගේ ප්‍රහාරයට ඒවා ලක් වේ. එබැවින් රුප්පනයක් ඇත්තේ රූපයන්හි පමණෙකි.
🔵රූප උපදිනුයේ කලාප හෙවත් සමූහ වශයෙනි. තමන් නිරුද්ධ වන්නට මත්තෙන් තමන්ගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීම බොහෝ රූප කලාපයන්ගේ ස්වභාවයකි.
🔵විරුද්ධ ප්‍රත්‍යයාගේ ප්‍රහාරයට ලක් වූ රූපකලාපයෝ තමන්ගේ පරම්පරාවට තමන් හා සමාන රූප කලාප ඉපදවීමට අසමත් වෙති.
🔵ඉටිපන්දමක රූප කලාපයන්ට උණුසුම නමැති විරුද්ධ ප්‍රත්‍යය සැපුණ හොත් ඒවා තමන් හා සමාන කැටි වූ රූප කලාප ඉපදවීමට අසමත් වේ. එබැවින් උණුසුම ස්පර්ශ වීමෙන් පසු ඒවාට ඉපදවිය හැකි වන්නේ තමන් හා සම නොවූ දියාරු රූප කලාපයෝ ය.
🔵මෙහි කිපීම යයි කියන ලදුයේ ඒ තමන් හා සමාන රූප ඉපදවීමට අසමත් බවට පැමිණීමට ය. කලින් කැටිව තිබූ ඉටිවල දියාරු බවට පැමිණීමට නො වේ. ඉටි දියාරු බවට පැමිණීම කලින් කැටිව තිබූ ඉටිවල රුප්පනයේ ඵලයකි.
🔵 රුප්පනය රූපයා ගේ අවස්ථාන්තරයකට පැමිණීම යයි ගැනීම ධර්ම විරෝධ ය. පරමාර්ථ ධර්මයකට ඇත්තේ උත්පාදය, ස්ථිතිය, භංගය කියා අවස්ථා තුනකි. සතර වන අවස්ථාවක් ඒවාට නැත. | 140 |
| 7 | No text... | 82 |
| 8 | සිත යනු අරමුණ දැනගැනීමේ ස්වභාවයයි.
*පූජ්‍ය දෙණියායේ උපසම හිමි*
#upasamatheroshort
➡️➡️ අභිධර්ම මෙනුවට 👈👈 | 82 |
| 9 | ධම්මමේඝ අභිධර්ම චිත්ත වීථි -08
*පූජ්‍ය ඇරැව්වල සුධම්ම හිමි* | 93 |
| 10 | No text... | 91 |
| 11 | අනෙකුත් පෝස්ට්
#posts | 68 |
| 12 | පටිච්ච සමුප්පාද ධර්මය තුන් කාලයෙන් තොරව විග්‍රහ කිරීමට කිසිසේත්ම නොහැකි ය. එසේ සිතීම පවා සද්ධර්ම ප්‍රතිරූපක මිථ්‍යා දෘෂ්ඨියකි.
පැහැදිලි කිරීම:- සර්වබලධාරී ලොව මවන දෙවි කෙනෙක් හෝ ලෝකය පාලනය කරන්නෙක් හෝ මෙහෙයවන්නෙක් නැත. ඉබේ හට ගන්නේද නැත.
ප්‍රශ්නය :- එතකොට මේ තියෙන දේවල් සහ ජීවීන් ආදී තිබෙන සියල්ලම හට ගන්නේත් පවතින්නේත් කොහොමද?
පිළිතුර :- එයට පිළිතුර වන්නේ ඒ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සිදු වන බව ය.
ප්‍රශ්නය :- මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සිදුවන ක්‍රමය සොයාගෙන දේශනා කරන්නට හැක්කේ කාටද?
පිළිතුර :- ඒ බුදුරජාණන් වහන්සේටම පමණී. එයට හේතුව බුදුරජාණන් වහන්සේ හැර සියලුම සක්වල ලෝකධාතූන් ද, සමස්ත සසර ගත අය සමඟ සිදුවන ක්‍රියාවලිය පරීක්ෂා කළ හැකි උපකරණයක් හෝ පුද්ගලයෙක් කිසිඳු අයුරකින් පහල නොවීමයි.
මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් දේශනා කළ ක්‍රමය වන්නේ චතුරාර්‍ය්‍ය සත්‍ය ක්‍රමය යි. මධ්‍යම ප්‍රමාණයට පටිච්ච සමුප්පාද ධර්ම ක්‍රමය තුළත්, අංග සම්පූර්ණව පට්ඨාන ධර්ම ක්‍රමය තුළත් දේශනා කර තිබේ.
ප්‍රත්‍ය ධර්ම කියන්නේ නූපන් චිත්ත චෛතසික රූප ධර්මයන් ඉපදීමටත්, පරම්පරා වශයෙන් පැවතීමටත්, පරම්පරා වශයෙන් වැඩිවීමටත්, උපකාරක වන ධර්ම ප්‍රත්‍ය ධර්ම වේ.
ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියන්නේ - ප්‍රත්‍යන් නිසා හට ගන්නා වූද, පවතින්නා වූද චිත්ත, චෛතසික, රූප ධර්ම වේ.
ප්‍රත්‍යනීක ධර්ම කියා ද කොටසක් තිබේ. ඒ ප්‍රත්‍යනීක ධර්ම කියන්නේ ප්‍රත්‍යෝත්පන්න භාවයට නොපැමිණෙන ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යනීක ධර්ම වේ.
බුදු රජාණන් වහන්සේ දේශනා කරන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයට අදාළව පටිච්ච සමුප්පාද ධර්මයේ අතීත කාළයේ හේතු ඇත්තේ නැද්ද? කියා කවුරුන් හෝ ඇසුවොත් ඔහුගෙන් පෙරලා ඇසිය යුත්තේ වර්තමානයේ නාමරූපාදිය හැදෙන්නේ කෙසේද කියා ය. මේවා හැදෙන්නේ කොහොමද? එක්කෝ ඔහුට සියල්ලම මවනවා කියා හෝ මෙතනින් සියල්ලම අවසන් වෙනවා කියා හෝ ඉබේ හැදෙනවා කියා හෝ වෙනයම් දෙයක් හෝ කීමට සිදු වේ. (පටිච්ච සමුප්පාද ධර්මයේ තුන්කාළයම කිය වේ. එය එසේ නැතුව විස්තර කිරීමට නොහැකි ය.)
එවිට ඔහුගෙන් ඇසිය යුත්තේ ඇසින් රූප දකින විඤ්ඤාණ දෙක සහ අනෙකුත් විපාක විඤ්ඤාණ ද, කර්මජ ලෙස හට ගන්නා සියළුම නාමරූප ද හට ගන්නේ කෙසේදැයි කියා ය. එසේම අවිජ්ජා, සංඛාර දෙක ගැන බොහෝ දේවල් ඇසිය යුතු වේ. තවත් අසන්නට නම් ප්‍රශ්න කෝටියක් ඇත. ඒ එක් ප්‍රශ්නයකටවත් පටිච්ච සමුප්පාද ධර්මය අදාළ මේ මොහොතට පමණක් යැයි කියන අයට උත්තර නම් නැත. එයට හේතුව ඔවුන් ධර්මය අල්ලාගෙන තිබෙන්නේ වැරදි තැනින් වීමයි.
මේ භව චක්‍රය කාල තුනකට අයත් වේ.
“කථං අවිජ්ජා සංඛාරා අතීතෝ අද්ධා. ජාති, ජරා, මරණං අනාගතෝ අද්ධා, මජ්ඣේ අට්ඨ පච්චුප්පන්නෝ අද්ධා ති තයො අද්ධා”
තේරුම :- “කෙසේද? අවිද්‍යා සංඛාරා දෙක අතීත කාලයට අයත් ය. ජාති, ජරා, මරණයන් අනාගත කාලයට අයත් ය. විඤ්ඤාණ නාමරූප, සළායතන, පස්ස වේදනා, තණ්හා, උපාදාන, බව යන අංග අට වර්තමාන භවයට අයත් ය.
