en
Feedback
Knowledge Station [🇱🇰]

Knowledge Station [🇱🇰]

Open in Telegram

“දැනුම ඇති මිනිසා තම සතුරන්ට ප්‍රේම කිරීමට පමණක් නොව තම මිතුරන්ට වෛර කිරීමටද සමත් විය යුතුය.” - 𝘍𝘳𝘪𝘦𝘥𝘳𝘪𝘤𝘩 𝘕𝘪𝘦𝘵𝘻𝘴𝘤𝘩𝘦 කල් ඉකුත් වූ අධ්‍යාපන රටාව වෙනස් කර අධ්‍යාපනය ප්‍රායෝගික කරගමු..⚫️ ☑️හොදම ලිපි කියවන්න https://t.me/important987/6987

Show more
1 374
Subscribers
No data24 hours
-57 days
-2330 days
Posts Archive
ඉදිරි දින කීපයේ ලාංකික විද්වත් බුකි සභාව ඇතුලේ ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමා ගැන කුමන ආකාරයෙන් අදහස් පළවෙයි ද කියන්න අමාරුයි. එතුමාගේ අභාවය සිංහල ජාතිකත්වය පදනම් කරගත් අප කඳවුරට නිවී ගිය පහනක් ලෙසින් මහත් පාඩුවක් වුවද, තවත් පාර්ශව ගණනාවකටම එතුමාගේ අභාවය අස්වැසිල්ලක් වන බව නම් නොඅනුමානයි. අලුතින් එතුමාගේ නම පමණක් ඇසූ අය එතුමාගේ අභාවයට ද සුපුරුදු පරිදි ගරහන්නට ඉඩ ඇත.එතුමා කළ කී දෑ තුරුණු වියේ සිටින අපට වඩා වැඩිහිටි විද්වතුන් බොහෝ දේ දනී. පෙරදිග සිංහල බෞද්ධ මතවාදයේ පටන් නූතන විශ්ව වේදය දක්වා පවා හසළ දැනුමක් ඇති අදටත් ලංකාවේ අංක එකේ විද්වතා බව බොහෝ දෙනෙක් දන්නේ නැත. මෙහි හසල දැනුම යන්න කටපාඩම් විද්‍යාවට එහා ගොස් සංකල්පනාත්මකව ප්‍රශ්න කිරීමට පවා දැනුමක් ඇති විද්වතුන් අතර ඉදිරියෙන්ම සිටියෙකි. එතුමා මතවාදීව ඊළාම් සිහිනය පරාජය කරන්නට පටන් ගත් දා පටන් මෙන්ම ඊට පෙර සිටම අපගේ රටට,සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනුවෙන් කළ කී දෑ බොහෝය. අලුතින් හිතන්නට ඉගැන් වූ විද්වතුන් අතර මුලිකත්වයෙහි සිටියෙකි. එතුමා කාලය සඟරා ආරම්භ කොට, මගේ ලෝකය වැනි පොත් ලියා අදටත් දශක ගණනාවක් ගත වී ඇත. එනමුත් තවමත් එතුමා අදහස් කළ දේ තේරුම් ගන්නට තරම් හැකියාවක් නැති බොහෝ දෙනෙක් "බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් " යන වදන දුටු විටම ඇවිස්සෙන ආකාරයෙන් ඇදුරුතුමන්ගේ ඉගැන්වීම ඔවුන්ට තේරුම් ගැනීමේ නොහැකියාව ගැන අප පුදුම නොවන්නෙමු. එම වාක්‍ය තේරුම් ගැනීමට හැකියාවක් නැති තැන එතුමා පවසන ඉතිරිය තේරුම් ගැනීම කළ නොහැකිය. සියවස් ගණනාවකට පසු ලාංකීය ඉතිහාසය තුළ ජාතියකට අලුතින් හිතන්නට ඉගැන්වූ ගුරුවරයා අද මෙලොවින් නික්ම ගොස් ඇත. එතුමාගේ අගය අද අපට දැනෙන්නේ නැති වෙයි.දැනෙන දාට එතුමා තවත් කාලාන්තරයක් ජීවත් වුණා නම් කියා සිතේවි. Nalin de Silva මහඇදුරුතුමන් විශ්වාස කළ නිර්වාණ සම්පත්තිය ඉතා ඉක්මනින් ලැබේවා 🙏

