en
Feedback
Experiments & Wisdom

Experiments & Wisdom

Open in Telegram

විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group

Show more
Buy Ad
1 175
Subscribers
No data24 hours
-47 days
-1630 days
Posts Archive
ගිනිකඳු පුපුරා යාමකදී ඇති වන හරි භයානක මෙන්ම දැකුම්කළු සංසිද්ධියක් තමයි මේ තියෙන්නෙ . Volcanic Lightning , එසේත් නැත්නම් ගිනිකඳු අකුණු ලෙසට නම් කරන්න අපට පුළුවන් . මෙම අකුණු විශේෂය හටගන්නේ ගිනිකඳු පුපුරා යෑමේදී ඒ අසල රැස් වන ස්ථිති විද්‍යුත් ආරෝපණ විසර්ජනය(discharge) වන විටදී ය. ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා ඇති වන අති දුර්ලභ ගණයේ පාරිසරික සංසිද්ධියක් ලෙසට මෙය සලකන්න පුළුවන් . #volcano #lightning #electricity #static_electricity #facts #science #physics #nature ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

🚀 Rocket ! පොඩිකාලෙ මේක කරපු අය කවුරුත් ඉන්නවා ද? මම හිතනව ගොඩක් අයට මේ අද්දැකීම ඇති කියල. පොඩිකාලෙ මේ වගේ ම කාලතුවක්කුවකුත් ගිනිකූරු වලින් හැදුව මතකයි මට. මේ වගේ දේවල් වලින් අපට ආපු ඒ සතුට හරි ම අව්‍යාජයි. #fun #rocket #childhood #experiment ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

තාරකා විද්‍යාවට Interest අය Join වෙන්න.😌👇 ANDROMEDA
තාරකා විද්‍යාවට Interest අය Join වෙන්න.😌👇            ANDROMEDA

බේකින් සෝඩා( සෝඩියම් බයිකාබනේට් ) වලට විනාකිරි දැම්මාම රසායනික ප්‍රතික්‍රියාවක් හරහා කාබන් ඩයොක්සයිඩ් ඇති වෙනව. මේ කාබන් ඩයොක්සයිඩ වල ඝනත්වය අනෙකුත් වාත අංශූන්ට සාපේක්ෂව වැඩි නිසා භාජනයේන් පිටතට විසිරි නොයා රැඳී පවතී. මේ වීඩියෝවෙ ඉන්න වයසක කෙනා කරන්නෙ හෙමිහිට මේ කාබන් ඩයොක්සයිඩ් ටික පොඩි පොඩි බෝතල් ටිකකට පුරවගන්න එක . කාබන් ඩයොක්සයිඩ් වල අපට ඇති වැදගත් ප්‍රයෝජනයක් තමයි ගිනි නිවීමේ කටයුතු සඳහා භාවිතයට ගත හැකි වීම. #gas #chemistry #science #CO2 #amazing #facts #acid #base #reaction ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

photo content

ගැහෙන හදවතක MRI scan වීඩියෝවක්. ඔබගේ හදවත මිනිත්තුවකට ලීටර 5ත් 30ත් අතර ලේ ප්‍රමාණයක් ධමනි තුළට පොම්ප කරයි. හදවත දිනෙකට දළ වශයෙන් ලක්ෂ වාරයක් පමණ ගැහෙන අතර වසරකට මිලියන 36 වතාවක් ද, වසර 70ක් ජීවත් වෙයි නම් බිලියන 2.5 වතාවක් ද හදගැස්ම අනවරතව සිදුවෙයි. 🫀හදවත නම් අද්විතීය උපාංගයේ කාර්‍යක්ෂමතාව ඉක්මවන උපාංගයක් මිනිසා විසින් නිර්මාණය කරන්නේ කවදා දැ යි අපි බලා සිටිමු. #science #amazing #facts #Human_Body #biology #heart #blood #life ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

