අභිධර්ම පුස්තකාලය
Open in Telegram
බෞද්ධයන් බොහොමයකට අමතකව යන අභිධර්මයට නැවත ජීවය දෙමු 😎💪 අභිධර්මය හා සම්බන්ධ 🔸 Video පාඩම් මාලා 🔸 කෙටි Video 🔸 Audio පාඩම් මාලා 🔸 කෙටි Audio 🔸කෙටි ලිපි 🔸 ලිපි මාලා මේ අභිධර්ම පිටකයට අත ගැසිය යුතුම කාලයයි
Show more724
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
අකුසල් සිතක් පහළවී පව නොකලොත් විපාක ලැබේද?
*
පූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමි*
#ariyadhammatheroshort
➡️➡️ අභිධර්ම මෙනුවට 👈👈සූවිසි ප්‍රත්‍යය අභිධර්ම සම්භාෂණය පාඩම් මාලාව 🌿
👉 *පූජ්‍ය දෙණියායේ උපසම හිමි* 👈
#abhidarmasambhashanaupasamathero
⚜️ ආරම්මණ ගණය-06
ශුද්ධ සංඛ්‍යා - ආරම්මණ,අාරම්මණාධිපති ⚜️
සූවිසි පට්ඨාන දේශනා මාලාව-58
*පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි*
පරමාර්ථය සහ ප්‍රඥප්තිය
*
පූජ්‍ය දෙණියායේ උපසම හිමි*
#upasamatheroshort
➡️➡️ අභිධර්ම මෙනුවට 👈👈නමෝ සම්මා සම්බුද්ධස්ස
කුසල් අරමුණුකොට අඛ්‍යාකතයන් ඇතිවීම.
වීථිය
“කුසලො ධම්මො අඛ්‍යාකතස්ස ධම්මස්ස - ආරම්මණ පච්චයෙන පච්චයො”
කුසලයන් අව්‍යාකෘත (අඛ්‍යාකත) පින් පව් වශයෙන් නොකිව් සිත් වලට ආරම්මණ ශක්තියෙන් උපකාර වේ .
අඛ්‍යාකත : නො කිව් දේ යන තේරුමයි.
"කුසලාකුසල භාවෙන නඛ්‍යාකතා අඛ්‍යාකතා"
කුසල් අකුසල් හැටියෙන් නොකිව් යන තේරුමයි.
කුසල් අකුසල් වශයෙන් වෙන්කොට නොවදාළ කරුණු සතරකි. විපාක සිත් , කිරිය සිත්, රුප, නිබ්බාණ යන සතරයි. මේ දෙසුමෙන් උගන්වන්නේ කුසලය ආරම්මණ ශක්තිය වීමෙන් විපාක කිරිය සිත් නමැති අව්‍යාකෘතයන්ගේ පහළ වීම යි.
අනුවාදය
1. "අරහා මග්ගා වුට්ඨහිත්වා මග්ගං - පච්චවෙක්ඛති"
රහතන් වහන්සේ අරහත් මග සිතින් නැගී සිට අරහත් මග සිත නැවත බලයි. සිහිකරයි. අරහත් මග සිත කුසලයකි. එම අරහත් මග සිත පහළ වූ උතුමාට නැවත කුසල් අකුසල් පහල නොවේ.
අරහත් මග කුසල් සිත් පෙළ භවංගයට පැමිණියේ අරහත් මග කුසලයෙන් නැගී සිටියේ - මිදුණේ වේ. රහතන් වහන්සේට එම අරහත් මග කුසලය අරමුණු කරමින් ඤාණය යෙදෙන කාමාවචර කිරිය ජවන් සිත් පහළ වේ. එම පච්චචෙක්ඛණ කිරිය ජවන් සිත් ඇති වීමට අරහත් මග කුශලය ආරම්මණ ශක්තියෙන් උපකාර වේ.
මෙහි පච්චය : අරහත් මග කුසලය යි
පච්චයුප්පන්නනය : ( ප්‍රත්‍යයෙන් ඇතිවුණු දෙය) මාර්ග සිත නැවත නැවත බලන කාමකිරිය ජවන් සිතුයි.
2. "පුබ්බේ සුචිණ්ණානි - පච්චවෙක්ඛති ."
රහතන් වහන්සේ පෙර කල කුසල් නැවත බලයි . සිහිකරයි.
රහත් වූ පසු පෙර කල කුසල් නැවත බැලීමේදී රහතන් වහන්සේට කාමාවචර ක්‍රියා සිත් පහළ වේ. මෙසේ පෙර කල කුසල් පච්චය වීමෙන් ආරම්මණ ශක්ති බලයෙන් කිරිය සිත් නැමති අඛ්‍යාකත පච්චුප්පනයන් ඇතිවිය.
3. "කුසලං - අනිච්චතො දුක්ඛතො අනන්තතො විපස්සති"
රහතන් වහන්සේ කුසලය අනිච්ච දුක්ඛ අනන්ත ලෙසින් විදර්ශනා කරයි. එවිට අතීත කුසලය අරමුණු කොට කාමාවචර මහා කිරිය සිත් අටෙන් එක් සිතක් ජවන් වශයෙන් පහළ වේ. මෙහි අතීත කුශලය ආරම්මණ පච්චය වීමෙන් එම ශක්ති බලයෙන් හටගත් (පච්චයුප්පන්න) කිරිය අඛ්‍යාකත සිත් දැක් වේ.
කතන්දර අහලා නිවන් දකින්න පුලුවන්ද??
*
පූජ්‍ය දෙණියායේ උපසම හිමි*
#upasamatheroshort
➡️➡️ අභිධර්ම මෙනුවට 👈👈⚜️අධිපති ප්‍රත්‍යය- 2 කොටස⚜️
පට්ඨානය දේශනා මාලාව -08
*පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමි*