ඉතාම වෙහෙසකර, කාර්යබහුල කාලයක් නිසා කිසිම දෙයක් ලියන්න වුණේ නෑ. ඒත් මේ දවස් ටිකේ මරු ආතල් වැඩක් වෙලා. රොහාන් පෙරේරා කියලා පොරක් මැරිලා. මෑන් X කණ්ඩායමේ. X කණ්ඩායමේ ලොකු පොරක් ලු. මම නම් එහෙම කෙනෙක් හිටපු බව දැනගත්තේ ෆේස්බුක් පෝස්ට් වලින්. මම X කණ්ඩායමෙන් දන්නෙ නිර්මාල් දේවසිරියි, දීප්ති කුමාර ගුණරත්නයි විතරයි. මේ රොහාන් පෙරේරා X කණ්ඩායමේ ලොකු පොරක්. මෑන් ටියුෂන් දාලා මෑන් ගේ ගෝලයොන්ට දර්ශනය උගන්නලා. මෑන් අදහන් වඳින බැතිමත්තු ටිකකුත් බිහි වෙලා. දීප්තිලා වගේ වැඳුම් පිදුම් විතරක් න්එවෙයි, මිනිහා උගන්නන්න සල්ලිත් අරන්. ගෝලයොන්ගේ වයිෆ්ලා උස්සන වගේ වැඩත් කරලා. හැබැයි බහුතර ගෝලයො මිනිහට මල් තියලා වඳින සයිස් ලු. මිනිහා වැඩිපුරම උගන්නලා තියෙන්නෙ සිංහල බෞද්ධ සමාජයේ කාන්තාවන්ට තියෙන පීඩා. සිංහල පිරිමියා කාන්තාව යට කරන් ඉන්න හැටි. කාන්තාවන්ට විමුක්තිය ලඟා කරගන්න හැටි. කාන්තාවට විමුක්තිය ලඟා කර ගන්න නම් සිංහල බෞද්ධ සංස්කෘතිය අවසන් කරන්න ඕන හැටි වගේ ගැඹුරු දාර්ශනික කාරනා. පස්සෙ මෑන් එක පාර අතුරුදහන් වෙලා. කාලෙකට පස්සෙ මෑන් මැරිලා. රැවුල වවාගත්තු, නළලෙ හිල් පෑදුනු පුද්ගලයෙක් ලු මිය ගිහින් තියෙන්නෙ. බැන්ඩඩ් ඇඳලා, ක්ලීන් ශේව් කරලා ඉඳපු රොහාන් පෙරේරා නෙවෙයි. බැලින්නම් රොහාන් පෙරේරා කියලා බුවෙක් ඉඳලා නෑ. මෑන් උපතින්ම මුස්ලිම්. නම මොහොමඩ් නිසාර් ෆස්ලි. බොරු නම් දාන් සිංහල සමාජයට ඇවිත් කාන්තා විමුක්තිය ලබා දෙන්න. නමුත් තමන්ගේ සමාජයේ තියෙන කාන්තා හිංසන ටික මෑන් හිතාමතාම සඟවලා. නමුත් ඔහුගේ මව, සොයුරිය සහ සහකාරිය අඳින්නෙ කළු නිල ඇදුම. නිසාර් ෆස්ලි රොහාන් වෙලා කොළඹ ඇවිත් බෞද්ධ සංස්කෘතියට දෙහි කපලා ආයෙම නිසාර් ෆස්ලි වගේ මැරිලා. මිනිහගේ අවසන් කටයුතු වුනත් වෙලා තියෙන්නෙ ඉස්ලාම් විදියට. මිනිහව අඳහන 'රැඩිකල්, ලිබරල්' ගෝලයො පවා අසරණයි. අඩුම තරමේ මිනිහා මුස්ලිම් නම, තමන්ගේ ඇත්ත අනන්‍යයතාවය හංගලා මහා සමාජයට ආවේ ඇයි කියන ප්‍රශ්නේ ඉස්සරහත් මිනිහගේ ගෝලයො නිහඬයි. රොහාන් පෙරේරාගේ සිදුවීම තනි සිදුවීමක් නෙවෙයි. අද සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇද කුද පෙන්නන ගොඩ දෙනෙක් උපතින් නිසාර් ෆස්ලි ලා. එතුමන්ලා මැරෙන්නෙත් නිසාර් ෆස්ලි ලා විදියටමයි. අතරමග කාලය විතරක් රොහාන් පෙරේරා ලා වෙලා මිෂන් එකකට වැඩ කරනවා. copied

අපේ රටේ ජීවත් වන බොහෝ උගත් යැයි කියාගන්නා සිංහල බෞද්ධයන්ට එක්තරා අසනීපයක් තිබේ. ඒ සෑම දෙයකම විද්‍යාත්මක බව සෙවීමේ පුදුමාකාර අසනීපයයි. 👉 මේ යටතේ ඔවුන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ආගම, ආගමික සාහිත්‍යය, ඇදහිලි විශ්වාස, සංස්කෘතික අංග ආදී සියල්ලේ විද්‍යාත්මක භාවය ගැන ප්‍රශ්න කරති. ඊට සමච්චල් කරමින් තමන් සාඩම්බර විද්වතුන් බව පෙන්වීමට උත්සාහ දරති. 