අතීත භවය - අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාරා පච්චයා
වර්තමාන භවය - විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සලායතනං
සලායතන පච්චයා ඵස්සෝ
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ, භව පච්චයා
අනාගත භවය - ජාති
ජාති පච්චයා ජරා, මරණං, සෝක
පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති
මෙපමණකින්ම මෙය පැහැදිලි කිරීමට නොහැකි ය.
1. අද්ධ තුන
2. අංග දොළහ
3. ආකාර විස්ස
4. සන්ධි තුන
5. සංඛෙප හතර
6. වට්ට තුන
7. මූල දෙක
ආදී තවත් බොහෝ කරුණු දැන ගෙන සිටියහොත් පටිච්ච සමුප්පාද ධර්මය ගැන තරමක් හෝ අවබෝධ කර ගැනීමට හැකි වේ. පටිච්ච සමුප්පාද ධර්මය ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබන්නට පට්ඨාන ධර්මයද තරමක් හෝ දැන ගැනීමට සිදු වේ.
විදර්ශනා භාවනා වැඩීමේදී පටිච්ච සමුප්පාද ධර්මය තම තම නැණ පමණින් අවබෝධ කර ගන්නේ කඞඛාවිතරණ විසුද්ධියේදී ය. ඉන්පසුවද ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන් මඟඵල ලබන්නට තවත් බොහෝ දේ මේ ජීවිතයේදීම කරගත යුතු ය. ඔබ එය කර ගන්නට ප්‍රමාද නොවෙන්න.
තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
මිණිපුර අමා ශාන්ති තපෝවනය | 65 |
| 13 | No text... | 53 |
| 14 | #abhidharmalongpost
#postmaala
➡️➡️ අභිධර්ම මෙනුවට 👈👈 | 56 |
| 15 | එක් භවයක චුති සිත හා අනෙක් භවයේ ප්‍රතිසන්ධි සිත අතර සම්බන්ධය
*පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමි*
#kotmalekumarakassapatheroshorts
➡️➡️ අභිධර්ම මෙනුවට 👈👈 | 53 |
| 16 | ⚜️ චිත්තුප්පාද කාණ්ඩය 05 -- පළමු කාමාවචර කුසල සිත-5⚜️
අත්ථසාලිනී නිදානය දේශනා මාලාව-18
*පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි* | 71 |
| 17 | No text... | 89 |
| 18 | සිත් පිළිබද මූලික දේවල්
#posts | 102 |
| 19 | වස්ත්වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වනාහි කලාතුරකින් පමණක් ලැබෙන අප්‍රකට කරුණෙකි. තේරුම් ගැනීමට ද අපහසු කරුණෙකි. එය ලැබීමට පූර්වයෙහි හටගත් වස්තු රූපය සිතේ අරමුණු විය යුතුය. අරමුණ වන වස්තු රූපය ම සිතට නිඃශ්‍රය වස්තුව විය යුතු ය. මරණාසන්න කාලයේ දී මිස එය අන් කලෙක නො විය හැකිය. කුමක් හෙයින් ද යත්? හට ගත්තා වූ ධර්මයක් එකෙණෙහි ම සිතට හසු නො වන හෙයිනි. උපන් හෘදය වස්තුවක් අරමුණු කොට සිතක් පහළ විය හැක්කේ භවාංග චලන භවාංගුපච්ඡේද වශයෙන් සිත් දෙකක් ඇති වූවාට පසුව ය. භවාංගුපච්ඡේදයෙන් පසු ඇති වන්නා වූ මනෝද්වාරාවර්ජන චිත්තයට භවාංග චලනයෙන් පූර්ව