photo content

photo content

ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය මීට පෙර තමන් විසින් සකස් කළ වාර්ථා බිඳ දමමින් නවතම සොයාගැනීමක් සිදුකරයි ! අප විසින් මෙතෙක් හඳ
+2
ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂය මීට පෙර තමන් විසින් සකස් කළ වාර්ථා බිඳ දමමින් නවතම සොයාගැනීමක් සිදුකරයි ! අප විසින් මෙතෙක් හඳුනාගෙන ඇති වඩාත් දුරින් පිහිටි මන්දාකිණිය සොයාගැනීම. මීට පෙර Ursa major තරු රටාව ආශ්‍රිතව දුරේක්ෂයක් විසින් GN-z11 මන්දාකිණිය 2016 කාලයේ පමණ හඳුනාගෙන තිබුණි. ඉන්පසු ජේම්ස් වෙබ් විසින් 2022 වසරේ  JADES-GS-z13-0 නැමති වර්ෂ බිලියන 13.4ක් පමණ පෙර පැවති මන්දාකිණියක් සොයාගෙන ඇත.  මෙවර ඊටත් වඩා දුරින් පිහිටි මන්දාකිණියක් හඳුනාගෙන ඇත. වසරකට ආසන්න කාලයක් පුරාවට විද්‍යාඥයන් විසින් ජේම්ස් වෙබ් විසින් පෘථිවිය වෙත එවූ ඡායාරූප ගවේෂණයෙන් අනතුරුව මීට පැය අටකට පමණ පෙර මේ පිළිබඳ නාසා ආයතනය හරහාමන්දාකිණියක් දැනුම් දීමක් කර ඇත. මෙම නවතම මන්දාකිණිය වන්නේ JADES-GS-z14-0 යන්නයි. මෙය කෙතරම් දුරකින් පවතී ද යන්න පිළිබඳ දත්ත ඔබට ඉදිරිපත් කිරීම මඳක් අපහසු අතර මෙම මන්දාකිණිය විශ්වය ආරම්භ වී, මහා පිපුරුමෙන් පසු පළමුවන වසර මිලියන 300 තුළ පැවති ආකාරයට අපට නිරීක්ෂණය වෙන බව දැනට කියන්න පුළුවන්. පෘථිවියේ සිට දුර දළ වශයෙන් ආලෝක වර්ෂ බිලියන 13ට මඳක් වැඩි දුරකින් තමයි මෙයා ඉන්නෙ. Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

"The New Iron Horse" | "නව යකඩ අශ්වයා" යන නමින් පේටන් බලපත්‍රය 1881වසරේදී ලබාගෙන ඇති මෙම නව නිපැයුම ට්‍රයිසිකලයකි. මෙම අපූරු
+4
"The New Iron Horse" | "නව යකඩ අශ්වයා" යන නමින් පේටන් බලපත්‍රය 1881වසරේදී ලබාගෙන ඇති මෙම නව නිපැයුම ට්‍රයිසිකලයකි. මෙම අපූරු නිමැවුම Charles W. Oldreive | චාල්ස් වුඩ් ඕල්ඩ්‍රීව් නම් නව නිපැයුම්කරුවෙකු විසින් 1881වසරේ දී නිර්මාණය කර ඇත. #amazing #physics #tricicle #history #Fact #facts #engineering #Legend ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Potassium Iodide (KI) + Hydrogen Peroxide (H2O2) පොටෑසියම් අයඩයිඩ් (KI) වලට හයිඩ්‍රජන්පෙරොක්සයිඩ් (H2O2) දැම්මොත්.. #KI #H2O2 #AMAZING #science #chemistry #reaction #explode #dangerous ♣️Experiments & Wisdom♣️