👉 එහෙත් පාස්කුව සමරන විට ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම විද්‍යාත්මක දැයි මෙරට කිතුනු බැතිමත්හු කිසිදා ප්‍රශ්න නොකරති. 👉 දීපවාලිය සමරන ලංකාවේ හින්දු ආගමිකයෝ ශ්‍රියා කාන්තාව කිරි මුහුදෙන් මතු වීම හෝ කෘෂ්ණ දෙවියන් නරක අසුරයා පරාජය කළ කතාවේ විද්‍යාත්මක බව ගැන ප්‍රශ්න නොකරති. 👉 ලංකාවේ හජ්ජි උත්සවය සමරන ඉස්ලාම් භක්තිකයෝ නබිතුමාගේ පුත්‍රයා වූ ඉස්මයිල්ව දෙවියන් වෙනුවෙන් කැපකිරීම විද්‍යාත්මක දැයි ප්‍රශ්න නොකරති. 👉 මෙවැනි ප්‍රකට උත්සවවලට අමතරව යුරෝපය, අමෙරිකාව, ජපානය ඇතුළු විද්‍යාව දන්නා බව කියන රටවල පැවැත්වෙන විවිධාකාර ආගමික හා ආගමික නොවන උත්සව කන්දරාවක් තිබේ. 👉 ඒ බොහොමයක් විද්‍යාත්මක හෝ තර්කානුකූල දේ නොවුණද විද්‍යාවේ දියුණුවෙන් ඉහළටම ගිය ලෝකයේ මිනිස්සු තවමත් පැරණි ආගම් හෝ ඇදහිලි මත පදනම් වූ කාරණා වෙනුවෙන් නානා මාදිලියේ උත්සව පවත්වති. 👉 විද්‍යාව දන්නා ජපානය තවමත් පැරණි අත්භූත කතාවක් මත පදනම් වූ ශිෂ්ණ උත්සවයක් සමරන අතර, ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයේ පුරුෂ ලිංගවල ආකෘති ඉදිකරමින් විනෝද වීම මේ පිළිබඳ අපූරු උදාහරණයකි. 👉 ලංකාවේ සිංහල අවුරුද්ද යනු මේ ආකාරයේ දෙවියන් භූතයන් හා බැඳුණු උත්සවයක් නොව පෙර කී සියල්ලට වඩා ස්වභාව ධර්මයේ නියාමයන් සමඟ බැඳුණු උත්සවයකි. (ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කළ හැකිය.) එසේ වුවද අන් කිසිදු දේවවාදී ආගමක පවා නැති ආකාරයට සිංහල අවුරුද්දේ විද්‍යාත්මක බව ගැන පමණක් ප්‍රශ්න අසන සිංහල උගතුන් මෙරට බොහෝය. 👉 සැබවින්ම ඔවුන්ගේ හැසිරීම තුළ ඇත්තේ විද්‍යාව, ආගම, සංස්කෘතිය, මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය ගැන කිසිදු අවබෝධයකින් තොර ළාමක මුග්ධ බවක් මිස කිසිදු ආකාරයක විද්වත් බවක් නොවේ. 👉 ලෝකයේ සැබවින්ම විද්‍යාව දන්නා මිනිසුන් විද්‍යාව විද්‍යාව ලෙසත්, ආගම ආගම ලෙසත්, සංස්කෘතිය සංස්කෘතිය ලෙසත් පවත්වා ගත්තද, විද්‍යාත්මක දියුණුව අතින් ඉතා පහළ තැනක සිටින ලංකාවේ හීනමාන උගතුන් පමණක් සිය අනුකාරක විද්‍යාවේ පොල් කටුවෙන් ලෝකය වැසීමට උත්සාහ කරති. 👉 සංස්කෘතිය යනු විද්‍යාවේ අඩි කෝදුවෙන් පමණක් මැන බැලිය නොහැක්කක් බව ඔවුහු නොදනිති. 👉 විද්‍යාවේ දියුණුව සමඟ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන් සපුරා අහෝසි වී යනු ඇතැයි සිතීම යල් පැන ගිය ගල් යුගයේ මතවාදයක් බව ඔවුහු නොදනිති. 👉 ආගම් හා විද්‍යාව අතර පැරණි ලෝකයේ පැවති මාරාන්තික ගැටුම වෙනුවට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමික අයිතීන්ට ගරු කිරීම නූතන ලෝකයේ පිළිගත් මානව ආචාර ධර්මයක් බව ඔවුහු නොදනිති. 