චිත්තය හා උපන් හෘදය වස්තුව අරමුණු කොට ඇති විය හැකිය. ප්‍රවෘත්ති කාලයේ දී චිත්තය අතීතානන්තර චිත්තය හා උපන් හෘදය රූපය මිස අනිකක් ඇසුරු කොට නූපදී. එබැවින් මනෝද්වාරාවර්ජනයට නිඃශ්‍රය වන්නේ භවාංගුපච්ඡේදය හා උපන් හෘදය වස්තු රූපය ය. ඒ සිතින් අරමුණු කරන හෘදය වස්තු රූපය එයට නිඃශ්‍රය නොවේ. එබැවින් ප්‍රවෘත්ති කාලයේ දී නිඃශ්‍රය වන වස්තුව ම අරමුණු කොට සිතකට ඉපදීමට අවකාශයක් නැත. මරණාසන්න කාලයේ දී සිත් ඇති වන්නේ ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තය හා උපන් වස්තු රූපය ඇසුරු කොට ය. එබැවින් මරණාසන්න කාලයේ දී සිතට නිඃශ්‍රය වන චුති චිත්තය හා උපන් හෘදය වස්තුව අරමුණු කරන සිත් අති වුවහොත් ඒ සිත්වලට පුරේජාත වූ ආරම්මණයත් නිඃශ්‍රය වස්තුවත් එකක් ම විය හැකිය. වස්ත්වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ලැබෙන්නේ ඒ අවස්ථාවෙහි ය. එය තේරුම් ගත හැකි වීමට චිත්තවීථි ගැනත් රූපෝත්පත්ති ක්‍රමය ගැනත් දැනුම තිබිය යුතුය.
සියුම් රූපයක් වූ හෘදය රූපය වෙන් කොට සිතට හසුකර ගැනීම පහසු කාර්‍ය්‍යයක් නො වේ. මෙය ලැබෙන්නේ මරණාසන්නයේ දී තමන් ගේ රූප කය හෝ පඤ්චස්කන්ධය ම හෝ අරමුණු කරන සිත් ඇතිවන්නවුන්ට ය. හෘදය රූපය ද රූප කයේ එක් කොටසකි. මරණාසන්නයේ දී පුරේජාත රූප කය අරමුණු කොට උපදනා සිතට පුරේජාත හෘදය රූපය නිඃශ්‍රය ද වේ. ආරම්මණයෙන් කොටසක් ද වේ. ඉතිරි රූපයෝ අරමුණ පමණක් වෙති. ඒ අවස්ථාවේ දී හෘදය රූපය ඒ සිතට නිඃශ්‍රය ප්‍රත්‍යය ද වේ. ආරම්මණ ප්‍රත්‍යය ද වේ. ඉතිරි රූපයෝ ඒ සිතට ආරම්මණ ප්‍රත්‍යය පමණක් වේ. පඤ්චස්කන්ධය ම අරමුණු කොට උපදනා සිත්වලට ද මේ ක්‍රමය ලැබේ.
https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/11-7.html | 49 |
| 20 | 8. නිඃශ්‍රය ප්‍රත්‍යය
කඩදාසි ආදි වස්තුවක ආධාරය නො මැතිව චිත්‍ර රූපයකට ඇතිවිය නො හැකිය. චිත්‍ර රූපයට කඩදාසිය මෙන්, යම් කිසිවකට පිහිටා සිටීමට උපකාර වන ධර්මය නිඃශ්‍රය ප්‍රත්‍යය ය. එය සහජාත නිඃශ්‍රය, පුරේජාත නිඃශ්‍රය වශයෙන් දෙවැදෑරුම් වේ. තමා හා සමග උපදනා ධර්මයන්හට පිහිටීමට උපකාර වන ධර්මය සහජාත නිඃශ්‍රය නම් වේ. තමා පළමු ඉපද පසුව උපදනා ධර්මයනට පිහිටා සිටීමට උපකාර වන ධර්මය පුරේජාත නිඃශ්‍රය නම් වේ. රටාව යයි කියන වියමනෙන් හටගන්නා චිත්‍රයේ පිහිටීමට උපකා වන පැදුර මෙන් සහජාත නිඃශ්‍රය ප්‍රත්‍යය දත යුතු ය. පැදුර ඇතිවන්නේ ද එහි පිහිටි රටාව ඇති වන්නේ ද එකවර ම ය. පසුව ඇති වන චිත්‍ර රූපයේ පිහිටීමට උපකාර වන කඩදාසිය මෙන් පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය දත යුතු ය.