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක පමණ දුරකින් පවතින Gliese 12 නම් රතු වාමන තාරකාව වටා කක්ෂගතව ඇති Gliese 12b නැමති ග්‍රහලෝකය ගැන තමය
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක පමණ දුරකින් පවතින Gliese 12 නම් රතු වාමන තාරකාව වටා කක්ෂගතව ඇති Gliese 12b නැමති ග්‍රහලෝකය ගැන තමයි අද කතා කරන්නෙ. මීට පැය 23කට පමණ පෙර නාසා ආයතනය විසින් හෙළිදරව් කර ඇති ආකාරයට මෙම ග්‍රහලෝකය ජීවයට වඩාත් සුදුසු, මනුෂ්‍යයාට ජීවත් වීමට වඩාත් හිතකර එකක් බව තහවුරු වී ඇත. අපේ පෘථිවිය මෙන් 3.87ගුණයක ස්කන්ධයක් මීට ඇති නමුත් එහි අරය පෘථිවියේ මෙන් 0.958 ගුණයකි. මෙය තම වාමන සූර්‍යයා වටා එක් වටයක් යෑමට පෘථිවි දින 12.8ක කාලයක් ගත වන බවත් නාසා ආයතනය දක්වා තිබෙයි. වැඩිදුර 👉 මෙතනින් බලන්න #science #facts #physics #Fact #space #astronomy #astro #earth ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Emerging star Hubble has detected a new star, Earendel, Morning Star (WHL0137-LS), which is the farthest star on record from Earth. (WHL0137-LS). The astronomical object is 12.9 billion light years away! නික්මෙන තරුව! හබල් දුරේක්ෂයෙන් අලුත්, විශේෂ තරුවක් මෑතකදී හොයා ගන්නවා... Earendel (ඉයරැන්ඩෙල් ) යනු පැරණි ඉංග්‍රීසි බහරින් උදෑසන තරුව යන අරුත ලබා දුන් වචනයක් වූ අතර එම නම මේ තරුවට ලැබී තිබෙනවා. (Earendel, Morning Star) WHL0137-LS ලෙසත් මෙය අනෙක් තරු අතරින් වර්ගීකරණය කරලා තියෙනවා. දැන් කතා කරමු නියම විශේෂත්වය ගැන.. පෘථිවියේ සිට දුරින්ම ඇති දැනට හඳුනාගෙන ඇති තරුව වීම! එය ආලෝක වර්ෂ බිලියන 12.9ක් දුරින් පවතී. ඒවගේම තවත් වැදගත් කාරණයක්, මේ තරුව පැවතිලා තියෙන්නේ විශ්වය ඇරැඹිමෙන් පසු පළමු වසර බිලියනය අතර කාලයේ පමණකැයි දත්ත මත පදනම්ව අපිට පැවසීමට හැකියි. තේරුණේ නැත්නම් 👉🏽මෙතනින් එන්න👈🏽 #astro #earendel #star #furthest #amazing #space #Hubble #Telescope #MorningStar #science #physics #wisdom ♣️Experiments & Wisdom♣️

පිනොල්ප්තලින් කියන්නෙ අම්ල-භෂ්ම දර්ෂකයක්. ආම්ලික pH පරාසයේදි( 0 - 8.3 ) පිරිසිදු ජලය තුළ අවර්ණව සහ භාෂ්මික පරාසයේදී( 8.3 - 10 ) රෝස පැහැයක් ද දක්වයි. [ pH අගය 10 ඉක්මවූ පසු නැවත අවර්ණ වනු ඇත. pH අගය 7 කියන්නෙ උදාසීන ජලය. 7න් පහළ කියන්නෙ ආම්ලික කලාපය 7න් ඉහළ කියන්නෙ භාෂ්මික) මෙතන සිදුකෙරෙන පරීක්ෂණයෙදි, සාදාගත් ඇමෝනියා වායුව ජලයේ ද්‍රාව්‍ය වී දුබල භාෂ්මික ද්‍රාවණයක් ඇති කරනව. එම දුබල භෂ්මය පිනොප්තලින් හමුවේ අපට රෝස පැහැයෙන් දිස්වෙනවා. #chemistry #acid #base #reaction #amazing #science #Fact #facts #gas #experiment

විවිධ ඔක්සිකාරක සහ ඔක්සිහාරක රසායනික ප්‍රතිකාරක යොදමින් ඒවා යන්ත්‍රයක් මත තබා කළවම් කිරීමේ අවස්ථාවක් මින් දැක්වේ. ඔක්සිකරණ,ඔක්සිහරණ අවස්ථා නැවත නැවතත් සිදුකෙරෙන බැවින් ද්‍රාවණයේ pH අගය වරින් වර වෙනස් වේ. ඊට අනුරූපව ද්‍රාවණයට අප යොදනු ලබන අම්ල භෂ්ම දර්ශක වල වර්ණය විචලනය වෙමින් අලංකාරවත් දසුනක් ඇති කරයි. #chemistry #science #amazing #reaction #acid #base #oxidation #reduction ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

Unusual Pendulum අවලම්බ පද්ධතියක්😵‍💫 💫 #pendulum #amazing #physics #occilations #science ♣️Experiments & Wisdom♣️

#macro

photo content

ඉස්කෝලෙ sport meet එක දවස් වල ලා පැහැති ඇඳුම්, හිස්වැසුම් පළඳින්න කියල ගුරුවරු උපදෙස් දුන්නෙ ඇයි කියල අදද තේරුණේ ? (ඔයාලගෙ ගුරුවරු එහෙම උපදෙස් දීල නැද්ද? How sad) #Fact #facts #science #physics #baloon #colour #light #radiation Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