👉 ආගම් පමණක් නොව බොහෝ ආගමික නොවන සංස්කෘතික ක්‍රියාකාරකම්ද ඊනියා තර්ක බුද්ධියට අදාළ නොවන දේ බව ඔවුහු නොදනිති. 👉 මිනිසා යනු තර්කයෙන් බුද්ධියෙන් සියල්ල මැන බලනා මහදැනමුත්තෙකු නොව සිය තර්කයේ බුද්ධියේ සියලු බලය අතාර්කික ආශාවන් වෙනුවෙන් නාස්ති කර මිය ඇදෙන ජාගර ජීවියෙකු බව ඔවුහු නොදනිති. 👉 යමෙකු අහස ජය ගැනීමට පෙර තම මවු ඇකයෙන් පෝෂණය වී දෙපයින් සිට ගැනීමට සමත් විය යුතුය. 👉 තමන්ගේ සම්ප්‍රදාය සංස්කෘතිය වනාහී රටක් වශයෙන් අප පෝෂණය ලබන මවු ඇකයයි. එයට පහර දී බෝම්බ ගසා දෙපයින් සිට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත. 👉 විද්‍යාව, තාක්ෂණය ඔස්සේ අහස ජය ගැනීමට හැකි වන්නේ සම්ප්‍රදායෙන් සංස්කෘතියෙන් නිසි පෝෂණය ලැබූ මානසිකව සවිමත් ජාතියකට මිස විද්‍යාවේ සැතින් අධ්‍යාත්මය සිඳ ගත් හිස් බුද්ධිවාදීන්ට නොවේ. 👉 විද්‍යාත්මක දැනුම ගැන වහසි දොඩන්නන් මිස, විද්‍යාවේ, තාක්ෂණයේ, ආර්ථිකයේ මහා ජයග්‍රහණ ලැබීමට අපට හැකි වී නැත්තේ කුමක් නිසාද? 👉 ඊට හේතු බොහෝ තිබිය හැකි වුවද තමන්ගේ පදනම මත පා තබා ගත නොහැකි වීමද එහි එක් හේතුවක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුමය. ඉසුරු ප්‍රසංග

သင်္ကြန် - තින්ග්‍යාන් උත්සවය හෙවත් බුරුම නව වසර ------------------------------------------ හිසට ඉහළින් කුඩා සීනු හඬ නංවයි.දහස් ගණන් පහන් එළි දැල්වෙන අතර සුවඳ ධූමයන්හි ගන්ධය අවකාශය සිසාරා පැතිරයයි. දුඹුරු පැහැ සිවුරු පොරවාගත් භික්ෂූන් පෙළ සැදී වැඩම කරන අතර තරුණියන් සිය ගණනක් ගෙවීයන වසරේ පවු ඉවත් කරගැනීමේ අභිප්‍රායෙන් කොසු අතැතිව සෑ මළුව ඇමදීමට සූදානමින් සිටිති. මේ ශවේදගොන් පාය පැගෝඩාව ( පැගෝඩා = ස්ථූපයට කියනා තවත් නමකි).නව වසරට සූදානම් වන ආකාරයයි.රන් පැගෝඩාව ලෙස අනවර්ථ නාමයෙන් හඳුන්වන මෙම මහා ස්ථූපය.අවට රනින් බබලවමින් මියන්මාරයේ යැංගොන් නගරය මධ්‍යයේ වැඩ සිටී.මියන්මාරය හෙවත් බුරුමයේ ජාතික සංකේතය වන්නේ මෙයයි. බුරුමයේ ඉතා වැදගත් සුවිශේෂීම උත්සවය සෑම වසරකම අප්‍රේල් මස 13 සිට 16 දක්වා බෞද්ධ ආභාශය ගත් තින්ග්‍යාන් (သင်္ကြန်) හෙවත් බුරුම නව අවුරුද්ද මියන්මාර් ජනතාව ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. තින්ග්‍යාන් උත්සවයේ නිධාන කතාව. ---------------------------------------- තින්ග්‍යාන් උත්සවයේ නිධාන කතාවට හේතු පාදක වනුයේ බෞද්ධ ආභාශය ගත් හින්දු කතාවකි. එක් අවධියක බ්‍රහ්මයන්ගේ අධිපති වූ අර්සි සහ දෙවියන්ගේ අධිපතිවූ ශක්‍ර දෙවිඳුන් (သိကြားမင်း - ඉන්ද්‍ර /ශක්‍ර ) හා ඔට්ටුවක් දැමුවේය.එහි කොන්දේසිය වූවේ පරාජිතයාගේ හිස ගසා දැමීමයි.අවසානයේ ඔට්ටුවෙන් අර්සි බ්‍රහ්මයා පරාජය වූ අතර කොන්දේසි ප්‍රකාරව ඔහුගේ හිස ගසා දැමුණි.