නිඃශ්‍රය ප්‍රත්‍යයේ ත්‍රිරාශිය
සහජාත නිඃශ්‍රය පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය දෙකින් සහජාත නිඃශ්‍රයේ ත්‍රිරාශිය සහජාත ප්‍රත්‍යයේ මෙනි. පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය ද වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයය, වස්ත්වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයයි දෙවැදෑරුම් වේ. එයින් වස්තු පුරේජාත නිඃශ්‍රයේ ත්‍රිරාශිය මෙසේය:
ප්‍රවෘත්ති කාලයෙහි චක්ෂුරාදි වස්තු සය වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වන ධර්මයෝ ය. විස්තර වශයෙන් කියත හොත් මෙසේය. මන්දායුෂ්ක අමන්දායුෂ්ක මධ්‍යමායුෂ්ක වශයෙන් තෙවැදෑරුම් වන චක්ෂුඃ ප්‍රසාදයන් අතුරෙන් පළමුවන අතීත භවාංග චිත්තය හා චක්ෂු වස්තුවය, එසේ ම මධ්‍යමායුෂ්ක වූ ශෝත්‍ර වස්තුවය, ඝ්‍රාණ වස්තුවය, ජිහ්වා වස්තුවය, කාය වස්තුවය, ප්‍රතිසන්ධ්‍යාදි පූර්ව පූර්ව චිත්තයන් හා උපදනා හෘදය වස්තුවය, නිරෝධ සමාපත්තියෙන් නැගිටිනා අවස්ථාවෙහි පූර්වයෙහි එක් චිත්තක්ෂණයක කාලයේ උපදනා හෘදය වස්තුවය, මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතළොස් වන චිත්තය සමග උපදනා හෘදය වස්තුවය යන මොහු වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වන ධර්මයෝ ය.
පඤ්චවෝකාර භූමියෙහි උපදනා වූ ප්‍රවෘත්ති කාලයට අයත් වූ අරූප විපාක වර්ජිත සප්ත විඥාන ධාතූහුය, චෛතසික දෙපනසය යන මොහු වස්තුපුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.
චතුවෝකාර භූමියෙහි උපදනා ලෝභ මූල සිත් අටය, මෝහ මූල සිත් දෙකය, මනෝද්වාරාවර්ජනයය, මහා කුශල අටය, මහා ක්‍රියා අටය, අරූපාවචර සිත් දොළොසය, සෝවාන්මාර්ගචිත්ත වර්ජිත ලෝකෝත්තර සිත් සතය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය අප්‍රමාණ වර්ජිත චෛතසික සසාලිසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි නාමස්කන්ධයෝය, පඤ්චවෝකාර ප්‍රතිසන්ධි පසළොසය, චෛතසික පන්තිසය, චිත්තජ රූපය, ප්‍රතිසන්ධි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපය යන මේ ධර්මයෝ වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයෝ ය.
වස්ත්වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ත්‍රිරාශිය
මරණාසන්න කාලයෙහි ච්‍යුති චිත්තයෙන් සතළොස්වන චිත්තය හා උපදනා හෘදය වස්තුරූපය වස්ත්වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය වේ.
මනෝද්වාරාවර්ජනයය, කාමජවන් එකුන් විස්සය, තදාරම්මණ එකොළොසය, අභිඥා දෙසිතය, ඊර්‍ෂ්‍යා මාත්සර්ය කෞකෘත්‍ය විචිකිත්සා විරති අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික සිවුසාලිසය යන මොහු වස්ත්වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.
වස්ත්වාරම්මණ පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය නො ලබන්නා වූ ද නො ලබන අවස්ථාවෙහි වූ ද එකුන් අනූ චිත්තයය, චෛතසික දෙපනසය, චිත්තජ රූපය, ප්‍රතිසන්ධි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපය යන මොවුහු වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීකයෝ ය. | 49 |