ඉතිරි වූ ක්වන්ධයට ඇතෙකුගේ හිසක් සම්බන්ධ කළ අතර එමගින් ගනේශ දෙවිඳුන් උපත ලැබීය. නමුත් එක් ගැටළුවක් විය,බ්‍රහ්මයාගේ බලගතු වූ අතර ඔහුගේ හිස සාගරයට දැමුවහොත් සාගරය වියළී යයි.පොළව මතට දැමුවහොත් පොළව විනාශ වේ.ආකාශයට දැමුවහොත් ආකාශය ගින්නෙන් වැසී යනු ඇත. මීට පිලියමක් සෙවූ ශක්‍ර දෙවියන්,අර්සි බ්‍රහ්මයාගේ හිස දෙවඟනන් දෙදෙනෙකු වෙත භාර කළහ.එක් දෙවඟනක මාස දොළහක කාලයක් හිස තමා සන්තකයේ තබාගෙන තිබිය යුතු අතර එම කාලසීමාවට පසුව අනෙකා වෙත හිස ලබාදිය යුතුය.එසේ හුවමාරු කරන අවස්ථාවේ නව වසරක උදාව සිදුවේ. තින්‍ග්‍යාන් උත්සවය --------------------- බෞද්ධයන් මෙදින උදෑසන බුද්ධ වන්දනය සිදුකර,අෂ්ඨාංග ශීලය සමාදන් වීම සිදුකිරීම හා විහාරස්ථාන තුළ වැඩ වසන භික්ෂූන් හට දන් පිලිගැන්වීම සිදුකරයි. මෙම තින්ග්‍යාන් දිනය ආ-ක්‍යා-නෙයි ( A-kya-nei ) හෙවත් ශක්‍ර දෙවිදුන්ගේ දිනය යනුවෙන්ද හදුන්වන නිසා ඔහුට උපහාර ලෙස පරිසරය ජලය ගසා තෙත් කිරීම සිදුකරයි.මීට අමතරව සමස්ත මියන්මාරය පුරා ජනතාව බුද්ධ ප්‍රතිමාව ජලයෙන් දෝවනය කර ජල උත්සවය ආරම්භ කරන අතර පසුව එකිනෙකාට ජලය ගසා ගනිමින් ප්‍රීති වීම සිදුවේ.මෙසේ ජලය ගසා ගැනීමෙන් ගෙවීගිය වසරේ පාපයන් සෝදා හැරීම අභිප්‍රාය වේ.

නෝම්බි අපිටත් තිබුනනම් මෙන්න අපේ අය දාන පෝස්ට්: (1) සම්මා බඩගිණියි (සෝමෙගේ වීඩියෝව) (2) කෑමයි නිවනයි අතර සම්බන්ධයක් නෑ, මේවා පස්සේ ආපු විකුර්ති (කැ. සුදස්සනගේ දාර්ශනික ලිපිය) (3) කාලා, බීලා, +කලා ජොලියේ හිටපු ජාතියකට මිහිඳු හාමුදුරුවො ඇවිත් විකාරයක් පුරුදුකලා (මහා පඬි සන්නස්ගල) (4) ඕවා ගෝත්‍රිකයි; හිතෙන් ඇලෙන්නෙ නැතිව කැමති විධියකට කන්න (වස විස නැති සමන්ත සාදු) (5) කැමති වෙලාවට කන බොන එක මූලික මිනිස් අයිතිවාසිකමක් (ර. ජයකොඩිගේ හෑල්ල) (6) මට බඩගිණි වෙලවටයි මම කන්නේ, ස්වර්ගය එතනයි (රැඩිකල් බුකි වීරයෙක්) (7) කන්න නැති අපිට හැමදාම නෝම්බි තමයි (සමාජවාදී මිතුරා) (😎 ජනතාවට බඩගින්නෙ ඉන්න කියලා පාලකයෝ හොඳට හොරා කනවා (රතු සහෝදරයා) (9) නෝම්බි කියන්නේ බඩගින්නෙ ඉන්න එක නොවෙයි, කුඩුම්බි ගල පැත්තේ තිබුන ගමක් (හෙළ ජම්බුද්වීප මීවනපලාන) ප.ලි: තේරෙනවා නේද කතාව? අපේ එවුන් හරි පණ්ඩිතයි. හිතන් ඉන්නේ තමන්ට හිතෙන දේ තමයි හරි එක කියලා. අන්න ඒ නිසයි අපේ අයගේ කිසි එකමුතුවක් නැත්තේ, අඩුම තරමේ ශාස්තෲන් වහන්සේ ගැනවත් ගරුසරුවක් නැත්තේ ඒකයි. හැබැයි දැක්කද ඒ ආගමේ කවුරුවත් එහෙම හැසිරෙනවා? කවුරුවත් රැඩිකල් කතා කියාගෙන ඔවුන්ගේ චාරිත්‍රය කඩන්න හදනවා දැක්කද? කවුරුවත් තමන් පොර වෙන්න කල්ලි හදනවා දැක්කද? අන්න ඒක තමයි ඔවුන් ජාතියක් ලෙස දියුණුවීමේ රහස, දින දින බලවත් වීමේ රහස!

2024 දී ලෝකයේ මධ්‍යසාර නොවන හොඳම පාන වර්ග 10, 1.🇲🇽 Aguas Frescas 2.🇮🇳 Mango Lassi 3.🇱🇰 Ceylon Black Tea ❤️❤️ 4.🇮🇳 Chai masala 5.🇬🇷 Espresso freddo 6.🇨🇴 Lulada 7.🇻🇪 Papelón con Limón 8.🇯🇵 Hōjicha 9.🇹🇭 Thai Iced Tea 10.🇨🇺 Café Cubano (tasteatlas) Shone Waik

වෙඩින් ගැනීම කිසිසේත්ම මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවක් නොව සංස්කෘතික අවශ්‍යතාවකි. 👉 වෙඩින් නොගෙන සිටීමෙන් කිසිවෙකුට යහපතක් මිස කිසිදු අයහපතක් සිදු නොවේ. 👉 එසේ වුවද ලංකාවේ බොහෝ දෙනා මොන දුෂ්කරතා මැද වුවද වෙඩින් ගැනීම සඳහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරති. 👉 ඉන්න හිටින්නට තැනක් නැතිව හරියට නොකා නොබී අවුරුදු ගණන් ඒවායේ ණය ගෙවති. 👉 එහි තේරුම මිනිස්සු මේ සංස්කෘතික අවශ්‍යතාව ඉටු කරගැනීම වෙනුවෙන් තම මූලික අවශ්‍යතා පවා කැප කරන බව නොවේද? 👉 වෙඩින් ගැනීම වැනි බොරු වැඩවලට මුදල් වියදම් නොකර ඒ මුදල පිළිකා රෝහලට පරිත්‍යාග කිරීමට කිසිවෙකු යෝජනා කළහොත් ඊට එකඟ වන්නේ කවුද? 👉 පිළිකා රෝහලට ඒ මුදල දීමට තියා තමන්ගේම නිවස සාදා ගැනීම වැනි දෙයකටවත් ඒ මුදල වෙන් කිරීමට බොහෝ දෙනා කැමති වන්නේ නැත. 👉 ඒ බැලූ බැල්මට වැඩක් නැති දෙයක් යැයි පෙනුනද වෙඩින් ගැනීම නමැති සංස්කෘතික අවශ්‍යතාව මිනිසාට වැදගත් වන නිසාය. 👉 මිනිසා හුදු කා බී රමණය කොට මිය යන ජීවියෙකු නොව සමාජ සංස්කෘතික සත්ත්වයෙක් වන නිසාය. 👉 මිනිසුන්ට මෙන්ම රටකටද මෙවැනි සංස්කෘතික අවශ්‍යතා කන්දරාවක් තිබේ. 👉 ඕනෑම පුද්ගලයෙකුගේ හෝ රටක පිළිවෙත වන්නේ මේ දෙකම හැකි පමණින් ඉටු කරගැනීමය. 👉 මූලික අවශ්‍යතා ගැන ප්‍රශ්න කෙතරම් තිබුණද සංස්කෘතික අවශ්‍යතා සම්පූර්ණයෙන් බිල්ලට දී මූලික අවශ්‍යතා පමණක් ඉටු කර ගැනීමේ සිරිතක් කිසිදු පුද්ගලයෙක් තුළ හෝ කිසිදු රටක් තුළ හෝ නැත. 👉 එහෙත් ලංකාවේ බෞද්ධයාගේ සංස්කෘතික කටයුතු සම්බන්ධව කතා කිරීමේදී පමණක් බොහෝ දෙනාට ලෝකය පුරා ඇති මූලික අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්න, ගැටලු සිහිපත් වී පුදුමාකාර වේදනාවක් ඇති වන බව අපි දැක ඇත්තෙමු. 👉 එය මූලික අවශ්‍යතා ගැන ඇති වේදනාවක් නොව බෞද්ධයාගේ සංස්කෘතික අයිතිය කෙරෙහි ඇති වෛරය පමණක්ම වන බව සිහි බුද්ධිය ඇත්තෝ අවබෝධ කොට ගත යුතුය. (වෙඩින් ගන්නේ තමන්ගේ සල්ලිවලින් හා පින්කම් කරන්නේ අනුන්ගේ සල්ලිවලින් යන තර්කය මෙතැනට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න. ඒ පින්කමකට යමෙක් කැමැත්තෙන් මුදල් දේ නම් එය ඔහුගේ කටයුත්තක් සහ අයිතියක් මිස අනුන්ගේ කටයුත්තක් නොවන බැවිනි.)

මධ්‍යකාලීන යුරෝපයේ ජනඝන්ත්වයෙන් අධික නාගරික ප්‍රදේශ කියන්නේ සම්පූරණයෙන්ම සනීපාරක්ෂක පහසුකම් නැතිව තිබූ කාලයක්. සාමාන්‍යෙන් 700 ක්‍රි.ව සිට 1600 ක්‍රී. ව දක්වා කාලය මධ්‍යකාලීන යුගය කියලා සලකනවා. විශේෂයෙන්ම මේ ජනයා අධික නගරවල අපිරිසිදු කාණු පද්ධති, ඌරන්, එළුවන් වැනි සතුන්ගේ මළ අපද්‍රව විතරක් නෙමෙයි මිනිස් මළපහත් උදෑසනට පිරිලා තිබිලා තියෙනවා. ජනගහනය අධික වීමත් නිසා වැසිකිළි පහසුකම් එහෙම තිබිලම නැති තරම්. බකට් වලින් මළපහ විසි කිරීම තමයි සිරිත.එක්තරා කාල වකවානු වල ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍රා කිරීම සහ මළ පහ කිරිමත් පොදුවේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සුලබ දසුනක් වෙලා තියෙනවා.සාමාන්‍යයෙන් දිනකට මුත්‍රා ලීටර් දස දහස් ගණනින් නගරයට එකතු වෙලා තියෙනවා.මේවා කිසිම කාණු පද්ධතියක් තුලින් නිවැරදිව බැහැර වෙලා නෑ. දුර්ගන්ධය කොහොම වෙන්න ඇතිද. අද හයි හීල්ස් දාන්නේ කාන්තාවන් වුණාට එදා ගැහුනු පිරිමි දෙපාර්ශ්වයම හයි හීල්ස් දැම්මා. ඒකට එක් හේතුවක් තමයි මේ පාරවල් වල පිරිලා තිබුණු මිනිස් මළ ද්‍රව්‍ය, සත්ව කොටස්,කුණු වූ එළවළු වගේ ජරාව පාද වල ගැවීම වලකන්න. ඒ වගේම එකල කාන්තාවෝ ඇඳපු විශාල ගවුම් විලාසිතාව ජනප්‍රියයි. ගවුමේ ඉඟ හරියෙන් පහත කොටස විශාල වීම නිසා බොහෝ වෙලාවට කාන්තාවන් හට සිටගෙන කාටත් නොදැනී අදාල ශරීර කෘත්‍ය කරගන්න පහසුවක් වෙලා තියනවා. මේ ආකාරයෙන් ජරාවට පත් වු නගරවලින් නිකුත් වුණු අධික දුර්ගන්ධය නිසා සෙන්ට් වර්ග නිෂ්පාදනය ඉහළ යන්නත් හේතු වෙලා තියෙනවා.රජු මැදිහත් වෙලා නගර වල අපිරිස්දූ ගන්ධය නැතිකරන ක්‍රමයක් හොයන්න කියලා ඉල්ලපු අවස්ථාන් ද තිබිලා තියෙනවා. මේක මධ්‍යකාලීන යුරෝපයේ ගොඩක් ප්‍රදේශවල පමණක් නොවෙයි ගොඩක් වේලාවට්ට කාර්මික යුගය ආරම්භ වෙනකොටත් මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල තිබුණා. අද ප්‍රංශය, ලන්ඩන් වුණත් එකල filthy cities කියලා තමයි හැඳින්වුනේ. මේ නිසාම මධ්‍යකාලීන යුරෝපයේ ඇති වූ වසංගත ගොඩ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. පාචනය, කොලරාව,අතීසාරය වගේ ඒවගෙන් පටන් අරන් ලක්ෂ ගණන් මියගිය බ්ලැක් death කියන භයානක වසන්ගත පවා ඇති වුණු එක ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ මේක බොරු කරුණක් නොවෙයි. ඒ වගේම මේ ගැන පොඩි අයිඩීහා එකක් ගන්න BBC එකෙන් කරපු filthy cities කියලා පොඩි මිනි සිරිස් එකකුත් මේ ගැන තියෙනවා. ඇත්තමට මේ ජරා ජීර්ණ සනීපර්ක්ෂන ක්‍රම නැති ඒව වාර්තා වෙන්නේ මෑත යුගයෙන්. මෑත කිව්වේ මධ්‍යකාලීන යුගයට. විශේෂයෙන්ම මුල් රෝම යුගයේ මෙවැනි තත්ත්ව වාර්තා වෙනවා අඩුයි.

මීළඟට එන වසංගතයක්‌ සම්බන්දව එකතු වන දත්ත අනුව... 🔹 වැඩි සම්භාවිතාවය කළු දිලීර රෝගයට. 95% ක්‌ සම්භාවිතාවය. 🔹 එන්නත් වලින් සහ දේශගුණික විපර්යාස වලින් ඊට අවශ්‍ය දේහ අභ්‍යන්තර පරිසරය මේ වන විටත් ඔවුන් නිර්මාණය කර අවසන්. 🔸 එන්නත් පැත්තෙන් උදාහරණ ගත්තොත් සීනි මට්ටම වැඩි වීම / දියවැඩියා තත්ව, ප්‍රතිශක්තිකරන පද්ධතිය හීන වීම වගේ දේවල්. 🔸 දේශගුණික විපර්යාස ගත්තොත්... ගෝලීය උෂ්ණත්වය වැඩි වීම / කරවීම. මේ සාධක හොඳ උත්ප්‍රේරණයක් වෙනවා දිලීර වසංගතයට. 🔹 උෂ්ණත්වය වැඩි වෙනවා / කරනවා කියන්නේ ඊට අනුකුලව සිද්ධාන්තය අනුව... දිලීර වලට පුළුවන් ඊට අනුකූලව හැඩගැහෙන්න ජානමය / ප්‍රවේනික ද්‍රව්‍ය පවා වෙනස් කරගනිමින්. 🔹 නමුත්...සත්‍ය ලෙස බොහෝ විට සිදුවන්නේ ඔවුන් විසින් කෘත්‍රිමව වැඩි දියුණු කොට රෝගකාරකය නිදහස් කරවීම හෝ ඊට අවශ්‍යය පරිසර තත්වයන් සාධක රාශියක් එක් කොට එය නිර්මාණය කරවීම. ඉතින් ඒ අනුව ඉතා ඉහළ සම්භාවිතාවයක්‌ තිබෙනවා 2024 වසර තුළදී දිලීර සොම්බි වසංගතයට. මෙය සුළං හරහා බෝ වීමත් සිදු වෙනවා. ඒ නිසා කල් තියාම මෙම කළු දිලීර රෝගය ගැන අද්යනය කර හැකි මට්ටමින් සූදානම් වීම වැදගත්. සොම්බි එනවා... එනවා කියා බිය වීමට වඩා කල් තියාම ඔබ‍ සැම හැකි මට්ටමින් එයට සුදානම් වීමයි කරන්න ඕන. මෙය විතරක් නොවෙයි.. ඔවුන් එක් වරම වසංගත රාශියක් / පොකුරක් නිකුත් කිරීමට දින ගනිමින්... මේ මොහොතේත් කටයුතු කරමින් සිටී. එනිසා එක් වසංගතයකට පමණක් සීමා නොවී සුදානම් වන්න. වැඩි විස්තර සහ පැහැදිලි කිරීම් :- https://youtu.be/bUtfSmSJbM8?si=T1J9Hhn8wz6 https://youtube.com/shorts/D7s7aWafK4w?si=U5yWPflvmM2pdp2 https://youtu.be/ExN01IvZYB0?si=z5JT8seriHwbSSti https://youtu.be/gpbEZB0gu3M?si=LU8Depd8WcrkXPd7 - HOPE Society Media Unit -